Your Diary || JJK ✓

By Silvermirror23

7.6K 2K 1.2K

I'm human too.. ඇයි මේ? හැමෝටම මාව නිකන්ම නිකන් ආදායම් මාර්ගයක් විතරමද? ඇයි කිසිම කෙනෙක් තේරුම් ගන්නෙ නැත්තෙ... More

INTRO
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
End
A/N

Chapter 8

356 123 39
By Silvermirror23


Jungkook POV

දවස් තුනක්ම ගියා. අයිකිගෙ ආර්ටිකල් එක එනකම් මම බලන් හිටියත් එයා කිව්වා වගේම ආර්ටිකල්ස් ගැන තියෙන බලාපොරොත්තුව මට අතෑරගන්න වෙලා. ඒත් දැන් මට පාළුයි වගේ. මං ගැන ලියන දේවල් කියවන්න නැතුව.

ඒත් එක්කම මට ඇහුනෙ ජින් හියොන් කතා කරන සද්දෙ.

"ජංගුක්......... ඉක්මනට පහලට එන්න......"

අපි හැමෝම හිටියෙ ඩෝම් එකේ. මේ වෙලාවෙ මම තනියම ඉන්නෙ නැතුව අනිත් අයත් එක්ක ඉන්න එක ලොකු සහනයක්. එතකොට මගේ හිතේ තියෙන වේදනාව ටිකක් හරි අඩු වෙයි.

"ඇයි හියොන්?"

මම පහලට යනකොට හියොන් ටීවී එක බලනවා. ඒත් මොනවද ඒකෙ යන්නෙ. විශේෂයෙන් මට කියන්න තරම්.

"අර අයිකි කියන ගෑනු ලමයාව අල්ලගෙන ලු......"


News 

පසුගිය කාලයේ ජනප්‍රිය ගායකයෙකු වන ජොන් ජංගුක් මහතා පිලිබඳ ලිපි ලියමින් අන්තර්ජාලය හරහා මුදා හැර ඔහුගේ පෞද්ගලිකත්වයට හානි කල අයිකි නම් අන්වර්ථ නාමයෙන් පෙනී සිටි තරුණියක් අද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

තවමත් ප්‍රශ්න කිරීම් සිදුවෙමින් පවතින අතර ඇයට විරුද්ධව ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නා බව.......


නිව්ස් එක යනකොට මගේ ඇස් වල කදුළු පිරෙන්නෙ ඇයි කියන්න මට වත් තේරුණේ නැහැ. ඒත් තවත් ඒ ගැන අහන්න බැරි නිසා මම ටීවී එක වහලා දැම්මා.

එහෙම්මම මම පුටුවෙන් ඉඳගත්තෙ මට මේ දේවල් ගැන හරියටම නොතේරුණු නිසා. ඒත් එයා අහුවුනා කියන්නේ එයාට දඬුවම් ලැබෙයි. මම ටිකක් වෙලා ඔහේ බලාගෙන ඉඳලා ගියේ ෆෑන්ස්ලාගෙ පෝස්ට් බලන්න. 


Fan Posts 

"අයිකිව අහුවෙලා නේද?"

"මම නම් හිතන්නේ ඔය කෙල්ල ඔහොම කරන්නෙ අවධානය ගන්න."

"ජංගුක් ඔප්පා......එයා කවුද කියන්නකො......"

"එයා ජංගුක්ගෙ ජීවිතේට තර්ජනයක්."

End of fan Posts 


ඒ දේවල් කියව කියව ඉන්න මට තවත් බැහැ. එයාලට තියෙන ප්‍රශ්න මටත් තියෙනවා. අයිකි ඇත්තටම මේ දේවල් කරන්නෙ අවධානය ගන්න ද? ඒත් එයාට එහෙම කරන්න ඕන වුණා නම් ඇයි මම එන්න කියද්දිත් මගේ ඉස්සරහට ආවෙ නැත්තෙ. නැහැ......එයාට මගේ අවධානය ගන්න එක නෙවෙයි කරන්න ඕන වුණේ. එයාට තියෙන්නේ වෙන අරමුණක්.

තවත් ටික වෙලාවක් ගියාට පස්සෙ මම ගියේ කොෆි ෂොප් එකට. මගේ හිත ටිකක් හරි නිදහස් කරගන්න පුළුවන් වෙයි මෙතනට ආවම.

මම කොෆී එක ඕඩර් කරන ගමන් හිටියේ. මම හිටියෙ වෙන සිහියක නිසා මම ඉන්න විදිහවත් මට ගානක් වුනේ නැහැ. ඒත් එකපාරටම මගේ ඇඟේ කවුරු හරි කෙනෙක් හැප්පුනා. ඒත් එක්කම මම අනිත් පැත්ත හැරෙද්දි තමයි දැක්කෙ කවුරු හරි මගේ ෆොටෝස් ගන්නවා.

"ඒයි....... මිස් කරුණාකරලා ඔය ෆොටෝස් ඩිලීට් කරන්න."

එයා මාව දකිනවත් එක්කම බයවුනා. එයා හැදුවෙ එලියට දුවන්න වුනත් මම ඉක්මනට ගාඩ්ස්ලට කෝල් කරලා එතනට ගෙන්නුවා. එයාල හැදුවෙ ෆොටෝස් ටික ඩිලීට් කලාට පස්සෙත් අර ගර්ල්ව පොලිසියට අරන් යන්න. ඒත් මම කිව්වා එහෙම කරන්න එපා කියලා. මොනවා වුනත් එයා ගෑනු ළමයෙක්. ඒක එයාගෙ ජීවිතයට ප්‍රශ්නයක් වෙයි.

"සර්......... ඉක්මනට මාස්ක් එක දාගන්න."

එක ගාඩ් කෙනෙක් ඇවිල්ලා මට මාස්ක් එකක් දික් කරද්දියි මට තේරුණේ මම එලියට ඇවිල්ලා තියෙන්නේ මාස්ක් එකක් නැතුව කියලා.

"අර ගෑනු ලමයා අනිවාර්යයෙන්ම සෙසන්ග් කෙනෙක් සර්. මොකක් හරි එඩිට් කරලා කට කතාවක් හදන්න එන්න ඇත්තෙ."

ඒක ඇත්ත වුනත් මට ඒ ගැන තවත් හිතන්න ඕන වුණේ නැහැ. මොකද කියනවනම් අයිඩල් කෙනෙක් විදිහට මම මේ ගෙවන ජීවිතේ ඔය වගේ දේවල් මගේ අතේ ඇඟිලි ගානටත් වඩා සිද්ධ වෙලා ඇති. ඒවයින් තැලිලා පොඩි වෙලාම මට දැන් ඒ දේවල් ගානක් නැහැ.

ඒත් මිනිස්සු මාවත් තවත් එක සාමාන්‍ය මනුස්සයෙක් විදිහට නොදකින්නෙ ඇයි කියන්න මට තේරෙන්නේ නැහැ.




______________________________________________

ජංගුක් ඊයෙ ලයිව් එකක් ආවා නේද....එයා එකේදි සෙසන්ග්ලා ගැන කතා කරනවා මම විඩීයෝ එකක් දැක්කා. I'm human too කියලත් කියනවා. ඒක හරියට මේකෙ කලින් චැප්ටර් එක වගේ.

අද උදේ ඒක දැක්කම මට පුදුම හිතුණා. දැන් නම් මටත් හිතෙනවා මට අනාගතය පේනවද කියලා. ඔයාල ගෙන් කිහිප දෙනෙකුත් මට කියලා තියෙනවනෙ මට හිත් කියවන්න පුළුවන් වගේ කියලා.



Continue Reading

You'll Also Like

258K 2.9K 42
about two teenagers who fall in love, and aren't really that different 13 reasons why | montgomery de la cruz social media fanfic #38 in 13REASONSWH...
35.3K 631 14
After confessing there feelings to each other, Midoriya and Todoroki decide not to become a couple, but wait till after graduation before coming out...
12.1K 2K 7
~You can create your own fantasy since you are the owner of this dream world.. ~But remember this... ~Sometimes fantasy might can be a nightmare.. ~...
2.8K 377 7
" මන් එයාට ආදරේ කරන්නෙ අවුරුදු දෙකක ඉදන් ටේ මට එයාව ඕනේ 🥺 ඒත් හෙට එයා වෙන කෙනෙක්ගෙ වෙනවා 😔 එයා හිතන්නෙ මන් එයාට ආදරේ නෑ කියලා "