ROGUE | Taekook [ COMPLETED ]

Venuka_Raveesha

7.1K 1K 233

ROGUE - රෝග් - මැරයා Taekook Completed Categories - Romantic Thriller , Comedy , Mystery & Crime උපතේ සිට... Еще

ROGUE INTRODUCTION - හැදින්වීම
CHAPTER 01 - The Beginning Of All
CHAPTER 02 - Nice To Meet You Stranger
CHAPTER 03 - Date With His Stranger
CHAPTER 04 - Tae Need Some Time Jk
CHAPTER 05 - What A Lustful Night 🔞
CHAPTER 06 - He Got Family Issues
CHAPTER 07 - Best People In Tae's Life
CHAPTER 08 - Betrayed By Love
CHAPTER 09 - Kidnapped By Love
CHAPTER 10 - Does he still love him?
CHAPTER 11 - Did he really love him?
CHAPTER 12 - Back to the seoul
CHAPTER 13 - His Saddest Secret
CHAPTER 15 - The New Wonderland
CHAPTER 16 - Bad Luck For Love
CHAPTER 17 - THE END - The True Love

CHAPTER 14 - Let Us Run Away

224 43 10
Venuka_Raveesha

ජංකුක්ගෙ අතීත ප්‍රේම කතාව ඔහු දිගටම ටේහ්‍යන් හට පවසන්නට විය.

"වෙන් කළා කිව්වෙ මගෙ වයිෆ්වයි මගෙ දුවවයි එයාගෙ තාත්තා වෙන් කළා අදටත් එයාලා සෝල් වල හොදින් ජීවත් වෙනව ඒවගේම මම දැක්කා එයා ආයෙ බැදලා "

"ජංකුක් ඔයාට ආයෙ එයාව ලබාගන්න ඕන උනේ නැද්ද ? "

"මම එයාව ආයෙ ලබාගන්න මනුස්සයෙක් වෙලා එයාගෙ තාත්තා ගාවට ගියා ඒත් ඒ මිනිහා මාව තිරිසනෙක්ට වගේ ගහලා පන්නලා දැම්මා "

"එතකොට ඔයාගෙ වයිෆ් මොකක්ද කරේ"

"එයා මොනා කරන්නද එයාගෙ තාත්තගෙ තීරණයකට යටත් වෙනවා ඇරෙන්න එයාට කරන්න වෙන දෙයක් ඉතුරු වුනේ නෑ "

"ජංකුක් ඔයා කොහොමද ඒ දේවල් දරාගෙන හිටියේ"

"ටේහ්‍යන් මම ඒ දුකත් එක්කම තව ආගාධයකට වැටුනා මම ඩ්‍රග් ඇඩික්ටඩ් වෙලා මම දිගටම අන්ඩර්වර්ල්ඩ් ගේම්ස් දෙන්න ගත්තා මට මාව කොච්චර එපා උනාද කියනවනම් මම මාව දකින හැම කණ්නාඩියක්ම කඩලා දැම්මා ඒතරම් මට මාව පිලිකුල් ඒවගේමයි මම පිස්සෙක් වගේ මිනිස්සු මැරුවා එක දවසෙ දරුණු වැඩ දෙක තුණ කරා සමහර ඒවා අහුවෙන්නම කරන්න උනා ඒකයි පොලිස් කේස් පුරෝලා තියෙන්නෙ මගෙ නම" ජංකුක් ඔහුගේ අතීතයේ ශෝකයට ගැලූ කදුලු ටේහ්‍යන් විසින් පිසදන්නට විය.

"ඔයා මට ආදරේ කරා නේද ඒත්" ටේහ්‍යන් ඇසුවේ ජංකුක්ගෙ මුහුණ පිරිමදිමින්ය.

"ඔව් මම ආදරේ කරා නෙමේ මම ඔයාට තවම ආදරේ කරනවා " ජංකුක් පැවසූ දෙයින් ටේහ්‍යන් සතුටට පත්වී ජංකුක්ව වැළදගන්නට විය ජංකුක්ද ටේහ්‍යන්ව වැළද ගත්තේ කිසිදු පැකිලිමකින් තොරවය.

"ජංකුක් ඔයාට තාම චාන්ස් එකක් තියෙනව හොද මනුස්සයෙක් වෙන්න බලන්න ඔයාට කොච්චර සංවේදී හදවතක්ද තියෙන්නෙ කියලා ප්ලීස් මන් වෙනුවෙන් ඔයාගෙ ඔය රස්සාව අත්හරින්න ප්ලීස්" ටේහ්‍යන්ගෙ ඉල්ලීමට කිසිදු කලබලයකින් තොරව සවන් යොමු කළ ජංකුක් ඒවනවිටත් ටේහ්‍යන් වෙනුවෙන් එය තීරණය කළ අවසන්ව තිබුණි.

"ඒත් ටේහ්‍යන් මාව ඇරෙස්ට් කරාවී ඔයාව කිඩ්නැප් කරාට විතරක් නෙමේ මගෙ පෙර වැරදි වලටත් එක්කම මාව ඇරෙස්ට් කරාවී"

"අපි මේ රටින් ගිහින් ජීවත් වෙමු දන්නවද මම තාත්තට කියන්නම් අපිට උදව් කරන්න කියලා එයා උදව් කරයි එයා බලන් ඉන්නෙත් මාව ඉක්මනට මෙහෙන් යවන්න"

"ටේහ්‍යන් ඔයා දන්නවද එයා තමා ඔයාව කිඩ්නැප් කරන්න කිව්වේ" ජංකුක් අවසානයේ සත්‍ය හෙලි කරන්නට විය ටේහ්‍යන්ව ජංකුක් හට පැහැරගැනීමට පවසා ඇත්තේ වෙන අන් කිසිවෙකුත් නොව ඔහුගේම පියාය.

"මොක්....මොකක් තාත්තද එහෙම කරන්න කිව්වේ" ටේහ්‍යන් සංවේදීව හඩා වැටෙන්නට විය ඒ ඔහු කෙතරම් තම පියාත් සමග අඩු සබදතාවයක් තිබුණද ඔහු තම පියාට ආදරය කෙරූ නිසාය.

"ටේහ්‍යන් රිලැක්ස් ඉට්ස් ඕකේ ඔයාට ඔයාගෙ අම්මා ආදරෙයි එතකොට ඔයාට මම ආදරෙයි සෝ ඔයාට දුක් වෙන්න හේතුවක් නෑ" ටේහ්‍යන්ව සැනසවීමට ජංකුක් එසේ පවසන්නට වූවත් ඒ කිසිවක් ටේහ්‍යන්හට දැනුනු දුක නිවා දැමීමට සමත් නොවීය.

"ජංකුක් ප්ලීස් ඔයා දන්නවනම් කියන්න මොකක්ද එයාට එහෙම කරන්න හේතුව කියලා"

"ඔයාගෙ ලොකු අයියට ඔයාගෙ අම්මට අයිති බිස්නස් එකේ ශෙයාර්ස් ලියල දේවි කියල තමා එයා කිව්වේ"

"එයා කොච්චර මෝඩද ඒකට මාව කිඩ්නැප් කරන්න ඕනෙද ශිට්"

"ඇත්තටම ටේහ්‍යන් මම අද එයාට කෝල් එකක් ගත්තම එයා කට් කරා ඒත් එයා දවස් දාහතරක් ඔයාව තියාගන්න කිව්වා වගේම පස්සෙ ඔයාව මරන්න කියයි මට"

"ඔයා මාව මරන්න කමක් නෑ ඒත් මගෙ අම්මට ආරංචි වෙන්න දෙන්න එපා මන් දන්නවා ඒක කරන්න බැහැ කියලා ඒත් අපේ ආදරය වෙනුවෙන් ඒ දේ කරන්න"

"ඔයාට පිස්සුද ටේහ්‍යන් මම එහෙම දෙයක් කරන්නෙ නෑ ඔයා තමා මට ශෙරිල් ගෙන් පස්සෙ ලැබුන එකම අවංක ආදරය"

"ඒත් තාත්තට සැනසීමක් එන්නෙ මාව මැරුවොත් නේද එහෙනම් මට එච්චරයි ඕනේ"

"බොළද වෙන්න එපා මම ඔයාව මරන්නෙ නෑ පිස්සුද ඔය කතාව ආයෙ කියවන්න එපා මම මොනා කරාවිද දන්නැ ඔයාට ටේහ්‍යන්" ජංකුක් බියෙන් ටේහ්‍යන්ව වැළදගන්නට වූයේ ඔහුට ටේහ්‍යන්ව නැති කරගන්නට අවශ්‍ය නොවූ නිසාය.

"අහන්න ටේහ්‍යන් දැන් අපි අපේ අනාගතය ගැන හිතන්න ඕනේ වෙච්ච දේවල් සිද්ධ වෙලා ඉවරයි දැන් අපි දෙන්නටම අපි දෙන්නම ඉන්නවා අපි අපිට නිදහසේ හුස්ම ගන්න පුළුවන් ජීවිතයක් හදාගමු"

"ඔයා මාව ආයෙ අත්හරින එකක් නෑ නේද ජංකුක්"

"නෑ කවදාවත්ම නැහැ" එම සංවේදි මොහොත තවත් ප්‍රේමණීය කරමින් ජංකුක් ටේහ්‍යන්ගෙ නළලට හාද්දක් දෙන්නට වූයේ ඔහුව සනසවමින් ඔහුගේ හිස අතගාමින්ය.

ජංකුක් සහ කායි නැවතත් පොලිස්සිය මගහැර බුසාන් නගරයට පැමිණියත් පොලිස් නිළධාරීන් විසින් ජංකුක්ගෙ තිත්පොළ වටලා එහි සිටි සියලුම අපරාධකරුවන් සිරභාරයට ගෙන අවසන්ය ඔවුන් පසුතැවෙන්නට වූයේ ඔවුන්ට ජංකුක්ව අල්ලා ගැනීමට හැකි නොවූ නිසා සහ එහි සිටි කිසිවෙක් හට ජංකුක් ඔහු ටේහ්‍යන්ව සිරකරගෙන සිටි ස්ථානය නොකියූ නිසා ඔවුන් සැබැවින්ම එය නොදන්නවා ලෙස කියූ නිසාය.

"මිසිස් කිම් අපි ඇරෙස්ට් කරපු හැමෝගෙන්ම ප්‍රශ්න ඇහුවා ඒත් ඒ කිසි කෙනෙක් දන්නෙ නෑ කියනවා ජංකුක් මිස්ටර් ටේහ්‍යන්ව පැහැරගෙන ගිය තැන" සෝල් පොලිස් ස්ථානයේ ප්‍රධාන පොලිස් නිළධාරියා එසේ පවසන්නට විය.

"සමහරවිට ඒ බොරු වෙන්නැති ඒත් සමහරවිට එයාලා දන්නෙම නැතුව ඇති ජංකුක් කියන්නෙ වෙනස් දරුණු මනුස්සයෙක් කියලා මට ආරංචි උනා" විටින් විට තම දරුවා පිළිබද තොරතුරක් දැන ගැනීමේ අරමුණින් එහි පැමිණි කිම් චාවෝ මැතිණිය එසේ පවසන්නට විය ඇය තවමත් සිය පුත්‍රයාගේ අතිරුදහන්වීමට යමෙකු සැක කරමිබ් සිටි අතර ඇයට ඔහු පිළිබද පොලිස් නිළධාරීන් හට පැවසීමට උවමනාවක් තිබුණද ඇය එය අසීරු ලෙස සිරකරගෙන සිටියේ තම පුත්‍රයා පිළිබදවම සිතමින්ය.

"කවුරුත් හිතුවෙ නැති උනාට අම්මා නම් දැනටමත් හිතලා ඇති මේ වැඩේ කරේ තාත්තා කියලා" ටේහ්‍යන් ජංකුක්ගෙ තුරුලේ සිටක එසේ අනුමාන කරන්නට විය.

"ටේහ්‍යන් අපි ආයෙත් සෝල් නෙමේ වෙන කොහේ හරි දුරකට යමු පදිංචියට නේද ? "

"ඒ කොහෙද "

"දුර ගමකට යමු අපිට පාඩුවෙ ඉන්න පුළුවන්"

"ඔයාටයි ඔයාගෙ එක්ස් වයිෆ්ටයි සිද්ධ වෙච් දේ ගැන මතක නැද්ද ජංකුක් මටත් මගෙ තාත්තා අතින් මැරුම් කන්නයි වෙන්නෙ ඔයාට තනි වෙන්න වෙලා"

"එහෙමනම් අපි වෙන රටකට යමු ඒත් ඒකට ඔයාගෙ තාත්තගෙ උදව් ගන්න බෑ දැන් මොකද එයා ඔයාට මෙහෙම කරන්න කියලා කිව්වට පස්සෙ කොහොමද එයා උදව් කරන්නෙ"

"අපි මේ සටන දිනමු ජංකුක් අපි ඒ සටන දිනලා ඉවර වෙලා පොතක් ලියමු " ටේහ්‍යන් කදුලු අතරින් සිනාසෙමින් ජංකුක් දෙස ආදරෙන් බලා සිටියේ මහමෙරක තරම් ප්‍රේමයක් සිතේ රදවාගෙනය.

"අපි පොතක් ලියලා ඒකට නම දාමු මැරයෙක්ගෙ සහ කෝටිපති පුතෙකුගේ ආදරණීය කතාව කියලා" ජංකුක් තවත් ටේහ්‍යන්ගෙ සිනහව වර්ධනය කරමින් සරදම් කරන්නට විය.

"මේ අහන්න මම පල්ලෙහාට ගිහින් එන්නම් ඔයා ඔතනම ඉන්න මම අරුන්ට තේරුම් කරලා එන්නම්" ජංකුක් එලෙස පහත මාලයට ගොස් ජේහ්‍යුන් , වොන්හෝ සහ කායි හට ඔහු ටේහ්‍යන්ව නිදහස් කළ බව පවසන්නට විය.

"මොකක් ඒ බොස් එතකොට ඔයා කිව්වා නේද ඌව දීලා වොන් කෝටි දෙකක් ගන්න කතාවක් අපිට" වොන්හෝ පුදුමයෙන් මෙන් ඇසීය.

"බෑ මට එහෙම දෙයක් කරන්න බෑ"

"එතකොට බොස්ට දීපු කන්ට්‍රැක්ට් එක ඒකට මොකද වෙන්නෙ"

"උන්ට අදාල නෑ ටේහ්‍යන් ජීවත් උනත් නැතත් මටත් සල්ලි ඕනෙ නෑ මම උබලගෙ මහන්සිය වෙනුවෙන් මගෙන් ගාණක් දෙන්නම්"

"පිස්සුද බොස් අපිට සල්ලි ඕනෙ නෑ බොස් සතුටින් ඉන්න එච්චරයි" කායි පැවසූ දෙයා ජේහ්‍යුන් එකගතාවය පල කරද වොන්හෝ කිසිවක් නොපවසා මුනිවත රැක්කේ ඔහු මුදල් වලට දැඩි කෑදර කමක් දැක්වූ නිසාය.

"හරි අපි මෙහෙ ඉන්න එක එච්චර සේෆ්ටි නෑ අපිට ආයෙ සෝල් වලට යන්නත් බෑ අපි වෙන කොහෙට හරි යමු නැත්නම් පොලිස්සිය මෙතනටත් එයි අපේ ස්පොට් එකට වැඩේ දුන්නා වගේම" ජංකුක්ගේ අවසන් තීරණය එය විය ජේහ්‍යුන් සහ කායි ඔවුන්ගේ හදපත්ලෙන්ම එයට කැමැත්ත පල කරත් වොන්හෝ ව්‍යාජ ලෙස එයට කැමති විය.

"බොස් අපි අරූගෙ මිනිය වල දැම්මා පිටිපස්සෙ" කායි විසින් සුගාගෙ මෘත දේහය භූමදාන කොට තිබුණි.

"හරි ඒගැන ටේහ්‍යන්ට කියන්න එපා බය වෙයි" ජංකුක් එසේ කියා නැවතත් ටේහ්‍යන් සමීපයට යන්නට වූයේ ඔවුන් එතැනින් පිටව යන බව පවසා සිටීම සදහායි.

"මොකක්ද බන් මේ බොස්ට වෙලා තියෙන්නෙ අර කොල්ලෙක් නිසා මෙච්චර පිස්සුවක්" වොන්හෝ එතරම් වේලාවක් මුනිවත රැක ජංකුක් එතැනින් නික්ම ගිය පසු ඔහුට දොස් පවරන්නට විය.

"බොස් ඒ කොල්ලට ඇත්තටම ආදරෙයි වගේ ඒකනෙ ඔය වගේ කැපකිරීමක් කරන්නෙ" ජේහ්‍යුන් ජංකුක්ව තේරුම්ගෙන සිටියේය.

"මට බය බොස්ට කලින් වෙච්ච දේ ආයෙත් වේවිද කියලා බන්" කායි ජංකුක්ගෙ අතීතය සිහි කරන්නට විය.

"නැතුව ඊට හපන් එකක් වෙයි මෙයා මේ නටන නාඩගම් නිසා ඉක්මනටම" වොන්හෝ කිසිදු පාලනයකින් තොරව ජංකුක් හට දිගින් දිගටම බැනවදින්නට විය.

"උබ ඉදපන්කො ඒක බොස් බලාගනී අපිට තියෙන්නෙ බොස්ට අවශ්‍ය සප් එක දීලා බොස් එක්කම ඉන්න එක විතරයි" ජේහ්‍යුන් එසේ ජංකුක් හට පක්ෂපාතී වූයේ ඔහු දිගු කලක සිට ජංකුක්ව ඉතා හොදින් දන්නා සහෝදරයෙකු මෙන් වටිනා පුද්ගලයෙකු වූ නිසාය.

"මාත් ඕනෙම දෙයකට බොස් එක්ක ඉන්න මොකද අපේ ඕනැම දෙයකට බොස් අපි එක්කම හිටියා" කායිද සිය පක්ෂපාතීත්වය එසේ පවසන්නට වූයේ ඔහුටද ජංකුක් යනු සහෝදරයෙකු මෙන් වටිනා පුද්ගලයෙකු නිසාය.

_______________________________________________

Hi My Beautiful Readers,

Thank you මේ පරිච්ඡේදය කියෙව්වට ඉතින් ඔයාලගෙ අදහස් කමෙන්ට් කරන්න ඒවගේම වෝට් කරලා අනිත් අය අතර ශෙයාර් කරන්න

Продолжить чтение

Вам также понравится

13.5K 373 27
Megatron, leader of the Decepticons, has recently emerged from stasis. And now he's catching up with what's been happening while he's been away. One...
7.2K 119 6
"The longer you're near me, the more I become fucking addicted to you." College AU 18+ -Contains Mature Language and Themes Ranks <3 : #1 in Er...
6K 73 8
Lit only by a single flickering light, the room seemed to pulse with anticipation. My fingers, slick in their exploration, trailed along my most inti...
13K 3.8K 21
මම හිතුවා ඔහු පරිපූර්ණ නැහැ කියලා!! නමුත් මම ඔහුගේ පරිපූර්ණත්වය සොයාගත්තා Story cover by ChoiJaehi