You Are My Life...💚❤️ (Yizha...

By kookie_mad

8.7K 1.2K 318

ජීවිතේ කියන දේ හරි පුදුමාකාරයි... අපි හිතන දේවල් ඒ විදිහටම සිද්ධ වෙන්නෙ නෑ... දවසක් සතුටින් හිටියොත් දවස් ගාන... More

Introduction
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39 (Last)

Chapter 23

155 24 2
By kookie_mad

අපි දෙන්නම පියවි සිහියට ආවේ රූම් එකේ දොර ඇරෙන සද්දෙ ඇහෙද්දි...

මොකක්ද මෙතන වෙන්නෙ...

ච්....ච්....චාන් ඔ... ඔ..යා... බ්...බ්..බොස්...





✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️






ඒ ඇවිල්ලා හිටියෙ.... වෙන කවුරුත් නෙමෙයි මියැන්...

💚 ඕහ් ෂිට්... යීබෝට කියවුනා

සොරි බොස්... මං... මේ... මේ... දොරට තට්ටු කරලා ආවේ... ම්... ම..මං පස්සෙ එන්නම්... එහෙම කියලා මියැන් එලියට යන්න හදද්දි යීබෝ එයාට කිව්වා මියැන්ට එයා කතා කරනකම් එලියට වෙලා ඉන්න කියලා...

ඇත්තම කියනවනම් මෙතන අපි තුන්දෙනාම අපහසුතාවයට පත් වෙලා හිටියෙ... ඇයි යකූ කව්ද හිතුවෙ මේ වෙලාවෙ කවුරුහරි ඇතුලට එයි කියලා... මියැන් දොරට තට්ටු කරපු එකවත් අපි දෙන්නට ඇහුනෙ නෑනේ... සිරාවටම දොර ලොක් කරේ නෑ කියන එකත් අපි දෙන්නට ගානක් ගියෙ නෑ...

මියැන් එලියට ගියපු ගමන් යීබෝ ඉක්මනට මගෙ ඇදුම හැදුවා... ඔව් මියැන් දැක්කා මං හිටපු විදිහ... මොනා උනත් අහිම්සක කෙල්ල... දැන් ඉතිම් රෙද්දක් ඇදන් ඒකිට මූන දෙන්නෙ කෝමද...

💚 බනී දැන් මොකක්ද කරන්නෙ...

❤️ අපි කියමු බෝදි එයාට ඔයා දැක්කෙ මොනා උනත් ඒක ඇත්ත නෙමේ කියලා... ඒක වැරදි වටහාගැනීමක් කියලා එහෙම අපි කිව්වොත් එයා පිලිගන්නෙ නැති වෙයිද...

💚 මෝඩ බනියා ඒ කෙල්ල ඇස් දෙකෙන්ම දැක්කා මෙතන අපි දෙන්නා හිටපු විදිහ... දැන් ඉතින් වෙන කරන්න දෙයක් නෑ... ඇත්ත කියමු...

❤️මේ බෝදි පිස්සු නම් කෙලින්න එපා ඈ... ඇත්ත කියන්න... අපි දෙන්නා මැරි කරලා කියලද... පිත්තුද අයියෝ...

💚 නැත්නම් වෙන මොකක්ද... ඒකනේ ඇත්ත... එහෙම කිව්වෙ නැත්නම් එයා ඔයා ගැන වැරදියට හිතයි... මටනම් මොකුත් කියන එකක් නෑ එයාලා මං බොස් හින්දා... අනික මට කවුරු මොනා කිව්වත් ඒක මට ප්‍රශ්නයක් නෙමේ...ඒත් ඔයාට කවුරුත් මොනවත්ම කියනවට මං කැමති නෑ බනී... ඔයාට තේරෙනවනේ නේද මං මොකක්ද කියන්නෙ කියලා... අපි දෙන්නම පිරිමි... මේ රටේ අපි වගේ අයට සලකන්නෙ කොහොමද කියන එක ඔයා නොදන්නවා නෙමේනේ...

❤️ ඒත් බෝදි ඇත්ත කියන්න බෑ... එතකොට අපේ වැඩ හැම එකක්ම අවුල් යනවා... ඒ හින්දා එයා මං ගැන මොනා හිතුවත් කමක් නෑ... ඔයා එයාට කියන්න එයා දැක්ක දේවල් අමතක කරලා දාන්න කියන්න... ආයෙ ඒ ගැන කතා කරන්නත් එපා කියන්න...ඊට වඩා කිසිම දෙයක් කියන්න ඕනෙ නෑ...

💚 අනේ මන්දා බනී මං නම් ඒකට පොඩ්ඩක්වත් කැමති නෑ...

❤️ ඒක ගැන හිතන්න එපා බෝදි... එයා මට මොනවහරි කිව්වොත් මං ඒක ගැන බලාගන්නම්කෝ... දැන් එයාට එන්න කියන්න...

වෙනදා නම් ඔෆිස් එකට කවුරුහරි එද්දි යැන්ග්සි කෝල් එකක් දෙනවා... දැනටත් මං සෙකට්‍රි උනාට යැන්ග්සි එයාගෙ වැඩ කරන ගමන් ඒ වැඩේ කරා... මොකද මං ඔෆිස් රූම් එක ඇතුලෙ ඉන්න හින්දා... ඒත් අද අපේ වෙලාව කොච්චර හොදද කියනවනම් යීබෝ එයාව ෆයිල්ස් වගයක් ගේන්න යවලා...

✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️




Author's pov

එලියට ගියපු මියැන් කල්පනා කරේ ඒ මොකක්ද ඒ උනේ කියලා... මොකද එයාට ඒ දැකපු දේ විශ්වාස කරන්න බැරි හින්දා... ඒත් යීබෝ හිතුවා වගේ එයා චාන් ගැන නම් වැරදියට හිතුවෙ නෑ... එයා හිතුවෙ යීබෝ චාන්ට බල කරන්න ඇති කියලා...

ඒ කියන්නෙ බොස් කැමති කොල්ලන්ටද... ඊයෙ හවස බීච් එකේදිත් කොල්ලෙක් එක්කනෙ හිටියෙ... ඒත් චාන් එක්ක එහෙම චාන්ට අපි ඊයෙ සිද්දියත් කියලා තියෙද්දි ඇයි එයා එහෙම බොස් එක්ක හිටියෙ... එයාට බොස්ට විරුද්ධ වෙන්න තිබ්බනේ... ඒත් කව්ද දන්නෙ එයා විරුද්ධ උනාට ඒක අසාර්ථක උනාද කියලා... එක අතකට බොස් ගැන දැන ගත්ත එකත් හොදයි... අනිත් අයටත් කියන්න ඕනෙ බොස් අපි හිතනවා වගේ හොද් කෙනෙක් නෙමෙ කියලා... ඊයෙ එක්කෙනෙක් අද තව එක්කෙනෙක්... චාන්ට කියන්න ඕනෙ බොස් කරදර කරනවනම් ඔය සෙකට්‍රි තනතුර අත් අරින්න කියලා...

මට දැන් ආපහු යන්නත් බෑ... අනේ මන්දා මට මොනවා කියයිද දන්නෙ නෑ... මියැන් එහෙම හිත හිත ඉද්දි චාන් දොර ඇරලා මියැන්ට ඇතුලට එන්න කියල කිව්වෙ එයාගෙ මූනවත් නොබලා... මියැන් චාන්ට කතා කරන්න හැදුවත් චාන් කිව්වා කියන්න තියෙන ඕනෙම දෙයක් හවසට කියන්න කියලා...

එහෙම කිව්වම මියැන් බයෙන් බයෙන් වගේ ඇතුලට ගියා...

💚 ඉද ගන්න මිස් මියැන්... යීබෝ කිව්වා...

තැන්ක් යූ සර්... කියලා මියැන් ඉදගත්තෙ චානුත් ගිහින් එයාගෙ සීට් එකෙන් වාඩිවෙද්දි...

💚 ඉතින් මියැන් ඇයි හදිස්සියෙම මගෙ ඔෆිස් එකට ආවෙ... මොකක් හරි වැඩකටද... කියලා යීබෝ ඇහුවා...

ම්.. මේකයි බොස් මට හෙට නිවාඩුවක් ගන්න ඕනේ... මං බින් සර්ගෙන් අහපුවම කිව්වා බොස්ගෙන් අහන්න කියලා... ඒ හින්දා ආවෙ... බොස් තව ටිකකින් මීටින්ග් එකකට යනවා කිව්ව හින්දා මට දැන්මම ගිහින් අහන්න කිව්වා... ඒ... ඒකයි මං ආවෙ... අනේ බොස් ඇත්තටම සමාවෙන්න... මං දොරට තට්ටු කරලා ආවෙ... මං... මං... මං දන්නෙ නෑ... මියැන්ට ඇඩෙන්න වගේ... අනේ බොස් මාව අස් කරන්න නම් එපා... මං කිසිම දෙයක් දැක්කෙ නෑ වගේ ඉන්නම්... කියල මියැන් කිව්වා...

ආන් ඒ බය තියේ නම් ඉතින් මොනා කරන්න බැරිද... යීබෝ කිව්වෙ නෑ හිතුවා විතරයි...

💚 ඒ මොකටද දරුවෝ මං ඔයාව අස් කරන්නෙ... ඔයාට නිවාඩුවක්නේ ඕනේ ලීව් ෆෝම් එකක් ෆිල් කරලා බින්ට කියලා සයින් කරගන්න... ඒ වගේම ඔයා දැක්ක දේවල් මෙතනින් පිටට යන්නත් බෑ... එහෙම උනොත් එතනින් එහාට වෙන්නෙ මොකක්ද කියලා මං කියන්න ඕනෙ නෑනේ... මං හොදට හොදයි වගේම තමයි නරකටත් නරකයි... තේරුනා නේද...

යීබෝ එහෙම නම් කිව්වෙ නපුරු මූඩ් එකෙන්...

ත්... ත්... තේරුනා බොස්... මං යන්නම්... කියලා මියැන් ඉක්මනට එතනින් ආවා...

අම්මෝහ් ඔන්න මම මොකුත් දැක්කෙ නෑ... කාටවත් මොකුත් කියන්න හොද නෑ... අන්තිමට ඕක බොසාගෙ කනට ගියාම මාව තමයි අහුවෙන්නෙ... එතකොට මගෙ ජොබ් එකත් ශකබුම් වෙලා යයි... එහෙම හිත හිත මියැන් යන්න ගියා....

✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️

Zhan's pov

බෝදී එයා කාත් එක්කවත් කියන එකක් නෑ නේද...

💚 නෑ නෑ බනියෝ එයා කියන එකක් නෑ.... දැක්කෙ නැද්ද ඒ කෙල්ල බයවෙලා හිටපු විදිහ... මටනම් ඉතිම් ඕක එයා කිව්වත් පස්නයක් නෑ කියලා ඔයා දන්නවනේ... කොහෙද ඔයානේ අකමැති...

❤️අනේ මේ බෝදි මගෙන් මොකුත් අහගන්න එපා හරිද... ඔය කෙල්ලො ටික ඇත්ත දැනගත්තොත් එහෙම එයලා ඔයාට වගේම මටත් බය වෙයි... එතකොට අපේ ප්ලෑන් සේරම අවුල් වෙනවා කියලා ඔයාගෙ ඔය මෝඩ මොලේට තේරෙන්නෙ නැද්ද ඇත්තටම...

ඔන්න ඔය ෆයිල් එකත් අරන් මෙන්න මෙහෙ එනවා යන්න අර එනවා කිව්ව මනුස්සයව මීට් වෙන්න යන්න...

💚 කතාවෙන් කතාව ඒකත් අමතක වෙනවා තව ටිකෙන්... ඔයා දන්නවද ඒ එන්නෙ කව්ද කියලා...

❤️ ම්හුක් නෑනේ කව්ද එන්නෙ...

💚 යකු මගෙ සෙකට්‍රි නේද බොස්ව හම්බෙන්න එන්නෙ මොකාද කියලා දන්නෙ නැද්ද...

❤️ දන්නවා මනුස්සයෙක්නේ එන්නෙ... තව උගෙ නමත් දන්නවා... එන්නෙ කොරියාවෙ ඉදලා කියලත් දන්නවා...

💚 එතකොට ඒ මනුස්සයා මොන කම්පැනි එකේද වැඩ කරන්නෙ කියලා දන්නෙ නැද්ද...

❤️ නෑනේ... කම්පැනි එකක නමක් නම් තිබ්බා දැක්කා... ඒත් මං ඒක ගැන් වැඩිය අහලා නෑනේ බෝදි... අලුත් එකක්ද...

💚 ඔව් ටිකක් අලුත් එකක් ඔයා කොරියා ඉදලා ආපු කාලෙම වගේ පටන් ගත්ත එකක්... ඒකේ ඕනර් ලේඩි කෙනෙක්... එයත් ඔයා වගේම තමයි අද වෙනකන් කවුරුත් එයාව දැකලා නෑ... ඔයාත් එයාගෙ නම අහලා ඇති ජියා කියලා කෙනෙක්... ඒ කම්පැනි එක මාරම ස්පීඩ් එකකින් ෆේමස් උනා කොරියාව පුරාම... දැන් එයාලට ඕනෙ වෙලා තියෙනවා ඔයා ඉන්න හින්දා අපිත් එක්ක ජොයින් වෙන්න... ඒක ගැන කතා කරගන්න තමයි මිස් ජියාගෙ සෙකට්‍රි මිස්ටර් මින් අද අපිව මීට් වෙන්න එන්නෙ... කියලා යීබෝ කිව්වා...

❤️ ආහ්හ්හ් ඔව් බෝදි මං එයා ගැන අහලා තියෙනවා... සමහරවිට මං දන්න කියන කෙනෙක් වෙන්නත් පුළුවන්... එයාගෙ ඩිසයින්ස් පට්ටම ගති හොදේ... එයා වගේ කෙනෙක් එක්ක ජොයින් වෙන්න පුළුවන් නම් ඉතින් ආයෙ සුපිරි... අපිට එයාව මීට් වෙන්න බැරි වෙයිද...

💚 බලමු මිස්ටර් මින් එක්ක කතා කරලා... එයාලා අපේ terms එක්ක agree  වෙනවනම් අපිට එයාලා එක්ක contract sign කරන්න පුළුවන්... අපි එයාලා එක්ක contract sign  කරනවා කියන්නෙ මිස් ජියාට අපිව හම්බෙන්නම වෙනවා...


❤️ ම්ම්ම්ම් අපි එහෙනම් ගිහින්ම බලමුකෝ...

අපි ආවෙ හොටෙල් එකකට අපි එද්දිත් මිස්ටර් මින් එතනට ඇවිල්ලා හිටියා... යීබෝ ගිහින් එතනින් වාඩි උනේ මාව එයාගෙ සෙකට්‍රි විදිහට හදුන්වලා දෙන ගමන්මයි... කොහොමහරි කතා කරලා ඉවර වෙද්දි එයාලා අපේ කොන්දේසි වලට එකග උනු හින්දා මිස්ටර් මින් කිව්වා නෙක්ස්ට් වීක් වෙද්දි මිස් ජියා චයිනා වලට එනවා කියලා contract  එක සයින් කරන්න... හැබැයි එයාලාත් කොන්දේසියක් දැම්මා ඒ තමයි මිස් ජියා අපි ඉස්සරහට එනවා කියන්නෙ එයාලටත් සීන්ව හම්බෙන්න ඕනෙ කියලා... අපිත් ඒකට එකග උනා...

මීටින්ග් එක ඉවර වෙලා ආපහු ඔෆිස් එකට එද්දි තුනත් පහුවෙලා... ඒ ඇවිල්ලා යීබෝයි මායි යැන්ග්සි බිනායි අපි හතරදෙනාම ගියෙ අපේ මන්ත්ලි ෆැෂන් ෂෝ එකේ වැඩකටයුතු ගැන හොයලා බලන්න... මොකද ඒකට තව දවස් දෙකයි තියෙන්නෙ... ඒකට ඉදිරිපත් කරන ඩිසයින්ස් ඔක්කොම ෆයිනලයිස් කරලා ඉවරයි මං... හැබැයි තාම මං ඒ ටික යීබොට පෙන්නුවෙ නෑ... එදාට ඉන්වයිට් කරන ගෙස්ට්ලා තමයි හොදම ඩිසයින් එක සිලෙක්ට් කරන්නෙ...

එතන වැඩ ගැන බලලා බෝදි කලින්ම ඔෆිස් එකෙන් ගියෙ බෝගෙ මමාගෙ බෙහෙත් වගයක් ගේන්න කියලා මමා කෝල් කරපු හින්දා... යැන්ග්සිත් එයාගෙ වැඩ කරන්න යද්දි මාත් ආයෙ බෝගෙ රූම් එකට ආවේ බිනාවත් එක්කගෙනමයි...

ඇයි බන් මාවත් එක්කන් ආවේ... කියලා බිනා ඇහුවා...

❤️ මෙව්කයි බිනා මට අපේ අලුත් සෙට් එක එක්ක කතා කරන්න ඕනෙ...

ඉතිම් ඕක මට කියන්න ඕනෙද බන් අර ඉන්නෙ ගිහින් කතා කරපියකො...

❤️ අනේ ගොනෝ මට උන් එක්ක කතා කරන්න ඕනෙ මිස්ටර් සීන් විදිහට නැතුව චාන් විදිහට නෙමේ...

ආහ්හ්හ් ඒක මිසක් තේරෙන්න කියන්න එපැයි බන් උඹ දන්නවනේ තාම මගෙ මුල් ලමාවිය හරියට සංවර්ධනය වෙලා නෑ කියලා...


❤️අපොයි මොකෝ මං නොදන්නෙ... ඉතින් අරුන් ටික එක්ක කතා කරන්න මට ඔයාගෙන් හෙල්ප් එකක් ඕනේ...

මොකක්ද වෙන්න ඕනෙ කියාම්කො...

❤️ මට උන් එක්ක කොහොමත් ෆේස් ටු ෆේස් කතා කරන්න බෑනේ... මං දැන් උඹට කෝල් එකක් ගන්නවා... උඹ ගිහින් අරුන්ට ෆෝන් එක ස්පීකර් දාලා කතා කරන්න දීපන් සීන් කතා කරන්නෙ කියලා... ඊටපස්සෙ උන්ට කියන්න ඕනෙ ටික මං කියන්නම්...

හරි මචන් මං එහෙම කරන්නම්... උඹ දැන් කෝල් එක ගනිම්...

එහෙම කියලා බිනා යන්න යද්දි මං ඌට කෝල් එක ගත්තා... බිනා අලුත් සෙට් එක ලගට ගිහින් එයාලට් කිව්වා මිස්ටර් සීන් ලයින් එකේ ඉන්නෙ එයාට ඔයාලත් එක්ක කතා කරන්න ඕනෙ කිව්වා... කියලා...

❤️ හෙලෝ ගායිස් ගුඩ් ඊවිනින්ග්... මං කව්ද කියලා මිස්ටර් යූබින් කියපු හින්දා මං ආයෙ මාව introduce  කරන්නෙ නෑ...මට ඔයාලත් එක්ක කතා කරන්නම බැරි උනානේ... ඉතින් ඒ හින්දා තමයි අද මං ඔයාලත් එක්ක කතා කරන්න හිතුවෙ... ඔයාලා දන්නවනේ ඔයාලට අපි බාරදීලා තියෙන්නෙ ගොඩාක් ලොකු රෙස්පොන්සිබිලිටි එකක් කියලා... මිස්ටර් යීබෝ ඔයාලට ඒක ගැන පැහැදිලි කරන්න ඇතිනේ... ඔයාලා මේ දවස් ටිකට කරපු ඩිසයින්ස් හැම එකක්ම මං බැලුවා... ඇත්තටම කියන්න ඕනේ ඔයාලා ගොඩක් ටැලන්ටඩ්... ඒවගෙ පොඩි පොඩි අඩුපාඩු තිබ්බා නැත්තෙ නෑ... ඒ ටික අපිට හදාගන්න පුළුවන්... මිස්ටර් බින් ඒවා ගැන් ඔයාලට කියයි... ඊලග සතිය වෙද්දි අපි ෆැෂන් වීක් එකට ඉදිරිපත් කරන ඩිසයින්ස් අදින්න පටන් ගන්න ඕනෙ... මං ඔයාලට තීම්ස් දෙන්නම් වෙන වෙනම... මං දෙන තීම්ස් වලට අදාලව ඔයාලා මට
ඔයාලාට හිතෙන විදිහට ඩිසයින් එක ගානෙ ඇදලා එවන්න... ඒ වගේම මිස් රේෂා ඔයා ඔයා එක දවසක් ඇදලා විසි කරලා තිබ්බ ඩිසයින් එක ඇයි ඒක විසි කරේ... ඒක ඇත්තටම හොද ඩිසයින් එකක්... කවුරුහරි ඒක වැඩක් නෑ කිව්වද ඒ වගෙ එකක් ඔයා විසි කරෙ... I want an answer...

ඇත්තටම සර් මෙහෙම කියනවට සමාවෙන්න... මං දන්නෙ නෑ සර් කොහොම ඒක දැක්කද කියලා නම්... ඒත් මිස් යැන්ග්සි කිව්වා ඒක ඇත්තටම වැඩක් නෑ කියලා... ඒක සීන් සර් දැක්කොත් මාව අයින් කරයි කිව්වා... පොඩි ලමයි පවා ඊට වඩා හොදට අදියි කියලා කිව්වා... ඉතින් මට හිතුනා එයා ඇත්ත වෙන්න ඇති කියන්නෙ කියලා... ඒකයි මං ඒක විශ්වාස කරේ... කියලා රේෂා කිව්වා...

❤️ මං දෙයක් කියන්නම් දරුවෝ හොදට අහගන්න... රේෂාට විතරක් නෙමේ මං මේක කියන්නෙ ඔයාලා හැමෝටම... කවදාවත් තමන්ව අවතක්සේරු කරගන්න එපා... කවුරු මොනවා කිව්වත් තමන්ව විශ්වාස කරන්න... කොහොමත් ආයතනයක් ඇතුලෙදි අපිට අත දෙන්න ඉන්න අයට වඩා අපිව පහලට ඇදලා දාන්න ඉන්න අය වැඩී... අපි දැනගන්න ඕනේ අපිව ආරක්ෂා කරගන්න... තව කෙනෙක් කිව්ව පලියට තමන්ගෙ වැඩ හරි නෑ කියලා ඒක එකපාරටම පිලිගන්න එපා... ඔයාලා හිතලා බලන්න ඔයාලගෙ වැඩ හරි නෑ කියලා කවුරුහරි කිව්වොත් ඒ කෙනා ඔයාලා කරන වැඩ ගැන දන්න කෙනෙක්ද කියන එක... එක්කෙනෙක් කිව්වට ඒක පිලිගන්න එපා... එයාට ඒක කැත වෙන්න පුළුවන් ඒත් තව කෙනෙක්ට ඒක ඔයා හිතනවටත් වඩා ලස්සන වෙන්න පුළුවන්...  ඉතින් ඔයාලාට ගොඩක් අභියෝග වගේම බාධක එයි වැඩ කරද්දි... ඒවාට බය නොවී ශක්තිමත්ව මුහුන දෙන්න... ඔයාලට මගෙන් මොනවහරි දැනගන්න ඕනෙ නම් මේ දැන් උනත් අහන්න පුළුවන්... නැත්නම් ඕනෙ වෙලාවක මිස්ටර් යූබින්ට කියන්න... එයා මට කියයි...

තව දෙයක් ඔයාලගෙ ඕනෙම දේකට ඕනෙම වෙලාවක මං ඔයාලත් එක්ක ඉන්නවා... ඒවගේම යිබෝ, බින් දෙන්නත්... ඔයාලා කරන හැම දෙයක් දිහාමත් මං බලන් ඉන්නෙ කියන එකත් අමතක කරන්න එපා... අන්තිමට මට කියන්න තියෙන්නෙ Believe in yourself ... තමන්ව විශ්වාස කරන්න...

එහෙම කියලා මං ෆෝන් එක කට් කරා... මං දන්නවා දැන් ඔතන දවසේ මාතෘකාව මිස්ටර් සීන්...

කරන්න තිබ්බ ඉතුරු වැඩ ටිකත් ඉවර කරලා පහයි කාල විතර වෙද්දි මං ඔෆිස් එකෙන් එලියට ආවෙ මියැන්ව හම්බෙන්න යන්න...

මං යද්දිත් මියැන් ඇවිල්ලා හිටියෙ...මං ගිහින් එතනින් වාඩි වෙන ගමන්ම ඇහුවා ඉතින් මියැන් ඔයාට මොකක්ද මට කියන්න තියෙනවා කිව්වෙ... කියලා....

මේකයි චාන් මං ඔයාට කෙලින්ම කියන්නම්කෝ... මං කෙල්ලෙක් තමයි ඒත් මට තවත් මේක හිතේ තියාගෙන ඉන්න බෑ...

❤️ මොකක්ද මියැන්...

මං... මං... ඔයාට කැමතී චාන්... ඔයාව දැක්ක දවසෙ ඉදලම... මං දන්නෙ නෑ ඔයා මට කැමතීද කියලා... ඒත් අද ඔෆිස් එකේදි දැක්ක දේ හින්දම මට ඔයාට අද කොහොමහරි මේක කියන්නම ඕනෙ උනා... මට දැන්ම උත්තරයක් ඕනෙ නෑ ඔයා හිතලා බලලා කියන්න... අද ඔයාවයි බොස්වයි ඒ විදිහට දැක්ක එක ගැන ඔයා හිතනවනම් මට කියන්න තියෙන්නෙ මං ඔයා ගැන වැරදියට හිතන්නෙ නෑ කියලා... ඒත් බොස් ගැන නම් මට තිබ්බ පැහැදීම නැතුව ගියා... එයා කොහොමද ඔයාට ඒහෙම කරදර කරන්නෙ...

❤️ නවත්තන්න... හොදටම ඇති...එතනින් එහාට මං එයාට කතා කරන්න දුන්නෙ නෑ... ඔව් මං කොහොමද මගෙ බෝදි ගැන වෙන කෙනෙක් වැරදි කියද්දි සද්ද නොකර ඉන්නෙ...

ඔයා කොහොමද මියැන් බොස් ගැන වැරදි කියන්නෙ... ඔයා දැක්ක දේ ගැන ඔයාම හිතින් කතාවක් හදාගෙන... ඔයා හිතන්නෙ එහෙම කරාම හැම්දේම හරි කියලද... එතනදි බොස් නෙමේ මං නම් වැරදි ඔයා මොකක්ද කරන්නෙ...

ඇයි චාන් එහෙම කියන්නෙ... මං දන්නවා ඔයා එහෙම නෑ කියලා...

❤️ කොහොමද මියැන් ඔයා කෙනෙක් ගැන හරියට නොදැන දන්නවා කියන්නෙ... එතන බොස්ගෙ කිසිම වැරැද්දක් නෑ... මං මගෙ කැම්මැත්තෙන්මයි බොස් එක්ක හිටියෙ...

ඔව් මං එහෙම කිව්වා... මට බෑ මගෙ බෝදිට කවුරුත් අපහාස කරනවා බලන් ඉන්න...

මොනවා... චාන් බොරු කියන්න එපා... බොස් ඔයාව බ්ලැක්මේල් කරාද ඔයා ඔහොම කියන්නෙ...

❤️ අපොයි නෑ මිස් මියැන් එයා මාව මොකටද බ්ලැක්මේල් කරන්නෙ... මං ඔයාට කිව්වනෙ කලිනුත් මං හිටියෙ මගෙ කැමැත්තෙන්...

ඒත් ඔය දෙන්නම පිරිමිනේ... අනික ඔය දෙන්නා අහසට පොලොව වගේ...

❤️ ඒක මට වගේම බොස්ටත් ප්‍රශ්නයක් නෙමේ මියැන්... සමාවෙන්න මෙහෙම කියනවට... මට ඔයා අහපු දේට තව කල් ඕනෙ නෑ මං දැන්ම කියන්නම්... මට ඔයාට කැමති වෙන්න බෑ මියැන්... ඔයා දැන් දන්නවනේ මං කාටද කැමති කියලා... මට ඔයා මගෙ යාලුවෙක් විතරයි...

ඔයා හිතනවද චාන් බොස් ඔයාට ඇත්තටම කැමතී කියලා... එයා ඔයාව පාවිච්චි කරනවා විතරයි චාන්... ඔයා මට අකමැති උනාට කමක් නෑ... ඒත් බොස්ගෙන් ඈත් වෙන්න... ඔයා එයාට කැමති වෙන එකෙන් ඔයාට අන්තිමට වෙන්නෙ දුක් වෙන්න විතරයි... අපි ඊයෙ බීච් එකේ සිද්දියත් ඔයාට කිව්වනෙ චාන්... එහෙම එකේ ඇයි ඔයා මෙහෙම...

❤️ ඔව් මං දන්නවා මියැන් එයා මට කැමති නෑ ඇත්තටම...

එහෙනම් ඇයි ඔයා ඒක දැන දැනත් එයාගෙන් ඈත් නොවෙන්නෙ...

❤️ මොකද එයා මට කැමති වෙන්න ඕනෙ නෑ මියැන් එයා තරම් මට ආදරේ කරන කෙනෙක් කවදාවත් මට ආයෙ ලැබෙන්නෙ නෑ... මොකද එයා තමයි මගෙ ජීවිතේ...




To be continued...

Yizhan forever...💚❤️

කතාව කියවලා අදහසත් කියාගෙනම යන්න...
වෝට් කමෙන්ට් කරන හැමෝටම ගොඩාක් ස්තූතියි...❤️🥰

🖋️කුකී🖊️
2023/04/17

Continue Reading

You'll Also Like

46.9K 2.5K 41
កាលពីកន្លងមកគេចាត់ទុកយើងត្រឹមតែជាប្អូនប្រុសម្នាក់ប៉ុណ្ណោះ ជុងហ្គុក ចនអេនឡាក់ដែលជាកូនប្រុសទោលតែម្នាក់នៅក្នុងវង្សត្រកូលចន នាយសង្ហាម្នាក់នេះគ្មានចិត្តប្...
76.6K 4.2K 61
ထုံးစံတိုင်းပါဘဲ 18+ပါ ကြိုက်မှလာဖတ်ကြပါရှင်။
477K 65.5K 78
🌻 " අනුක් අයියේ " "...................." " අනුක් අයියේ " බස් එකේ ජනේලෙන් එපිට බලාගෙන උන්න මන් ගැස්සුනෙ එයාගෙ සුළැගිල්ල මගේ සුළැගිල්ල වටේ එතෙනකොට...
37.1K 2.7K 72
ဖတ်ကြည့်နော်😉😉