Your Diary || JJK ✓

By Silvermirror23

7.5K 1.9K 1.2K

I'm human too.. ඇයි මේ? හැමෝටම මාව නිකන්ම නිකන් ආදායම් මාර්ගයක් විතරමද? ඇයි කිසිම කෙනෙක් තේරුම් ගන්නෙ නැත්තෙ... More

INTRO
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
End
A/N

Chapter 13

403 124 110
By Silvermirror23


"මැණික......ඔයා නිදිද?"

අයිකි හිටියෙ එයාගෙ හස්බන් එක්ක ගෙදරට වෙලා. වෙලාව රාත්‍රී එකොළහට ලංවෙලා තිබුණත් තාමත් එයාට නිදාගන්න අදහසක් තිබුනේ නෑ. අයිකිගෙ හස්බන් වුනත් එයාගෙ වැඩ ඉවර කරලා දැන් ටිකකට කලින් තමයි ගෙදර ආවෙ. ගෙදර ආපු ගමන් වොෂ් දාපු එයා කෑමත් අරගෙනම කාමරේට ආවෙ අයිකි එයා එනකම් කෑම කන්නෙ නැහැ කියලා දන්න නිසයි.

"නැහැ ටේ......මම ඔයා එනකම් හිටියෙ......"

"හ්ම්....... මං කියලා තියෙනවා මගේ රස්සාවෙ හැටියට හරි වෙලාවට ගෙදර එන්න බෑ කියලා. ඉතින් ඔයා මං කීයට වුනත් ගෙදර එනකම් බඩගින්නෙ ඉන්නවද ආආ......"

ඔහුගේ කතාවට පුංචි හිනාවකින් සංග්‍රහ කරපු අයිකි ඔහුගේ ලඟට තුරුළු වුනේ තනිකම පාලුව නැති කරගන්න වගේ. 

"ටේ..... කොහොමද එහෙ තත්වෙ?"

"හ්ම්......එයා හෙට එයි. හැබැයි මට බය ඕකා ඔයාට ආදරෙයි කියයිද කියලා තමයි."

"එයා එහෙම කිව්වත් වැඩක් නෑනෙ ටේ......ඔයා ඉතින් මාත් එක්ක ඉන්නවනෙ."

"හ්ම්.... මැණික..... හෙටින් පස්සෙ මේ සේරම දේවල් ඉවරයිනෙ. ඊටපස්සෙවත් ඔයා මට ආදරේ කරනවද?"

ඔහු ඇහුවෙ අයිකිගෙ කම්මුල් අත් අතරට අරගෙන. ඔහුගේ ඇස් ආදරයෙන් පිරී තිබුණා. ඒ තරමටම ඔහු අයිකිට ආදරෙයි. දෙදෙනාගේම ඇස් වල කදුළු පිරෙන්න පටන් ගන්නකොට ඔහු අයිකිවත් තමන්ගේ පපුවට තුරුළු කරගෙන නින්දට වැටෙන්නෙ හෙට දිනට හොඳින් මුහුණ දීමටයි.

"ටේ.......ඔයා හෙට හයිබි එකට යන්නෙ නැද්ද?"

"නැහැ.....හෙට මාත් ඔයත් එක්ක යන්න එනවා. එතන මොන වගේ තත්වයක් තියෙයිද දන්නෙ නෑනෙ."

.

.

.

.

.

.

.

.

Next day at 4.00 pm 

හරියටම වෙලාව හතර වෙනකොට ජංගුක් කැෆේ එකට ඇවිල්ලයි හිටියෙ. හැබැයි එතන ලොකු කලබලයක් තිබුණා. ජංගුක්ගෙ පෝස්ට් එක දාපු වෙලාවෙ ඉඳලා කැෆේ එක වටේට එකතු වුන ෆෑන්ස්ලා රිපෝටර්ස්ලා සේරම එතන කෑම්ප් ගහගෙන හිටියෙ.

ජංගුක් වුනත් බයෙන් හිටියෙ කවුරු කොයිවෙලේ ඇතුලට කඩාගෙන පනියිද කියලා. මොකද ෆෑන්ස්ලා උදේ ඉඳන්ම කැෆේ එකේ ඇරලා තිබුණ ජනේලෙකින් රෝස මල් රොකට් වගේ දේවල් එවන්න පටන් ගත්තා. අන්තිමට ඉතින් ජනේලෙ වහලා දැම්මට පස්සෙ තමයි වැඩේ නැවතුනේ.

"තව කොච්චර වෙලාවක් යයිද දන්නෙ නෑ. කොහොමහරි ෆෑන්ස්ලාගෙන් බේරිලා එයා මෙතනට ආවොත් ලොකු දෙයක්."

ජංගුක් හිටියෙ කොෆී එකක් බොන ගමන්. එයාගෙ හිතත් කලබල වෙලා වගේ. අනිත් එක එයා මෙහෙම ගෑනු ළමයෙක්ව හම්බවෙන එකට ෆෑන්ස්ලා පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ.

"ජංගුක්ෂි..........."

කවුරු හරි කතා කරන සද්දෙ ඇහෙනවත් එක්කම ජංගුක් පිටිපස්ස හැරිලා බැලුවෙ ආව කෙනා ඉස්සරහ දොරෙන් ආවෙ නැති නිසා.

ඇවිත් හිටියෙ වෙන කවුරුත් නෙවෙයි අයිකි. එයා ස්ටාෆ් එකේ ඇඳුමකුත් ඇඳගෙන පිටිපස්සෙ දොරෙන්ම ඇතුලට ආවෙ අනිත් අයට එයාව අඳුරගන්න බැරි වෙන්න.

"ඔයා.......අයිකි........"

"ඔව්, මම තමයි....."

අයිකි හිටියෙ මාස්ක් එකක් දාගෙන නිසා එයාගෙ මූන බලාගන්න අදත් ජංගුක්ට බැරි වුණා. ඒත් ඒ ගැන නොහිතා එයාල කතා කරන්න පටන් ගත්තෙ අයිකිත් ජංගුක්ගෙ ඉස්සරහින් වාඩි වෙද්දි.

"ඉතින් ජංගුක්ෂි ඔයාට මගෙන් අහන්න තියෙන්නෙ මොනවද?"

"හ්ම්......අහන්න නම් ගොඩක් දේවල් තියෙනවා. ඔයා මාව දන්නෙ කොච්චර කාලෙක ඉඳලද?"

"මම ඔයාව දන්නෙ ඉස්කෝලෙ කාලෙ ඉඳන්..... හරියටම කියනවනම් මම හය වසරෙ ඉන්න කාලෙ ඉඳන්....."

"හ්ම්..... ඉතින් ඇයි මගේ ඉස්සරහට ඇවිත් කතා කලේ නැත්තෙ? කවදාවත්..."

"මම ඉස්සර ගොඩක් ලැජ්ජාශීලී කෙනෙක්. ඒත් දැනුත් එහෙම තමයි. අනිත් එක මම හිතුවා මම ඔයාගෙ යාලුවෙක් වෙන්න තරම් සුදුසු කෙනෙක් නෙවෙයි කියලා."

"ඉතින් ඔයා ආර්ටිකල්ස් ලිව්වෙ?"

"මම කලින්ම ඒ ගැන කිව්වනෙ ජංගුක්ෂි....... ඔයාගෙ ජීවිතේ වෙච්ච දේවල් අනිත් අයටත් කියලා අනිත් මිනිස්සුන්ට ඔයා ගැන තියෙන වැරදි අදහස් නැති කරලා දාන්නයි මට ඕන වුණේ."

විනාඩි කිහිපයක් දෙන්නම හිටියෙ නිශ්ශබ්දව. හම්බවෙනකම් මේ තරම් කල් බලාගෙන හිටියත් අහන්නෙ මොනාද කියලාවත් ජංගුක්ට දැන් මතක නැහැ.

"අම්.....අයිකි...ඔයාගෙ උත්සාහයට ගොඩක් ස්තූතියි! ඇත්තටම මගේ හිතේ තිබුන මට කෙලින්ම එයාලට කියාගන්න බැරුව තිබුණ ගොඩක් දේවල් ඔයා කිව්වා. ඒකට ඇත්තටම ගොඩක් ස්තූතියි! ඒත් මට ඔයාට ඊට වඩා දෙයක් දෙන්න පුළුවන් ද?"

ජංගුක්ට ඕන වුණේ ස්තූති කිරීමකට වඩා දෙයක් අයිකිට දෙන්න. එයාගෙ හිත යටින් තවත් මොකක්දෝ අදහසක් එලියට එන ගමන් තියෙනවා කියලා එයාට වත් තේරුණේ නැහැ. ඒත් එයා ආයෙත් කතා කරන්න පටන් ගත්තෙ ඇස් වල කදුළු පුරෝගෙන.

"සේහා.......මට තාමත් එයාව මතක් වෙනවා. ඒත් මට කවදාවත් එයා ගැන කාත් එක්කවත් කතා කරන්න බැරි වුනා. සේහාවයි මාවයි දෙන්නවම දන්න කෙනෙක් හම්බුන එකට මට සතුටුයි."

"මට සමාවෙන්න ජංගුක්ෂි....ඔයා අමතක කරල හිටපු දේවල් ආයෙත් මතක් කලාට. ඒක.......මට ඔයාට කියන්න ඕන. ඔයා ජීවිතේ ආයෙත් පටන් ගන්නවට එයත් කැමති වෙයි කියලා."

"ඔව්...... එයත් ඇත්තටම කැමති වෙයි. ඔයාට එයා අසනීප වෙලා ඉන්නකොට බලන්න යන්න පුළුවන් වුණා ද?"

"මාත් එයාගෙ අසනීපෙ ගැන දැනගත්තෙ ඔයා දැනගත්ත වෙලාවෙමයි. ඒත් මටත් එයාව බලන්න යන්න බැරි වුණා ජංගුක්."

දෙන්නම ටිකක් වෙලා කල්පනා කලාට පස්සෙ ආයෙත් කතාව පටන් ගත්තෙ ජංගුක්. එයාගෙ මූණෙ ලස්සන බනී හිනාවක් තිබුණා. ඉස්සර එයාගෙන් හැමෝම දැක්ක එයාගෙ ඇත්තම හිනාව.

"ඔයාගෙන් මට දෙයක් අහන්න පුළුවන් ද?"

"ඔව් අහන්න...."

"ඔයා...... මං ගැන මොන වගේ හැඟීමක් තියාගෙනද ඔහොම දේවල් ලිව්වේ? මම කියන්නේ ඔයාට මාව ඔයාගෙ යාලුවෙක් නැත්නම් විශේෂ කෙනෙක් වගේ තේරුනා ද?"

"හ්ම්......ඔයාව මට ගොඩක් විශේෂයි. ඒකනෙ මම ඔයාගෙ ඩයරි එක ලිව්වෙ. ඒත් ජංගුක් මම ඔයාව විශේෂ කරගත්තෙ මොන විදිහටද කියන්න මම වත් දන්නෙ නෑ. මට වෙලාවකට ඕන වුණා ඔයා වගේ යාලුවෙක්ව. ඒත් මට ඊට වඩා ටිකක් එහායින් ඔයාව දැනෙනවා."

"මම කෙලින්ම අහන්නම්කො.....ඔයා මට කැමතියිද? අයි මීන් ආදරෙයි ද?"

ජංගුක්ගෙ ඒ ප්‍රශ්ණෙට අයිකි උත්තර දුන්නෙ ටිකක් වෙලා කල්පනා කරලා.

"මම ඔයාට ආදරෙයි හැබැයි ඔයා හිතන විදිහට නෙවෙයි. මොකද මම දැනටමත් මැරීඩ්.."

"ඕහ්......මට සමාවෙන්න...."

"හරි.... ජංගුක්ෂි......මම හිතන්නේ මම දැන් යන්න ඕනි."

අයිකි කිව්වෙ එයා හිටපු තැනින් නැගිටින ගමන්. එයාලා දැන් පැය තුනක් තිස්සෙ කතා කලත් ජංගුක්ට වෙලාව යනවා තේරුණේ වත් නැහැ. එයාට ඕන වුණේ තවත් අයිකි එක්ක කතා කරන්න.

"අයිකි.....මට අදවත් ඔයාගෙ මූණ පෙන්නන්න බැරි ද?"

"මං හිතන්නේ මම එහෙම නොකලොත් හොඳයි. කවුරු හරි දැක්කොත් අපි දෙන්නටම ප්‍රශ්නයක් වෙයි."

"හරි..... එහෙනම් මං වෙනුවෙන් දිගටම ලියන්න. මට ඔයා නැතුව පාළුයි.... ප්ලීස්....."

ජංගුක්ගෙ වචන වල තියෙන දේ තේරුම් ගන්න එක අයිකිට අමාරු වුනේ නැහැ. ඒත් ජංගුක් ගොඩක් උත්සාහ කලා එයාගෙ ඇත්තම අදහස එලියට එන එක නවත්වන්න. ඇත්තටම එයාට ඒක හංගන්න බෑ.

"ඔයාට පාළු හිතෙන එකක් නෑ.... මේක ගන්න....."

අයිකි ජංගුක්ගෙ අතින් තිබ්බෙ ලොකු ඩයරි එකක්. ඒක ටිකක් පරණ පෙනුමක් තිබුණ නමුත් පිලිවෙලට තිබුණ එකක්.

"මම ආර්ටිකල් වලට ලිව්වෙ ඔතනින් ටිකක් විතරයි. ඔතන මම ඔයාව දැනගත්ත දවසෙ ඉඳලා සේරම තියෙනවා. ඔයාටයි ඕක අයිති. මොකද මම ලිව්වට ඒක ඔයා ලියන්න ඕන ඩයරියනෙ."

"දැන් ඉතින් ඔයා යනවද?"

"හ්ම්....... ඒත් ඔයත් එක්ක කතා කරන්න තව කෙනෙක් ඉන්නවා.... ඇතුලට එන්න ටේ....."

"ටේ........"



______________________________________________

ඔයාලට මොන වගේ හැඟීමක්ද දැනෙන්නෙ දැන්....

Continue Reading

You'll Also Like

257K 2.9K 42
about two teenagers who fall in love, and aren't really that different 13 reasons why | montgomery de la cruz social media fanfic #38 in 13REASONSWH...
5.3K 309 25
"What if we had fought for our love before it was too late? Perhaps we wouldn't have had to say goodbye back then."
747K 27.5K 102
The story is about the little girl who has 7 older brothers, honestly, 7 overprotective brothers!! It's a series by the way!!! 😂💜 my first fanfic...
552K 8.5K 85
A text story set place in the golden trio era! You are the it girl of Slytherin, the glue holding your deranged friend group together, the girl no...