Next Door Neighbors [Straykid...

By Lix_Shine

1.9K 333 604

Enemies to friends and then turn into lovers❤️❄️ Author Wonju⚛ More

intro
chapter 1
chapter 2
chapter 3
chapter 4
chapter 5
chapter 6
chapter 7
chapter 8 (😭🙂💔)
A/n
chapter 9
chapter 10
chapter 11(dead 💔)
chapter 12 (birthday special❤️🎂)
chapter 13
chapter 14 (idk🙂)
chapter 15
chapter 16
chapter 17
chapter 18
chapter 20
chapter 21
chapter 22
chapter 23
chapter 24 (last🫐)
Thank you❤️🌼

chapter 19

43 8 71
By Lix_Shine

යුනිවල වැඩ ඔක්කොම ඉවර වෙලා හැමෝම පා ගමනින්ම අපාර්ට්මන්ට්ස් වලට යන්න ගියා...

හැමදාම වගේ ඉස්සර වෙලා ගියේ ජෝඩු වෙලා ඉන්න සැට් එක... පිටිපස්සෙන් ගියේ තනිකඩ හිත් ටික....
අනිතිමට කලින් ගියේ ලින් සේහි දෙන්නා...ඒ දෙන්නටත් පස්සේ අනිතිමටම ගියේ ෆීලික්ස් හ්‍යුන්ජින් දෙන්නා...

ඔය වෙලාදේ ෆීලික්ස් හ්‍යුන්ජින් ඩබල බර කතාවක හිටියේ....

Felix- ඒ මං දැන් සිරාවට මොකක්ද බං කරන්නේ??

Hyunjin- මං කියන්නද හ්‍යුන් කිව්වා වගේ කියලා දාපන්...

Felix- ම්ම්...ඔව් නේ....කවුරු හරි උස්සන් ගියොත් මං mk??🙂

Hyunjin- එකනේ පොල් බූරුවෝ කියන්නේ ගිහින් කියන්න කියලා.....මං සේහි ගැන බලාගන්නම්...

හ්‍යුන්ජින් ඒක කියලා ඉවර වෙනවත් එක්ක ෆීලික්ස්ව ලින් ගාවට තල්ලු කරා...

Lin- ඕහ්....මොකද??

Felix- 😶....

ෆීලික්ස් මුකුත් නොකියා ලින්ව පස්සට ඇදන් ගියා..

Lin- ඇයි වදේ මොකක්ද වෙලා තියෙන්නේ??

ඔතන ඔහොම වෙද්දි හ්‍යුන්ජින් සේහිවත් ඇදගෙන පැත්තකට ගියා...

Sehi- යාහ්....මොකද මගුල වෙලා තියෙන්නේ?? අර කොහෙද අරයා ලින්ව අරන් යන්නේ??

Hyunjin- අයියු...ඔයාගේ ඔය කටේ volume එක චුට්ටක් අඩු කරගන්නකෝ....අරයා ලින්ට කියන්න යන්නේ....

Sehi- ඕහ්...සීරියස්ලි??

Hyunjin- ඔව් ඔව්....මේ...එන්න....

Sehi- කොහෙටද??

Hyunjin- අපි හැංගි මුත්තෝ සෙල්ලම් කරමු.....

Sehi- අර මක්කටද??

Hyunjin- ටියුබ් ලයිට්...මෙන්න මෙහෙ එනවා වදේ😒

හ්‍යුන්ජින් එහෙම කියන් සේහිව ඇදගෙන convince store එහෙකට එක්කන් ගියා....

Sehi- ඇයි අපි මෙතනට ආවේ??

Hyunjin- ආෂ්....හැංගිලා බලන් ඉන්න මැට්ටියේ🤧

Sehi- ඕහ් හරි හරි.....

Hyunjin- අන්න අන්න කියන්න වගේ යන්නේ....

ඒ දෙන්න අතන වෙන දේ convince store එකේ දොර ගාව ඉදන් රබර් ඇහැ දාගෙන බලන් හිටියා...

මිසෝලට නම් තාම ගාණක් නෑ මුන් ටික මෙහෙ කියලා තාම....

ඔය වෙලේ ෆීලික්ස් සැරසුණේ ලින්ට කියන්න....

Lin- මොකක්ද කියන්න තියෙනවා කිව්වේ???

Felix- මේ...මේකයි...ආෂ්....මං......මම......මං ඔයාට....ආදරෙයි.....ලින්....ස...සරංග්හේ........කමක් නෑ ඔයාට මට කැමති වෙන්න ඕන නෑ.....i just wanted to say this anyways......

Lin- ...............

ලින් මුකුත්ම නොකියා හැරිලා ඇවිදගෙන ගියා.....ෆීලික්ස් බිම බලාගත්තේ බලාපොරොත්තු සුන් වුණ විදිහට.....

ඔය වෙලේ convince store එකේ ඉන්න ඩබල ඒක දැකලා ශොක් වෙලා....

Hyunjin- අඩෝ.....පව් මගේ එකා.....reject කරා නේත.....🙂

Sehi- නෑ...නෑ....මේක වෙන්න බෑ...මේක අනිවාරෙන් ලින්ගේ කුප්ප අදහසක්....මං දන්නවනේ ඕකිගේ හැටි....

Hyunjin- ඔයා කියන එකක් තමයි.....

සේහි කිව්වත් වගේ මේක ලින්ගේ කුප්ප අදහසක් තමයි....
ලින් ආයේ ෆීලික්ස්ගෙ පැත්ත හැරිලා දුවගෙන ගිහින් ෆීලික්ස්ව හග් කරේ මොහොතකට එයාව ශොක් කරගෙන...

Lin- idiot....නාදෝ සරංග්හේ...කුකුළෝ🌚❤️

Felix- හ්..හ්..හ්...හ්..හෑ...ම්..මො..මොකා?? ඔයා බොරුවටද ගියේ??

Lin- හි හි ඔව්😌

Felix- ආෂ්......මාව බය කරා....🙄🙃

ෆීලික්සිත් ඉතින් ඒ හග් එකට රිඇක්ට් කරා....

ඔය වෙලේ convince store එක ඇතුලේ ඉන්න ඇත්තෝ දෙන්නා free film එකක් බල ගමන් හිටියේ...

Hyunjin- ගෝල්......

හ්‍යුන්ජින් ගෝල් කියාගෙන කෑ ගැහුවේ කඩේ ඇතුලේ මිනිස්සු ඉන්නවා කියලා ගාණක්වත් ගන්නේ නැතුව...

ඒකට හොදටා ඩෝං ගිය සෙහි කරේ හ්‍යුන්ජින්ගේ ඔළුවට හොද පොල් ටොක්කක් ඇනපු එක....

Hyunjin- ආව්...ඒක රිදුනා...😫

Sehi- ආෂ්...මෝඩයා...මිනිස්සු අපි දිහා බලාගෙන ඉන්නේ....

Hyunjin- ඒකට මට ගහලා හරියනවද??

Sehi- ඔහේ ගිරිය යටින් කෑ ගහපු නිසා තමා මිනිස්සු අපි දිහා බලන් ඉන්නේ😒

Hyunjin- ආහ්...ඒහෙමත් එකක්ද🙂

මෙතන මේම වෙනකොට අර ඩබල නම් අතුත් අල්ලන් apartment එක පැත්තට යන්න ගිහිල්ලයි හිටියේ.....

පස්සේ මේ ඩබලත් කඩෙන් එළියට ආවේ ඒකේ අයිතිකාරයගෙන් හොද එකක් අහගෙනම....

At girls apartment...

හැමෝම තම තමන්ගේ කාමරවලට ගිහින් චේන්ජ් කරන් ඇවිත් සාලෙට වෙලා t.v බලන්න ගද්දි තමා මතක් වුණේ අඩුවට හිටපු දෙන්නා ගැන...

Miso- guys?? කෝ සෙහි ලින් දෙන්නා??

Savi- හප්පට🙂 උන් දෙන්නට පාර වැරදුනාද දන්නෑ...

Luna- ඒක නම් වෙන්න බෑ....උන් දෙන්නා අපිටත් වඩා හොදට මේ පාර දන්නවනේ....

Yoon- ඒකත් ඇත්ත....දැන් mk??

Miso- අයියෝ....මං ගිහින් බලලා එන්නම්....

Hazoki- නෑ..නෑ උබ හිටපන්....මං ගිහින් බලලා එන්නම්....මට කොහොමත් convince store එකටත් යන්න ඕන....

Jun- ඔයැයිට තනියම යන්න බෑනේ...මාත් එන්නම්...

Hazoki- මට තනිකම් දෝෂේ නෑ බොල..🙂

Hanyoung- යන දිහාවක පරිස්සමෙන් ගිහින් වර...අරුන් දෙන්නවත් අරන්....

Hazoki- හරි ඔම්මා මං ගිහින් එන්නම්...

හසොකි හන්යොන්ග්ට අමුතු හිනාවක් දාගෙන apartment එකෙන් එළියට බැස්සා..

Hanyoung- යකෝ බදින්නවත් හිතලා නැති මට ඔම්මලු🙂 හුවෑ😫 මේ ජුක කෝම දරාගන්නද??

Luna- අනේ නාහෙන් අඩන්නැතුව හිටු...😒

කට්ටිය ආයෙත් t.v බලන්න ගත්තේ කිසිම දෙයක් නොවුනු ගාන්ට....

හසොකි යනකොට එයත් එක්කම වගේ මින්හොත් අපාර්ට්මන්ට් එකෙන් එළියට ආවා....හසොකි එයාව දැක්කත් නොදැක්ක ගානට ගියේ....

Leeknow- *in his mind* ආහ් එහෙනම් එහෙමනේ....හාකො හාකෝ....

ඔය වෙලේ ෆීලික්ස් ලින් දෙන්නා අත් අල්ලන් අපාර්ට්මන්ට් එක ගාවට ආවට නිකන්වත් දැක්කේ නෑ හසොකිවයි මින්හොවයි....හ්‍යුන්ජින් සේහි දෙන්නා කියලත් දැක්කේ නෑ...
ඒ දෙන්නා දැක්කෙත් නෑ ලින්වයි ෆීලික්ස්වයි...මොකද කිව්වොත් හසුකි මින්හෝ දෙන්නා පඩිපෙළෙන් තමා ගියේ...එතකොට අර හතර දෙනාම ගියේ elevator එකෙන්....

Elevator එකෙන් උඩට ආපු හ්‍යුන්ජින් සේහි දෙන්නා අරුන්ට ඕන මගුලක් කරගන්න කියලා දෙන්නා දෙන්නටම ගස්සගෙන අපාර්ට්මන්ට්ස් දෙකට ගියා...එතකොට ෆීලිකිස් ලින් දෙන්නා අත් අල්ලන් ගාට ගාට අපාර්ට්මන්ට් එක පැත්තට ආවා..

වෙලා තියෙන මෙලෝ දෙයක් දන්නේ නැති හසුකි convince store එකට ගියේ එයාට ඕනි කරන බඩුව ගන්න....එයාගේ පස්සෙන්ම වගේ මින්හොත් ආවේ එයාට toothbrush එකක් ගන්න...
ඔය මනුස්සයගේ toothbrush එකේ කෙදි නැල්ලු ඒකයි🙂

Hazoki- මේකද හොද....මේකද??ඔන්න ඕන මගුලක් මේකම ගන්නවා....

හසොකි එහෙම තමන්ටම කියාගෙන් අනික් පැත්ත හැරිලා කැෂියර් එක තිබ්බ පැත්තට යන්න හදද්දි මහා ලොකු තාප්පෙක වැදුනා🙂

Hazoki- ආව්වා.....මොකාද අනේ තාප්- ආහ් මේ මෙයානේ😒මොකද හලෝ පාර මැද ගල් පිළිමේ වගේ හිටන් ඉන්නේ??

Leeknow- ඕහ් නිකන්...මට ඕනි නිසා😏

Hazoki- ඕන මගුලක් කරගන්න...😒

හසොකි මින්හොට ඕන එකක් කරගන්න කියලා යන්න යද්දිම මින්හෝ එයාගේ පාර block කරා...

Hazoki- මොකද වෙලා තියෙන්නේ??

Leeknow- මුකුත් නෑ.....

Hazoki- එහෙනම් මගේ පාරෙන් අහකට වෙන්න😒

Leeknow- ඔයාගේ පාර?? කෝ ඔයාගේ නම මට පේන්නේ නෑනේ😌

Hazoki- ආෂ් වදේ....

??- ඔය ළමයි මොනාද ඔය කරන්නේ ආහ් පැත්තකට වෙන්න...කෝ කෝ පැත්තකට වෙනවලා....

එතනින් යන්න ගිය වයසක ගෑණු කෙනෙක්ට මළ පැන්නේ ඒ දෙන්නා එතනින් හෙළ වෙන්නේ නැති නිසා...

බැරිම තැන ඒ වයසක ගෑණු කෙනා හසොකිව තල්ලු කරගෙන ගියේ හොදටම ඩෝං ගිහින්...

හසොකිව තල්ලු කරපු පාර එයා ගිහින් නැවතුනේ මින්හොගේ ඇගේ🙂

Hazoki- ............ම්..ම...ම්..මියන්හේ...

Leeknow- ඔයාට ප්‍රශ්නයක් නෑ නේද?? තුවාල වුණාද??

Hazoki- නෑ..න්..නෑ...ඔහ්..ඔ..ඔයාගේ අත තුවාල වෙලානේ....

Leeknow- බිතතියේ වැදුන පාරට වෙන්න ඇති...ආෂ්...කමක් නෑ....එන්න අපි යං මෙතන හිටියොත් මට කේන්ති යනවා.....

Hazoki- හරි ශෝක්....මට වැඩක් නෑ ඔයාට කේන්ති ගියාට...ඔක්කොටම කලින් ඔයාගේ මේ අතට බෙහෙත් දාගෙන ඉමු...

Leeknow- නෑ නෑ ඕනි නෑ....

මින්හෝ කොච්චර මොනා කිව්වත් එයාට අන්තිමට බෙහෙත් දාගන්නම වුණා....

දෙන්නත් එක්ක convince store එකෙන් එළියට ආවා...

Hazoki- දැන් හරිනේ....ඔයා බොරුවටනේ කෑ ගැහුවේ...

Leeknow- මං කොහෙද කෑ ගැහුවේ🙂

Hazoki- එහෙනම් මං වෙන්න ඇති ආව්වා...ඔම්මා රිදෙනෝ කියල කෑගැහුවේ😒😂

Leeknow- හාකෝ හාකෝ...ඒකනෙමෙයි ඔයා එක්ක එදා පාර්ක් එකේ හිටපු කොල්ලා කව්ද??

Hazoki- ආහ් ඒ ලින්....

Leeknow- මොකා?? ඒ ලින්ද....මං හිතුවේ ඒ ඇත්තටම කොල්ලෙක් කියලනේ🙂

Hazoki- හ්ම්ම්..ඔව්😂ඔයා රැවටුනා නේ...

Leeknow- හහ්...මාව රැවැට්ටුවනේ😒 ඉන්නකෝ😏

මින්හෝ එහෙම කියලා ඉතින් දන්නවනේ ඉතුරු ටික හිතාගන්නලා හොදේ...

At girls apartment

ලින් වෙච්ච හැමදේම මිසෝලට කිව්වා...මිසෝලනම් ශොක් වෙලා හිටියේ...

Hanyoung- වාහ්...මට නම් මේ හිතාගන්නවත් බෑ....anyways congrats ආහ්🥺❤

Lin- තැන්කු තැන්කු🌚ඒකෙනෙමේ කෝ හසෝ??

Miso- හහ්?? හසෝ?? අයියයෝ කෝ දැන් මෙයා...

Sehi- අපි එයාව දැක්කෙම නෑනේ...කෝ එයා??

Savi- එයා ආවා උබලව බලන්න....

Luna- ආෂ්...දැන් ඉතින් එයාවත් හොයන්න අපි යමු...

Yoon- මං හිතන්නේ ඕන නෑ....මේ එන්නේ කියනකොට...

යූන් එහෙම කිව්වේ දොරේ හිලෙන් එළිය බලාගෙන....ඒත් එක්කම හසොකි දොර ඇරගෙන ආවේ දොරේ එළ්ලිලා හිටපු යූන් ගැනවත් ගාණක් නැතුව...

Jun- මොකද බං ඔන්නියේ පරක්කු වුණේ??

Hazoki- ම්..න්..නෑ..නෑ...හුවෑ😫

හසොකි හයියෙන් කෑ ගහගෙන එයාගේ කාමරේට දිව්වේ සාලේ හිටපු හැමෝවම confuse කරගෙන...

Yoon- ආව් මගේ නහය🙂

Luna- මොකක්ද බං එයාට වෙලා තියෙන්නේ??🙂

______________________________________________________________

ඔන්න දැම්මා කාලෙකින්🤧 කියන්න ඕන exam නිසා තව පරක්කු වෙයි ආහ්😪

එහෙනම් මේ දවස් වල exam වලට face කරන වගේම face කරන්න ඉන්න හැමෝටම සුභ පැතුම් ආහ්🌚❤හොදට කරන්න❤

එහෙනම් මං ගිහින් ඊළග chapter එකෙන් එන්නම්..byeeeeee👋👋 ❤️❤️

_V_

Continue Reading

You'll Also Like

4.2K 716 27
අහම්බෙකින් හම්බුණ අවස්ථාවක් නිසා මගෙ මුලු ජීවිතේම වෙනස් වෙයි කියලා මම කවදාවත් හිතුවෙ නෑ.. ඒත් මම ආසයි ඒ වෙනසට.. ඒ වෙනසට මම හැමදාමත් ආදරේ කරා...!
1.6K 253 9
රෝසියාන් පාර්ක් යනු, තමාගෙ රූපය නිසා උමතු වී කරන්න ඕන හැම දහ තුරා වැඩක් ම කරල නටන්න ඕන හැම නාඩගමක් ම නටලා,රවට්ටන්න ඕන හැම කොල්ලම රවට්ටලා, ජීවිතේ ගෙවන...
881K 54K 119
Kira Kokoa was a completely normal girl... At least that's what she wants you to believe. A brilliant mind-reader that's been masquerading as quirkle...
14.8K 470 11
Meredith, Derek and their 2 kids decide to stay in Seattle. Meredith and Derek want to try for another baby.