Someone in calling
"දැන්වත් ඔය දෙන්නා සතුටින් ඉන්නවද අදල්?"
"ආආ...... මොනාද ඔම්මා අහන්නෙ. අපි සතුටින් තමයි ඉන්නෙ."
"දැන්වත් එයා ඔයාට ආදරෙයි ද?"
"අනී ඔම්මා.......එයා එහෙම නොවුනත් මගේ ආදරේ අපි දෙන්නටම ඇති......"
"හරි එහෙනම් මම තියන්නම් අදල්..... පරිස්සමින් ඉන්න."
"හරි ඔම්මා....... ඔයත් පරිස්සමින්."
Call ended
කෙනෙක් හිටියෙ කුස්සියට වෙලා තමන්ගේ ඔම්මත් එක්ක කෝල් එකක. ඔම්මා අහපු සමහර දේවල් එක්ක එයාට ටිකක් දුක හිතුනත් ඒ මොකුත් නොපෙන්නා ඉන්න එයා වග බලා ගත්තා. ෆෝන් එකත් කෑම මේසෙ උඩින් තියපු එයා තවත් කෙනෙක්ට කතා කලේ කම්මුල් වල තියෙන කඳුළු පිහිද ගන්න ගමන්.
"අයිකියාආආ......... මැණික.....ඔයා කොහෙද?"
ටික වෙලාවක් කතා කලත් අයිකිගෙන් ප්‍රතිචාරයක් නැති නිසාම එයා තේරුම් ගත්තා කෙල්ල මේ වෙලාවෙ මොකද කරනවා ඇත්තෙ කියලා. එසැනින් සාලෙට දුවපු කොල්ලා දැක්කෙ එයා හිතපු විදිහටම ටීවී එක ඉස්සරහට වෙලා වශී වෙලා වගේ බලන් ඉන්න අයිකිව.
කොල්ලා දුවගෙන ඇවිත් අයිකි හිටපු සෝෆා එකට පැනලා අයිකිගෙ ඉන වටේ අත දාලා එයාව තුරුල් කරගෙන අයිකිගෙ කම්මුලට පොඩි කිස් එකකුත් දුන්නෙ ගොඩක් ආදරෙන්.
"අදත් බීටීඑස්ද?"
"හ්ම්......."
කෙල්ල වැඩි සද්දයක් නැතුවම ආයෙත් ටීවී එක දිහා බලාගත්තා. කොල්ලට නම් මේක හොඳට පුරුදුයි, මොකද එයාල මැරි කරපු දවසෙ ඉඳලම කොල්ලා වැඩි හරියක් දකින්නෙ බීටීඑස් සිංදු අහ අහ ඉන්න අයිකිව.
"මැණික......අද ඔම්මා කතා කලා......"
කොල්ලා කිව්වෙ අයිකිව තදින් තුරුලු කරගෙන එයාගෙ කොන්ඩේ අතරින් තමන්ගෙ ඇඟිලි අරන් යන ගමන්. කොල්ලාගෙ මේ හැසිරීමෙන් කියන්න පුළුවන් එයා අයිකිට කොයිතරම් නම් ආදරෙයිද කියලා.
"මට සමාවෙන්න ටේ.......මම තාමත්......"
කෙල්ල කියන්න ගිය එක සම්පූර්ණ කරන්න නොදීම කොල්ලා අයිකිගෙ තොල් වලට කෙටි හාදුවක් දුන්නෙ ලස්සන හිනාවකින් බලන ගමන්.
"සමාව දුන්නා. දැන්.......ඔයා අද ආර්ටිකල් එක ලියන්නෙ නැද්ද?"
"හ්ම්..... ලියන්න ඕන...... ඒක නෙවෙයි..... මොකක් හරි පිච්චෙන ගඳක් එනවා නේද?"
"ආහ්...... මගේ රාමෙන් එක. ඒක තාම ලිපේ. ඔම්මාගෙ කෝල් එකත් එක්ක මට ඒක අමතක වුණානේ."
කොල්ලා වේගෙන්ම පුටුවෙන් පහලට පැන්නත් කලබලේ වැඩි කමටම කොල්ලාගෙ පස්ස බිම ඇනුනෙ අයිකිත් කලබල වෙලා නැගිටිනකොට.
"ටේ......ඔයාට ප්‍රශ්නයක් නෑ නේද?"
"හරි මැණික..... මං හොඳින්......"
කොල්ලා ආයෙත් නැගිටලා කුස්සියට දුවනකොට අයිකි ගියේ එයා ආර්ටිකල්ස් ලියන්න යොදාගත්ත කාමරයට. විනාඩි පහලවකින් විතර කොල්ලත් එතනට ආවෙ ලොකු රාමෙන් කප් එකකුත් උස්සගෙන.
"ඔයා කන්න ටේ.......මම මේ වැඩේ ඉවර කරලාම කන්නම්."
"ඔයා වැඩේ කරගන්නකො, මම කවන්නම්........කෝ ආ කියන්න. දැන් ඉතින් ලියන්න. අරයා ඕක එනකම් බලාගෙන ඉන්නවා ඇත්තෙ."
කොල්ලා අයිකි ලඟින් ඉඳගෙන එයාට කවනකොට අයිකි හොඳ හුස්මකුත් අරන් ලෑස්ති වුණේ එයාගෙ මීලඟ ආර්ටිකල් එක ලියන්න.
Article 10
මම ආර්ටිකල් ලියපු නැති දවසක ඔයා කොෆි ෂොප් එකට ගියා මම දැක්කා. එදා කෙනෙක් ඔයාගෙ ෆොටෝස් ගන්න හැටි මම දැක්කා. මට ඕන වුණා එයාව නවත්වන්න. ඒත් මට ඔයාගෙ ඉස්සරහට ඇවිත් කතා කරන්න බෑනෙ. ඒ නිසා මම ඔයාගෙ ඇඟේ හැප්පුනා. හොඳ වෙලාවට ඔයා ෆොටෝ ගත්ත ගර්ල්ව දැක්කා වගේම මාව දැක්කෙ නෑ. ඔය වගේ දේවල් ඉතින් ඔයාට අලුත් දේවල් නෙවෙයිනෙ.
ගෙවුන කාලය පුරාම ගෑනු ලමයි ඔයත් එක්ක ෆොටෝ ගන්න උත්සාහ කරනවා මම ඕන තරම් දැකලා ඇති. එයාල ඔයාට ඒ වෙලාවට ගොඩක් කරදර කරනවා. ඒත් ඔයා ඒ අවස්ථාවල ෆෑන්ස්ලට බෑ කියන්න බැරුව කොයිතරම් අසරණ වෙනවද කියලා මම හොඳටම දන්නවා.
ඇයි මිනිස්සුන්ට බැරි ඔයාගෙ පැත්තෙනුත් හිතන්න. ෆොටෝ එක අරගෙන එයාල ඒක හැමතැනම දාලා ඔයත් එක්ක ඩේටින් කියලා ප්‍රචාරය කරයි. එයාලට ඒක කුරිරු සතුටක්. ඒත් ඒකෙන් ඔයා මොන වගේ කරදරයක වැටෙයිද කියලා ඇයි එයාලට හිතන්න බැරි.
සමහරු ඉන්නවා ඔයා කෙල්ලෙක් ලඟින් ඇවිදගෙන ගියත් අඩුම කෙල්ලෙක් දිහා බැලුවත් ඇති ඔය දෙන්නා ඩේටින් කියලා කටකතා පතුරවන්න බලාගෙන ඉන්න. එයාල කියන විදිහට ඔයා ඉන්න ඕන ඇස් පේන්නෙ නැති මනුස්සයෙක් වගේ. එහෙම නැත්නම් එයාලට ඔයාව පේන්නෙ වෙන ලෝකෙකින් ආපු කෙනෙක් විදිහටද. එයාල හරිම විකාරයක්. මනුස්සයෙක් තවත් කෙනෙක් දිහා බැලුව පලියට ඒ දෙන්නා ආදරෙයි කියලා කියවෙනවද? එහෙනම් ඉතින් අපි කාටත් ඇස් දෙක ගැටගහගෙන තමයි පාරට බහින්න වෙන්නෙ.
කෙල්ලෙක් දිහා බලන එක කෙසේ වෙතත් ඔයා හදිස්සියෙවත් ඔයාගෙ ගෘප් එකේම මෙම්බර් කෙනෙක්ගෙ ගෙදර ගියත් එයාලට ඔය දෙන්නා ඩේටින් කියලා කියන්න හිතෙන්නෙ මොන මානසිකත්වයකින්ද මන්දා. එහෙම කියන එයාල තමන්ගෙ සේම් ජෙන්ඩර් එකේ යාලුවන්ගෙ ගෙවල් වලට යන්නෙත් ඔය කියනවා වගේ දේකට ද කියලා මට සැකයි.
ඇයි එයාල හැමෝටම යාලුවො ඉන්න එක සාමාන්‍ය දෙයක් වෙලා ඔයාට විතරක් ඒක අමුතු දෙයක් වෙන්නෙ. මට හිතාගන්න බැහැ මේ මිනිස්සු කියන ජාතිය මොන වගේද කියලා. හැබැයි ඔයා ඉස්සර ආසාවෙන් මේ හීනය වෙනුවෙන් මහන්සි වෙනකොට ඔයා කවදාවත් එයාල ගෙන් මෙහෙම දෙයක් බලාපොරොත්තු වුනේ නැහැ. මම දන්නවා ඔයාගෙ හිතේ කොනක හරි රසිකයන් ගැන කලකිරීමක් ඇති.
ඔයා නිතරම යන කොෆි ෂොප් එක ගැන එයාල දැනගන්න ඇත්තෙ මං නිසා වෙන්නැති. ඔයාගෙ පස්සෙන්ම ඇවිද ඇවිද ඔයාගෙ පෞද්ගලික දේවල් හාර හාර හොයන්න එයාල මහ පුදුම මහන්සියක් දරන්නෙ. ඔයා කොහෙට හරි යනවා කියලා නිකමට හරි ආරංචි වුනොත් සීනි බෝතලේට ඇදෙන කූඹි වගේ එයාල ඔයාටත් කලින් එතන ගොඩගැහිලා.
අන්තිමට ඉතින් ඔයාට ගෙදරින් එලියට බහින්න සිද්ධ වෙන්නෙ ඇඟ පුරාම රෙදි ඔතාගෙන මූනත් වහගෙන ඔළුවත් වහගෙන හොරෙක් වගේ. ඇයි එයාල ඔයාගෙ නිදහස ගැන හිතන්නෙ නැත්තෙ. ඒක හරිම ආත්මාර්ථකාමී දෙයක්.
_IKY_
End of Article.......
"මොනවා වුනත් මේ කෙල්ල කියන ඒවානම් ඇත්ත....."
ජිමින් කිව්වෙ යුංගි දිහාත් බලන ගමන්.
"මම එදා ටේගෙ ගෙදර ගියානෙ. ඒ වෙලාවෙ එයාල කිව්වා අපි දෙන්නා ඩේටින් කියලා."
ජංගුක් කිව්වෙ ෆෝන් එකත් පැත්තකට දාලා සෝෆා එකෙන් හේත්තු වෙන ගමන්.
"ඒක හරි වැඩක්නෙ, යකෝ අපි ඔක්කොම එකම ටීම් එකේ මෙම්බර්ස්ලා. අනිත් එක එකම ෆීල්ඩ් එකේ අය. අපිට අපේ කට්ටියගේ ගෙවල් වල යන්නත් දැන් අවසර ගන්න වෙලානෙ."
යුංගි කිව්වෙ ටිකක් තරහින් වුනත් මේවා ඉතින් එයාලටත් අලුත් දේවල් නෙවෙයි. කවුරු මොනවා කිව්වත් කොච්චර පැහැදිලි කලත් සෙසන්ග්ලා එයාලගෙ මේ වැඩ නවත්තන්නෙත් නැති බව හැමෝම දැනගෙන හිටියා.
______________________________________________
මම මේ පොතේ සඳහන් කරන හැමදේම මම එයාලව අඳුරගත්ත කාලෙ ඉඳලා මම දැකපු දේවල්. එයාලගෙ හිතට මේවා කොහොම දැනෙනවා ඇත්ද කියලා එයාලගෙ පැත්තෙන් හිතලා ලියන එකක්.
අයිකිත් එක්ක හිටපු කෙනා ගැන මොකද හිතන්නේ?