The illution Of Thought

By Tinker_bell_03

4.9K 763 434

සෙල්ලමක් කරමු.... කැමති ද? මේ පින්තුර අතරින් අනිවාර්යෙන්ම ඔයාගේ mind gamer ව හොයා ගන්න පුළුවන් වේවි. ඔයාම නිර... More

game
intro for authors
intro for readers
collage 1
notification
clg 01- The Maple And Vampires
clg 01-Destiny Will Give Everything
clg 01- Dark London
clg 01- The Rifted World
👸❤️clg 01 - Angel's Lullaby
clg 01- Blood Sword
*clg 01- Vampire Heart
Author note
collage 2
covers
clg 01- Author note
clg 02 - Beyond The Earth
clg 02-Fallen For Love In New Era
clg 02-A Lovely Robot Heart
clg 02- Multiverse
clg 02- The Last Home (part 1)
clg 02- The Last Home (part 2)
👸❤️*clg 02 - Feelings (part 1)
👸❤*clg 02-: Feelings (part 2)
For Winner
collage 3
clg 2 - author note
clg 3 - Did You Sea My Heart
*clg 3 - The Sea Of Mermaids
notification
collage 4
Author note
book closed

👸❤️*clg 3 - His Blue Pearl

70 11 8
By Tinker_bell_03

Author-:Ivy__Faith

Special-: G×B

Plot-:

HIS BLUE PEARL | KTH |
@Ivy__Faith

යුමි..යැන් යුමි කියන්නේ නෝර්වේවල සාගර ජීවී විශේශ පිලිබදව වැඩිදුරව අධ්‍යාපනය හදාරන අවසන් අවුරුද්දේ කෙල්ලෙක්..

මේ පාර හම්බුන වැකේශන් එක නිසා කෙල්ල එයාගේ යාලුවෝ එක්ක බූසාන් ආවේ නිවාඩුව විවේක සුවයෙන් ජොලියේ ගෙවලා දාන්න...ඒ අතරේ කෙල්ලගෙ හිතේ තිබුනා එයාලට වැකේශන් එකට කලින් දීපු ලබන පාර එකතු කරන ප්‍රොජෙක්ට් එකට ඕන කරුනු හොයන්නත්.ඉතින් ඒ නිසාම කෙල්ලගේ යාලුවා වෙච්ච ජියෝන් ජන්ග්කූක් එයාගේ උපන් ගමේ මුහුද ලග ලස්සන හොටෙල් එකක නවාතැන් හොයලා දුන්නා..

ඔය විදියට කොරියාවේ වැකේශන් එකට ආපු කෙල්ල මුල් දවසේ ජන්ග්කූක් එක්කම මුහුද මැද්දට යන්නේ දවස් තුනකින් මේ ප්‍රොජෙක්ට් එකට ඕන කරන විස්තර හොයාගන්න..

යුමීගේ ටීම් එකට හොයන්න තිබුනේ Orcinus orcasලා ගැන එහෙමත් නැත්තනම් killer whales ලා ගැන..
ටිකක් අමාරු වැඩක් උනත් යුනිවර්සිටි එකේ බෙස්ට්ම ටීම් එකට මේ දුන්න වැඩෙත් පොඩි වැඩක් විදියටයි එයාලගේ ප්‍රොෆෙසර්ට පෙනුනේ.මේ දුන්න ප්‍රොජෙක්ට් එක ජන්ග්කූක්ට නෝර්වේ වල ඉදන්ම කරන්න ඕනවුනත් මුරන්ඩු යුමීට මේක කොරියාවෙම කරන්න ඕන වුනේ බැරිම තැන ජන්ග්කූක් කොරියාවට එන්න එකග වෙද්දි..

පලවෙනි දවසේ ඔක්සිජන් ටැන්ක් හතරක් ඉවර වෙනකන්ම මුහුද යට ඉදන් කිලර් වේල්ස්ලා ගැන යුමීට වගේම ජන්ග්කූක්ටත් තොරතුරු ගොඩක් එකතු කරගන්න පුලුවන් වුනේ හවස පහ වගේ වෙද්දි හොටෙල් එකට ආයෙම යන්න පුලුවන් වෙද්දි..දවසක් ඇර දවසක් මේ විදියට දවස් තුනක්ම යුමීගේ ටීම් එකේ හයදෙනා කාලය වැය කරලා ප්‍රොජෙක්ට් එක කම්ප්ලීට් කරද්දි අන්තිම දවසේ මුහුද යට දැක්ක කිලර් වේල්ස්ලා ගෲප් එකක තිබුන අනිත් වේල්ස්ලාට වඩා වෙනස් හැසිරීමක් වගේම ලාවට වගේ වේල්ස්ලා දෙතුන් දෙනෙක්ගේ ඇගේ දැක්ක සිම්බල්

එකක් නිසා යුමි ඉන්නේ ඒ ගැන කල්පනා කරන ගමන්..

ඉතින් ඒ නිසා ජන්ග්කූක් නැති වෙලාවක් බලපු යුමී හිතා ගත්තා ඒ දැකපු වේල්ස්ලා අධ්‍යනය කරන්න මුහුද මැද්දට යන්න.පැයක විතර කාලයක් අරන් මුහුද මැද්දට ආපු යුමී ඔක්සිජන් ටෑන්ක් එක වගේම ගගල්ස් දෙක දාගෙන මුහුදට පැනලා මුහුද යටටම කිමිදුනේ


දැන් දවස් දෙක තුනකට කලින් දැකපු වේල්ස්ලා ගෲප් එක හොයාගන්න අදහසින්.

තමන්ට ගොඩ වෙලාවක් යයි කියලා හිතුනත් සාමාන්‍ය වේල්ස්ලාට වඩා වෙනස් හැසිරීමක් තිබුන වේල්ස්ලා පහලොවක් විස්සක් හිටපු ගෲප් එක යුමීගේ ඇස්වලට අහුවෙද්දි දෙපාරක් නොහිතා ඒ පැත්තට පීනුව යුමී වේල්ස්ලා පස්සේ ගියේ නොදැන වුනත් සී කින්ග් වුන ටේහ්‍යුන්ග් කිම්ගේ අන්ඩර් කින්ග්ඩම් එකට යුමී වෙල්ස්ලා එක්කම ඇතුල් වෙද්දි..

එන්න එන්නම මහන්සි දැනුනත් දිගටම පීනලා ලොකු කොරල් පරයකට හේත්තු වෙලා විනාඩි දෙක තුනක් හිටපු යුමී වේල්ස්ලා මගෑරෙන නිසා පරෙන් එහාට වුනත් යුමී දැක්කේ එකම තැනකින් ඇතුල් වෙන වේල්ස්ලා ගෲප් එක..බැලු බැල්මට ඒක දොරක් වගේ වෙද්දි තව ලගට ගිය යුමී දකින්නේ ඒක වීදුරු දොරක් කියලා..මහ මුහුද මැද්දේ වීදුරු දොරක් තියෙන්නේ කොහොමද කියලා හිතාගන්න බැරි වුනත් මොනා වුනත් කමක් නෑ කියලා වේල්ස්ලා ගිය දොරෙන් ඇතුලට ගිය යුමීගේ ඇස් ටොම්බ සයිස් වුනේ ඒ ග්ලාස් වෝල් එකෙන් එහා පැත්තේ පෙනුන විදියට තියෙන්නෙත් වතුර කියලා හිතුවට එහෙම නොවී එහෙම් පිටින්ම හොටෙල් එකක් වගේ දෙයක් කියලා..

ඒ වගේම කෙල්ල මේ තැන දැක්ක ගමන්ම මතකෙට ආවේ එයා මේ දේ කොහේහරි දැකලා තියෙනවා කියලා..කොහෙදිද දැක්කේ කියලා මුලින් මතක නැති වුනත් තමන්ගේ ෆෝන් එකේම නේද තිබුනේ කියලා මතක් වුන යුමී පුලුවන් ඉක්මනට මුහුද මතුපිටට ආවේ හොටෙල් එකට යන්න හිතන්..

එතකොට ටේහ්‍යුන්ග් කිම්..අවුරුදු විසි හතක් වෙච්ච ටේහ්‍යුන්ග් සාර්ථක බිස්නස්මන් කෙනෙක් හැම රටකම තමන්ගේ බිස්නස් නම අරන් ගිය..වේල්ස් නැව් සමාගමේ තනි අයිතිකරු කියලා විතරක් ලෝකයා දැනගත්දි මාෆියාවේ කොටසක් කිම් ටේහ්‍යුන්ග්ව දැනන් හිටියේ Orcinus sea king කියලා..මොකද මාෆියාවට සම්බන්ධ ටේහ්‍යුන්ගේ මාෆියාව අරන් ගියේ මුහුද යට එයාගේ කින්ග්ඩම් එකේ ඉදන්.ඒකත් වෙනමම විදියකට..මොකද ටේහ්‍යුන්ග් කිම් වැඩ කරේ එයාගෙම විදියකට.
ටේහ්‍යුන්ග්ට හැම අතින්ම අංග සම්පූර්න අන්ඩර් කින්ග්ඩම් තුනක් තිබුනා..ඒවා අතරින් ටේහ්‍යුන්ග් වැඩිපුර්ම හිටියේ බූසාන්වල වගේම ඉතාලිවල..

මේ පාර නෝර්වේ වල අලුතෙන් හදන අන්ඩර් කින්ග්ඩම් එකේ වැඩත් එක්ක බිසී වෙලා හිටපු ටේහ්‍යුන්ග් එ හැම වැඩක්ම බූසාන් වල ඉදන් හැන්ඩ්ල් කරන්න බැලුවත් ඒ වැඩේ කරගන්න බැරි වෙද්දි නෝර්වේ ගියේ සති දෙකකින් ආපහු එනවා කියලා වුනත් සතියකටත් වඩා අඩු කාලෙකින් ඒ කියන්නේ දවස් හතරකින් ආපහු කොරියාවට එන්නේ එයාගේ ටීම් එක අතින් අලුතෙන් කරගෙන යන ප්‍රොජෙක්ට් එකේ වුන අවුලක් වුන නිසා..

පැය ගානකට පස්සේ තමන්ගේ පැලස් එකට ආපු ටේහ්‍යුන්ග් මුලින්ම ගියේ එයාගේ ලැබ් එකට.ලැබ් එකට ගිය ටේහ්‍යුන්ග් දැක්කේ පරීක්ශනයට ගත්ත මනුස්සයා වගේම ට්‍රේන් කරපු වේල්ස් ලොකු ඝනකම් වීදුරු වලින් හදලා තිබුන ටෙස්ට් මැශින්වලින්


එලියට අරන් බිමට දාලා තිබුන විදිය.මොකද එයාලා ඒ වෙද්දිත් මැරිලා හිටියා...!

හෙමින් හෙමින් ඉස්සරහට ගිහින් ටෙස්ට් එකට ගත්ත මනුස්සයා ලග දනගහපු ටේහ්‍යුන්ග් දැක්කේ ඇරිලා තිබුන කලින් කළු පාටට තිබුන ඇස් තද නිල් පාට හුරුවක් අරන් තියෙන විදිය..ඇරිලා තියෙන තද නිල් පාටට හුරු

ඇස් වහපු ටේහ්‍යුන්ග් එයාගේ ප්‍රොජෙක්ට් නම්බර් 01 ලගින් නැගිට්ටේ ගිනිගන්න කේන්තියකින්.මාස ගානක මහන්සිය මේ විදියට නැති වෙලා යද්දි මීක් සද්දයක් නැතුව තිබුන ලැබ් එකේ එකපිට නිදහස් වුන බුලට් හතර පහකින් දෙදරලා ගියේ මේකට මුල් වුන මේන් සයන්ටිස්ට්ගේ ඇග හරහා යන විදියට..

හැම දෙනාටම වෝන් එකක් එක්කම ආයෙමත් වැඩේ පටන් ගන්න කියපු ටේහ්‍යුන්ග් එයාගේ මීට්න් රූම් එකේ දොර ඇරියේ හිතේ තියෙන කේන්තිය නැති කරගන්න වෙද්දි හිතුවා වගේම ටේහ්‍යුන්ග්ගේ කේන්තිය නිවලා දාන්න මීටින්ග් රූම් එකේ ග්ලාස් වෝල් එකට එලියෙන් නිදහසේ පීනන ගමන් හිටපු එයාගේ වේල්ස්ලාට පුලුවන් වුනා..

වේල්ස්ලාගේ ලෝකෙ අතරමන් වෙලා හිටපු ටේහ්‍යුන්ග් පිටිපස්ස හැරෙන්නේ එයාගේ හියුන්ග් එහෙමත් නැත්නම් ටේහ්‍යුන්ගේ ලැබ් එකේ කන්ට්‍රෝල් එක අරන් යන නම්ජූන් ඇවිත් කතා කරපු නිසා..

නම්ජූන්..

කිම් නම්ජූන් ටේහ්‍යුන්ග්ගේ අප්පාගේ දෙවනි කසාදේ තමන්ට වඩා අවුරුදු දෙකක් වැඩිමල් දරුවෙක් වෙද්දි පවුලෙන් ඈත් වෙලා හිටපු නම්ජූන් තමන්ගේ වැඩවලට එකතු කරගන්න ටේහ්‍යුන්ග් හිතන්නේ එයාගේ කුඩම්මාටයි අප්පටයි රිද්දන්න..

වේල්ස්ලාට දෙන කෙමිකල්වලට ඔරොත්තු දීලා යන්තම් ජීවත් වෙලා ඉන්න තුන්දෙනෙක් ඇර වෙන කිසිම කෙනෙක් මේ වෙද්දි ලැබ් එකේ නැති වුනා.ඒ නිසා එහෙම අය ඉන්නවද කියලා හොයන්න නම් ආයෙමත් මිනිස්සු අන්ඩර් කින්ග්ඩම් එකට ගේන්න ඕන වෙන බවත් යැන් හේජුන් ඇහැ ගහන් ඉන්න නිසා ඒකත් අවධානම් කියපු නම්ජූන් අවුල් වුන ප්‍රොජෙක්ට් එක ආයෙමත් හදන්න කතා කරද්දි ටේහ්‍යුන්ග් ඒ හැම දෙයක්ම ඇස් පියන් ශීට් එකට හේත්තු වෙලා හොදට අහන් හිටියා..

ටේහ්‍යුන්ග්ට ඕන වුනේ කිලර් වේල්ස්ලාගේ ක්‍රියාකාරිත්වය තියෙන මනුස්සයෙක් හදන එක..ඒක ටිකක් විතර විකාර සහගත දෙයක් වුනත් දවසෙන් භාගයක්ම කිලර් වේල්ස්ලා එක්ක ගත කරන ටේහ්‍යුන්ග්ට ඒක කරන්න ඕන වුනා.ටේහ්‍යුන්ග්ට කිලර් වේල්ස්ලා ලග තියෙන අති දුර්ලභ තෙල්වල තනි අයිතිය ගන්න ඕන වුනේ මොකද ඒ තෙල් කෝටි ගානක් වටින නිසා..

මුල් දවස්වලදි ප්‍රශ්නයක් නැතුව වැඩේ කරගෙන ගියත් අහේතුකව මැරුන වේල්ස්ලා දෙතුන් දෙනෙක් මගක් දුර යද්දි සාගර ජීවීන් ආරක්ශා කිරීමේ කොමිසමේ වර්තමාන හෙඩ් වෙච්ච යැන් හේ ජූන් එහෙමත් නැත්තම් යුමීගේ ඔප්පාගේ ඇස්වලට අහුවෙන්නේ ටේහ්‍යුන්ග් නොහිතපු විදියට.

වැඩි දුර සොයා බැලීම් එක්ක අධිමාත්‍රිකව වේල්ස්ලාගේ ඇගේ තිබුන කෙමිකල් ඔස්සේ පරීක්ෂණ කරන්න පෙලඹුන හේජූන් අන්තිමට නැවතුනේ සී කින්ග්ගේ අන්ඩර් කින්ග්ඩම් එකත් හොයාගෙන..හේජූන්ගේ අනාවරනයක් වෙච්ච කින්ග් සීගේ අන්ඩර් කින්ග්ඩම් එක ගැන හොයන්න පටන් ගත්තත්, හොයන එක කල් දැම්මේ හේජුන්ට කින්ග් සීගේ අන්ඩර් කින්ග්ඩම් එකේ ෆොටෝස්,තොරතුරු දීපු ඒජන්‍ට්ලා දෙන්නගෙම මල සිරුර එයාගේ ගෙදර දොරකඩින් හම්බවෙච්ච නිසා..ඒකෙන් දැනගත්තා කින්ග් සී ගැන තමන් හොයන බව කින්ග් සී දැනගෙන කියන එක.මාස කීපයකට විතරක් නවත්තපු මේ වැඩේ හේජූන්ගේ අලුත උපන් දරුවා තියන්න කාමරේ රෙඩි කරපු යුමීගේ ඇස්වල ගැටෙන්නේ අහම්බෙන් වෙද්දි එයත් මේකට ඉන්වෝල් වෙන්න අවසර ඉල්ලුවේ හේජූන්ගෙන් පොඩි අවසරයක්වත් හම්බ නොවෙද්දි.ඉතින් මෙන්න මේ හේතුව මුල් උනා කෙල්ල කොරියාවේ බූසාන්වලම එයාගේ ප්‍රොජෙක්ට් එකට ඕන තොරතුරු හොයන්න ගන්නත්..

නම්ජූන්ගේ පැහැදිලි කිරීම අවසානයේ නම්ජූන් ආයෙමත් ලැබ් එකට යද්දි ටේහ්‍යුන්ග් කෝල් එකකින් දැනට ටේහ්‍යුන්ග් ක්ලබ්ස්වලට දාන්න උස්සපු ගෑනු අය වගේම පිරිමි අයත් අන්ඩර් කින්ග්ඩම් එකට ගේන්න කියද්දි මිනිස්සු ගෙනාවම මොන දෙයක් හරි කරලා කෙමිකල් වලට ඔරොත්තු දෙන කෙනෙක් හදන්න නම්ජූන්ට අන කරන ගමන් ටේහ්‍යුන්ග් ගියේ අන්ඩර් කින්ග්ඩම් එකේ එයාගේ රූම් එකට..

මේ අතරේ හොටෙල් එකට ආපු යුමී ඇදුමක්වත් මාරු කරගන්නේ නැතුව තමන්ගේ ඔප්පා එයාට ඉන්වෝල් නොවෙන්න දුන්න කේස් එකේ ෆයිල් එකේ හොරෙන් ගත්ත ෆොටෝස් ටික ඕපන් කරේ හිතේ ඇති වුන සැකේ නැති කරගන්න.හිතේ ඇති වුන සැකේ හරියටම හරියද්දි පහු වෙනිදා ඉර උදාව වෙනකන් ඉන්න බැරි වුන යුමී ජන්ග්කූක් එක්ක අනිත් අය නිදාගන්න යනකන් ඉදලා මහ රෑම ආයෙමත් අන්ඩර් කින්ග්ඩම් එකට යන්න හිතා ගත්තේ එයාගේ ඔප්පාට මරන තර්ජන ඇති කරලා නීතී විරෝධී වැඩක් කරන්න පුලුවන් හාදයා මොකාද කියලා බලන්න එයාගේ මුරන්ඩු හිතේ ඇති වුන තදබල කැමැත්ත නිසා

එකොලහට කිට්ටු වෙන්න තමන්ගේ යාලුවන්ගේ කාමරවල ලයිට්ස් එක දෙක ඕෆ් වෙද්දි යුමී හැමෝගෙම ඇස්වහලා ආයෙමත් මුහුද යටට

පීනුවා.දැන් පැය ගානකට කලින් හිටපු කිලර් වේල්ස්ලා තමන්ට මග පෙන්නන්න නොහිටිය නිසා ගමන් පොඩ්ඩක් අමාරු වෙද්දි රෙකෝඩින්ග්ස් වලට අනුව පීනපු යුමී අන්තිමට දෙවනි පාරත් සී කින්ගේ අන්ඩර් කින්ග්ඩම් එකට ඇතුල් වුනා..

මුහුද ගැඹුරට පොඩ්ඩ පොඩ්ඩම ලන් වුන යුමී දවල් වගේම වේල්ස්ලා ඇතුල් වුන දොරෙන් ඇතුලට යන්න හැදුවත් යුමී දැක්කේ විස්සක් විතර ඉන්න වේල්ස්ලා ගෲප් එකක් කවුදෝ මන්දා ට්‍රේන් කරන විදිය.ඒ නිසාම කලින් වතාවේ හේත්තු වෙලා මහන්සි ඇරපු කොරල් පරේට මුවා වුන යුමී තමන්ගේ කැමර් එක සූම් කරේ ඒ වෙන දේවල් හොදින් පටිගත වෙන විදියට..

පැය භාගයක් තිස්සේ දිගටම වේල්ස්ලා එක්ක එහාට මෙහාට යන ට්‍රේනර් නිසා යුමීට යන්න බැරි වෙද්දි යුමී දත් මිටි කෑවේ ඉවසීම කියන දේ යුමී ලග නොතිබුන නිසා වෙන්න ඇති..ඒ නිසාම ට්‍රේනර්ට බැන බැන හිටපු යුමී දැනන් හිටියේ නෑ එයාගේ පිටිපස්සෙන් කවුරුහරි ඇවිත් වැලමිට නවලා එයාගේ බෙල්ල ඒ ආපු කෙනාගේ අතට හිරකරගන්නකම්.එකපාර බෙල්ල වටේට එතුන අත නිසා ගැස්සිලා ගිය යුමී බේරෙන්න දගලද්දි ආපු කෙනා අතට ගත්තු ඉන්ජෙක්ශන් එක යුමීගේ බෙල්ලට ඉන්ජෙක්ට් කරේ දගලනන ගමන් බේරෙන්න දගලන යුමීගේ ඇස් ටික ටික බොද වෙලා යද්දි..

ජිමින්ගෙන් හම්බුන මැසේජ් එක අනුව වේල්ස්ලා අරන් එතනින් ඇතුලට ගිය ට්‍රේනර් දිහා බලන් හිටපු ජිමින් යුමීවත් ඇදන් කින්ග් සීගේ කින්ග්ඩම් එක ඇතුලට යද්දි මේ හැමදේම දිහා බලන් හිටපු ටේහ්‍යුන්ග් කට කොනින් හිනා වුනා..

ජිමින් අරන් ආපු සිහියක් නැති යුමී ටේහ්‍යුන්ගේ බෙඩ් රූම් එකේ බිමින් අතාරිද්දි එක දනක් නවලා වාඩි වුන ටේහ්‍යුන්ග් යුමීගේ මූන පුරා වතුර එක්ක ඇලිලා තිබුන කොන්ඩේ පැත්තකට කරලා යුමීගේ මූන දිහා හොදට බලලා නැගිට්ටේ,

"ඔයාට මන් පලවෙනි පාර යන්න චාන්ස් එක දුන්නා බේබ්.ඇයි ආයේ ආවේ..?" කියලා කියන ගමන්.

ටේහ්‍යුන්ග් යුමී මුල්ම පාරත් එනවා දැක්කා..යුමී ඇවිත් ගියාට පස්සේ ඒ කියන්නේ විනාඩි පහකට වගේ පස්සේ චෙක් කරපු සීසීටීවි රෙකෝඩ්ස් වල යුමී ඇවිත් අරහෙට මෙහෙට පීනලා යනවා දැක්ක නිසා ජිමින් තමන්ගේ ටීම් එකේ අය යුමීව අල්ලන්න යවන්න හදද්දි ජිමින්ව නවත්තපු ටේහ්‍යුන්ග් නොදැන එන්න ඇති කියලා හිතලා යන්න දුන්නත් දෙවනි පාරත් යුමී එයි කියලා ටේහ්‍යුන්ග් නිකන්වත් හිතුවේ නෑ..

බිම වැටිලා ඉන්න කෙල්ලගේ වෙට් සූට් එකට කැපිලා පේන ඇග දැක්ක ටේහ්‍යුන්ග් කට කොනට හිනාවෙලා ජිමින්ව හම්බවෙන්න යන්නේ චේන්ජ් වුන ජිමින් මේ වෙද්දිත් යුමී ගැන හොයාගත්තු දේවල් එකින් එක්ක ටේහ්‍යුන්ග්ට පෙන්නද්දි..

යුමී කියන්නේ යුනිවර්සිටි වැඩිදුර ඉගෙන ගන්න අවසන් වසර කෙල්ලෙක් කියලත් කෙල්ල යැන් පවුලේ හේජූන්ගේ නංගි කියලත් දැනගත්ත ටේහ්‍යුන්ග් ලග තිබුන සෝෆා එකකට ශූට් කරලා හයියෙන් හිනාවෙන්නේ හේජූන් එයාගේ නංගි එයාගේ වැඩවලට පාවිච්චි කරනවා කියලා කිය කිය..

ටේහ්‍යුන්ග්ට කේන්තියක් ආවේ හේජූන් තමන් කරන වැඩ ගැන තාම හොයනවා කියලා දැනගත්තම..ඒ නිසාම තරහෙන් වෙව්ලන ටේහ්‍යුන්ග් තමන්ගේ රූම් එකට ගිහින් බිම වැටිලා යන්තම් සිහිය එන කෙල්ලව ඇදලා අරන් ඇදට දාලා හයියෙන් කම්මුල් පාරක් ගහන්නේ ලාවට සිහිය තිබුන කෙල්ලගේ ඇස්වලට එක දෙක බොද වෙච්ච රූප අහු වෙද්දි..

කම්මුල පුපුරු ගහන්න හේතුව මොකද්ද කියලා කෙල්ල නොදන්නවා වුනත් දෙවනි පාරත් ඒ වගේම කම්මුල පුපුරු ගහද්දි කෙල්ලගේ හොද සිහිය ඉක්මනට ආවේ තමන් කාගෙන් හරි කම්මුල් පාරක් කෑවා කියලා තේරෙද්දි..

ඇස් ඇරලා වටපිට බලපු යුමීගේ ඇස්වලට ටේහ්‍යුන්ග් අහුවෙද්දි 'කව්ද තමුන්" කියල කට අරින්න හදපු යුමීව ඇදිලා ගියේ ටේහ්‍යුන්ග් එයාගේ කොන්ඩෙන් කරකවලා ඇදලා ලගට ගත්ත නිසා..කොන්ඩේ ටේහ්‍යුන්ග්ගේ අතට හිර වෙච්ච නිසා දැනෙන වේදනාවට කදුලු පිරුන ඇස්වලින්ම අතාරින්න කියලා යුමී කෑ ගහද්දි 'මොනවද උඹ මෙහෙ කරන්නේ..' කියලා ටේහ්‍යුන්ග් ඇහුවේ දත් මිටි කන ගමන්..

ටේහ්‍යුන්ගේ ප්‍රශ්නෙට උත්තර නොදී අතාරින්න විතරක් කියලා කෑ ගහන යුමී නිසා ටේහ්‍යුන්ගේ තරහා දෙගුන තෙගුන වෙද්දි කොන්ඩෙන්ම අල්ලලා ටේහ්‍යුන්ග් යුමීව තල්ලු කරේ යුමී විසි වෙලා ගිහින් බිත්තියේ වැදිලා නතර වෙද්දි.එතනින් නොනැවතුන ටේහ්‍යුන්ග් යුමීව ඇදලා අරන් යුමීගේ ඔලුව ටේබල් එකේ කොනේ ගහන්නේ ඒ වීදුරුව පැලිලා යුමීගේ නලලින් ලේ එන්නත්, සිහිය නැති වෙන්නත් සලස්වලා..

යුමීගේ සිහිය නැති වුනා කියලා නොදන්න ටේහ්‍යුන්ග් ආයෙමත් යුමීට ගහන්න ගියත් ටේහ්‍යුන්ග්ගේ අත් අතරට කඩන් වැටුන යුමී දිහා බලපු ටේහ්යුන්ග් කේන්තියෙන්ම යුමීව ඇදට තල්ලු කරද්දි ඇලේට වැටුන යුමීට බෙහෙත් දාන්න ටේහ්‍යුන්ග් එලියට යනගමන් කෙනෙක්ව එව්වේ හිතට ආපු අදහසට කෙල්ලගේ බ්ලඩ් සාම්පල් එකකුත් අරන් නම්ජූන්ට චෙක් කරන්න දෙන්න කියන ගමන්..

යැන් හේජූන් කියන්නේ ලේසි පහසු මිනිහෙක් නොවෙද්දි ටේහ්‍යුන්ග්ට ඕන වුනා හේජූන් මොනවද තමන් ගැන තව දන්නේ කියලා දැන ගන්න..මාස හතරක දරුවෙක් ඉන්න හේජූන් මේ වැඩේ අතාරිවී කියලා ටේහ්‍යුන්ග් හිතුවත් හේජූන්ගේ නංගි වුන යුමී මේකට ඉන්වෝල් වුන නිසා ටේහ්‍යුන්ග් පසුතැවුනා දැන් මාස ගානකට කලින් දරුවා නිසා හේජූන් අතෑරපු එක ගැන...

ස්ක්‍රීන් එකේ වෛද්‍ය කබායක් ඇදන් ඉන්න යුමීගේ ෆොටෝ එක දිහා බලන් කල්පනාවේ ඉන්න ටේහ්‍යුන්ග් ලගට එන්නේ යුමීගේ බ්ලඩ් සාම්පල් එකේ රිපෝට් එකත් අරන් නම්ජූන්.නම්ජූන් දීපු රිපෝට් එක හොදට බලපු ටේහ්‍යුන්ග් කට කොනින් හිනාවුනා.

කලින් වතාවේ හේජූන් එයාට කරපු අලාභයට පාඩුව ගන්න හොද විදියක් හම්බුන නිසා කාමරේ සිහිය නැතුව ඉන්න කෙල්ලට සිහිය ආවහම තමන් ලගට එක්කන් එන්න කියලා ගාර්ඩ්ස්ලා දෙන්නෙක්ට අන කරද්දි විනාඩි ගානකට පස්සේ ටේහ්‍යුන්ග්ගේ පාරවල් නිසා ඇගත් එක්ක හිරිවැටිලා ගිහින් තිබුන යුමී කෑ ගහද්දිම ටේහ්‍යුන්ගේ මීටින්ග් රූම්

එකට ගෙනත් දැම්මේ හැමෝටම සාප කර කර බනින යුමී දිහා ටේහ්‍යුන්ග් බලන් ඉද්දි.ඇති වෙන්න යුමීට කෑ ගහන්න දීපු ටේහ්‍යුන්ග් යුමීගේ සද්දේ අඩු වෙනකන් ඉදලා යුමීව ඇදලා අරන් පුටුවකට තල්ලු කරලා වාඩි කෙරෙව්වේ යුමී ටේහ්‍යුන්ග් දිහා රවලා බලද්දි.

රවලා බලන් ඉන්න යුමීට අමුතු තාලේට හිනා වෙලා ඇහැක් ගහපු ටේහ්‍යුන්ග් තමන් ගැන ඔප්පා එක්ක එකතු වෙලා තව මොනවද හොයාගත්තේ කියලා ඇහුවත් කට කොනින් හිනාවුන යුමී 'මුකුත් නෑ' කියද්දි ඇස් දෙක ලොකු කරන් කටත් ඕ හැඩේට හදන් ටේහ්‍යුන්ග් ඔලුව වැනුවේ ඒක පිලිගත්තා කියලා අගවන්න.තරහට රතු වෙලා ඉන්න යුමී දිහා බලන්ම යුමීගේ පුටුව පිටිපස්සෙන් හිටගත්තු ටේහ්‍යුන්ග් පුටුවේ ඇන්දට අත් දෙක ගහන ගමන් හේත්තු වෙද්දි බෙල්ල හරවලා පිටිපස්ස හැරුන යුමීට ඇස් වලින් ඉස්සරහා ස්ක්‍රීන් එක පෙන්නුවේ ඇස් හීන් කරන් ඉස්සරහා බලපු යුමීගේ ඇස් ලොකු වෙද්දි.

මොකද ඒ ස්ක්‍රීන් එකේ තමන්ගේ ඔප්පා ඔප්පාගෙ පවුලේ අය කැෆේ එකක ඉන්න වීඩියෝ එකක් ප්ලේ වුන නිසා..!!

ඒකත් ලයිව්..!!!

තමන්ගේ වැරදිවලට ඔප්පාව ගාවගන්න එපා කියලා යුමී කෑ ගහලා කියද්දි ඒ වගක් ඇහුනේ නෑ වගේ සුලැගිල්ල කනේ ගහගෙන ඇස් පුන්චි කරගත්තු ටේහ්‍යුන්ග් තමන්ගේ ටේබල් එක ලගට ගිහින් එකේ ලොකර් එකක් ඇරලා ෆයිල් එකක් අරන් ඉස්සරහට දැම්මේ යුමී ඒ දිහා පුදුමෙන් මේ මොකද්ද වගේ බැල්මකින් බලන් ඉද්දි..

ඔප්පා එක්ක නංගි එකතු වෙලා තමන් ගැන හොයාගත්ත හැමදේමයි කලින් වතාවේ රේගුවට කියලා නවත්තපූ ටේහ්‍යුන්ගේ මුතු කන්ටේනර් එක ගැන රිපොට් එකයි දෙකම ඊලග දවස් දෙක ඇතුලත ගෙනත් දෙන්න කියලා ටේහ්‍යුන්ග් ලස්සනට යුමී එක්ක හිනාවෙද්දි මේක නොකරොත් මොනාද කරන්නේ කියලා ඇහුවේ තාමත් ප්ලේ වෙන වීඩියෝ එක දිහා බලන්මයි.

යුමීගේ ප්‍රශ්නේ ගොඩක් හොද ප්‍රශ්නයක් කියලා කියපු ටේහ්‍යුන්ග් තවත් වීඩියෝ එකක් ස්ක්‍රීන් එකට ගත්තේ තමන්ගේ ඔප්පා ඉන්න කැෆේ එක වටේට කලු ඇදගත්තු මිනිස්සු ගොඩක් යුමීට ටේහ්‍යුන්ග් පෙන්නන්න ගද්දි..නොකියා වෙන්නේ මොනාද කියලා කිව්වේ මොනාද කියලා යුමීට තේරෙද්දි මුකුත් කරන්න එපා ඔයාට ඕන දේ කරන දේ ඉක්මනින් ගෙනත් දෙන්නම් කියලා කියන ගමන් ටේහ්‍යුන්ග් දික් කරපු අග්‍රිමන්ට්

එක කියවන්නේවත් නැතුව කලබලෙන් සයින් කරේ ටේහ්‍යුන්ග් කටකොනින් හිනාවෙද්දි..

නොබලම සයින් කරපු එක ගැන ටේහ්‍යුන්ග් යුමීගෙන් අහද්දි හැමදේටම වඩා ඔප්පා වටිනවා කියපු යුමී ටේහ්‍යුන්ග්ට ගස්සලා ටේහ්‍යුන්ග් ගෙන්නපු මිනිස්සු එක්ක හොටෙල් එකට යන්න පිටත් වුනේ යුමී යන විදිය සීසීටීවි වලින් ටේහ්‍යුන්ග් බලන් ඉද්දි..

තමන්ගේ කින්ග්ඩම් එකෙන් එහාට කරපු යුමීගේ පස්සෙන් වෙනමම කට්ටියක් ටේහ්‍යුන්ග් දාද්දි ඒ බව නොදන්න යුමී හැදුවේ ජන්ග්කූක්ට ඔක්කොම කියලා අද රෑටම නෝර්වේ යන්න..යුමී කරගන්න දේවල් වලට ජන්ග්කූක් යුමීට බනිද්දි ජන්ග්කූක් එයාගේ ටීම් එකේ අයව කලින්ම හොටෙල් එකෙන් පිටත් කරද්දි මහා පාන්දරම නෝර්වේ යන්න හැමෝම එකග වුනා.ඔන්ලයින් ටිකට්ස් බුක් කරපු ජන්ග්කූක් යුමීට හොටෙල් එකෙන් අඩියක්වත් එලියට තියන්න නොදෙද්දි හොටෙල් එකෙන් එලියටවත් බැහැපු නැති යුමී කරන වැඩ ටේහ්‍යුන්ග් එකක් නෑරම දැනන් හිටියේ හැමෝගෙම ඇස්වලට වැලි ගහලා ජන්ග්කූක් එක්ක එයාපෝට් ගිය යුමීව ජන්ග්කූක්වත් නොදැනම සිහියත් නැතුවම ආයෙමත් ටේහ්‍යුන්ග් අන්ඩර් කින්ග්ඩම් එකට ගේන්න වැඩ කරද්දි...

පැය ගානකට පස්සේ නැගිටපු යුමීට වතුර සද්දයක් ඇහෙද්දි,

"වේට් වට්..? වතුර සද්දයක් ඇහෙන්නේ කොහොමද..?" කියල යුමී තමන්ගෙන්ම අහද්දි එයාපෝට් එකේ වේටින්ග් ඒරියා එකට වෙනකන් ගියාට පස්සේ තමන් වතුර සද්දේ ඇහෙන රූම් එකක ඇදක් උඩට ආවේ කොහොමද කියලා මුලින් හිතා ගන්න බැරි වුනා..

හදිස්සියේ මතක් වුන ටේහ්‍යුන්ග් නිසා මුලු ඇගම හීතල වෙලා යද්දි දඩබඩ ගාලා නැගිටපු යුමී ගැස්සිලා ගියේ තමන් ඉන්නේ වතුර ගොඩක් මැද ඇදක් උඩ කියලා දකිද්දි අත් දෙකෙන්ම කට වහගත්ත යුමී පිටිපස්ස හැරුනේ වතුර කැලතෙන සද්දෙට වුනා..

පිටිපස්ස හැරුන යුමීගේ ඇස් ලොකු වෙලා ඇස්වලින් කදුලු වැටුනේ හිතේ තිබුන සැකේ හරියනකොට වෙද්දි හෙමින් හෙමින්ම ඇදේම ඉදන් පස්සට ගියේ තමන්ට ඉස්සරහා ස්විමින්ග් කිට්

එකක් ඇදන් ski jet

එකක වාඩි වෙලා හිටපු ටේහ්‍යුන්ග් ගගල්ස් දෙක ගලවන ගමන් ලස්සනට හිනාවෙලා "වෙල්කම් හෝම් මයි වයිෆි..!" කියලා ‍යුමීට වින්ක් කරලා කියද්දි..

එතනින් එහාට මොකද වුනේ..?

*කොහොමද ඒක... අහ්ම්... ඕකේ.. ඔන්න මටත් ඕනි අප්පා ඉක්මනට මේක කියවන්න..

ඔහ්හ් යැස්.. ඒක පොතක් වෙනවා.. ලගදීම...

ඔබ සොයා එන්නෙමි...
නැහ්හ්.. නැහ්හ්.. යන්නෙමි..
.
.
.
.
ඉක්මනට update දේවි ඒ පොතේ... බලන් ඉමු.. ❤️❤️❤️*

Continue Reading

You'll Also Like

36.2K 2K 32
Come and join the family of Kim. See how the Kim family spends the day, including the cool Dada Jin, strict Appa Joon, calm yoongi, overactive hobi...
38.4K 2.5K 61
𝐭𝐡𝐞 𝟐𝐧𝐝 𝐛𝐨𝐨𝐤 𝐨𝐟 𝐬𝐡𝐨𝐫𝐭 𝐬𝐭𝐨𝐫𝐢𝐞𝐬 𝐚𝐛𝐨𝐮𝐭 𝐨𝐥𝐢𝐯𝐢𝐚 𝐫𝐨𝐝𝐫𝐢𝐠𝐨 𝐚𝐧𝐝 𝐲/𝐧'𝐬 𝐦𝐞𝐞𝐭-𝐜𝐮𝐭𝐞𝐬/𝐥𝐨𝐯𝐞 𝐬𝐭𝐨𝐫𝐢�...
267K 6K 57
❝ i loved you so hard for a time, i've tried to ration it out all my life. ❞ kate martin x fem! oc
267K 40.3K 103
ပြန်သူမရှိတော့ဘူးဆိုလို့ ယူပြန်လိုက်ပြီ ဟီးဟီး ဖတ်ပေးကြပါဦး