˖⁠♡ MY HYUNGIE SIR ˖⁠♡ | Sinh...

By buggabell

74.9K 11.9K 3.7K

ඉලන්දාරියෝ ඔබේ ලග මා නිවේ... අපේ ආදරේ කතාවයි මේ ... More

[ 1 st tale ]
[ 2nd tale ]
[ 3 rd tale pt.1]
[ 3rd tale pt.2 ]
[ 4th tale ]
[ 5 th tale ]
[ 7th tale ]
[ 8th tale ]
[ 9th tale ]
[ 10th tale ]
[ 11th tale ]
[ 12th tale ]
[ 13th tale ]
[ 14th tale ]
[ 15 th tale ]
[ 16th tale ]
[ 17th tale ]
[ 18 th tale ]
[ 19th tale ]
[ 20th tale ]
[ 21st tale ]
[ 22nd tale ]
[ 23rd tale ]
[ 24th tale ]
[ 25th tale ]
[ 26th tale ]
[ 27th tale ]
WON !
[ 28 th tale pt.1 ]
you must see this
[ 28th tale pt.2 ]
[ 29th tale ]
[ 30th tale pt.1 ]
[ 30th tale pt.2 ]
[ 31th tale ]
[ 32nd tale ]
[ 33th tale ]
[ 34th tale ]
[ 35th tale ]
[ 36th tale ]
[ 37th tale ]
[ 38th tale ]
[38th tale pt.2]
[ 39th tale ]
[ 40th tale ]
[ 41th tale]
[ 42 nd tale ]
[ 43rd tale ]
[ 44th tale ]
[ 45 th tale ]
[ 46th tale ]
[ 47th tale ]
[ 48th tale ]

[ 6 th tale ]

1.4K 228 16
By buggabell

දැන් ජන්ග්කුක් වැඩට ඇවිල්ල සතියක් වෙනවා.

ජන්ග්කුක් දැන් කලින් වගේ නෙමෙයි.හොදට උනන්දුවෙන් වැඩ කරනවා.එයා තමා දැන් fashion week එක භාර හැම වැඩක්ම කරන්නේ...
ටේහියුන්ග්ටත් හිතා ගන්න බෑ එයාගේ වැඩ.
දැන් නම් fashion week එකට ගොඩක් ලෑස්තියි.
මේ දැනුත් ජන්ග්කුක් වැඩ ,
දැන් නම් ටේහියුන්ග්ට එපා වෙලා ඇයි ඉතින් වෙනදා ඔහේ පිස්සු නට නට ඉන්න කියෝ කියෝ ඉන්න ජන්ග්කුක් නෑනේ.
ඉතින් ටේහියුන්ග්ට හරි පාළුයි.රණ්ඩු වෙන්න කෙනෙකුත් නෑ.ටේහියුන්ග්නුත් චුට්ටක් විතර වෙනස් වෙලා.වෙනදට වඩා හිනාවෙනවා,තරහ ගන්නේ අඩුවෙන්,ඔෆිස් එකේ අයත් එක්ක චූටි චූටි විහිලු කරනවා...
ඒ දෙන්නා මේ ටික දවසට ගොඩක් ලං වෙලා.හොදම යාලුවෝ වගේ නිකන් !

"ජන්ග්කුක් "

"ඇයි සර්"

ජන්ග්කුක් උත්තර දුන්නේ එයා කර කර හිටපු වැඩෙන් අවධානය ගන්නේ නැතුවමයි.

" මේ බඩගිනියි වගේ නේද "

ටේහියුන්ග්ට ඇති බඩගින්නක් නෑ.ඒත් බොරුවට බඩ අල්ල අල්ල ඔය කෙදිරි ගාන්නේ ජන්ග්කුක් එක්ක කතා කරන්න.

"මං මේ ටිකත් ඉවර කරල කන්නම්.සර් එතකන් කන්නකෝ"

ටේහියුන්ග් ඉවසලා ඉවසලා බැරිම තැන පුටුවෙන් නැගිට්ටේ එලියට යන්න කෑම ඕඩර් කරන්න.පුටුවෙන් නැගිටලා පුටුව , සද්දයක් එන්න පැත්තකට තල්ලු කලේ එයා පුටුවෙන් නැගිට්ට කියල හරි ජන්ග්කුක්ට notice වෙයි කියල හිතලා.ඒත් මොන ? ජන්ග්කුක් ඔලුව ඉස්සුවේ නෑ.ඊටපස්සේ දොර ලගට ඇවිදන් ගියපු ටේහියුන්ග් එලියට ගිහිල්ල දොර හයියෙන් වහලා දැම්මේ ජන්ග්කුක් ඒ සද්දෙට ගැස්සෙද්දි ... එයා ආපව් වැඩ කරන්න පටන් ගත්තා.

ටික වෙලාවකින් ටේහියුන්ග් ආපව් ආවේ food tray දෙකකුත් එක්ක...
ටේහියුන්ග් food tray දෙක Jungkookගේ table එක උඩින් තියලා, එයාගේ පුටුව ඇදන් ආවා ජන්ග්කුක් ලගට.ඊටපස්සේ කෑම ටික ලෑස්ති කරන්න ගත්තේ ජන්ග්කුක් ඒත් වැඩ කරද්දී

ඉස්සර ජන්ග්කුක් කමු කමු ගාන් පස්සෙන් ආවට දැන් ටේහියුන්ග්ට තමා පස්සෙන් යන්න වෙලා තියෙන්නේ,
ඇත්තටම දැන් ටේහියුන්ග්ට තනියෙන් කන්න බෑ වගේ.එයා රෑට ගෙදර ගියාමත් එයාට කන්න පිරියක් නෑ.ජන්ග්කූක් නිසා එයා තේරුම් ගත්තා තනියෙන් කනවට වඩා කට්ටිය එක්ක කද්දී තමා කෑම එකෙත් රස දැනෙන්නෙ කියලා.එයාට ජන්ග්කුක් එක්ක කන්න පුලුවනුත් දවල්ට විතරනේ.ඕකයි ඔච්චර දගලන්නේ.

"ආ ජන්ග්කුක් කන්න"

ටේහියුන්ග් ජන්ග්කුක් බල බල හිටපු ෆයිල් එක වහලා පැත්තකින් තියලා ට්‍රේ එක ජන්ග්කුක්ට දුන්නා.

"අයියෝ ! තව පොඩ්ඩනේ තිබ්බේ ඒකේ කරන්න😒"

ජන්ග්කුක් ඔරවලා අහක බලාගෙන කෑම එක කූරු ගාන්න පටන් ගත්තා.

"පස්සේ කරන්න"

ටේහියුන්ග් කිව්වේ එයාගේ කෑම එකේ තිබ්බ චිකන් ටික ජන්ග්කුක්ගේ ට්‍රේ එකෙන් තියන ගමන්.ජන්ග්කුක් හිනාවෙලා ඒ ටික අරන් ඒ වෙනුවට මැල්ලුම් ටික ටේහියුන්ග්ගේ ට්‍රේ එකට දැම්මා.ටේහියුන්ග්ට දැන් මේක පුරුදුයි.

"ඒක නෙමෙයි සර් ! Fashion week එකට ඕන models ලා hire කරන්න ඕන නේද මොකද දැන් designs ටික ලෑස්තියි "

ජන්ග්කුක් කන් ගමන් කියද්දි තරහින් chopsticks දෙක මේසේ උඩට අතෑරපු ටේහියුන්ග්,

"ජන්ග්කුක් !!! ඔයාම නේද කිව්වේ කන් වෙලාවට professional life එක ගැන කතා කරන්නේ නෑ කියලා"

ටේහියුන්ග්ට තරහ ගියේ වෙන මොනවත් නිසා නෙමෙයි වෙනදා පිස්සු කියවන ජන්ග්කුක් දැන් හැමවෙලේම ඔෆිස් එක ගැනම කියෝන නිසා.ටේහියුන්ග් ආස ඒ පිස්සු කතා වලට නැතුව මේවා වලට නෙමෙයි.

"හරි හරි ඉතිං අවශ්‍ය නිසා ඇහුවේ.ඔච්චර කේන්ති ගන්න ඕන ඈ !"

"හ්ම්"

ටේහියුන්ග් ආපව් කෑම එක කන්න ගත්තෙත් ඔරවගෙනමයි.

"දැන් ඇයි අප්පා ඔරවන් ඉන්නේ.හිනා වෙන්නකෝ.කෝ අර සර්ගෙ පෙට්ටි හිනාව ...

ඔන්න හිනා වෙන්න..
1
2
3

හීහීහී"

ජන්ග්කුක් දත් සෙට් එකම සේල් දාලා හිනා වෙලා පෙන්නුවම ටේහියුන්ග්ටත් නිකන්ම හිනා ගියා.

"පිස්සු කොල්ලා"

ටේහියුන්ග් හිනා වෙවීම ජන්ග්කුක්ගේ ඔලුවට ඇන්නේ ජන්ග්කුක් බොරුවට රිදුනා වගේ රග පාද්දි ,

________________________❤️🐞

ටේහියුන්ග් ලෑස්ති වුනේ ගෙදර යන්න මොකද දැන් වෙලාව රෑ 7.00 ත් පහුවෙලා.ඒත් ජන්ග්කුක් තාම වැඩ.ටේහියුන්ග් එයාගේ ලැප් එක ඕෆ් කරලා ජන්ග්කුක් දිහා බලද්දි දැක්කෙ වැඩ කරන ගමන්ම එයාට බාගෙට නින්ද යනවා.

එයා ලගට ඇවිදන් ආපු ටේහියුන්ග්,

"ඒයි ජන්ග්කුක්, යන්නේ නැද්ද ගෙදර? දැන් රෑ වෙලා,අර ඔයා හැමවෙලේම කියෝන යාලුවා බලන් ඇති ඔයා එනකන් ! කවුද ! ආ ! ජිමින්"

" ම්හු ! Fashion week එකත් ලගයි.ඒත් වැඩ තියෙනවා.මං මේ බලන් ඉන්නේ models ලාගෙන් e mail messages එනකන් සර් ! ඉක්මනට එයාලා reply කරයි.සර් යන්නකෝ "

"කිව්වනේ දැන් සැරයක්.එයාලට කියන්න ඔයාගේ ෆෝන් එකට message එකක් දාන්න කියලා.යන්න ගෙදර"

"ආහ් හාආආ !!!"

ජන්ග්කුක් ලොකුම ලොකු ඈනුමක් ඇරියේ ටේහියුන්ග්ව හිනා ගස්සලා...
නිදිමත කොච්චර ද කියනවනම් ඈනුම නිසා ඇස් වල කදුළුත් පිරුණා.

"කෝ බඩු ටික ලෑස්ති කරගන්න ! මං drop කරන්නම්"

"ඕන නෑ සර් ! මට යන්න පුලුවන්"

"කියන දේ අහලා එනවා යන්න පණ්ඩිත නොවී"

ටේහියුන්ග් ජන්ග්කුක්ගේ අතින් ඇදන් එලියට ආවා. හැබැයි ඒ අතරමැද ජන්ග්කුක්ගේ ඇස් ටේහියුන්ගේ ලගින් හෙල්ලුණේවත් නෑ.ජන්ග්කුක්ට හිතා ගන්න බෑ ටේහියුන්ග්ගේ මේ වෙනසට හේතුව,එයා හිතුවට වඩා ටේහියුන්ග් කියන්නේ caring කෙනෙක්

"ම්ම්ම් නගින්න ! "

ටේහියුන්ග් කාර් එකේ දොර ඇරලා දුන්නා ජන්ග්කුක්ට ඉදගන්න.ජන්ග්කුක් ඉදගෙන ශීට් බෙල්ට් එක ද ගත්තා.

"T..thank you... Sir "

ඊටපස්සේ ටේහියුන්ග්නුත් කාර් එකට නැගලා වාහනේ ස්ටාර්ට් කලා.ටේහියුන්ග් ජන්ග්කුක් ඉන්න තැන දන්නේ නැති නිසා ජන්ග්කුක් ටේහියුන්ට යන්න පාර කිව්වා.

"ජන්ග්කුක් කවුද main model ?"

"ම්ම්ම් Jennie kim කියලා කෙනෙක් සර් "

"ඕඕඕ... හරි ! "

"ඔහොම ඉන්නකෝ සර්ට photo එකක් පෙන්නන්න.හොදයිද බලන්නකෝ.

මේ ඉන්නේ සර් "

ජන්ග්කුක් එයාගේ ෆෝන් එකේ තිබ්බ පික් එකක් ටේහියුන්ග්ට පෙන්නුවේ,ටේහියුන්ග් drive කර කරම ඒ දිහාට අවධානය යොමු කරද්දී

"Hmm...අවුලක් නෑ . අපේ designs වලට ගැලපෙනවද ?"

"ම්ම්ම් ඔව් සර් ! එයා ඒ design type එකට කැමතියි ලු"

"අහන්න ජන්ග්කුක් මෙතන එයා කැමතියිද නැද්ද කියන එක කොහෙත්ම වැඩක් නෑ.එයා මේක හරියට කරන්න ඕන එච්චරයි "

"තේරුනා සර් ! සර් ඔතනින් නවත්තන්න "

ජන්ග්කුක් එහෙම කිව්වම ටේහියුන්ග් ජන්ග්කුක්ගේ apartment එක ඉස්සරහින් හරියටම නැවැත්තුවා.ජන්ග්කුක් ටේහියුන්ග් එක්ක හිනාවෙලා කාර් එකෙන් බහින්න ශීට් බෙල්ට් එක ගලවන්න හැදුවත් ඒක හිර වෙලා.

"ඇයි ජන්ග්කුක් ?"

"අහ් සර් , මේ මේක හිර වෙලානේ ...ශිට්"

ජන්ග්කුක් කිව්වේ බෙල්ට් එක ගලවගන්න බැරුව දගල දගල

"දගලන්නේ නැතුව ඉන්නකෝ ටිකක් මං බලන්න"

ටේහියුන්ග් එයාගේ බෙල්ට් එක ගලවලා ජන්ග්කුක් ලගට නැමුණේ මොකද වෙලා තියෙන්නේ බලන්න.ජන්ග්කුක් තව ටිකක් ටේහියුන්ග්ට ලං වුනේ වැඩේ ලේසි වෙන්න.

"ඒක හිර වෙලා තමා.ආහ් "

ටේහියුන්ග් කිව්වේ බෙල්ට් එක ලොක් එකෙන් හයියෙන් අදින ගමන්...
ජන්ග්කුක් ලොක් එක දිහා බලන්න හැදුවත් ටේහියුන්ග් නිසා ඒක පේන්නේ නෑ.
ඒ නිසා ජන්ග්කුක් ඔලුව ටිකක් පල්ලෙහට කලා.ඒත් එක්කම ටේහියුන්ග්ගේ චොකලට් පාට කැරලි කොණ්ඩේ ජන්ග්කුක්ගේ මූණේ වැදුනා.
ජන්ග්කුක්ට දැනෙනවා ටේහියුන්ග් ලගින් එන soft but high perfume සුවද.ජන්ග්කුක් ඒ කොණ්ඩෙට නහය තියලා උඩට ඇද්දේ ඒ දැනෙන lavender සුවද විදගන්න.
ජන්ග්කුක් ඇස් පියාගෙන ඒ සුවදවත් හැගීම වින්දා.ඒත් වැඩිවෙලාවක් එහෙම ඉන්න බැරි වුනේ ටේහියුන්ග් බෙල්ට් එක ගලව ගත්ත නිසා.

"ම්ම්ම් දැන් හරි ! "

ටේහියුන්ග් එහෙම කියන ගමන්ම ඔලුව ඉස්සුවා.
ඒ දෙන්නාගෙම නහයවල් එකට ගෑවෙන තරමටම දෙන්නා ලං වෙලා.ඒ තොල් අතර තිබුණේ චූටි පරතරයක් විතරයි.
දෙන්නාගේ උණුසුම් හුස්ම එකිනෙකාගේ තොල්වල පවා වැදුනා.

එකපාරටම ලොකු වැස්සක් කඩා ගෙන පාත් වුනා.



Ting Ting ... 📱📱📱

ජන්ග්කුක්ගේ ෆෝන් එක රින්ග් වෙන්න ගත්තා.ඒත් එක්කම බය වෙච්ච දෙන්නා දෙපැත්තට වුනා...
දෙන්නටම හිතා ගන්න බෑ ඒ මොකක්ද ඒ වුනේ කියලා

Tae - ජිමින් නේද කෝල් කලේ.යන්න ඉක්මනට.

"හ..හා සර්"

ජන්ග්කුක් වාහනෙන් බහින්න ගියත් එයාගේ අතින් අල්ලලා නවත්තපු ටේහියුන්ග් , එහෙම්ම back seat එකට නැමිලා කුඩයක් ගත්තේ එලිය හොදටම වහින නිසා.
කාර් එකෙන් බැහැපු ටේ කුඩෙත් ඉහලන්,වටෙන් ඇවිල්ලා ජන්ග්කුක්ගේ පැත්තේ දොර ඇරියා.

"බහින්න ජන්ග්කුක්"

ජන්ග්කුක් කාර් එකෙන් බැහැපුවම,ටේහියුන්ග් ජන්ග්කුක්ව apartment එකේ දොර ලගටම ගෙනත් ඇරලුවා.ජන්ග්කුක්ට පොඩ්ඩක්වත් තෙමෙන්න දුන්නේ නෑ.

හැබැයි ටේහියුන්ග්වනම් තෙමුනා.මොකද කුඩේ චූටි නිසා.

"Thank you sir ! එහෙනම් මං යන්නද ? "

"හ්ම් ! "

ජන්ග්කුක් ඇතුලට යනකන්ම බලන් හිටපු ටේහියුන්ග් ආපව් හැරිල ඇවිත් කාර් එකට නැග්ගා.
හයියෙන් කාර් එක එලෙව්වේ වැස්ස ගොඩක් තද වෙන්න කලින් ගෙදර යන්න හිතන්...

____________________________❤️🐞

ජන්ග්කුක් වොශ් එකක් දාන් එනකොට ජිමින් කෝපි එකක් හදලා තිබ්බා.සාලේ මේසේ උඩ තිබ්බ කෝපි කෝප්පෙත් අරන් එලියට ආපු ජන්ග්කුක් වැහි බිංදු පොලොවට වැටෙන දිහා බලන් කෝපි එක බොන්න පටන් ගත්තා.ජන්ග්කුක් ආසම දෙයක් තමා මෙහෙම වැස්ස වහිනකොට සීතලේ උණුම උණු කෝපි එකක් බොන එක...
අද ඒ විදීම තවත් ලස්සන කලේ නුපුරුදු හැගීමක් ...
ජන්ග්කුක්ට කෝපි එක බොන ගමන්ම ලාවට හිනාවක් ගියේ ඒ මොහොත මතක් වෙලා.

"ආහ් !!! ජන්ග්කුක් විකාර හිතන එක නවත්තගන්නවා "

ජන්ග්කුක් එයාගෙම ඔලුවට ගහගත්තේ හිනාවෙවී

"අම්බේ,පෙරෙන පැණි තොගේ"

කොහෙන්දෝ කඩා ගෙන පාත් වෙච්ච ජිම්න් එහෙම කිව්වම ජන්ග්කුක් ගැස්සිලා ගියා.

"අම්බෝ ! මං බය වුනා යකෝ "

"බය වෙන්නේ නැතුව.වෙන වෙන ලෝක වලනේ ඉන්නේ "

ජිමින් කිව්වේ ජන්ග්කුක්ගේ පිටට තට්ටුවක් දාන් ගමන්

"හහ්...මොන ලෝක වලද ?😒"

ජන්ග්කුක් අහක බලාගෙන ආපව් කෝපි එක බොන්න ගත්තා.

"ඇයි අර ඔයාගේ...මේ...
යකෙක් වගේ ...
ඔලුව ගොඩක් ඉදිමිච්ච...
තමන් ගැනම හිතන නපුරු බොස්ගේ ලෝකේ"

"යනවා යන්න "

ජන්ග්කුක් හිනාවෙලා ජිමින්ට ගහගෙනම ඇතුලට ගියා.

"ආව් ආව් !!! 😅❤️"

___________________________❤️🐞

ටේහියුන්ග් හිටියේ ඔෆිස් එකේ වැඩ වගයක් කර කර...glass window එකෙන් එලිය බැලුවම දැක්කා තාමත් හොදටම වහිනවා කියලා.

ඒත් එක්කම එයාගේ අවධානේ යොමු වුනේ කාමරේ කොනක තිබ්බ dirty clothes bin එක ඇතුලේ හෝදන්න දාලා තිබ්බ තෙම්ච්ච shirt එකට...

වෙනදා වැස්සට මං පොඩ්ඩවත් ආස නැති වුනත්...අද මට හිතෙන්නෙම මේ වැස්ස හරි ආදරණීයයි කියලා ! වැස්සටත් ආදරය දැනෙනවා ඇත් ද ?

ඒත් එක්කම ටේහියුන්ග්ගේ ෆෝන් එක රින්ග් වුනේ එයා කල්පනා ලෝකෙන් එලියට එද්දී

Unknown number is calling ~~~

glass window එක ලගට ඇවිදන් ගියපු ටේහියුන්ග් , සාක්කුවකින් එක අතකුත් දාගෙන
අනික් අතින් ෆෝන් එක answer කරල කනේ තියාගත්තා.

"Hello ! Kim Taehyung is speaking"

"Hello sir ! මං ජන්ග්කුක් "

ජන්ග්කුක්ගේ කටහඩ ඇහෙනවත් එක්කම ටේහියුන්ග් ටිකක් ගැස්සුනත් ඒක ජන්ග්කුක්ට දැනෙන්න දුන්නේ නෑ.

"ආ ඔව් කියන්න ජන්ග්කුක් "

"සර්,මට ඉස්සෙල්ලා කියන්න බැරි වුණානේ...හෙට අපිට සර්ගෙ private yacht එකේ bin company එකත් එක්ක මීටින් එකක් තියෙනවා.ඒ මීටින් එක සර්ගේ project එක ගැන"

"ඕ...හෙට කීයටද ? "

"10 ට සර්.ඒත් අපි කලින් එතන ඉන්න එක හොඳයි නේද සර්?"

"ම්ම්ම් ඔව්...thank you jungkook.මං ready වෙන්නම් මීටින් එකට"

"නෑ නෑ සර්ට මුකුත් කරන්න නෑ.මං ඔක්කොම ලෑස්ති කලා.සර්ට මං meeting information ටික mail එකකුත් දැම්මා.සර් ඒක බලන්න "

"ඕ.! එතකොට අපි දෙන්නා විතරද ?"

"ඔව් සර්, එච්චර වැඩි දෙයක් නැති නිසා ලොකූ කට්ටියක් ඕන නෑ "

"ජන්ග්කුක්?"

"ඇයි සර්?"

"මට සතුටුයි ඔයා මේ ගැන මෙච්චර හොදට උනන්දුවෙන් හොයලා බලලා කරනවට"

"සර් මාව විශ්වාස කරනවනේ.මං ඒක කැඩෙන්න දෙන්නේ නෑ"

"Good ! ඒත් මං ආස අර කටකාර පිස්සු කොල්ලට ජන්ග්කුක් "

"අහ්~~~

ජන්ග්කුක්ට තව මොනවත් කියන්න බැරි වුනේ ටේහියුන්ග් ෆෝන් එක කට් කරපු නිසා...
ටේහියුන්ග්ටත් හිතාගන්න බෑ එයා මොනාද ඒ කිව්වේ කියලා.එයා ඇත්තටම ඒක හිතලා නෙමෙයි කිව්වේ.ඒකයි ෆෝන් එක කට් කලේ ...

______________________❤️🐞


DON'T FORGET TO VOTE 🐞❤️

Continue Reading

You'll Also Like

1.2M 48.5K 53
Being a single dad is difficult. Being a Formula 1 driver is also tricky. Charles Leclerc is living both situations and it's hard, especially since h...
2.3M 119K 65
↳ ❝ [ INSANITY ] ❞ ━ yandere alastor x fem! reader ┕ 𝐈𝐧 𝐰𝐡𝐢𝐜𝐡, (y/n) dies and for some strange reason, reincarnates as a ...
362K 17.7K 79
Kang y/n was always been the black sheep of the family. Overshadow by her extremely talented, gorgeous sister Roseanne . Who has the world revolve a...
1M 34.2K 61
𝐒𝐓𝐀𝐑𝐆𝐈𝐑𝐋 ──── ❝i just wanna see you shine, 'cause i know you are a stargirl!❞ 𝐈𝐍 𝐖𝐇𝐈𝐂𝐇 jude bellingham finally manages to shoot...