නුඹ ඍතුවක්🌼🌼(✅...)

Par DEESHAPONNAMPERUMAGE

448K 61.5K 32.3K

ජීවිතේට මල් නොපිපුනාට මොකද ඇසල.... ගස්වල හරි මල් පිපෙනවනෙ!.... Plus

01කොටස.....🌼
02 වන කොටස...🌼
03 වන කොටස🌼
04 වන කොටස🌼
05 වන කොටස🌼
06වන කොටස🌼
07 වන කොටස🌼
08වන කොටස🌼
09වන කොටස..🌼
10 වන කොටස..🌼
11වන කොටස🌼
12වන කොටස🌼
14 වන කොටස..🌼
15 වනකොටස...🌼
16 වන කොටස...
17 වන කොටස.....🌼
18 වන කොටස.....🌼
19වන කොටස....🌼
20 වන කොටස...🌼
21 වන කොටස..🌼
22 වන කොටස...🌼
23 වන කොටස...🌼
24 වන කොටස....🌼
25 වන කොටස....🌼
26 වන කොටස....🌼
27 වන කොටස.....🌼
28වන කොටස....🌼
29 වන කොටස.....🌼
30 වනකොස...🌼
31 වන කොටස...🌼
32 වන කොටස...🌼
33වන කොටස...🌼
34වන කොටස.....🌼
35 වන කොටස......🌼
36 වන කොටස...🌼
37 වන කොටස....🌼
38 වන කොටස......🌼
39වන කොටස...🌼
40 ඍතුවක අවසානෙට....!🌼
හදපිරි ස්තූතිය ‼️

13 වන කොටස..🌼

10.6K 1.5K 694
Par DEESHAPONNAMPERUMAGE

මට මොකක්ද වෙලා ගියා.......ඉන්ධර් හාමු ඇහෙන නෑහෙන ගානට මගෙ ඇහැල මල කිව්වා විතරයි මගෙ අතේ තිබුන පේර බෑව එහෙම් පිටිම්ම බිම අතෑරුනා.....

"ඉන්ධර් හාමු...."වචන නැතිවම කට ගොලු උන මගෙ හදවත විතරක් ඉන්ධර් හාමු කියලා කතා කෙරුවා ......අවුරුදු පනහකටත් ලන් වෙන්න එන මේ මනුස්සයා මොනවද මේ  කරන්න හදන්නෙ...

මට බහදීපන් මන් බලාගන්නම් මලක් වගේ කිව්වා මදිවට  අපෙ මහත්තයත් කියන්න කිව්වා .....

ඇසල......

බ්..බේබි හාමු....

වත්තෙම නවතින්ඩද කල්පනාව......

න්..නෑ....හාමු.......

මං බිම වැටුන පේරගෙඩිය දිහා බැලුවා...ලා කොල ගැහුන පේරගෙඩිය සරුසාරෙට වැවුන තනකොල අස්සෙ හැංගුනත් රත ගැහුන මදේ තණතුඩු උඩින් රතට රතේ  දිලිසෙනකොට මම වැටුන ගෙඩිය ඇහිදන් කලිසමේ අතුල්ල ගත්තා. ..එක පාරක් දෙපාරක් ......

ඇයි ඇසලටමේ ගහේ තව ගෙඩි තියනවා පේන්නෙ නැද්ද?

ප්..පේනවා හාමු

එහෙනම් වැටිචචා කන්නෙ......

බේබි හාමුනෙ ඉතින් කඩන්ඩ එපාය කිව්වෙ....

මං මිමිනුවා......වෙනමොනවා කියන්නද....
මොන මගුලක් කියනවද මන්දා මේ බිබික්කම....දැන් ටික වෙලාවකට කලියෙන් මැරෙන්න ගියා නේද......දැන් ආයම වෙන් මගුලක් කියනවා........

හ්ම්...හ්ම්......කැමැත්තක් ......මනාප එකක් කන්ඩ පුලුවන් .....ආයමත් බාග කකා දෙන්ඩ මගෙ මනාපයක් නැ

ඒක හරි කෙරුවාවක් නෙ...මං කිව්වද මේ මනුස්සයට බාගයක් කාල දෙන්ඩය කියලා ...බිබික්කමගෙ නාකි සමයන්.......මට ඕන පේරයක් නෑ...බලන් ඉදපන්.....උඹට මං ඇහැලම පෙන්නන්නම්.....දීග ආවා කියලා මන් උඹ අස්සෙ ලගින්ඩ ඕන් නෑනෙ....නේ.....

ඉන්ධර් හාමු....

ම්න්

තනි කලුසරම ඇදන්...පුරුදු විදිහටම අත් දෙක පිටිපස්සට බැදගන තනකොල පෑගුවත්....පාගපු තනකොල පොඩි නොවෙන්න අඩිය තියන ඉන්ධර් හාමු පස්සෙන් හෙමි හෙමින් ආව මම හරි හිමීට කතා කෙරුවා ....පුරුදු උත්තරේමයි....ම්න්....විතරයි .....

කාරනාවක්...තියනවා

කියමු බලන්ඩ.....

හාමු ඩිංගක් ඔහොම නැවතුනානම්..

හ්ම්ම්...මක්කද ඇසලට කියන්ඩ තියෙන්නෙ.....කසාදෙ ගැනද.....?අනවශ්‍ය හිත් පෑරුමක් ඇති කරගත්තද

දෙකම නෙවෙ....ඒත්...කසාදෙ ගැනත් තමයි......

දෙකම නෙවෙ...ඒත් කසාදෙ ගැනත් තමයි.....පුංචි උත්තර තවම....කියමු බලන්ඩ........

මං බිම බලාගත්තා .......අතේ ඇගිලි එකට එක අඹරපු මම අවසානෙදි ඉන්ධර් හාමු දිහා බැලුවා.....

ඉන්ධර් හාමු...දීග ආවයි කියලා මං හාමුගෙ වලව්වෙ ඉන්ඩ ඕනෙ නෑනෙ.....නේ . එහෙම....දෙයක් ඕන් නෑනේ නේද හාමු....

වලව්වෙ ඉන්ඩ ඕනෙ නෑනෙ කියන්නෙ.....ඇසල කියන දෙයක් පැහැදිලිව කිව්වා නම්......

පැහැදිලිව කියන්නෙ....ඉන්ධර් හාමු......හාමුගෙ දවල් බත හදන්නම්.......ඒ හදලා...මං....ගෙදර යන්නද........

ම්න්...එතකොට...උදේ වේල.....හැන්දෑවෙ කහට එක...ර්‍රෑ බත....එව්වා......එව්වා මොකාද කරන්නෙ ඇසල??

බේබි හාමු මාව ගෙනියන්නෙ බත් තම්බන්ඩද??දිග යනවා කියන්නෙ බත් තම්බන එක විතරද දිගෙ තේරුම බත් තම්බන එකම විතරද ඉන්ධර් ...??ආ...?

මට තරහා ගියා...උදේ කෑම දවල් බත...හැන්දෑවෙ කහට එක...රෑ බත...මෙව්වා හදන්නෙ මොකාද කරන්නෙ අහපු ඉන්ධර් හාමුගෙ කටහඩ තද උනා.....හැබැයි මේ පාර මගෙත් කටහඩ ටිකක් තද උනා....කොච්චරද කියනවා නම්...කට පුරාවටම හාමු කියන මට  හාමු කියන්න අමතක උනා.....

මං බලාගන උන්නා...ඉන්ධර් හාමු හිනා වෙනවා....සම්පූරන හිනාවක් නෙවෙ...හැබැයි කට කොනින් හිනාවක්.......මගෙ දිහාවට හැරිලා උන්න ඉන්ධර් හාමු අඩියක් දෙකක් මගෙ ලගට ආවා.....ඉන්ධර් හාමු තියන අඩියක් ගානෙම මමත් අඩියෙන් අඩිය පස්සට ගියා........හැබැයි...මට අඩි දෙකකට එහා පස්සට යන්න බැරි උනා...ඉන්ධර් හාමු මාව අල්ලගත්තා ...නිකන් නෙවෙ...මගෙ උරහිසට අතක් තියලම......කොච්චර ඇට්ටර උනත් ඒ විසල් අත් ළඟ මං හැම වෙලේම අසරන උනා.....

චන්ඩ කම තියන......ඉන්ධර්......දැම්මම...අයිතියද කියන්නෙ හාමු නොකියා කෙලිම්ම නමම කියන්නෙ...ම්ම්ම්.."ඇහැල මල මගෙ.........."ඉන්ධර් ....එහෙමත්....හොදයි..කාරි නෑ...මං මනාපයි ....ඉදලා හිටල ඉන්ධරුත් කියාපන්....

බ්..බේබි...හාමු......

දැන් ඇසල,තුන් වේලම බත් තම්බන්ඩද දීග යන්නෙ අහනවා......එතකොට .....විතරද ඇසලට දීගෙ ඉතුරු යුතුකම් මතක් වෙන්නෙ....ම්ම්ම්ම්....බත තම්බලා දුවන්ඩ...රෑ බත දීලා දුවන්ඩද....කහට එක දීලා දුවන්ඩ....ඒකටද ඇසල දීග එන්නෙ??බත් තම්බම එකම විතරම නම් නෙවෙ ඇසල දීගකනවා කියන්නෙ......

ඉ...ඉන්ධර්...හාමු.....ම...මං....ක්...

ලොකු මැනිකෙ ලොකු හාමුව දාලා යනවද ඇසල....දවල් බත විතරක් හදලා ලොකු මැනිකෙ කොහෙ හරි යනවද ඇසල...??ලොකු මැනිකෙ දීග කන්ඩ ආව දා ඉදන් ...දවල් බත හද හද  හැමදාම  ගෙයි උන්නා..ඒක හරි.....ඒත්.....මැනිකෙකෙ කෙනෙක් ඉන්ඩ ඕනෙ හාමුගෙ දේවල් කරන්ඩ.....

ඉතින් බේබි හාමු...මං මැනිකෙක් නෙවෙනෙ....

ම්ම්ම්...මැනිකෙක් නම්නෙවෙ තමයි.......

ඒ..කනෙ.....

හැබැයි....."මැණිකක්....."මනාපද.....කසාද මුදුවට කහපාට ඇබිත්තන් ගලක් ඔබ්බවන්න....ම්ම්ම්......

ඉ..ඉන්ධර්....හ්..හ්....හාමු.....

මුව පැටියෙක්ගෙ වගේ මේ ඇස්....ඇයි ඒ..ම්ම්......හිනා වෙනකොට හිනා වෙනවා...බය වෙනකොට දුවන්න හදනවා....ඇයි.....මට මේ තරම්ම බයද මගෙ ඇසල.....ම්ම්ම්

මට තේර්‍ර්න්නෙ නෑ.....අනෙ  දෙයියනේ මට තේරෙන්නෙ නෑ....මගෙ යටි පතුල් ඉදන් සීතල වෙලා ගියා......මැනිකෙක් නෙවෙ හාමු මම කියාපු මට ලැබුන උත්තර්‍ර් එක්ක මගෙ සර්වාංගෙම පන නැති උනා......උරහිස අතෑරපු ඉන්ධර් හාමු ආයම අත් දෙක පිටිපස්සට බැදන් මා දිහාවත් නොබලා වචන ඇහෙන නෑහෙන ගානට " මැනිකක්"කියනකොට මට හුස්ම ගන්නත් අමතක උනා...ඇරත් කසාද මුදුවට කහපාට පුංචි ගලක් අල්ලපු එකක් අරගන දෙන්නද අහනවා.....කටු ගෑවෙන බව දැන දැන මට රත්තරන් දාන්න හදනවා.........මං මොනවද කියන්නෙ...මගෙ ජීවිතේට මට රත්තරන් වලින් කියලා තිබුනෙ පංචායුදේ විතරයි...සත් දහයක් හැඩේට ආව පත්තර පිටුවක් තරම් තුනි පුංචි රත්තන් පෙත්තක් ....එයින් එහාට මං රත්තරන් කියලා ඇල්ලුවෙ සුද්දිගෙ අරුංගල් කුට්ටම විතරක් වෙනකොට ඉන්ධර් හාමුගෙ මේ වචන මගෙ පපුවට දරන්න බැරි තරමට බර උනා.....

ඉන්ධර් හාමු.....

දවාලට තනිකමයි නම්....ඇසලට පුලුවන් ගෙදර එන්ඩ....ඒත්...හවහා වෙනකොට වලව්වෙ ඉන්ඩ ඕනා...ඒක මගෙ අණක් ඇසල.......කොහෙ ගියත් පහ වෙනකොට ගෙදර.......මට හොය හොය එන්නඩ තියන්ඩ එපා....

මං කියන්න හැදුවෙ එක දෙයක්...ඒත්.....ඉන්ධර් හාමු මට කිව්වෙ තව දෙයක් .....තව තුන්දොහකින් මගුලලු.....මට කියන්න ඕන උනේ..කටු ගෑවෙන මගුලක්  හන්දා මන් වෙනුවෙන් ලොකූ දේවල් කරන්ඩ එපාය කියලා ...මොකද ....මොකද........

ඇසල.....

.........

මොනවද කියන්ඩ හැදුවෙ කිව්වා නම්.....ගෙදර ඉන්න් දාට මේ ජාමෙට මන් ඩිංගක් ඇලවෙනවා...මං විතරක් නෙවෙ මැනිකෙයි ලොකු හාමුත්.....ඇසල ඔව්වා නොදන්නවා නෙවෙනෙ

දන්නවා බේබි හාමු.......

හ්ම්.....සුනංගු නොකර තටම කාරිය කියලා උන්නා නම්.....

.ඉන්ධර් හාමු......තව තුන්දොහකින් කසාදෙ ....මට...කියන්න තියෙන්නෙ මෙච්චරයි .........කටු ගෑවෙන බව දැන දැන...මට මහා පරිමානෙන්...දරාගන්න බැරි විදිහට සලකන්ඩ එපා හාමු.....අපල ගෙවුනම....මට යන්ඩ වෙන දවසක.....හාමුගෙ කරුනාව මට දරන්න බැරි වේවි...මං හරි අසරන වේවි හාමු.............පුරුදු විදිහටම...මාව ඉදුල් හෝදන නන්දගෙ ඇසල ගානටම දාන්ඩ බේබි හාමු.....ලොකු මැනිකෙ ඇවිදින් දැන් ඉතින් දොට්ට බැහැපන් කියපු දාකට මගෙ පපුව පැලේවි.....අපි ඇවිදින් හාමුලාගෙ පයට පෑගෙන මිනිස්සු .. හාමුලා එක්ක අපිට එකට ඉදගන්නවත් කැප නෑ......එහෙව් එකේ....අසරන මට මහා හුගාක් ආසාවන් දීලා මාව එකපාරම ඇදලා දැම්ම දාට..මේ දුප්පත් හිත ගන්න දෙයක් නැති වෙයි හාමු.....අනෙ පින් අයිතිවෙයි ...මට කසාද මුදු නැතුවට කාරි නෑ....දවසක මැනිකෙක් ගෙනාවම ඒ බවලතීට දෙන්ඩ ඒවා ඉතුරු කරගන්ඩ හාමු....

අපි ඇවිදින් තනිකරම අපලවලට බදින සුරේ වගේ.......ඔක්කොම වස් ඇවිදින් වදින්නෙ අපිට හාමු........හාමුට පුලුවන් මට කලින් වගේම වරෙන් පලයන් කාපන් කියන්ඩ.....දීගෙ ආවට එන හේතුව දැන දැන.....මෙච්චර කරුනාවක් දීලා ඒක නැති උන දාට මං හරි අසරන වෙයි ඉන්ධර් හාමු.....හාමුයි මමයි..අහසට පොලව වගේ හාමු.........

මං ඔහේ කියවන් ගියා.........හිතේ තිබුන වේදනාවට දුකට මං හුස්මක් වත් නොගෙන කියවගන ගියා ඉන්ධර්හමු අහගනම උන්නා....අඩුම ගානෙ ඇහිපිල්ලමක් වත් ගැහුවෙ නැතිද මන්දා......අවසානෙදි අහස දිහා බලලා ලොකු හුස්මක් ගත්තු බේබි හාමු මගෙ දිහා බැලුවා.....

මං වත් තවම නොහිතාපු කටු ගෑමක් ගැන ඇසල හිතලා තියන දුර

බේබි..හාමු

කාරි නෑ...හිතේ තියන වේදනාවනෙ කිව්වෙ.....මූද හත් ගව්වක් තියන් අමුඩ ඇදන් ඉවරයි ඇසල උඹ.....උඹට වේදනාව අහසෙන් පොලවට කඩන් වැටෙයි කියන වේදනාව නම්....මට පුලුවන් මේ වතු මායිම උඹගෙ නමට ලියන්ඩ.....හැබැයි....කවදා හරි දවසක උඹට දාලා යන්ඩ බෑ කියන කාරනාව ඒක නෙවෙයි නම්....මට පුලුවන් මොන දේ කරලා හරි උඹගෙ ඇස්වලට කදුලු නොදී ඉන්න......කාරි නෑ..ඇසලගෙ මනාපයක්....

මට ඉන්ධර් ගාමු දිහා බලන්ඩ බැහැයි වගේ දැනුනා...අර මහ මුහුදක් වගේ ගැඹුරු ඇස් දෙක මට තේරුම් ගන්න අමාරු...හැගීමකින් එක පාරම පිරිලා යනකොට මට ඒ මූන බලන්ඩබෑහිතුනා....ඒ එක්කම ඉන්ධර් හාමු මට ඉස්සර වෙන්ඩ දීලා හාමු පස්ස ගැහුවා.......

සරස්........සර්ස්....

ඇහෙන නෑහෙන ගානට අමු තනකොල පොඩි වෙනවා..හොරාවට බලපුවාම බේබි හාමුගෙ සුදු පාට කකුල් දෙක මගෙ පස්සෙන් එන හැටි මට පේනවා....පේර ගහ පහු කරන් ටික දුරක් එන්න හම්බ උනෙ නෑ... පොල් අත්තක් දිගේ  ආව පොල් ගෙඩියක් සරබර ගාන සද්දෙත් එක්කම බිමට වැටෙනකොට මට හාමු ඉන්නවා කියලා නොබලා පොල් ගෙඩිය ඇහිදින්න දුවන්න හිතුවා..ඒත්....මං කොහොමද දුවන්නෙ...මං දිව්වොතින් අනිත් දවස් වලටත් සද්දෙ විතරයි පොල් නැ ගගා කෑගහන "සුගලා"ලොකු මැනිකෙගෙ කතාව ඇත්තක් වෙන බව හන්දම මං හරි අමාරුවෙන් ලා කොල ගැහුන ලොකු පොල් ගෙඩිය දිහාව ඇස් කොන්වලින් බලලා නොදැක්කා වගේ හොරාවට එන්න ආවා.......

ඇයි....අද ඇසල පොල් ඇහිදින්නෙ නැද්ද...

බ්..බේබි හාමු....

යන්ඩ ගිහින් ඇහිදන් එන්ඩ.....ඕකට ආයම අමුතුවෙන් හොරෙන් බලන්ඩ කාරි නෑ...හෙට අනිද්දා දිහාවට කොහොමත් පොල්මුරේ කඩනවා...නන්දට කියන්නම් පොල් වලු දෙක තුනක් ගන්ඩ කියලා ...යන්ඩ ගිහින් ඇහිදගන්ඩ .....

මට වහ බොන්ඩ හිතුනා.....ඕකට ආයම අමුතුවෙන් හොරෙන් බලන්ඩ දෙයක් නෑ කියපු ඉන්ධර් හාමු කටකොනකින් හිනා වෙන ගමන් ලාවට දෙපැත්තට වනනවත් එක්කම මං හොර පූසා වගේ බිම බලාගත්තා .....එක පාරක් නෙවෙ..දෙපාරක්ම යන්ඩ ගිහින් ඇහිදගන්න කියනකොට මං හාමු බලන් ඉන්නකොටම දුවල ගිහින් පොල් ගෙඩිය විතරක් නෙවෙ....ගහ යට වැටිලා තිබුන වේලුන පොල් අත්තත් ඇදගන ආවා....මෙහෙම පොල් ගෙඩියක් වැටුනොත් මිසක්...නැත්තන් පොල්ගෙඩියක් කියද....පොල්.මුරයක් කඩන හැමදාම ධර්මේන්ද්‍රන් හාමු පොල් ගෙඩියෙන් ගෙඩිය ගනිනවා....එහෙමත් හිතුන දාකට තමයි අපිට දෙන්නෙ...ඒකත් තේරුන ගොඩෙ තියන මයිටො ගහපු ගෙඩියක් දෙකක්.......

එක අතකින් පොල් ගෙඩියයි...අනිත් අතෙන් පොල් අත්තයි ඇදන් ආව මං වැටලඩුල්ල ගාවදි නැවතුනා.....සුද්දියා දාඩිය නාගන තවම බට්ට පනිනා...ඒකිගෙ කකුල් දෙකෙන් එකයි දූවිලි .......

ඇසල

බේබි හාමු ....

දැන් කොහෙද යන්නෙ....

දවල් බතෙන් පස්සෙ ගුනෙ මාමා එක්ක වැඩට හාමු...නොයා බෑනෙ......

ම්න්......

මං අතේ තිබුන පොල් ගෙඩිය මිදුලට විසික් කෙරුවා ....පොල් අත්තත් වැටකඩුල්ලෙන් එහාට ඇදලා දැම්මා...ඉන්ධර් හාමු අහනවා දැන් කොහෙද යන්නෙ කියලා ........තවම දවල්ට වත් කගන්න බැරි උන මට බඩගින්න උත්සන්න වේගන එනගමන් තිබුනා......ආපිට ගුනේ මාමා එක්ක යන්න තියනවා කියපු මං විගහට නොයා බෑනෙ කිව්වා..මොකද මට බය හිතුනා ඉන්ධර් හාමු මට තහංචි දාවි කියලා .......

හැබැයි ,
එහෙම උන්නෙ නෑ.....ම්න් ගාපු බේබි හාමු පොල් වත්ත මැදින්ම ආපිට වලව්වට යනකොට හාමු යන දිහා බලන් උන්න මං අවසානෙදි සුද්දියා අතින් වලන් කට්ට ඉල්ලන් කොටු අටේ බට්ටා කොටුවට කලු වලන් කට්ට දාලා හිමින් සැරෙ බට්ටයක් පැන්නා....

ඈ අයියෙ....

ම්ම්ම්ම්ම්

ඇත්තද මේ අම්මා කියන්නෙ....

මොනවද

උඹ බේබි හාමුගෙ ගෑනි වෙනවා කියලා ...අනේ ශෝක් නේ ......

.සුද්දි!!

මං බට්ට පැනිල්ල නැවැත්තුවා.........ඒකිට තේරුමක් නෑ......ඒකිට ඒ ගැන මහ තේරුමක් නෑ........

මං...ඉතින් එහෙම කිව්වෙ...අයියා වලව්වට ගියාම.....අම්මට කවදාවත් උඹ දන්කුඩ එක්ක බත් ඇට දෙක තුනක් ඔතල එවන්ඩ ඉඩ තියන්නෙ නැති බව දන්න හන්දනෙ ....ඇරත්.....උඹ බේබි හාමුගෙ ගාවට ගියහම....මේ වගේ දුක් විදින්නෙ නැතුවෙයි කියලා අම්මත් කිව්වා ........එහෙම හොදයිනෙ....එතකොට උඹට ඇදකුත් දෙයිනෙ නේ............අර පුලුන් පුරෝපු මෙට්ටෙක නිදියන්ඩත් පුලුවන්නෙ උඹට....ඒවා හරි ශෝක්නෙ අයියෙ.....සනීපයිනෙ....පැදුරු කඩමාල්ලෙ බුදියනකොට වගේ සීත ගහන්නෙත් නෑ.......

මගෙ පපුවෙ ඇම්මක් ගියා....අනේ ඒකිගෙ  හිතේ තිබුනෙ හරි අහිංසක ආසවල්.......දංකුඩ එක්ක බත් ඇට දෙක තුනක් වෙනුවට බත් පතක් එවයිලු......මට පැදුරක් වෙනුවට ඇදක නිදාගන්න හම්බෙයිලු කියනකොට කවදාවත් කොහු මෙට්ටෙක වත් නිදා ගත්තු නැති ඒකි ගැන මට හරි දුකක් වේදනාවක් දැනුනා.....

මං දන්නවා ......මට වලව්වට ගියත් අම්මයි සුද්දියි ගැන හිතලා පපුව ඇවිලේවි...........කන බත් පිඩක් ගානෙම අනේ උන් අද මොනවා කනවද....අදත් අප්පච්චි ඇව්දින් අම්මට ගැහුවද...සුද්දියට බොන්ඩ පිටි හැන්දක් වත් තියනවද කිය කිය මං කල්පනා කරලම මැරිලා යාවි.........

මං සුද්දිගෙ ඔලුව අත ගෑවා....මං වලව්වට යන්නෙ අලුත් බත් කන්ඩ වත්....සැප මෙට්ටෙක නිදියන්ඩවත් නෙවෙ....බේබි හාමුගෙ අපලෙකට හරියන්ඩ....ඒ වෙනුවට වලව්වට සින්න උන දේවල් බේරලා දෙන්ඩ කියන්න නොදන්න....ඒකිගෙ එකම අයියව  වලව්වට විකුනුනා කියලා නොදන්න සුද්දියගෙ ඔලුව අතගෑවා.......

අයියෙ....මැනිකෙට හොරෙන් ..මට අර ටින් විස්කෝතුවක් අරන් වරෙන් හාද........අර එදා....උඹය කන්න දුන්න එකක් ඔතන් ඇවිදින් තිබුනෙ  ඒක හරි පුසුඹයි..කන්ඩත් ලෝභයි     .....

මං හා කියලා කියන්ඩ ඔලුව වැනුවා ...අනෙ ඒකිට හිනාවක් මතු උනා......ඒකිගෙ අයියට අප්පච්චිට හැම දේටම ඉන්නෙ මන් විතරයි කියන්න දන්න සුද්දියා  දරුවෙක් අම්මා අප්පච්චි ගාවාට ගිහින් ආස දේවල් කියනවා වගෙ ඒකිත් කියෙව්වා ....

ඒත් ඒකි ඉල්ලුවෙ අර නිල්පාට ටින් එකේ තියන විස්කෝතුවක්  ....අලුත් බත් කටක්....හොදි මාලු පිරුන බත් පත් පතක්....

මොනවා කරන්නද...අන්තෙටම අසරන මිනිස්සු උන අපිට වලව්වෙන් අහකට වැටෙන නූල්පට පවා අපිට මහ මෙරක් වෙනකොට ඒකි ඉල්ලන එකම දේත් විස්කෝතුවක් විතරක් වෙද්දි මට හරි වේදනාවක් දැනුනා......

හතර වෙනි කොටුවෙ තිබුන වලන් කටුවට පයින් ඇනපු මං ඉතුරු කොටු හතරෙනුත් වලන් කෑල්ල හරි පරිස්සමින් පයින් ඇන ඇන ඇවිදින් කොටුවෙන් එලියට විසික් වෙන්න තල්ලුවක් දාපු මං අවසානෙදි මූන කට හෝදන් බෙලෙක් තසිමට අම්මා ලව්වා බත් බෙදව ගත්තා  ......බෙලෙක් පිගානට බත් පත බෙදාපු අම්මා මගෙ අතට බත් එක අත් දෙකෙන්ම දුන්නා...

උඹලා රෑට ඉදි ආප්ප කනවද.....

ම්ම්ම්.....

පන් ගොට්ට අතට ගන්න ගමන් මගෙන් රෑට ඉදි ආප්ප කනවද අහනකොට ඔය ඉදිආප්පෙ තම්බන්ඩ හදන්නෙ වල්ව්වෙ උන්ටද නැත්තන් අපිටද කියලා අහන්ඩ හිතුනත් ඒ හිත තව තව තලලා ඇස්වලට කදුලු දෙන්න බැරි කමට මං අවසානම බත් කටත් කටේ ඔබාගන හිරමනෙ උඩින් නැගිට්ටා.....


ගිණි පූටක අව්ව එන්න එන්නම තද උනා.....ඉරබැහැගන යනකොට ඒ ඉර එලියට පුපුරපු බිත්ති රත් උනා...

කෝරා බත් ගිලපු මට ආයම වතුර පොල්කටුවක් විතරක් බොන්න බඩේ ඉඩ ඇති උනත් ගුනේ මාමා ගාවට ඇවිදින් පලවෙනි දෙවනි කොන්ක්‍රීට් බාල්දිය අදිනකොට අර කෝරා හාලෙ බත් ඇට බලන් ඉද්දි දිරවන්ඩ ගත්තා

ආ බන් කොලුවො  

ගුණේ මාමෙ...

බුලත් චප්පෙ කටෙර් තියාගන එහා හක්කටයි.මෙහා හක්කටයි මාරු කර කර කියවනකොට කට කොන් වලින් බුලත් කෙල පෙරෙන ගුනේ මාමා පිට අල්ලෙන් කට කොන පිහදන් ඒඅතම ඇදි වතේ අතුල්ලගන කටින් පිටාර ගලන රතු කෙල  එලියට විසි කෙරුවා .......ඒ පැත්තෙම පස බුලත් කෙල පාටයි.....

උඹලගෙ මහ එකා වයලටාගෙ ගුබ්බෑයමට සල්ලි ගෙවලලුනේද....කුට්ටිය පිටිම්ම...

හ්ම්.....

කොහෙන්ද ඕකට සල්ලි ඔච්චර ....

ඇයි...වයලටා කිව්වෙ නැද්ද සල්ලි හම්බකරන් තිබුන විදිහ.....ඕකි බාගෙට කියන ජාතියෙ එකියෙකුත් නෙවෙනෙ.....වැඩියෙන් දාලා කිව්වොත් මිසක්...අප්පච්චි සල්ලි කුට්ටිය දෙනකොට සල්ලි හම්බුන විදිහ කියන්ඩ ඇතිනෙ.....

.කිව්වා...කිව්වා...මොකද නොකිව්වෙ.....කෙලීගෙ අරුංගල් දෙක මූ හෙට්ටි කඩේට තියලා කියලා කිව්වා......

...............

ගුනේ මාමා තවත් බුලත්.කෙල පාරක් ගැහුවා....වෙච්ච දේ ආයම අමුතුවෙන් අහන්න ඕන නැති තැනටම අරක්කු වයලටා කියලා තිබ්බත් ගුනෙ මාමටත් වැඩි කෝප්පෙ හෝදන්න ආයම ඒ කතාව මගෙන් ඇහුවා.........

රත්නපාලය නම් හැදෙන එකෙක් නෙවෙ.....අර වයලටා උබලා ගැන කම්පාවෙනවා හරියට

සවල අතටන්ගත්තු මං කලු ගල් කැට....වැලි සිමෙන්ති වතුර එකටහාමු කරලා හදාපු කොන්ක්‍රීට් බදාමෙ අනාගන අනාගන ගියා ...හිතේ තිබ්බ තරහවටම.....ඔය අරුංගලේ වත් තිබ්බා නම් මට මොනවා හරි දෙයක් කරගන්ඩ තිබ්බා....ඇරත් ගුනෙ මාමා කියනවා වයලටා කම්පා උනාලු....මුන්ගෙ බොරුව.......

චරාස්.....

කොක්‍රීට් බදාම අහුරක් සවලට ගත්තු මං සිමෙන්ති අල්ලලම මහත් වෙච්ච යකඩ පනිට්ටුවට හැලුවා...හලලා ගුනේ මාමා දිහා බැලුවා....

වයලටා අපි ගැන කම්පා වෙනවා නම් ඒකිට තිබුනනනෙ ඒ සල්ලිටික ආපහු අරන් ගිහින් හරි විදිහට හම්බ කරලා.ණය පියවපන් කියන්ඩ....ඒකි එහෙම කිව්වද....??

.............

අරකි කොටහලු උන එකේ රස්නෙ වත් ගියෙ නෑ කනේ තිබ්බ කරාබු දෙක අරන් ගිහින් හෙට්ටි කඩේට තිබ්බයි කියනකොට වයලටාට තිබ්බනෙ අපිට කියන්ඩ....ඒකි ඒ කිව්වද..ඒත් නෑ.....

............

ඒකිට අපි ගැන ඔච්චර දුක නම් ඒකිට තිබ්නනෙ ඔය මූකලානට රිංගන් ඔය ගිනි වතුර පෙරන් නැතුව ඉන්ඩ...ගිනිවතුර විකුනන ඒකිලාගෙ ගෙවල්.දොරොවල් භවනවල්.වගේ සල්ලි දිදි බොන එකාගෙ ගෙදරට වතුර ටික නැ කරන්ට් එක නෑ......ඒකිගෙ අම්මගෙ රෙද්දෙ අනුකම්පාව......

ආවේස වෙලා උන්න මං කලු ගල් අස්සට කොක්‍රීට් බදාම හැලුවා...අත් දෙක යකඩ පනිට්ටුවෙ අඩු වලට යන්තමට වේදනා ගැහුවත් මුන් කරන්නෙ එකම රෙද්ද හෝද හෝද    මඩේ දාන එක වෙනකොට සීනි කිරාගන ආව ගුනේ මාමත් කට පියාගත්තා ........

අනේ මන්දා කොලුවො.....රත්නපාලයගෙ කෙරුවාව ඉතින් ඒකි කිව්වා...

ඔවුන්ට යා දෙන්නෙ නෑ අපිට දෙන ගින්දර වලට ගිනිවතුර පෙර පෙර ඔය වයලයටා කවද හරි මැරෙන්නෙ අරක්කු වඩිය ඇගට වැටිලමයි....ඒකිලා අපේ අප්පච්චි ට වඩා කාලකන්නි එහෙම බලන් ගියහම........

කොල්ලො අනාපන් තව කොක්‍රීට් ටිකක්........

කලුගල් තාච්චි මෙච්චරට වැලි අච්චරයි...සිමෙන්ති අච්චරයි වතුර මෙච්චරයි ගගා ගුනේ මාමා ගනන් මිනුන් කියන ගමන් කොන්ක්‍රීට් කම්බ් ගහන්ඩ යකඩ කපන කොට මං බදාමෙ ඇනුවා.......

සංස්ථා සිමෙන්ති උරේ උඩට සිමෙන්ති වැටුනා...බුලත් හපේ කටේ ගහන් උන්න  ගුනේ මාමා සැරින් සැරේම කෙල ගගහා ගානට මිම්මට කොන්ක්‍රීට් කනු බස්ස බස්ස යකඩ වලලු දදා බදිනකොට ටිකෙන් ටික කාස්ට අව්ව දිපු ඉර බැහැගන යන්න ගත්තා ..........

ගනින් කොල්ලො ඔය කටු ඉදල....

මුලු අත්තිවාරමටම කොන්ක්‍රීට් හලලා හලලා අවසානෙදි කටු ඉදල ඉල්ලපු ගුන්‍රෙ මාමා මුලු අත්තිවාරමේම පනු රටාව  ඇන්දා.........මේ වෙනකොට මගෙ හොද පන ගිහින් තිබුනා...අඩුම ගානෙ මට වෙච්ච දේවත් මට කල්පනා කරන්න වෙලාවක් නැති උනා.... තව තුන්දොහකින් කසාදෙ කියන්නෙ අදින්ඩ වස්තරයක් වත් නැති බව මට කල්පනා කරන්ඩ බැරි උනා..

අනේ ඔය කිව්වට අලුතෙන් ඇදුම් ඇදන් යන්ඩ ලොකු මැනිකෙ සුගලා දේවි මාව මල්මාලා දාල ගෙට පිලිගන්නවද...මොන හේතුවට බේබි හාමුව බැන්දෙව්වත් මං ඉදුල් හෝදන එකා ඉදුලම වෙනකොට ඉස්සරහා දොරෙන්වත් වලව්වට ගනීද කියන්ඩ මටසැකයි.........

ගිනිගහපු අහස ඩිංගෙන් ඩිංග නිවීඉගන යනකොට පුරවල තිබුන යකඩ බැරල් එකෙන් මං ආම්පන්න ටික හේදුවා.....උදලු බදේ සිමෙන්ති තලි.....සවලෙ තිබුන කොක්‍රීට් මේසන් හැදි මේ ඔක්කොම මං හෝදලා ගුණේ මාමට දෙනකොට උන්දා ඒ ඔක්කෝම පෝර ගෝනියට තියලා එතුවා...

කොල්ලො....

ගුනේ මාමෙ....

මම දාපු අත්තිවාරම දිහා බලන් උන්නා....මේක හයි වෙනකන් රතු ගල බදින්ඩ ගන්ඩත් බෑ...අරත් රතු ගල තවම ගෙනල්ලත් නෑ..අනේ මන්දා හෙට ඉදන් ආයම ගල් ගේනකන් ගෙදරට  වෙලා ඉන්ඩ වෙයිද කියලා ....එහෙම උනෝතින් වැවට  වත් යනවා......දැන් ඉතින් මිනිවලවල් කපලා හරි අම්මයි සුද්දියයි බලා ගන්ඩ එපැයි....

තැනක් තියනවා ගෝලයො මදිලු උඹට හෙට  එහාට එන්ඩ පුලුවන්ද පලංචි දානවා

කොහෙද ගුනේ මාමෙ...පුලුවන් ......

කොහෙ උනත් මොකද .....

අර අලුතින් දාන කඩකාමර කෑලි වල.....

මං ඔලුව වැනුව...මොන හරි මගුලක් කරන්ඩ මට ඕනෙ...හෙදර උන්නොත් ගෙදර උන් හාමතේ........කකුල් වලට වතුර  ටිකක් හලාගත්තු මං පොල් මුඩ්ඩක් අරගන මුලු කකුල් දෙකම ඇතිල්ලුවා...ඒත් සබන් ටිකක් නැතිව මේ මගුල් කොච්චර ඇතිල්ලුවත් සිමෙන්ති පිපෙන හන්දම මං වැඩිය මුඩ්ඩ තද නොකර ඇතිල්ලුවා......

දාඩියෙන් පෙගුන  හිල් ගැහුන පරන උන බාච්චු ටීශර්ට් එක කරේ දාගන මං බොරලු පාර දිගේ හෙමින්  හෙමින් ඉස්සරහට එනකොට වැවට ගිය එකෙක් කොරලි වැලක් එල්ලන් එනගමන් උන්නා....

ආ කොල්ලො...උඹ මේ කොහෙ යන ගමන්ද

ගුනෙ මාමා එක්ක අත් උදව්වට ගියා ජයෙ මාමෙ

ගුනයා එක්ක......ඇයි දැන් මහ එකා නෙවෙද යන්නෙ...

අප්පච්චි නෑ ජයෙ මාමෙ...දැන් දිගටම යන්නෙ මං...

කලු ගැහුන අලුත් පිලිහිඩි සුවද ගහන කොරලි වැලෙ කොරලි දහයකට වඩා උන්නා....අම්මා ගෙදර  තම්බන ඉදි ආප්පෙ මතක් උන මට කහ ගැහුන ඉදි ආප්පෙට කොරලි මිරිසට හැදුවා නම් ...කියලා හිතෙනවත් එක්කම දෙයියන් පා මගෙ කටට කෙල ඉනුවා ....

ජයෙ මාමෙ.....මේන් මේ කොරලි....උඹලා කාටහරි විකුනන්නද යන්නෙ....

ඇයි උඹලට ඕනෙද ?

දෙනවද ....සල්ලි හෙට දිහවට දෙන්ඩ පුලුවන් ......

හ්ම්...හ්ම්....ගනිල්ලකො....උඹලගෙත් ආසාවනෙ......

කලු ගැහුන තවමත් මඩ සුවද එන කොරලි වැල අතට ගත්තු මං ඒකට් එල්ලගන රත්නෙ මාමට ඔලුව වනාගන යන්නම් කියලා එනවත් එක්කම බොරලු පාරෙ දූවිලි වලාවක් එක්ක වාහනයක් ගියා....

ඉන්ධර් හාමු.....

බිබික්කම මෙවෙලෙ කොහෙ යනවද.....මාව පහු කරගන ගියපු වාහනෙ ඉස්සරහට ගිහින් රතු ලයිට් දාගන ඒ ටිකකින් නවත්තනකො හෙමින් හෙමින් ගියපු මං අවසානෙදි කාර් එක ගාවින් නැවතුනා.....

බේබි හාමු......

මං එබුනා........

ඇසල ඔය දැන්ද උඹ  ගෙදර යන්නෙ....

එහෙමයි ලොකු හාමු.......

ගෙදර යන බව දැන දැනම දැන්ද ගෙදර යන්නෙ අහන්නෙ මහ නාකියටත් පිස්සුද මන්දා.........කොහෙ ඉදන් කොහෙට යනවද මන්දා වෙනදට නම් දැක්කත් නොදැක්කා වගේ යන වලව් හාමුදුරුවො දැන් ඇදුමෙ නූලක් දැක්කත් නවත්තනවා අනේ උඹලගෙ බොරුවනෙ....

ඔය අතේ ඉන්නෙ මොක්කුද ඇසල

ආ..මේ කොරලි වැලක් ලොකු හාමු.....

ම්ම්....රෑට උඹලට සරුටි වගේ......

අනෙ...මොන සරුවක්ද ලොකු හාමු..........අම්මා මේ රෑට කියලා ඉදිඅප්ප ටිකක් තම්බන්ඩ ලෑස්ති උනා....ඇරත් මං කොරලින්ට මනාපයිනෙ.........පාන්පිටි ඉදි ආප්පෙට කොරලි එක්ක  පොල් සම්බොලෙ පංකාදුයිනෙ ලොකු හාමු......

මං.මොන මගුලට මෙච්චර කියවනවද මන්දා....  ධර්මේන්ද්‍රන් හාමුගෙ කට කොනටත් බිබිකම වගේම හිනාවක් මතු වෙනකොට බිබික්කම නෙවෙ මා දිහා ඇහැක් ඇරලා බැලුවෙ....වත්තෙ ඉන්නකොට නම් මැනිකෙ නෙවෙ මැනිකක් කියාපු බිබික්කම උන්නෙ එලිය බලාගන වෙනකොට මම ධර්මේන්ද්‍රන් හාමු අහන මගුලකට උත්තර බැදලා කාර් එකේ දාලා තිබුන සින්දුවට කන් දුන්නා......

නෙලා ගැනුමට නොහැකි වූවද...
අත් හැරීමත්  නොවේ ප්‍රේමය...
බලා දුරහිද කතා නොකරම
සුසුම් පපුවක සිර කිරීමය.......
ඇස් පනාපිට බිදුන හීනෙකෙ
ලොවට රහසින් සැරි සැරීමය//
හිත් පුරා හිඳිනට වරම් නැති
සොඳුරු සයනෙක නිදි වැරීමය......

මම කොරලි වැල අල්ලන්  සින්දුවට කන්දීගන ඉදල ඉදලා  නිකමට වගෙ ඉන්ධර් හාමු දිහා බැලුවා ........

දෙවියනේ.....ඉන්ධර් හාමු......මෙච්චර වෙලාම මා දිහා එක බැල්මකින් වත් නොබලපු ඉන්ධර් හාමු මේ වෙනකොට බලන් උන්නෙ මගෙ දිහාව වෙනකොට ඒ බලන් උන්න බැල්මමම මට බලන්ඩ බැරි උනා.....හරියටම දාලා තිබුන සින්දුව කියන්නෙත් උඹටමයි කියන්න වගේ හැගිමක් ඒ ඇස් වල තියනකොට මට තව දුරටත් ඒ අධිමාත්‍රාව අහන්ඩ බය හිතුනා...මොකද ....ඊලගට ඕකෙන් මොනව කියවෙයිද කියන්න නොදන්න මට හාමු ගෙ ඇස් වල තිබුන නුහුරු නුපුරුදු ගැඹුරු බැල්ම එක්ක මට සින්දුව අහන්න බය උනත් ඉන්ධර් හාමුගෙ  ඇස්වලින් මට ගැලවෙන්න වෙලා මදි උනා.......

ළඟ ඉදන් ආදරෙන් මිමිනු
පැරණි පෙම්බස් සිහි කිරිමය
පණපිටින් මුලු සිරුර දන් දී
එකම හිතකට ලොබ බැදීමය......

   ළඟ ඉදන් අදරෙන් මිමිනු පැරණි පෙම්බස් ගැන කියනවා එක්කම මට හුස්මක් පිට උනා...මොකද ...ඒ කියන්නෙ මට නෙවෙ කියන්න මං දන්න හන්දා...ත්......පණපිටින් මුලු සිරුර දන්දි එකම හිතකට ලොබ බැදීමය කියනකොට මං බලාගන ඉන්ධර් හාමු මෙච්චර වෙලාම මගෙ දිහා ඇස් පිල්ලම් නොගහා බලාගන ඉදලා ඉදල අවසානෙදි ඇස් පිල්ලම් දෙක තුනක් ගැහුවා.......

දූවිලි වලාවක් ආපිට අහසට නගිනවත් එක්කම මං පාරෙ තනි උනා ..වචනයක් වත් කතා නොකරපු ඉන්ධර් හාමු කොරලි වැලත් එක්කම මාව තනි කරලා යන්ඩ ගියා .....

හදුන්කූරු සුවදයි.....

වතුසුද්ද සුවයි ...කෝපි මල් සුවද උනත් පහන් පැලට තියන්ඩ බැරි හන්දම  ඇගපත හෝදන් ආව මං වතුසුද්ද පුරවපු වට්ටියක්ම කඩලා ගෙයි ඉස්සරහට තිබුන පහන් පැලට තියල බුදු පහන ඇවිලුවා ........

කුසියෙන් එන පරිප්පු තෙම්පරාදුවෙ සුවද එක්ක බඩගිනි වැඩි  උනත්  මං අත් දෙක වැදගනම උන්නා.....කොරලි වැල එල්ලන් ගෙදර් ආව මට වැට කඩුල්ල පනින්න වත් ඉඩක් නොතියම පිල්කඩ උඩ ඉදන් ඥාන කතාවක් ගිල ගිල තේ බුජමක් බිබී උන්න සුද්දියා මාව ඇදගන කුසියට දුවපු වෙලාවෙ මට පන යන්න ආවා......

ඒ තරම් බඩු කාන්දාරවක් කුසිය මැද තිබුනා..මුදලාලියගෙන් කුනු බැනුම් අහන්  අවුසෙ අවුසෙ අරන් එන පරිප්පු සීනි කිලෝ ගනන් කුසියෙ තියනකොට  සුද්දියගෙ මූන වෙනදටත් වඩා පාට වැටිලා තියන හැටි මේ ඔක්කොම.ගෙනාවෙ බේබි හාමු කිය කිය උඩ පැන පැන කියපු හැටි බුදු පහන ගාව උන්න මගෙ ඔලුව ඇතුලෙ සියවතාවකට වඩ සක්මන් කරනකොට මං හරි අමාරුවෙන් එහේ මෙහෙ දුවන හිත එක තැනකට අරන් බුදුන් වැදලා අහවර කෙරුවා .......

අම්මා තවමත් ඉදිආප්ප තම්බනවා......අබ ඇට....වේලුන රතු මිරිස් පාවෙන.තෙම්පරාදු කරාපු පරිප්පු හොද්දයි...මැටි ඇතිලියෙ තිබුන මිරිසට හදාපු කොරලි මාලුවයි....මං ලව්වම ගලේ අඹරවාපු පොල් සම්බෝල මඩක්කුවයි දැකපු මට කෙල බේරෙන්න එනකොට මං ඉදිආප්පයක් අරන් ඒ මිරිස් හොද්දෙන් ඉස්ම ටිකක් ගාන් ගම්මිරිස් ඇට දාලා ගලේ අඹරවපු පොල්සම්බෝලෙන් ඩිංගක් මැදට තියන් ඉදි ආප්පෙ හතරට නවාගම කටෙ ඔබා ගත්තා ...

අනේ අම්මෙ....රස...!

අම්මෙ......බඩගිනීනෙ....

ඩිංගක් ඉදපන්...උඹ දැන් කීයක් ජාති ගිල්ලද.......

ලොකු වෙච්ච වෙලේ ඉදන් මට කොයිවෙලෙත් බඩගිනි අල්ලනවනෙ...මගෙ බොක්කත් කොටහලු වෙලාද මන්දා......

ඉන්ධර් හාමු ගෙනල්ලා තිබුන කඩචෝරුත් ගිලපු සුද්දියා ආයමත් කුසියට ඇවිත් හට්ටි මුට්ටි වලට එබි එබි බඩගිනි කියනකොට අම්මා  කෙහෙල් කොලයක් තව තව ඒකිට තරවටු කෙරුවා .......කෙහෙල් කොලයක් මක්කටද

ඔය මොකද මේ රෑ කෙහෙල් කොල ....

බේබි හාමුට ....අනේ පුතේ මේන් මේක දීලා වරෙන්...මෙච්චරත් බඩු ගෙනල්ලා දීපු බේබිට ඉදිආප්පයක් වත් නොදී කොහොමද ...අනේ කට පුරාවටම නන්දා ඉදිආප්ප තම්බනවද ඇහුවා...

මලසමයන් බිබික්කමගෙ........ඇයි කොරලි අරන් ආවෙ අම්මා ඉදිආප්ප තම්බනවයි කියලා මං මගදි කිව්වෙ නැද්ද........විකාර ....එන්ඩ එන්ඩ බිබික්කමට දැන් දොල දුක....

තවමත් බිම තිබුන මම අතක් වත් නොතිබ්බ  බඩු කාන්දරාව දිහා බලන් උන්න මන් ඉන්ධර්  හාමුට හිතින් බැන බැන ගිහින් මොනවද තියෙන්නෙ කියලා බලන්ඩ පහුරු ගෑවා ....පරිප්පු....සීනි.......කරවල...
උම්මලකඩ ...රතුපාට කුකුලා ඉන්න ටීවීපි පැකට්....දඩයම් බට්ටෙකුත් ඉන්නවා ඒ අස්සෙන්...මගෙ අම්මෙ මේවල ගනන්....

අතට ගන්න බඩුවක් බඩුවක් පාසාම මම මුලිම්ම බැලුවෙ ගාන......මොකද මගෙ ජීවිතේ මේ තාක් වෙනකන්...අපිට උරුම දෛවය එක්ක කවදාවත් බඩුවක මිල නොබලා ගන්න තරම් වත් කමක් නැති උනා....හැමදාමත් කෙරිවෙ ගාන බලලා හූල්ලලා තියලා ආව එක...ලිප්ටන් ලාඕජි...වටවල තේ....අරක මේක කිය කිය තේකොල පැකට් ජාති ජාති ආවත් ඒ හැම එකම.පහු කරන් ගිහින් අම්මට පුලුවන් උනෙ පොලට ගිහින් ර ගෝනිවල දාලා විකුනන තේ කොල එක ගේන්න...සමහරු නම් කියනවා ඔය තේ පැට්‍ටේරිවලින් අතුගානකොට එන කුඩ්ඩට වැනිලා ඉහල කියලා ....

අනේ කාරියක් නෑ...අඩුම ගානෙ බොනකොට වැනිලා සුවදවත් එනවනෙ.........

අපි හැමදාමත් හිත හදාගත්තෙ එහෙම.........

අනිත් උන්ගෙ ඇස් වලට කොහොම උනත් මගෙ ඇස්වලට හිමාලයක් තරම් උස බඩු කන්දරාව දිහා බලාගන උන්න මං තවත් ටිකක් කූර් ගෑවා...උම්මලලඩ කෑල්ලෙන් රතු කොටස දත් වලින් හපාගන ගැටගහලා තිබ්බ තවත් උරයක් අතට ගත්තා ....

දෙයිහාමුදුරුවනෙ.....

චොකලට් බිස්කට් ......විස්සක් විතර.........මාරි විස්කෝතු පැකට් දෙක තුනක්ටම චොකලට් විස්කෝතු විස්සක් විතර.......

මං අම්මා දිහා බැලුවා......ආසාවෙන් බඩු අත ගාන සුද්දි දිහාත් බැලුවා.......කෙසෙල් කොලේ උඩට වැටෙන් හොදම ඉදිආප්ප ටික දිහාත් බැලුවා......

මං කාට කියලා නම් දොස් කියන්නද....අම්මගෙ මූනෙ කාලෙකට පස්සෙ සැනසීමක් තිබුනා..ඉදල හිටලා හොද විස්කෝතුවක් කන සුද්දියගෙ මූන පාට වෙලා තිබ්බ.......උන්ගෙ සතුට වෙනුවෙන් බේබි හාමුලාට සින්න වෙනවා ඇර මං මොනවා.කරන්නද....

ඇසල....ටෝර්ච් එක අරන් යමන්.......

ඔතාපු ඉදිආප්ප පාර්සලේ අරගත්තු මං කුසියෙන් එලි බහිනකොට බිම් කරුවල වැටිලා තිබුන...ඈතින් පේන ඉරුගල්බන්ඩාර වලව්ව කහ් එලියෙන් දිලිසනකොට ලයිට් ගලවලා හදාපු භූමිතෙල්  ලාම්පු එලියෙන් ඉන්න.මගෙ ගෙදර කනාමැදිරියෙක් වගේ පෙනුනා...

උඹයි මමයි අහසට පොලව වගේ බේබි හාමු.....

ලොකු මැනිකෙ.........

ලොකු මැනිකෙ....

පුරුදු විදිහටම මම අදත් ඇරලා තිබුන උඩ කුසියෙ පඩියට නැගලා දෙපාරක් තුන්පාරක්ම ලොකු මැනිකෙට කතා කෙරුවා .......

කොහෙවත් ගිහින්දෝ ......

.පොල්සම්බෝලෙ සුවද ...මැලවුන කෙහෙල් දල්ලෙ සුවද...මේ ඔක්කොම.එකට එකතු වෙලා මගෙ බඩගින්න අවුලනකොට මම ඕන මගුලක් වෙච්ච දෙන් කියලා ඉදිආප්ප පාර්සලේ කුසියෙන් තිබ්බා.....

මීක් සද්දයක් නෑ....හැබැයි ඇහෙන නෑහෙන ගානට සින්දුවක්  නම් යනවා.....වෙන කොහෙන් වත් නෙවෙ ඉන්ධර් හාමුගෙ කාමරෙන්.............එහෙනම් බිබික්කම ඉන්නවා.....කන් ඇහෙන්නෙ නැද්ද මන්ද මෙච්චර කතා කරලත් නෑවිදින් ඉන්නෙ.........

ලොකු මැනිකෙවත්....ලොකු හාමුවත් මේ කිසිකෙනෙක් නැති ගෙදර සද්දයක් තිබුනා නම් ඒඉන්ධර් හාමුගෙ කාමරෙන් විතරක් වෙනකොට ගෙනාව ඉදිආප්ප එකත් ඉන්ධර් හාමුටම නිසා මං අඩිය වැඩිය පොලවට බර නොකර ඉන්ධර් හාමුව හොයන් ගියා.....

සින්දුව විතරයි ...හැබැයි....ඉන්ධර් හාමු නෑ......තනිම සුදු වියන් බැදපු ඇද.....තනි සුදු ඇදන් රෙදි..........ඇද දිහා බලන් උන්න මගෙ ඇස් දෙක එකපාරම ගැස්සිලා ගියා ...මගෙ හිතත් එක්කම හෙළවුනා....

කොට්ට දෙකක්....?

මීට කලින් තිබුන තනි කොට්ටෙ වෙනුවට දැන් ඇදෙ කොට්ටා දෙකක් තිබුනා.....මොන හේතුවකටද මන්දා මගෙ  බඩත් එක්ක මොකක්ද වෙලා යනකොට මං වියන් බැදපු කැටයම් කපාපු සිංහල රජකාලෙ පට්ට පරන උනත් හරි හයිය ඇද දිහා ඇස්පිල්ලමක් වත් නොගහා බලාගන ඉන්නකොට කැසට් එක අස්සෙ හිරවෙල උන්න කෝකිලයා  දමා යන්නට නොහැකි මිහිමත කියන ගමන් උන්නා......

දමා යන්නට නොහැකි මිහිමත
එකම සම්පත ඔබම පමණයි
මිදී යන්නට  නොහැකි මේ ලොව
එකම බැඳුමද ඔබම පමණයි.......

     මං ඔහේ අහන් උන්නා.......... කවදාවත් සින්දු නාහපු ඉන්ධර් හාමු හිසේ රදේ යවාගන්ඩ වත් මේ තරම් සින්දු අහනවද කියන්න නොදන්නකොට මම  තවමත් ඇරලා තිබ්බ  ජනේලෙ ගාවට ගිහින් යකඩ කූරුවල එල්ලිලා එලිය බැලුවා....මොකුත් පේන්නෙ නෑ..අඩුම ගානෙ ගෙයක් තියනවද කියන්නවත් පේන්නෙ නෑ.....
සින්දුව නැවතුනා.....මිදී යන්නට බැරි එකම් බැඳුම ඔබම පමනයි කියපු  සෝම තිලක මහත්තයා අවසානෙදි යන්න යනකොට ඉන්ධර් හාමුත් නැති කාමරෙ එක තත්පරගානකට තට්ට තනිවෙලා ගියා....හැබැයි......ඒ තත්පර දෙක තුන විතරයි ..කට්ට අන්දකාරෙ දිහා බලාගන උන්න  මගෙ තනියට අමරසිරි පීරිස් මහත්තයා ආවා..........

අහන් ඉන්නත් ලෝභයි.....කාට කොහොම කිව්වා උනත්...මට මෙ සින්දු අහන් ඉන්න එක මහ ලෝභ කමක් කියලා හිතුනා....අන් ඇස් දෙක පියාගත්තා .....ජනෙල් කූරුවලම එල්ලීගන නලලත් හේත්තු කරගත්තු මට උඩුහුලගට ගහන් යන කෝපි මලක.....සේපාලිකාවක සුවද නහයට දැනෙන්කොට මට අමරසිරි මහත්තයා එක්ක ඉකිගහලා අඩන්න හිතුනා....

හීනෙන් හිනැහී....
තුන්යම මා රවටා......

"ඇසල......"

මැදියම් මහ....රෑ........
අදටත් හිත ඉගිලෙනවා.....

"ඇසල......"

නින්දෙන් ඇහැරී....
කලුවරේම........යලි සොයනා........
මට මගේ...නොවන...........
මගේම...ආදරයක්....තිබුනා..............

ඇසල..........

  මාව ගැස්සිලා ගියා........

මගේ....ම....ආදරයක්..........තිබුනා......

.බේබි හාමු.......ඔව්....ඉන්ධර් හාමු මගෙ ලග......අමරසිරි මහත්තයා මවපු ලෝකෙ අස්සට ගියපු මට ආයම එලියට එන්න පාර හොයාගන්න බැරි තරම් අතරමන් වෙලා යනකොට මට නෑහුනාට ඉන්ධර් හාමු දෙපාරක් තුන්පාරක්ම මට කතා කරලා තිබුනා.....

බ්බ්..බේබි....

ශ්ශ්............

මට බය හිතුනා.....ඉන්ධර් හාමු මේ රෑනාලද කොහෙද ......තිරිවානා පාට පලල් පපුව පුරාවටම වතුර බින්දු රැදිලා තියනකොට චුට්ටක් දික් උන කොන්ඩෙ ඉත්තෑකූරු වෙලා තිබුනා..අත් ගොබේක ගැටගහපු සුරෙ එක්ක ඒ අත් පිම්බිලා තියනකොට  උකුල් ඇටෙ ගාවට ඇදන් තිබුන සරමෙන් පිරිමි ඇගට යන රේකාව දැක්කම මගෙ ඇගම ගිරි වැටිලා ගියා.....කොටිම්ම...තෙහස් ඉන්ධර් ඉරුගල්බන්ඩාර කියන්නෙම පිරිමියෙක්ට ඕනයි කියලා කියන හැම පිරිමි ලකුනක්ම තිබුන හැඩි වගෙම දැඩි පිරිමියෙක් වෙනකොට ලා රෝස ගැහුන තනපුඩු සීතල වතුර හන්දමද කොහෙද ඉහලට ඉලිප්පිලා තිබුනා.......

නාපු හන්දම රතු උන ඇස් ...පිටට නෙරාපු උගුරු ගැටේ.......වැවුන රැවුල එක්ක ඒ තිරිවානා පාට ශරීර කද......නපුරු උනත් කඩවසම් මුන.........වචනයෙ පරිසමාප්තියෙන්ම ඉන්ධර් කියන්නෙම හරි ලස්සන මනුස්සයෙක් කියන්න මට මෙවෙලෙ පිලි නොගෙන බැරි උනා......

හාමු ගාව සුවදයි......බේබි හාමු කියලා ගොත ගහන්න හදපු මට මගෙ දිහා ඇස්පිල්ලමක් වත්  නොගහම බලන් උන්න ඉන්ධර් හාමු මට කතා කරන්න නොදී කට පියවන්න යන්කොට මං කට පියෙව්වා උනත්......අමරසිරි පීරිස් මහත්තයා යනකන් ඉදල තවත් මායාවක් මවන්න ආව වික්ටර්මහත්තයට නම් ඉන්ධර් හාමුට නැවෙන්න බැරි උනා......වික්ටර් මහත්තයා මියුරු කල්පනාවක් ගැන කියනකොට මං බලාගම ඉන්ධර් හාමුගෙ උගුරු ගැටෙ දිගේ පහලට ආව වතුර බින්දුවක්  දෙකට බෙදුන පපුව මැදින් ගිහින් ගැඹුරු උන නාභිය අස්සෙ හැංගිලා යනවා.......

මං බලාගන උන්නා..ඒ අස්සෙන් ආයමත් මගෙ පපුව පිස්සු නටනවා.....ඇස් දෙක පියාගන උන්න මට දහවංගියක් විතර කතාකරපු ඉන්ධර් හාමු අවසානෙදි මා දිහා බලන් ඉදල ඉදල....මගෙ උරහිස් වලට ඒ අත් දෙකම තියලා මාව හාමුගෙ දිහාවට හරවගත්තා ..........හරවන් අර පුරුදු විදිහටම මගෙ නිකටින් අල්ලගත්තා ....

දන්නවද.......උඹ හරියටම භාවනාවක් වගේ.......බලන් ඉන්න පුලුවන් උඹ දිහාව වරුගානක් උනත්....හැබැයි ඉතින්...සිල් බිදෙනවා ඕන තවුසෙක්ගෙ..............හරියටම මගෙ බිදුනා වගේම.......මනාප...මගෙ විතරක් සිල්බිදිනවට.........

ඉ...ඉන්ධර්....හ්...හාමු......ම්.....ම්..මේ....

"මගෙ ඇහල...මල..........වෙලාවකට....උඹ..
හරියටම...පින්න මලක් වගේ....... ...."














ඉන්ධර් හාමුට තැග්ගක්......🥺🥺 පියුමි නෙත්මිකා නංගිගෙන්......තැන්කිව් කායයියෝ...ආතරෙයි🥺❤🌼

🌼ආයම...හෙත  ඈ...........ම්හුක්!!

🌼යෝහ්...මහෙ වස්සැප් එකේ උන්න කායයියො ටික ඉන්නවත...අනේ නම්බර් එක මාරු කරා විතරයි බිබික්කම්.ටිකව මිසින් වෙලානෙ....😩😩මට මැසෙන්ජර් එකට මැසෙජ් එකක් දන්ඩල අනේ හරිතේ.........

🌼ඒනම්......සැලා එක්ක එනකම්...පයිස්සමින් ඉන්න පුතුකියොනෙ

🌼ආතරෙයි ඇහැල මල් ගහක් පිරෙන්නම.....

මම ජොබි මු.කා.හ. කැ.පි...බි🤭

Nedeesha !

Continuer la Lecture

Vous Aimerez Aussi

399 132 16
"උද්ධච්ච මිනිහා!!!".....
488K 11.7K 89
"ပူတင်းလေးကဘာလဲ" "ကိုကို့အပိုင်" "ကိုကိုတို့ကရောဘာလဲ " "မောင်နှမ" "ဟာ..."
315K 15.3K 84
🍁ကောင်းခြင်းတည်မြဲ.. 🍁 နိုင်ငံခြားပြန်ကောင်လေး။ ရုပ်ရည်၊ ပညာ၊ စည်းစိမ်ဥစ္စာပြည့်စုံကြွယ်ဝသူမို့ အတော်လေးကြီးကျယ်သည့်လူ။ သူ့ကိုသူလည်း အထင်ကြီးလွန်းပ...
262K 41.6K 104
I am the father of villain Author Lin Ang Si ရဲ့ novel လေးပါ ???? All credit to Original author and E-Translators .