Gay Short-Story Collection

By RadhithReyshan

12.7K 1K 195

BL කෙටි කතා එකතුවකි. More

ප්‍රංශ පෙම්වතා - 01 කොටස
ප්‍රංශ පෙම්වතා - 02 කොටස
මහව කෝච්චිය
යාල් දේවීයෙන් ආ අමුත්තා
තිමිර පටල
සුදු කමිසය
තවත් එක (අ)වර්ණ කතාවක්
දැවෙන සුසුමන්
මගේ හද ගැස්ම නුඹයි
කොමාව සහ තිත
අවුරුදු තෑග්ග - 01 කොටස
අවුරුදු තෑග්ග - 02 කොටස

ඇසිල්ලක දුටු සිහිනේ

1.4K 65 11
By RadhithReyshan

ඇගට දැනෙන වේදනාව අඩුවෙන්න බෙහෙත් පෙති දෙකක් ගිලලා ඇදට වැටුනත් වේදනාව නම් අඩුවක් උනේ නෑ....

කොයි පැත්තට හිටියත් බඩ කොරවෙලා වගේ දැනෙන වේදනාව උහුල ගන්න බෑ... ඇග ඇතුලේ මස් තැලිච්ච වේදනාවට මුලු ඇගම කැක්කුම් දෙනවා..... ඉවසන්න අමාරු නිසා නිකම්ම මට කෙදිරි ගෑවෙනවා..... එක පාරටම වීදුරුවක් බිදෙන සද්දේත් එක්ක ඇගේ වේදනාවටත් එක්ක මට හොදටම යකා නැග්ගා..... ඇයි යකෝ මේ ගෙදර කනක් ඇහිලා පොඩ්ඩක් නිදහසේ නිදාගන්න බෑනේ.... නැගිටලා යන කොට වේදනාව ඩබල් උනත් තරහ ඊට වඩා වැඩියෙන් හිතට දැනුනා.... ඒ මගේ ගැනම ඇති වෙච්ච තරහද නැත්නම් නින්ද කැඩුව නිසාද කියලා තොරගන්න බෑ.....

"මොකද... හුත්තෝ කරන්නේ... පොඩ්ඩක් නිදහසේ නිදාගන්න දෙනවකෝ පකයෝ..."

"අනේ අනේ සොරි ඉරොන් අයියා.... මේ.... පිගන් හොදන කොට විම් නිසා පිගාන අතෙන් ලිස්සලා ගියා....."

සකුන් ගැස්සිලා වගේ කිව්වත් උගේ බැල්ම සාමාන්‍ය උනා... මොකද ඇගේ ඇදුමක් වත් නැතිව උපන් ඇදුමෙන් ඇවිත් මම කෑගහන එක මූට දැන් සාමාන්‍ය වෙලා......

තරහ ගිහින් මම කෑගහන කොට ඒවා අහගෙන ඉන්නත් මගේ දුක සැප බෙදාගන්නත් ඉන්න මගේ ගමේ අති ජාත මිත්‍රයා තමයි සකුන්... කොළඹ ජොබක් සෙට් වෙලා බෝඩින් වල දුක් විදින කොට මේ පාලු මාලිගාවේ පාලුව මකා ගන්න, අඩුම තරමේ කට හඩවත් ඇහෙන්න මනුස්සයෙක් ඉන්න ඕන නිසා මම කොල්ලව මෙහේ නතර කරත්තා... ඒ වගේම ඌ තමයි දැන් මගේ වේදනාවල් වගේම වැඩි හරියක් රැවුම් ගෙරවුම් වලට මූන දෙන්නේ.... ඌට ගානක් නෑ ඌ දන්වා මට මල පැන්න වෙලාවෙට ඔහේ කියලා දැම්මට මගේ පපුවේ මුකුත් නෑ කියලා....

"නිදාගන්න දියන් බන්.... පාන්දර හතරයි ගෙදර එන කොට...."

"හරි හරි පොඩ්ඩක් කට හෝදගෙන කිරි එක බීලා ආයේ නිදාගන්න... මම විනාඩි පහෙන් මේ ටික අස්කරලා වැඩට යන්න ඕනේ....."

"හරි හරි... කෝ දියන් ඕක...."

මම කට සොදලා සකුන් දුන්න කිරි එක අරන් එන්න හැරුනා.....

"ගොඩක් ආමාරුද බන්..... "

මම යන්න හැරෙන කොට සකුන් අහපු දෙයින් අඩන්න බැරි කරමට මම හිනා උනා......

"අමාරුද කියනවා බන්... අට දෙනෙක් විතර....."

"මොකක්.... අට දෙනෙක් එක්ක... දෙයියනේ...."

"ම්ම්ම්.... ඔවු.... ක්ලබ් එකක.... මිට කලින් දෙපාරක් විතර ඒ තරම් ගානක් එක්ක හිටියා... ඒත්.... "

"ඒත් කියන්නේ...."

"ඒත් කියන්නෙ බන් ලංකාවේ උන්ගේ ඒවා පොඩියි කියන එක මහම මහ පචයක් කියලා හිතුනා....."

මම හිනා උනත් ඌ මහා වේදනාවක් ඇස්වල පුරෝගන බලාන හිටියා....

"මොකෝ ඔහොම බලන්නේ.... ක්ලබ් එකෙන් ලොකු පේමටන් එකක් කරන නිසයි භාරගත්තේ..... ඒත් හිතුවේ නැති විදහට දාර බඩු ටිකකට බන් අහුවුනේ ... පිස්සු හැදුනා... එකෙක්ට එකෙක් දෙවෙනි නෑ....සමහරු බීලා සමහර එවුන් ජොයින්ටි ගහලා.... නතර කරන්නේම නෑ.... ඉවරක් වෙන්නෙම නෑ අන්තිම වෙන කොට පිස්සු හැදුනා බන්..... කෙලින් ඉන්න බෑ.... මරලා දාලා වගේ...... මම හිතුවේ එලි වෙන කොට පන යයි කියලා. ඒත් නෑ.... මේ කරුමක්කාර ජීවිතේ විදිවන්න එකතු කරගන්න තව කරන්න දෙවල් තියනවා....... "

"ඉතින් වෘකයෝ රැලකට අහුවෙච්ච මුවෙක් වාගේ එලි වෙනකම් හතර වටේට ඇද ඇද කාලා දැම්මද...."

"අම්මෝ... කියලා වැඩක් නෑ බන්.... ටැක්සි එකට නැගගත්තේ බඩගාලා වගේ.. ඒ අස්සේ ටැක්සි එකේ එකා මේ එන ටිකට මාව මාරගෙන කන්න හදනවා......"

"හරි හරි උඹ නිදාගනින්... මම කෑම හදලා වහලා තියෙන්නේ...කැමති වෙලාවක නැගිලා කාපන්.. ආ...මේ පේන් කිලස් වගක් ඇති ඇද ලග ලාච්චුවේ..... මොනා හරි බඩට දාගේන බිපන්..."

"තැන් කියු මචං..."

"ඉරොන්....."

මම අයොමත හැරිලා ඌ දිහා බැලුවා.......

"ප්ලිස් මචං හැමදේම තනියම කරගන්න පුලුවන් කියන හැගිම අත ඇරලා දාලා මොනා හරි ඕන උනෝතින් මට කෝල් එකක් දියන් ප්ලිස්..... ඒ වගේම වෙන මොනාහරි අමාරුවක් ආවොත් කොල් එකක් ගනින්.... ආ... අමාරුව වැඩි උනොත් අපි ඩොක්ට සොහාන්ගේ ක්ලිනික් එකට යමු...."

"මොකක් ඩොක්ට සොහාන්ගේ ක්ලිනික් එකට උඹ හදන්නේ මට ඉගුරු දිලා මිරිස් ගත්තා වගේ වැඩක් කරන්න ද...."

"මොකක් ඩොක්ට සොහාන්... මේ..දෙයියනේ... යකෝ ඒ මිනිහත්... ඇත්තටම...අම්මෝ කතා කරන්නෙ සිල් අරගෙන වගේනේ.... ."

"ඒකට තමයි මල්ලි හක්කේ බුදුරැස් බොක්කේ දඩමස් කියන්නේ.... උඹ තාම මිනිස්සු අදුන්නේ නෑ මල්ලියෝ..."

"ඒත් අයියා... ළමයි තුන්දෙනෙක් ඉන්නවා නේද..."

"වැඩි හරියක් බැදපු උන් තරමයි බන් අපි වගේ උන් ගාවට එන්නේ......"

"අනේ මන්දා බන් මට තේරෙන්නේ නෑ..."

"හරි හරි දුක් වෙන්න එපා බන්... මේ තමයි කොළඹ... මේක අනුරාධපුරේ නෙවෙයි..... උඹ තාම ඇවිත් මාසයයිනේ  පරිස්සන් වෙයන්... මෙහෙ තියන වෙස් මූනු අම්බලන්ගොඩ පැත්තේවත් නැති එවා....."

මම හිනාවක් දාගෙන කාමරයට ආවා..... සකුන් නිහඩව මගේ ඇතුලාන්තයේ වලදාලා තියන මතකයන් ගොඩට ඇදලා ගන්නේ හිතාගන්න බැරි විදිහට...... මම කාමරයේ ඒසි එක ඕෆ් කරලා දාලා කර්ට්න් ඇරගෙන බැල්කනියට ආවා.... හිටගෙන ඉන්න කොට වේදනාව දැනෙනවා වැඩි නිසා එහෙම්මම එතන තිබුන පුටුවක හාන්සි වුනා....

ඇහැට පේන මායිමේ මුහුද.... අනිත් පැත්තෙ හීන බිදෙන හීන ඉටු වෙන නගරය කොළඹ..... ඕනම දෙයක් ගන්නත් ඕනම දෙයක් විකුනන්නත් පුලුවන්... ඕනම දෙයකට මිලක් නියම වන සුන්දර පුරවරය... හැමෝගෙම කටින් මහා අඩම්බරයෙන් "අපි කොළඹ " කියලා උජාරුවට උච්චරණය කරන නගරය... ඒ තමයි කොළඹ....

ඒත් කවුද හිතුවේ මේ ගමේ හැදුන කොල්ලට මේ කොළඹින් උගේ නමට සුපිරිම සුපිරි මහල් නිවාසයක් ගන්න ලැබෙයි කියලා.... ඒත් ඒක හිතපු තරම් අමාරු වුනේ නෑ... හදවත ගලවලා විසිකරලා මේ නව දොරකින් ජරාව වැගිරෙන මේ ශරිර කුඩුවට මිලයක් නියම කරලා දවස ගානේ විකුණලා දාන එක විතරයි කරන්න ඕනේ උනේ..... කඩවසම් නම් හරි ස්වරූපය ඉතාම ආකාර්ශනිය නම් තමන්ට ඕන ගානට මිල ඉහල දාලා විකුනන්න පුලුවන්.... ගාන වැඩි කරලා බොරුවට වටිනා කම වැඩිකරන්න උත්සහ කරන කොට තවත් ඉල්ලුම වැඩි වෙනවා... මොකද... මිනිස්සු ආර්ශණය වෙන්නේ දිනා ගන්න හදන්නේ භාණ්ඩයට වඩා ඒ නියම කරන මිලට....

ඉතින් ජිවිතේ කියන්නේ හරි පුදුමාකාර දෙයක්... කොළඹට අනුරාධපුරේ ඉදලා ආවේ පොඩි ජොබ් එකකට.... හතර පස්දෙනෙක් එක්ක බෝඩින් කාමරයක ගෙවපු ජිවිතේ කටුක උනත් දාරගන්න බැරි තරම් හිතේ සැනසිමක් තිබුනා.... ඒ සැනසිම තවත් සුන්දරවත් කලේ විමංශ අයියා.... ගමේ හැදුන මේ ගොඩේ කොල්ලව ඉස්සෙල්ලාම මැක්ඩොනල් එක්ක ගියේ ඌ තමයි... අල පොඩි පොඩි කූරු කූරු කපලා ගෙදර දර ලිපේ බදින ඒවගෙයි මේ අල වල වෙනසයි කියලා දුන්නේ ඌ තමයි....

ආදරය කියන්නේ ගින්දර වගේ දෙයක් අදුර නැති කරලා ආලෝකය ඇති කරන පහනක් වෙන්න පුලුවන්.... ඒ වගේම ලෝකයක් ගිනි තියන ලැවි ගින්නක් වෙන්නත් පුලුවන්...... ඉතින් මගේ පලවෙනි ආදරය මාව නැත්තටම නැති කරලා දැම්මා.... ජිවිතේ ඉතුරු කරලා ආත්මය මරලා දැම්මා.... වේදනාව ඉතුරු කරලා සැනසිම උදුරගත්තා....

දුක දරාගන්න බැරුව මම උරහිසක් හෙව්වේ හිත හැල්ලු කරගන්න ඇති වෙන්න අඩන්න..... ඒත් ඒ උරහිසේ ඔලුව තියාගනෙ ඉන්න කොට ඒ උරහිසේ හිමි කාරයාගේ ඇතේ ඇගිලි මගේ ගත පුරා දිව්වේ පුදුම නොසංසන්කමින්... වේදනාව අඩුකරගන්න ගැහීම් හෑල්ලු කරලා මිනිස්සුන්ට ලං උනත් අන්තිමට ආදරය කියන ලේබල් එක උඩින් අලවගන අතින් අතට මාරුවෙන්න වුනේ මමවත් දන්නේ නැතුව...

මම මගෙන්ම පලිගන්න හදපු දවසේ ඉදලා උඹ වැරදියි උඹ ඔහොම නෙවේ කරන්න ඕනේ කියලා කනට ගහලා කියලා දෙන්න එකෙක් හිටියේ නෑ... ඒ වෙන කොටත් මගේ නහයට උඩින් වතුර දාලා... මොකද මානසික අවශ්‍යතාවයට වඩා මගේ කායික අවශ්‍යතාවය මටම පාලනය කරගන්න බැරි තැනක තිබුනේ...

කන්න තියනවා නම් ඉබ්බා තුනපහ පිටේ බැදගන ඇවිත් ලිපත් මොලවගෙන ඇතිලියට පනින්වා කියනවා වගේ පැය කීපයකට කායික හැගීම් සංසිදව ගන්න කෙනෙක් හොයාගන්න එච්චර මහන්සි වෙන්න වුනේ නෑ... කොහොම හරි අන්තිමේට අලෙවි ප්‍රවර්ධන භාණ්ඩයක් වගේ මුලින් නොමිලේ දීලා පාරිභෝගිකයන්ට අවශ්‍යතාවයක් ඇති කරලා ඊට පස්සේ මිලක් නියම කරලා විකුණන්න පටන් ගත්තා.....

මුලින් පපුව ඇතුලේ පන ගැහුන පුංචි පුංචි මනුස්ස හැගීම් තිබුන නිසා ඇස්වලට කදුළු ආවා.... මට ගමේ පන්සෙල් ලොකු හාමුදුරුවෝ කියලා දුන්න තේරි ගාථා මතක් වුනා.... ඒත් කොයි දේටත් පරක්කු වැඩියි... මොකද මම මේ සැපහසුකම් වලින් පිරිච්ච ජිවිතේට හුරුවෙලා ඉවරයි... අයෙමත් මට ඉස්සර වගේ බස්වල දාඩිය පෙරාගෙන හිටගෙන යන ගානට කවදාවත් වැටෙන්න බෑ.... කොහොම හරි හිත ටික ටික මැරිලා මේ අලුත් ජිවිතේට හුරු උනා... ඒත් අසරණකමට නෙවෙයි.... මගේ තියන නොසන්ඩාලකමට වෙන්න ඇති.... නැත්නම් තියන පවුකාරකමට....

සසරේ කරපු පින් වලට මගේ ලස්සනේවත් ඇගේ හැඩයෙන්වත් කිසිම අඩුවක් නෑ.... උසට හරියන ඇග පත වගේම මගේ බිස්සනස් එකට ඕන කරන විදිහට කොල්ලෙක් පිස්සු වට්ටවන පස්සක් තමයි තිබුනේ..... මේ ලෝකෙ ලස්සන හුරු බුහුටි ආකර්ශනිය දේට පුදුම වටිනා කමක් තියෙන්නේ..... තරුණකම ලස්සන හැමදේම එකට එකතු උනාම කැමති කැමති විදිහට මාකට් කරන්න පුලුවන්.....

ආත්මය මැරුනට පස්සේ දුක් වෙන්නවත් ලැජ්ජාවක්වත් පිලිකුලක්වත් පසු තැවිමක්වත් ඇති වෙන්නේ නෑ.... මේක එක නවාතැනක එක පොඩි ශරිරි කුඩුවක් විතරයි... ඒක ඇතුලේ හිරවෙලා ඉන්නේ හරියට මම ඇදුමක් ඇතුලේ ටික වෙලාවට හිරවෙලා ඉන්වා වගේ... තව ටිකකින් මේ ඇදුම පරණ උනාම ජරා වුනාම අදින්න බැරිවෙන කොට මම අලුත් ඇදුමක් ඇදගන්නවා ඒවගේ තමයි....

ඉතින් මට මේ දෙයින් ඈත් වෙලා ආපහු පරණ මාස් පාඩි ජිවිතේ ගැන හීනෙන්වත් හිතන්න බෑ.... මම සාමාන්‍යයෙන් මනුස්සයෙක් මාසයක් කබුරලා කබුරලා හොයන මුදල වගේ දෙගුණයක් පැයකින් දෙකකින් හොයනවා...... ලොකේ විනාශය ලංවෙකොට කොට අසම්මතය රජකරලා සම්මතය යට යනවලු.... ඉතින් ඒ වගේ ලෝකයක් තුල මගේ ජිවිතේ පුදුම කාර්ය බහුලත්වයක් තියෙන්නේ.... ඒක නිසාම ගණන් වැඩි කලත් තවත් ඉල්ලුම වැඩි උනා මිසක් අඩුවක් උනේ නෑ...

වැඩිම හරියක් වැඩි මුදලට ගිය තැන්වල හිටියේ හැට පැනපු හොට බිම ඇනුනත් ලෝකේ තියන හැම බෙහෙත් ජාතියක්ම බීලා දැඩි ආයසයෙන් අර අහවල් එක කෙලින් කරගෙන දගලන උන්.... හැගිම් මැරුනම ඕන පවකට කර ගහන්න පුලුවන්ලු.... මටත් එහෙමයි.....

ඒත් එක පාරම කොල් එකක් ආපු පාර මගේ අවධානය බිදිලා ගියා.... දවස් කීපයක් තිස්සේ දිනයක් දීගන්න බැරිව හිටිය කෝල් එකක්..... අනික දුරත් වැඩියි... නුවරඑලියේ....

"ගුඩ් මොනින්.....ඉරොන්...."

"මම කිව්වනේ... මේ...."

"හරි මම ඔයා කිව්ව ගානට වැඩියෙන් දෙගුණයක් ගෙවන්න කැමතියි......."

"මොකක්.... ඒත්... මේ... "

"හරි හරි තුන් ගුණයක් දෙන්නම්..."

"මේ... ට්‍රාන්ස්පෝට්..."

"හරි ළමයෝ... මම ට්‍රාන්ස්පෝට් වලට වෙනම ගෙවන්නම්........"

හිතාන්න බෑ මෙහෙමත් අසහනකාරයෝ ඉන්නවද කියලා... ඒත් ඊයේ වගේ මරාලයක් නම් එපා... අම්මෝ... තනි එකෙක් ඇත්තු හත් දෙනෙක්ට අහු උනා වාගේ.....

"මගේ කන්ඩිෂන්..."

"හරි හරි මම දන්නවා... බය වෙන්න එපා ඔයාගේ අකමැත්තෙන් කිසිම දෙයක් වෙන්නේ නෑ.... "

"හරි මේ...."

"ඒත් මේත් වැඩක් නෑ.... ඔයා ට්‍රේන් එකේ ඇවිත් නානුඔයෙන් බහින්න මම ඩ්‍රයිවර් ව එවන්නම්......"

"ඒත් මම..."

"හරි හරි මම බිසී... ඕකේ බායි....."

මට කතා කරන්න දෙන්නේ නැතුව එයාම කියන්න ඕන ටික කියලා කෝල් එක කට් කරලා දැම්මා... හිනාත් යනවා පුදුම හිතුවක්කාරයෙක් තමයි........ මේ වගේ දෙක තුනක් මාසයකට සෙට් උනොත් අවුරුද්ද පුරාම කිසිම දෙයක් නොකර ගෙදරට වෙලා කාලා ඇදලා ඉන්න පුලුවන්........ ඒ කටහඩ අමුතුම හැගිමක් ඇති කරවනවා... හරිට ගහක් කපලා දාලා තිබුන තැනක ඉතුරු වෙච්ච මුලක් දළු දානාවා වගේ හැගිමක් මගේ හිත ඇතුලේ අමුතුම සොදුර බවක් මතුකරලා නිවිලා ගියා.....

**************

"ආයුබෝවන් මේ නානුඔය දුම්රිය ස්ථානයයි....."

මම ගැස්සලා ඇහැරුනා.... දඩ බඩගාලා බෑග් එකත් අරගෙන බැස්සා..... ඉස්සර නම් මම මෙහෙම කෙනෙක් කියලා ගොඩක් දුරට හංගන් ජිවත් වුනේ... ඒත් දැන් එකේ අනිත් පැත්ත.... ඕන එකෙක්ට මම එහෙම ජාතියේ පොරක් කියන දේ එක බැල්මකින් පෙන තරමට පෙනුම වෙනස් කරගත්තා.... ඒත් ඒ වෙනස කියන්නේ කෙනෙක්ට මම 'ගේ' කොල්ලේක් කියන දේ මිසක් දෙකටම නැති චරිතයක් කියනදේ ඉස්මතු වෙන්න නෙවෙයි....

පුලුවන් තරම් ස්භාවික ලස්සන ඉස්මතු වෙන විදිහට කොල්ලු ගතිය කොල්ලෙක්ගේ කඩවසම් ගතිය මතුවෙන විදිහට ලස්සන වෙන්න රූපේ හදාගන්න මැච් වෙන විදිහට පොඩ්ඩක් ලස්සනට කැපිලා පෙන්න අදින්න උත්සහ කලා.... මොකද කොල්ලෙක් ගේ පෞර්ෂත්වයට ලොකු මාකට් එකක්තියනවා.... ඕන එකෙක් කැමති පොඩ්ඩක් ඩෝන්ට් කෙයාර් ටයිප් එකේ ඉන්න,  පොෂ් ගතියක් පේන්න තියන, පොඩ්ඩක් මහන්සි වෙලා දාගන්න වෙන, ටිකක් අහංකාර ඩයල් එකකට... ඒ ගති ලක්ෂන වලින් මම අඩුවක් නැති නිසා මට සල්ලි වලින් නම් කිසි අඩුවක් තිබුනේ නෑ.... කොහොම උනත් නුවරඑලිය පැත්තේ රවුමක් දාලා පොඩ්ඩක් චේන්ජ් වෙන්න හිතුවා......

"මේ ඉරෝන් මහත්තයා වෙන්න ඕනේ...."

සරමක් ඇදලා මූන වැහෙන්න අයිස් කැප් එකක් දාලා ලොකු පොල් ගෙඩි කන්නාඩි දෙකක් දාලා ඉන්න වයසක ඩයල් එකක් ඇවිත් කතා කලා..... ඒක දැක්කම මගේ මොරාල් එකත් බැස්සා... අපෝ... ඉවරයි... මේ පාරත් නාකි ඉබ්බෙක් එක්ක තමයි ලගින්න වෙන්නේ..... පිස්සු හැදෙනවා...

"ආ.. ඔවු මේ......"

"ආ.... එන්න මහත්තයෝ... පුංචි බේබි කිව්වා මහත්තයාව එක්ක එන්න කියලා... කාර් එක එලියේ තියෙන්නේ....."

පුංචි බේබි කියපු පාර නම් ආයෙත් පනක් ආවා... ඒත් මේ වලව්වල අයිතිකාරයෝ හැට පැනලා හොට බිම ඇනුනත් වලව්ව වල වැඩ කරන උන්ට බේබිලා විදිහට තමයි උන්ව පේනනේ...

"ආ හරි අංකල් යමු....."

මේච්චර සීතල මුසුවෙච්ච සුන්දර පරිසරයේ මගේ හැගිමුත් අවදි වෙලා ඉන්න කොට මේ වයසක ඩයල් එක නිසා මගේ හැගිම් දියාරු වෙලා ගියා....

මොන ජාතියේ හුචක්කුවක් අරගෙන ඇවිද්ද දන්නේ නෑ කියලා බලන කොට මිනිහා දුවගෙන ගිහින් නතර කරලා තිබුන පට්ට සුපිරිම කාර් එකක දොරක් අරින කොට මාව හොල්මන් වෙලා ගියා...

සීතල මීදුමෙන් වටවේච කදු වටේ කැරකි කැරකි ලොක්කා කාර් එක ගෙනියන කොට දැනිච්ච බයට චූ යයි කියලා හිතුනා.... ඒත් මිනිහට මේ පාරවල් පට්ට හුරුයි වගේ... ඇස් පියාගන කදු අගට වෙන්න තියන වංගු ගන්නේ... මගේ නම් මුළු සර්වාගෙම හිරි වැටෙනවා ඒ හෙලවල් දැක්කම......

පැය කිපයකට පස්සේ... නුවරඑලියට ආවේනික මල් වලින් පිරිච්ච පරිසරයක තියන වතු බංලාවක් වගේ ටයිප් තැනකට ආවා... හිතාගන්න බෑ වෙන හැමදේම වෙන්නේ නුහුරුටමයි.... මට දැනෙනවා ජිවිතේ ඉතුරු වෙලා තියන ආත්මයම මාරගෙන යන දෙයක් සිද්ද වෙන්න ලගයි කියලා......

"වාඩි වෙලා ඉන්න මහත්තයෝ... පුංචි බේබ එනවා කිව්වා......"

මම බෑග් එක පුටුවක් උඩින් තියලා එලියට ඇවිත් ලස්සන බැලුවා...

වෙනදා සිද්ද වෙන්නේ එන්න කියපු එකා එකම එක තප්පරයක්වත් අපතේ නොහැර හුස්මක් ගන්න දෙන්නේ නැතිව ඊලග තප්පරේ ලෝක විනාශ වෙන්න කලින් සැපක් ගන්න හදන්නේ වගේ ඌට පුලුවන් උපරිමෙන් මගේ සාරය උරා බීලා හපකරලා පැත්තට දාලා ගණන් හිලවු පියවපු එක..... ඒත් දැන් වෙන දේවල් එක්ක මේ හැමදේම උඩු යටිකුරු වෙලා වගේ දැනෙනවා...

"සර් තෙකක් බීලා ඉමු......"

ගෙදර වැඩ කරන තවත් මනුස්සයෙක් ඇවිත් කතා කලා.... යකෝ මේ පැත්තේ වයසට යන ලෙඩක් තියනවද මන්දා... ආසාවට ඇහැට දාගන පස්සේ අතට දාගන්න කොල්ලේක් නෑනේ අම්මපා... ඔක්කොම වයසක ඩයල්මනේ ඉන්නේ... මගේ ඇස්වල දෝෂයක්ද මන්දා.....

"නිවෙන්න කලින් කන්න සර්.... ගෙදර හදපුවා... "

චොකලට් කේක් කෑල්ලක් පීරිසියකට දාගන උණුවෙන් දුම් දාන කෝපි උගුරක් බීලා බැලුවා.... හැමදේම පුදුමාකාර නැවුම් ගතියකින් පිරිලා... ඒත් එක මිනිහෙක් නෑනේ නැවුම් ගතියට දකින්න.... තේක බීලා ඉවර වෙන කොට කාර් එකක් ඇවිත් නතර කලා..

"ආ... මේ ඉරෝන් මල්ලිද...."

"ඔවු මම ඉරෝන් ඇයි මම පික් එකක් එව්වා නේද...."

"අපෝ ඒකේ ලස්සනයි... මෙහෙම බලනකොට කැතයි.... අර පික් එක්ක දාන්න ඕන ඔක්කෝම වැඩ කැලි දාලා එඩිට් කරපු එකක්ද කොහෙදො...... මේ වගේ කියලා දන්නවා නම් ගෙන්න ගන්නේත් නෑ...."

පොඩි එකේක වගේ වල ගැහෙන කම්මුල් වල හිනාව මතුකරන ගමන් කියන විදිහට මාව අන්ද මන්ද වෙලා ගියා... උගේ දගකරන ඇස්දෙක... අනික මේ කියන හතර බීරි කතාව....

"මොනාද මේ කියනේ...ආ....මොන මගුලක්ද..."

"සොරි සොරි.... කූල් ඩවුන් වෙන්න කූල් ඩවුන් වෙන්න... අම්මෝ... කොච්ච් කරලක් වගේනේ... මම කූල් ඩවුන් කිව්වට මේ නුවරඑලියේ සීතල මදි වෙයි මෙයාගේ සැර නිවන්න... මම ජෝක් එකක් කලේ මල්ලියෝ... ගණන් ගන්න එපා මට පොඩ්ඩක් නට් ලූස්.... ඉතින් මල්ලි... මහන්සි ඇති නේද.... තෙකක් එහෙම බීලද ඉන්නේ..."

"ආ... ඔවු... මේ ඇත්තටම මේ මිස්ට... විරාන්ද...."

"නෑ බන් උගේ අප්පච්චි......."

"විහිලු කරන්න එපා මිස්ට විරාන්....."

"හරි හරි මම මිස්ට විරාන් නෙවෙයි නිකම්ම විරාන් ... කැමති නම් අයියා කියලා කතා කරන්න.... ආ.... මේ වේලු... මේ ඉන්න නයි මිරිස් කරල වගේ සැර අපේ චින්න දොරේගේ කාමරය රෙඩි කරාද.... හොදට ලස්සනට තියෙන්න ඕනේ.... මගේ හොද යාළුවෙක් මේ... දවස් තුනක් ඉන්නවා...... "

විරාන්ගේ කතාවට මගේ පපුව නැවතුනා... මම ජිවිතේ ගෙවන්න විදින්න වැරදි මාර්ගයක් තමයි තෝරගත්තේ... ඒත් සල්ලි නිසා ජිවිතේ ගැන බරක් පතලක් දැනුනේ නෑ..... මම වගේ එකෙක්ට විරාන් තමන්ගෙ සේවකයන් ඉස්සරහ ලොකු ගෞරවයක් දීලා කතා කරන කොට පපුවටම දැනුනා... කාලේකට පස්සේ සතෙක් වගේ හිටිය මට මමත් මනුස්සයෙක් කියන දේ විරාන් සියුම්ව ඇගිල්ලෙන් පපුවට තට්ටු කරලා කියලා දුන්නා වගේ දැනුනා...

ඇත්තටම කොනෙකුගේ ආත්ම ගෞරවය කියන්නේ ආත්ම අභිමානය කියන්නේ මිලක් නියම කරන්න බැරි දෙයක්... මට අමතක වෙච්ච අමතක කරලා දාපු හැගිමක් ආපහු අවදි වුනා වගේ.....

විරාන් කියන්නේ...අවුරුදු විසි හතක විසි අටක විතර මාරම ලස්සන කොල්ලෙක්.... දැනෙන විදිහට, වැඩ කරන අයට කතා කරන විදිහ පුදුමාකාර කරුණාවන්තයි...... යන්නම් ඇති... කාලෙකට පස්සේ මටත් ජිවිතේ විදින්න පුලුවන් කියලා හිතුනා...

ඒත් ඒ සැහැල්ලු බව කතා කරන විදිහ මගේ අතුලාන්තය වේදානවට පත් කලා... මොකද මීට ඉස්සෙලා සතෙක්ට වගේ සැලුකම් ලැබුවේ ... ඔවු ඉතින් මම දැන් කොහොමත් සතෙක්.... එහෙම තියෙද්දි මම කවුද කියලා දැනනම මෙහෙම සලකන එක දාරගන්න බෑ... අනික... විරාන් දැක්කට පස්සේ ඇවිස්සුන හැගිම් හිත ඇතුලේ පිස්සුවෙන් නලියන්න පටන් අරගෙන... මගේ හැගිම් නොසංසුන් විම පුදුමයි.... මමත් මනුස්සයෙක් මටත් ඒ හැගීම් ඒ අවශ්‍යතා දැනෙනවා කියලා දැනුනේ අදයි..... මට මාව පාලනය කරගන්න බෑ වගේ....

"යමු මල්ලි කාමරය පෙන්න......."

මම බෑග් එක උස්සන් නැගිට්ටා.... මුගේ හුරතලේ මගේ හැගිම් අවුස්සනවා... කාලෙකට පස්සේ කස්ටමර්ට ඉස්සෙලා මම ඉස්සරවෙයිද මන්දා.... කාලෙකට පස්සේ අළුයට හැගිලා තිබුන හැගිම් මතුවෙලා එන්නේ පුංචි වියරුවක් වගේ... ආවේගයක් වගේ....

"කොහොමද කාමරේ ලස්සනද......."

ඇත්තටම හොටෙල් රූම් එකක් වගේ... මාරම ලස්සනයි... ඒත් ඊට වඩා අයියේ ඔයා ගෙඩක් ලස්සනයි......

"හරි වොෂ් එකක් දාගන්නගෙන එන්න හරිද....."

"විරාන් අයියේ....."

"ඇයි ..... මල්ලා.. මේ....ආ....මේ... මල්ලා...මේ...."

තවත් ඉවස ගන්න බැරිව මම පැනපු ගමන් කිසිම අවසරයකින් තොරව විරාන් අයියාගේ රතු තොල් තදින් කිස් කරන කොට එයා මාව තල්ලු කරලා දැම්මා..... මට මෙහෙම වෙන්න බෑ....

"අයියේ මේ......"

"සොරි මල්ලි.... ඔයාගේ වැඩේ මේ වෙලාවේ නෙවෙයි කරන්න තියෙන්නේ.... ඒකට වෙලාවක් තියනවා... අනික ඔයා නෝමල් හිටියා කියලා මම පේමන්ට් එකේ වෙනසක් කරන්නේ නෑ.... මම කියන්නම් මට ඔයාව ඕන වෙන වෙලාව.... ඒ වෙලාවට හැමදේම තිබුනාම ඇති.... එතකන් ඔයා පොඩ්ඩක් රිලැක්ස් එකේ නෝමල් ඇවිදලා කරලා ඉන්න......."

එයා මොනා කිව්වාත් අමුතුම දුකක් දැනුනා... මේ ජිවිතේට ආවත් හරි කෙනෙක් මාව මෙහෙම එයාගෙන් ඈත් කරාමයි... මීට කලින් උනේ එකේ අනිත් පැත්ත.... මම බෑ කියන කොට, ඇති කියන කොට බලෙන් තමන්ගේ අවශය තාවය ඉටුකරගත්ත එක..... මම දන්නවා මට යන්න වෙන්නේ හිතේ ඉතුරු වෙලා තියන සැනසිමත් නැති කරගෙන......

මම නාගෙන එලියට ආවා... උහුලන් ඉන්න බෑ සීතල....  ඇදුමක් දාගෙන ජර්සියත් දාගන විරාන් අයියාව හොයාගෙන දිව්වා.... මෙහාට කදු නිසා ඉක්මනට රෑවෙනවා වගේ..... මම කිචන් එක පැත්තට ගියා...

"ආ.... මම හිතුවේ... පොඩි නින්දකුත් දාලම එයි කියලා...."

"නෑ.... නිදිමතක් නෑ... කෝ අයියේ වැඩකරන අය....."

"දවල්ට විතරයි මල්ලියො එයාලා එනේ... පවුනේ... රෑට ඉතින් උයන්න කරන්න දෙයකුත් නෑ.... මම යන්න කියලා තියෙන්නේ..... අපි තෙකක් බීලා ඉමු... රෑට මොනාද කන්නේ......."

"කන්න බෑ අයියේ මහන්සියි.... "

"හරි එහෙනම් මේ කෝපි එක බීලා රෙස්ට් කරන්න......"

පුදුමයි... මෙහෙමත් මිනිස්සු ඉන්න එක... අනේ මන්දා මාව මරන්නවත් හිතාන මේකා මෙහෙම ආදරෙන් කන්න බොන දෙනවද මන්දා.....ටිකෙන් ටික රෑ වීගෙන එන ගත්තා.....

"මල්ලි නිදාගමු නේද..."

මම හා කියලා නැගිටින කොට අයියා හිනා වෙලා ඇවිත් මගේ කරට අතක් දාගෙන ලංකරගත්තා.... කාලෙකට පස්සේ මගේ හිත ඇතුලේ නලියන රාගික හැගීම් වල උණුසුම අතරින් තාමත් අදුරගන්න බැරි සුන්දර හැගීමක සිසිල් බවක් දැනෙනවා....

අයියා ඇවිත් කාමරයේ හීටර් එක ඔන් කලා.... මෙච්චර වෙලා අයිස් වගේ තිබුන ගොඩක් දේවල් උණුහුම් වෙන්න ගත්තා......  මම ඉක්මනට ඇදට ගියේ මුගේ හැගීම් වෙනස් කරගන්න බලන්න... මම හිතුවා වගේම අයියත් යන්නේ නැතිව කොට්ටක් හේතුකරලා ඇදේ හාන්සි වුනා... ඉස්සෙලා වගේ තල්ලු කරත් කමක් නෑ කියලා හිතාන අයියගේ පපුවට තුරුල් උනා..... හරි අමුතු සුවදක් ඒ පපුවෙන් එන්නේ... මම හිතපු විදිහට තල්ලු කරයි කියලා හිතුවත් එහෙම නැතිව එයාත් මාව තුරුල් කරගෙන ඔලුව අත ගෑවා....

මාවම කොනිත්තන් බලන්න හිතෙන තරමට හීනයක්ද මේ කියලා හිතනවා......

හිතාගන්න බෑ දවස් දෙක ගෙවිලා ගිය ඉක්මන... කිස් කරන්න මට ඕනේ උනත් ඌට අනවශ්‍ය තැන් අතගාන්න සපුරා තහනම් උනත් කැමති කැමති වෙලාවට ඌ ලගින් ඉන්න තුරුල් වෙන්න මට තහනමක් තිබුනේ නෑ...... ජිවිතේ කාලේකට පස්සේ මගේ ආත්මය වටා බැදිලා තිබුන ඒ කටුව ඉරාගන මගේ පපුව මනුස්සයෙක් විදිහට ගැහෙන්න ගත්තා....

ඒත් තව එක දවසයි ඉතුරු..... හිතාගන්න බෑ මොනාද මට ඊලගට වෙන්නේ කියලා.... අනික මට අයියා ගැන දැනෙන හැගිම නිසා එයා ලග ඉන්න කොට ඉවසන් ඉන්න ගොඩක් අමාරුයි... මොකද හිතට දැනෙන රාගය අඩුවෙලා වෙන හැගීමක් මතුවෙලා නිසා ඒ ගැම්මෙන්ම මොහොතකට මට උගේ වෙන්න පුදුම ආශාවක් දැනුනේ... මගේ ඇස්වලින් අයියාව දකින්න.... ඒ ආව්ගකාරි මොහොතට මුහුන දෙන්න ඒ ආදරණීය මනුස්ස පහස සතෙක් විදිහට නැතිව මනුස්සයෙක් විදිහට විදගන්න ජිවිතේ ආයේමත් වතාවක් හරි විදිහට හුස්ම ගන්න ආසාවක් දැනුනා.....

"මල්ලි...... කොහෙද ගත මෙතන තියලා හිතෙන් ගියේ..."

"නෑ මුකුත් නෑ අයියා...."

"මල්ලි අද රෑට ඔයා ආපු වැඩේ කරන්න වෙනව... ඔයාට අවුලක් එහෙම නෑනේ..."

මොන අවුලක්ද මගේ දෙයියෝ... බලා සැන සෙමි නෙලා ගනු බැරි හන්තාන සිහිනේ කිව්වලු..... හිත පුදුම නොසංසුන් කමකින් පිරිලා තිබුනේ....

"මල්ලි ඇයි කල්පනා කරන්නේ මොකක් හරි තියනවද...."

"නෑ නෑ මුකුත් නෑ අයියා....."

"හරි කොල්ලෝ.. මම ටවුන් එකට ගිහින් එන්නම්... පරක්කු උනොත් ප්ලාස්ක් එකේ කෝපි ඇති දාගෙන බොන්න...."

ආ.... කොල්ලට ෆාමසියක් පැත්තේ යන්න ඕන වෙලා වගේ... මගේ හිත නලිනවා... ඇත්තටම එකේ රාගය වගේම මොකක්දො හැගීමක් හිත ඇතුලේ පුදුම විදහට නලියනවා..... මම නොඉවසිල්ලේන් බලාගන හිටියා අද වෙන්නෙ මොකද බලන්න...

පැය කීපයකට පස්සේ.... අයියගේ වාහනේ ආපු සද්දේ හැගිලා මම ඉස්සරහට දුවගෙන ආවා....

"මචං මේ තමයි.... ඉරොන්....මල්ලා... මේ ලසුන්.... "

අයියා එක්ක ආපු එකෙනාව අදුන්වලා දීලා දෙන්නා එක්ක ඇතුලට ගියා... හිතාගන්න බෑ කවුද මේ.... ඇයි අද වගේ නිදහසේ ජිවිතේ විදගන්න තියන කොට තව මනුස්සයෙක් එක්ක ආවේ කියලා.... හිත හැම තැනම පැටලෙනවා..... මම ටිකක් වෙලා එලියෙ ඉදලා ඇතුලට එන කොට අයියයි ලසුනුයි තේ බොනවා...

"හරි එහෙනම් හැමෝමට ගුඩ් නයිට්........"

අයියා අමුතු හිනාවක් දාගන නැගිටින කොට මට කාලෙකට පස්සේ ලැජ්ජාව කියන හැගීම දැනුනා.... ඒත් උන් දෙන්නම ඇවිත් නැවතුනේ මගේ කාමරේ ගාව....

"එහෙනම් මම නිදාගන්නවා.... මල්ලි.... ලසුන් ගැන හොදට බලාගන්න..... එහෙනම් ගුඩ් නයිටි........"

ජිවිතේ ආත්මය මැරිලා ගිය මම ආයේමත් පාරක් අමු අමුවේ මැරිලා ගියා කියලා දැනුනා.... විරාන් අයියා හැරෙනවත් එක්කම ලසුන් අයියා කොටියෙක් වගේ මගේ ඇගට පැන්නා... පනගහපු හැගිම් එකින් එක මැරිගෙන යන්න පටන් ගත්තා.... මොහොතින් මොහොත මුලු හදවතම සීතල වෙලා මැරිලා යන කොට ගත විතරක් උණුසුම් වෙලා දාරගන්න බැරුව දාඩිය පෙරන්න ගත්තා....

අදුරු කාමරේ ඇස්වලින් වැටෙන කදුළු වලට බාදාවක් නැති කොට ලොකු අත්මානුම්පාවක් මගේ ගැනම දැනුනා.... ඒ වගේම මගේ හැගිම් ගැන දරාගන්න බැරි ලොකු වෛරයක් මතු උනා.... ආයමත් කවදාවත් මේ හදවත පන ගහන්නේ නැති වෙයි....

වියුරු වේදනාවකින් ලසුන් අයියාව තව තවත් අවුස්සලා එයා ලව්වා මාව විනාශ කරගෙන ඒ මොහොත විදින්න ගත්තා..... අවස්තා කිපයකට පස්සේ ලසුන් අයියා වොෂ් එකක් දාගෙන ඇවිත් නින්දට වැටුනා..... ඒත් මගේ නින්දයි සැනසීමයි හොරු අරන් ගිහින්... ආයෙමත් නිදිපෙති වල සහය නැතිව බෑ වගේ.....ඒ එක්කම ෆෝන් එකට මැසේජ් දෙකක් ආවා.... එකක් මගේ එකවුට් එකෙන් ආපු මැසේජ් එක... අයියා දෙන්න පොරොන්දු වෙච්ච ගාන සතයක් වත් අඩු නැතිව එකවුන්ට එකට වැටිලා.... දෙවැනි එක අයියගෙන්...

"මල්ලි ඔයගේ එකවුන්ට එකට සල්ලි දැම්මා.... හෙට උදේ දහට ට්‍රේන් එකේ ටිකට් බුක් කරලා තියෙන්න.... තැන්කියු ආවාට..."

මම වියරුවෙන් වගේ කීප සැරයක්ම මැසේජ් එක බල බල හිනා වුනා......

ඇත්තටම උඹ කවුද කියලා මුලින්ම අදුරගන්න බැරිවුනත් මට දැන් උඹව තේරෙනවා අයියේ.... මොකද උඹ හරි විදිහට ඉපදිලා තියෙන්නේ.... අපියි වැරදියට ඉපදුනේ... එහෙම ඉපදුන මගේ හැගීම් තමයි වැරදි අයියේ..

ඒත් මේ හිත ආයේ කවදාවත් පන ගහන්නේ නැතිවෙයි.... ජිවිතේ මේ හුස්ම වැටෙන අන්තිම තප්පරේ වත් මානුෂිය හැගිම් නොඉපදේවි.... තැන්කියු අයියේ මාව සදාතනික හදවතක් නැති මිනිහෙක් කලාට... මේ හදවත ආයෙත් පන ගහනේ නැති නිසා කිසිම දවසක මෙහෙම වේදනාවක් දැනෙන එකක් නෑ.... තැන්කියු අයියේ හීනයට වඩා යතාර්ථය කටුක වුනත් ඒ හීනෙන් ඇහැරවලා යථාර්යට මූන දෙන තත්වෙට පත් කලාට....

මම අයේමත් අයියාගේ මැසේජ් එක බලලා මට වගේම මගේ ආත්මෙටම හිනා වුනා......

********නිමි.*********

✍️ රධිත් රේෂාන්✍️

කතාව ගැන අදහසක් කියාගන යන්න. වෝට් එකක් දාන්නත් අමතක කරන්න එපා.

❤❤❤

අලුත් yizhan කතා දෙකකින් ලගදීම හමු වෙමු.....


Continue Reading

You'll Also Like

20 4 2
this is a story of ..broke boy
42 0 10
Welcome to another book from me which I probably wouldn't finish like others. This is a book that contains some of the latest bollywood song with my...
12.7K 1K 13
BL කෙටි කතා එකතුවකි.
1 0 1
नवरात्रि पर्व पर मेरे विचार