දම්වැල් යොදලා තිබුණ දොරවල් දෙකම ඇරිය යුංගි තමන්ගෙ දෙපසින් සෙබළු කීපදෙනෙක් පන්දම් රැගෙන යද්දි ඉදිරියට ඇවිදගෙන ගියේ පෙරදා රාත්‍රියේ උමඟ දෙදරුම් කන තරම් තදින් ඇසුණ වේදනාකාරී හඬවල් පාන්දර හඳ බැස යනවාත් සමඟ ම හෙමි හෙමින් මැකී ගිය අයුරු සිහි කරමින්....
උමඟ කෙළවර යකඩ කූඩුවෙ දොර යතුරෙන් විවෘත කරපු යුංගි මැදට වෙන්න බිම වැතිරිලා හිටිය තරුණයා දිහාට තරමක් වේගයෙන් ඇවිද ගියා....
"ජන්කුක්? ජන්කුක් මාව ඇහෙනවද?"
ලේ වලින් වැහිලා තුවාල වෙලා ඉන්න තරුණයාට පෙර දවස්වල මෙන් සිහි නැති වෙලා ද යන්න තහවුරු කර ගැනීමට යුංගි තරුණයාගෙ උරහිස් යන්තමට සොලවමින් කතා කළත් ඔහුගෙන් ප්‍රතිචාරයක් ලැබුණෙ නැහැ....හුස්මක් පහත හෙළුෑ යුංගි තරුණයව අත් දෙකට අරගෙන නැඟිටලා ගුහාවෙන් එළියට එද්දිත් සිහි නැතිව හිටි තරුණයගෙ බෙල්ල පණ නැතිව වාගෙ පැත්තකට කඩන් වැටිලා තිබුණා....
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
"විශ්වාසද එයා හොඳින් කියලා?ගොඩක් සුදුමැලි වෙලානෙ ...."
ඇඳේ වැතිරිලා කිසිම හැල හොල්මනක් නැතිව ඉන්න ජන්කුක් දිහා බලාගෙන ජිමින් ඇහුවෙ කණස්සල්ලෙන් වගේ....
නරවෘක රාජධානිය මිනිසාගෙ මානයෙන් සැඟවිලා තිබුණත් මිනිස් මානයට කාලයක් තිස්සෙ යන එන නරවෘකයන් නිසා ඔවුන්ගෙ ඇතැම් චර්යා රටා මිනිස්සුන්ට සමාන වුණා.... නරවෘක රාජධානිය විදුලිය, තාක්ෂණය අතින් මිනිසුන්ට වඩා පසුපසින් හිටියත් මිනිසුන්ගේත් නරවෘකයින්ගේත් ඇඳුම් පොළඳුම් රටාව බොහෝ දුරට මේ වෙද්දි සමාන වෙලා තිබුණා...
ලා දුඹුරු පාට කකුල් ලොකු සැහැල්ලු දිග කලිසමකට සුදු පාට තමන්ට වඩා ලොකු කමිසයක් ඇඳලා හිටිය ජිමින්ගෙ දුඹුරු පාට කොණ්ඩෙ මූණට වැටිලා ඇස්වලින් බාගයක් ම වැහිලා තිබුණෙ ජිමින්ගෙ පෙනුම හුරතල් කරලා...ජිමින් විවාහ වෙලා වසර ගණනක් ගත වෙලා තිබුණත් බැලූ බැල්මටම ජිමින් වර්ධනය වන අවධිය නිම කළ නරවෘකයෙක් බව කිසිම කෙනෙක් අනුමාන නොකරන තරම් හුරුබුහුටි සියුමැලි පෙනුමක් ජිමින්ට ලැබිලා තිබුණා....
සාමාන්‍යයෙන් හිනාවෙලා සැහැල්ලුවෙන් ඉන්න ජිමින්ගෙ මූණ හැම පුරහඳ දවසකට පස්සෙ දවසෙම මැලවිලා තිබුණෙ තමන්ගෙ ම සහෝදරයෙක් වාගෙ ඉන්න ජන්කුක් විඳින වේදනාවට තමන්ට කරන්න දෙයක් නැති නිසා....
තුවාල වෙලා හිටිය ජන්කුක්ව ජිමින්ට බාර දුන්න යුංගි ටිකකින් එතනට ජින් එන බව දන්න නිසා පිටත් වෙලා ගියේ පුරහඳ දවසට පස්සෙ දවසෙ නරවෘක රාජධානියේ පාලකයා විදියට නම්ජුන් රාජසභාව කැඳවන්න ඕන නිසාත් එතන යුංගි අනිවාර්යයෙන්ම ඉන්න ඕන නිසාත්....
රාජකීය වෛද්‍යවරු ජන්කුක්ට ප්‍රතිකාර කරලා ජිමින්ට ආචාර කරලා එළියට යද්දී ජිමින් ඇඳ කෙළවරින් වාඩිවෙලා ජන්කුක්ගෙ ලොකු අතක් තමන්ගෙ අත් අතරට ගත්තෙ ජන්කුක්ගෙ පියවිලා තියෙන ඇස් දිහා බලාගෙන....
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
"ජන්කුක්ව එක්කරගෙන ආවද ජිමිනී?"
දොර පැත්තෙන් ගොඩක් තැන්පත් කටහඬක් ඇහෙද්දි ජන්කුක්ගෙ අතක් නළලට තද කරගෙන ඇඳට වැලමිටි දෙක බර කරගෙන ඇස් පියාගෙන හිටිය ජිමින් දොර දිහා බැලුවා....
දොරෙන් ඇතුළට ආව ජින් එයා අරගෙන ආව පන් වලින් වියපු ලොකු බාස්කට් එක පැත්තක තිබුණ මේසෙ උඩින් තියලා ඇඳ ළඟට ආවා....ජින්ගෙ හැම පියවරක්ම ගොඩක් සන්සුන්.... ජින්ගෙ චලන හැම එකක් ම හරිම සන්සුන් වගේ ම සිත් ඇදගන්නා සුළුයි....ජින් දැන් තැනක ඉඳලා නැඟිටලා ගියොත් ඊළඟ තත්පරේ එතනට එන කෙනෙක්ට ටිකකට කලින් එතන ජින් හිටිය බවක් නොපෙනෙන තරම් ජින්ගෙ හැම චලනයක් ම තැන්පත්... සන්සුන් පැවැත් ම වගේම ම කරුණාවන්ත බව නිසා ම ජින් එයා වටේ ඉන්න අයගෙ හිත් දිනා ගත්ත චරිතයක් වුණා.....ඒත් ජීවිතේ ජින් ආදරයක් බලාපොරොත්තු වුණ එකම කෙනා ජින්ට නොසෑහෙන්න වෛර කළා....
සමහරවිට ඒකට වෙන්නැති මිනිස්සු දෛවය කියන්නෙ....
"කුක් දැන්ම ඇහැරෙන එකක් නැද්ද ජිමිනි?"
ජින් අහද්දි ජින් දිහා බලාගෙන කල්පනාවක හිටිය ජිමින් ගැස්සිලා ගියා....
"අහ්.....තවම නිදිනෙ හ්‍යුන්....එයාට අමාරු ඇති...තුවාල වෙලානෙ ගොඩක්....අනේ මන්දා මේ ප්‍රශ්නෙට උත්තරයක් කොහොම හොයන්නද කියලා..."
ජිමින් කණස්සල්ලෙන් කියද්දි ජින් ඇඳට අත තියලා ජන්කුක්ගෙ ඔලුව තිබුණ පැත්තෙන් ඇඳේ වාඩි වුණා.... ඒකත් හරි හෙමින්....හරියට ඇඳට රිදෙයි වගේ....
"මම හිතන්නෙ ජන්කුක්ගෙ මේට් තවම ඉපදිලා නැහැ ජිමිනී...."
ජින් ජන්කුක්ගෙ ඔලුව අතගාන ගමන් කියද්දි ජිමින් ජින් දිහා බැලුවා....
"ඉතින් මටත් මතක කාලෙ ඉඳලා ම යුංගි හ්‍යුන් පරිවර්තනය වුණා....ඒ කියන්නෙ මං ඉපදෙද්දිත් ඒයා හරි වයසට ඇවිත් හිටියා වගේනෙ....එයාට මෙහෙම ප්‍රශ්නයක් තිබිලා නෑනෙ හ්‍යුන්....අපි දන්න කිසිම කෙනෙක්ට නෑනෙ....අඩුම හිම කඳු අතරෙ ඉන්න ජන්කුක්ගෙ රැළේවත් එහෙම කෙනෙක් නැහැනෙ...."
ජිමින් කියද්දි ජින් ඇඳට එහා පැත්තෙ ඇරලා තිබුණ ජනේලෙන් පේන ලොකු ගහ දිහා බලාගෙන හිටියා....ජින්ගෙ ලා නිල් පාට ඇස් ඉර එළිය නිසා පෙනෙන නොපෙනෙන තරමට දිලිසිලා තිබුණා....ටික වෙලාවක් ගහේ අතු දිගේ එහෙ මෙහෙ දුවන ලේනුන් දිහා බලන් හිටිය ජින් හුස්මක් පාත දැම්මා.....
"මම හිතන්නෙ ජන්කුක් ටෘබ්ලඩ් කෙනෙක් ජිමින්..."
ජින් කිව්ව දේට ජිමින්ගෙ ඇස්දෙක බෝලවෙලා ගියා...
"ඒත්....ඒත් හ්‍යුන් ටෘබ්ලඩ්ලා.....එයාලා මිත්‍යාවක් නෙවෙයි ද? "
ජිමින් ජන්කුක් දිහා නොයිවසිල්ලෙන් බලන ගමන් අහද්දි ජින් යන්තමට හිනා වුණා....
"දැනට....ඔව්....ටෘබ්ලඩ්ලා මිත්‍යාවක්... ඒත් මම ඒක විශ්වාස කරන්නෙ නැහැ....ටෘබ්ලඩ්ලා පාලනය කරන්න අපහසු නිසා සඳ දෙව්දුව ටෘබ්ලඩ්ලා ඇතිවෙන එක නතර කරන්න ඇති කියලයි මට හිතෙන්නේ.....ඒත් දැන් මොකක්හරි හේතුවකට ටෘබ්ලඩ් කෙනෙක් ඉපදිලා... ජන්කුක් ඉපදුණ දවසෙ සඳ දෙව්දුව පෙනී සිටිය කියලා කටකතාවක් තියෙනවා....තවත් සමහරු කියනවා එදා මිමිණිල්ලක් විතරලු ඇහුණෙ.... කොහොමහරි ජන්කුක් ඉපදුණ වෙලාවෙ කියලා තියෙනවා එයාගෙ ආත්ම සහකරු නැතිව ඒ වෘකයා අසම්පූර්ණයි කියලා... ජන්කුක්ගෙ වුල්ෆ් ජන්කුක්ට පාලනය කර ගන්න බැරි වෙයි....මං හිතන විදියට මේට් ළඟ ඒ ටෘබ්ලඩ් පාලනය වෙයි....ඒ නිසයි මේට් එනකල් ජන්කුක්ට සම්පූර්ණ පරිවර්තනයකට යන්න බැරි....."
ජින් හරිම සන්සුන් ව හෙමින් කියද්දි ජිමින් ඔලුව වන වනා ඒක අහගෙන හිටියා....ජින්ට වැම්පයර් කෙනෙක් විදිහට කොහොමත් වටේ ඉන්න අයගෙ මනස පාලනය කරන්න වගේ ම තමන්ගෙ ඇස්වලට කෙනෙක්ව වශී කරවන්න පුළුවන්කම තිබුණා.... ඒත් ජින්ගෙ වැම්පයර් එයාව පාලනය නොකරන සාමාන්‍ය වෙලාවලදිත් ජින්ගෙ අසාමාන්‍ය තැන්පත් බව මිනිස්සුන්ව වගේ ම සොබාදහමත් වශි කළා.....
ජින් විස්තරේ ඉවර කරලා නැඟිටලා මේසෙ ළඟට යද්දි ජිමින් හුස්මක් පාත හෙළුවා....
"මම සඳ දෙව්දුවට යාඥා කරනවා ඉක්මනට ජන්කුක්ගෙ මේට් අපි ළඟට එන්න කියලා...."
ජන්කුක්ගෙ පොරවන රෙද්ද හදලා ජිමින් මේසෙ ළඟට ගියේ ජින් කූඩෙ ඇරියාම ඒකෙන් ආව කෑම සුවඳට.....
ජින්ට ගොඩක් රසට කෑම හදන්න පුළුවන්....ජින්ගෙ හොඳම රසිකයා වුණේ ජිමින්...ජින්ගෙ කෑම කිව්වොත් ජිමින්ට ඕනෙම වෙලාවක බඩගිනියි....
"මම හෙවනැලි වනාන්තරයට ගියා ජිමින්....එහෙ තියෙන හතු දැක්කා ම මට ඔයාලව මතක් වුණා....ඉතින් මම සුප් එකක් හැදුවා....බලන්න රයා කැමතිද කියලා...."
ජින් ලස්සනට හිනාවෙන ගමන් ජිමින්ගෙ අතට සුප් බෙදපු බොකුටු බඳුනක් දුන්නෙ ජිමින් අත් දෙකෙන් ම ඒක අල්ලගෙන ලොකූ හුස්මක් උඩට ඇදලා අරන් ඇස් පියාගනිද්දි....
"සුවඳින් ම කියන්න පුළුවන් හ්‍යුන්.... මේක රසම රසයි..."
ජිමින් කියද්දි ජින් ජිමින්ගෙ කොණ්ඩෙ යන්තමට අවුල් කරලා දාලා හිනා වුණා...
"තව දාගෙන බොන්න...ජන්කුක් යුංගි දෙන්නට ටිකක් ඉතිරි කළාම ඇති.... නැති වුණොත් මම ඒ දෙන්නට ආයෙ හදලා දෙන්නම්....."
ගිනි උඳුන ළඟ තිබුණ ලොකු සැප පහසු පුටුවෙන් වාඩිවෙලා පොතක් අතට ගන්න ගමන් කිව්ව ජින් ආයෙමත් කතා කළේ නැහැ....ජින්ට පොතක් කියන්නෙ වෙනම ලෝකයක්... ගොඩක් වෙලාවට ජින් ජීවිතේ කළකිරෙන එක අමතක කරලා තිත්ත ඇත්තෙන් පැනලා යන්න තෝර ගත්ත පාර තමයි පොත් කියන්නෙ.....
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
නීතිය හා සමානාත්මතාවයට අධිපති දෙවඟන නෙමෙසිස්ගෙ ප්‍රතිමාවට ඉදිරියෙන් හදලා තිබුණ සඳ දෙව්දුව ආර්ටෙමිස් වගේම යුධයට අධිපති දෙවියන් වුණ ඒරීස් දෙවියන්ගෙ සාමාන්‍ය මනුෂ්‍යයෙක්ට වඩා ගොඩක් උස ප්‍රතිමා දෙකට මැදින් තිබුණ පඩිපෙළ බැහැගෙන නම්ජුන් රාජ සභාවට එද්දි නැඟිටලා විවිධ දේවල් ගැන විවාද පවත්වමින් හිටිය නරවෘක රාජධානියේ ප්‍රධානීන් වුණ ඇල්ෆාලා දෙසියයක පමණ පිරිස මීයට පිම්බාක් මෙන් නිහඬ වුණේ නම්ජුන්ට හිස නමා ආචාර කරන ගමන්....නම්ජුන් තමන්ගෙ සිංහාසනය වෙතට ඇවිදගෙන යද්දි නම්ජුන්ගෙ පිටුපසින් ආව යුංගි,ජැක්සන් දෙන්නා තම තමන්ගෙ ආසනවල වාඩි වුණා.... රාජධානියේ ආරක්ෂාව නම්ජුන්ගෙන් පස්සෙ බාරවෙලා තිබුණෙ යුංගි, ජැක්සන් දෙන්නට...
අදත් රාජ සභාවේ නම්ජුන්ගෙ සහකරු....පැක් එකේ ලූනාගෙ අසුන ඇර අනෙක් හැම අසුනක් ම පුරුදු විදියට ම සම්පූර්ණ වෙලා තිබුණා... නම්ජුන් මොන තරම් සාර්ථක පාලකයෙක් වුණත් ලූනා ගැන ප්‍රශ්නවලදි නම්ජුන් කියන්නෙ ඉක්මනින් කේන්ති ගන්න කෙනෙක් නිසා සභාවෙ කිසිම කෙනෙක් ඒ ගැන කවදාවත් ප්‍රශ්න කළේ නැහැ....ඒ වගේ ම ජින් කියන්නෙ අර්ධ වැම්පයර් වරයෙක් නිසා සඳ දෙව්දුවගෙ තීරණයට හිස නමලා ජින්ව ලූනා විදියට භාර ගත්තත් බහුතරයක් ඇල්ෆාවන් තමන්ගෙ ලූනා ව විශ්වාස කළේ නැහැ.....
සභාවෙ පුරුදු විදියට ම විවිධ මාතෘකා කතා වෙද්දී ඊළඟ පුරහඳ රතු හඳ දවසක් නිසා නරවෘකයින්ගෙ හැසිරීම ගොඩක් භයානක වෙන්න පුළුවන් එකට ගන්න ඕන ආරක්ෂක පියවර ගැන සභාව ගන්න තීරණවලට ඇහුම්කන් දීගෙන ඉන්න නම්ජුන් දිහා බලාගෙන යුංගි හිටියෙ ජින් ගැන කල්පනා කරන ගමන්.....
ඒ දෙන්නා ම විඳවනවා....
අන්තිමට යුංගිට හිතුණෙ එහෙමයි...ඒත් නම්ජුන්ගෙ සිංහාසනයට එහා පැත්තෙන් තියෙන සඳ දෙවඟනගෙ ප්‍රතිමාව දිහා බලලා හුස්මක් පාත දැම්ම යුංගි ආයෙමත් සභාවට අවධානය දුන්නා....
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
"අහ්...ම්හ්ම්...."
ජන්කුක් යන්තමට කෙඳිරි ගානවා ඇහෙද්දි ජිමින් එයා මේසෙ උඩ විසිරුවලා දාගෙන හෙමින් නටු කඩලා අයින් කර කර හිටිය බ්ලූ බෙරි ටික මේසෙ උඩ ම දාලා ඇඳ ළඟට දිව්වේ ජින් එයාගෙ අතේ තිබුණ පොත හෙමිහිට වහලා පැත්තකින් තියලා පුටුවෙන් නැඟිට්ටා...
"ඔ-ඔයාට දැන් කොහොමද ජන්කූ? ඔලුව රිදෙනවා ද?"
ජිමින් හරිම හෙමින් ජන්කුක්ගෙ ඔලුව අතගාන ගමන් අහද්දි ඇඳේ වාඩිවෙලා හිටිය ජන්කුක් ජිමින් එක්ක හිනා වුණා...
"මට දැන් ප්‍රශ්නයක් නෑ ජිමින් හ්‍යුන්.... ටිකක් ඇඟට පණ නෑ වගේ..."
ජන්කුක් ඇද ළඟ බිත්තියට හේත්තු වෙලා ජින් එක්ක හිනාවෆන ගමන් කිව්වා ම ජින් ජන්කුක්ගෙ අතට සුප් කෝප්පයක් දුන්නා....
"තුවාලවලින් ලේ ගිය නිසා වෙන්න ඇති කූ....මේකෙන් ටිකක් බීලා ඉන්න...එතකොට හරියයි..."
ජින් හිමිහිට කියද්දි ජන්කුක් සුප් එකෙන් හැන්දක් කටට ගත්තා....
"ඒක ගොඩක් රසයි හ්‍යුන්....කුමාවෝ..."
ඒකට ජින් යන්තමට හිනාවෙලා ආයෙමත් එයා වාඩිවෙලා හිටිය තැනින් වාඩිවෙලා කියව කියව හිටිය පොත ආයෙමත් අතට ගත්තෙ ජිමින් ජන්කුක්ගෙ ඔලුව අතගාද්දි....
.
.
.
.
.
.
.
.
.
.
.
.
දවල් වරුව ම ජිමින් එක්ක ජන්කුක් එක්ක ඉඳලා මාළිඟාවට ආව ජින් එයාගෙ කාමරේට ඇවිදගෙන යන ගමන් හිටියත් නම්ජුනගෙ කාමරේ වහලා තිබුණ දොරෙන් පවා ජින්ට හොඳට ම ඇහුණා ඇතුළෙ ඇහෙන කෙඳිරිලි හඬවල්....
අදත් ආයොන්ග් ඇවිත්....
ඒක මේ මාළිගාවට අළුත් දෙයක් නොවුණත් ඒ හැම දවසක ම ජින්ට නම්ජුන් එදා කිව්ව වචන ටික ඇහෙන්න ගත්තා....ආයොන්ග් දකින වාරයක් ගානෙ අවුරුදු ගානක් ගිහිල්ලත් අදත් එදා වගේම ජින්ගෙ හිත රිදුණා....
ආයොන්ග් .....ලී ආයොන්ග් කියන්නෙ නම්ජුන්ගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ්.... ඇමතිවරුන්ගෙ වැඩිහිටියන්ගෙ කීමට නම්ජුන් ජින්ව විවාහ ගත්තත් නම්ජුන් ජින් ළඟට ආව හැම වෙලාවෙම කළේ ජින්ට හිතාමතා ම පුළුවන් තරම් රිද්දුව එක....
නම්ජුන් ආදරෙන් හිටියා නම් ඒ ආයොන්ග් ළඟ විතරයි....හැම පුරහඳ රෑකම නම්ජුන් එළිවෙනකල් ම හිටියෙ ආයොන්ග් එක්ක...ඒකත් ජින්ගෙ කාමරේට එහා පැත්තෙන් තියෙන නම්ජූන්ගෙ හස්බන් වෙලත් ජින් තවම ගිහින් නැති නම්ජුන්ගෙ කාමරේ.... පුර හඳ පායන දවස් කියන්නෙ සාමාන්‍යයෙන් නරවෘකයින්ට තමන්ගෙ හැඟීම් පාලනයක් තියෙන දවස් නෙවෙයි....ඒ දවස තමයි මේට්ව හමුවෙලා තියෙන හැම නරවෘකයෙක් ම තමන්ගෙ මේට්ව වැඩියෙන් ම හොයන දවස....ඒ හැම දවසක ම නම්ජුන්ගෙ කුටියෙන් ඇහෙන ආයොන්ග්ගෙ වින්දනාත්ම කෙඳිරිලි අහගෙන තනියම ඉන්න වෙන ජින් ඉස්සර හුස්ම හිර වෙනකල් ම ඇඬුවා....ඇස් ඉදිමිලා සමහර දවසට ජින්ට නැඟිටගන්න පවා බැරිවෙන්න හෙම්බත් වෙනකල් ජින් ඇඬුවා...ඒක නතර කරගන්න ජින්ට අවුරුදු ගානක් ගියත් තවමත් ආයොන්ග් ගෙ නම මතක් කළත් ජින්ට ගොඩක් රිදුණා...
ජින් මතක කාලෙ ඉඳලා ම ගොඩක් උත්සාහ කළා නම්ජුන් එක්ක ඉන්න...එයා ඉපදෙද්දි ම ඔම්මා නැති වුණ නිසා ජින්ව බලා ගත්තෙ ජින්ගෙ ඔම්මාගෙ හ්‍යුන්...නම්ජුන්ගෙ අප්පා....ඒත් නම්ජුන් එයාගෙ ලිලී ඔම්මාව මැරුවෙ ජින් කිය කියා නොතේරෙන වයසෙ ඉදලා ම ජින්ට වෛර කළා....ඒත් ජින් නම්ජුන්ට ගොඩක් ආදරේ කළා...ජින් හැම පුරහඳ දවසක ම හඳ දිහා බලන් ඉල්ලුවා එයාගෙ මේට් නම්ජුන් වෙන්න කියලා....ඒත් දැන් නම්ජුන් ජින්ගෙ මේට් වෙලා...ඒ දෙන්නා විවාහ වෙලත් ජින් තවමත් හඳ දිහා බලන් නම්ජුන්ව ඉල්ලලා හිතින් අඬනවා.....
"මම දැනගෙන හිටියා තමුසෙ මගෙ මේට් කියලා.... දැනගෙන තමයි ආයොන්ග් එක්ක ගියේ.... තමුසෙ හිතනවා නම් මම මේට් බොන්ඩ් එක නිසා ආයොන්ග් අතෑරලා උඹට ආදරේ කරාවි කියලා.... නෑ! කවදාවත් නෑ සොක්ජින්....තමුසෙ හතුරන්ගෙ ලේ තියෙන එකෙක්....සේරට ම වඩා මගෙ ලිලී ඔම්මගෙ මිනීමරුවා තමුසෙ! හිතන්න එපා මම තමුසෙ අඩුම තරමෙ හොඳින් කතා කරයි කියලාවත් ! ඒක කිසිම දවසක වෙන්නෙ නැහැ
මං ආත්මගත සහකරුවන්ගෙ බැඳීම විශ්වාස කළා ඔම්මා අප්පා දෙන්නා දිහා බලලා...ඒත් තවත් නැහැ... තමුසෙව මගෙ මේට් කරලා ලූනා ඔප්පු කරලා පෙන්නුවා ඒ විශ්වාසය බොරුවක් කියලා....
නමට හරි තමුසෙ මගෙ මේට් නම්.... බලාගෙන ඉඳපන්...මම තමුසෙට ජීවිත කාලෙ විඳවන්න සලස්සනවා සොක්ජින්!"
නම්ජුන්ගෙ වචන ඔලුව ඇතුළෙ දෝංකාර දෙද්දි ජින් කාමරේට නොයා ආපහු හැරිලා එයා නැඟලා ආව පඩිපෙළ පහු කරගෙන තරමක් කළුවර වෙලා තියෙන කොරිඩෝවක් දිගේ දුවගෙන ගියේ අත් දෙකෙන් කන් දෙක තද කරගෙන...
Lee Aeyong
A female Beta
Namjoon's girlfriend
🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤
හායි බබාලා 👀❤️
මොනාහරි කියාගෙන යන්න ඉතිම් 👉👈
මං ඉම්මනට එන්නම්කො 😘
Bye🌹
Sunshine 💖