Your Diary || JJK ✓

By Silvermirror23

7.6K 2K 1.2K

I'm human too.. ඇයි මේ? හැමෝටම මාව නිකන්ම නිකන් ආදායම් මාර්ගයක් විතරමද? ඇයි කිසිම කෙනෙක් තේරුම් ගන්නෙ නැත්තෙ... More

INTRO
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
End
A/N

Chapter 4

373 123 70
By Silvermirror23


Article 4

අද ඔයා ගොඩක් සතුටින්. හේතුව මම දැනටමත් දන්නවා. ඔයා ඔඩිෂන් එකෙන් තේරුණානෙ. ඔයාගෙ මුළු මූණම එලිය වැටිලා. බෑග් එකත් එල්ලගෙන ඔයා බලන් ඉන්නෙ ඔයාගෙ කුමාරිකාව එනකම්. එයාට මේ ආරංචිය කියන්න ඕන නිසා ඔයාගෙ හදවත පිස්සුවෙන් වගේ නේද?

ඔන්න එයා ඈතින් එනවා. කොහෙද ඉතින් ඔයාට හදිස්සියනෙ. කෙල්ල ලඟට එන්නත් කලින්ම දුවලා ගිහින් බදාගත්තා. 

"මොකද කුකී අද මෙච්චර සතුටින්?"

"මැණික......ඔයා ගෙස් කරන්න බලන්න."

"අනේ මම දන්නෙ නෑ.....කියන්නකො....ඔයා මාව බයත් කරනවා."

"මැණික......සේහා...මම ඔඩිෂන් වලින් තේරුණා....."

ඔයා කිව්වෙ සේහාගෙ කම්මුලකුත් සිපගන්න ගමන්. මොනා කරනවද මන්ද මේ කොල්ලා මහපාර මැද්දෙ. හොඳ වෙලාවට අහල පහල කවුරුත් නෑ. ඔයා ගොඩක් ආදරණීයයි කියලා මට වඩා ඉතින් වෙන කවුරු දැනගන්න ද? ඒත් සේහාගෙ මූණ ටිකෙන් ටික අඳුරු වෙලා ගියා. ඒකට නම් ඔයාට වගේම මටත් පුදුම හිතුණා.

"මැණික......ඇයි මේ? ඔයාට සතුටු නැද්ද?"

ඔයා එයාගෙ කම්මුල් අත් අතරට අරගෙන අහද්දි මම තාප්පෙට හොඳට කන තියාගෙන හිටියෙ මටත් ඒක දැනගන්න ඕන වුන නිසා. ඇත්තටම එයාට සතුටු නැද්ද?

"අනී..... එහෙම නෑ කුකී.....මට ගොඩක් සතුටුයි."

"නෑ නෑ.....ඔයා ඔය බොරු කියන්නෙ. ඇයි මැණික මේ?"

"නැහැ කුකී....ඔයා ලොකු සින්ගර් කෙනෙක් වුනාම මාව අමතක වෙයි. ඇයි ඔයාට සෝල් වලට යන්නත් වෙනවනෙ."

"අනේ.....මට මගේ මැණිකව අමතක වෙන්නෙ නෑ. එහෙම කියන්න එපා."

ඔයා එයාව තදින් තුරුලු කරගත්තා. මටත් ලඟට දුවගෙන ඇවිත් ඔයාව තුරුළු කරගන්න හිතුනා. ඇයි ඉතින් ඔයාගෙ ආදරේ දැක්කම ලෝභ හිතෙනවා.

කොහොමහරි ඔයා ඔයාගෙ හීනෙ මුල් පියවර තිබ්බා. ඔඩිෂන් එකෙන් තේරුණා කියන ලියුම ආවට පස්සෙ සතියෙම ඔයා සෝල් වලට ආවා. මාත් ඉතින් ඔයත් එක්කම ආවා. මොනා වුනත් මෙහෙදි මගේ වැඩේ තවත් අමාරු වුනා. ඇයි ඉතින් ඔයා හැමවෙලේම ඩෝර්ම් එක ඇතුලෙනෙ හිටියෙ.

ඔයාට ඩෝර්ම් එකේදි හියොන්ලා හයදෙනෙක් හම්බුනා. එතනින් කෙනෙක් නම්ජුන් වුන එකට ඔයා වගේම මාත් ගොඩක් සතුටු වුණා. ඔයා දවසින් දවස ඔයාගෙ මාර්ගයේ ඉදිරියට යනකොට ඔයා ලඟට ලං වෙන එක අමාරු වුනා. ඒත් මං වැඩේ ලේසියෙන් අතෑරියෙ නෑ.

ඔයා ස්කූල් යනවා එනවා ප්‍රැක්ටිස් යනවා......ඔය විදිහට තමයි ඉතුරු අවුරුද්දම ගතවුණේ. ඔයාට ඒ කාලෙ සේහාව බලන්න යන්න තියා එයත් එක්ක කතා කරන්නවත් අවස්ථාවක් ලැබුණෙ නෑ. ඒත් ඔයාගෙ හීනෙ වෙනුවෙන් ඔයා ගොඩක් ඉවසුවා කියලා මම දන්නවා.

ඒ ඉවසීමෙ ප්‍රතිඵලයක් විදිහට ඔයා ඊට මාස කිහිපයකට පස්සෙ ඩිබියුට් වෙනවා. එදා මමත් ඒ වීඩියෝ එක බැලුවා. ඔයා හරි හරියට බෑඩ් බෝයි කෙනෙක් වගේ රඟපාන්න උත්සාහ කරනවා. ඒත් ඉතින් ඔයා හරි හුරතල් පණ්ඩිත කොල්ලෙක් විදිහටයි මට නම් පෙනුනේ.

ඔයාගෙ ඩිබියුට් එකෙන් පස්සෙ ඔයා තවත් කාර්යබහුල වුනා. එතන ඉඳලා මං වගේ සාමාන්‍ය මනුස්සයෙක්ට ඔයාගෙ ලඟට ලං වෙනවා තියා ඒ ගැන හිතන්න වත් බැරි වුණා. ඒත් මම ඔයාගෙ පස්සෙන් මට පුලුවන් හැමවෙලේම හිටියා.

ඔයා මගෙන් අහලා තිබුනා මම කෙල්ලෙක්ද කියලා. ඔව් මම ගෑනු ළමයෙක් තමයි. මේ ප්‍රශ්නෙට උත්තර දුන්නත් ඔයාගෙ හැම ප්‍රශ්නෙටම මම උත්තර දෙයි කියලා බලාපොරොත්තු වෙන්න එපා.

_IKY_

End of Article........


"ජංගුක්.......මේ කෙනා ඔයාට ආදරේ කරන කෙනෙක් ද?"

"අනේ මන්දා හියොන්......... ඒත් එහෙනම් එයා ඇයි මගේ ලඟට ඇවිත් ඒ ගැන නොකිව්වෙ."

නම්ජුන් අහද්දි ජංගුක්ටත් හිතාගන්න බැරි වුණා මේ කෙනා එයාට ආදරේ කරනවද කියල. ඒක එයාට ලොකු ප්‍රශ්නයක්.

"පෝස්ට් එකක් දාලා එයාගෙන් අහමුද?"

ටේහ්යොන්ග් ඒ යෝජනාව කලේ හැමෝටම මේක දැනගන්න එක ගොඩක් වැදගත් නිසා. ඒත් ජංගුක් මෙච්චර දවසක් එහෙම නොකර ඉන්නත් හේතුවක් තිබුණා.

"මම එහෙම කරනවා නම් පෝස්ට් එක දාන්න වෙන්නෙ සෝෂල් මීඩියා වල. එතකොට එයාට උත්තර දෙන්න වෙන්නෙත් ආර්ටිකල් එකකින්. ඉතින් එතකොට ඒක හැම කෙනෙක්ම දැනගන්නවා. එයා දෙන මොකක් හරි උත්තරයක් නිසා ෆෑන්ස්ලා කලබල වෙයි කියලා මට බයයි."

ජංගුක් කිව්වෙ ඇත්තම තත්වෙ. ෆෑන්ස්ලා ඉන්න තැනක එයා මේ කෙනා ගෙන් ආදරෙයි ද කියලා අහලා එයා ඔව් කිව්වොත් එහෙම ෆෑන්ස්ලා මොන විදිහට හැසිරෙයිද කියලා එයාට හිතාගන්න බැරි වුණා. ඒක ලොකු ප්‍රශ්නයක් වෙයි. ඒ වගේම එයාට කට කතා හැදෙන්නත් පුළුවන්.

ජංගුක් එයාගෙ රසිකයන්ගෙන් ආපු මැසේජස් චෙක් කරන්න ගත්තෙ ෆෑන්ස්ලා අතර මේ වෙනකොට මොන වගේ තත්වයක්ද තියෙන්නෙ බලන්න.

Fan messages 

"ඔප්පා..... කවුද සේහා කියන්නෙ. එයා ඔයාගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ් නේද?"

"ජංගුක් ඔප්පා.....ඔයා මගේ විතරයි. අර සේහා කියන්නෙ කවුද?"

"කුකී ඔප්පා..... ඔයාගෙ රිලේෂන්ෂිප් එකට සුභ පැතුම්. අපිට ඔන්නිගෙ ෆොටෝ එකක් පෙන්නන්නකො."

"කුකී.....ඔයාට එයාව හරියන්නෙ නෑ. එයා දුප්පත් කෙනෙක්ලු නේද?"

"යුංගි මැරී මී......."

"ඔප්පා.....ඔන්නිත් එක්ක ඔයා ඩේටින්ද?"


මුළු සෝෂල් මීඩියා එකම පිරිලා තිබුණෙ ඔය වගේ මැසේජ් වලින්. ඒත් ඉතින් ජංගුක් කොහොමද මේවට උත්තර දෙන්නෙ. මේ වැඩේ නිසා එයාගෙ සේහාටත් මිනිස්සු වෛර කරන්න පටන් ගන්නවා. 

එයාගෙ සේහාව එයාට තාමත් මතක් වෙනවා. ඒ නිසයි ඒ ඇස් කඳුළු වලින් තෙත් වුණේ. හැමෝම සේහා ගැන අහනවා. තවත් කට්ටියක් අයිකි ගැන අහනවා. මොකක්ද කරන්න ඕන? කොහොමද මේ කෙල්ලව නවත්තන්නෙ කියලා එයා දන්නෙ නෑ.

"ආශ්......... ඇයි ඔයාට බැරි මගේ ඉස්සරහට එන්න."


IKY POV 

හ්ම්.......එයා මං කවුද කියලා හොයන්න පටන් අරන්. ලෝකෙ ජනප්‍රියම ගායකයෙක්ගෙන් හැංගිලා ඉන්න එක ලේසි වැඩක් නෙවෙයි. ඒත් ජංගුක් ඔයාට මාව හොයාගන්න බැරි වෙන්න මම පුළුවන් තරම් පරිස්සම් වෙනවා.

"මිස් මෙන්න ඔයාගෙ කොෆී එක."

මම ආර්ටිකල් එක ගැන බලනකොට මගේ කොෆි එක ඇවිත්. ඒකත් බීලා ඉවර වෙලා මම ඇවිදගෙන ගියේ එයාගෙ එපාර්ට්මන්ට් එක පැත්තට. සිකියුරිටි නිසා මට ඇතුලට යන්න බැහැ.

ගේට් එක ගාවට වෙලා බලාගෙන ඉඳලා මම ආයෙත් යන්න හැරුණත් මම දැක්කෙ ලොකු කලු පාට කාර් එකක් එතනින් යනවා. ඒ ජංගුක් කියලා මම කොහොමත් දන්නවා. ඔහොම කාර් එකක් ඇතුලට වෙලා යන ඔයා මාව කොහොම හොයාගන්න ද?



______________________________________________

කමෙන්ට් එකක් දාගෙන යන්න....

ඔයාල මම උඩින් දාන සිංදුව අහනවා නේද? Chapter එකට ගැලපෙන වයිබ් එකක් තියෙන සිංදු තමයි මම දැම්මෙ. ඔයාල හිතනවද ඒවා ගැලපෙනවා කියලා. මේක නම් හැමෝම මට කියන්නම ඕන.....

Continue Reading

You'll Also Like

6.7K 1.3K 15
It was winter. Jimin was playing with his friend in snow and he was 10. Y/n was 09. Y/n saw it and it made her jealous. She hit him hard with a snowb...
10.2K 2.3K 31
A broken heart is all that's left I'm still fixing all the cracks Lost a couple of pieces when I carried it, carried it, carried it home I'm afraid...
12.1K 2K 7
~You can create your own fantasy since you are the owner of this dream world.. ~But remember this... ~Sometimes fantasy might can be a nightmare.. ~...
10.4K 1.7K 14
හැමදාම හැම මොහොතකම මන් ඔයාට රිද්දුව ඒත් ඔයා දන්නවා නම් මන් ජීවිත කාලෙම ඒ නිසා දුක් උනා කියලා තව එකම එක අවස්ථාවක්‌ විතරක් දෙන්න මට‍ අපි ආයෙත් අලුතින්...