Your Diary || JJK ✓

By Silvermirror23

7.6K 2K 1.2K

I'm human too.. ඇයි මේ? හැමෝටම මාව නිකන්ම නිකන් ආදායම් මාර්ගයක් විතරමද? ඇයි කිසිම කෙනෙක් තේරුම් ගන්නෙ නැත්තෙ... More

INTRO
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
End

A/N

473 105 202
By Silvermirror23


කතාව කියවපු ඔයාල හැමෝටම කියන්න දේවල් ටිකක් තියෙනවා. මේ කතාවෙන් මම ගොඩක්ම කියන්න උත්සාහ කලේ අයිඩල් කෙනෙක් විදිහට ජීවිතයේ එයාලට මුහුණ දෙන්න වෙන දේවල් ගැන. ඒවා සමහරවිට අපිට පේන දේවල් නොවෙන්න පුළුවන්. 

එතකොට මුළු කතාව පුරාම මම ගොඩක් දේවල් ගැන කතා කලා. සේහාගෙ සිදුවීම ඇරෙන්න අනිත් සේරම දේවල් මම ඇත්තටම දැකපුවා. එක එක තැන්වල තිබුණු කමෙන්ට්ස් තව කටකතා වගේ දේවල් දැක්කම මට ඕන වුණා අයිඩල් කෙනෙක්ගෙ පැත්තෙන් එයාල මේ ගැන මොනවා හිතනවා ඇති ද කියලා ලියන්න. ඉතින් අන්තිමට එයාලට ඇත්තටම මේ වගේ ප්‍රශ්න තියෙනවා කියලා ජංගුක්ම කිව්වා.

ඉතින් හොඳම වැඩේ මම කතාවට තෝරාගත්ත කෙනාම ඒක කියපු එක.

කතාවෙ හිටියෙ ජංගුක් වුනාට මේක සම්පූර්ණයෙන්ම හැම අයිඩල් කෙනෙකුටම සමානයි. ඉතින් එයාලා වෙනුවෙන් මට කරන්න පුළුවන් පුංචි දෙයක් විතරයි මම කලේ.

කතාව ලියාගෙන යද්දි කියවන්න හිටියෙ හතරදෙනෙක් විතරයි. මම දන්නෙ නෑ සීක්‍රට් රීඩර්ස්ලා හිටියද කියලා. කොහොමහරි මට ඕන වුණේ මේක අන්තිම වෙනකම් ලියලා එයාල වෙනුවෙන් මට කරන්න පුළුවන් දේ කරන්න. ඒත් මගේ වැඩේ සාර්ථකයිද කියලා මම දන්නෙ නෑ.

කතාව විකාරයක් වගේ කියලත් ඔයාට හිතෙනවා ඇති.

කතාව අන්තිම හරියෙ කියපු අයිකිගෙ කතාවත් ඇත්ත. හේතුව මේ වගේ තමන්ගෙ අයිඩල්ඩ ගොඩක් ආදරේ කරන අය ඇත්තටම ඉන්නවා. ඒත් එයාලට කවදාවත් අයිඩල්ව හම්බ නොවෙන්න පුළුවන්. ඉතින් අයිකිටත් එහෙම වුනා. ඒත් එයාට ගොඩක් හොඳ කෙනෙක්ව හම්බුනා. ඒත් හැමෝම ජිවොන් කලා වගේ කරන එකක් නම් නැහැ.

මට කතාව ගැන ප්‍රශ්න ටිකක් ඔයාලගෙන් අහන්න තියෙනවා. ඉතින් මෙච්චර කාලයක් කතාව කියවපු හැමෝම උත්තර දෙනවා නම් මම කැමතියි. 


1.ඔයාල කතාවෙ කැමතිම චරිතය මොකක්ද?

*මගේ උත්තරේ නම් ජිවොන්. මම විශ්වාස කරන විදිහට ඇත්ත ලෝකෙ කවදාවත් නැති තරම් මගේ කතාවල ඉන්න සමහර චරිත ගොඩක් හොඳයි. උදාහරණ දෙකක්ම තියෙනවා. කලින් ජන්ග්ෂියෝන්, දැන් ජිවොන්.

2. කථාවෙදි මම කියපු දේවල් ඔයාල පිළිගන්නවද?

3. ඔයාලගෙ හිතට මේ කතාව දැනුනද?

4. ඔයාට මේ චරිත වලට කියන්න දෙයක් තියෙනවා නම් කියන්න. මම මෙතන BTS ලාගෙ නම් ටිකත් දානවා. එයාල අපි වෙනුවෙන් කරපු දේවල් වලට ඔයාල කැමති නම් එයාලට දෙයක් කියන්න.

* IKY :-

* Jiwon :- 

* Jin :- 

* Suga :- 

* Jhope :-

* RM :- 

* Jimin :- 

* V :-

* Jungkook :-


හරි එහෙනම් ඔයාල ඔය ටික කියාගෙන යන්න. තව චැප්ටර්ස් ටිකක් මම ලියන්න හිටියා. ඒත් පස්සෙ හිතුනා ඕන නෑ කියලා.

අන්තිමට මට කියන්න අමතක වුණු දෙයක් තියෙනවා. ඔයාල දන්නවද IKY කියන එකේ තේරුම?

ඒකෙ තේරුම I Know You.....


කොහොමහරි කියන්න ඕන ඉවර වෙනකොට මට ගොඩක්ම දුක මේ කතාව කියලා. මම සාමාන්‍යයෙන් මම ලියපු කතා ආයෙ කියවන්නෙ නෑ. ඒත් මම මේකෙ ලියපු අයිකිගෙ ආර්ටිකල්ස් නැවත නැවත කීපාරක් කියෙව්වද කියලා මම දන්නෙ නෑ. මොනවා වුනත් මම ආසාවෙන්ම ලියපු කතාවක් මේක.

කතාව එක්ක මේතරම් දවසක් හිටපු හැමෝටම ස්තූතියි!!

Continue Reading

You'll Also Like

3.3K 319 40
සැම ජිවිතයක්ම අංග සම්පූර්ණ වෙන්නෙ නෑ...😊❤️ තමන් ආදරය කරන කෙනා ආයේ නොයෙන්නම යන්න ගියොත් ප්‍රේමවන්තයට හෝ ප්‍රේමවන්තියට සිදුවන්නෙ හැඩූ කදුලින්ම ජිවත් ව...
2.8K 377 7
" මන් එයාට ආදරේ කරන්නෙ අවුරුදු දෙකක ඉදන් ටේ මට එයාව ඕනේ 🥺 ඒත් හෙට එයා වෙන කෙනෙක්ගෙ වෙනවා 😔 එයා හිතන්නෙ මන් එයාට ආදරේ නෑ කියලා "
5.9K 1.1K 13
''දෙයක අහන්නද'' ''ම්හ්....'' ''ඔයා එදා ඇත්තටම හෙලීව කිස් කලාද​.. ''මම එහෙම අහනකොට කුකී මගෙ මූන දිහා බැලුව​. ''ඔයා මම එහෙම කරයි කියල හිතනවද ලව්​..'' W...
12.1K 2K 7
~You can create your own fantasy since you are the owner of this dream world.. ~But remember this... ~Sometimes fantasy might can be a nightmare.. ~...