B O Y in the M A S K (YIZHA...

By Blisse_A

891 190 228

" නුඹ ලඟ මගෙ පාලු මෑකේවී මගෙ අඳුරට නුඹ සඳ වේවී නුඹ වෙත මගෙ රහස ඇසේවී සඳ අද මගෙ අහසෙ දිලේවී නුඹ හා හමුවී මොහොත... More

01.WEDDING
02.DANCE ON THE FLOOR
03.SLEEP WITH YOU
04.HIM
06.KISS
07.FEEL YOU
08.GOOD BYE
09.LOVE

05.Chocolate

81 19 10
By Blisse_A

වන්ග්...‍යී...බෝ....
කව්ද අනෙ වන්ග් යී..බෝ...එහා පැත්තෙන් ආව රිප්ලයි එකට අකුණක් ගැහුවා වගෙ කෙලින් වුණ මන් කල්පනා කරා.යීබෝ...යී...බෝ...ම්ම්...බෝ...බෝ....බෝ......බබෝ...බෝ.බබෝ....මට නිකන්ම කියවුනා..මොකක්දෝ හුරු පුරුද්දක්.හරියටම කිව්වොත් අවුරුදු ගානක අතීතයට ගියා වගෙ..ඒ ආව ර්ප්ලයි එකත් එක්ක මම ඒ නම දහ පාරකට වඩා මිමිණුවා වගේම හිතින් මාස්ක් කොල්ලව මවා ගත්තා....ඔලුව විකාර වේගෙන එනවා වගෙ දැනුනා නිසා සින්දුවක් කියලා ආතල් එකේ ජොලියක් දාන්න පුලුවන් එකම තැන බාත් රූම් එක වෙද්දි මම ටවල් එකත් අරන් ඒක අස්සට රිංග ගත්තා..

ෂවර් එක ඇරලා ඒක යටට ගිහින් මයිකල් ජැක්සන් වැහුණා වගේ මන් නටන්න ගත්තෙ හෑන්ඩ් ෂවර් එකත් අතට අරන් මයික් එකකින් වගෙ සින්දු කියන ගමන්...

සාමිනාමිනාහ් ඒහ් ඒහ්...වක්කා වක්කා ඒහ් ඒහ්...
සාමි නාමිනා සාම්කරේ වා දිස් ටයිම් ෆො...ඇෆ්‍රිකා...
ජන්ගෝ හෝ..ඒහ් එහේ..ජන්න්න්...
චාන්..මම ඔතෙන්ට ආවොත් සාමිව දැන් පෙන්නනවා කනක් ඇහෙන්න නෑනේ කට පියන් වැඩේ කරන් එනවා ගුටි කන්නැතිව..
සැක්..මගේ ඕඩියන්ස් එක පිස්සුවෙන් වගෙ චියර් කරගෙන එනකොටම අම්මම්මා ඊටවත් වඩා හයියෙන් මට කෑගැහුවා.එයාගෙ ඉරිසියාව අනේ මොකො ඉතින් සංගීත රසයක් කියලා එකක් දන්නවෑ..හූම් බණක් දාලා දුන්නම රේඩියෝ එකේ එයාම ආයෙත් ඒක එහෙට මෙහෙට කරකෝලා ජෝතිපාලගෙයි ලතාගෙයි සින්දුම අහනවා මිසක් මට නම් ඒවා අහද්දි කැරකිල්ලක් එක්ක වමනෙ යන්න ආවා.එතනින්ම මගේ සංගීත සාජ්ජෙ ඉවර වුනා විතරක් නෙමේ මයිකල් ජැක්සන් ඇගෙන් වාෂ්ප වෙලා ගිහින් ආයෙත් සුපුරුදු සුකුටු බුකුටු චාන් කොල්ලම එලියට ආවා...හොදට නාගෙන කරගෙන ආව නිසා බඩගින්නකුත් ආවා.ඒත් එක්කම මතක් වුනේ ෆෝන් එකට ආව මැසේජ් එක..හූම් මන් නම් රිප්ලයි කරන්නෑ.ඇරත් අම්මා කියලා තියෙන්නෙ අදුරන්නැති අයත් එක්ක කතාවට යන්න එපා කියලා.කවුද අනෙ දන්නෙ අද කාලේ මොන අසහනකාරයෝ ඉන්නවද කියලා.

රෑට අදින පිජාම එකකුත් ඇදන් සූදට සූදේ ජොන්සන්ස් කොලොන් එකත් ඔලුවට සුට්ටක් දාලා පල්ලෙහාට ගියේ අම්ම්මමව හොයන්..ම්ම් සුවදක් එනවා...අම්මම්මා රොටි හදලා තිබ්බා..උපතින්ම කොළ පිස්සෙක් වුන මම මොනාම හරි
කෑමකට කොළ පාටින් ලීක්ස් ගහක් හරි දාලා තියෙනවට පුදුම තරම් කැමති වුණා.

රොටි දොළහකට වග කිව්ව මම අම්මම්මා හදලා දුන්න උණුම උණු සුදු කුක්කු එකත් බීලා අම්මම්මට ගුඩ් නයිට් කියලා කම්මුලට උම්මියකුත් දීලා උඩට ආවා.උඩට ආවා කියන්නෙ පඩිපෙළ නැග්ගෙ මම අත් දෙකින් මගෙ බඩත් උස්සන් හරියට ප්‍රෙග්නන්ට් වගෙ..මේකයි ඉතින් හැදෙන වයස නිසා හොදට කාලා බීලා ඉන්න ඕන.පඩිපෙළ නැග්ග එකේ මහන්සියටත් එක්ක එක අතක් කොන්දට තියලා අනෙක් අතින් බඩ ගෙඩිය අත ගගා බැල්කනිය ලගට ආවේ ජනේල් රෙද්ද දාලා ජනේල් පියන් දෙක වහන්න.ලාවට පොදයක් නිසා ජනේල් වීදුරු වල පිණි වගේ බැදිලා තිබ්බා.

මගෙ ඇගිලි තුඩු පිණි බැදුන සීතල ජනේල් වීදුරුව උඩ එහා මෙහා ගිහින් Wo Ai Ni කියලා ලිය වුනා..ඒත් එක්කම මට ජනේල් වීදුරුවෙන් මාස්ක් දාන් හිටිය නපුරු මූණ මැවිලා පෙනුනා.........මැවිලා පෙනුනා....නෑහ්...මන් ඉක්මන්ට වීදුරුව පිහදාලා එළිය බැලුවා...මැවිලා නෙමෙයි බොල එයා පහළ ගේට් එක ගාව ඉදන් මගෙ දිහා බලන් ඉන්නවා..ගේට් එක ගාව තියෙන ලාම්පු එළියෙන් එයාගෙ මූණ මට හොදට පෙණුනා..යෝ...ලස්සනයි අනේව්.ඇස් දෙක හීනී කරන් මගෙ දිහා බලන් හිටිය එයා ඊට පස්සෙ බයික් එකෙන් බැහැලා අපේ ගේට් එකේ අගුල අරින්න ගියා...යමක් සිද්ද වෙන්න යන්නෙ..මන් පණ කඩාගෙන එළියට දිව්වෙ කකුලෙ සෙරෙප්පු දෙකක්වත් නැතිව වෙනකොට අම්මම්මා මෙයාව දැක්කොත් ප්‍රශ්න එකට දාහක් අහන නිසාම මන් එයා ලගට දුවන් ගිහින් ඒ වෙද්දි ගේට් එකේ අගුල ඇරලා එන්න යන එයාවත් තල්ලු කරන් පාරට ආවා.

මරන්නද හදන්නෙ වදේ...
ආපු වේගෙට මන් නිකන් ඩිස්නි ප්‍රින්සස් කෙනෙක් වගෙ පිජාමා එකේ කලිසමත් උස්සන් කුමාරයාව බලන්න පඩි පෙළ දිගේ ආවා වගේ හැගීමක් දැනුනා..ඒත් ඒ හැගීම වැඩි වෙලාවක් තිබ්බේ නෑ...ආව බයටම මන් එයාගෙ ඇගට කඩන් පැන්නා..එයා නෙමේ සැලුනේ..පාත් වෙලා මගේ මූණට එඹුන එයා අගලක්වත් ඉතුරු නොවෙන්න මට ඇලිලා හිටියා..හරිනම් මම බයටම පස්සෙන් පස්සට යන්න ඕන..ඒත් මගෙ හිත ඉඩ දුන්නෑ..එයා එහෙම මන් ගාවින් ඉන්නවට මම ආස වුනා..බඩේ සමනල්ලු පියාඹනවා වගේ දැණුනා..ලාවට වගේ ලැජ්ජාවකුත් එනවා හැබැයි..මන් ඇස් දෙකත් ලොකු කරන් තොලත් හපාගෙන ඔලුව උස්සලා එයා දිහා බැලුවා.
වෙන එකෙක් මෙහෙම ගේට්ටුව ලගට ආවත් උඹ එනවද ඔහොම හෙලුවෙන් පණකඩාගෙන..

හෙලුවෙන් ????????????
මාව රත් වෙලා ගියා.මන් ඇදුම් නැතිවද ඉන්නෙ..අනේව් රීටා අච්චිලයි දිහා කැමරාත් තියෙනවානෙ..මන් එහෙම්මම පහළ බැලුවා..මගෙ ඇග අතපත ගාලා බැලුවා..යෝ...මේකගෙ ඇස් පේන්නැද්ද මාස්ක් එක ඇස් දෙකෙද දාගෙන ඉන්නෙ..මේ ඇදුම් තියෙන්නෙ අනෙව්ව්.එහෙම කියල මම පිජාමා කලිසමේ දෙපැත්තෙන් අල්ලලා රව්මක් කැරකුණා..ලාවට වගෙ දැක්කා එයාගෙ උගුරින් පල්ලෙහාට අමාරුවෙන් කෙල ටිකක් ගිලෙනවා..ආයෙත් කිසිම වචනයක් කතා නොකෙරුව එයා මන් දිහා කන්න වගෙ බලන් හිටියා..

ඔයා ඇයි ආවෙ මෙහෙට...ම්ම්හුක්ක් කිසිම උත්තරයක් නෑ..
මේ ඇයි අනේ ඉතිම් මගෙ කාමරේ දිහා බලන් හිටියේ 👉👈...
ඔයා ගොඩක් වෙලාත ඇවිල්ලා....ටිකක් වේලපහා ආවනම් තේ එකක් බීලා යන්න තිබ්බනෙ..මෙහෙටමද ආවෙ නැත්තන් වෙන ගමනක් යන ගමන්ත....මන් මගෙ කකුලේ මාපට ඇගිල්ලෙන් මඩ වෙච්ච බිමත් හාරන ගමන් එයාගෙන් දහසකුත් ප්‍රශ්න ඇහුවා වුනත් ඒකා නෙමෙයි උත්තර දුන්නෙ..බයික් එකට හේත්තුවක් දාන් අත් දෙකත් බැදන් මගෙ දිහා කන්න වගෙ බලන් හිටියා විතරයි..එයාගෙ ඒ බැල්ම මාව පිස්සෙක් කරනවා අනේව්..මට මොනා වෙන්න යනවද මන්දා..කියවලා කියවලා බැරිම තැන මන් මූණ හද හද එයාට එකසිය ගානට එරෙව්වා..

ගහක් ගලක් වගේ ඉන්න එයාට ඔරවලා ඔරවලා මගෙ මූණේ මාන්සපේෂීත් රිදෙන්න ආවා...එයා බයික් එකට නැග්ගා..යන්නද යන්නෙ..යෝහ් වැඩක් නෑ අප්පා අඩුම ගානේ කන්න මුකුත් ගෙනාවෙත් නෑ..එක්කො කන්න ගෙනාවෙ නැතත් උම්මි....ඊව්ව් මොනාද මන් මේ හිතන්නෙ කන් දෙකත් එක්ක රතු වෙලා ගියා..එයා යන්න හදනකොට මූණත් දෙක කරන් අත් දෙකත් ගසලා දාලා මන් ගේට්ටුව පැත්තට හැරුණා.

ස්පොන්ච් බොබ්...

හෑ...එයා මටද ස්පොන්ච් බොබ් කිව්වෙ..මන් ඇදන් හිටියෙත් ස්පොන්ච් බොබ් ඉන්න පිජාමා එකක් වෙද්දි ඒක දිහාත් බලලා යන්න තියපු අඩිය ආපස්සට අරන් මන් එයාගෙ පැත්තට හැරුණා..මොනාද මන්දා මල්ලක් දික් කරන් එයා මන් දිහා බලන් හිටියා..මන් එයා ගාවට ගිහින් හිට ගත්තා..කඩදාසි බෑග් එකක්..මොනද දල්ලෑ ඒයිම්.එයා ඉස්සරහා ම මන් ඔලුව දාලා බෑග් එක ඇතුල්ට එඹුනා..

ආව්ව්ව්ව්ව්.....ඔලුව බෑග් එකේ ඔබන් ඉද්දිම මගෙ ඔලුවට ටොක්කක් ඇන්න එයා මගේ මූණ දිහා බලන් ආයෙත් දමාගෙන රවන්න ගත්තා..යෝ පුදුම නපුරුකමක් නෙ..

ආයෙත් මගේ කෝල් වලට හරි මැසේජ් වලට හරි ර්ප්ලයි නොකර හිටියොත් මේ වන්ග් යීබෝ කියන්නෙ කව්ද කියලා එදාට දැන ගන්න පුලුවන් වෙයි..

ව...ව..න්..‍යි..බෝ..මගෙ ඇගේ කරන්ට් එකක් ගියා වගෙ දැණුනා..එයා එයාගෙ එක අතකින් මගෙ පස්ස රිදෙන්නෙම මිරිකලා එයා ගාවට ඇදලා ගත්තා..චාන් මැරෙන්නයි යන්නෙ..හදවත ගැහිලා ගැහිලම මැරෙන්නයි යන්නෙ..වතුරෙන් ගොඩ දාපු මාළුවෙක් වගේ මගෙ හදවත ගැහෙන්න ගත්තා..මගෙ නළලට වැටුන කොණ්ඩ කෑල්ලකුත් උඩට කරපු එයා ටික වෙලාවක් මගෙ මුළු මූනෙම අගලක්වත් මග අරින්නැතිව ඇස් වලින් මනින්න ගත්තා..මන් ආසම ඒ ඇස් දෙකට..ඒවා හරිම දීප්තිමත්..එයා මගෙ දිහා එක එල්ලෙම බලන් හිටියා වුනත් ඒ ඇස් වල මන් ගැන මගේ ඇග ගැන කිසිම අනවශ්‍ය හැගීමක් තිබ්බෙ නෑ.කොටින්ම එයාගෙ බැල්මෙන් මාව අපහසුතාවයට පත් වුනේ නෑ..මාත් එයාගෙ ඇස් දිහාම බලන් හිටියා..මට දැණුනා ඒ ඇස් හීනී වෙනවා..එයා හිනා වෙනවද..මාස්ක් එක යට තිබ්බ එයාගෙ හිනාව මන් දැක්කෙ නැති වුනත් ඒ ඇස් හීනී වෙලා කම්මුල් පිම්බුනා..ඔව් එයා හිනා වුනා..එයා මාස්ක් එක උඩින්ම ෆුල් ෆේස් හෙල්මට් එක දාන් බයික් එක රේස් කරා...මන් ටිකක් ඈත් වුනා....

යන්න..ගේට් එකත් ලොක් කරලා පරිස්සමෙන් ගෙට යන්න..

එයා මට කිව්වෙ එච්චරයි මන් එයා දුන්න කඩදාසි බෑග් එකත් අරන් ගේට් එකත් ලොක් කරන් උඩට දිව්වා..ඒ ගිහින් බැල්කනියේ ජනේල් වීදුරුවෙන් බලද්දිත් එයා එතන.හරියට මන් වීදුරුවෙන් බලයි කියලා හිතලම වගෙ එයා මගෙ කාමරේ දිහා බලන් හිටියා..වීදුරුවෙන් එයා දිහා බලන් හිටිය මම අතවනලා එයත් එක්ක හිනා වුනා...ඒ පිම්මටම බයික් එකත් රේස් කරන් වේගෙන් එයා යන්න ගියා..

එහෙම්මම පපුවත් අල්ලන් ඇදට කඩන් වැඩුන මම සිවිලිම දිහා බලන් එයාගෙ රූපේ මවා ගත්තා...
පිරිමියෙක් ගාව තියෙන්න ඕන කඩවසම් බව එයා ගාව ඕනවටත් වඩා තිබ්බා..ඒ ඇස් වලින් පේන පිරිසුදු බව..එයා ගාව ඉද්දි දැනෙන ආරක්ෂාව මට නොදැනිම ඇදුනෙ හිනාවක්...නිකන් නෙමේ ඒක මනමාල හිනාවක්...
එයාට මන් බැන්නා වුනත් අත් දෙක වන වන ආවා කියලා ඒ බෑග් එකේ තිබ්බේ චොකලට් ටොෆි මල්ලක්...රසම රස චොකලට් බෝලයක් කටේ දාගත්ත මම එයා කිව්ව තව දෙයක් මතක් වෙලා ෆෝන් එක අතට ගත්තා...

එතකොට ඒ එයාද ? වන්ග් යී..බෝ.. කිව්වෙ..ඒකද මට ඔරවලා මගෙ පස්සත් මිරිකලා කිව්වෙ එයාගෙ මැසේජ් කෝල්ස් මග අරින්න එපා කියලා..එක්කො කලින් කියන්න තිබ්බා..ඇයි අනෙ මන් දන්නවද ඉතිම්..‍යෝ...එතකොට පිස්සෙක් වගෙ බයිලා යැව්වෙ මෙයාටද...සැක්.ඉතින් ඇයි එයාට අනිවාර්යයෙන් රිප්ලයි කරන්න කිව්වෙ..ම්හූක් මට ඕන්නම් විතරයි මන් යවන්නෙ ඇයි ගහන්නද....එහෙම්ම මගෙ අත ගියේ පස්ස පැත්තට..යෝ එයා ඒක මිරිකුවත් එක්ක අනේව්....

පරිස්සමෙන් යන්න...චොක්ලට් වලට තැන්ක් යූ..💛

කොච්චර වුනත් එයා එක්ක ඉන්න එයා එක්ක කතා කරන්න මගේ හිත පිස්සුවෙන් වගෙ එයාවම ඉල්ලුවා...

ම්න්...

රිප්ලයි එකක් ආවා..ඒත් ම්න්..විතරයි..විනාඩියක් ගියෙත් නෑ රිප්ලයි ආවා..එච්චර ඉක්මන්ට එයා ගෙදරට පියෑඹුවත් ද..හිතට ආව සිතුවිල්ලත් එක්ක මන් එයාගෙ නම සේව් කරා..

බෝ බෝ ♥️🐶

..................................................♥️♥️♥️♥️♥️♥️♥️

කතාව කියවන හැමෝටම තැන්ක් යූ 😍

Continue Reading

You'll Also Like

880K 20K 48
In wich a one night stand turns out to be a lot more than that.
707K 26K 101
The story is about the little girl who has 7 older brothers, honestly, 7 overprotective brothers!! It's a series by the way!!! 😂💜 my first fanfic...
589K 18K 75
Hiraeth - A homesickness for a home to which you cannot return, a home which maybe never was; the nostalgia, the yearning, the grief for the lost pla...
128K 6K 35
"I can never see you as my wife. This marriage is merely a formality, a sham, a marriage on paper only." . . . . . . She was 10 years younger than hi...