Your Diary || JJK ✓

By Silvermirror23

7.6K 2K 1.2K

I'm human too.. ඇයි මේ? හැමෝටම මාව නිකන්ම නිකන් ආදායම් මාර්ගයක් විතරමද? ඇයි කිසිම කෙනෙක් තේරුම් ගන්නෙ නැත්තෙ... More

INTRO
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 11
Chapter 12
Chapter 13
End
A/N

Chapter 10

361 135 55
By Silvermirror23


"ඔයා තාමත් හිතාගෙන ඉන්නෙ එයාගෙ ඉස්සරහට නොයා ඉන්නද?"

"හ්ම්....... ගියත් වැඩක් නෑනෙ."

"එකපාරක් උත්සාහ කලා කියලා මොකුත් වෙන්නේ නෑ."

"ඒත් මම මොකටද එහෙම කරන්නෙ.......මම එයාට ආදරේ කරන්නෙ නෑනෙ."

"එහෙනම් ඔය ආර්ටිකල්ස් වල තේරුම මොකක්ද අයිකි."

අයිකි හිටියෙ එයාගෙ ගෙදර පාළුවට ගිය කාමරේට වෙලා කෙනෙක් එක්ක කතා කරන ගමන්. ඒත් එයා කිව්වෙම අයිකිට ජංගුක්ගෙ ඉස්සරහට යන්න කියලා. ඒත් අයිකි සූදානම් නැහැ එහෙම කරන්න. අදත් එයා තමන්ගෙ ආර්ටිකල් එක ලියන්නෙ තමන්ගෙ හිතේ තියෙන වේදනාව නිසා. ඒත් මොකක්ද අයිකිගෙ හිතේ මේ තරමටම තියෙන වේදනාව.


Article 9

ඔයාට වගේම ගොඩක් අයට තියෙන ප්‍රශ්න වලට අද උත්තර දෙන්න ඕනෙ. ඒත් මම කොහොමද ඒක පටන් ගන්නෙ. හරියට මගේ උගුර හිරවෙලා වගේ වේදනාවට. ඒත් අමාරුවෙන් හරි අදම මේ ටික කියන්න ඕන. මොකද හෙට කියලා දවසක මට ආයෙත් මෙහෙම ලියන්න බැරි වුනොත්.

හැමෝම මගෙන් ඇහුවා මම මෙහෙම ලියන එකෙන් බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද කියලා. හ්ම්.......මම ලියපු විදිහෙන් තාමත් කාටවත් ඒක තේරුනේ නැද්ද. හැමෝම දේවල් තේරුම් ගන්නෙ ගොඩක් වැරදියට. ඒත් හැමෝගෙම හිත් වල එකම වගේ අදහස් නැහැ ජංගුක්. ඒ නිසා පරිස්සම් වෙන්න වෙනවා.

මම ඔයාගෙ මුල් කාලෙයි දැනුයි අතර ලොකු වෙනසක් දකිනවා. ඒක ඔයාගෙ ලඟින්ම හිටපු මට හොඳටම තේරෙනවා. ඔයා ඉස්සර හිනා වෙන්නෙ හදවතින්මයි. ඔයාගෙ සතුට ඇත්තම එකක්. ඒත් දැන්........ හහ්...... දැන් ඔයා නොසෑහෙන්න රඟපානවා ජංගුක්. ඔයා ෆෑන්ස්ලා ඉස්සරහ පෙන්නන හිනාව කොයිතරම් ලොකු බොරුවක්ද කියන්න මම හොඳටම දන්නවා.

ඔයාගෙ ජනප්‍රියත්වය වැඩිවෙන්න වැඩිවෙන්න ඔයාව තවත් හිරවුනා. ඔයා හරියට පෝසත් ගෙදරක කූඩු කරලා හදන සුරතල් සතෙක් වගේ. ඔයාට හැමදේම ලැබෙනවා. ඒත් ඔයා එක රාමුවක් ඇතුලට කොටු වෙලා.

මට තවත් ඔයාගෙ මේ විඳවීම බලාගෙන ඉන්න අමාරු වුනා. මට ඕන වුණා ඔයාගෙ ලඟට ඇවිත් ඔයාගෙ හිත හැදෙන්න මොනවා හරි කියන්න. ඔයාට හොඳ යාලුවෙක් වෙන්න. ඔයාට ඇහුම්කන් දෙන්න. මොකද ඔයාට දැනෙන ගොඩක් දේවල් ෆෑන්ස්ලා ඉදිරියේ පිටකරන්න ඔයාට බැහැ. ඒත් මට ඕන වුණා ඔයාගෙ හැම රහසක්ම දැනගෙන ඒවා රකින කෙනෙක් වෙන්න. අන්තිමට ඔයාගෙ ලඟින්ම ඉන්න. ඒත්......ඔයා වගේ කෙනෙක් ලඟටවත් යන්න කිසිම සුදුසුකමක් මට නැහැ.

ගොඩක් අය කියනවා මම ඔයාගෙ අවධානය ගන්න මෙහෙම කරනවා කියලා. ඒත් ඒ කියන මිනිස්සු කවදාවත් ඔයාගෙ ඔය ව්‍යාජ හිනාව අඳුරගෙන ඔයාට සහනයක් වෙන්න හිතුවද? ඒත් එහෙම කරපු වගේම අදටත් කරන පිරිසකුත් ඔයාගෙ වටේට ඉන්නවා මම දැක්කා. ඒත් කුහක මිනිස්සු අතරෙදි එයාලට තියෙන බලය ගොඩක් අඩුයි.

එයාලට ඔයා වෙනුවෙන් ඉදිරිපත් වෙලා විවෘතව කතා කරන්න බැහැ. එයාල බයයි සමාජයෙන් එන ප්‍රශ්න වලට මුහුණ දෙන්න. මමත් මේ වැඩේ හැංගිලා කලේ නැත්නම් මමත් අද කූඩුවකට වෙලා ඉන්න තිබුණා.

මට ඕන වුණේ ඔයාගෙ ලස්සනට වහ වැටිලා ඉන්න සමහර මිනිස්සුන්ට තේරුම් කරලා දෙන්න ඔයාගෙ ජීවිතේ උඩින් පේන සුන්දරත්වය යටින් දුකෙන් පිරුණු ආත්මයක් ඉන්නවා කියලා. මම බලාපොරොත්තු වුනා එහෙම වුනාමවත් ඒ මිනිස්සු ඔයාගෙ නිදහස උදුරගන්නෙ නැතුව ඉඳියි කියලා. ඒත් එයාල කලේ මගේ නිදහසත් මට නැති කරපු එක. ඒත් කමක් නැහැ. අඩුම තරමින් ඔයා මේ නිසා පුංචි හරි සැනසීමක් ලබාගත්ත නම්.

ගොඩක් අය හේටර්ස්ලට බනිනවා එයාල තමයි ඔයාලව ගොඩක්ම වේදනාවට පත් කරන්නෙ කියලා. ඔව්..... ඒක හරි..... අනිත් අයගෙ දියුණුව දරාගන්න බැරි තවත් පිරිසක් එහෙම කරනවා. ඒත් මට විශ්වාසයි ඔයාගෙ හිත ගොඩක්ම රිදුනෙ ඒ අය නිසා නෙවෙයි කියලා. ඔයාට ගොඩක්ම රිදුනෙ ඔයාගෙ ලඟම ඉන්න සෙසන්ග්ලා ඔයාගෙ නිදහස එයාලගෙ අතට ගන්නකොට.

_IKY_

End of Article........


ජංගුක් අදත් වෙනස් වෙන හැඟීම් වලින් ආර්ටිකල් එක කියෙව්වෙ. ඒත් එයාට අනිවාර්යයෙන්ම අයිකි එක්ක කතා කරන්න ඕන වුණා. ඒත් හැම නීතියකටම අනුව ඒක ගොඩක් අමාරු දෙයක්.


Jungkook POV

කොයිතරම් උත්සාහ කලත් මේ දේවල් කියවනකොට මට මගේ කඳුළු පාලනය කරගන්න බැහැ. මට එයත් එක්ක කතා කරන්න ඕන වුනත් මම කොහොමද එයාට ඒ ගැන කියන්නෙ.

මම එයාව දන්නෙ නැති නිසා මට ෆෑන්ස්ලාට පෝස්ට් දාන විදිහටමයි එයාටත් මේ ගැන කියන්න වෙන්නෙ. ඒත් එහෙම කලොත් මොන වගේ තත්වයක් ඇති වෙයිද කියලා මට හිතාගන්න බෑ. ඒත් මට එයාව හම්බුනත් මම මොනවද කියන්නෙ. සාමාන්‍ය ෆෑන් කෙනෙක් එක්ක වගේ කතා කරන්නද?

මට බෑ එයාට ලොකු විශේෂයක් කරන්න. මොකද ආර්ටිස්ට් කෙනෙක් විදිහට මම මගේ හැම ෆෑන් කෙනෙක්ටම එකම විදිහට සලකන්න ඕන. එයා මං ගැන ලිව්වා මං වෙනුවෙන් කතා කලා කියලා එයාව විශේෂ කෙනෙක් කරගන්න තරම් අවස්ථාවක් මට මේ සමාජය තුළ නැහැ.




______________________________________________

ලමායි අර ලයිව් එකේදි ජංගුක් ඉන්දියන් සිංදුවකුත් අහනවලු නේද.......මට මුළු ලයිව් එකම බලන්න බැරි වුණා. දැන් තමයි ඒ ක්ලිප් එක දැක්කෙ...


කොහොමහරි අර සිද්ධියෙන් පස්සෙ මේ පොතට කමෙන්ට්ස් වැඩි වෙලා. ජංගුක්ට පින්සිද්ද වෙච්චාවේ.....ඒ අත් කරගත්තා වූ පිනෙන් ජංගුක්ට අයිකියා වගේම එයා ගැන හොඳටම දන්න එයාව හොඳට තේරුම් ගන්න පුළුවන් ගෑනු ළමයෙක් ලැබේවා....එයාට විතරක් නෙවෙයි හත්දෙනාටම.

Continue Reading

You'll Also Like

589K 9.1K 87
A text story set place in the golden trio era! You are the it girl of Slytherin, the glue holding your deranged friend group together, the girl no...
2.9K 109 19
A story about a girl who is 13 years old who discovered 8 cats who are actually the characters from black butler which she doesn't know. until everyt...
945K 21.6K 49
In wich a one night stand turns out to be a lot more than that.
6.7K 1.3K 15
It was winter. Jimin was playing with his friend in snow and he was 10. Y/n was 09. Y/n saw it and it made her jealous. She hit him hard with a snowb...