උදේ ඇහැරුනාට මට ඇඟට කිසිම පණක් තිබුනෙ නෑ. මාර අමාරුයි.
දහපාලොස් දෙනෙක් එකතු වෙලා ගහලා වගේ.
අම්මේ,
ඔයා හිටියා නම් මගේ ලඟ...
මෙහේ හොඳයි තමයි ඒත් මං කොහොමද කැමති දෙයක්වත් ඉල්ලන්නෙ?
කොහොමද අනේ මට රිදෙනවා කියලා අඬන්නෙ?
කවුද මගේ ඔළුව උකුල උඩ තියාගෙන අතගාන්නෙ?
අනේ, අම්මෙ, එන්නකො අම්මෙ මගේ ලඟට...
හිඟන්නෙක් වගේ තවත් මෙහෙම ඉන්න බෑ අම්මෙ..!
මං ඇඬුවා.
කාටවත් පේන්න නෙමෙයි.
හිතින්.
දරාගන්න බෑ මට තවත්.
තේජාන් මගේ නෙමෙයි.
එයාට කෙල්ලෙක් ඉන්නවා.
රෑ හීනෙන් එයාට තුරුල් වෙන්න විතරයි අම්මෙ මට පුළුවන්.
ඒත් එහෙම මුළු රෑ පුරාම එයා එක්ක ඉඳලා ඇහැරුනාම දැනෙන්නෙ එසේ මෙසේ වේදනාවක් නෙමෙයි.
ජිවිතේ වටිනම, නැතුවම බැරි කෑල්ලක් හිත පුරා විඳින්න දීලා එකපාරම ගලවලා දාලා වගේ.
මට රිදෙනවා අම්මෙ, ගොඩාක් රිදෙනවා!!!
තවත් මට ඉන්න බෑ....
ඇඟේ වේදනාව නෙමෙයි මේ හිතේ වේදනාව මට ඉවසගන්න බෑ දෙයියනේ,
ඔව්, මං අම්මට කතාකරලා එන්න කියනවා.
දැන් මාස එකහමාරකටත් ලඟයි.
අම්මාට ගොඩක් කල් ආච්චි එක්ක ඉන්න ලැබුනනෙ.
අම්මට එන්නම බැරි නම් මං යනවා අනුරාධපුරේ.
එහෙන් රස්සාවක් හොයාගන්න පුළුවන්නෙ.
මට තවත් බෑ!!!
අම්මට කෝල් එකක් ගන්න ෆෝන් එක හෙව්වා මං, ඒත් හොයාගන්න වුනේ නෑ.
ඒත් එක්කම කාමරේට ආවෙ ඇන්ටි.
මාව දැක්කම ඇන්ටිට සතුටුයි වගේ.
"අම්මේ, මගෙ කොල්ලා යාන්තම් නැගිටලා. ඊයෙ ආපු වෙලාවෙ ඉඳලම නිදිනෙ. ඉන්න මං මූණ හෝදගන්න වතුර ටිකක් ගේන්නම්කො"
"එපා ඇන්ටි. මං හෙමීට බාතෲම් යන්නම්."
"එපා, එපා පුතා,
පොඩ්ඩක් ඔහොම ඉන්න.
තේජාන්.... තේජාන්.... පුතා.....
ඉක්මනට එන්න....
මල්ලිට බාතෲම් යන්න ඕනලු...!"
බුදු අම්මෝ, මුළු මීගොඩම දන්නවැති මං ටොයිලට යනවා කියලා. ඇන්ටිගෙ කටත් ඉතින් අනේ මන්දා.
ලැජ්ජයිත් එක්ක.
"අනේ ඇන්ටි, අයියට කරදර කරන්න ඕන නෑ. මට යන්න පුළුවන්.
දැන් සනීපයි."
"අපෝ අපෝ පුතා,
අන්තිමේ අපේ කොල්ලාගෙන් අපි දෙන්නම බැනුම් අහන වැඩක් ඕක. ඊයෙත් මං බැනුම් ඇහුවා පුතාට ඇඟේ අමාරු පිටින් වැඩට යන්න දුන්නා කියලා.
කොල්ලා උඹට හරි ආදරෙයි පුතේ"
ඇන්ටිගෙත් මල කෝලං ඉතින්.
අනික තේජාන්ට මොකද මං වැඩට ගියත් නැතත්?
එයාගෙ අර නල්ල මලේ නංගි පොඩ්ඩ ගැන බලාගත්තා නම් මදෑ.
"ආ මේ නැගිටලා තියෙන්නෙ,
එනවා යන්න"
ඔන්න ආවා ගොරහැඩ්ඩා.
කටහඬ නිකං බල්ලො කාපු රිරීයකාගෙ වගේ.
මං ගස්සලා බලාගත්තා අහක.
හොඳින් කතා කරන්නවත් බෑ.
හහ්....
"එනවා මනුස්සයෝ යන්න,
මට වෙන නෑ කියලා හිතුවද මෙතන ටැග් ගැහි ගැහි ඉන්න"
ඉතින් වැඩ තියෙනවා නම් කරගන්නෙකනෙ ඇත්තෙ. මොකෝ මං එපා කිව්වයෑ.
වැඩිපුරම තියෙන්නෙ ගෑණු නලවන්න මගෙ හිතේ!
මං ගනන් නොගෙනම හිටියා.
කියවලා කියවලා එපා වුනාම යන්නැතෑ.
ඒත් අයියෝ,
මට කොහොමද අමතකුනේ මේ රිරීයකාගෙත් අප්පොච්චා කියලා. ආයෙම ඉතින් යෝධයගෙ පැටියා වගේ අරූගෙ අතේ හරහට එල්ලිලා යන්න වුනා.
"දඟලන්නැතුව හිටපිය ප#යො,
තොට බලහත්කාරකම් කරන්න ගෙනියන්නෑ"
හහ්,
මං දන්නවා ඉතින්. අපේ පස්සවල් රවුම් මදි ඇතිනෙ. හොඳ සද්දන්ත ඒවා තියෙවනවැතිනෙ
බාතෲම් එක ඇතුලෙන් මාව තියලත් මේකා යන්නෙ නැතුව බලාගෙන ඉන්නවා. මොන මගුලක්ද?
දැන් කොහොමද දෙයියනේ, චූ පාරක්වත් අල්ලන්නෙ?
"හරි අයියෙ, තැන්ක්‍යූ"
"හ්ම්.."
මේකා මොකෝ මේ අප්සෙට් එකේ වගේ. මූණත් අමුතුයි. කටහඬත් වෙනස්.
බැරි වෙලාවත් අඬලාවත්ද?
ඒත් ඉතින් මේ ගල්කටස් නම් මිනිහෙක් මලත් අඬන ජාතියෙ නෙමේ වගේ පෙනුමට නම්.
බැරිවෙලාවත් මට උණ නිසා...??
හිමාන්!!!! තෝ ඔලමොට්ටලයෙක් කියන්නෙ කට කහනවට නෙමේ අයිසෙ.
තොගෙ මොලේ තියෙන්නෙ ###
ඒ මිනිහට පාංද යකෝ තොට උණ කියලා.
අනික මේ ලංකාවෙ උණ හැදුනු එකම එකා තෝද?
ගහගනින් අර බාල්දිය අරන් ඔළුවට හතර පහක් මොලේ පෑදෙන්න!
හ්ම්... ඒත් මේ යකා එලියට යන්නෑනෙ අප්පා!
"අයියෙ, මේ ඔයාගෙ වැඩ ටික කරගෙන්න එන්නකො එහෙනම්,
මං එලියෙන් ඉන්නම්"
"තේ හිතාගෙන ඉන්නෙ මාත් තෝ වගේ පු#ට එලිය වැටෙනකල් ඇඳ බදාගෙන ඉන්නවා කියලද?
ඇට රිලවා වගේ බලානොයිද කරගනින් උඹේ මගුල"
හුහ්!
ඇට රිලවා???
යකෝ මෙච්චර මේ ලස්සනට ඉන්න කොල්ලටද මූ මෙහෙම කිව්වෙ?
"ගල් වඳුරො,
එලියට යනවා එහෙනම්, අනුන්ගෙ ඇඟවල් දිහා බලා නොයිඳ!"
"කාටද හු#තො ගල් වඳුරා කීව්වෙ?
තොපිව උස්සගෙ ඇවිත්, හුරතල් කරනවට මේවා හොඳ පාඩම් අපිටත්!
ඇයි තොගෙ ඕකෙ ඇයි මැණික් ගල් ඔබ්බලද?
උඹ වැඩට ගියාමත් ගෑණි වගේ දොරවහගෙනද කරන්නෙ?
නැත්තම් තොගේ එක අර දෙකටම නැති ජාතියෙ එකක්ද හංගගන්නෙ?"
යකෝ, මුගේ කටට තමයි දාන්න ඕනෙ ###
මොකද්ද මට කියපු අසමජ්ජාති කතාව!
"නෑ මගේ එක රත්තරං.
තමුසෙට ඒක දැකලා ඉරිසියා හිතිලා අයිතිවාසිකම් කියන්න ආවොත්?
ඒ නිසා යනවා ඕයි එලියට!"
"ආ.... දිලිසෙනවද දන්නෑ නේ?
ගනිංකො බලන්න එහෙනම් එලියට!
ගොඩාක් පෙනුමට තියෙනවා නම් ඉතින් අයිතිවාසිකම් කියන්න බැරි කමකුත් නෑ"
ඊයා!
මහ වනචරයෙක් මේකා නම්.
දාපු හිනාවෙ කැත විතරක්!
"අයියෙ මට බො#කුත් සෙට් වෙලා තියෙන්නෙ හොඳේ.
උණ හැදුනම පලාතම ගඳගහන්න තමයි යන්නෙ හැබැයි.
අවුලක් නැත්තම් හිටපං.
මං දාන්නම්.
හැබැයි ඉතින් ඔය වල්කතා කියාගෙන ආවොත්, තොගෙ කට ඇරවලා කටට තමයි දාන්නෙ."
හහ් හහ් හා.....
අයියෝ!!!!
මේක නම් පෙන්න පෙන්න හිනාවෙන්න ඕන එකක්. කරුමෙට හූනෙක් ඇරෙන්න වෙන මොකෙක්වත් නෑනෙ දෙයියනේ.
ඒක කියද්දි මහසෝනගෙ මූණ!
අම්මේ, මට බැරියෝ!
ඇඟත් රිදෙනවා හිනා වෙලාම.
කොහොමද කොල්ලගෙ වැඩ ඉතින්. එලවලා දැම්මා ආයි නෑ, මගේ පැත්ත බලාගෙන බත් කන එකක්වත් නෑ ආයෙත්.
ඒත් වැඩ ටික කරගෙන එලියට යද්දි මෙන්න මූ ඉන්නවා එලියට වෙලා.
අනේ මන්දා මේ තේජාන්කාරයත් වෙලාවකට. මං හිතුවෙ හත් අවුරුද්දකට මූණ බලන එකක් නෑ කියලා.
කතා නෑ හැබැයි.
මාව අල්ලං ගිහින් කාමරෙන් තියලා මිනිහා ගියා.
ස්වීට් ඉතින් වෙලාවකට මූණත් හදාගෙන ඉන්න හැටි!
හිමාන්! හිමාන්!!
ආයෙම පිස්සු නටන්න එපා.
ඒකා හැලි වඳුරා!
ඇති ස්වීට් කමක් නෑ.
ටිකකින් තඩි සුප් එකක් හදාගෙන ආපු ඇන්ටි බෑ බෑ කියද්දි ඒකම පෙව්වා.
බඩ නිකං කලගෙඩිය වගේ.
හැරෙද්දිත් 'ජෝස් ජෝස්!' ගගා සද්දෙ ඇහෙනවා.
ටීවී එක දාගෙන බලන්න කියලා ඇන්ටි කියාගෙන ගියේ. ඒත් දැන් බෑ අප්පා.
බඩ බහින්නත් එක්ක මිදුලෙ පොඩි රවුමක් දාන්න ඕන.
මෙහේ ලොකු අඹ ගහක් තියෙනවා. ඒකටම හේත්තු කරලා ලස්සන බංකුවක් තියෙනවා.
ඒකෙන් වාඩි වෙලා අහස දිහා බලාගෙන හිටියා මං.
වලාකුලු වෙනස් වෙන හැටි බලන්න, ඒවා වලින් එක එක රූප මවාගන්න මං පොඩි කාලෙ ඉඳන්ම හරි ආසයි.
වෙලාවකට මකරු පියාඹනවා.
තව වෙලාවකට බලු පැටවු බෝල ගහනවා. තවත් වෙලාවකට ලස්සන ලොකු ගෙවල් වල ජනේල ඇතුලෙන් සබන් බෝල බිමට පිඹිනවා.
ඒක මාරයි!!!
දවල් වෙන්න වෙන්න දාඩියයි හැබැයි.
ඉතින් මං ගේ ඇතුලට ආවා.
ඇස් දෙක පෙන්නෑ වගේ එකපාරටම එද්දි. එක එක පාට තිත් ගොඩාක් හැමතැනම.
ඒකත් ෆන් වැඩක්. ඒවා එක එක හැඩවල්. එක එක පාටවල්.
කාමරේට යද්දි මුලිම්ම් පේන්නෙ තේජාන්ගෙ ඇඳ.
ගේ ඇතුලෙ නම් කවුරුවත් පේන්න නෑ. කොහොමත් මේ කාමරේ ඇතුලට කවුරුත් එන්නෑ එහෙම.
මං කෝකටත් කියලා දොර වැහුවා. මෙහේ තියෙන අවුල තමයි, දොර වැහුවට ලොක් කරන්න බෑ. කමක් නෑ.
එන්න කෙනෙක් නෑ මේ වෙලාවට.
හෙමීට ගිහින් මං තේජාන්ගෙ ඇඳෙන් වාඩි වුනා.
සුවඳයි!!
ඒ බෙඩ් ශීට් එක දිගේ අත ගෙනිච්චා.
සිනිඳුයි!!
බෙඩ් ශීට් එක නොවී මේ තේජාන් වුනා නම්???
ආයෙම මගේ ඇඟ මොකද්ද වුනා.
කරන්ට් එකක් බඩ දිගේ පහලට ගිහින් නිදාගෙන හිටපු කෙනෙක් එක පාරටම ඇහැරුනා.
බඩ ඇතුලෙ කුරුල්ලො තටු ගැහුවා.
පිහාටුවක් ඇඟ දිගේ ගෙනිච්චා වගේ අමුතුම කිතියකින් මුළු ඇඟම ගැහුනා.
තේජාන්! තේජාන්!! තේජාන්!!!
ඔයා දන්නවා නම් ඔයා මට කරන දේවල්.
කකුල් දෙකත් ගුලි කරගෙන මං එයාගෙ ඇඳෙන් හාන්සි වුනා. කොට්ටෙ කකුල් දෙක අතරින් තියාගත්තෙ ඒ තේජාන් කියලා හිතාගෙන නෙමෙයිමයි.
මං ඒ තරම් නරක නෑ.
තේජාන්!
මං කෙඳිරි ගෑවා.
"ආ....හ්"
මොකද යකෝ මගේ හීනෙ කැඩුවෙ. රසම රස පොප්සිකල් එකක් කටට දාගන්න හැදුවා විතරයි.
කෑවා. කෑවා...
පොප්සිකල් එක නෙමේ හීනෙ.
මොන මූසලයෙක්ද මන්දා!
"මගේ ඇඳේ කුණු කෙල පෙර පෙර මොකද්ද ඇට ගෙම්බො කරන්නෙ?"
මලා!
මං තාම තේජාන්ගෙ ඇඳේද?
මට නින්ද ගිහින්ද?
"ආහ්!
මට... මට මේ ඇඟට පණ නෑ වගේ දැනුනා. මේ ඇඳනෙ ලඟම තිබුනෙ. ඒ නිසා පොඩ්ඩක් වාඩි වුනා.
සොරි!"
මං නැගිටින්න හැදුවෙ.
"ඉන්නවා ඉන්නවා.
යන්න කිව්වෙ නෑනෙ මං.
ඇඟට අමාරු නම් තව ටිකක් නිදියනවා."
"අහ් නෑ.නෑ.
දැන් අඩුයි"
"හ්ම්.. හ්ම්...
ඕන්නම් රෑටත් නිදාගන්න දෙන්නම් මල්ලි බබෝ..."
මොකක්????
ඇහැකුත් ගහන ගමන් ඒක කිව්ව කැත?
බැරි වෙලාවත්... බැරි වෙලාවත්... මං උණ විකාරෙන් වගේ මොනාහරි කියෙව්වද ඊයෙ රෑ???
ආශ්!!! මේ මොන ලැජ්ජවක්ද?
අම්මේ.... මට බැරියෝ!!!
මට ගෙදර යන්න ඕනෙ.....