මගේ හිතුවක්කාරයා (Zhanyi) Com...

Par ZHAYI_1085

135K 18.2K 7.4K

ඔබේ සිනා ලග නෙත නැවතුන දා...... ඔබේ කතා ලග සිත නැවතුන දා..... ප්‍රේමය හැදින්නෙමි.....❤️💚 🔞 Zhanyi Plus

01.කොටස
02.කොටස
03.කොටස
04.කොටස
05. කොටස
06.කොටස
07.කොටස
08.කොටස
09.කොටස
10.කොටස
11.කොටස
12.කොටස (බෝනස්)
13.කොටස
14.කොටස
15.කොටස
16.කොටස
17.කොටස
18.කොටස
19.කොටස
20.කොටස
21.කොටස
A/N
22.කොටස
24.කොටස
25.කොටස
26.කොටස
27.කොටස (බෝනස්)
28.කොටස
29.කොටස
30.කොටස
31.කොටස
32.කොටස
33.කොටස
34.කොටස
35.කොටස
36.කොටස
37.කොටස
38.කොටස
39.කොටස
40.කොටස
41.කොටස
42.කොටස
43.කොටස
44.කොටස
45.කොටස
46.කොටස
47.කොටස
48.කොටස
49.කොටස
50.කොටස
51.කොටස
52.කොටස
53.කොටස
54.කොටස

23.කොටස

2.1K 343 161
Par ZHAYI_1085


කාර් එක ගෙදර කඩුල්ල ලගට අරන් මං හෝන් එක ගහද්දි එයා මගෙ අතක් තදින්ම මිරිකගත්තා.... ඒත් එක්කම මගෙ මල්ලි කුඩයක් අරන් කඩුල්ල ලගට දුවගෙන එද්දි මං දැක්කා අම්මයි නැන්දයි වෙනුකියි දොරකඩ ලග ඉදන් මේ පැත්ත බලන් ඉන්නවා....

*
*
*

මල්ලි ඇවිත් කඩුල්ලට දාලා තිබුන උණබට අයින් කරද්දි මං කාර් එක වත්තට දාන්න කලින් එයා දිහා බැලුවා.... චණ්ඩියා වගෙ ආවට දැන් කොල්ලා ඉන්නෙ බයෙන්....ඒත් ඒ බය හංගගෙන එයා මාත් එක්ක හිනා උනා... මගෙ සිංහ පැටියා....

මං එයාගෙ නළලට හාදුවක් තියලා  ඈත් වෙලා ආයෙත් ඒ ඇස් දිහා බැලුවා....

"මොන දේ උනත් හිත රිද්දගන්න බෑ... ඉවසනවා කියල මගෙ මැණික මට පොරොන්දු උනා... මතකයි නේද..? "

"ම්ම්....ඒත්...මේ......."

" ම්ම්ම්...ඇයි මැණික....?"

"මේ... ඔයාගෙ නෑනාට ඔයාව කිස් කරන්න අල්ලන්න දෙන්න එපානෙ..."

එයා මගෙ අතක් අල්ලන්  ඇගිලි මිරික මිරික ඇස් බිමට බර කරන් එහෙම කියද්දි මං  මගෙ අනිත් අතින් එයාගෙ මුහුණ උඩට ඉස්සුවා....

"මේ අහන්න බෝ.... පොඩි කාලෙ වගේම වෙනුකි තාමත් මගෙ අතේ එල්ලෙනවා.... ඒක එකපාරටම නවත්තන්න අමාරුයිනෙ දරුවො.... ඒත් දැන් මං පුළුවන් තරම් අතෙ දුරින් ඉන්නම්..... පොඩි කාලෙ නම් කිස් කරලා ඇති නංගියෙක්............."

"ඊව්... තමුසෙ එකීව පොඩි කාලෙ කිස් කරාද අයියේ....?"

"අයියො මං කිව්වෙ අත දරුවා කාලෙ බන්..."

"ඒ කාලෙ හරි තමුසෙ මට කලින් ඒ වැදිරිව කිස් කරානෙ... ඒත් මට  කිව්වෙ නම් මට දුන්නෙ ෆස්ට් කිස් එක කියලා...හහ්..."

"ආහ්..."

ඒ මොන හරුපයක්ද ඒ කිව්වේ......

"හරි හරි ඒකට කමක් නෑ....ඒක දීලා ඉවරනෙ....ඒත් දැන් අතින් අල්ලන්න ඇගේ එල්ලෙන්න  එපා කියන්න.... ඔයා මගේනෙ අයියේ..... ඔයාගෙ හිතේ සහෝදර කැක්කුමක් තිබුනට එයාගෙ හිතේ එහෙම නෑ කියල දන්නවනෙ..... ඔයා උනත් තේජාන් අයියා මාව අල්ලනවට කැමති නෑනෙ...."

"ඔන්න ඉතින් ගෙට යන්නත් කලින් පටන් ගත්තද....? තේජානුයි වෙනුකියි කියන්නෙ දෙන්නෙක් බෝ....."

"ඔයා කියන්නෙ තේජාන් අයියා මාව අල්ලන්නෙ වල්කමට, ඒක වැරදියි.... වෙනුකි ඔයාව අල්ලන්නෙ ආදරේට ඒක කමක් නෑ කියලනෙ...?.... එහෙමනෙ..?"

"බෝ.... මොනවද මේ කියන්.............."

"හරි...තේරුනා.... කමක් නෑ.... මං ඕන දෙයක් ඉවසන්නම් කියලනෙ ආවෙ.... දැන් යමු....."

"බෝ..... ඇයි මේ පොඩි එකෙක් වගෙ.........."

"අනේ දැන්වත් යමු....අර චූටිත් කාර් එකට එබි එබි බලනව අපි තාම මෙතන නිසා....."

හ්ම්ම්....ගෙට ගොඩ වෙන්නත් කලින් හුස්ම හිර උනා වගේ දැනුනා.... මං ලොකු හුස්මක් අරන් කාර් එක වත්තට දාලා නැවැත්තුවා... එතකොටම මල්ලි මං ඉන්න පැත්තට ඇවිත් කාර් එකට එබෙනකොට මං දොර ටිකක් ඇරියා.... ඊටපස්සෙ ඒකා  මගෙ අතට තව කුඩයක් දීලා ආයෙත් ගෙට දිව්වෙ අමුතු හිනාවක් දාගෙන....මං කිස් එකක් දෙනවා දකින්න ඇති....

මං දොරත් වහගෙන කුඩෙ ඉහලන්  එළියට ඇවිත් එයා ඉන්න  පැත්තට ගිහින් දොර අරිනකොට එයා  අත් දෙකත් පපුවට බැදගෙන ගුලි වෙලා ඉන්නවා....මං එයාට එළියට එන්න අත දෙනකොට එයා මගෙ අත දිහා බලලා ගේ පැත්ත බැලුවා.... ඊටපස්සෙ එයා මගෙ අත තදින් අල්ලගෙන කුඩේ යටට එද්දි  මං කාර් එකේ දොර වහලා එයාගෙ උරහිස් වටේ අත දාගෙන එයාව තවත් මගෙ ලගට ලන් කරගත්තා....

අපි දෙන්නම ගෙදර දොරකඩ ලගට යද්දි  මල්ලි මගෙ අතේ තියෙන කුඩේ ගන්නකොට වෙනුකියි නැන්දයි අම්මයි දොරකඩ ලගින් ඈත් උනෙ අපිට ගෙට ඇතුල් වෙන්නයි...... මං දොරකඩ ලග මගෙ සෙරෙප්පු දෙක ගලවලා ඉක්මනට නැමිලා එයාගෙ ඩෙක් ශූස් දෙකත් ගැලෙව්වා....

"මේස් ගලවන්න ඕනෙ නෑ.....සීතල අල්ලන්න කලින් ඉක්මනට ඇතුලට යමු..."

මං එයාගෙ සපත්තු ගලවනවා අම්මා දැක්කත් මං ඒක නොදැක්ක විදිහට එයත් එක්ක ඇතුලට යද්දි මල්ලිත් ගෙට ඇවිත් දොර වහලා දැම්මා.....

අම්මාගෙ ඇස් තියෙන්නෙ එයා දිහා කියල මං දැක්කා.... එයත්  අම්මා දිහා බලලා  හෙමීට මගෙ උරහිසට මුවා වෙද්දි මං දැක්කා  නැන්දා නම් හිනා වෙලා මං දිහා බලන් ඉන්නවා....
ඒත්  වෙනුකි නම් හිටියෙ නොරිස්සුමකින් මගෙ කොල්ලා දිහා බලාගෙන....

"මෙයා මොකද ලොකු අයියෙ මෙහෙ...? මෙයා නිසාද ඔයා පරක්කු උනේ....?"

"වෙනූ කටවහනවා... ගෙදරට ආපු අමුත්තෙක්ට මොකක්ද මේ කතා කරන විදිහ..... අනේ ලොකූ පුතේ ගණන් ගන්න එපා... පුතා එන්න පරක්කු නිසා මේකි පුපුර පුපුර හිටියෙ..... ඇත්තටම කවුද පුතේ මේ දරුවා....?"

වෙනුකි ඒක අහපු විදිහට මගෙ අත මිටි මෙලවුනෙ කේන්තියටයි.... මගෙ කටින් වචනයක් පිට වෙන්න කලින් නැන්දා ඒකීගෙ කට වැහුවා....

"නැන්දෙ.............

"වෙන කවුද ඉතින් එයාගෙ වැඩ කරන ගෙදර සර්ගෙ පුතානෙ...."

මං නැන්දට උත්තර දෙන්න කලින් ආයෙත් ඒකී මැද්දෙන් පැන්නා... ඒ කියන්නෙ නැන්දා තාම අපි ගැන දන්නෙ  නැ.... 

"ආහ්...උබ ඒක දැනගෙනද වෙනුකියො අර විදිහට කතා කරේ..? ආ...? ඇත්තමයි දැන් උබෙ කට වැඩියි හොදටම...."

"ඔව් ඉතින් ඔක්කො...........

"චූටී....!! ගිහින් මගෙ අල්මාරියෙන් අර වූල් කබාය අරන් එන්න....!"

වෙනුකි ආයෙත් නාහෙන් අඩාගෙන කියවන්න හදනකොට අම්මාගෙ කටහඩට අපි හැමෝම ගැස්සුනා... අම්මා එහෙම ලේසියෙන් සද්දෙට කතා කරන කෙනෙක් නෙමෙයි....

"චූටී උබට කන ඇහුන්නැද්ද....??"

අම්මා ආයෙත් සැරෙන් අහනකොට
මල්ලි දුවලා ගෙට ගියා.... අම්මා මගෙ කොල්ලා දිහා බලාගෙනම මං ලගට ආවා....ඒත් එයාට හිනාවක්වත් දුන්නෙ නැ.....

"මගෙ ලොකු පුතේ....."

මගෙ ලගට ආපු අම්මගෙ ඇස් මං බලන් ඉද්දිම කදුළින් පිරුණා...... ඒ සතුටු කදුළු කියල මං දන්නවා.....මාව ගොඩාක් කාලෙකින් දැක්ක නිසා අම්මට සතුටුයි කියල මං දන්නවා.....අම්මා ආදරෙන් මගෙ උරහිස් වල ඉදන් පහලට මගෙ අත් අතගානගමන් මං දිහා බලන් හිටියා... අම්මා හිටියටත් වඩා කෙට්ටු වෙලා....

"මගෙ කොල්ලා හිටියටත් වඩා ලස්සන වෙලා.... මුහුණ කට පුරෝදාලා...ඇස්වහක් වදින්න එ..........."

"අනේ මන්දා නැන්දෙ... නැන්දගෙ ඇස් පෙනීමත් දැන් අඩු වෙලාවද...? බලන්නකො අප්පා ලොකු අයියා ඇදිලා ගිහින් වගේ.... මෙහෙන් යද්දි කොච්චර ලස්සනට්.............."

"අනේ වෙනුකියෝ.....නවත්තපන් කෙල්ලෙ  උබේ  බලි කට... !"

අම්මට මාත් එක්ක කතා කරන්න නොදී වෙනුකි ආයෙත් මැද්දෙන් පැනලා නැන්දගෙන් බැනුම් ඇහුවා... මේකී මගෙ කොල්ලා  දිහා බලන් පුපුරනවා....

එතකොටම  චූටි ලොකු වූල් කබායක් උස්සන් ආයෙත් දුවගෙන ආවා....

"ආ අම්මේ....."

"අහ් ගෙනාවද...? කෝ දෙන්න...."

අම්මා චූටිගෙන් අතින් ඒක අරන් දිග ඇරල මාව අතින් අල්ලලා එහාට කරලා මගෙ කොල්ලගෙ ඉස්සරහ හිටගත්තා.... එයා බයෙන් වගේ අම්මා  දිහා බලලා මං දිහාත් බැලුවා.... එතකොටම අම්මා අතේ තිබුන කබාය එයාගෙ ඔළුවෙ ඉදන් ඇග වටේම ඔතනකොට මගෙ වගේම එයාගෙත් ඇස් පුදුමයෙන් ලොකු උනා.... ඒත් එක්කම  එයාගෙ ඇස් දෙකේ කදුළු පිරෙනවා මං දැක්කා... මගෙ අහිංසකයා බයේ ඉන්න ඇති අම්මා එයාට බනියි කියල.... නොපෙන්නුවට මාත් බයෙන් හිටියෙ අරකි වගේම අම්මත් වචනෙකින් හරි එයාට රිද්දයි කියලා....

"මේ දරුවා හොදටම වෙව්ලනව ලොකු.... කෝ එන්න මෙතනින් වාඩි වෙමු....."

අම්මා එයාව එක්කන් ගිහින් පුටුවකින් වාඩි කරද්දි මං චූටි දිහා බැලුවා... ඒකා නම්  හිනාව කාගෙන බලන් ඉන්නවා....

"මේ ලොකූ අයියේ....... චූටි අයියා මාරම හැන්ඩ්සම්නෙ අප්පා....දැක්කගමන් අම්මත් වශී වෙලා වගේ...... වීඩියෝ කොල් වලින් දැක්කට වඩා පුදුම සුදක්නෙ හලෝ.... අපේ ගමේ කෙල්ලොවත් නෑ මෙච්චර ලස්සන.....ඒත් දැන් නම්  රෝස බෝනික්කෙක් වගේ......"

අම්මයි බෝබෝයි දිහා බලන් හිටපු චූටී මගෙ කනට කොදුරලා එහෙම කියද්දි මගෙ දැනුනෙ ආඩම්බරයක්.... එයා මගේනෙ ඉතින්.....චූටි අන්තිමට කියපු කතාව නම් ඇත්ත.... අම්මගෙ කබාය තද රෝස පාට නිසා එයාගෙ මුහුණ විතරක් පේන්න අම්මා ඒක ඔතලා තියෙන විදිහට  එයා ඇත්තටම  බෝනිකෙක් වගෙයි පේන්නෙ....

"  චූටි අයියා මාරම ලස්සනයි නේද අම්මේ....?"

චූටිත් එයා ලගට දුවගෙන ගිහින්  පැනපුගමන්  එයාව බදාගත්තා.... මූ මගෙ කොල්ලව බදගෙන මිරිකගෙන අම්මගෙන් එහෙම අහද්දි  මං දැක්කා එයාගෙ මුහුණ රතු වෙනවා..... අම්මත් වශී වෙලා වගෙ තාමත් බලන් ඉන්නෙ මගෙ කොල්ලා දිහා.... එයාට ලොකු පුතා මතකත් නෑ... වාඩි වෙයන් කිව්වෙත් නෑ තේ එකක්වත් නෑ.... ඒත් ඇත්තටම මං ඒ ගැන හිත යටින් සතුටු වෙනවා....

"හහ්.... මල විකාර...."

වෙනුකි එහෙම කියලා ගස්සලා අහක බලනවා මං ඇස් කොණින් දැක්කා...

"කොහොමද චුට්ටො ඉතින් ...?  ඔයත් අයියා වගේම හැන්ඩියෙක්නෙ....."

එයා චූටිගෙ ඔළුව අතගාලා එහෙම අහනකොට අපේ එකා එයාගෙ කම්මුල් දෙක මිරිකලා කම්මුල් වලට හාදු තිබ්බා.....යකෝ මේකාට මගෙ කොල්ලව පේන්නෙ ඇත්තටම බෝනික්කෙක් වගේද.... දැන් ඉතින් මට තද වෙනවා.....ඌ මගෙ මල්ලි උනාට එයාව ඉඹින්න පුළුවන් මට විතරනෙ.... මාත් එයාලා ලගට ගිගිහ් එයාලට ඉස්සරහ පුටුවෙන් වාඩි උනා...

"මං වගේද අප්පා ඔයා.... හැන්ඩ්සම් සුදු බෝලයක්නෙ... අපෙ අයියා පරාදයි ඔයාට...."

"ආහ් මොකක්ද උබ කිව්වෙ....?"

"අපෝ ලොකූ.... ඊරිසියා කරන්න එපා ඕයී.... හරි හරි ඉතින් ඇත්ත කතාව නම් අපෙ අයියට දෙවෙනි නෑ චූටි අයියා.... නේද නැන්දෙ....?"

"අනේ ඔව්.... අපේ ලොකු පුතා වගේම සිරියාවන්ත දරුවෙක්.... "

ඇත්තටම මේ කවුද කියලා දන්නවනම් නැන්දා ඔහොම ආදරෙන් කතා කරයිද කියලනම් මට සැකයි....

"අනේ ලොකු අයියෙ ඇයි පරක්කු උනෙ කියන්නකො ඉතින්... මං ගොඩාක් වෙලා බලන් හිටියනෙ ඔයා එනකන්...."

නැන්දා තව මොනවද කියන්න හදනකොට වෙනුකි මගෙන් එහෙම අහගෙන ඇවිත් මං ඉදන් හිටපු පුටුවෙ ඇන්දෙන් වාඩි වෙලා මගෙ කර වටේ අත දාගත්තා..... මං බලාපොරොත්තු උනෙ නැති වෙලාවක වෙනුකි ඒ කරපු දේ නිසා මං ගැස්සිලා බැලුවෙ මගෙ කොල්ලා දිහා... අනෙ එයා ඉක්මනට ඇස් බිමට බර කරගත්තා.....

"චූටි මේ කෙල්ලත් එක්ක ගිහින් කෑම ටික රත් කරපන් පුතෙ... අයියලට බඩගිනිත් ඇති...."

මං දිහා බලලා ඇස් බිමට බරකරන් ඉන්න  කොල්ලා දිහාත් බලපු අම්මා එහෙම කියද්දි මට සැනසීමක් දැනුනත්,

"අනේ චූටි තමුසෙ ගිහින් රත් කරනවකො.... මං ලොකු අයියා එක්ක චුට්ටක් කතා කරලා එන්නම්...."

"මෙන්න මෙහෙ එනවා ඕයී... පස්සෙ කතා කරගන්න බැරියැ... අයියලට දැන් මහන්සියිනෙ...."

වෙනුකි යන්න බෑ කියලා තවත් මගෙ ඇගට බර වෙන්න හදනකොට මල්ලි බලෙන්ම එකීව ඇදගෙන ගියා....අම්මො ලොකු දෙයක්... ඒත් මගෙ කොල්ලා මං දිහා බලන්නෙ නැ....

"අප්පච්චි නිදිද අම්මෙ...?"

"ඔව් ලොකූ කාලා බෙහෙත් බිව්වට පස්සෙ ඉතින් ආයෙ හතර පහ වෙනකන් නිදාගන්නවා...වැස්ස නිසා අපේ සද්දෙ ඇහෙන්නෙ නැනෙ කාමරේට.... නැත්නම් මෙලහට නැගිටලා...."

"අප්පච්චිට තාම කිසිම හොදක් නෑනෙ අම්මෙ... තව දවස් හතරකින් අම්මලා අප්පච්චි අරන් එහෙ එන්න මං වාහනයක් කතා කරලා යන්නෙ... හොද  ඩොක්ටර් කෙනෙක්ට බෝබෝගෙ තාත්තා අප්පච්චි ගැන කියල තියෙන්නෙ..... අපි එහෙමත් කරලා බලමු.. "

"හරි පුතේ... අපි අප්පච්චි එක්කත් හවස් වෙලා ඒ ගැන කතා කරමුකො.... දැන් කාමරේට ගිහින් දෙන්නත් මුහුණ කට හෝදගෙන ඇදුම් මාරු කරගෙන එන්න කෑම කන්න...."

"ම්ම්...මං කාර් එකෙන් ඇදුම් බෑග් අරගෙන එන්නම්...."

ඊටපස්සෙ මං කුඩයක් අරගෙන ගිහින් අපි දෙන්නගෙම බෑග් ටික අරන් ඇවිත් එයා එක්ක මගෙ කාමරේට ගියා... කාමරේට ආපුගමන් මං දොර වහලා එයාව දොරට හේත්තු කරගෙන එයාගෙ තොල් දෙක අල්ලගත්තා.... මට  මේවා නැතුව  ගොඩාක් වෙලා ඉන්න අමාරුයි අප්පා...පැය ගානක් වතුර උගුරක් නොබී ගිනි අව්වෙ ඇවිද්ද එකෙක් වගේ මං ඒ තොල් අල්ලගෙන එයාට හුස්මක්වත් ගන්න නොදි උරන්න ගත්තා... ඒත් මට ටික වෙලාවකින් තේරුනා ඒ සිපගැනීමට එයාගෙ මට  කිසිම ප්‍රතිචාරයක් නෑ කියලා.... අඩුමතරමින් එයා මාව බදාගත්තෙවත් නැ... මං එයාගෙ තොල් වලින් ඈත් වෙලා ඒ මුහුණ මගෙ අත් දෙකට අරන් බැලුවා... එයා මං දිහා බලන්නෙවත් නෑ....

"බෝ..........."

".........................."

"මගෙ මැණික... ඇයි මේ......?"

".........................."

"අනේ ඔහොම ඉන්න එපා බන්....මං දන්නව හිත රිදුනා කියලා...ඒ නිසානෙ මැණිකෙ උබව මං මෙහෙ එක්කන් එන්න කැමති උනෙ නැත්තෙ....? "

"අන්..හ් මෙ..තනට  ග්..ගොඩාක්.... රි..දුනා....අය්...යෙ....ම්..මට සමා..වෙන්න...  ම්..මට...ඒක දරා..ගන්න...බැ..රි.... උනා..නෙ"

එයා එකපාරටම මගෙ පපුවට ඔළුව ගහගෙන මගෙ අත අරන් එයාගෙ පපුව උඩින් තියලා එතන ගොඩාක් රිදුනා කිය කිය හෙමීට අඩද්දි මගෙ පපුව හත් කඩකට පැලුනා වගෙයි මට දැනුනෙ...
ඒ වේදනාව මට තේරුම්ගන්න පුළුවන්.... මගේම මල්ලි එයාගෙ මුහුණ ඉඹිනකොට මට ඊරිසියා හිතුනනම් එයාට රිදුන තරම මට හිතාගන්න පුළුවන්...

"මේ අහන්නකො වස්තු...ආයෙ එහෙම වෙන්නෑ...මං පොරො................"

"එපා...! පොරොන්දු වෙන්න එපා.... මං ආස නෑ.... මොකක්ම හරි හේතුවක් නිසා ඔයාට ඒ පොරොන්දු රකින්න බැරි තරමට අසරණ උනොත් එදාට මට මීටත් වඩා හිත රිදෙයි.... ඒ නිසා පොරොන්දු එපා... හා...ද...? මං දැන් අඩන්නෙ නෑ...අපි වොශ් දාලා යමු ඉක්මනට....අම්මලා බලන් ඇති..."

"එහෙම වොශ් දාන්න මෙහෙ වොශ්රූම් නෑ කොල්ලො.... එළිය ලිද ලගට යන්න වෙනවා... ඒත් මේ වැස්සෙ යන්න බෑනෙ....හවස වෙද්දි උණුවතුර රත් කරලා හොදගමු.... දැනට සැහැල්ලු ඇදුමක් ඇදලා අතපය හෝදගෙන කෑම කමු හා ද....?"

"ම්ම්...හා එහෙනම්...."

මං දන්නවා එයාට හෝදන්නෙ නැතුව ඉන්න අමාරුයි.... එයාට එහෙම පුරුදු නෑ...ඒත් එයා වෙනසක් නොපෙන්නවා හා කියද්දි මං එයාව ආදරෙන් තුරුල් කරගත්තා......

අපි ඉක්මනට ඇදුම් මාරු කරගෙන අම්මා කලින් එතුවා වගේ ආයෙත් එයාව ඔතලා අයිස් කැප් එකකුත් ඔළුවට දාලා කන් දෙක වැහෙන්න හොදට ගැට ගැහුවා....ඊටපස්සෙ එයත් එකක්ම සාලෙට එද්දි සාලෙ කෙළවරේ මේසෙක මගුල් ගෙදරකට වගේ කෑම හදලා.... මං එයත් එක්ක මේසෙ ලගට ගියා... මං කැමති ඒවටත් වඩා එතන තිබුනෙ එයා ආසම කෑම.... ඒත් එක්කම එතනට ආපු චූටිව මං  ඇදලා අරන් මේසෙ පෙන්නද්දි  කොල්ලට තේරුනා මං මොකක්ද ඇහුවෙ කියලා....

"ආ අම්ම තමයි අයියෙ චූටි අයියා කන්න කැමති දේවල් මගෙන්  අහගෙන හැදුවෙ....ඔයා එහෙදි කෝල් කරපු වෙලාවෙ අඩාගෙන කෙලින්ම ගිහින් තියෙන්නෙ කුස්සියටනෙ... ඊටපස්සෙ මාත් එනකන් ඉදලා මාව අල්ලගෙන ඇහුවා...මාත් ඉතින් කිව්වා අනෙ... එයා නොකන ඒවාත් කිව්වා... අවුල් ගන්න එපා...ඔය ඔක්කොම ඔයාලා නොකෑවත් කමක් නෑ මගෙ බඩේ ඉඩ තියෙනවනෙ... හී...."

මල්ලි එහෙම කියද්දි මගෙ හිතට සැනසීමක් දැනුනා... අම්මගෙ පැත්තෙන් ප්‍රශ්නෙ විසදුනා කියල හිතන්න පුළුවන්.... දැන් තියෙන්නෙ අප්පච්ච්ගෙ පැත්තෙන්...ඒක ලේසි වෙයි කියල හිතන්න අමාරුයි.... වෙනුකි කියන්නෙ අප්පච්චිගෙ එකම නංගිගෙ දුව නිසා... කමක් නෑ බලමුකො.......

ඊටපස්සෙ මමයි එයයි කෑම මේසෙට වාඩි වෙද්දි අම්මයි නැන්දයි වෙනුකියි කෑම මේසෙ ලගට ආවා... මං මුලින්ම එයාගෙ පිගාන අරන් එයාට කෑම බෙදනකොට වෙනුකි මගෙ පිගාන අතට ගත්තා....

"අයියට මං බෙදන්නම්.... බෙදලා අද මං මගෙ අතින්ම කවනවා හොදෙ...."

*
*
*
*
*
*
*
*
*
*
නැවත හමුවෙමු......

𝒵 𝒽 𝒶 𝓎 𝒾..........🖊️

______________________________

ලියන්න බැ.. කම්මැළියි, මහන්සියි, නිදිමතයි  කියලා හිතෙන හැමවෙලාවෙම  ඔයාලගෙ කමෙන්ට්ස් මට පුදුම ශක්තියක් දෙනවා.  ගොඩාක් ස්තුතියි මගෙ කතාවට හැමදාමත් වොට්ස් කමෙන්ට්ස් කරන හැමෝටම  ❤️💚

Continuer la Lecture

Vous Aimerez Aussi

425K 10.8K 60
Lady Florence Huntingdon, daughter of the well-known and more importantly, well-respected Earl and Countess Huntingdon is stepping into the 1813 marr...
174K 5K 67
Daphne Bridgerton might have been the 1813 debutant diamond, but she wasn't the only miss to stand out that season. Behind her was a close second, he...
114K 912 20
|𝐉𝐔𝐉𝐔𝐓𝐒𝐔 𝐊𝐀𝐈𝐒𝐄𝐍 𝐗 𝐅𝐄𝐌 𝐑𝐄𝐀𝐃𝐄𝐑| ~•𝐉𝐮𝐣𝐮𝐭𝐬𝐮 𝐊𝐚𝐢𝐬𝐞𝐧•~ ~•𝐎𝐧𝐞 𝐬𝐡𝐨𝐭𝐬•~ ~•𝐘/𝐧 𝐰𝐢𝐭𝐡 𝐝𝐢𝐟𝐟𝐞𝐫𝐞𝐧𝐭 𝐜𝐡𝐚...
1.2M 54.5K 100
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC