" ඔව් ජන්කුක් තමයි......වටේ තීන සේරම දේවල් හේතු විදියට හදාගෙන ඒවා ගැන ම හිත හිත තමංටම වැටවල් බැඳගෙන හිටපු එකද ආදරේ කියන්නෙ??? මම හැම අවදානමක් ම අරගෙන ආදරේ පෙන්නපු එක ආදරේ නෙවෙයි තාවකාලික ආකර්ෂණයක්?? "
" මං..... මං එහෙම දෙයක් නෙවෙයි ජන්කුක් -"
" ඇති හොඳටම ඇති...... තමුසෙ හමුදාවට තෝරගත්තෙ කොහොමද කියලත් සැකයි මට.... කොහොමද එහෙම හිතුවෙ??? මම ගැන එක මොහොතක් හරි හිතුනනම් අඩුම තරමෙ මට ඒක තමුසෙ අඟවනවා ටේහ්‍යොන්..... මොකද්ද මේ වැඩේ??? "
ජන්කුක් කේන්තියෙන් කෑ ගැහුවා.... මගේ පපුවට ගහ ගහ කෑ ගැහුවා.... ඇඬුවා......වියරුවක් ඒක.... ඒත් ඒත්........ සමහර විට එයා හරි ඇති.... සමහර විට!!!! සමහර විට මම වැරදි ඇති...මම දුර්වල ඇති.... ඒත් තවදුරටත් නෑ
" ඔයා....ඔයා කියනවනම් මම වැරදියි කියලා මම ඒක පිලිගන්නම්....මට ඕන උනේ මම ශක්තිමත් වෙන දවසක්... හරි එහෙම බැලුවොත් ඔයා හරියට ම හරි ජන්කුක්....... ඒත් බැරිද මට එකම එක අවස්ථාවක් දෙන්න....මම මෙච්චර කාලයක් හංගන් හිටපු ආදරේ පෙන්නන්න මට අවස්ථාවක් දෙන්න බැරිද ජන්කුක්.... කරුණාකරලා"
අවසානෙදි එයා මගේ පපුවට ගහපු අත් දෙකම මගේ අත් අතරට අරන් මම කතා කරේ ඉවරයක් නැතුව කඳුළු ගලාගෙන යන ඒ ඇස් දිහා බලාගෙනමයි....එයා ආදරණීයයි....ඒ මූනෙ හැම අංගලක්ෂණයක්ම ආදරණීයයි.... සදාකාලිකව ම උනත් බලාගෙන ඉන්න පුළුවන් තරම් ලස්සනයි..... අංගසම්පූර්ණ චිත්‍රයක් වගේ
" ජන්කුක් !! පුළුවන් ද කියන්න........ අනේ"
එයා මුකුත් ම නොකියා මගේ දිහා බලාගෙන ඉද්දී මට ඇත්තටම බය හිතුනා...එයා බෑ කියයි ද??? එහෙම වෙයි ද??
" හ්ම්......බිඳිච්ච හිතට තවත් බිඳෙන්න ඉඩක් නෑ... පුළුවන් නම් ඒක හදන්න බලන්න... මොකද මට දරාගන්න තරම් හයියක් තවත් නෑ"
එයා සීතල හඬකින් කිව්වත් ඒක ඇතුලේ තිබුණු බලාපොරොත්තුව මට දැනුනා....මම කඩන්නෙ නෑ වස්තුව...මේ වතාවෙ නෑ
" මේක ලැබෙන එකම සහ අවසාන අවස්ථාව... ඒක මම නැති කරගන්නෙ නෑ... පොරොන්දු වෙන්නම්....මම ඔයා හිතනවාටත් වඩා හොඳින් හැසිරෙන්නම්....මම කවුද කියලා ඔයාට පෙන්නන්නම්...... ස්තුතියි අවස්ථාවට......"
මම හිතේ තීන කැළඹීම හංගගෙන ම කතා කරේ ඒ අත් තව තවත් මගේ අත් වලට මිරිකගන්න ගමන්......මම එයාට මගේ ආදරේ පෙන්නන්න ඕන.....මම එයා වගේම එයාට ආදරෙයි කියලා පෙන්නන්න ඕන....මට ගොඩක් දේවල් කරන්න ඕන..... ගොඩක් දේවල් ගැන හිතන්න ඕන......මම..... ඔහ් දෙවියන්ගෙ නාමෙන් මට ගොඩක් දේවල් කරන්න තීනවනෙ
අවසානෙදි තෙහෙට්ටුව නිසා ආයෙ එයාට නින්ද යද්දි එයා එක්ක ගත කරන කාලය ගැන මම හීන මාලිගා මැව්වෙ එක මොහොතක් ඇස් පියාගන්නෙ නැතුව....මම උපරිමයක් කරන්න ඕන....
.
.
.
.
.
.
.
.
එදායින් පස්සෙ ජන්කුක් රෝහලෙන් බැහැර වෙලා යද්දි මාවත් දින කීපයක් පුහුණුවීම් එක්ක හිරවෙද්දි මටත් එයාටත් කරන්න ඕන උන කිසි දෙයක් කරගන්න බැරි උනා .......මම මුළු කාලයෙම හිටියෙ දෙගිඩියාවෙන්... මේක අවසාන අවස්ථාව....
අවසාන හමුවෙන් දවස් පහක් යද්දි ආයෙ මට එයාගෙ වෛද්‍ය විද්‍යාලයට යන්න සිද්ද උනේ බඳවාගත්ත සෙබලු සම්බන්ධ රාජකාරියකට...වෙනදා වගේ හිත හීලෑ නොවෙද්දි නොදැනීම එයාව හොයාගෙන මම හැම තැනම ඇවිද්දා.....ඕක් ගස් හෙවනක් යට පිරිසකගෙ හඬ රැව් දෙද්දි අහම්බෙන් ඒ පැත්ත බලද්දි ඒ දිලිසෙන ඇස් එක්ක මගේ ඇස් ගැටුනෙ මෙච්චර වෙලා හෙව්ව රූපෙ ඇස් ඉස්සරහ ට ගේන ගමන්...
එයා ආයෙ පිරිපුන් වෙලා... ලස්සනයි.....වෙන වචනයක් නෑ..... පිවිතුරු යි.....මම ඇවිදින එක නතර කරලා දුර තියාම ඒ රූපෙ වින්දා....එයාට ලැජ්ජයි...මම බලාගෙන ඉන්න නිසා වෙන්න ඕන.... ඒත් කොහොමද මම ඇස් ගන්නෙ....ඒ හැම රේඛාවක් ම මං වෙනුවෙන් මැව්ව වගේ.....ඒ හැම දෙයක්ම අති විශිෂ්ටයි..... මගේ.. එච්චරයි මම දන්නෙ.....
JUNGKOOK POV :
එයා නිල ඇඳුමට කඩවසම්....ඒ පාට එයාගෙ රූපය ඔපමට්ටම් කරලා පෙන්වනවා.....ඒ ඇස් වල තියුණු බව.....මාව විනිවිද යනවා වගේ.... දවස් පහකට පස්සේ එයාව දකින්නෙ.....මට කවදාවත් ඇති වෙන්නෙ නෑ... ඒත් මට ලං වෙන්න බයයි....එයා මෝඩයි.... සමාජෙට පිටින් යන්න බයයි......එයා දැනුත් දුර ඉඳන් බලාගෙන හිටියත් මගේ ඉස්සරහ ට ඇවිත් හැමෝම ඉස්සරහා කතා කරන්න තරම් හයියක් නෑ...... ඒත්...... ඉන්න !!!!!!!!
එයා මේ පැත්තට එන්නෙ ඇයි.... නෑ නෑ ඔයා කතා කරන්න ද එන්නෙ.... නෑ නෑ එපා..... දෙවියනේ ටේහ්‍යොන්............
" දෙවියනේ අර කඩවසම් හමුදා නිලධාරියා නේද...."
" ඒ කිම්.... අපේ ගමේ හිටපු කඩවසම් ම කෙනා"
" බලන්න ඒ ගමන....මට ඔහු වෙනුවෙන් කරන්න බැරි දෙයක් නෑ"
" හැම ගැහැණියක් ම ඔහුව ප්‍රාර්ථනා කරනවා"
" ඔහු අංගසම්පූර්ණයි...ඒ සිරුරට යට වෙන ගැහැණිය තරම් වාසනාවන්ත කෙනෙක්!! මට ඉරිසියයි"
මේ මොන විකාරයක් ද???? මෙතන ඉන්න සේරම ගෑනු මායම් උනා එයා මේ පැත්තට එන්න ගනිද්දී..... හහ් විකාරයක්.... කොහොමද එයා!!.... ආආආහ් එයා අයිති මට...මට විතරයි....හැමෝගෙම කටේ කෙල හිඳෙයි....එයාටට යට වෙන්නෙ මම විතරමයි.... මොකක්!!!!!!!!!!!! ඒ මොන කුණුහරුපයක් ද ඒ මම හිතුවේ?????
" ඔහු මේ පැත්තට එන්නෙ.... බලන්න ඔහු කඩවසම්....මට ඔහුව අල්ලන්නවත් තිබ්බ නම්.... අනේහ්"
" මැච ඇල්ලැන්ඥ තිබ්බඥඥ්...... යැයි යැයි තමයි "
වටේ ගෑනු ටික එයා ලං වෙන්න ලං වෙන්න උගුර යටින් කෑ ගහද්දි මට කේන්තිය පාලනය කරගන්න ලොකු උත්සාහයක් දෙන්න උනා...මේ ගෑනුන්ව තෙත් කරන්න එයාගෙ බැල්මට පුළුවන් ලු.... දෙවියන්ගෙ නාමෙට මට දැන් පුදුම කේන්තියි
" ජන්කුක් "
මම පුපුර පුපුර පුළුවන් තරම් හිතින් බැන බැන ඉද්දි එයා මගේ ඉස්සරහටම ඇවිත් මට කතා කරා....මම රවලා වගේ එයා දිහා බලද්දි එයා ඇහිබැමක් උස්සලා ඇයි කියලා ඇහුවා....මට තරහ ගිහින් ඉන්නෙ මනුස්සයො....
" සමාවෙන්න මම පරක්කුයි ද?"
එයා හිතන්නෙ එයා නාව නිසා මම කේන්තියෙන් කියල....ඒකටත් කේන්තියි...මේකට ඊට වඩා කේන්තියි.... ආආආහ්
" ජන්කුක් එනවද මාත් එක්ක?? "
" මොකටද ආවෙ මෙහේ??"
වටේ පිටේ හැමෝම දැන් කුටු කුටු ගානවා... ඔව් එහෙම වෙන්න ඕන... එයාල පිස්සු වැටුණු කඩවසම් තරුණයා මගෙන් එහාට ඇස් හැරෙව්වෙ නෑ...එයා මගේ...මේ කිකිලියොන්ගෙ නෙවෙයි
" මම රාජකාරී වැඩකට ආවෙ කුක්.... දැන් ඒක ඉවරයි... ඉතින්....."
එයාට ඕන මාත් එක්ක තනි වෙන්න....එයා කැමති නෑ අවදානය ගන්න.... ඉතින් මම නැගිට්ටා...අද ලූකස් මග ඇරුන පරීක්ෂණ කරන්න ගිහින් නිසා මට කතා කරන්න කෙනෙකුත් නෑ.....මම බෑග් එක අරන් එයා පස්සෙන් එද්දි එයා මට ඉස්සර වෙන්න දුන්න..... හ්ම්..... සිරිත් විරිත් දන්නව
මමත් එයත් කතා කරේ නෑ...එයා මගේ පස්සෙන් එන බව දන්න නිසා මමත් නිහඬව වැඩිය පිරිස් ගොගැවසෙන මම ආසම තැනට ආවා.....ඒ රූස්ස රොක්වුඩ් ගහක්.....මුළු නගරෙම තිබ්බ එකම රොක්වුඩ් ගහ....එතනට අය එනව අඩුයි.... ඒත් මම ආසම තැන.... මිනිස්සු විස්සකට විතර බදාගන්න පුළුවන් ලොකු කඳට හේත්තු වෙලා මම හිට ගනිද්දී එයා දිලිසෙන ඇස් වලින් මගේ දිහා බලාගෙන හිටියා....
" සමාවෙන්න ප්‍රමාද උනාට...."
" නෑ ඒකට කමක් නෑ...මම තේරුම් ගත්තා ඔයාට වැඩ වැඩි ඇති කියලා"
" හ්ම්..... ඒත් ඇයි කේන්තියෙන් හිටියෙ??"
" ඒ ඔයා නිසා නෙවෙයි.... හිතන්න එපා"
" හ්ම්... එහෙනම් වටේ හිටපු කිකිළියන් ගෙ කෙකරගෑම් නිසාද??"
එයා අමුතු හිනාවකින් අහද්දි මම එයා දිහා බැලුවා...ඒ හිනාව මම කවදාවත් දැකලා නෑ...ඒක...ඒක හරියට ගොදුරකට පනින්න ඉන්න ව්‍යාග්‍රයෙක් ගෙ වගේ.....
" අහ්??"
" මම හමුදා නිලධාරියෙක්....මම හැම දෙයක් ගැනම සංවේදීයි"
ඒ කියන්නේ එයාට අර ගෑනු කිව්ව දේවල් ඇහිලද???
ඒත් ඒක ගැන තව කප්පරක් වත් මට හිතන්න බැරි උනේ එයා හිතාගන්න බැරි ඉක්මනට මට ලං උන නිසා.... හුස්ම වැදෙන දුරටම ලං උන නිසා.... කිසිම ඉඩක් නොතියාම......
" මේ හදවත මෙච්චර වේගෙන් ගැහෙන්නෙ මම වෙනුවෙන් නේද??"
මම ඇඳගෙන හිටපු ඇඳුම් උඩින් ම හදවත ගාවින් අත තියන ගමන් එයා ඇහුවෙ මගේ ඇස් වලට එබිලා.....එයින් කෙඳුරුමක් වගේ.....එයා ලං උන මොහොතෙම වෙනදාටත් වඩා වේගෙන් ගැහෙන්න ගත්තා හදවත එයාගෙ ස්පර්ශය එක්ක තවත් වැඩි උනා.... මොකද්ද මේ මනුස්සයා ට වෙලා තියෙන්නේ...ඒ මදිවට කොහොමද මම ඒ ඇස් වලින් ගැලවෙන්නෙ
ඒ එක්කම පුහුණුවීම් නිසා ගොරෝසු වෙලා ගියපු ඒ අත් මගේ ඉන තද කරලා දෙපැත්තෙන්ම අල්ලගත්තෙ මම ගැස්සිලා යද්දි....මම වෙනදට වඩා හයියෙන් හුස්ම ගන්න ගත්තා... නෑ අසනීප වෙන්න නෙවෙයි... ඒත් ඒ බැල්ම ඒ ස්පර්ශය මාව උමතු කරවලා....මම කවදාවත් එයාගෙන් එහෙම දෙයක් බලාපොරොත්තු උනේ නෑ
" කවුරු කවුරු මම නිසා තෙත් උනත්....ඔයාට විතරයි මාව තෙත් කරන්න පුළුවන්... දන්නවද ඒක?? මේ ඇස්...මේ තොල්...මේ හැඩ ඇඟ විතරයි මාව පිස්සු වට්ටන්නෙ... අනික....නෑ ගෑනියෙක් කවදාවත් මට යට වෙන්නෙ නෑ....ඔයා ඇරුනම..... උන් අනිවාර්යයෙන්ම ඉරිසියා කරන්න ඕන... මොකද මම දවසක ඔයාට දෙන්නෙ මිහිපිට දෙන්න පුළුවන් උපරිම සැප....ඒක ලබන්න පුළුවන් ඔයාට විතරයි මගේ ටියුලිප් මල.. මගේ ඇඳේ රෙදි ගුලිවෙන්නෙ ඔය අත් වලට විතරයි... තේරුනාද...ම්හ්...මම පොරොන්දු වෙනවා..... ඉතින් කේන්ති ගන්න එපා "
එයා කතා කරා... අඩවන් උන ඇස් මුළු මූනම අඟලක් නෑර යවන ගමන්... මගේ ඉන ඒ ගොරෝසු දෑත් වලින් පිරිමදින ගමන් එයා කතා කරා.... මගේ නලල දිගේ ගලාගෙන ගිය දාඩිය බිංදුවක් ඒ තොල් අතරට ගන්න ගමන් එයා කෙඳිරුවා.....මුළු ඇඟම ඒ වචන වලින් පන නැති වෙද්දි තව තවත් එයාට මාව හිර කරගන්න ගමන් එයා කෙඳිරුවා ....... කියවලා කියවලා අවසානයේ එයා මගේ බෙල්ලට ලං උනා... මගේ කන පිටිපස්සේ ඒ තොල් තැරවෙද්දි මම ගැස්සුණා... දරාගන්න බෑ ඒ ස්පර්ශය....
" මම මේ සුවඳ විඳින්න ගොඩක් කල් බලාගෙන හිටියා...ඔයා ගාව සුවඳයි මගේ ටියුලිප්.....මම රෝස මල කියන්නෙ නෑ කුක්... හැමෝම ඒක කියනවා....ඔයා මට උමතුවක්....මට කියන්න නමක් නෑ.... ඒත් ඔයා ටියුලිප් පෙති වගේ සිනිදුයි.... ඇස් නිවනවා.....හිත නිවනවා.... මගේ ලැවැන්ඩර් පොකුර...... ආදරෙයි වස්තුව.... දරාගන්න බැරි තරම්.... අවුරුදු පහක් මම හිටියෙ මේ මොහොතට.... තවත් කාලය ඉල්ලන්නෙ නෑ......මම සම්පූර්ණෙන් ඔයාගෙ....."
එයා මගේ කනට කෙඳිරුවා.... ඔලුව මගේ උර උඩ තියාගෙන එයා මට විතරක් ඇහෙන්න කෙඳිරුවා....ඉන් දෙපැත්තෙ තිබ්බ අත් මුළු ඇඟ වටේම ගිහින් එයා මට තුරුළු උනා... ඒත් හුස්ම ගන්න එක ඇර මට වෙන දෙයක් කරන්න බැරි උනා
" මම හීන මැව්වා වස්තුව.....අපේම ලෝකයක්...මම මෝඩ උනා.... ඒත් ආදරේ නිසා.....මම බය උනා.... ඒත් ආදරේ නිසා.....මට ඕන මම මවපු හැම හීනයක් ම හැබෑ කරගන්න... දන්නවද මම ඉස්සර ඉඳන්ම ආසයි ඔයාගේ කැන්වස් පිටුවෙ මගේ රූපෙ ඔය අත් වලින් මැවෙනවා දකින්න ..... ඉස්සර ඉඳන්ම ආසයි කඳු මුදුනේ ඉඳන් ඔයාව තුරුළු කරන් කතා කර කර ඉන්න.....ඒ හීන මට ඇස් ඉදිරිපිට දකින්න ආසයි වස්තුව...... ගොඩක් ආසයි "
මම අහගෙන හිටියා..එයාගෙ හැම හීනයක් ම අහගෙන හිටියා.. දන්නවද ඒව හරිම සරල හීන... ඒත් ආදරණීය යි.... හැම වාක්‍යයක් අගම වස්තුව වස්තුව කියල කිය කියා එයා තවත් මට තුරුළු උනා....
" මට පුළුවන් ජන්කුක්?? ඒ හීන ඇස් ඉස්සරහ දකින්න??"
එයා අන්තිමට පොඩි එකෙක් වගේ මට තුරුළු වෙලාම ඔලුව උස්සලා මගේ දිහා බලල අහද්දි මම හිනා උනා.... මගේ අවුරුදු හතරක ඉවසීම..... ඇස් රිදෙනකම් බලාගෙන හිටපු එක අපතෙ ගිහින් නෑ
" ඔයාට පුළුවන් ඒව දකින්න... මාත් එක්කම "
අපිට එයාට තුරුළු වෙන ගමන් මම කිව්වා.....
______________________________
leave some comments