Your Diary || JJK ✓

By Silvermirror23

7.5K 1.9K 1.2K

I'm human too.. ඇයි මේ? හැමෝටම මාව නිකන්ම නිකන් ආදායම් මාර්ගයක් විතරමද? ඇයි කිසිම කෙනෙක් තේරුම් ගන්නෙ නැත්තෙ... More

INTRO
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
End
A/N

Chapter 7

365 129 87
By Silvermirror23


Article 7

ඔයා පලවෙනි වතාවට සිංදු කියනකොට කොච්චර ලැජ්ජාශීලී කෙනෙක් ද? ඔයා ඉස්සර ලැජ්ජාවට අඬනවත් එක්ක. ඒත් ඉතින් දැන් නම් ඒ ලැජ්ජාව කොහෙද දන්නෙ නෑ.

මම ඔයාගෙ පලවෙනි ලයිව් එකේ ඉඳලා හැම ලයිව් එකක්ම නොවරදවාම බැලුවා. ඔයා හිනා වෙනකොට ෆෑන්ස්ලාට විතරක් නෙවෙයි මටත් ඔයා ගැන අමුතුම හැඟීම් දැනෙන්න පටන් ගත්තා. ඔයාගෙ හිනාව ඒ තරම්ම ඇබ්බැහි වෙන සුළු ඩ්‍රග් එකක් වගේ. හිනාව විතරක් නෙවෙයි කටහඬත් ඒ වගේම තමයි.

මම ඔයාගෙ ළඟදිම තිබ්බ ලයිව් එකක හිටියා. හැමෝම ඉතින් ඔයාට මැසේජ් කරන ගමන් ගොඩක් කාර්යබහුල වෙලයි හිටියේ. ඒත් මම බලන් හිටියෙ ඔයාගෙ ඇස් දිහා. ඒ ඇස් වල මොකක්දෝ හැංගිච්ච වේදනාවක් තියනවා කියලා මට දැනෙනවා. ඒකට හේතුව සේහාද වෙන මොකක් හරිද කියන්න මම දන්නෙ නෑ. ඒත් මොකක් වුණත් ඒ දුක නැති වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.

ෆෑන්ස්ලා කියනවා ඔයා බනානා මිල්ක් වලට ගොඩක් කැමතියි කියලා. හහ්........මොන බොරුද....මම නම් දකින දකින සැරේට ඔයාගෙ වැඩේ උගුඩුවෙක් වගේ බියර් බොන එක. මට ඇවිත් බනින්නත් හිතෙනවා. ඒත් බැහැනෙ....... ඒත් ඔය වගේ බොන්න එපා මනුස්සයො......ඔයාව අසනීප වෙයි. ඒත් ඉතින් නිකන්ම නිකන් ආර්ටිකල් රයිටර් කෙනෙක් වෙච්ච මට එහෙම අයිතියක් නැහැ.

ඔයා ඉතින් හිනාවෙවී බියර් බිබී සිංදු කියනවා. කොච්චර බිව්වත් ඔයාගෙ කටින් අනවශ්‍ය දෙයක් පිට නොවෙන තරමටම ඔයා දක්ෂයි සූක්ෂමයි. කොහොමත් අයිඩල් කෙනෙක්ට තියෙන්නෙම ඕන දෙයක් ඒ සූක්ෂම බව.

මට වෙලාවකට හිතෙනවා ඔයා මේ තරම්ම බොන්නෙ ඔයාට තියෙන මානසික පීඩනය නිසා කියලා. මම අහලා තියෙනවා මිනිස්සු ගොඩක්ම බීමට හුරුවෙන්නෙ ප්‍රශ්න තියෙනකොට කියලා. මොනවා වුනත් ප්‍රශ්න හරියට කළමනාකරණය කරන්න ඔයා හොඳ උත්සාහයක් ගත්තා.....ඒ කාලෙ වගේම අදත්.

ඔයාගෙ ඩිබියුට් එකට කලින් ඔයාගෙ හිත කියවන්න පුළුවන් වුනත් දැන් නම් මට එහෙම කරන්න බැරි මට ඔයාගෙ ලඟින් රැඳෙන්න තරම් වටිනාකමක් නැති නිසා. ඒ මොනවා වුණත් දිගටම මට පුළුවන් උපරිමයෙන් ඔයා ගැන විස්තර හොයලා මේ විදිහට ලියන එක මම කරන්නම ඕන දෙයක්. ඉතින් ඔයා වෙනුවෙන් ලියපු දේවල් වලින් ඔයාගෙ ජීවිතයට මොකක් හරි බලපෑමක් වුණා නම් මට සමාවෙන්න.

මම දන්නෙ නෑ මේ වැඩේ මට කවදා නතර කරන්න වෙයිද කියලා. ඒත් මට අහුවෙන්න බැහැ. ඒක නිසා මීලඟ ආර්ටිකල් එක වෙනුවෙන් බලාපොරොත්තු තියාගන්න එපා. මොකද එහෙම එකක් නොතිබෙන්නත් පුළුවන්.

_IKY_

End of Article.......


"නෑ....නෑ..... එහෙම වෙන්න බෑ.....ඔයා හෙටත් ලියන්න ඕන......ඔයාට බැහැ මෙහෙම මඟින් නවත්තන්න....."

ජංගුක් කෑගැහුවෙ ආර්ටිකල් එකේ අන්තිමට කියලා තිබුන දේවල් නිසා. දැන් ජංගුක් ටිකෙන් ටික එයාගෙ එකවුන්ට් එක ගැන විස්තර හොයනවා කියලා කෙල්ල දැනගෙන තිබුණා. ඒ නිසා තවත් රිස්ක් එකක් ගන්න එයා කැමති වුණේ නැහැ. හැබැයි ජංගුක්ට තව දුරටත් එයාව ඕනෙ.

"මොකද කුකී........"

ජින් ඇහුවෙ ඇස් වල කදුළු පුරෝගෙන ඉන්න ජංගුක්ගෙන්.

"හියොන්......එයා මේක නවත්තන්න හදන්නෙ...."

"ඉතින් හොඳයිනේ......එයා නිසා තව මොන මොන දේවල් එලියට එයිද කියලා කවුද දන්නෙ.. අනිත් එක හයිබි එක එයාට විරුද්ධව ඇක්ෂන් එකක් ගන්න යනවා කියලත් කියනවා."

"මොකක්....... ඒත් මම කිව්වනෙ එහෙම මොකුත් කරන්න එපා කියලා."

ජංගුක් එයාගෙ ස්ටුඩියෝ එකෙන් නැගිටලා කෙලින්ම ගියේ හයිබි එකේ ප්‍රධාන විධායක නිලධාරියාගෙ කාර්යාලයට. එයා හිටියෙ ගොඩක් තරහින්. අවුරුදු දහයකට පස්සෙ එයාට එයාගෙ පරණම යාලුවෙක්ව හම්බුනා වගේ හැඟීමක් දැනිලා තිබුණේ මේ ආර්ටිකල් නිසා.

දැන් එයාට ගොඩක් යාලුවෝ හිටියත් ඒ සේරම එයාගෙ සල්ලි බලය ජනප්‍රියත්වය නිසා එයාට ලං වෙච්ච අය. එයාගෙ අනිත් මෙම්බර්ස්ලා ඇරෙන්න ගොඩක් අය එහෙමයි. ඉතින් මේ කෙල්ල කවුරු වුනත් එයා ජංගුක්ව අඳුරන්නෙ එයාගෙ පුංචිම කාලෙ ඉඳන් නම් එයා කොයිතරම් වැදගත් කෙනෙක් ද?


"මිස්ටර් පාර්ක්......."

"ඔව්, කියන්න ජංගුක්ෂි......."

මිස්ටර් පාර්ක් හිටියෙ එයාගෙ සීට් එකට වෙලා ෆයිල්ස් වගයක් චෙක් කරන ගමන්. එකපාරටම ජංගුක් ඇතුලට ආවම එයා ටිකක් කලබල වුනා.

"ඔයා අර ආර්ටිකල්ස් ලියන ගර්ල්ට විරුද්ධව ඇක්ෂන් එකක් ගන්නවා කියලා මට ආරංචියක් ආවා....."

"හ්ම්..... ඔව්...... අපි දැනටමත් රහස් ඔත්තු සේවයට වගේම හැකින් කම්පැනීස් වලට මේ ගැන හොයන්න බාරදීලා තියෙන්නෙ......ඔයා බයවෙන්න එපා...... ප්‍රසිද්ධ පුද්ගලයෙකුගෙ කීර්ති නාමයට හානි කිරීමේ වැරුද්දට එයාට දඬුවම් ලැබෙයි."

"ඒ.....එයාට මොකුත් කරන්න එපා. මං කියන්නේ ඔය ගැන හොයන්න ඕන නැහැ. ඕක අතෑරලා දාන්න. අනික එයා කිව්වෙ ඇත්තනෙ."

ජංගුක් එහෙම කිව්වත් මිස්ටර් පාර්ක්ගෙ අදහස නම් වෙනස් වුනේම නැහැ.

"එහෙම කරන්න බැහැ. අපේ ඇග්‍රිමන්ට් එකට අනුව ඔයාට සිද්ධ වෙනවා අපි කියන දෙයක් කරන්න. දැනටමත් ඔයාගෙ එෆෙයාර් එක ගැන දැනගෙන ෆැන්ඩම් එකේ ගොඩක් අය ලීව් වෙලා. ඒක අපේ කම්පැනි එකටත් ඉන්කම් එකටත් ලොකු ප්‍රශ්නයක්."

ජංගුක් නිරුත්තර වුණා. මොකද එයා දන්නවා ඇග්‍රිමන්ට් එක නිසා කම්පැනි එක කියන දේකට එකඟ වෙනවා හැර වෙන කරන්න දෙයක් නැති බව.


Jungkook POV

ඇයි මේ? හැමෝටම මාව නිකන්ම නිකන් ආදායම් මාර්ගයක් විතරමද? ඇයි කිසිම කෙනෙක් තේරුම් ගන්නෙ නැත්තෙ මාත් මනුස්සයෙක් මටත් හැඟීම් දැනීම් තියෙනවා කියලා. මටත් ආදරේ කියන දේ දැනෙනවා. මටත් මම කැමති විදිහට තීරණ ගන්න ඕන. අන්තිමට මට එයාලට ඕන විදිහටද ආදරේ කරන්න වෙන්නෙත්.

සේහාගෙයි මගෙයි එෆෙයා එක ගැන දැනගත්ත ෆෑන්ස්ලා ගොඩක් දැනටමත් ෆැන්ඩම් එකෙන් අයින් වෙලාලු. ඇයි එයාල එහෙම කරන්නෙ. ඇයි එයාල තේරුම් ගන්නෙ නැත්තෙ මම රොබෝ කෙනෙක් නෙවෙයි කියලා. මටත් ආදරේ හිතෙනවා. ඒත් මම ඒක හැමදාම හිතේ හිර කරගෙන ඉන්න ඕනෙද? 

එයාලට මෙයාට ආදරේ කරන්න මෙයාට එපා කියලා කියන්න මම යන්නෙ නෑනෙ. ඉතින් ඇයි එයාලට බැරි මටත් ඒ වගේ නිදහසක් දෙන්න. අන්තිමට වුණේ මගේ නිදහස ගැන කතා කරන්න ආපු ඔයාගෙ නිදහසත් මම නිසා නැතිවුන එක.

සමාවෙන්න අයිකි. මට උදව් කරන්න බැරි වෙනවට. ඒත් ඔයා කොහොම හරි බේරෙන්න.




______________________________________________

ඔයාල මගේ කතාවලින් හදවතට දැනෙන කතා කියලා කිව්වෙ ජංගුක් මේන් කතා නේද? කලින් Midnight Blue Rose දැන් මේක.

කලින් google form එක නිසා මම දැනගත්තා ගොඩක් අයට ජන්ග්ෂියෝන්වත් තාමත් හොඳට මතකයි කියලා.

මටත් හිතෙනවා මම හොඳටම වගේම සැහැල්ලුවෙන්ම ලියන්නෙ ජංගුක් මේන් කතා කියලා.....ඒ මොකද මන්දා....ඔයාල මොකද හිතන්නෙ?

Continue Reading

You'll Also Like

323K 14K 28
What will happen when Park Jimin gets to spend one month with his Idol, Agust-D? Will sparks fly? ~~~~~~~~~~~~ The main dish is Yoonmin with low-key...
42.2K 5.5K 37
නපුරු හදවතක් වෙනස් කරන්න මැවුන වෙනස්ම විදියෙ ආදරයක්.. #First story #JJKff #Mafia Love Started Date - 2021/09/23 Ended Date - 2021/11/11 Warning : M...
14.2K 2.4K 31
මගේ ජීවිතේට ආලෝකයක් වෙලා මාව සනසපු සුරදූතිය ........ සමාවෙන්න මට ... ඔබේ පෙම හඳුනානොගත්තාට....... -jjk කිම් සූමින් යුනි එකේ අහින්සක ගෑනුලමයෙක් . එත...
389K 13.8K 60
𝗜𝗡 𝗪𝗛𝗜𝗖𝗛 noura denoire is the first female f1 driver in 𝗗𝗘𝗖𝗔𝗗𝗘𝗦 OR 𝗜𝗡 𝗪𝗛𝗜𝗖𝗛 noura denoire and charle...