Quicky - SINHALA ✔️

By sanju_54321

26.9K 4.1K 262

මේ quicky කියන ff එකේ සිංහල ට්‍රාන්ස්ලේෂන් එක... More

Author's Annoying Note
1.හැම්ලට්ගේ වරද...
2.ඇබ්බැහි වීම
3.උණුසුම් පාඩම
4.උණුසුම් ම පාඩම (M)
5.උණුසුම් ම පාඩම II ( M )
6.එයාගේ මොකක්ද?
7.අහඹුව
8.ආයෙත් කරන්න
9.සෝ ටයිට්.... ( M )
10. ඔව්ද.. ඔව්ද...
11. කෝඩ් එක
12. ගෙදර ආව බෝයිෆ්‍රෙන්ඩ්..
13. දෙව්ලොව....
14. සොෆ්ට්....
15. ඕ හෝ...
16. ආදරේ...
New Book
17. පනිශ්මන්ට් ( M )
18. විනෝදය..
19. තර්ජනය..
20. වේදනාව
21. සැකය
22. අත්හැරීම
23. වංචාව
24. නොකියූ සත්‍යය
25. පසුතැවීම
26. ඔබේ උණුසුම
27. සදහටම ඔබ සමග ( M )
29.සමාවදීම හා අමතක කිරීම
30. පළිඟු හිම
31. අවසානය
EPILOGUE

28. සමුගැනීම

431 89 2
By sanju_54321

Author pov

මුලු ජීවිතේටම ජන්කුක් මේ තරමට උදේ නැගිටින එකට වයිර කරන්න නැතිව ඇති. එයාට ඇත්තටම ඕන කළේ තමන්ගේ හීන අස්සේ ම ජීවත් වෙන්න. මොකද ඒ හීනේ යථාර්ථයට වඩා ලස්සන එකක් වුණා.

එහෙත් යථාර්ථය උනේ මේ වෙලාවේ එයාගේ boyfriend තවදුරටත් එයත් එක්ක නැහැ කියන එක.

එයා අවදි වෙද්දි ඇඳට එහා පැත්තෙ බෙඩ්සයිඩ් ටේබල් එක උඩ ලියුමක් තිබුණා. නිසැක වශයෙන්ම ඒක ලියලා තිබුණේ ටේහ්‍යුන්ග්. වියලුණු උගුරෙන් කෙළ බිඳක් පහළට යනවා නොදැනෙද්දි, වෙවුලන ඇඟිලි වලින් ජන්කුක් ලියුම දිග හැරියා.

තමන්ගේ ජීවිතේ වේදනාත්මක ම පුවත කියවන්න සූදානමින් ජන්කුක් ලිපිය දිග හැරියා..
















මගේ කූකි.....

ඔයා මේ ලියුම කියවන වෙලාව වෙද්දි, මම ඔයාගෙ ගාවින් ගොඩක් ඈතට ගිහින් තියෙයි. අඬන්න එපා කූකි... මං වෙනුවෙන්..... මම හොඳින්. මම හොඳින් ඉඳීවි... මම පතනවා ඔයත් හොඳින් ඉඳී කියලා..

මම කවදාවත් තනියම ඉන්න බය වුණේ නැහැ. මම දන්නවා මට ඉන්න පුළුවන් කියලා මොකද මම මගේ ජීවිතේ බාගයක් ම ගෙව්වේ ඒ විදිහට. මම වැඩිය ගනන් ගන්නෙ නෑ මගේ ජීවිතේ ට මිනිස්සු ආවත් ගියත්. කවුරුහරි නැවතුනොත් නම් ඒක මගේ වාසනාවක්. ඒක තමයි මගේ තියරිය වුණේ.

ඒත් ඒ ඔයා මගේ ජීවිතේ ට එනකම් විතරයි.

මම බයයි කූකි.. මම බයයි හැම දවසක් ම ඔයා නැතිව ගෙවන්න. මම බයයි ඇහිපිය ගහන්නත්, මොකද ඒ වෙලාව ඇති ඔයාට මගේ ජීවිතෙන් අතුරුදහන් වෙන්න. ඔයාව මටම තියාගන්න තිබුණා, මගේම කරලා... ඔයාට ලෝකෙන් එන නින්දාවල් වලින් මට ඔයාව කූඩු කරගෙන පරිස්සම් කරන්න පුළුවන් කමක් තිබුණා නම්. දෙයියනේ... එහෙනම් ඔයාව මගෙ ලඟින් තියාගන්න විතරක් මම ඕන දෙයක් කරයි...












මට එක පාරකට හරි ආත්මාර්ථකාමී වෙන්න ඕන.


එත් මට බෑ....













ඔයාට ආදරේ කරද්දී මට තේරුම් ගියා මම ගැන අඩුවෙන් හිතන්නේ කොහොමද කියලා. එතකොට මට වැඩියෙන් ඔයා ගැන හිතන්න පුළුවන්. ඔයාට ආදරේ කරද්දී මට තේරුණා මම මට දේවල් ගොඩගහන එක අඩු කරන්නේ කොහොමද කියලා. මොකද එතකොට ඒ හැමදේම මට ඔයාට දෙන්න පුළුවන්. ඔයාට ආදරේ කරද්දි මට ශක්තිය ලැබුණා ඔයාව දාලා යන්න, මොකද එතකොට ඔයාට ලැබිය යුතු ජීවිතය ඔයා ට ලබා ගන්න පුළුවන්..











ඔයාට ආදරේ කළා කියන්නේ මට ආදරේ කළා කියන එකයි...















ජන්කුක් ට දැනුණා තමන්ගේ කඳුළු ගංගාවක් ගලා බහිනවා වගේ ගලාගෙන යන හැටි. දැනටමත් හුස්ම ගන්න අමාරු බවක් එක්ක හදවත වේදනා දෙද්දි ජන්කුක් පපුව අතින් අල්ලගෙන දිගටම කියවන්න පටන් ගත්තා. ඉස්සරහට කියවද්දී තමන්ගේ හදවත දිය වෙලාම යයි කියලා දැන දැනම....




මේ අපේ අන්තිම සමුගැනීම නෙවෙයි.

කොහෙත්ම නෑ....

මම දිව්‍ය ලෝකයේ ඉන්න ඔක්කොම දෙවිවරු එක්ක වුණත් සටන් කරනවා මට ආපහු ඔයා ගාවට එන්න පුළුවන් කමක් තිබුණා නම්..

මම ආපහු එනවා කූකි.. ඔයාට මම ගියා කියලවත් මතක් වෙන එකක් නෑ මොකද මම ගිය පයින් ම ආපහු ඉක්මනින් ම එනවා.. මම නැති අතරේ, කරුණාකරලා ඔයා හීන දැක්ක හැම දේම ලඟා කර ගන්න.. මට ඕන ඔයා ඔයාගේ හීන ජයගන්නවා බලන්න.. මම ඔයා ගාව නැති වුණත්. මට ඔයාගේ ආඅනාගතේ මං වෙනුවෙන් කැප කරන්න ඉඩ දෙන්න බැහැ..



අපි ලෝකෙට ඔප්පු කරමු අපේ ආදරේ වැරදි නෑ කියලා..





මම එනවා පළවෙනි හිම වැටීමට කලින්. මම පොරොන්දු වෙනවා...

මේ අපේ ආදර කතාවේ අවසානය නෙවෙයි. ආරම්භය විතරයි...
































මම ඔයාට ආදරෙයි....







හැමදාමත්...
ඔයාගෙම...
ටේ ටේ..
.





















මතු සම්බන්ධයි ස්වීටීස්
මම මේක ඉක්මනට ඉවර කරනවාආආආ....
ඒ නිසා මරන තර්ජන එපාආආආආ..

Continue Reading

You'll Also Like

26.1K 73 13
⚠️ !! All these story's are from your point of view, they're all short and unedited !! ⚠️ Ps. This is also my first time publishing these! Feedbac...
36.3K 6K 27
ලොවක සිට පියමැන, අහම්බෙන් හමු වී මගේ ජීවිතයට පැමිණි මගේ කුමරුවෙනි, ඔබගේ ආදරය... මාගේ ජීවිතයේ ප්‍රාණයයි....මා ජීවත් කරවන්නේ ඔබේ ආදරයයි, අපගේ නිමා නොවන...
72.1K 15.1K 39
'ඉක්මනට එන්න හ්යුන්.. මට පාලුයි.. මං බලන් ඉන්නවා❤' . . . . . . 'මගෙ ජන්ගු මගෙ ලගින් ඉන්නවා! කාටවත් බෑ එයාව මගෙන් ඈත් කරන්න' ▪︎My 3rd story book ▪︎Sho...
6.5K 960 6
🐯:මිශ්ටර් කුකී? 🐰:ඩෝල්!? Age gap! Boy×Boy Maybe some mature parts! Little space Jungkook,Yoongi,Jackson,Namjoon Top↑ Taehyung,Jimin,J Hope,Jin Bott...