Dear_Iridium_High [Ongoing]

By Swann_Grace

172 47 26

කොයිදේ කොහොම සිද්ද වුනත්, නසරානි සෙට් එක හැමදාම එකට ❤ More

introduction ❤
01 ❤
02 ❤
03 ❤
04 ❤

05 ❤

26 3 0
By Swann_Grace

Jisoo's Pov,


Library එකෙන් එළියට ඇවිත් අපි දෙන්නා පයින්ම hostel එකට ඇවිදගෙන යන ගමන් කයියක් දාගෙන ගියා...

-" ඒක නෙමෙයි, school එකේ නිවාඩු දෙන්නත් ලඟයි නේ.." මන් Soya ගෙන් ඇහුවෙ එන ගමන් ගත්ත lollipop එක කටේ දාගන්න ගමන්...

-" ඔව්, මේ පාර නම් ගෙදර යනකම් ඉවසිල්ලක් නෑ මට. හීජින්ව පුදුම කරන්න."

-" හාපෝ.... අර හෝතම්බු පොඩි එකා?? උබලා දෙන්නත් එකට ඉන්නකම් මරා ගන්නවා. හැබැයි දෙන්නට දෙන්නා නැතුවත් බෑ."

-" එහෙම තමයි සහෝදරයෝ." එහෙම කියලා Soya හිනාවෙන්න ගත්තා...

-" හරි ඉතින් මට සහෝදරයෝ නෑ තමයි." මන් ඇස් දෙක කරකවන ගමන් රවලා කිව්වා..

-" ඉතින් මේ මන් ඉන්නෙ.. අපි සහෝදරියෝ වගේ නෙමෙයිද?" Soya අත් දෙකත් දෙපැත්තට දාලා cute විදිහට ඇහුවා. මල කෝලම්..

-" නැතුවට කමක්නෑ." මන් එහෙම කියලා අඩිය ඉස්සර කරන් ඇවිදගෙන ගියා.

-" ඒක නෙමෙයි, ගෙදර ගියාම මට ජිමින් නැතුව පාලු හිතෙයි....."

-" ඔව් ඉතින් අපි නැති වුනාට නම් ගානක් නෑනෙ නේද "

-" ඇයි..? ඔයා මේ සැරේ අපේ ගෙදර නෙමෙයිද ඉන්නෙ? " Soya එකපාරට මාව නතර කරන ගමන් ඇහුවා.

-" මන් ගෙදර යනවා." මන් ගැඹුරින් හුස්මක් ගන්න ගමන් කිව්වා...

-" ඇයි....? "

-" මන් ගෙදර යන්න ඕනි Soya.. මන් එහෙට හුරු වෙන්න ඕනි. School එකෙන් out වුනාට පස්සේ කොහොමත් මට එහේ තමයි ජීවත් වෙන්න වෙන්නේ."

-" ඔයා.. කොහොමද එහෙ තනියම ඉන්නෙ? "

-" Mmm... ටික දවසක් ඉන්නකොට හරියයි. Neighbours ලව එහෙම අඳුරගත්තාට පස්සෙ, ඒක එච්චර අමාරු වෙන එකක් නැහැ."

-" Hmm.. මන් එන්නම් ඔයාව බලලා යන්න."
.
.
.
.
.
.
.
.
.
Tae's Pov,

Hotel එකේ car park එකේ ලස්සනට දිලිසි දිලිසි නවත්තලා තිබුනේ මගේ හුරුබුහුටි රතු මකර පැටියා. ආයිශ්... මගේ වස්තුව මන් එනෝ..

මන් key එකත් කරකව කරකව ගිහින් driving seat එක පැත්තෙ දොර අරිද්දිම මේ කෙල්ල මොකද්ද කිව්වා...

-" මට දොර ඇරලා දෙන්නෙ නැද්ද?" එහෙම කියලා එයා අත් දෙකත් බැදගෙන මගේ දිහා බලන් හිටියා..

-" ඇයි මන් තවෞසෙගෙ driver ද? " මන් එහෙම කියලා ගනන් ගන්නෙ නැතුව car එකට නැග්ගා.

-" Manners කියලා දෙයක් දන්නැද්ද?"

-" තවෞසෙට ඕනි නම් නගිනවා... නැත්තම් මට ප්‍රශ්නෙකුත් නෑ."

මන් side කණ්නාඩියෙන් බලන් කොණ්ඩෙ හදන ගමන් කිව්වා. හ්හ් හිතේ ඇති madam ට දොර ඇරලා දෙයි කියලා...

එහෙම කිව්වට පස්සෙ ගස්සලා පද්දලා පුප්පලා රවලා ඔක්කොම කරලා ඇවිත් passenger seat එකෙන් වාඩි වුනා. පිස්සු කෝලමක්...
.
.
.
.
.
.
.
Christmas ලඟ නිසා හැමතැනම Christmas decorations... හරිම ලස්සනයි. Seoul City එක වටේම රවුමක් ගිහින් ඇවිත් cafe එකක් ගාව නැවැත්තුවේ සීතල වෙලාවට උණුම උණු coffee එකක් බොන එක මන් පට්ට ආස අමුතුම feeling එකක් නිසා.

මන් cafe එක ඇතුලට ගිහින් Hazelnut Coffee දෙකකුත් අරන් එළියට ආවා. ඒ එනකොටත් Inha car එකෙන් බැහැලා car එකට හේත්තු වෙලයි හිටියෙ. මම ගිහින් එයාටත් coffee එකක් දික් කරලා එයාගෙ එහාපැත්තෙන් ඒ විදිහටම car එකට හේත්තු වුනා.

කලුවරත් වැටිලා. ම්ම්.. දැන් වෙලාව 7ට විතර ඇති. අපි හිටපු තැනට ටිකක් ඈතින් ලස්සනට නම්සම් කුලුන පේන්න තිබුනා. මේ තැනෙත් හරි අමුතු look එකක් තියෙන්නෙ.

ඉස්සෙල්ලා මන් කිව්ව දෙයින් පස්සෙ Inha මාත් එක්ක කතා නොකරපු නිසා මන්ම මුලින් කතා කරන්න හිතුවා.

-" ඔයාලා මෙහේ කොච්චර දවසක් ඉන්නවද?" මන් කෝපි එකෙන් උගුරක් බොන ගමන් ඇහුවා.

-" බය වෙන්න එපා එච්චර කල් ඉන්නෑ."

ඔය කිව්වෙ ඉතින්. එහෙම කියලා ආයෙත් අපි දෙන්නගෙන් කව්රුත් කතා නොකර හිටපු නිසා මන් ආයෙත් මුලින් කතාව පටන් ගත්තා.

-" ඔයාගෙ college එකේ වැඩ කොහොමද කරන්නෙ? "

-" Daddy කිව්වා මාව මෙහේ college එකකට දානවා කියලා. ම්ම්... බොහෝ විට Kim අන්කල්ගෙ college එකටම දායි."

-" Oh... ඔයාට මෙහෙන් යාලුවෝ හදා ගන්න එක එච්චර අමාරු වෙන එකක් නැහැ. මාත් ඉන්නවා නේ." මන් එහෙම කියලා ආයෙත් මගේ කෝපි එකෙන් උගුරක් බිව්වා.

-" යාලුවොන්ට මන් වැඩිය කැමති නැහැ."

මොකක්? යාලුවොන්ට කැමති නැල්ලු? මොන මනුස්සයද අනේ යාලුවොන්ට අකමැති.

-" ඇත්තටම? "

-" Mmm... USA වල ඉද්දිත් මට යාලුවොන්ට කියලා හිටියේ එක්කෙනෙක් විතරයි. Daddy ගෙ friend කෙනෙක්ගෙ daughter කෙනෙක්. අපි එකම College එකේ වුනත් අපි අතරේ එහෙම ලොකු friendship එකක් තිබ්බෙ නැහැ.

ඔයාට යාලුවෝ ඉන්නවද?"

එහෙම අහගෙන එයා කෙලින්ම බැලුවේ මන් දිහා. යාලුවෝ.. ඒ වචනේ ඇහුවත් හිනායනවා උන්ගෙ වැඩ මතක් වෙලා.

-" අප්පෝ ඔව් මොකද නැත්තෙ.. මට යාලුවෝ ඉන්නවා. ඔයාටත් මන් මුණගස්සවන්නම් කෝ."

මන් එහෙම කියලා හිනාවෙවීම මගේ කෝපි එකේ රස බලද්දි ඊලඟට අහපු එකෙන් තමයි මට හික් ගෑවිලා ගියේ.

-" එතකොට ඔයාගෙ girlfriend? "

-" ahh... එහෙම කෙනෙක් නෑ. "

මොනා කරන්නද පුතෝ... දැන් ඉතින් හිනාවෙයි. කමක්නෑ කොල්ලෝ single life is the best.

fighting!


-" බොරු කියන්න එපා."

-" බොරු නෙමෙයි."

-" මන් අන්කල්ට කියන්නෑ."

-" හරි ඉතින් එහෙම කෙනෙක් නෑනෙ."

-" ඔයා ඔය බොරු කියන්නෙ."

-" අනේ ඔයාට බොරු කියන්න මට වැඩේනේ."

-" ඔයාගෙ මූණ දැක්කමත් හිනා යනවා."

-" මන් දන්නවා."

මන් එහෙම කියලා ආයෙත් කෝපි එක බොන්න ගනිද්දි මේකි බඩත් අල්ලන් හිනාවෙන්න ගත්තා.

-" බීලා ඉවර නම් යමුද? " මන් ඒක කිව්වෙ අන්තිම කෝපි උගුරත් ඉක්මනට හලාගෙන car එකට නගින ගමන්.
.
.
.
.
.
.
.
Jisoo's Pov,

Weekend එකත් එහෙම්මම ගෙවිලා ගිහින් සදුදාත් ආවා. පුදුම සීතලක් නේ තියෙන්නෙ තාම හිම වැටිලාවත් නෑ.. මන් ඇදේ ඒ මේ අතර පෙරළෙන ගමන් phone එක අතට අරන් වෙලාව බැලුවේ 6ට තිබ්බ alarm එක තාම වැදුනේ නැති නිසා තව කොච්චර වෙලා නිදාගන්න පුලුවන්ද බලන්න.

පහයි පනස් අටයි. ආයිශ්... මන් ආයෙත් බෙඩ්ශ්ට් එක අස්සට ගිහින් ගුලිවෙලා ඇස් දෙක පියා ගත්තා විතරයි මහ සද්දෙන් මේ මගුල එලාම් එක වැදෙන්න ගත්තා. මේ වගේ වෙලාවට බඩ බොකු දැවීගෙන එනවා feeling එකක් ආයෙ නෑ phone එක අල්ලලා ජනේලෙන් එලියට විසි කරන්න හිතෙන.

මන් බොහොම ඉවසීමෙන් නැගිටලා alarm එක off කරලා සිනා මුසු මුහුණෙන් ඇදෙන් බැහැලා සෝයාටත් තට්ටුවක් දාලා බාත් රූම් එකට ගියේ බොරුවට උදේ පාන්දර ලේ පුච්චගන්න ඕන නැති නිසා.

මන් ඉක්මනට යුනිෆොම් එකත් ඇදන් ready වෙලා ඇවිත් බලද්දිත් මේ ගෑනි කොට්ටෙ තුරුල් කරන් මොකාද වගේ නිදි. ශික් නිදාගෙන ඉන්න හැටි විතරක් සතෙක් වගේ... ඉන්නවකෝ මන් කරන්න..

-" හන් සෝයෝන්!! කිව්වම අහලා නැගිටිනවා!!! "

මන් ඇඳ ගාවට ගිහින් හයියෙන් විලාප දුන්නෙ පොරවන් හටපු රෙද්දත් ඇදලා ගන්න ගමන්.

මගේ කටේ සද්දෙට ඉද්ද ගැහුවා වගෙයි මේකි කෙලින් වුනේ.

-" මොකද ගෑනියේ මැරෙන්න හදන්නෙ??? "

-" යැයි යැයි තමා.. බලපන් වෙලාව කීයද කියලා. අම්මපා අද නම් මන් තීව දාලා යනවා ඇත්තමයි. පුලුවන් විදිහකට වරෙන්."

මන් එහෙම කියලා අරූගෙ uniform එකත් ඇදට විසික් කරලා මගේ බෑග් එකත් අරන් එලියට බැස්සෙ ඕන වෙලාවක එන්නැතැයි කියලා හිතාගෙන.
.
.
.
.
.

Jimin's Pov

⏰⏰⏰

Ahhhhhhhhhggggg!!! මොන වධයක්ද අප්පා.. මන් කොට්ටෙන් කන් දෙකත් වහන් අනිත් පැත්ත හැරුන විතරයි කවුද මන්දා බේසිගෙ පුතෙක් phone එකටත් ring කරනවා. Alarm එකයි phone එකයි තරගෙට වගේ ලතෝනි දෙන්නෙ මගේ ඇඟ ඇතුලේ ඉන්න සාතන් එලියට ගෙන්න ගන්නද කොහෙද අම්මපා මේ මල පාන්දර කෝල් කරන බූරුවට වැහි නැති හෙණ ගහන්න ඕනි මට නිදාගන්න නොදී මේ කරන අපරාධෙට.

මන් එලාම් එකත් off කරන ගමන් ඊට එහා පැත්තෙන් තිබුන phone එක අතට අරන් call එක answer කරේ අම්මපා දෙකක් කියනෝ කියලම හිතාගෙන උනත් answer කරපු තප්පරේට line එකේ ඉන්න එකා මගේ ජාතිය අමතන්න ගත්ත විතරයි නිදි මතත් ජනේලෙන් පැනලා ගියාද කොහේද

-" මූකලන් බස්සෝ... අටුකොස් කන ඔටුවෝ... උඹ තාම නිදිද බේසිකයෝ..."

මන් මුගෙ contact එක බලනවත් එක්කම මගේ ඇස් කෙලින්ම ගියේ ඔරලෝසුව දිහාට. Alarm එකත් හය වතාවක්ම skip කර කර නිදාගත්තනේ.

මන් එහෙම්මම ඇදෙන් බැහැලා ගිහින් හිමීට කර්ටන් එක ඇරලා බලද්දියි දැක්කෙ ටේ පහලට වෙලා phone එකත් කනේ තියන් අපේ ගේ දිහා බලන් ඉන්නෝ.

-" අහ්... පොඩ්ඩක් හිටපන් බන් මේ ලෑස්ති වෙලා ඉන්නෙ. විනාඩි පහක් දියන්."

මන් එහෙම කියලා ඉක්මනට කෝල් එක කට් කරලා දුවගෙන ගියේ බාත්රූම් එකට.
.
.
.
.
.
.
Tae's Pov,

අර රිලවා විනාඩි පහෙන් එනවා කියලා නේද කිව්වෙ. ඌ එනකම් මන් පහලට වෙලා car එකට හේත්තු වෙලා බලන් ඉන්නකොටයි දැක්කෙ Jisooයි Seoyeonයි මේ පැත්තට එනවා. ඉතකොට එයාලා ඉස්කෝලේ යන්නෙ මේ පාරෙන්ද..

මාව දැක්ක ගමන් දෙන්නම මාත් එක්ක හිනාවෙද්දි මාත් පෙරලලා හිනාවෙලා කතා කරා.

-" ඔයාලත් මේ පැත්තෙන්ද යන්නෙ?"










❤❤❤


කොහොමද strawberries 😘🍓
ඊලඟ එපියෙන් හම්බෙමු එහෙනාම්...

Bye bye 👋






#Kim_Shelly

Continue Reading

You'll Also Like

616K 18.6K 75
Hiraeth - A homesickness for a home to which you cannot return, a home which maybe never was; the nostalgia, the yearning, the grief for the lost pla...
318K 9.6K 101
Daphne Bridgerton might have been the 1813 debutant diamond, but she wasn't the only miss to stand out that season. Behind her was a close second, he...
376K 13.5K 58
𝐈𝐍 𝐖𝐇𝐈𝐂𝐇 Ellie Sloan reunites with her older brother when her hospital merges with his jackson avery x ellie sloan (oc) season six ━ season se...
811K 30K 105
The story is about the little girl who has 7 older brothers, honestly, 7 overprotective brothers!! It's a series by the way!!! 😂💜 my first fanfic...