Article 2
ඔයා පාර්ට් ටයිම් එකට යන්න බස් එකට නගිනවා මම දැක්කා. බස් එක යන්න ඔන්න මෙන්න තිබුණෙ. ඔයාව මගෑරෙයිදෝ කියන බයට මම ගාල කඩාගත්ත හරකෙක් වගේ දුවගෙන ආවා. මාව ගලක පැටලිලා වැටෙන්න ගියත් ලඟ තිබුන ලයිට් කණුව මාව ආරක්ෂා කලා. එයත් කැමති ඇති මම ඔයාට උදව් කරනවට.
ඔයා බස් එකේ මැද තිබුණ සීට් එකක ඉඳගත්තා. මම හිටියෙ හරියටම ඔයාගෙ පිටිපස්සෙ සීට් එකේ. ඔයාට මාව නොපෙනුනේ ඔයා ඇස් දෙකත් වහගෙන ඉයර් ෆෝන් වලින් සිංදු අහන නිසා. මාත් ඉතින් බලන් හිටියා.
ටික වෙලාවක් යනකොට කෙල්ලෙක් ඇවිත් ඔයාගෙ එහා පැත්තෙන් ඉඳගත්තා. එයාගෙ ඇස් දෙක තිබුණෙ ඔයා ළඟමයි. මට බයත් හිතුනා ඒ කෙල්ල ඔයාව ගිලියිද කියලත්. ඔයා ඉතින් ඇස් වහගෙන සිංදුව අහනවනෙ. මම ඉතින් හිමින් සැරේ ක්‍රියාත්මක වුනා.
මම එයාට කතා කරලා කිව්වා එයාගෙ කොන්ඩෙ මගේ මූණට එනවා කියලා. ඉතින් මම එයාට කියලා තැන් මාරු කරගත්තා. අන්තිමට ඉතින් මම ඔයාගෙ ලඟින්ම ඉඳගෙන ආවා. ඒත් ඔයා හිටියෙ වෙනම ලෝකෙක.
බස් එක නවත්තන්න කලින් මම එතනින් නැගිටලා බස් එකේ පිටිපස්සටම ගියා. ඔයා ඉතින් හරිම තැනින් නැගිටලා බස් එකෙන් බැස්සා. ඒත් ඔයාට නිකමටවත් හිතුනෙ නැද්ද හෝල්ට් එකක් නැතුවත් හැමදාම ඔයාට අවශ්‍ය තැනින්ම බස් එක නතර කරන්නෙ ඇයි කියලා. ඒකට හේතුවත් මම තමයි. ඔයාට ලේසි වෙන්න ඕන නිසා මම එතනින් බස් එක නවත්තන්න කියලා කියනවා.
දැන් ඉතින් ඔයා ඒ බස් ඩ්‍රයිවර්ව හොයයි මම කව්ද කියලා දැනගන්න. ඒත් කණගාටුයි, ඒකෙන් වැඩක් වෙන්නේ නැහැ. මොකද දැන් එයා ජීවතුන් අතර නැති නිසා.
ඔයා කැෆේ එකට ඇවිත් එකදිගටම වැඩ කලේ ගොඩක් මහන්සි වෙලා. ඒත් ඉතින් මොනවා කරන්නද ඔයාට ලොකු ගානක් ලැබෙන්නෙ නෑ. ඒත් මට අනිත් අයට වඩා සල්ලි ලැබුණනෙ. ඔයා එහෙම නේද දැන් හිතන්නෙ. ඒ ඉතින් මම වැඩ කරලා ගන්න සල්ලිත් ඔයාගෙ එකවුන්ට් එකට වැටුණු නිසා. ඒත් ඔයා හිතාගෙන හිටියෙ කඩේ අයිතිකාරයා ඔයා ගැන දුක හිතිලා වැඩිපුර ගෙවනවා කියලා.
මහන්සි වෙලාවට ඔයා කැෆේ එකෙන් එලියෙ තියෙන බෙන්ච් එකට වෙලා ඉඳගෙන ඉන්නවා. ඒ වෙලාවට මාත් ඔයත් එක්කම එතනට ආවා. හැබැයි මම හැමවෙලේම හිටියෙ ඔයාට මාව නොපෙනෙන්න ඔයාව මට පේන තරම් දුරින්.
ඉඳලා හිටලා ඔයාට කැෆේ එකේ අයිතිකාරයා බනානා මිල්ක් ගෙනත් දෙනවා නේද? ඔන්න ඒවා මං ගානෙ තමයි ඔයාට හම්බවුණේ. ඔයාගෙ මහන්සිය නිවන්න මගෙන් ලැබෙන පුංචි උදව්වක් ඒක.
වැඩ ඉවරවුනාම ඔයා හිනාවෙවී සල්ලි ගණන් කරන හැටිත් මම බලාගෙන ඉන්නවා. ඔයා ලස්සනයි හිනා වෙනකොට. කොහොමහරි ඔයා හොයාගත්ත සල්ලිත් අරං ගෙදර යන්න හැදුවෙ. ඒ වෙලාවෙ එතනට ආවා ලස්සන පොඩි පොඩි දේවල් විකුණන කෙනෙක්. ඉතින් ඔයා එතනින් ලස්සන පුංචි මාලයක් ගත්තා. ඒක සේහාට ගන්නවා කියලා මම දන්නවා. එයා ඒකට ගොඩක් කැමතිත් වුණා. ඔන්න ඒකත් තෝරලා ඒ වෙළෙන්දාව ඔයා ලඟට එව්වෙ මම.
මටත් මහන්සියි ඉතින් දවසම ඔයාගෙ පස්සෙන් ඇවිද ඇවිද ගස් උඩ ජනෙල් උඩ එල්ලි එල්ලි මේ ඩයරි එක ලියලා. ඒත් ඉතින් ඒක ඔයා ලියන්නෙත් නැත්තං මංම ලියන්න එපැයි.
_IKY_
End of Article......
"මොකද ජංගුකා මේ ෆෝන් එකේම මූණ ඔබාගෙන ඉන්නෙ?"
ජින් ඇහුවෙ ෆෝන් එක අතේ තියාගෙන පැය ගානක් තිස්සෙ ඒ දිහා බලාගෙන එක එක හැගීම් මූණෙන් ප්‍රකාශ කරන ජංගුක්ගෙන්.
"මට හිතාගන්න බෑ හියොන් මට ඇස් දෙකක් තියෙනවද කියලා. එයා මන් ලඟම ඉඳලා තියෙනවා අනිවාර්යයෙන්ම. නැත්නම් මම විතරක් දන්න දේවල් සේරම මෙහෙම ලියන්නෙ කොහොමද?"
"ඉතින් දැන් ඒකද ඔය දවස් ගානක් තිස්සෙ බස් ඩ්‍රයිවර්ලයි, කැෆේ අයිතිකාරයොයි පස්සෙන් පන්න පන්න ප්‍රශ්න කරන්නෙ?"
"ඔව්, ඒත් කවුරුත් එයා ගැන මොකුත්ම දන්නෙ නෑනෙ. අනික මීට අවුරුදු දහයකට කලින් දේවල් ගැන ඒ මිනිස්සුන්ට මතක නැහැ."
ජංගුක් කතා කලේ බිම බලාගෙන. මොනවා වුනත් එයාගෙ අතීතය මතක් වෙනකොට එයා සංවේදී වෙනවා. ඒ අතීතය කවදාවත් එයාගෙ රසිකයන් අතරට යන්නෙ නැහැ මේ කෙනා නැත්නම්.
කොච්චර අමාරු අතීතයක් පහු කරගෙන ආවත් ඒ කාලෙදි එයා ලඟින්ම ඉඳලා එයාට උදව් කරපු කෙනා හොයාගන්න එයාට ලොකු වුවමනාවක් තිබුණා.
"එයා මට ගොඩක් උදව් කරලා තියෙනවා හියොන්. තියෙනවා නෙවෙයි, එයා ඇත්තටම එහෙම කලා. මොකද මට ඒ ලියලා තියෙන දේවල් ඒ විදිහටම වුන නිසා."
"දැන් එයාව හොයාගෙන මොකක්ද කරන්න හිතන් ඉන්නෙ?"
යුංගි ඇහුවෙ ජංගුක් ඒ කෙනාව හොයාගත්තොත් මොකද වෙන්නෙ කියලා දැනගන්න.
"අනේ මන්දා...... ඒත් මට එයාව හොයාගන්න ඕන. මට එයත් එක්ක කතා කරන්න ඕන. ඔයාලට හොඳටම තේරෙනවනෙ මගේ තත්වෙ ඉන්න කෙනෙක්ට තමන්ව හොඳටම තේරුම් ගත්ත කෙනෙක්ගෙ තියෙන වටිනාකම."
ජංගුක් එතනින් නැගිටලා යන්නෙ අනිත් අයත් මූණට මූණ බලාගනිද්දි. ඔව්...... ඇත්තටම එයාට එයාව තේරුම් ගත්ත කෙනෙක්ව ඕන. මොකද ජංගුක් අයිඩල් කෙනෙක් නිසා එයාගෙ ඔලුවෙ තිබුණෙ ලොකු ප්‍රෙෂර් එකක්.
ෆෑන්ස්ලා නිසා එයා හිටියෙ ගොඩක් ලොකු පීඩනයක. ෆෑන්ස්ලා කරපු සමහර වැඩ නොදැක්කා වගේ හිටියත් ඒක එයාගෙ හිතට ගොඩක් වදදුන්නා. මුල් කාලෙ ෆෑන්ස්ලාගෙ ප්‍රතිචාර වලට එයා කොයිතරම් කැමති වුනත් දැන් එයාට තේරෙන්නෙ එයා හිරවෙලා ඉන්නවා වගේ. ඒත් එයා තාමත් ෆෑන්ස්ලට ආදරෙයි. මොකද එයාල නිසයි එයා අද මේ තැන ඉන්නෙ. ඒ නිසාම එයා ෆෑන්ස්ලට මොකුත්ම කිව්වෙ නෑ, තමන් ඒ පීඩනය දරාගන්නවා ඇරෙන්න.
ඒත් ඒ පීඩනය දරාගෙන එයා මේ ආපු ගමනට ජංගුක් නොදැනුවත්වම වුනත් මේ කෙනා උදව් කරලා තිබුණා. ඒවා පුංචි පුංචි දේවල් විතරක් වගේ පෙනුනත් ඇත්තටම බැලුවොත් ඒ පුංචි උදව් නැති වුනා නම් අද ජංගුක් එයාගෙ හීනෙ අතෑරලා දාන්නත් තිබුණා.
______________________________________________
කමෙන්ට් එකක් දාගෙන යන්න. මම හිතුවෙ නෑ කට්ටිය මේ වැඩේට ඒ තරම් කැමති වෙයි කියලා. ඒත් පලවෙනි චැප්ටර් එකට හොඳ ප්‍රතිචාර තිබුණා. මට සතුටුයි ඒ ගැන.
ඔයාලට ස්තූතියි!!!