Mr & Mrs අතිපණ්ඩිත

By Aro_Yash

150K 10.6K 900

Mr.අතිපණ්ඩිත කතාවේ දෙවන දිගහැරුම. More

II - 01
II - 02
II - 03
II - 04
II - 06
II - 07
II - 08
II - 09
II - 10
II - 11
II - 12
II - 13
II - 14
II - 15
II - 16
II 17(New)
II - 18(new)
II - 19(New)
II - 20(new)
II - 21
II - 22
II -23
II - 24
II-25
II - 26
II - 27
II - 28
II - 29 new
30
II -31
32
II - 33
II - 34
II - 35
II - 36
II - 37
38-mini episode
II - 39
II - 40
II - 41
II - 42
II - 43
II - 44
II - 45
II - 46
II - 47
II - 48
II - 49
II-50
II-51
II-52
II - 53
II - 54
II - 55
II-56
II-57
II - 58
II - 59
II - 60
II - 61
II - 62
63
II - 64
II - 65
A special notice‼️
66
67
68
II - 69
II - 70
II - 71
II - 72
II - 73

II - 05

2K 117 2
By Aro_Yash

#Mr_and_Mrs_අතිපණ්ඩිත_05
[Mr.අතිපණ්ඩිත දෙවන දිගහැරුම]

♥️©𝒜 𝓇 𝑜 𝒽 𝒾   𝒴 𝒶 𝓈 𝒽 𝓌 𝒾 𝓇 𝒶   𝑅 𝒶 𝓉 𝒽 𝓃 𝒶 𝓎 𝒶 𝓀 𝒶

"මහන්සි ඇතිනේ දෝණි…රූම් එකට ගිහින් වොශ් එකක් එහෙම දාන් පොඩ්ඩක් රෙස්ට් කරන්න…"

කෙනාර්ගෙ අම්මා එහෙම කීවෙ ආදරෙන් මගෙ ඔලුව අතගාලා. ඇත්තටම එයාව මට දැනුනේ මගෙ පුංචිව දැනෙනවා වගේ ළගින්.

"පුතා දැන් ඕක පැත්තකින් තියලා දෝණිව රූම් එකට එක්කන් යන්න."

කෙනාර් අම්මට බයද කොහෙද. කීව පමාවට ෆෝන් එක ඔබ ඔබා හිටපු එයා නැගිට්ටා.

♥️©𝒜 𝓇 𝑜 𝒽 𝒾   𝒴 𝒶 𝓈 𝒽 𝓌 𝒾 𝓇 𝒶   𝑅 𝒶 𝓉 𝒽 𝓃 𝒶 𝓎 𝒶 𝓀 𝒶

ස්ටිකර් & ඉමොජි දාන්න එපා ගායිස්... දැනට 14 දෙනෙක් බ්ලොක් වෙලා ඉන්නේ දාලා.
....

මම කෙනාර් දිහා බලලා කට කොණකින් හිනාවක් දැම්මේ අම්මා එතනින් නැගිටලා යද්දි.

"මොකද තමුසේ මෙච්චරවෙලා අඬ අඬා ඉඳලා දැන් විරිත්තන්නේ?"

ලිවින්ග් එකේ පැත්තක තිබ්බ මගෙ එක ට්‍රැවලින් බෑග් එකක් උස්සලා ගන්න ගමන් කෙනාර් අහන්නේ හීනි රැවුමක් දාලා.

"ඔයා අම්මට බයයි නේද?"

මම නැගිටින ගමන් එහෙම ඇහුවේ කට කොණකින් ආයෙම හිනාවෙන ගමන්. කෙනාර් මොකුත් කියන්නැතුව යන්තම් ඔලුව දෙපැත්තට කරලා බෑග් එකත් අරන් මට එන්න කීවෙ.

"බොරුනේ. පණ්ඩිතකමට හිටියට අම්මට බයයි තමා."

"පණ්ඩිතකම? තමුසෙ තරම් පණ්ඩිත ගොන් අලයක් නම් කොහෙවත් නෑ."

කෙනාර් කියන්නේ මං රවද්දි.

"කතාව වෙනස් කරන්න එපා."

මං කීවෙ කෙනාර් පස්සෙන් පඩිපෙල නගින ගමන්.

"බයයි ආදරෙයි කියන්නේ දෙකක්...ඒවා තේරුම් ගන්න තමුසෙ තාම පොඩි වැඩියි."

මේ කෙනාර්නම්. හැමතිස්සෙම මාව නෝන්ඩි කරන්නේ මාව දෙකේ පන්තියෙ විතර පොඩි ළමයෙක් ගාණට දාලා..මං බුම්මන් පඩිපෙල නැග්ගේ.

"මොනවද මේකෙ තියෙන්නෙ. මෙච්චර බර තමුසෙ ගල්වත් දාන් ආවද?"

කෙනාර් කියන්නේ අමාරුවෙන් ඒක උස්සන් යන ගමන්.

"ඔව්...ගඩොල් ටිකක් අරන් ආවා. රූම් එක මැද්දෙන් බිත්තියක් බැඳගන්න."

මං කියද්දී කෙනාර් බැලුවේ ඇස් හීනි කරලා.

"ඒව හීන තමා. යකාගෙ විමානෙට ආවනම් ඒ විදියට ඉන්න කියනවා වගේ මගෙ රූම් එකේ තමුසෙ ඉන්න ඕනෙ මං කියන විදියට."

ආයෙම අර අති පණ්ඩිත කතාවක්. පඩියක් ගාණේ අපි දෙන්නා වචන වලින් ගහගත්තා.

"අශූ කටවහන් එනවා..මම මේක අතාරිනවා පහළට."

කෙනාර්ට තදම වෙලා එහෙම කියද්දි මං බැලුවෙත් රවලා.

"කවුරුත් ඔයාට ඕක අරන් යන්න කීවෙ නෑනෙ. දෙන්න."

මං කේන්තියෙන් කෙනාර්ගෙන් ට්‍රැවලින් බෑග් එක ගන්න හැදුවේ.

"බැරි වැඩ නොකර පැත්තකට වෙලා ඉන්නවා."

"නෑ කෝ දෙන්න කීවම."

කෙනාර්ගෙන් මං ඒක උදුරලා ගත්තා. හැබැයි ඊළඟට සිද්ධ වුණ දේට මට හිතුණේ පොළව පලන් යන්න. ඒක වේගෙන් ඇදලා ගත්තට එකපාරම බෑග් එකේ බර දරාගන්න බැරිවුණා. ඒකෙ බරට මාව පිටිපස්සට විසික්වෙලා වගේ ගියේ මාව වැටෙන්න යනකොට.

♥️©𝒜 𝓇 𝑜 𝒽 𝒾   𝒴 𝒶 𝓈 𝒽 𝓌 𝒾 𝓇 𝒶   𝑅 𝒶 𝓉 𝒽 𝓃 𝒶 𝓎 𝒶 𝓀 𝒶

"අශූ!"

කෙනාර් එහෙමම මගෙ අත් ගොබේකින් අල්ලගත්තේ සැර කරන ගමන්. ඒත් එක්කම අපි දෙන්නගෙම අවධානය බිඳුනේ පඩිපෙල දිගේ පෙරලිලා ගිහින් බිම වැටුණ බෑග් එක කැඩිලා යද්දි.

ඒක සම්පූර්ණයෙන්ම ප්ලාස්ටික් වලින් හදලා තිබ්බ බෑග් එකක් නිසා වැටුණ වේගෙට පියන් දෙක පැති දෙකට ගැලවිලා ගිහින් තිබ්බෙ ඒක ඇතුලෙ තිබ්බ බඩු විසිරිලා යද්දි.

"දැන් හරිනෙ...ඔය කරගත්තේ."

ඇඬෙන්න ඔන්න මෙන්න වගේ මූණ ඇද කරන් මං බලන් ඉද්දි කෙනාර් ආයෙම මාව අතහැරලා පහළට බැස්සේ මට බැන බැනා.

මං හිතුවේ එයා මට බැනලා දමල ගහල යයි කියල. ඒත් එහෙම වුණෙ නැති නිසා මට දැනුණේ නියුට්‍රල් හැඟීමක්.

මං එහෙමම පඩිපෙල උඩට වෙලා හිටගෙන බලන් ඉද්දි කෙනාර් වැටිලා තිබ්බු රෙදියි ඇතුළෙ තිබ්බ පොඩි බෑග් ටිකකුයි අහුල අහුල පියන් දෙකට දැම්මා. මං එහෙමම පහළට බහින්න ගත්තේ ඒකෙ ඇතුලෙ වෙනම තිබ්බ ඇතුළත ඇඳුම් මතක් වෙලා.

"කෙනාර් ඉන්න..මම ඕක ගන්නම්."

මං කලබලෙන් පහළට බැස්සේ. රතු සාරි එකක් ඇඳන් හිටිය නිසා පඩිපෙළ බහින්නත් බෑ හදිස්සියට.

"අශූ තමුසෙත් පෙරලෙන්නැතුව හෙමින් බහිනවා..."

කෙනාර් මගෙ දිහා බල බලා අතට අහුවෙන අහුවෙන ඒව අරන් බෑග් එකේ පියනකට දාන්නෙ.

ඒත් එකපාරම එයාගේ ඇහිබැමි රැළිවුණේ අතට අහුවුණ ඇඳුම අමුතුවට දැනුණ නිසා වෙන්න ඇති. එයාට පැත්තකින් තිබ්බ ඇඳුම් ගොඩෙන් එයාගෙ අතට ආපු බ්‍රා එක දැක්කම මගෙ කටත් ඇරුණා. කෙනාර් එහෙමම එයාගෙ අත ඉස්සරහට කරලා බැලුවේ මොකක්ද කියලා.

කෙනාර්ගෙ මූණ එකපාරම වෙනස් වෙලා ගියා. එයාගෙ ඇස් හැරවුණේ මං දිහාවට. ඇත්තමයි මට ඇත්තටම වලක් කපන් වැළලෙන්නම ඕනෙ කියන හැඟීම තදින් දැනෙද්දි කෙනාර් දිහාවට මං දුවන් ආවෙ පුදුම ස්පීඩ් එකකින්.

'මෝ|ඩ කෙනාර්! ඒක අල්ලගෙන ඉන්නවා පැත්තකට දාන්නෙත් නැතුව.'

මං මූණත් රතු කරන් කෙනාර් ගාවට දුවල ගිය තප්පරේම කෙනාර්ගෙ අතේ තිබ්බ ඇඳුම ඇදලා ගත්තේ කෙනාර් මගෙන් ඇස් මග අරින ගමන් නැගිටිද්දි.

එයාටත් ලැජ්ජා හිතිලා. ඒක දකිනකොට මට තවත් ලැජ්ජයි. ඒක හෙන awkward හැඟීම් පිරුණ මොහොතක්.

කෙනාර්ට නිකන් ලැජ්ජාව වහගන්න කරන්න දෙයක් හිතාගන්න බෑ වගේ බොරුවට උගුර පාදලා වටපිට බැලුවා.

"ඔ..ය ටික අස් කරලා තියනවා.. මං මේක දාල ඇවිත් අරන් යන්නම්."

කලබලෙන් මගෙ ඇස් මගාරින ගමන් එහෙම කියපු කෙනාර් ට්‍රැවලින් බෑග් එකේ එක පියනක් උස්සලා ගත්තේ මං අතේ තිබ්බ ඇඳුම අනෙක් රෙදි අස්සෙ හඟවනකොට.

'අයියෝ ඇයි අප්පා..මටමයි වෙන්නේ.'

හිත එහෙම කියද්දි කෙනාර් උඩට ගියේ මං දිහාවත් බලන්නැතුව.

'ශික් මටත් හොඳවැඩේ. පණ්ඩිත වැඩ කරන්නැතුව කෙනාර්ට අරවෙලේ ඒක අරන් යන්න දුන්නනම් මෙහෙම වෙන්නෑනෙ.'

කොච්චර මං මටම බැනගත්තත් ලැජ්ජාව එහෙමමයි.

'මෙච්චර ඇඳුම් තියෙද්දි එයාගෙ අතටත් ඒකම අහුවුණා..ශික්..'

මං ඇඳුම් දිහා බලන් රවාගෙන කීවෙ.

"දෝණි මොකද වුණේ? සද්දයක් ඇහුණේ මොකක්ද?"

මං ගැස්සිලා වගේ ගියේ කෙනාර්ගෙ අම්මගෙ කටහඬට.

"මේක වැටුණා අම්මා. උඩට අරන් යන්න යද්දි."

මං කීවෙ ට්‍රැවලින් බෑග් එක ගාව ඉඳගෙන හිටපු තැනින් නැගිටින ගමන්.

"අයියෝ කැඩුණද. අපේ කොල්ලද කැඩුවෙ?"

කෙනාර්ගෙ අම්මා අහද්දි මං හිනාවුණා විතරයි.

"කොහෙද බිස්නස්ම පස්සෙ දුවනවා වැඩක් කරන්න අතේ හුරුවක් නෑනේ.

කැඩුවා නේද දෝණිගෙ බෑග් එක."

කෙනාර්ගේ අම්මා පඩිපෙල දිහා බලද්දියි මං දැක්කේ කෙනාර් එනවා පහළට.

"මෙච්චර ඉක්මනට දෙන්නා සන්ධානගතවෙලාද?"

මොකුත් නොකියා පහළට ආපු කෙනාර් අම්මගෙන් ඇහුවෙ මගෙ දිහාවට සීතල බැල්මක් දාන ගමන්.

"මේ ටිකට කේලම් කීවද?"

කෙනාර් ඇස් හීනි කරලා අහද්දි මං බිම බලාගත්තේ ලැජ්ජාවට එහෙම නෙමේ.. අම්මා ඉස්සරහා මගේ කට ඇවිස්සෙයි කියන බයට.

"මේ ළමයට මහන්සියි.. මෙතන තියන් කියවන්නැතුව උඩට එක්කන් යනවා කීවම."

කෙනාර්ගෙ අම්ම කෙනාර්ගෙ උරහිසට පහළින් අතට හෙමීට එකක් ගහලා කියද්දි කෙනාර් කට ඇදකරන් ගිහින් ගත්තෙ ට්‍රැවලින් බෑග් එකේ ඉතුරු බාගේ.

♥️©𝒜 𝓇 𝑜 𝒽 𝒾   𝒴 𝒶 𝓈 𝒽 𝓌 𝒾 𝓇 𝒶   𝑅 𝒶 𝓉 𝒽 𝓃 𝒶 𝓎 𝒶 𝓀 𝒶

"සෝ දිස් ඊස් මයි රූම්.. කැමති නැති දේවල් තිබ්බත් කරන්න දෙයක් නෑ."

කෙනාර්ගෙ රූම් එකේ තිබ්බ බෲස්ලිගෙ පෝට්රේට් එකක් දිහා බලන් මම කට ඇදකරද්දී කෙනාර් එහෙම කීවෙ පණ්ඩිත ලුක් එකෙන්.

එතනින් ආයෙම පටන් ගත්ත වලිය නතරවුණේ මගෙ ඇඳුම් දාගන්න කෙනාර්ගෙ වෝඩ්‍රොබ් එකේ කිසිම කොටසක් මට එපා කියලා.

"අශූ හැමතිස්සෙම පොඩි වචනයක් අල්ලන් එල්ලෙන්නෙ නැතුව වෝඩ්‍රොබ් එක තමුසෙට ඕනෙ විදියට හදාගන්නවා."

කෙනාර් කීවත් මං හිටියෙ කේන්තියෙන්.

"නෑ මට එපා තියාගන්න ඔයාගෙ වෝඩ්‍රොබ් එක. මම බෑග් වලම බඩු තියාගන්නම්."

"අශූ!"

කෙනාර් ඒ පාර සැරෙන් කතාකරේ. හැමතිස්සෙම මං එයත් එක්ක එල්ලෙන එක එයාට වදයක් කියලා මං දන්නවා..ඒත් එහෙම සැරකරන්න ඕනෙ නෑනෙ.

"කොහොමත් මේක ඔයාගෙ රූම් එකනෙ. මං පිට එක්කෙනානෙ. ඒ විදියට මං ඉන්නම්. ඒක ඔයා ප්‍රශ්නයක් කරගන්න එපා."

ඒ ඔක්කොටම වඩා මට තරහයි. වැරැද්ද වැඩියෙන් මගෙ වුණත් කෙනාර් එක්ක තමා තරහා. තරහ ගියාම ඇඬෙන එක තරම් මහ එපාකරපු වැඩක් තවත් නෑ.

"දැන් අඬන්න දෙයක් වුණාද. තමුසෙම රණ්ඩු වෙලා තමුසෙම අඬන්නෙ?"

ශර්ට් එකේ බට්න් ගලව ගලවා හිටපු කෙනාර් අහන්නේ කර කර හිටපු වැඩෙත් නවත්තලා.

"මං අඬන්නෑ. ඇඬුවත් ඔයාට වැඩක් නෑනෙ."

මං සෲස් ගාලා නහය උඩට අදින ගමන් කීවේ කෙනාර් දිහා නොබලා.

කෙනාර් ඉණටත් අත් දෙකම තියන් යටිතොලත් හපාගෙන මගෙ දිහා බලන් ඉන්නවා කියලා ඇස් කොණට පෙනුනා.  

"හරි මේක මගෙ රූම් එක නෙමේ. අපේ රූම් එක. හරිනෙ...?"

කෙනාර් නිකන් පොඩි ළමයිව රවට්ටන්න හදනවා වගේ මාව රවට්ටන්න එන්නෙ. මම බැලුවෙවත් නෑ එයා දිහා.

"හරි ඒකත් ඕන්නෑ. මේක අද ඉඳන් තමුසෙගෙ රූම් එක. හරිනෙ. දැන්වත් අර වෝඩ්‍රොබ් එක අනිත්පැත්ත පෙරලලා බැරිනම් ඕනෙ එකක් කරගන්නවා."

කෙනාර් උරහිස් අකුලන ගමන් එහෙම කියද්දි මං රවාගෙන නැගිට්ටේ.

"මං කීවනෙ මට එපා ඔයාගෙ ඔය කෙහෙම්මල් වෝඩ්‍රොබ් එක."

"කෙහෙම්මල් නෙමේ.. බුරුත. ඒක බුරුත වලින් හදලා තියෙන්නේ."

ඕක තමා කරන්න බැරි. හැමතිස්සෙම මාව විහිළුවට ගන්නවා. මං කෙනාර්ට ගස්සන් ගිහින් ඩ්‍රෙසින්ග් ටේබල් එක ඉස්සරහින් හිටගෙන හිටියේ. රතු සාරියට දාපු මේ ලොකු කරාඹු දෙකට කන් දෙකත් එක්ක රිදෙනවා. මං කෙනාර්ව ගණන් නොගෙන කරාඹු දෙක ගලවන්න ගත්තා.

"දැන් ඒ කියන්නේ තමුසෙ එහෙමයි? බඩු දාගන්නෑ?"

කෙනාර් අහද්දී මං ආයෙම හිටියෙ එයා ගණන් ගන්නැතුව.

"හරි ඒකත් මංම කරන්නම්."

කෙනාර් එහෙම කියලා ගිහින් මගෙ ට්‍රැවලින් බෑග් එකක් අතට ගද්දි මම හැරිලා බැලුවේ ඇහිබැමි රැලි කරන්.

"හැබැයි අර ඉස්සරලා වගේ තමුසෙගෙ අනම් මනම් කෑලි හැලුනා කියලා කියවන් එන්න එපා."

එහෙම කියලා එයා බෑග් එක වෝඩ්‍රොබ් තියන කොටසට අරන් යද්දිනම් මාව රත් වුණා. යසයි එයා අරන් තියන බෑග් එකත්. ඒකෙ තිබ්බෙම ගොඩක් අන්ඩර්වෙයාස් එක්ක පිජාමා, ශෝට් අනම් මනම්.

"කෙනාර් එපා!"

මං දූවන් ගියේ එයා ගාවට. එතකොටම එයා බෑග් එක ඕපන් කරා. ඒකෙ හදිස්සියට දාගත්ත ඇඳුම් තිබ්බේ පිළිවලට නමලා එහෙම නෙමේ.

කෙනාර් මගෙ දිහා බලලා අමුතු විදියෙ හිනාවක් දැම්මේ කලින් ජාතියෙ ඇඳුම් දෙක තුනක්ම උඩම පේන්න තියෙද්දි.

මං එහෙමම ඒකෙ පියන ආයෙම වැහුවේ එතනට පැනලා වගේ.

"තමුසෙ ඒව විතරද ගෙනාවේ?"

දෙයියනේ මේ මනුස්සයගෙ කට! මට එවෙලෙනම් හිතුණේ පොළව හාරන් වැළලෙනවට වඩා වැඩියෙන් දෙයක් කරන්න ඕනෙ කියලා.

කෙනාර්ගෙ මූණෙන් මගෙ මූණ හංගන් මං ඇස් දෙක තදකරලා පියාගත්තේ 'මේ ලැජ්ජාවෙන් ගැලවෙන්න මට දෙයියෙක් හරි උදව් කරන්න' කියලා හිතින් හිතන ගමන්.

"නෑ ඉතින් බලන බලන තැන ඒවනේ..."

කෙනාර් ආයෙම මහ අමුතු හිනාවක් දාලා එහෙම කීවේ මං කෙනාර්ව පුච්|චන සයිස් බැල්මක් දාද්දි.

"කෙනාර්!"

"පාට පාට..."

"කෙනාර් කටවගහන්නවා!"

මං කෑ ගහන් නැගිට්ටේ කෙනාර් හයියෙන්ම හිනාවෙවී එතනින් යනකොට.

'ඇයි අප්පා මටම වෙන්නේ...'

මං එහෙමම කෙනාර් ගිය දිහා බලන් ඉඳලා ඔලුව හේත්තුකරගත්තේ වෝඩ්‍රොබ් එකේ දොරකට. එකපිට එක එකම දේකට ලැජ්ජා වෙන්න වෙනවා කියන එක? අපෝ ඒක ගැන කතාකරන්නවත් මං කැමති නෑ. මං හුස්මක් හෙළලා බැලුවෙ වටපිට.

වෝඩ්‍රොබ් එක තියන කොටස රූම් එකේම වෙනම පොඩි රූම් එකක් වගේ. ඒකෙ ඇඳුම්, සපත්තු අනම් මනම් දාන්න රැක් හදලා තිබ්බා එක එක විදියට. මේකනම් නියමයි. කෙනාර්ට පොඩි කෑල්ලක් දීලා මෙතන මගෙ ආධිපත්‍යය පතුරන්න ඕනේ කියලමයි හිත කීවෙ.

"අශූ තමුසෙට අස් කරගන්න හෙල්ප් එකක් එහෙම ඕන්නම් කියනවා."

මං රවාගෙන හැරිලා බැලුවේ කෙනාර් ඒ දොරෙන් එබිලා ආයෙම නෝණ්ඩි හිනාවක් දාලා කියද්දි.

"එළියට යනවා කෙනාර්..

යනවා!"

මං කෑ ගැහුවෙ මූණත් රතු කරන්. ඒත් කෙනාර් ආපහු ඇතුළට ආවා.

♥️©𝒜 𝓇 𝑜 𝒽 𝒾   𝒴 𝒶 𝓈 𝒽 𝓌 𝒾 𝓇 𝒶   𝑅 𝒶 𝓉 𝒽 𝓃 𝒶 𝓎 𝒶 𝓀 𝒶

මං වෝඩ්‍රොබ් එකක දොරට පිටදීගෙන කෙනාර් මගෙ දිහාවට එන දිහා බලන් හිටියේ රවාගෙන.

'ඒ පාර මොකාටද මෙයා එන්නේ?'

හිත එහෙම කීවෙ කෙනාර් මගෙ ළඟටම එනව පෙනෙද්දි. ආයෙම අර හිත පිස්සු නටනවා. පපුව වේගෙන් ගැහෙන්න ගද්දි මං කෙනාර් දිහා බලන් හිටියේ සැකසහිත බැල්මකින්. මෙයා අඩියකට වඩා මට ළං වෙනවනම් කෝකටත් සූදානම් ශරීරෙන් ඉන්න කියලා තමා හිත කීවෙ.

"ක්..කෙ..නාර්.. මො..කද..?"

කෙනාර් ඇවිත් මට ළං වෙලා මගෙ ඔලුවට උඩින් එයාගෙ අතක් මට පිටිපස්සෙන් තියන වෝඩ්‍රොබ් එකේ දොර උඩින් තිබ්බා. මගෙ ඇසුත් ලොකුවෙලා පපුව තව වේගෙන් ගැහෙනවා කියලා විතරයි මට දැනුනේ. ඊළඟට කෙනාර් මගෙ මූණ දිහාවටම නැඹුරු වෙද්දි මං ගල්ගැහිලා ගියේ උඩට ගත්ත හුස්ම පාතට දාන්නෙ නැතුවම.

කෙනාර්ගේ හීනිවුණ ඇස් වල තිබ්බේ ඒ කපටි, මායාකාර බැල්මක්. මාව ගල්කරලා දාන, මාව කොහෙද මන්දා අතරමංකරලා දාන බැල්මක්.

"හ්..."

කෙනාර්ගෙ මූණ එකපාරටම මගෙ මූණ දිහාවට තවත් ළං වෙද්දි ඉබේටම මගෙ ඇස් පියවිලා ගියේ තදින්. හැබැයි එහෙම ඉන්න ලැබුණේ තප්පරයක් දෙකක්. මං හිතුවා වගේ කෙනාර් මොකුත් කරේ නෑ. එයා මට තව ළං වෙනවා දැනුනෙත් නෑ.

"මොකද තමුසේ ඇස් වහන් ඉන්නේ කිස් එකක්වත් ඕනෙ වෙලාද?"

ඊළඟට මගෙ ඇස් ඇරුණේ කෙනාර්ගේ ඒ සමච්චල්සහගත කටහඬට. දැනුණු ලැජ්ජාව ගැන අමුතුවෙන් කියන්නෑ මං.

එයා ඊළඟට මගෙ ඔලුවට උඩින් වෝඩ්‍රොබ් එකේ එයාට වම්පැත්තේ පියනට වමත තියලා ඉස්සරහට නැවිලා දකුණු පැත්තෙ වෝඩ්‍රොබ් එකේ දොර පියන ඇරියේ මට ආයෙම නෝණ්ඩි හිනාවක් දාන්නත් අමතක නොකර.

ලැජ්ජාවත් එක්ක මට දැනුනේ තරහක්. ඇයි එයා මාව එයාටයි දොරටයි මැද්දෙ හිරකරන් ඉන්නෙ තාම. එයාම කිස් කරන්න වගේ ගිහින් දැන් කියන කතා බලන්න එපැයි.

මං කේන්තියෙන්ම කෙනාර්ගෙ අත පැත්තකට තල්ලු කරලා එතනින් ආවෙ.

කෙනාර් වොශ් දාන්න යන්න ගියාම මම මගෙ බෑග් වලින් ඕනෙම ඇඳුම් ටික අරන් වෝඩ්‍රොබ් එකේ පැත්තකට දාගත්තා.

'දැනට ඇති. අනිත්වා පස්සෙ අස් කරගන්නවා.'

එහෙම හිතලා මං හුස්මක් අතහැරියේ අද ඉඳන් ජීවිත කාලෙම මෙහෙ නේද ඉන්න වෙන්නෙ කියලා හිතද්දි. ඉපදුණ දා ඉඳන් හිටපු ගෙදර දාල එනවටත් වඩා මට හිතන්නවත් බැරි තරම් දුකක් දැනෙන්නේ සුදු අයියගෙ මතක දාල එන්න වුණ එක. එයා නැතිවුණ දා ඉඳන් මම එයාගෙ මතක කොච්චරනම් රැක්කද. කොටින්ම තාම මගෙ කාමරේ තියන කර්ට්න් පවා සුදු අයියා ඉන්න කාලෙ තිබුණ ඒවා.

'හිතන්න එපා අශූ හිතන්න එපා. හැමදේම අලුතින් පටන් ගන්න කාලෙ හරි දැන්.'

අවුරුදු අටක්ම ඒ මතක එක අතීතේ හිරවෙලා හිටිය මට කොච්චර දේවල් මගඇරුණද. මගෙ යාලුවෝ, අම්මා අප්පච්චි, පුංචි, නෑදෑයෝ, මගෙ ජීවිතේ.. ඒ ගොඩක් දේවල් මම මගඇරලා හිටියේ. ඒකෙන් වුණේ මගෙ වටේ ඉන්න අය මටත් වඩා විඳවපු එක.

නුවරඑළියෙදි කෙනාර් කීවා වගේ සුදු අයියා මං  මේ ඉන්න විදිය දැක්කනම් දුක්වෙයි. එයා නිසා මගෙ ජීවිතේ අවුරුදු අටක්ම මුළු ලෝකෙන්ම වෙන් කරලා තිබ්බා කියලා දැක්කනම් එයා ගොඩක්ම දුක්වෙයි.

ඉතින් මං හිතේ යටම තිබ්බ වේදනාව තදකරන් අල්ලගත්තා උඩට එන්න දෙන්නේ නැතුව. මං ඉස්සරහට යන්න ඕනේ.

කල්පනාවෙන් කල්පනාවෙන් මම රූම් එකට ආවා. එතකොටමයි කෙනාරුත් වොශ් දාලා රූම් එකට ආවෙ. ශෝටක් විතරක් ඇඳන්.

'මේකනම් හරියන්නෑ මෙයා මෙහෙම ඉද්දි මට හරි අපහසුයි.'

මං එහෙම හිතුවේ කෙනාර් දිහා නොබලා මගෙ ඇස් අහකට ගන්න ගමන්.

මං ඇවිත් සාරි එකේ කටු ගලවන්න ගත්තේ ඉක්මනට ඒ කරදරෙන් නිදහස් වෙන්න. 

'ශික් කවුද අප්පා මේ හැට්ටකටු කියන ජාතියයි සාරි කියන ජාතියයි හොයාගත්ත මෝ|ඩයෝ!'

උරහිසට පහළින් ගහලා තිබ්බ කටු දෙකක් හොඳටම පැටලිලා සාරි හැට්ටෙයි පොටෙයි. හැට්ට කට්ට අස්සෙන් ඇඳුම් රෙද්ද ගිහින් එහාට කරන්නත් බෑ මෙහාට කරන්නත් බෑ.

"කෝ එනවා... හැටපැයක් තිස්සේ දඟලන්නේ උදව්වක් ඉල්ලපුවම ඇඟෙන් කෑල්ලක් යනවද?"

එහෙම කියන ගමන් කෙනාර් මගෙ දිහාවට එද්දි මට බය හිතුණා කීවොත් හරි. මොකද මෙයාව මට සත පහකට විශ්වාස නෑ.

"නෑ එපා..."

මට ටිකක් සද්දෙන් වගේම වේගෙන් ඒක කියවුණා. කෙනාර් එහෙමම නැවතිලා මං දිහා බැලුවෙ තියුණු බැල්මකින්.

"ඔයා උදව් කරලා විතරක් නවතින්නෑනෙ. මං අම්මට කියලා ගලවගන්නම්."

මං එහෙම කියලා බාගෙට ගැලවුණ සාරියේ යට කොටසත් අතින් උඩට කරලා උස්සන් රූම් එකෙන් එළියට යන්න අඩි තිබ්බෙ ඉක්මනට.

"ඒයි..."

කෙනාර් එහෙමම මගෙ අතින් ඇදලා ගත්තේ මාව ගැස්සිල යද්දි.

"ඔහොම ඉන්නවා."

"කෙනාර්..?"

මං කෙනාර්ගෙන් මගෙ අත ගලවගන්න හැදුවත් කෙනාර් මගෙ අත තදකරලා අල්ලගත්තේ ඒක රිදෙන්නත් ගනිද්දි.

"අතාරින්න කෙනාර්."

මං කීවෙ ආයෙම අත ඇදල ගන්න හදන ගමන්.

"අතාරින්න කලින් මේක අහගන්නවා අශූ."

කෙනාර්ගෙ කටහඬේ තිබ්බෙ දැඩි ගතියක්. ඒ ඇස් වලත් තිබ්බෙත් තියුණු ගතියක්.

"ඔය දාන පාර්ට්, එකට එක කරන ඒවා මාත් එක්ක විතරක් තියාගන්නවා. අපි දෙන්න අතර තියන බැඳීම මොන වගේ එකක්ද කියන එකයි, අපි දෙන්න අතර තියන ප්‍රශ්නයි මේ රූම් එක ඇතුලෙයි, මායි ඔයයි අතරයි විතරයි තියෙන්න ඕනෙ."

කෙනාර් මේ මොනවද කියන්නේ කියලා මට තේරෙන්නෑ. මං නිකන් ලොකු වැරැද්දක් කරන්න ගියා වගේ බනින්නෙ.

"මේ ලෝකෙ මට කියලා මෙච්චර කාලෙකට හිටියෙ මගෙ අම්මා විතරයි..

අප්පච්චි කියන මනුස්සයා අම්මවයි මාවයි අතරමං කරලා වෙන ගෑණියක් පස්සෙ ගිය දවසෙ ඉඳන් එයා මට මැරුණු මනුස්සයෙක්."

කෙනාර් කියන දේවල් කියන්නේ ඇයි කියලා නොතේරුනත් ඒවා මට ගොඩක් දැනුණා.

"මං හැමදේම කරේ අම්මගෙ සතුට වෙනුවෙන්. එයා මං වෙනුවෙන් වින්ද දුක හොඳටම ඇති.

අන්න ඒ නිසා ඔයාගෙ ඔය ප්‍රශ්න මාත් එක්ක විතරක් තියාගන්න අශූ."

කෙනාර් එහෙම කියද්දි මං ගල් බමුණෙක් බලන් ඉන්නවා වගේ එයා දිහා බලන් හිටියෙ.

"සරලවම කියනවනම් අපි දෙන්න අතර තියන දුරස් බව අම්මා දැනගන්න බෑ. කීයටවත්.

තමුසෙගෙ හිතුවක්කාරකම්, ඇට්ටරකම් ඕනෙ එකක් මට කරනවා ඉවසන්න පුළුවන්. බට්..ඒවා මගෙ අම්මට බලපාන්න බෑ. බැරිවෙලාවත් එහෙම වුණොත් අන්න එදාට මං ඉවසන්නෑ. තේරුණාද?"

යන්නෙ කොහෙද මල්ලෙ පොල් වගේ. මොනවත් වුණෙත් නැතුව කෙනාර් මට දොස් කියන්නේ. ඒත් එයා කියපුවා මං හිතට දාගත්තා.

"මෙච්චර කල් මට හිටියේ අම්මා විතරයි..ඒත් දැන් තමුසෙත් ඉන්නවා."

කෙනාර් එහෙම කියද්දි ඒ වචන ගිහින් නැවතුණේ මගෙ හදවතේ ගැඹුරුම තැනක. කලින් කෙනාර් කියපුවට දැනුණු තරහා වාෂ්ප වෙලා වගේ ගියා

"අම්මයි ඔයයි අතර ප්‍රශ්න ඇතිවෙන්නෑ කියලා දන්නවා මං.

වෙන්න ඕනෙ අපි දෙන්නගෙ ප්‍රශ්න අම්මා දැනගන්නැතුව ඉන්න එක.

දැන් කරන්න ගියා වගේ මොට්‍ට වැඩක් කරන්න එහෙම යනවනම් ආයෙ අහනවා මගෙන්. ප්‍රශ්න නොදා."

මං කෙනාර් දිහා බලාගෙනම හිටියා.

"බලන් ඉන්නෙ මොනාද? කියපුව තේරුණාද?"

කෙනාර් ආයෙම අහද්දි මං ඔව් කියන්න ඔලුව වනපු එක කරේ. එයා දැන් අත අල්ලන් ඉන්නෙ හෙමින්. රිදෙන්නෑ මට.

"ඒත්."

මං ආයෙම කෙනාර් දිහා බලලා එහෙම කියද්දි කෙනාර් මගෙ දිහා බැලුවෙ ඇහිබැමක් රැලි කරලා.

"මං ඉතින් අම්මට කියලා හැට්ට කටු දෙක ගලවගන්නනෙ ගියේ. ඒක කොහොමද ප්‍රශ්නයක් වෙන්නේ?"

කට ඇද කරන් නොරුස්සන කටහඬකින් මම ඇහුවේ. කෙනාර් එහෙමම ඔලුවෙ අත ගහගනිද්දි මං බැලුවෙ ඇහිබැමි රැලි කරලා.

"ශික්...මට අමතක වුණානේ තමුසෙ බාලාංශෙ කියලා.

අපරාදෙ මගෙ වචන."

කෙනාර් එහෙම කියන්නෙත් ඔලුවත් දෙපැත්තට හොලවන ගමන්.

"මෝඩි... තේරෙන්නැද්ද තමුසෙට. අලුත මැරි කරපු කපල් එකක, එහෙමත් නැත්තම් හනිමූන් මූඩ් එකේ ඉන්න කපල් එකක වයිෆ් සාරි කටු ගලවන්න හස්බන්ඩ්ගේ අම්මා ගාවට ගියාම හරියනවද?"

කෙනාර් මොනවා අහනවද මන්දා..හැබැයි මට යාන්තම් වගේ තේරෙන දේද එයා කියන්නේ.

"ඇයි ඉතින් මොකද?"

මං අහද්දි කෙනාර් ඇස් දෙක පියාගෙන ඔලුව දෙපැත්තට හෙලෙව්වෙ.

"වෙන එක ගැන හිතන්න යන්නෙපා. ඒක තමුසෙගෙ මොලේට තේරෙන්නෑ.

මං නැති වෙලාවට ඇරෙන්න කටු ගලවන, පටි ලෙහන වැඩ වලට අම්ම ගාවට නොයා ඉන්නවා ඒ ඇති."

කෙනාර් එහෙම කියන ගමන් මාව අනික් පැත්තට හරවලා කටු ගලවන්න ගත්තා.

"හැබැයි ඔයා වැඩි වැඩ නොකර කියපු වැඩේ කරලා නිකන් ඉන්න."

මං එහෙම කීවෙ කෙනාර් කියන ඒවට මං එකඟ වෙනවනම් එයාත් මගේ ඒවට එකඟ වෙන්න ඕනෙ නිසා.

"නිකන් ඉන්න? තමුසෙත් මාර කතානෙ කියන්නේ ඇඳුම් නැතුව ඉන්නෙ කොහොමද මං?"

ඇත්තමයි මට නෑනෙ මේ කෙනාර්ගෙ කට තලන්න. දවසකට මේ වගේ කැත කතා දෙක තුනක්නම් කියනවමයි. මං කේන්තියෙන් කෙනාර් ගාවින් ඈත් වෙන්න හැදුවත් කෙනාර් ආයෙම සාරි හැට්ටෙන් අල්ලලා මාව තියාගත්තා.

"නටන්නැතුව ඉන්නවා. ජෝක් එකක් කරේ."

කෙනාර් කටු දෙක ගලවද්දි එයාගෙ ඇඟිලි පිටේ වදිනවද හිතලා වද්දනවද මන්දා. ගලවලා ඉවර වෙලා එකපාරම මං ගැස්සිලා ගියේ කෙනාර් මගෙ දිහාවට ළං වෙනවා දැනෙද්දි.

හිතන්නත් වෙලාවක් නොතියා එයා හිතුවක්කාරම හාදුවක් තිබ්බේ සාරි හැට්ටෙන් නිරාවරණය වුණ මගෙ පිටෙන්.

"කෙනාර්!"

එතනින් නවතින්නැතුව එයාගෙ ඇඟිලිතුඩු මගෙ ඉණේ නතරවෙනවා දැනෙද්දි මං ඉස්සරහට පැන්නේ ඉක්මනට.

"මොකද? තමුසෙව රූම් එක ඇතුලෙ තියන් කිස් එකක්වත් නොදී ඉන්න මම රහත් වෙලා නෑ."

මං ඇස් ලොකු කරන් බලන් හිටියෙ කෙනාර් දිහා.

"පිප්පුවට කරන්න දෙයක් නෑ. මට ඕන්නම් මං කිස් කරනවා!"

                 To be continued

          අරෝ🖤

Continue Reading

You'll Also Like

2.3M 136K 45
"You all must have heard that a ray of light is definitely visible in the darkness which takes us towards light. But what if instead of light the dev...
1.2M 108K 41
✫ 𝐁𝐨𝐨𝐤 𝐎𝐧𝐞 𝐈𝐧 𝐑𝐚𝐭𝐡𝐨𝐫𝐞 𝐆𝐞𝐧'𝐬 𝐋𝐨𝐯𝐞 𝐒𝐚𝐠𝐚 𝐒𝐞𝐫𝐢𝐞𝐬 ⁎⁎⁎⁎⁎⁎⁎⁎⁎⁎⁎ She is shy He is outspoken She is clumsy He is graceful...
71.8K 2.9K 32
Kumagawa Misogi has alwais wondered what would it be to go through all that isekai reincarnation thing...Then he got it in a game that managed the im...
3.8K 580 11
__අසම්පූර්ණ හැගීමක, කොහෙද ඒ මම සොයන නැවතුම__ The most talented poet, 2nd place - 2021 🥈 Lost smile........,