නුඹ ඍතුවක්🌼🌼(✅...)

By ANDRYRAFAELLO

579K 70.6K 36.3K

ජීවිතේට මල් නොපිපුනාට මොකද ඇසල.... ගස්වල හරි මල් පිපෙනවනෙ!.... More

01කොටස.....🌼
02 වන කොටස...🌼
04 වන කොටස🌼
05 වන කොටස🌼
06වන කොටස🌼
07 වන කොටස🌼
08වන කොටස🌼
09වන කොටස..🌼
10 වන කොටස..🌼
11වන කොටස🌼
12වන කොටස🌼
13 වන කොටස..🌼
14 වන කොටස..🌼
15 වනකොටස...🌼
16 වන කොටස...
17 වන කොටස.....🌼
18 වන කොටස.....🌼
19වන කොටස....🌼
20 වන කොටස...🌼
21 වන කොටස..🌼
22 වන කොටස...🌼
23 වන කොටස...🌼
24 වන කොටස....🌼
25 වන කොටස....🌼
26 වන කොටස....🌼
27 වන කොටස.....🌼
28වන කොටස....🌼
29 වන කොටස.....🌼
30 වනකොස...🌼
31 වන කොටස...🌼
32 වන කොටස...🌼
33වන කොටස...🌼
34වන කොටස.....🌼
35 වන කොටස......🌼
36 වන කොටස...🌼
37 වන කොටස....🌼
38 වන කොටස......🌼
39වන කොටස...🌼
40 ඍතුවක අවසානෙට....!🌼
හදපිරි ස්තූතිය ‼️

03 වන කොටස🌼

11.6K 1.8K 584
By ANDRYRAFAELLO

අම්මා යන දිහාව බලන් උන්න මං අවසානෙදි දර මඩුවට ගිහින් පොරව අතට ගත්තා .....පොල් බිඩන්ග වත්  තිබ්බා නම් වක් පිහියෙන් ගහලා කපලා දාන්න තිබුනා..ආසාවට කපන්න බූවල්ලක්..දෙකට ඉරන්න හනස්සක් නෑ......තලන්න පොල් කටුවක් නැ....තිබුන ඔක්කෝම ගස් කොටන්...මේවා පලලා පලලා මගෙ කොදු කැඩෙයි අද.....

ඒත් ...බෑ කියලා කොහොමද .....කොච්චර රිදුනා උනත්...මට මගෙ කකුල් වලින් හරියටම මහපොලව බදාගන්න පුලුවන් කාලයක් එනකන් මේ ඉරුගල්බන්ඩාර වලව්වෙ උන්ට දෙකට නැවෙන්න වෙනවා.......මගෙ අම්මට ඉදුල් හෝදන්න වෙනවා..............මුන්ගෙ හැම පර වැඩක්ම කරන්න වෙනවා....

දඩස් ...    .දඩස් .......

පලවෙනි දෙවනි පොරව පාර කුට්ටි කරලා තිබුන ගස් කොටේට වැදුනා......

අප්පච්චි ගෙ බේබදු කමත් එක්ක මගෙ හීනවලට ගාපු තෙල් සායම් ඔක්කොම දිය වෙවී..දිය වෙවී ගියා විතරක් නෙවෙ...ඒ හැම හීනයක් අස්සෙම්ම ගිනිවතුර ගද ගහන්න ගත්තා...මගෙ ජීවිතේ මට මතක ඇති කාලෙක අප්පච්චි ඉදා පුතේ මේක ගනින් කියලා අලුත් ඇදුමක් අරන් දුන් නෑ......හැමදාමත් වලව්වෙ ඉදුල් හෝදන අම්මා හැම අවුරුද්දෙම අම්මගෙ කනට වගේම  නංගිගෙ කනට ඉමිටේශන් අරුංගල් දෙකක් දාලා ඊට පහුවදාම ඒ ලාබ රත්තන් ගලවලා කොලෙක ඔතලා රත්තරන් වලටත් වඩා පරිස්සමින් පරන වෙලා ගියපු පෙට්ටගම අස්සට දැම්මා.....

අප්පච්චි කවදාවත් දැනන් උන්නෙ නෑ.....අම්මා අච්චර පරිස්සම් කරන  ලාබ රත්තරන් වලට සුද්දිගෙ කන් දෙක හැමදාකම කැසුවා කියලා .....හැම අවුරුදු දාකට පස්සෙම  පැසෙව්වා කියලා .........ඊටත් පස්සේ එකි  අවසානෙදි කරපිංචා නැටි ඔබන්න ගත්තා........

මට බයයි......

අම්මගෙයි නංගිගෙයි කන්වල හිල් වැහෙන්න කලින්..මට කවදම හරි අරුංගල් දෙකක් අරන් දෙන්න බැරි වේවි කියලා....

දඩස් දඩ....ස්...දඩස්.......

නලලට මතු උන දාඩිය බින්දු  කන් දෙක පහු කරන් හිල් කෝටියක් තිබුන යට බැනියමට වැටිලා බැනියම් රෙද්දෙ හැංගෙනකොට මම හිතේ තිබුන වේදනාවටම දර පැලුවා....අප්පච්චි එක්ක තිබුන තරහව දරපිටින් යැව්වා ....

කොලුවෝ.......

ලොකු මැනිකෙ.....

මං කෙලින් උනා....එකම දිගට හුස්මක් වත් නොගෙන මං මගෙ කරගැට ඇවිදින් පදම් වෙලා ...පදම් වෙලා ඇට්ටර වෙලා  ගියපු අත් වලින් අර දර කොටන් පලාගන  පලාගන  ගිහින් අවසානෙදි ආපිට කෙලින් උනේ ලොකු මැනිකෙගෙ කටහඩට වෙනකොට මෙච්චර වෙලාම ඔලුව පහත් කරන් උන්න මට ඔලුව උස්සනවා එක්කම නිකන් කලන්තයක් ආවා වගේම මං ඉක්මනට දරමඩුවෙ තිබුන පරාලෙ අල්ලගත්තා ......

උදේට බීපු කහට එක පිටින් තවම....සුද්දි උදේට කන්න අරන් ආවත් මට ඒක කාගන්නවත් බැරි උනා....තතපරයක් ..දෙකක්‍....මං හිතන්නෙ ඊටත් වැඩි වෙන්න ඇති...කොන්ද නවන් ඉදපු මට තුනටියෙ වේදනාවකුත් අල්ලා තිබුනා......

කොල්ලො....කෝ උඹ ...

මේ එනවා මැනිකේ.......

මට තවත් එහෙම ඉන්න බැරි උනා එක පාරක්  කතා කරාපු මැනිකෙ අනිත් පාර ආයම කෑ ගහනකොට මෙච්චර වෙලාම ඔලුව පහත් කරන් පරාලෙ අල්ලන් උන්න මං කුසිය දිහාවට එන්න හදනකොට මං බලාගන ඉන්දර් හාමු අත් දෙකත් පිටිපස්සට බැදගන කුරුම්බා ගහ දිහා බල බල ගහ වටේ යනවා

තියන මගුල් මදිවට මේ "නාකියට" කුරුම්බෙකුත් බොන්ඩ ඕනා කිව්වොත් කෙක්කත් නැති එකේ මට ගසුත් නගින්ඩ වෙයිද මන්දා.......

අත් දෙක පිටිපස්සට බැදන් මදිවට ඇදන් උන්න සරමෙ කොනකුත් අල්ලන් උන්න ඉන්දර් හාමුගෙ සුදුම සුදුපාට කකුල් වල සුදු පාට අර කලුම කලු සරම අස්සෙන් ඕනාවටත් වඩා කැපිලා පේනකොට අවුරුදු දහ නවයක්  වත් නොවුන මගෙ කකුල් වල පාට දිහා මට ඉබේටම බැලුනා.....ඒ මනුස්සයට වයස හතලිහ පැනලා කියන්නත් බෑ.....ඒත් ඒ කකුල් දෙකයි මගෙ කකුල් දෙකයි එක ළඟ තිබ්බොත්...මං දන්නවා..ඉන්දර් හාමුගෙ කකුල් මගෙ කකුල් වලට වඩා හරි සිනිදු ඇති....

සිනිදු ඇති නෙවෙ....ඒක එහෙමයි.....ඒ කකුල් පුදුම තරම් සිනිදුයි ........මම මගෙ මේ ගොරෝසු අත් දෙකෙන් ඔය කකුල් කොයි තරම් නම් අතගාලා ඇතිද ...තවලා ඇතිද......ඉන්දර් හාමු කියන්නෙ රත්තරන් හැන්දක් කටේ ගහන් ඉපදුන මනුස්සයෙක්......ඉපදුන දා ඉදම්ම සැප විදින මනුස්සයෙක්...

අඩුවකට තියෙන්නෙ මොකක් හරි හේතුවක් හන්දා පමාවෙච්චකසාදෙ විතරයි ඒත්..හතලිහ පැන්නුවත්.....ඒ මූනෙ නපුරු පාට ඇරුනම වයස පාටක් කවදාවත් එලියට පෙඋන් නෑ......තියන අපල ඉවර උන ගමන්..ඔය අල්ලන ඉහේ රුදාව නිට්ටාවටම හොද උන ගමන්  ලොකු මැනිකෙ හොද වලව්වකින්  කුමාරි හාමිකෙනෙක් වඩම්මන් ඒවි........ඉන්දර් හාමුට ඉතින් මොනවයින් කියලා අඩුවක්ද......

එහෙම බැලුවම .....අර කතාව කොයි තරම් නම් ඇත්තද.......සමහර ජීවිත පොලවට පස්වෙන්නෙ සැප කියන්නෙ මොකක්ද කියලා කවදාවත් නොදැන.....මේ ඇසල කියන්නෙත්....එ කතාව සහසුද්දෙම්ම විදින එකෙක්........මං හිතන්නෙ නෑ......මම නැගිට්ටෙ නැත්තන්....මැරෙන මොහොතේ වත් මට සැප කියන වචනේ තේරුම අදුනගන්න පුලුවන් වේවි කියලා ........

ලොකු මැනිකෙ.....

ආ උඹ ආවද.....

එහෙමයි මැනිකෙ....

උඹ උදේට මොනවත් කාලද....?

................

මං බිම බලාගත්තා....උදේට කන්නෙ කොහොමද.....

ආ කොල්ලො...උඹ උදේට කාලද...

නෑ....මැනිකෙ.....

මං මිමිනුවා......මට බඩගින්දර උහුලන්න බැරිම තැන මං නෑ මිනිකෙ කියලා හිමීට මුමුනනකොට මැනිකෙ පොල්කටු හැන්ද අතට ගත්තා ....

ගනින් අතනින් පිගානක්....

මැනිකෙ මට පිගානක් ගනින් කියනකොට මම රාක්කෙ කෙරවල මුල්ලක හැංගිල වගේ තිබුන....නෑ..හංගලා වගේ තිබුන බෙලෙක් පිගාන අතට ගත්තා........ලා.කහපාට බෙලෙක් පිගාන.....කහපාට මල් රටාව දැන් හොයන්නත් නෑ...සමහර විට මේ පිගාන ඉන්දර් හාමුටත් වඩා වයස ඇති......

කෝ අල්ලපන්...අපරාදෙ මේ හීල් බත්  ටික......

මං පිගාන අත් දෙකෙම්ම අල්ලන් උන්නා...අපරාදෙ මේ හීල් බත් ටික කිව්වත්..ලෝභ කම බෙදනවෙලාවෙ අනිත් මිනිස්ස්සුන්ට බෙදලා දෙන්න ලෝභ කමක් ඉතිරි නොකර ඔක්කොම තමන්ගෙ මල්ලට හලාගත්තු ඉරුගල්බන්ඩාර මහ කුමාරි හාමි පොල් කටු හැන්දෙන් මැටි මුට්ටියෙ අඩිය සූරනකොට මගෙ දත කටත් එක්ක පූට්ටු වෙලා ගියා......

මට ඊයෙ රෑට ඉතිරි වෙච්ච  බතේ දංකුඩ ගිල්ලවන්න හදවනවා...අර එහෙම්පිටිම්ම උනු බත් මුට්ටියක්
අර ලිපේ තියනවා...ඒ ගෑනිට මේක වොසි  කරන්නත්  තියන ලෝභ කම....

මම  පොල් කටු හැන්ද මුට්ටියෙ අඩිය සූරවන දත් හිරි වට්ටන් යන සද්දෙත් එක්ක මීක් නොගා බෙලෙක් පිගාන අල්ලන් ඔහේ බලන් උන්නා...දෙන දෙයක් ඇරුනම ඉල්ලලා කන්න කොහොමත් කැප නැති අපි දෙන හීල් බත හරි  ගිල්ලෙ එපාය කියලා කිව්වොතින් මහ මැනිකෙ උරන වෙලා අපිට යන එන මං නැති වෙන හින්දා...නෑයො කියලා ජාතියක් උන්නත්...උන්ට වඩා සිය දහස් ගුනයක් වේයො හොද වෙනකොට මොන දුක හරි විදගන අපි ඉරුගල්බන්ඩාර වලව්වට කැඹිරුවා

අම්මා......

මාව ගැස්සිලා ගියා......ඉන්දර්හාමු.....මෙච්චර වෙලාම කුරුම්බා ගහ යට කැරකි කැරකි එහා මෙහා සමයන් උන ඉන්දර් හාමු...මේකා මොල කරනවද මේ කුසියෙ....කාමරේ අසකරපන් කියලා මතක් කරලා යන්න ආවද දන්නෙ නෑ....

.එක පාරක් ඒ නපුරු මුන දිහා බලපු මං අනිත් පාර යටහත් පහත් විදිහට මගෙ දංකුඩ බත් පිගාන දිහා බලනකොට මං බලාගන හාමුවා කවදාවත් නැතුව උයන කුසියෙ මායන් වෙනවා....

.ඇයි පුතා...බඩගිනිද...

ම්න්...

මං අහක බලාගත්තා ....මේ මිනිහට වයසට යන්ඩ යන්ඩ  ගම් හතකට කන්ඩ බඩගිනි  එනවා....මේ දැන් ටිකකට කලියෙනුත් කොලකැද වීදුරුවක් බිව්වා....බඩ දැන් අච්චාරුවක් වෙනවා....අච්චාරුවක් උනත් මොකද.....හාමුලාට නම්....ඒවටත් සැපපහසු කම් තියනවනේ.....එලියට යන්නවා කියලද නෑනෙ... ඒවටත් ගේ ඇතුලෙ.......මේ යන්නෙ දෙදාස් විසිගනන් උනත්   ඉරුගල්බන්ඩාර වලව්වෙ බාගයක් නවසිය ගනන් තාලෙට තියනකොට ඉතිරි බාගෙ විසිවෙනි ශතවර්ශෙ තාලෙට තිබුනා....බඩ බුරුල් උනත් හාමුලාට අතේ දුර....අපේ නම්...වත්තෙ කෙරවලේ..වතුරත් නෑ....යකඩ බාල්දි දෙකක්ම උස්සන් යන්න ඕනෙ.......

.මගෙ මූනමැලවිලා ගියා....   වත්ත කෙරවල කියනකොට මතක් උනේ.....සුද්දියට හදිස්සියක් වත් උනෝතින්...ඒකි කොහොමද මේ කාලෙ එලි බහින්නෙ..... ඒකිට යන්තම් එකොලහ උනා විතරයි මොන මගුලට මෙච්චර ඉක්මනට  කොටහලු උනාද මන්දා........

අර මිරිසට හදාපු මාලුත් තියෙන්නෙ පුතා.....

ම්න්.....

උම්මලකඩ දාලා කොටාපු සම්බෝලත් තියනවා...

ම්න්....

හුරුල්ලො මාලු....අලුත් උන්.......පාන්දර ජාමෙලු කොළඹින් අරන් ඇවිත් තියෙන්නෙ....

ම්න්.....

ඉදා මේ සම්බෝල....ආන් අරහෙට ගිහින් කාලා මට පොල් ගෙඩි දෙක තුනක් ලෙලි ගහලා දියන්....

මට හුස්මක් පිට උනා....මේ ගෑනි මට සම්බෝල එක්ක  දන්කුඩ  ගිල්ලවන්නෙ පොල් ලෙලි ගස්සවන්න....දර පලන්නයි මහ හාමුවට නාන්න වතුර අදින්නයි...පොල් ලෙලි ගහන්නයි......අනිත් එකාගෙ කාමරෙ සුද්ද කරන්නයි....දෙවියනෙ මුන් හරක්ට වගේ වැඩ ගන්නවා....

අ..මේ මොකද මේ......

කන්ඩ බෑ...

කන්ඩ බෑ කියන්නෙ...එක බත් කටක් අනලා නෑනෙ...

සැරයක් කිව්වනෙ කන්ඩ බෑ කියලා ... 

මම බෙල්ල හරවාල බැලුවා....පොල් සම්බෝලෙ තිබුන උම්මලකඩ කෑලි ඇහිද ඇහිද දන්කුඩ ගිල  ගිල හිරමනෙ උඩ වකුටුවෙලා වගේ ඉදන් උන්න මං බෙල්ල ඉස්සුවා...උනුබත් කොතක් ගහගන ඒකට පුලුවන් තරම් හොදි මාලු පිනි ඔබා ගත්තු හාමුවට ආයම කන්න පිරිය නැති වෙලා...කන්න පුලුවන්ද ඔය බඩට අල්ලයිද......   

දැන් උඹලට බඩ ගිනී කිව්වෙ මෙ දැන් විනාඩි පහකට කලින් නේද පුතා..

විනාඩි පහකට කලින් උන්න මමයි දැන් ඉන්න මමයි දෙන්නෙක්...කන්ඩබෑ.. 

එක්කොමන් උඹට........

බ්..බේ..බි.....හ්..හා...මු....

කනවා මේක විසිකරන එක පව්....

මට හිරමනේ උඩින් නැගිට්ටුනා...අතේ තිබුන දන්කුඩේ ඇදලා අරන් පැත්තකට දාපු බේබි හාමු අර උනුම උනු බත් බෙදාපු වීදුරු පිගාන මගෙ අතට තද කරලා කනවා මේක කියනකොට මහ මැනිකෙට කියන්න ගියපු දේවල් මග හිර උනා

බේබි..හාමු...මට අරක හොදයි....

ඒක දාපන් බල්ලට....ඒක දාලා මේක කාපන්...කන්ඩ බැරි නම් ගහපිය  ඕක පොලවෙ....

මං මැනිකෙ දිහා බැලුවා....මැනිකෙ සුදු මැලිවෙලා...බේබි හාමුට ආයම අර ලෙඩේ හැදීගන එනවා වත්දෝ........අහංකාර කම උනත් හොදට ඉන්න හාමුට එක පාරම වෙස් පෙරලෙනවා එවෙලෙට අම්මා අප්පත් ගානක් නෑ.......මං මැනිකෙ දිහා බලනකොට මැනිකෙ මට ඇස්වලින් බත් එක ගනින් කියලා කියපු හන්දා පොලවෙ ගහපිය කියාපු බත් එක මං අත් දෙකෙම්ම අරගත්තා ...

ම්න්..කන්නම්...හාමු....මං....කන්නම්........

බේබි හාමු පරල උනොත් නවතින්නෙ ගම් හතක් හෙලවිලා තොවිලයක් නටලා කියලා දන්න නිසාමන් බේබි හාමු බලන් ඉන්නකොටම ඒ පිගානෙම්ම බත් කටක් අනාගන කනකොට ඇස් කොන්වලින් මා දිහා බලාගන රවාගන උන්න ඉන්දර් හාමු මොකුත් නොවුන එකා වගේ යනවත් එක්කම මං දන්කුඩ තිබුන පිගානම අතට අරන් අර බත් එක පැත්තකින් තිබ්බා...

ඇයි මොකද උඹටත් දැන් මූනම නැගලද 

නෑ..මැනිකෙ....මේ බත් එක...මං සුද්දිට අරන් යන්නද

කාපන් ඕක...ඒකිට පිලී ජාති හොද නෑ.....අල්ලපන් ඔය පිගාන...මාරු කරගනින් ඕකට

මං ඔලුව වැනුවා.....සුද්දිට මාලු ජාති එපාය කිව්වා පිලී කියලා ....දන්කුඩ බත් එක හත් පනක් තියන වලවේ පූස් තඩියා උන කිරිහාමිට වෙන් වෙනකොට මොනදේ උනත් බේබි හාමුට පින් අයිති වෙන්න මං දන්කුඩ වෙනුවට  උනු උනු සුදු බත් එක්ක අලුත් හුරුල්ලො මාලු අනපු බත් කටක් කටේ ඔබාගන්නකොට මං අහම්බෙන් වගේ දොර රෙද්දට යටින් සුදු කකුල් දෙකක් දැක්කා....

ඉන්දර් හාමු.......දොර රෙද්දෙන් එපිට.....මොනව කරනවද......

දඩස්.......දඩ....ස්

මගෙ අතේ තිබුන පොරව ආපහු උඩ පහලට ගියා....අලුත් බත් කන්න දුන්න නිසාද කොහෙද මැනිකෙ මං ලව්වා සතියකට ඇති වෙන්න පොල් ලෙලි ගැස්සුවා මදිවට මං ලව්වා පොල් ගෙඩි දෙකකුත් ගාව ගත්තා ....

අනේ මගෙ අත් රිදෙනවා.....මහපොලව එක්ක...ගස් ගල් එක්ක.....මීහරක් නැති දාට තනියම නගුල ඇදලා ඇදලම ඇගපත ගල් ගැහිලා ගියාට මං තවමත් අනිත් ළමයි වගේම දුව පනින්න ආස ඉස්කෝලේ යන කොල්ලෙක් වෙනකොට මගෙ අත් කැක්කුම් කරන්න ගත්තා.......පලනව පලනවා ඉවරයක් නැති දර කොටනුත් මගෙන් පලි ගන්න හයිය වෙනකොට හෝරාවක් යන්නත් කලින් ඉන්දර් හාමුට කන්න බෑ කියලා මං කෑව උනු බත් එක බලාගන  ඉන්නකොට දිරවලා  ගියා....

දඩස් .....

නලල පුරාවටම දාඩිය බින්දු එක දෙක එක දෙක ආය ආයම මතු වෙනකොට  ඇරලා තිබුන ජනේලෙන් මං බලාගන ඉන්දර් හාමු පොතක් අතේ තියන් කාමරේ පුරාවටම ඇවිදිනවා.......මේ මනුස්සයා පේරාදෙණි කැම්පස් එකේ ලෙක්චර් කෙනෙක්ලුනෙ.....ඇත්තටම ඉන්දර් හාමුට එක පාරම මොකද උනේ..මං දන්න දා ඉදන් දන්නෙ එකම දෙයයි....ඉන්දර් හාමු අසනීපයි.......නැත්තන් මූනම තද උන එකා වගේ යකා නගිනවා...........මනමාලියො දාහක්.විතර බලන්න යන්න ඇති  ඒත්...මේ වෙනකන් නෙවෙ එක කසාදයක් වත් කරගන්න පුලුවන් උනේ.......

සුද්දි කියනවා වගේ..මේ මනුස්සයා තරන් මැනිකෙලාගෙන් කේක් කාලනැතිව ඇතිලු මෙකෙක් වත්.....ඇයී ඉතින් ඔය මනමාලියො බලන්න යන තැන්වලින් කේක්මනෙ ගිල්ලන්නෙ.......

මං ඇස් කොන් වලින් නපුරු බේබි හාමු දිහා බලලා ආයමත් දරපලන්න ගත්තා .....බලන් ඉන්නාවා දැක්කොත් ඒක ඊටත් හපන්.....

දඩස්.......

අවාරෙක මෙහෙ ඇවිත්...............
මගෙ හද කියවන්න.........

මූනට දාපු දාඩිය බින්දු දෙක තුන මං ඇදන් උන්න යට බැනියමෙන්ම පිහදගත්තා .....මෙච්චර වෙලාම පාලුවට ගිහින් තිබුන ඉරුගල්බන්ඩාර වලව්වෙන් සින්දුවක සද්දයක් ඇහෙනකොට මං එහෙම්ම ඒ සද්දෙ එන දිහාවට ඔලුව උස්සලා බැලුවා....

ඉන්දර් හාමු.......

නපුරුම නපුරු හාමුගෙ කාමරෙන්.......

ඒ සින්දුව ඇහෙන්නෙ මූනෙ හිනාව කොහොමටත් නැති ඉන්දර් හාමුගෙන් මදිවට මෙච්චර වෙලාම අතේ තිබුන පොත කියවනව  වෙනුවට හාමු කෙරුවෙ මං දිහා  කන්න වගේ බලන් උන්න එක වෙනකොට අවංකවම මට බය හිතුනා........

මම නොදැක්ක ගානට අහක බැලුවා.....ඇහෙන නෑහෙන ගානට අහන් ඉන්න ආස හිතෙන සින්දුව ඔහේ යනකොට  දර ගොඩෙන් බාගයක්ම පලාපු මං මහන්සි අරින ගමන් ඒ සින්දුවට කන් දුන්නා වගේම ආයමත් සැරයක් බයෙන් උනත් ඉන්දර් හාමුගෙ කාමරේ දිහා බැලුව......

වෙනසක් නෑ...හාමු බලන් ඉන්නෙ තවමත් ගෙ දිහා වෙනකොට මෙච්චර වෙලාම නොතිබුන හුලගක් හරි හදිස්සියෙන් ඇවිත් ළඟ තියන ගස් කොලන් හොලවන් ගියා මදිවට හරි ලස්සනට පිපිලා තිබුන කහපාටින් දිලිසන ඇහැල මල් රොත්තකුත් මගෙ ඔලුව උඩට හලාගන යනකොට ඉන්දර් හාමු අර සින්දුව තවත් චූට්ටක් වැඩි කෙරුවා.......

අවාරෙක මෙහෙ ඇවිත්
මගෙ හද කියවන්න.....
ලියාලමි ගැඹුරු තැන්
ආදරෙයි උතුරන්න....  .

හමා...යන සුළග කැන්...
මගෙ නම විමසන්න....
තබා ගිය පනිවුඩෙන්
ආදරෙද පවසන්න.......

කොල්ලො........

මේ එනවා මැනිකේ......

යන්තම් ඉවරයි....නැහීගන...මැරිගන දර පැලිල්ල ඉවරයි..ඒත්.....මට ඒ කරලත් හුස්මක් ගන්න බැරි උනා...ආයමත් ලොකු මැනිකෙ කතා කෙරුවා .........මෙච්චර වෙලාම ඇහි ඇහි තිබුන සින්දු නැවතුනා......බන්ඩාර හාමු පේන්න නැති උනා... .  එකපාරක් අඩගහලා අනිත් පාර නම් කෑ ගහන බව දන්න මන් පොරව තිබ්බ තැනින් තියලා පෝර උර තුන හතරක්  කට මට්ටන් වෙන්න පලාපු දර කැලි වලින් දර ගෝනියකුත් කරේ තියාගන කුසිය පැත්තට ගියා..මොකද මං නොදැම් මොත් මගෙ අම්මටයි මේ බර අදින්න වෙන්නෙ.....

ලොකු මැනිකෙ....

මෙච්චරද උඹ පැලුවෙ....

නැ මැනිකෙ  ..අර ඉතුරු ගෝනි ටික මඩුව අස්සෙ .....

ම්ම්ම්.....එහෙමද....එහෙනම් ගනින්කො ඔතනින් පන් මල්ල....

මං පැත්තක එල්ලා තිබුන පන් මල්ල ගත්තා ...ඒ පාර කඩේ යන්නද කොහෙද .......මෙහෙම යන්න බෑනෙ......ගෙදර ගිහින් බැනියමක් දාගන යන්න වෙන්නෙ.... 

මේකට ගනින්...සීනි කිලෝ එකෙ පැකට් එකයි....අරලිය එක ගනින්....

හාල් පහෙ පැකට් එකයි...
ලුනු එකයි...
තව ගෙනෙන් ....ජැක් මැකරල් සැමන් ටින් එකක්.....

හොදමයි මැනිකෙ ...

ආ....තව ඕකෙන් ඉතුරු උනෝතින්....සබන් කැටයක් ගනින්.....ඒක උඹලගෙ සුද්දිට දීපන්...

මං.ඔලුව වැනුවා..මොන සත්තව කරුනාවල් පහල උනාද දන්නෙ නෑ...මෙච්චරත් වැඩ කරලා අවසානෙදි බඩු අදින බුරුවෙකුට  වගෙ උස්සන් එන්න තව බඩු ගොඩකුත් කියපු මැනිකෙගෙන් සල්ලි ඉල්ලගත්තු මං සල්ලිත් අතෙ උන්ඩි කරන් ගෙදර දිව්වා...

..අම්මා උයනවා.....

පරන පාට  වෙච්ච  ගෙදර කුසියෙන් දුම් වලාවක් යනකොට වලව්වෙත් වැඩ කරලා කරලා ආව අම්මා  දුම් කාගන ඇස් පොට්ට කරගන ලිපට පිඹින  අම්මව දැකපු මහෙ පපුව හෝස් ගාලා ගියා.....

අම්මා........

උඹ ආවද.......

අම්මගෙ ඇස් දෙක රතු වෙලා...

අනේ පුතේ මේ ලිපට පිඹපන්..මගෙ ඇස් දෙක පොට්ට වෙන්ඩ එන්නෙ......

මං අතේ තිබුන පන් මල්ල පැත්තක දාලා අම්මා වරූවක් තිස්සෙ පිඹ පිඹ අවුලගන්න හදන ලිපට පිඹලා පිඹලා අවසානෙදි  ලිප අවුලගන්නකොට මං බලාගන අම්මා අම්මගෙ කෙට්ටු අත් වලින් කොස් ගෙඩියක් එක්ක ඔට්ටු වෙනවා....

අද දවල්ට කොස්ද කොහෙද .........

උඹ මේ කොහෙ යන ගමන්ද....

ලොකු මැනිකෙ කඩේට යන්ඩයි කිව්වෙ.....

.............

අතට ගත්තු පොල්තෙල් බෝතලෙන් අහුරක් අල්ලට හලාගන්න ගියපු අම්මා මම කඩේට යන්න ආවෙ බව කියනකොට අතේ තිබුන පොල්තෙල් බෝතලේ පැත්තක තියලා මා දිහා බැලුවා......

..අම්මගෙ ඇස් දෙක යට ගිහින් මදිවට කම්මුලුත් යට ගැහිලා...අනේ මගෙ අම්මා වයසට වඩා වයසට ගිහින් තිබුනා.....ඉන්දර් හාමුටත් වඩා අම්මා බාලද මන්දා.....ඒත්  .  ඒ මිනිස්සු සැප විදිනකොට අපි නර දුක් වින්දා.....අම්මගෙ හිතුවක්කාර කම් වලට පවුලෙන් පිටට දැම්ම විතරයි එදයින් පස්සෙ අම්මගෙ පව්ලෙ උන් හැමෝම අම්මා මැරුන එකෙක් කෙරුවලු......

කනේ තිබුන කරපිංචා නැටි දෙක ....අකලෙට  සුදු උන කෙස් ගස් මේ ඔක්කොම එක්ක බලනකොට අනේ මගෙ අම්මා පරඩැලක් වෙලා ගිහින් උන්නා.......

ඉදා....උඹට මොකක්ද පොතක් ඉවරයි කිව්වානේද.......බලපන්...ඔය ඇතිද කියලා ....

අම්..මා...

මහෙ පපුවත් එක්ක රිදුනා......කඩේ යනවා කිව්වම මා දිහා බලන් උන්න අම්මා අවසානෙදි හැට්ටෙ අස්සට අත දාලා හතරට නවාපු සීයෙ කොල දෙකක් අතට තියලා පොතක් ගැන කියනකොට අම්මා නොදන්නවා උනාට මං මේ වෙනකොට ඉස්කෝලේ ගමනට සදහටම තිත තියලා ඉවර උනා.....

එපා.....ඔයා තියා ගන්න.....

ගනින් මේක........හෙට උඹට බාට දෙකක් අරන් දෙන්නම්..........උඹට පව්....හැතැම්ම ගානක් පයින් ගාටනවා....බස් එකට යන සල්ලි ඉතුරු කරගන්න.......අර මහ එකාට ගානක් වත් නෑ....ලමයිට ඇදගන්න වස්තරයක් නෑ....මන්...උඹට හෙට බාට දෙකක් ගෙනත් දෙන්නම්...ඔය කම්බි කෑලි අටවන් කකුල් තුවාල කරන සෙරෙප්පු කබල විසි කරපන් පුතේ....

මගෙ ඇස්වලට කදුලු පිරුනා .....දාලා දාලම දිය වෙලා තිබුන කැඩුන පටි තඹ කම්බියෙන් මූට්ටු කරන් උන්න සෙරෙප්පුදෙක විසි කරප්ව්න් කියාපු අම්මගෙ කකුල් වලට සෙරෙප්පු නැතුව ගිහින් ගිහින්ම කකුල් පැලිලා ගල් තැලුම් ඇවිදින් තිබුනා ...එහෙම වෙලත් අම්ම මට බාට දෙකක් අරන් දෙන්න අහනකොට මගෙ පපුව ගැලවෙන්න ආවා...

අප්පච්චි එක්ක ආව දා ඉදන් සතුටකට කියලා විදපු එකම දේ සුද්දිවයි මාවයි ලැබුන එක විතරක්ම වෙකොට අද වෙනතුරුත් කිසිම සතුටක් නැතත් හිතෙ හයියටම හැම දුකක්ම දරාගන ඉන්නවා....

.ඇත්ත....අම්මා කියන්නෙම තනිකරම සසරක්.....

තුන් ලෝකයම රැකී...
ඈ මහ පිරිත වැනී.....
සසරම අත් නොහරී අම්මා......
ආදර මව්වරුනේ...
මහමායා වරුනේ.....
සුවදයි  මව් සෙනෙහෙ ජීවිතේ....

හිල් බැනියම ගලවලා දාපු මන් අම්මගෙ සල්ලි අම්මටම ගුලි කරලා ආපිට පොල් වත්ත මැදින් කඩේට දිව්වා .

මුදලාලි මාමෙ....මට මේ පාටින් යාරයක් දෙන්නකො....

කකුලට සෙරෙප්පු දෙකක් වත් නැතිවම කඩේට දුවාපු මං කඩේට ගොඩවෙනවත් එක්කම අපේ පන්තියෙ ඉන්න ලස්සනම වගේම පෝසත්ම කෙල්ලව දැක්කා....

විශ්වදිනී.....

කවුරු ඒ නම දැම්මද කියන්න දන්නෙ නෑ...සල්ලි වකාරෙට තියන උන් කොළඹින් ගමට ඇවිදින් තිබුනා......මොන හේතුවටද දන්නෙ නෑ ඒකි රිබන් පටි ගොඩාක් ළඟ තියාගන  රිබන් පටි හොයනාඅ......ඔක්කොමත් හොදයි මේ කෙල්ල ඉන්න තැනම මුදලාලියා අපේ.ණය පොත ගැන කියවාවිද......ඒ මිනිහා මාව දකින්නෙ කොයි වෙලෙද නය පොතේ පිටු ගාන කියවනවා....

මේ ළමයත් ඉන්න තැනම අපේ දුප්පත් කම හෝදන්න ගත්තොත්........

කොල්ලො......උඹ මොකද හැංගෙන්නෙ....

මං හැගෙන්න හැදුව....ලනු අස්සෙ ඉදන් බොරුවට ලනු  බලන්න හැදුවා...කකුලට සෙරෙප්පුත් නැතුව ආවමන් තනිකරම හිගන පැටියෙක් වගෙ වෙනකොට නාකි මුදලාලියා කොල්ලො කියලා කෑගහනකොට රිබන් පටි තෝර තොර උන්න කෙල්ල මගෙ දිහාවට හැරුනා...හැරිලා ඒකි හිනා උනා...

ඇසල......අනෙ ඔයානෙ.....

.................

මන් හිනා උනා...හිනා නොවී බැරි කමට මං  හිනා උනා......

අනෙ ඇසල...මට මෙතනි ලස්සන පාටක් තෝරලා දෙන්නකො.....

තව දුරටත් හන්ගෙන එකේ තේරුමක් නැති බව දන්න මං මුදලාලියා ණය ගැන අහන්න කලින් මැනිකෙගෙ බඩු ගන්න ආවෙ කිව්වෙ ගමම් මිනිහා මැනිකෙ නැතත් කුදු උනා.....

මේ පාට හොදද....

හ්ම්ම්ම්ම්ම්

මේක....

ඒකත් හොදයි...

මේ කහ පාට.....

ඒකි එකෙන් එක එකින් එක පෙන්නවා...සුදු හින්දා එයාට ඕනම පාටක් ලස්සන වෙනකොට මං ඒ හැම පාටම කෙල්ල කොන්ඩෙට තියලා මේ පාට ඒ පාට ගානකොට ඔක්කොටම හොදයි කියනකොට ඒකි හිනා උනා

ඔක්කොටම හොදයිලු......

.............

හෙට ඉන්ග්ලිශ් ඩේ එක......ඔයා හෙට ඉස්කෝලේ එනවද......සතියක්ම ආවෙ නෑ කියලා පන්තිබාර මිස් බැන්නා ඇසලා......

...............

මං හිනා උනා......හෙට ඉන්ග්ලිශ් ඩේ එකලු...එහෙනම් උත්සවයක් ඇති.......කෙල්ල අහනවා මං හෙට ඉස්කෝලේ එනවද කියලා ......හෙට නෙවෙ.....මං ආය් කවදාවත් ඉස්කෝලේ එන්නෙ නෑ කියන්න දිව නැවුනත් සද්ද නොකර ලාවට හිනා උන මං මුදලාලි දුන්න හාල් පහේ උරේ උරහිස උඩතියා ගන්නකොට කෙල්ල මා දිහා බලන් උන්නා....

වලව්වෙ වැඩද ඇසල.....

හ්ම්.....

ඔයා හෙට එන්නෙත් නැද්ද......

බලමු........

මුදලාලි ....මට තව....අර සමන්පිච්ච සබන් කැටේකුත් දෙන්න.....

මං කෙල්ලව මග ඇරලා  සබන් කැටයක් ඉල්ලුවත් ඒකි මගෙ දිහා බලාගන උන්නා

ඇසල....

කියන්න....

දැනුත් ඔයා වලව්වෙ වැඩ කරන ගමන්ද....

ඔව්......

කෙල්ල මා.දිහා බලාගන ඉදලා ඉදල අවසානෙදි පව් කියලා මිමිනුවා වගේම එක පාරම මගෙ ඔලුව දිහාවට අත දික් කරලා මොකක් හරිදෙයක් මගෙ කොන්ඩෙන් ගත්තා ....

පොල් කෙන්දක්........

පොල් ලෙලි ගැහුවද......

ම්ම්ම්ම්ම්ම්ම්ම්........

ඔයා පව් .....

............

අර තව තියනවා ...පොඩ්ඩක් ඉන්න

කෙල්ල මගෙ ඔලුවෙ තිබුන පොල් කෙන්ද පැත්තට දාලා මං පව් කියන ගමන් තවත් තියනවා  කියලා මගෙ ඔලුවට අත තියනවත් එක්කම කඩේ ඉස්සරහින් තනිම කලු කාර් එකක් නැවැත්තුවා ..........

වලව්වෙ කාර් එකක්..

තනිම කලු කාර් එක දකිනවත් එක්කම මං මුදලාලි කිරාපු හැම බඩුවක්ම අතට ගන්නකොට  අර ලමයා මගෙ කොන්ඩෙ තිබුන පොල් කෙදි දෙකක් තුනක් අතට ගන්නවත් එක්කම කාර් එකේ දොර ඇරුනා වගේම ඒ ඇරුන දොර කඩාගන යන තරම් සද්දෙකින් වැහිලා ගියා ......

දෙවියනෙ ඉන්දර් හාමු.........















🌼ආයමත් කොටසකින් එන්නාම්...

🌼සැලා එක්ක එනකන් පයිස්සමින් ඉන්ඩෝම්

🌼ආදරෙයි හැමෝම ගොඩාක් ...

🌼මම ජොබී....

Nedeesha !!

Continue Reading

You'll Also Like

3.2M 151K 62
Start Date>>>> 1.4.2020 End>>>20.5.2020 ကိုယ့်ဘက်က အချစ်တွေပေးခဲ့လည်း ပြန်ရခဲ့တာက နာကျင်မှုတွေတဲ့လား မင်းအမုန်း​တွေကိုထပ်ပြီးမခံစားနိုင်တော့လို့ ငါထ...
209K 23.1K 30
I'm gonna crazy for you ! . . . . . . . Start - 2024 / 04 /29 End - ?
408K 16.4K 46
ကြယ်ကလေးတွေလည်း လင်းလက်နေပါသေးသည်။ လမင်းကြီးလည်း ထိန်ထိန်လင်းနေပါသေးသည်။ ငှက်ကလေးတွေလည်း ပျံဝဲနေပါသေးသည်။ လေကလေးတွေလည်း တိုက်နေဆဲသာ။ ချစ်သေးရဲ့လားတဲ့...
1.9M 91.4K 57
အမိန္႔စည္း+သခြပ္႐ိုး ( ႐ွင္မႈန္းနံ႔သာ) အမိန့်စည်း+သခွပ်ရိုး ( ရှင်မှုန်းနံ့သာ) ခြင့္ျပဳခ်က္မရပဲ ငါ့အနားကထြက္ခြာခြင့္မျပဳနိင္ဘူး အသက္နဲ႔ခႏၶာတည္ျမဲေနသ...