Mr & Mrs අතිපණ්ඩිත

By Aro_Yash

150K 10.6K 900

Mr.අතිපණ්ඩිත කතාවේ දෙවන දිගහැරුම. More

II - 01
II - 02
II - 03
II - 04
II - 05
II - 06
II - 07
II - 08
II - 09
II - 10
II - 11
II - 12
II - 13
II - 14
II - 15
II - 16
II 17(New)
II - 18(new)
II - 19(New)
II - 20(new)
II - 21
II -23
II - 24
II-25
II - 26
II - 27
II - 28
II - 29 new
30
II -31
32
II - 33
II - 34
II - 35
II - 36
II - 37
38-mini episode
II - 39
II - 40
II - 41
II - 42
II - 43
II - 44
II - 45
II - 46
II - 47
II - 48
II - 49
II-50
II-51
II-52
II - 53
II - 54
II - 55
II-56
II-57
II - 58
II - 59
II - 60
II - 61
II - 62
63
II - 64
II - 65
A special notice‼️
66
67
68
II - 69
II - 70
II - 71
II - 72
II - 73

II - 22

5.6K 283 24
By Aro_Yash


#Mr_and_Mrs_අතිපණ්ඩිත_22
(Mr.අතිපණ්ඩිත දෙවන දිගහැරුම)

♥️©𝒜 𝓇 𝑜 𝒽 𝒾 𝒴 𝒶 𝓈 𝒽 𝓌 𝒾 𝓇 𝒶 𝑅 𝒶 𝓉 𝒽 𝓃 𝒶 𝓎 𝒶 𝓀 𝒶

කෙනාර් ඇයි මට හෙට යන්න එපා කියලා අනිද්ද යන්න කියන්නේ කියලා බැලුවේ. ඒත් එයා ඊළඟට කියපු දේත් එක්ක මට දැනුනේ මගෙ පපුවත් එක්ක මොකක්ද වෙනවා වගේ.

"මං හෙට ෆලයි කරනවා අශූ. කන්ෆරන්ස් එක අනිද්දා."

එයා සිංගප්පූරුවට යනවා කියද්දි ඇයි මගෙ ඇස් වලට කඳුළු පිරෙන්නෙ. මං වේගෙන් ඇහිපිල්ලම් ගහන ගමන් හා කියන්න ඔලුව උඩට පහළට කරේ. ඒත් උගුරත් එක්ක නිකන් හිරවෙලා යනවා වගේ වේදනාවක් දැනෙන එක නැවතුණේ නම් නෑ. මං එහෙමම ශටර් එකෙන් එළිය බලාගත්තෙ කෙනාර්ට නොදැනෙන්න.

දැන්නම් මේ හිත ඕනෙවට වඩා වැඩියි. කෙනාර් දවස් තුනකටනෙ යන්නේ. එහෙම එකේ මගෙ හිත මොකටද මෙච්චර මැරෙන්න හදන්නෙ.

මං හොඳ හුස්මක් ඉහළට ඇදගන්න ගමන් පුළුවන් තරම් සැහැල්ලු වෙන්න හැදුවේ.

"අම්මව තව සතියක්වත් හොස්පිට්ල් තියන්න වෙනවා කීවා. මට ඔයාව තනියම ගෙදර තියන්න බෑ අශූ."

කල්පනා කර කරම ටික වෙලාවක් ඩ්‍රයිව් කරපු කෙනාර් ආයෙම කීවා. මං කෙනාර් දිහාවට හැරෙද්දි දැක්කේ එයාගේ මූණ පුරා තිබ්බ හෙන බැරෑරුම් හැඟීමක්.

"සුසිලා ආන්ටි ඉන්නවනේ. ඇයි ජෝති අංකල් එතකොට?."

"අම්ම හිටියනම් ප්‍රශ්නයක් නෑ. බට් ඒ දෙන්න එක්ක ඔයාව එහෙ තියන්න බෑ. අනික ඔයාට තාම එහෙ හුරුත් නෑ."

කෙනාර් මොනවද කියන්න හදන්නෙ කියලා මං බලන් හිටියේ.

"අප්පච්චිත් කැමති නෑ ඔයා තනියම ඉන්නවට. ඒ නිසා මං හෙට යමින් ගමන් ඔයාව ගෙදරින් දාගෙන යන්නම්."

ඔන්න ආයෙම දෙන්නගෙ සංධානගතවීම්. කෙනාර් අප්පච්චි එක්ක ඒකත් කතාකරලා. මං ආයෙ අහන්න ගියෙ නෑ ඒ දෙන්නා යාලු වුණේ කොහොමද කියලා. දෙපාරක්ම ඇහුවම මට පණ්ඩිතකමට මෙයා මොනවහරි කියලා කතාව මගඇරියනෙ.

"බහින්න."

කල්පනාවක ආව මං පියවි ලෝකෙට ආවෙ කෙනාර් ශොපින් මෝල් එකක් ගාව වාහනේ නැවැත්තුවම.

'ඇයි මෙතන?' වගේ බැල්මක් මං කෙනාර් දිහාවට දැම්මේ.

"අම්මටයි අප්පච්චිටයි මොනවහරි අරන් යන්න ඕනෙ... එදත් මොනවත් අරන් යන්න බැරිවුණානෙ."

මං කෙනාර් එක්ක ශොපින් මෝල් එකට ගියා. එයාටත් මහ අමුතු අමුතු දේවල් හිතෙන්නේ. මැරි කරලා ඉස්සරලම ගෙදරට යද්දිත් අපි කෑම බීම විතරලු අරන් ගියේ. මොනවත් අරන් යන්න බැරිවුණ නිසා අද මොනවහරි ගමු කීවා.

අප්පච්චිට ශර්ට් එකක් ගන්න ඉස්සරලම ගියේ.

"අප්පච්චිගෙ ශර්ට් සයිස් එක කීයද?"

කෙනාර් අහද්දි මං කෙනාර් දිහා බැලුවේ ගැස්සිලා වගේ.

"තව එයා අඳින ස්පෙෂල් බ්‍රෑන්ඩ්, මෙටීරියල් තියනවනම් කියන්න."

ලිෆ්ට් එකෙන් බැහැලා ෆ්ලෝ එක දිහාවට ඇවිදන් යන ගමන් කෙනාර් අහන්නේ. ඒත් මට එවෙලෙ දැනුන හැඟීම මාවම එපාකරවන හැඟීමක්. මං මොන ජාතියෙ දුවෙක්ද කියලා හිතුණා. මං අප්පච්චි අඳින ශර්ට් සයිස් එක දන්නෑ. සුදුඅයියා අසනීප වෙන්න කලින්, අපි සතුටින් හිටපු කාලෙනම් මං එයාලා ගැන හැම පුංචි දෙයක්ම දැනන් හිටියා. ඒත් ගෙවිල ගිය අවුරුදු අට... ඒ අවුරුදු අටේ මට හැමදේම මග ඇරිලා.

"අශූ ඇයි?"

මගෙ ගමන බාල වෙද්දි කෙනාර් ඇහුවේ එයාට මගෙ මූණෙ වෙනස තේරෙන්න ඇති.

"අප්ප..ච්..චිගෙ ශර්..ට් සයිස් එක ම්..මං දන්නෑ.."

මගෙ කටහඬත් බිඳුනා. පපුව ඇතුලෙන් හීනි වේදනාවක් කොණිති ගහනවා වගේ. ඇසුත් යන්තම් බොඳ වෙනවා දැනුනේ මගෙ දිහා බලන් ඉන්න කෙනාර්ගේ මුණත් බොඳවෙලා වගේ යද්දි. හුස්මක් හෙළලා කෙනාර් මගෙ අතින් අල්ලගත්‍තා.

"හරි හරි යං.. ගෙස් කරලා ගමු. කොහොමත් එක්ස්චේන්ජ් කරන්න පුළුවන්නෙ සයිස් මැච් වෙන්නැත්තම්."

කෙනාර්ට එවෙලෙ හොඳට තේරුණා මම හිටපු සිටුවේෂන් එක. එයා ඊට පස්සේ ඒ ගැන මගෙන් ඇහුවෙ නෑ. අම්මගෙ ඇඳුම් සයිස් ගැන අහන්නැතුව එයා කීවා සාරි එකක් ගමු කියලා. අඩුම අම්මා කැමති පාටවත් මං දන්නෑ. කෙනාර් ඒක ඇහුවෙ නැතත් මං හිටියේ මං ගැන ගොඩක් ලොකු කළකිරීමකින්. මට මගෙම අම්මයි අප්පච්චියි කොච්චරනම් මගඇරිලද...

"ඔයාටත් මොනවහරි ඕන්නම් ගන්න."

සාරි සෙක්ෂන් එකෙන් එන ගමන් කෙනාර් කීවේ. ඒත් මං හිටියේ වෙනමම හැඟීම් ගොඩක. මං කාලකණ්ණි විදියට ජීවිතේ අවුරුදු අටක් ගෙවලා දාලා. ඉස්සර තිබ්බ හීන, ටාගට් මට මතකවත් නෑ. පුංචි කාලේ හොඳටම ඉගෙනගන්න පුළුවන් වුණ මම ඒලෙවල් කරේ ඕනෑවට එපාවට. පස්සෙ එතනින්ම ඉගෙනීමත් නතර කරලා දැම්මා. හැමදේම අතෑරලා දැම්මා. සුදු අයියා මාව දාලා ගිය දවසෙන් පස්සෙ කොටින්ම මම මාවවත් අතෑරල දැම්මා.

මට එක තප්පරේකට හිතුණේ කෙනාර්ට මාව ගැලපෙන්නෑ කියලා. එයාගේ ජීවිතේ එච්චර ප්‍රශ්න තිබිලත් එයා අමාරුවෙන් අම්මවත් බලන් ඉගෙනගෙන, මහන්සිවෙලා අද ඉන්න තැන. ඒත් මම නිකමෙන් වගෙ කියලා හිතුණේ.

හොඳ ජොබ් එකක් කරලා ආසා කරන හැමදෙම මගෙම සල්ලි වලින් ගන්න, අම්මලට අප්පච්චිලට එක එක දේවල් අරන් දෙන්න, ඒවා පුංචි කාලේ ඉඳන් මගෙ හිතේ තිබ්බ දේවල්..ඒත් අද මං කෙනාර්ගෙන් යැපෙන සාම්ප්‍රදායික බිරිඳක් වෙලා. එයාට ආදරේ කරන්නවත් බැරි, මං ගැනවත් හරියට බලාගන්න බැරි දුර්වල නිකන්ම නිකන් කෙල්ලෙක් වෙලා.

"අශූ..."

කෙනාර් පස්සෙන් මම ඔහේ කල්පනා කර කර ගිහින් කොහේ නැවතිලාද කියලා වටපිට බැලුවේ. ආයෙම අපි ජෙන්ට්ස් සෙක්ෂන් එකේ ඇයි?

"අනිද්දා කන්ෆරන්ස් එකට අඳින්න ශර්ට් එකක් සිලෙක්ට් කරලා දෙන්න."

මං කෙනාර් දිහා බලද්දී එයා එහෙම කීවේ ගහෙන් ගෙඩි එන්නා වගේ.

"මං?"

ඇහිබැමත් ලාවට ඉස්සෙද්දි මං ඇහුවේ.

"යෙප්. මැට් බ්ලැක් ෆුල් සූට් එකට මැච් වෙන එකක්."

මං ටික වෙලාවක් කෙනාර් දිහා බලන් හිටියා. මෙයත් එකපාරම කරන කියන දේවල් නිසා මාවත් හොල්මන් වෙලා යනවා.

"ශෝල්ඩර් සයිස් 16 1/2. ස්ලිම් ෆිට්"

එයා එහෙම කියද්දී මං හොඳ හුස්මක් ඉහළට ඇදලා බැලුවේ ශර්ට් දිහා. පාට ගොඩයි. ඒව දැක්කම මෙච්චර වෙලා හිත හිත හිටපු ප්‍රශ්නෙත් අමතක වෙලා ශර්ට් එකක් තෝරන එක ගැන විතරයි ඔලුවෙ වැඩකරේ.

අවෝඩ් සෙරමනි එකකට අඳින්න මැච් වෙන්නෙ මොන කලර් එකක්ද? මට තේරෙන්නෑ. ගොඩක්ම ඩාර්ක් කලර්ස් හරියන්නෙත් නෑ. ශාප් කලර්ස් හරියන්නෙත් නෑ. ලයිට් බ්ලූ... මගෙ අත ගියේ ලයිට් බ්ලු කලර් එක ගාවට.

එතන ලයිට් බ්ලූ කලර්ස් ගොඩක් තිබ්බා. ඒත් ආයෙම මගෙ ඇහැ ගියේ එහාපැත්තෙ තිබ්බ ඈශ් කලර් ශර්ට් ගාවට. කෙනාර්ටනම් මොක ඇන්දත් මැච්වෙනවා එයාගෙ මේන්ටේන් කරලා තියන ඇඟයි ස්කින් ටෝන් එකයිත් එක්ක.

කෙනාර් අත් දෙකත් පපුව හරහා බැඳන් බලන් ඉන්නවා. කිසිම සපෝට් එකක් නෑ. මටම තනියම තෝරන්න දීලා ගල් පිළිමයක් වගේ ඉන්නවා. ඒත් හිත ඇතුලෙන් මහ අමුතු සතුටක් වගේ හැඟීමක් කාන්දු වෙන ගමන් තියෙන්නේ. කන්ෆරන්ස් එකට අඳින්න ශර්ට් එකක් මටම සිලෙක්ට් කරලා දෙන්න කියපු නිසා.

'ම්ම්...ලයිට් බ්ලූද ඈශ්ද?'

ඒ දෙකෙන් එකක් තෝරගන්න බෑ වගේ.

'දෙකම අඳින්න බැරිවෙයිද දන්නෑ..'

මගෙ හිතත් ඒ අස්සේ විකාර දොඩවනවා. හොඳ හුස්මක් උඩට ඇදලා ආයෙම බලද්දී මගෙ ඇහැ නැවතුණේ තව තැනක. ඕෆ් වයිට්! මොන කලර් එකටත් වඩා ලස්සනම ශර්ට් කලර් එක තමා වයිට්. මම ඕෆ් වයිට් ශර්ට් එකක් අරගත්තේ දෙපාරක් හිතන්නැතුවම.

අරන් කෙනාර් දිහාවට ඒක දික් කරේ හරිද බලන්න කියලා ඇස් වලින් කියන ගමන්. එයා මං දීපු ශර්ට් එක අතට අරන් ඇහිබැමකුත් උඩට කරලා අමුතු බැල්මක් දැම්මේ. ඊළඟට ශර්ට් එකේ සයිස් එක බලලා ඔලුව උඩට පහළට කරේ ඒක හරි කියන්න.

"ටයි එකක්?"

අපි දෙන්නත් එක්ක ආපහු එන්න එනකොට ශර්ට් සෙක්ෂන් එකේම පැත්තක තිබ්බ ටයි දකිනකොටයි මට මතක් වුණේ. කෙනාර්ටත් ඒක අමතක වෙලා.

පස්සේ අපි දෙන්නා ඒකත් අරන් ඊළඟ ෆ්ලෝ එකට ආවේ. ඒත් කෙනාර් කවුන්ටර් එකට යන්නැතුව ආයෙම ලේඩීස් වෙයා සෙක්ෂන් එකට ආවෙ.

"ඇයි ආයෙම මේකට ආවේ?"

මං ඇහුවත් පණ්ඩිත මූණක් දාන් ඇවිදන් ගියා විතරයි. උත්තරයක් දුන්නෑ..අතිපණ්ඩිතයා කියන්නේ නිකන් නෙමේනෙ මං.

මං ඉතින් රොබෝ වගේ පස්සෙන් ගියා. පස්සේ එයා නැවතුණේ කොට ගවුම් තිබ්බ තැන.

"මට එපා... එදත් ගත්තෙනේ."

මං කීවට ඇහුවේ නෑ. එයා එතන තිබ්බ ස්කින් කලර් අත් කොට ගවුමක් අරන් මගෙ කර උඩින් දැම්මේ. මං කට ඇද කරේ එපා කීවට අහන්නැති නිසා.

"මේක හරියනවද බලනවා."

"බොරුවටනෙ කෙනාර්. වෙඩින් එකට කලිනුත් ශොපින් කරා. ඊට පස්සෙත් ගත්තේ. ගෙදරනෙ ඉන්නෙ මං කොහෙට අඳින්නද මේවා."

මං කීවේ ඇත්තටම බොරුවට සල්ලි නාස්ති කරන්න ඕන්නැති නිසා.

"ඇයි හැමදාම ගෙදරට වෙලා ඉන්නද කල්පනාව."

කෙනාර් එහෙම අහද්දි මං බැලුවෙ ඇහිබැමි රැළි කරලා.

"මඥ මඥ ගාන්නැතුව ගිහින් ෆිටෝන් කරලා බලනවා."

මං ආයෙමත් මොනවත් අහන්න කලින් මගෙ අතේ තිබ්බ රෙදි බෑග් එක එයාගෙ අතට අරන් කෙනාර් කීවෙ. එවෙලෙ මට කිසිම මූඩ් එකක් තිබ්බෙ නෑ ඇඳුම් ගන්න.ඒත් මේ කෙනාර් එක්ක බේරෙන්න බෑ කියල දන්න නිසාම මං ගියේ ෆිටෝන් කරන්න. එයත් මං පස්සෙන්ම ෆිටෝන් රූම් එක ගාවට ආවා.

"ඕන්නම් මාත් ඇතුළට එන්නද?"

මේ කෙනාර්නම්.. තැනක් නොතැනක් නෑ පුදුම කටක් තියෙන්නෙ වෙලාවකට. එයා අහපු එක එහාපැත්ත ෆිටෝන් රූම් එක ගාව හිටපු බෝලෙ වගේ ආන්ටි කෙනෙක්ටත් ඇහුණා. මගෙ මූණත් එක්ක රතුවුණේ ලැජ්ජාවට. ඒ ආන්ටි මහ අමුතු විදියකට අපි දිහා බැලුවේ. මං කෙනාර්ට රවලා ෆිටෝන් රූම් එක ඇතුළට ගියේ එයා මෝඩයෙක් වගේ හිනාවෙවී බලන් ඉද්දි.

"ඇඳලා පෙන්නනවා.."

ටිකකින් ආයෙම දොරට තට්ටු කරලා කියන්නේ. මං ඒකත් ඇඳලා එළියට ආවේ. කෙනාර් උඩ ඉඳන් පහළටයි ආයෙම පහළ ඉඳන් උඩටයි බැලුවා.

"අපෝ ඒක හරියන්නෑ. තමුසෙගෙ මෝඩ පාට වැඩියෙන් පේනවා. ඔහොම ඉන්නවකො ටිකක්."

මං රවාගෙනම ඉද්දි එහෙම කියපු කෙනාර් ආයෙම ගියා. ඒ ගිහින් එයා ගෙනාවේ ලා නිල් පාට ගවුමක්. ඒකෙ ඉණ ස්මෝක් ඩිසයින් එකක් එක්ක මහ අමුතු ලුක් එකක් තිබ්බේ. මං ඒකත් ඇඳන් ආවා එළියට. මේපාර පණ්ඩිතයා මොනව කියයිද දන්නෑ. මොනවත් කීවෙ නෑ ඒක හොඳයි කියලා ඒක ගමු කීවා.

ඔය ඔක්කොම අරන් එළියේ පා(ර්)කින් එකට එද්දිම මට හැරිලා බැලුනේ ඇස් කොණට අහුවුණ දේ නිසා. එතන ශොපින් මෝල් එකට එහාපැත්තේ බිම ඉඳගෙන හිටියේ පරණ ඇඳුම් ඇඳගත්ත අම්මා කෙනෙක්. පුංචිම බබෙක් එක්ක. මාස හය හතක බබෙක්. දැක්කම පපුවත් එක්ක මොකක්ද වුණා. අපි ඈතින් එනවා දැකලා එයා හයියෙන්ම කීවේ.

"අනේ නෝනේ...හඳුන්කූරු පැකට් එකක් ගන්න පුළුවන්නම්... එකක් පනහයි නෝනේ. තුනම එකසිය විස්සයි."

මේ සිතලේ රෑ, අර පුංචි දරු පැටියත් තුරුල් කරන් තාම හඳුන්කූරු විකුණනවා. කෙනාර් කෝල් එකක හිටියේ. එයාට ගාණක් නෑ. කතාකර කර ඉස්සරහට යනවා. එයාව පාස් කරන් යද්දිනම් මට දුක හිතුණා.

"කෙනාර්..."

මං කෙනාර්ට කතාකරත් ඇහුණෙ නෑ. අර මනුස්සයේ මූණ දැක දැක පාස් කරන් යන්න හිතුණේ නෑ.

"ඔව් ඔව්... ඒව ටික සේරම රෙඩි."

එයා හෝ ගාලා කෝල් එකෙන් කතාකරන්නේ අනිද්දා ගමන ගැන.
කෙනාර්ට ඇහෙන්නෙ නැති නිසා මං එයාගෙ ශර්ට් අතකින් ඇද්දේ කෙනාර් හැරිලා බලද්දී. එයා ඇස් වලින් ඇහුවේ ඇයි කියලා. මම ඇස් වලින්ම සන් කරලා පෙන්නුවේ අර අම්මවයි පුංචි පැටියවයි.

"නෑ නෑ ඇහෙනවා. මට තප්පරයක් දීපන් මචං.."

කෙනාර් ආයෙම ෆෝන් එකෙන් එහෙම කියලා සාක්කුව ඇදලා පර්ස් එක අතට ගත්තේ.

"ඔව් බන්...තාම මග."

ආයෙම කතාකරන ගමන් එයා මගෙ අත උඩින් පර්ස් එක තිබ්බා.

"ඔව් ඔව්...ඔතන සීන් එක මෙහෙමයි මචන් හරිද..ඉන්දියන් කාරයෝ උන්ගෙ එවුන්ට මාරම සපෝර්ට්.

ඒකටත් එක්ක අපේ උන්. අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ උඹට සීන් එක."

එයා කෝල් එකේ ඉන්න ගමන්ම මට ඔලුවෙන් සන් කරලා කීවෙ මට ගිහින් අර ගෑණු එක්කෙනාට සල්ලි දෙන්න කියලා. ඒ කරලා මගෙ අතේ තිබ්බ බෑග් එකකුත් එයාගෙ අතට ගත්තා. මං ආපහු හැරිලා ආවේ අර අම්මා ගාවට. අම්මා කීවට වයස නැද්ද කොහෙද. ඒත් මහා වයස පෙනුමක් පේන්නේ. ජීවිතේ එක්ක ඔට්ටුවෙලාම ජීවිතේ දියවෙලා යන මිනිස්සු. දැක්කම පුදුම අනුකම්පාවක් දැනෙන්නේ.

"කීයද හඳුන්කූරු?"

"එකක් පණහයි නෝනේ. තුනම එකසිය විස්සයි."

"හැමදාම මෙතනට එනවද?"

"මෙතනටම කියල නෑ නෝනේ.සමහර තැන් වලින් පන්නගන්නවා. ඔහේ අහුවෙන තැනක් බලලා කොහොම හරි හඳුන් කූරු පැකට් ටිකක් විකුණගන්න තමා බලන්නේ නෝනේ."

"දැන් ගොඩක් රෑ වෙලානේ. මේ බබාට පිණි බාන්නෙ නැද්ද?"

මට දුක හිතුණා. බබා ගැන. මේ දවස්වල රෑට සීතලත් වැඩියි..අපිටත් ඉන්න අමාරු එකේ මේ ළමයි පුදුම දුකක් විඳින්නේ.

"අනේ වෙනදට රෑ වෙනකන් ඉන්නෑ නෝනේ. දරුවගේ කිරි පැකට් එක ඉවරවෙලා. මට කිරි එරෙන්නෑ නෝනේ. මයෙ මැණිකව බඩගින්නෙ තියන්න බැරි කමට මේ ඉන්නේ..."

ඒ වචන වලට මගෙ පපුවම හෑරිලා ගියා. කියන්නෙ මොනවද කියලවත් හිතාගන්න බැරුව මං බලන් හිටියේ.

"මොකක්ද බබාට දෙන කිරි එක?"

මං ගැස්සිලා වගේ හැරිලා බැලුවෙ මගෙ පිටිපස්සෙන් ඇහුණ කටහඬට. කෙනාර් ආවෙ කොයිවෙලේදවත් දන්නෑ. එයා අහද්දි මං බැලුවේ කෙනාර් දිහා. ඒ අම්මා ඊට පස්සේ පොඩි බබාලට දෙන කිරි එකක නමක් කීවා. එයාට අසනීප වුණාට පස්සේ කිරි එරෙන්නැතුව ගියාලු. දරුවගෙ තාත්තා කෝච්චියෙ හැප්පිලා මැරුණලු. තව කතා ගොඩක් කීවා.

"හරි ඔහොම ඉන්න. අශූ එන්න."

එහෙම කියලා කෙනාර් මගෙ අතිනුත් අල්ලන් ගියේ එහාපැත්තෙ තිබ්බ ෆාමසි එකකට. එයා ඒකට ගිහින් අර කිරි එක ගත්තා. මං බලන් හිටියෙ කෙනාර් දිහා. එයා මෙහෙම කරද්දි මට එයා ගැන දැනුනේ ලෝබ හිතෙන හැඟීමක්.

කිරි එක අරන් කෙනාර් ආපහු ශොපින් මෝල් එක ගාවට එයි කියල හිතුණත් එයා ආයෙම මාත් එක්කම ගියේ එහාපැත්තෙ තිබ්බ නයිට් කඩේකට. ඒකෙන් කෑම එකකුත් ගත්තා. ඒ දෙකම අරන් ඇවිත් අර අම්මට දීලා ආපහු කා එක දිහාවට ඇවිදන් ආවෙ මගෙ අතින් අල්ලගෙනම.

"කෙනාර් එයා බොරු නෙමෙයි වෙන්නැති නේද කරන්නේ?"

මට හිතුණ දේ මම එයාගෙන් ඇහුවේ. අද කාලේ මිනිස්සු කරන්නෙම වංචාව.

"ඇයි එහෙම ඇහුවෙ?"

කෙනාර් අහන්නේ ඇහිබැමක් උස්සලා.

"ඔය ඕනෙ තරම් ගෑණු අය ඉන්නේ පුංචි බබාලව පෙන්න පෙන්න සල්ලි ඉල්ලන. ඒත් මෙයා පුළුවන් විදියට බිස්නස් එකක් කරනවනේ. අනික එයා බොරුවක් කරනවා කියලා හිතෙන්නෑ."

මං කීවෙ මට හිතුණ දේ.

"අපිට මිනිස්සුන්ව කාලා බලන්න බෑ අශූ. පිටින් පේන දේමද ඇත්ත කියලා කියන්නත් බෑ."

කෙනාර් කියද්දි මං බැලුවේ පුදුමෙන්.

"ඒ කියන්නේ ඔයාට ශුවර් නැතුවද ඒ දේවල් අරන් දුන්නේ?"

මං හිතුවේ කෙනාර් එයාට උදව් කරන්න ඇත්තෙ එයා කියන්නෙ ඇත්ත කියලා දැනුන නිසා කියලා.

"නෑ.මට ශුවර් නෑ. මං ඒක අරන් දුන්නෙ හේතු දෙකකට. එකක් අර දුක් විඳින පුංචි දරුවා. අම්මලා තාත්තලගෙ වැරදි නිසා මේ රෑ සීතලේ. පව් ඒ ළමයා."

කෙනාර් කියද්දි මටත් ඒකනම් හිතුණා.

"අනිත් කාරණේ.. මනුස්සයෙක්ට උදව්වක් කරද්දි ඒ මනුස්සයා බොරුවක්ද කරන්නෙ ඇත්තක්ද කරන්නෙ කියන එක අපිට අදාල නෑ. අපි දෙයක් දෙනවනම්, උදව්වක් කරනවනම් ඒක එච්චරයි. එතනින් ඉවරයි.

මොකද අපි කරන්නෙ හොඳ වැඩක්නම් ඒක අපිට. ඒ මනුස්සයා කරන්නේ බොරුවක්නම් ඒක එයාලට. Every action has a reaction.. මිනිස්සු කරන දේවල් අනුව තමා තමන්ට ප්‍රතිවිපාක හම්බෙන්නේ."

කෙනාර්ගේ ඒ කතාව.. ඒක මම අහන් හිටියෙ ආසාවෙන්. එයා සමහර වෙලාවට මට වඩා පුදුම තරම් පරිණතයි. එයාට වගේ මට සමහර දේවල් තේරෙන්නෑ. මම ඔලුව වනලා වාහනේට නගින්න ගියේ. කෙනාර් බෑග් ටික පිටිපස්සට දාලා දොර වහද්දි මට බැලුනේ එතනම එහාපැත්තෙ තිබ්බ කඩල කරත්තෙ දිහා.

ඒ රෑ සීතලේ පුංචි කඩල කරත්තයක් තියාගෙන වයසක මනුස්සයෙක් කඩල විකුණනවා. අපේ වාහනේ ළඟම. සුවඳත් එනවා. දුම් දාන කඩල දකිද්දි කන්නමයි හිතුණේ.

"ඕනෙද?"

මේ කෙනාර් ඒකත් දැකලද. මට ටිකක් ලැජ්ජත් හිතුණත් මං වැඩියෙ හිතන්නැතුව ඔව් කීවේ කෙනාර්ට හිනාවක් යද්දි.

"මං එදත් කීවා මොනවහරි ඕන්නම් ගල් බිල්ලියක් වගේ බලන් ඉන්නැතුව ඉල්ලන්න කියලා. කෝ එනවා යන්න..."

කෙනාර් පස්සෙන්ම මම ගියේ කෙළත් ගිලෙනකොට. කෙනාර් කඩල එකක් අරන් දුන්නා. ඒක අතට දුන්න ගමන් මම උරේ ඇරලා කන්න හැදුවේ.

"ඒයි... දැන් තමුසෙ කීයක් දේවල් අල්ලලද ඔය කන්න යන්නෙ ආහ්?"

කෙනාර් මගෙ අතේ තිබ්බ කඩල බෑග් එක උදුරලා ගත්තේ මට රවන ගමන්. මෙයා වෙලාවකට ඉස්කෝලෙක සර් කෙනෙක් වගේ. පුදුම නීති තියෙන්නේ. මං කටඇද කරගෙන වාහනේට ආවේ කෙනාර් රවාගෙනම එද්දි.

"අත සෝදන් ඉන්නවා"

මං බුම්මන් කා නැග්ගම ඇතුලෙ තිබ්බ වතුර බෝතලයක් ඔඩොක්කුවට දාලා කෙනාර් කීවෙ. මේ කෙනාර්නම් නීට් වැඩියි වෙලාවකට.

"ම්ම්."

මං අත හෝදගත්තම කඩල එක දුන්නේ. මං ඒක අරගත්ත ගමන් එකක් කටේ දාගත්තේ කෙනාර්ට ඕනෙද කියලවත් අහන්නැතුව. ඒ තරමට ඉවසිල්ලක් තිබ්බෙ නෑ.

"ශෙහ්.. පුදුම පෙරේතකමක්නේ. බැරිවෙලාවත් තමුසෙට අරන් දුන්නැත්තම් අර මනුස්සයගෙන් කඩල කන සේරගෙම බඩ ලෙෆ්‍ට්."

වාහනේ පාරට දාන ගමන් කෙනාර් කියන්නේ.

"අනේ මේ. එහෙම වෙන්නෑ හරිද."

"නෑ නෑ..මංනෙ දැක්කෙ කෙළ ගිල්ල හැටි."

"අනේ මේ බොරු කියන්නැතුව යනවද කෙනාර්."

මං රවලා කීවෙ කෙනාර් හිනාවෙවීම වාහනේ ඩ්‍රයිව් කරද්දි. පුංචියට කැරට් කෑලියි කූණිස්සොයි දාලා අමුමිරිස් කෑලි හීනියට කපලා දාලා හීනි පොල් කෑලිත් එක්ක තෙම්පරාදු කරලා තිබ්බේ ඒ කඩල එක. පොඩ්ඩක් සැරයි. හැබැයි මම ආසම විදිය ඒ. පුදුම රහක්. මම කඩල ඇට දහයක් පහළවක්ම කාලා තමා කෙනාර්ගෙන් ඇහුවේ.

"ඔයාට එපාද?"

"අපෝ ඕක කාලා බඩේ අමාරු හදාගන්න ඕන්නෑනෙ. තමුසෙ දැනටම ඕක දිහා බලන් කෙළ හැළියක්ම ගිලින්න ඇති."

අපරාදෙ ඇහුවේ.

"එපානම් කමක් නෑ. මේ වගේ රස කඩල එකක් කන්න පින නෑ."

මම ඇහෙන නෑහෙන ගාණට අන්තිම ටික කිව්වෙ.

"එච්චරම පවර්ෆුල්ද. කෝ දෙනව බලන්න එහෙනම්."

කෙනාර් කියද්දි මං කඩල බෑග් එක එයා දිහාවට කරේ.

"මට දැන් ආයෙම මේක නවත්තලා අත සෝදන් කන්න කියලද කියන්නේ?"

කෙනාර් අහද්දි මං කරේ ඔව් කියන්න ඔලුව වනපු එක.

"දෙන්නෙක් අතේ ගාගන්න ඕන්නෑනෙ කවනවා."

කෙනාර් කියද්දි මං බැලුවේ කට ඇද කරලා. එයා ආයෙම ඇස් වලින් කීවෙ කවන්න කියලා. එයා ඉන්නෙ දකුණු පැත්තෙ නිසා නුහුරුයි කවන්න. ඒත් මම කැව්වා කඩල ඇට දෙක තුනක්.

"ම්ම්. රසයි හැබැයි. කෝ තව ටිකක් දෙනවා බලන්න."

ඒ පාර එයාගෙන් බේරිල්ලක් නෑ. ඒ කඩල එක මාරම රසයි.

"අපරාදෙ තව එකක් ගන්න තිබ්බේ. සුපිරියට හදල තියනවා ඒක. තමුසෙට සැර කන්න හොඳනෑනෙ. මට වැඩියෙන් කවනවා."

"එහෙම එකක් නෑ..මට කීවට ඔයානෙ පෙරේත."

Moments you live... අන්න ඒ තප්පර ඒවා. හිතාගන්න බැරි සැහැල්ලුවකින් ගෙවිල යන ජීවිතේ විඳින මොහොතවල් මේ ගෙවෙන්නේ. ලෝබයි සමහර තප්පර ගැන.

අපි ගෙදර එද්දි හිතුවට වඩා පරක්කු වුණා. එන්න පුතා ඇතුළට කියලා අප්පච්චි කීවෙ. 'කොහොමද ඒක?' කියලා මම බලන් හිටියේ. අම්මටයි අප්පච්චිටයි කෙනාර්ව ලොකුවෙලා මටත් වඩා. මහලොකු බෑණාට තියන ආදරේ දිහා මං බලන් හිටියෙ කට ඇද කරන්.

"තමුසෙට ජෙලස් නේ?"

අම්මල අප්පච්චිලා එහාට මෙහාට වෙනකන් ඉඳලා කෙනාර් අහන්නේ කටකොණකින් හිනාවකුත් දාලා.

"වැඩේමයි මට."

මං කටත් ඇද කරලා නැගිට්ටේ.

"කොහෙද දෝණි යන්නෙ අර ළමයව අතන තනියම දාලා."

කෑම එහෙම කාලා ඉවරවෙලා මං උඩට එන්න ආවේ කෙනාර් කෑම මේසෙන් නැගිටලා ලිවින්ග් එකට යද්දි. අම්මා ඇහුවේ නිකන් මට රවලා වගේ. පුදුම අවනඩු එව්වා.

"අනේ අම්මා එයාට තනිකන් දෝසෙ හැදෙන්නෑ.ඇරත් අප්පච්චි එයිනෙ දැන්.මං ඇඳුමක් මාරු කරන් එන්නම්. මේක ඇඳගෙන ඉන්න අමාරුයි දැන්නම්."

මං එහෙම කියලා උඩට ගියේ ඇඳුම් මාරු කරනවටත් වඩා වොශ්රූම් යන්න ඕනෙ කමක් තියෙද්දි. ඒකත් කිය කියා යන්න ඕනෙද.

එහෙමම හදිස්සියට මම වොශ්රූම් එක ඇතුළට දීවේ. වෙනද පුරුද්දට ඉතින් එහෙමම වොශ් එකකුත් දාලා ටවල් එකත් පටලන් කාමරේට එනකොට තමා මාව ගල්ගැහිලා ගියේ. එයාගෙ ඇඳ උඩ ඉඳන් ඉන්නවා වගේ කෙනාර් මගෙ ඇඳේ ඉඳගෙන ෆෝන් එක ඔබ ඔබා හිටියෙ. මං බාත්රූම් එකේ ඉඳන් දොර ඇරගෙන ආපු සද්දෙට එයා ඔලුව උස්සලා බැලුවේ. හැබැයි ආයෙනම් ඒ ඇස් තප්පරේකටවත් මගෙන් අහකට යන්නැතිවෙද්දි මට දැනුනේ පොළව පලන් යන්න වගේ ලැජ්ජාවක්.

මං බිම බලාගෙනම අල්මාරිය ගාවට යන්න ගියේ. හැබැයි මට ඒක ඇරලා ඇඳුමක්වත් ගන්න වුණේ නෑ. කෙනාර්ගේ අත් දෙක උණුහුමට ඇවිත් මගෙ බඳ වටේ එතෙනව දැනුණේ මාව ගැස්සිලා යද්දි. එයා එහෙමම මගෙ නිරුවත් උරහිසක් උඩ උණුහුමටම හාදුවක් නතරකරද්දි මට දැනුණේ මගෙ ඇඟේම හිරිගඩු පිපිලා යනවා වගේ.

"අ..තා..රින්නකො.."

එතනින් නවතින්නැතුව කෙනාර්ගේ රැවුල් කොට පිරුණු කම්මුල්,ඒ දෙතොල් මගෙ උරහිස් වල, බෙල්ලෙ තැවරෙද්දි මං ඒක කීවෙ කෙඳිරියකින් වගේ. ඒත් එයාට වගක්වත් නෑ. මං කරේ ඇස් දෙක පියාගෙනම කෙනාර්ගේ ඒ හාදු, ස්පර්ෂයන් එක්ක දැනෙන මායාවක් වගේ ලෝකෙ අතරමං වෙලා.

"දවස් තුනකටවත් තමුසෙව දාල යන්න ලෝබයි."

විනාඩි ගාණකට පස්සේ ඇස් දෙක පියාගෙන හිටපු මගෙ ඇස් ඇරුණේ කෙනාර් එහෙම කියද්දී. මටත් ලෝබයි... එයා දවස් තුනකට හරි ඈත් වෙද්දි. ලෝබකමටත් වඩා බයයි. මං එයා දිහා බලලා හුස්මක් ගත්ත එක කරේ.

"කොටට කොටේ ටවල් කෑලි ඇඳන් මගෙ සිල් බිඳින්නැතුව ඇඳුමක් දාගන්නවා."

ඊළඟට එයා මාව අතහැරලා එහෙම කීවෙ මගෙ මූණත් එක්ක රතුවෙද්දි. කටක් නෙමේ ඒකනම්. වෙලාවකට මට හරි පුදුමයි. කෙනාර්ගෙ ඉවසීම ගැන. එයා පුදුම විදියට ලිමිට් දාන් ඉන්නේ. මට වුණ පොරොන්දුව රකින විදියට මට තවත් එයා ගැන ලෝබයි.

~~

පහුවදා උදේන්ම අපි දෙන්නා ආයෙම හොස්පිට්ල් ගියා. කෙනාර්ගෙ ෆ්ලයිට් එක තිබ්බෙ හවස තුනට. අපි දෙන්නා උදෙන්ම හොස්පිට්ල් ගිහින් අම්මව බලලා එන ගමන් කෙනාර් ඇහුවා ඒ ගමන්ම මාව අපේ ගෙදරින් දාලා යන්නද කියලා

මං බෑ කියන්න ඔලුව දෙපැත්තට කරේ.

"බෑ?"

කෙනාර් අහන්නේ එක ඇහිබැමකුත් රැළි කරලා.

"ඔයා දවල් වෙලානේ යන්නේ. මං මොකටද උදේන්ම යන්නේ?"

මං එහෙම කීවේ කෙනාර් යනවා කියද්දි හිතට දැනෙන අවුල හංගගන්න ගමන්. කෙනාර් මං දිහා අමුතු විදියකට බලන් හිටියා තප්පර ගාණක්.

එදා දවසේ තප්පර ගෙවුණේ පුදුම ඉක්මනට. කෙනාර් යන වෙලාව ටිකෙන් ටික ළං වෙද්දි මට මාරම දුකයි.

"යං"

කෙනාර් එක්කම ගෙදරින් එළියට බැස්සේ මං එයා මට උපදෙස් දාහක් විතර දුන්නට පස්සේ. කෙනාර්ගෙ ගෙදර ඉඳන් අපේ ගෙදරට එනකන්ම අපි දෙන්නගෙන් එක්කෙනෙක්වත් කතාකරේ නෑ. කෙනාර් මාත් එක්කම වාහනෙන් බැස්සේ. අප්පච්චි කෙනාර්ව එයාපෝට්‍ ගිහින් දාන්නම් කීවා.

"ඇතුළට එන්න පුතා."

අම්මා කියද්දි අප්පච්චි එළියට ආවේ.

"මෙහෙමම යන්නම් ආන්ටි. දැන් ටයිම් නෑ."

කෙනාර් එහෙම කියලා අම්මටයි අප්පච්චිටයි වඳිද්දි මට ඇඬෙන්නම එනවා. ඒත් අමාරුවෙන් ඉවසන් හිටියා.

"තෙරුවන් සරණයි දරුවෝ. යන හැමදේම සාර්ථක වෙන්න ඕනේ."

අම්මා එහෙම කියලා කෙනාර්ගෙ ඔලුව අතගෑවා.

"පරිස්සමින් පුතා."

අප්පච්චිත් කෙනාර්ගෙ පිටට තට්ටුවක් දැම්මා.

"කී එක දෙන්නකො මං වාහනේ හරවල ගන්නම්. පුතා එන්න."

එහෙම කියලා අප්පච්චි කී එකත් අරන් වාහනේ දිහාවට ගියේ අම්මත් ඒත් එක්කම පස්සෙන් යද්දි. කෙනාර් අප්පච්චිට හා කියන්න ඔලුව වනලා බැලුවේ මගෙ දිහා.

"පරිස්සමින් ඉන්නවා හරිද."

කෙනාර් මගෙ දිහා බලලා කියද්දි මං හා කියන්න ඔලුව උඩට පහළට කරේ.

"පුළුවන්නම් එහෙ මෙහෙ නොයා ගෙදරටම වෙලා ඉන්නවා අශූ. මං මෙහෙ නෑ කියලා රෙයාන් දන්නවා. මට ඌව සත පහකට ශුවර් නෑ."

කෙනාර් කනස්සලු බැල්මක් එක්ක කීවේ.

"මං කොහෙවත් යන්නැතුව ඉන්නම්."

මං එහෙම කීවෙ කෙනාර් දතොල්පට එකට තදකරලා මං දිහා බලන් ඉද්දි.

"තනියම යන්න එපා කොහෙවත්. මං ගිහින් එන්නම්."

කෙනාර් එහෙම කියලා මගෙ ඔලුව උඩින් අතක් තියනකොටනම් මගෙ ඇස් දෙකට කඳුළුත් පිරුණා. මං බිම බලාගෙනම ඔලුව වැනුවේ කෙනාර් හොඳ ගමනක් යද්දි අඬන්න ඕනෙ නැති නිසා.

"ගුඩ් ලක් කෙනාර්."

ඊළඟට මං හොඳ හුස්මක් අරන් ඒක කීවේ අමාරුවෙන් මූණට හිනාවක් ගන්න ගමන්. කෙනාර් මං දිහා තප්පරයක් දෙකක් බලන් ඉඳලා එහෙමම පාත් වෙලා මගෙ නළල ඉම්ඹේ මගෙ ඇස් එක තප්පරේකට පියවිලා යද්දි.

අර කතාපොත් වල තියන හැඟීම. ආදරේ පිරුණ හාදුව බරටම දැනෙන්නේ නළලට. ඒකනම් ඇත්තක්. කෙනාර් මගෙ නළල ඉඹලා එහෙමම මගෙ අත අල්ලන් වාහනේ දිහාවට ගියේ මාත් එයාගේ පස්සෙන්ම ඔහේ යද්දි. කෙනාර් වාහනේට නැගලා ආයෙම ඔලුවෙන් කීවේ යන්නම් කියලා.

"පරිස්සමින් ගිහින් එන්න. බුදුසරණයි."

මං එහෙම කියද්දි එයාගෙ මූණේ හරි ලස්සන හිනාවක් ඇඳුනේ. මං එහෙමම අම්මගෙ අතක් වටේට අත් දෙක දාන් අම්මගෙ උරහිසේ ඔලුව ගහන් බලන් හිටියෙ කෙනාර් යන දිහා. ලෝබයි..දුකයි... ඒත් කෙනාර්ට ඒ අවෝඩ් එක හම්බෙන්නම කියලා මම හිත යටින් ප්‍රාර්ථනා කරා.

කෙනාර් අත වනද්දි මම අත වනලා බලන් හිටියේ වාහනේ පේන්නැතුව යනකන්ම. ඊළඟට මං හැරිලා බලද්දි අම්මා මගෙ දිහා බලන් හිටියේ ඇස් වල කඳුළු පුරවන්.

"අම්මා ඇයි මේ?"

මං ඇහුවේ කලබලෙන්. අම්මා ඇයි අඬන්නේ.

"ඔයාට ගැලපෙනම කෙනා හම්බෙලා දෝණි... මගෙ පුතා සතුටින් නේද ඉන්නේ?"

අම්මා මගෙ කම්මුලකින් අතක් තියලා අහද්දි මගෙ ඇස් වලත් කඳුළු පිරුණා. අවුරුදු අටක් තිස්සේ මම අම්මගෙනුත් ඈත් වෙලා ආගන්තුකයෙක් වගේ නේද හිටියේ. මෙහෙම ළං වෙලා හිටපු කාලයක්වත් මතක නෑ. මං අතින් වුණේ ලොකු වැරැද්දක්. මං හුස්මක් හෙළන ගමන් ඔව් කියන්න ඔලුව උඩට පහළට කරේ කම්මුල් දිගේ දන්නෙම නැතුව කඳුළු පේලි දෙකක් ගලන් යද්දී. අම්මා මොකුත් කියන්නැතුව කඳුලු පිහදාගන්න ගමන් මගෙ ඔලුව අතගෑවා. මං එහෙම ටික වෙලාවක් අම්මව බදාගෙනම හිටියේ අම්මගෙ සුවඳට ලෝබකමෙන්. මට මගඇරුණු...නෙමෙයි. මම මගඇරගත්ත දේවල්. මම ආයෙම විඳිනවා. මේ හැමදේම කෙනාර් නිසා නෙමෙයිද ඉතින්.

"කෝ අව්වයි. ඇතුළට යන්න මම ගේට් එක වහල එන්නම්."

අම්මා ගේට් එක වහලා ආවම අපි දෙන්නත් එක්කම ඇතුළට ගියා. කාලෙකට පස්සේ අම්මා එක්ක මම කතාකර කර හිටියා.

වෙලාව හෙමීට ගෙවිල ගියේ. ආයෙම කාමරේට ආවම මතක් වෙන්නෙම කෙනාර්. එයා සිංගප්පූරුවට ගිහින් මට කෝල් කරේ. ඔක්කොම විස්තර කීවා. ඒකත් අමුතු හැඟීමක්. මෙහෙම දුරස් වෙලා ඉඳන් ෆෝන් එකෙන් කතාකරන එකත් නරකම නෑ.

"කෙනාර්..."

"මොකද?"

"මොකද අහන්නේ ඔයා වොශ්රූම්ද ගියේ ඒ?"

"ඔව් ඇයි ඇහුන්නැද්ද තමුසෙට වතුර වැටෙනවා වගේ සද්දෙයක්?"

කෙනාර් කියද්දි මට පොළව පලන් යන්න තරම් ලැජ්ජාවක් දැනුනේ.

"චී කෙනාර් ලැජ්ජ නැද්ද අප්පා. කෝල් එක කට් කරලා යන්නැතුව පිස්සුද මන්දා.."

මං බනිද්දි කෙනාර් මහ කැත හිනාවක් දැම්මේ.

"දැන් තමුසෙට පෙනුනද මොකුත් නෑනේ. සද්දෙ ඇහුණා කියලා මැරෙනවැයි."

"මං තියනවා."

ඕන්නැති වැඩ කරනවා මදිවට තව කියවන්නත් එනවා. මටනෙ ලැජ්ජා. මං කීවෙ තරහක් මවන්.

"හෝ හෝ හෝ. ඔහොම ඉන්නවා බොරුවට දඟලන්නැතුව. මම අත් දෙක සෝදාගන්න වොශ්රූම් ගියේ. මෝඩි. "

කෙනාර්ගෙ වැඩේම මාව මඩවන එක. ඒත් මටත් ෆෝන් එක තියන්න හිතුණෙ නෑ. සෑහෙන වෙලාවක් කතාකරලා තිබ්බම පාලුයි.

රෑට කන්නවත් පිරියක් නෑ. ඒත් කටක් දෙකක් කාලා අම්මයි අප්පච්චියි එක්ක කතාකර කර ඉඳලා මගෙ රූම් එකට ආවෙ නිදාගන්න. ෆෝන් එකත් අරන් ඇඳට ආවෙ කෙනාර් ආයෙම කතා කරයිවත් කියලා. ඒත් එයා කෝල් කරේ නෑ. මං ගන්න ගියෙ නෑ එයාට වැඩද දන්නෑ කියලා.

විනාඩියෙන් විනාඩිය ගෙවිල් ගියත් නින්දනම් අහලකවත් නෑ. රෑ දහයත් පහුවුණා... දන්නෙම නැතුව එකොළහත් වුණා. කෙනාර් නැතුව පුදුම තරම් පාළුයි.

අරවෙලේ කෝල් එක කට් කරද්දිනම් කීවෙ රෑට ආයෙ ගන්නම් කියලා. ඒත් ගත්තෙ නෑ. ඇස් වලට ඉබේම කඳුළු පිරුණේ කෙනාර්ට කෝල් එකක් ගන්නම කියලා හිත කියද්දි.
ඒත් එහෙ වෙලාව අපේ වෙලාවට වඩා පැය දෙක හමාරක් කලින් යන නිසා එහෙට රෑ එක හමාර විතර ඇති. කෙනාර් නිදි ඇති. පව්නේ.

ඒත් මට එහෙම හිත හිතා විනාඩි ගාණයි ඉන්න වුණේ. එකපාරම ෆෝන් එක රින්ග් වෙද්දි මං ඇඳේ ඉඳගෙනත් ඉවරයි.

"හෙලෝ.."

"නිදිද?"

කෙනාර්ගේ කටහඬ ඇහෙද්දි මට හිතුණෙම දූවන් එයා ළඟට යන්න ඕනෙ කියන හැඟීම.

"ම්හු.."

මං එහෙම කියද්දි කෙනාර් හුස්මක් හෙළනව ඇහුණා.

"මං දැන් රූම් එකට ආවේ. අරුත් එක්ක උගෙ රූම් එකේ ඩොකියුමන්ට්ස් වගයක් චෙක් කර කර හිටියේ."

"දැන් ගොඩක් රෑ වෙලා නේද ඔහෙට?"

"ම්ම්...එක හමාරයි."

"හෙට කන්ෆරන්ස් එක නිසා කලින් නිදාගන්න වෙයි."

මං එහෙම කීවේ කෙනාර් කතාකර කරම කොහෙහරි ඉඳගන්නවා වගේ දැනෙද්දි.

"තමුසෙව බලන්න ඕනෙ අශූ..ඉන්නවා වීඩියෝ කෝල් එකක් ගන්නම්."

එහෙම කියලා මට හිතන්නවත් වෙලා නොතියා කෙනාර් කෝල් එක කට් කරේ. ඊළඟ තප්පරේම ආවේ වීඩියෝ කෝල් එක. කෝල් එක අරන් මොකුත් නොකියම මගෙ දිහා බලන් ඉන්නවා.

"ඇයි?"

මං ඇහුවේ එයා එහෙම බලන් ඉද්දි අමුතු නිසා.කෙනාර් ඔලුව දෙපැත්තට කරේ මොකුත් නෑ කියන්න. ඔහේ කියව කියව හිටියා අපි. අර ආදරේ කරන මුල් දවස් වල කපල් කතාකරනවා වගේ. කෙනාර්ට කලින් නිදියගන්න කීවත් එයා ෆෝන් එක තිබ්බෙ නෑ. අවසානෙට මට නින්ද ගියේ කොයිවෙලේද කියලවත් මං දන්නෑ.

මතු සම්බන්ධයි

(කතාවේ එෆ් බි එකේ 16 නමින් කොටස් දෙකක් දාලා මට වැරදිලා. වැට්පෑඩ් එකට එකයි අප්ලෝඩ් කරලා තිබ්බේ. ඒක ආයෙම ඇඩ් කරා. ඔන්න අද දීර්ඝ කොටසක් ළමයි. කොටස් 22යි දෙක කොටසේ දැනට දාලා තියෙන්නේ)

Continue Reading

You'll Also Like

1.5K 352 19
තමන් තුළින්ම තමන්වම සෙවීමට වෙර දරන ධෛර්යයවන්ත ඇය ... තම මාතෘ භූමියට නිතැතින්ම ප්‍රේම කරන ඇය.... තම සහෘදයන්ට හදවතින්ම බැඳි ඇය, හට...., හදවතින්ම ප්‍රේ...
917 73 16
දැනෙන තැන හරිම තැනම ද ?
1.1M 29.4K 41
While moonlighting as a stripper, Emery Jones' mundane life takes a twisted and seductive turn when she finds herself relentlessly pursued by reclusi...
651K 34.5K 20
𝐒𝐡𝐢𝐯𝐚𝐧𝐲𝐚 𝐑𝐚𝐣𝐩𝐮𝐭 𝐱 𝐑𝐮𝐝𝐫𝐚𝐤𝐬𝐡 𝐑𝐚𝐣𝐩𝐮𝐭 ~By 𝐊𝐚𝐣𝐮ꨄ︎...