Author-:Chankbaeki_12
Username-: Dark_hurricane2004
Plot-:
Angel's Lullaby
ශාපලත් දෙව්පුතෙක් සහ සුර උරුමයක් ඇති කුමරෙකුගේ අවසර නොලද ප්‍රේමය මෙසේ ලියන්නෙමි...
"දරුවනේ මේ තියෙන්නේ වර්ෂ 2700කටත් වඩා පැරණි දියමන්ති ඔටුන්නක්... මේක අහස් දීපයෙන් පිටුවහල් කරපු කුමාරයෙක්ගේ කියලා තමයි ජනප්‍රවාදයේ කියැවෙන්නෙ..."
ගුරුවරයෙක් තමන්ගේ ශිෂ්‍යයන්ට ලස්සන ඔටුන්නක වතගොත කියා දෙනවා... ඉතාමත් ආකර්ශනීය විදිහට. ඒත් තරුණ කොල්ලො කෙල්ලො ටික නම් කෞතුක වස්තුවලට වැඩි ආසාවක් නැහැ වගේ. සමහරු තමන්ගෙ යාලුවො එක්ක සෙල්ෆි ගහද්දි සමහරු හිටගෙන නිදි... ඒත් එක කොල්ලෙක් විතරක් ඒ ඔටුන්න දිහා ඇහිපිය නොහෙළා බලාගෙන හිටියා. සැරින් සැරේ නාස් පුඩු මතටම ලිස්සලා වැටෙන බෝතල් අඩි කණ්ණාඩි දෙක දවසේ කීවෙනිදෝ වතාවටත් උඩට තල්ලු කරපු කොල්ලා දැහැන්ගත වෙලා වගේ ඔටුන්න දිහා බලන් හිටියා... ජන්ග්කුක් ජියොන්... සියොල් නගරයේ නගරාධිපතිනියගෙ එකම පුතා වෙච්ච ජන්ග්කුක් පුරාවිද්‍යාවේ රසිකයෙක්... ඉතින් හැම අවුරුද්දෙ ම වගේම මේ අවුරුද්දෙත් ඉස්කෝලෙ අධ්‍යාපන චාරිකාව ජන්ග්කුක්ට බොහොම වැදගත් එකක් වුණා. ඒ වගේම කෞතුකාගාරයේ තිබුණු අඳුරු ඔටුන්න ඔහුගේ කතාවට ආරම්භයක් ලබා දුන්නා.
"සර්... මේක පිච්චිලා වගේ නේද? ඇයි ඒ?"
අත උස්සලා බොහොම ආචාරශීලීව ප්‍රශ්න කරපු ජන්ග්කුක්ට ආසාවෙන් උත්තර දෙන්න ගුරුතුමා කැමති වුණා.
"ජන්ග්කුක්... දරුවෝ... ඒක සිදුවෙලා තියෙන්නෙ කුමාරයා අහස් දීපයෙන් පිට වෙද්දි ඔහුගේ මුළු ශරීරයම අහස් භූමියේ තාප වැටිය නිසා පිළිස්සුණු වෙලාවෙ. නැත්නම් ඒ ඔටුන්න පිරිසිදු රත්‍රංවලින් හදපු එකක්..."
ගුරුතුමාගේ පිළිතුරෙන් සෑහීමට පත් වූ ජන්ග්කුක් හිස නමා ආචාර කළා. ඒ වෙලාවෙදි තමයි එයා දැක්කේ තමන්ගේ අතේ තිබුණු පාරම්පරික මුද්ද දිලිසෙන්න අරන් කියලා.
කතාවේ මූලාරම්භය....
ජන්ග්කුක්ට ප්‍රශ්නයක් වුණා මේ මුද්දේ දිස්නය...
මුද්දේ අයිතිකරු වුණු තමන්ගේ සීයාගෙන් ඒ ගැන අහන්න ජන්ග්කුක් තීරණය කළා.
"සීයේ... කෞතුකාගාරයේ දි මගේ මුද්ද අමුතු විදිහට දිලිසෙන්න ගත්තා... ඇයි ඒ?"
සීයා සාමාන්‍ය විදිහට හිනා වෙලා මෙහෙම උත්තරයක් දුන්නා...
"පුතා... තමන්ට මොකක් හරි දෙයක් ප්‍රශ්නයක් වෙනවා නම්... ඒ ප්‍රශ්‍නය මුලින් හඳුනාගෙන පස්සේ උත්තර හොයන්න පටන් ගන්න... මම මුලින්ම ඔයාගෙ ප්‍රශ්නය හඳුන්වලා දෙන්නම්... ඔයාගෙ අතේ තියෙන මුද්ද පාරම්පරික නොවන ඔයාටම ලැබිය යුතු ඔයාගේම උරුමයක්. ඒක ඔයාට ඔයාගෙ හරිම උරුමය පෙන්වා දේවි...."
එහෙම උත්තර දුන්න සීයාගෙන් ඊට වඩා පැහැදිලි උත්තරයක් ලබා ගන්න ජන්ග්කුක්ට පුලුවන් වුණේ නැහැ.
"මොකද්ද මගේ උරුමය...?"
ජන්ග්කුක් හොයන්න පටන්ගත්තා තමන්ගේ උරුමය ගැන. ඒ වගේම ඔටුන්න ළඟදි මුද්දේ තිබ්බ මුතු ඇටය දිලිසෙන්න ගත්ත නිසාත් එයාගෙ කුතුහලය වැඩි උනා.
ටික ටික කාලය ගත වෙද්දි වසන්ත කාලය උදා වුණා. ජන්ග්කුක්ගේ යාලුවෝ කණ්ඩායම කැලේ කෑම්ප් එකක් ගහන්න කතා වෙන්නේ. යාලුවො පස් දෙනාම එකතු වෙලා හොඳ කාලගුණයක් තිබ්බ දවසක කැලේට යනවා කෑම්ප් එක ගහන්න. ඒත් කෑම්ප් එකට යන්න ජන්ග්කුක්‍ට ගෙදරින් අවසර ලැබෙන්නෙ නැහැ. ඉතින් ජන්ග්කුක් තීරණය කරනවා හොරෙන් මේ ගමන යන්න... සීයගෙ පරණ කාර් එක හොරකම් කරපු ජන්ග්කුක් ගෙදරින් පැනලා එනවා. එයා යන්නෙ එයාගෙ හොඳම යාලුවා වෙච්ච හෝසොක්ගෙ ගෙදරට... හෝසොකුත් කැලේ ගමනට ලෑස්ති වෙනගමන් හිටියේ. කොහොම හරි දෙන්නත් එක්ක හරිම වෙලාවට කැලේ ගාව හයි වේ එකට එනවා. උදේ පාන්දරම නිසා මේ දෙන්නට යාලුවො එනකන් ඉන්න වෙනවා. පැය කාලකට විතර පස්සෙ යාලුවොත් එතනටම ආපු නිසා කට්ටිය කැලේ ඇතුළට යනවා. ඒක අඳුරු කැලයක්... උදේ පාන්දරම නිසා තවත් කළුවර වෙලා තමයි තිබ්බේ. ජන්ග්කුක් තමන්ගේ කැමරාවෙන් ෆොටෝ ගන්න ගමන් තමයි ඉස්සරහට ගියේ. ඒ නිසා එයා යාලුවොන්ට වඩා ටිකක් පිටිපස්සෙන් ඇවිදගෙන ගියා... ජන්ග්කුක් ෆොටෝ ගහ ගහ යද්දි එයාට යන්තමින් වගේ පේනවා පුංචි කලු පාට හාවෙක්... ඒ හාවාගෙ ෆොටෝ එකක් ගහගන්න ජන්ග්කුක් උත්සාහ කළත් ඒ හාවා අතුරුදහන් වුණ නිසා ඒක කරන්න බැරි වුණා. හාවා හොයන්න පඳුරු අස්සෙන් ඇවිදගෙන ගිහිපු ජන්ග්කුක්ට හම්බෙනවා පුංචි වීදුරු බෝතලයක් ගැටහගපු මාලයක්... ඒ වීදුරු බෝතලය ඇතුළේ හදවතක ආකෘතියක් තිබුණා.
ජන්ග්කුක්‍ට ඒ මාලයට ආස හිතෙන නිසා එයා ඒ මාලය අතට ගන්නවා. ඒත් එක්කම අඳුරු දොරටුවක් ජන්ග්කුක්ගේ ඉස්සරහින් විවෘත වෙනවා... කුතුහලයෙන් පිරුණු මනසක් තිබුණු ජන්ග්කුක් දෙපාරක් නොහිතා දොරටුවෙන් ඇතුළු වෙනවා... ඒත් එයාට කිසිම අදහසක් තිබ්බෙ නෑ දොරටුවෙන් එහා පැත්තෙ තියෙන්නෙ මොනවද කියලා... දොරටුවෙන් ඇතුළු වුණු ජන්ග්කුක්ට දකින්න ලැබෙන්නේ අඳුරු ලෝකයක්... තමන් මෝඩ වැඩක් කරා කියලා හිතපු ජන්ග්කුක් ආයෙමත් හැරෙද්දි එයා ඇතුළු වුණු දොරටුව අතුරුදාන් වෙලා තිබුණා. ජන්ග්කුක් බය වුණත් ඉස්සරහට ඇවිදගෙන ගියේ කුතුහලය නිසාමයි. අඳුරු ලෝකයේ ජන්ග්කුක්ට ඉදිරියෙන් මහා බලකොටුවක් නැඟී සිටියා. ජන්ග්කුක් ඇවිදගෙන ගියේ ඒ බලකොටුව දිහාවටයි.
මහා බලකොටුවේ දෙපළු දොරින් ඇතුළු වුණු ජන්ග්කුක්ට ඇහෙනවා ලස්සන පියානෝ හඬක්...
"කව්ද ඒ"
ජන්ග්කුක් ඒ පියානෝ වාදනය ඇහෙන දිහාවට ඇවිදගෙන ගියා... එතනදි ජන්ග්කුක් දකිනවා ලස්සන තරුණයෙක්... ඔව්... ඒ තරුණයා පියානෝව වාදනය කරමිනුයි හිටියෙ. ඒත් ඒ තරුණයා හිටියෙ මහන්සියෙන් වගේ. ජන්ග්කුක් එයා ගාවට ඇවිදගෙන ගියා. ඒ වෙලාවෙදි ඒ තරුණයා ජන්ග්කුක් දිහා තමන්ගේ තනි කළු ඉංගිරියාවක් සහිත ඇස් දෙකෙන් ජන්ග්කුක් දිහා බලනවා... ජන්ග්කුක් ටිකක් බය උනත් ඒක පෙන්නන්න ගියේ නෑ.
"ජන්ග්කුක් ජියොන්... ඔයා....?"
ජන්ග්කුක්ගේ හැසිරීමේ තිබුණේ රාජකීය බවක්. පපුවට අත තියලා තමන්ව හඳුන්වා දුන්න ජන්ග්කුක් ඒ තරුණයාගෙන් ඔහු කව්ද කියලා අහනවා...
"ටේහ්‍යන්ග්...."
ඔලුව ඇල කරලා අද්භූත විදිහට කියපු ටේහ්‍යුන්ග් කියන තරුණයා ආයෙමත් පියානෝව වාදනය කරන්න පටන්ගන්නවා...
"ඔහ්... ලස්සන නමක්..."
🎶🎶🎶🎶🎶
"එතකොට ඔයාගෙ වයස...?"
🎶🎶🎶🎶🎶
"කියන්නෑනෙ... අම්ම්... එතකොට ඔයා ඉන්නේ මෙහෙද?"
🎶🎶🎶🎶🎶
ජන්ග්කුක් දිගින් දිගටම කරදරකාරි ප්‍රශ්න ගොඩක් ඇහුවත් ටේහ්‍යුන්ග් තමන්ගේ වාදනය පාඩුවෙ කරගෙන ගියා. ඒත් ජන්ග්කුක්ගේ ප්‍රශ්නවල අවසානයක් නම් නෑ... ඉවසලා ඉවසලා බැරිම තැන ටේහ්‍යුන්ග් අතේ ඇඟිලි දහයට අහුවුණ යතුරු දහයක් එක පාරට තද කරේ ඝෝෂාකාරී නාදයක් ඉන් පිටවෙද්දි. අන්න එතකොට නම් ජන්ග්කුක්ගේ ප්‍රශ්න වැල නතර වුණා. බයවෙලා වගේ තමන් දිහා බලන් ඉන්න කණ්ණාඩි කොල්ලා වෙතට නුරුස්සනා බැල්මක් යොමු කරපු ටේහ්‍යුන්ග් හොඳ හුස්මක් අරන් කතා කරන්න පටන් ගත්තා.
"ඇයි මම ඔයාගෙ ප්‍රශ්නවලට උත්තර දෙන්න ඕනි?"
ටේහ්‍යුන්ග් ඇහුවම ජන්ග්කුක් ටික වෙලාවක් කල්පනා කළා.
"මොකද.... මොකද මට ඒවට උත්තර ඕන නිසා..."
දෙවුර හකුළුවමින් කියපු ජන්ග්කුක් දිහා ටික වෙලාවක් අමුතු විදිහට බලන් හිටපු ටේහ්‍යුන්ග් හිනාවෙන්න ගත්තා. ජන්ග්කුක් ටේහ්‍යුන්ග්ව යාලුවෙක් කරගත්තේ ඒ වචන කිහිපයෙන්... එතනින් පටන්ගත්ත දෙන්නගෙ කතාව දෙන්නා අතර යාලුකමක් ඇති කරන්න සමත් වුණා.
"මට මගේ ගෙදර යන්න උදව් කරන්න ඔයාට පුලුවන්ද ටේහ්‍යුන්ග්...?"
"ඒකට අපිට කවුන්සිලයෙන් අවසර ගන්න වෙනවා... ඒත් ඔයා අනවසරයෙන් ඇතුළු වුණු නිසා කවුන්සිලය ප්‍රශ්නයක් ඇති කරොත්..."
ටේහ්‍යුන්ග් කණස්සල්ලෙන් වගේ කිව්වත් ජන්ග්කුක්ගේ බල කිරීම නිසා ටේහ්‍යුන්ග් ඒකට කැමති වෙනවා. මේ වෙනකොටත් ජන්ග්කුක් අඳුරු ලෝකයට ඇවිත් සති දෙකක කාලයක් ගත වෙලා ඉවරයි...
ටේහ්‍යුන්ග් ජන්ග්කුක් එක්ක කවුන්සිලයට යන්න තීරණය කරනවා. කවුන්සිලයට යන දොරටුව තියෙන්නේ කොහෙද කියලා කවුරුත් දන්නේ නෑ. ඒ දොරටුව හොයාගන්න ඕන නිසා එයාලා යනවා අඳුරු මායාකරු හම්බවෙන්න... අඳුරු මායාකරු දෙන්නට පොතක් දෙනවා. ඒ පොත සාමාන්‍ය පොතක් නෙවෙයි... බැලූ බැල්මට පණ තියෙන පොතක්... අවකාශයේ පාවෙන ඒ පොත මුළුමනින්ම මායාවේ නිර්මාණයක් වුණා...
"අසම්පූර්ණ උපදෙස් සම්පුර්ණ කරගනිමින් ගමන් කරන්න... මේ පොත ඔබලාට මාර්ගය පෙන්වාවි..."
මායාකරු කිව්වේ එහෙම... දෙන්නා ගමන ආරම්භ කරනවා... මුල්ම උපදෙස...
'ආලෝකය දෙසට ගමන් කරන්න'
අඳුරු ලෝකයේ ආලෝකයක් නම් ඒ හඳ විතරමයි... හඳ නැගෙනා දිසාවට තමයි ගමන් කරන්න තියෙන්නේ... දෙන්නා නැගෙනහිරට ගමන් කරද්දි මායා පොතත්(ලිමෝර් එක) එයාලා එක්ක ආවා... ඒත් දිගටම යන්න බැරි උනේ අඳුරු ලෝකයේ මුහුද හරස් වුණ නිසා... කොහොමද මේ මහා ජල කඳ තරණය කරන්නේ...? ඒකත් පුලුවන් තරම් ඉක්මණින්...
ඊළඟ උපදෙස...
'මහා ශබ්ද නගන්නන් හා මිතුරු වන්න...'
කවුද මේ ශබ්ද නගන්නන්... දෙන්නා එක්ක හොයන්න පටන් ගත්තේ මුහුද තරණය කරන්න මාර්ගයක්... ටේහ්‍යුන්ග් ක්‍රමයක් දැනගෙන හිටියත් සුදුසුම අවස්ථාව මේක නෙවෙයි කියලා හිතුන නිසා එයා ඒක පාවිච්චි නොකර හිටියා. දෙන්නා එක්ක මුහුදු වෙරළ දිගේ ඉදිරියට යද්දි එයාලට හම්බුනේ පුංචි රතු පාට කටුස්සෙක්...
"අනේ... කියුට් එයා..."
"අල්ලන්න එපා!!!"
ජන්ග්කුක් කටුස්සගෙ ළඟට යන්න හැදුවත් ටේහ්‍යුන්ග් එයාව නැවැත්තුවෙ කෑගහන ගමන්මයි... කලබල වුණු කටුස්සා මහා ශබ්දයක් පිට කරන්න පටන්ගත්තේ මුලු අඳුරු ලෝකයම හොල්ලන ගමන්... ශබ්දයත් එක්ක ඒ පුංචි කටුස්සා මහා ලොකු රාක්ෂයෙක් බවට පත් වුණා... රාක්ෂයා පහරදෙන්න ගත්තේ ජන්ග්කුක්, ටේහ්‍යුන්ග් දෙන්නව බය කරමින්... තමන්ගේ අතේ තිබ්බ හෙල්ලය ඉස්සරහට දිගු කරපු ටේහ්‍යුන්ග් රාක්ෂයා එක්ක සටන් කරන්න පටන්ගත්තා... ඒත් වැඩි වෙලාවක් නොගිහින් ඒ රාක්ෂයා ටේහ්‍යුන්ග්ව බිම දාලා ජන්ග්කුක් දිහාවට ඇවිදගෙන ආවෙ වියරුවෙන්... බය වුණු ජන්ග්කුක් ඇස් දෙක පියාගත්තත් විනාඩි භාගයකට විතර පස්සෙ ආයෙත් ඇස් දෙක ඇරියේ රාක්ෂයා තමන්ට මුකුත් නොකළේ ඇයි කියලා බලන්න... රාක්ෂයාගේ හොම්බ තමන්ගේ මූණට අඟල් තුනක විතර දුරින් තියෙද්දි ජන්ග්කුක්ට ලොකු බයක් දැනුණා... ඒත් ටික වෙලාවකින් ජන්ග්කුක් ඒ රාක්ෂයාගේ නිකට යටින් අත තියාගත්තේ රාක්ෂයාව මිතුරු කරගන්න ගමන්... ටේහ්‍යුන්ග් මේ දිහා පුදුමයෙන් බලාගෙන හිටියා... එතන ඉඳලා ජවනිකාව අවසාන වෙනකන් මේ කතාවේ ඒ රාක්ෂයත් ප්‍රධාන චරිතයක් බවට පත් වුණා.
රාක්ෂයාගේ පිටේ නැගලා අහස හරහා මුහුද තරණය කරපු ටේහ්‍යුන්ග්, ජන්ග්කුක් දෙදෙනා අවසානයේදී කවුන්සිලය පේන තෙක් මානයටම ආවා. කවුන්සිලය ලොකු, උස සිවිලිමක් සහිත රාජ මණ්ඩපයක් වගේ... අහස් දීපයත්, පාතාලයත් නියෝජනය කරමින් නියෝජකවරුන් එම මණ්ඩපයේ අසුන් ගෙන සිටියා.
"ම්ම්ම්... ශාපලත් කුමාරයා සහ.... මේ පුද්ගලයා කවුද...?"
ප්‍රශ්නය යොමු වුණේ ටේහ්‍යුන්ග්ට...
"මොහු මනුෂ්‍යයෙක්... පිටවීමේ අවසරය ලබාගැනීම සඳහා පැමිණියෙ..."
ටේහ්‍යුන්ග් ආචාරශීලීව හිස නමා කතා කරා... විනිසුරුවරුන්ගේ දෑස්වල තිබුණේ සැකමුසු බැල්මක්...
"පිටවීමට...? ඇතුළු වූයේ කෙසේද...?"
"මම අත්-"
"මමයි ඔහුව රැගෙන ආවේ..."
ජන්ග්කුක් කතා කරන්න හැදුවත් එයාව නවත්තන ගමන් ටේහ්‍යුන්ග් දරදඬුව උත්තර දුන්නා. ජන්ග්කුක් පුදුමයෙන් ටේහ්‍යුන්ග් දිහා බලද්දි ටේහ්‍යුන්ගේ මුහුණේ තිබුණේ දැඩි බැල්මක්... ජන්ග්කුක්ට තේරුනේ නෑ ඒකට හේතුව අවසන් තීන්දුව දෙනකන්... බොහෝ වෙලාවකට පස්සේ විනිසුරු මඬුල්ල ඒ අවසන් තීන්දුව ලබා දුන්නා...
ඒ....
අනවසරයෙන් අඳුරු ලෝකයට රැගෙන ආ ජන්ග්කුක්ව නැවතත් මිනිස් ලෝකයට යැවීමත්, පැහැරගෙන ආ ශාපලත් කුමරාට මරණ දඬුවම ලබා දීමත් ය.
ජන්ග්කුක්ට හිතාගන්න බැරි උනා මේ වෙන්නේ මොනවද කියල... එයාගෙ හදවත වේගයෙන් ගැහෙන්න ගනිද්දී එයා ටේහ්‍යුන්ගේ අතින් තද කරලා අල්ලා ගත්තා... ඒත් ටේහ්‍යුන්ග් එකපාරටම ජන්ග්කුක්වත් ඇදගෙන දුවන්න ගත්තේ භූතාරක්ෂකයෝ කණ්ඩායමක් ඔවුන්ගේ පිටිපස්සෙන් පන්නගෙන එද්දි. මීදුමක් වගේ භූතාරක්ෂකයෝ ඉතාමත් වේගවත් වුණත් ඔවුන්ට හසු නොවී වෙරළටම එන්න ටේහ්‍යුන්ග්, ජන්ග්කුක් දෙන්නට පුලුවන් වුණා. වෙරළට ආපු ටේහ්‍යුන්ග් ජන්ග්කුක්ට කතා කරේ වෙව්ලන හඬින්...
"ජන්ග්කුක්... මම කියන දේ හොඳට අහගන්න... මට... ඔයාව මේ මුහුදෙන් එතෙරට යවන්න පුලුවන්... කිසිම කරදරයක් නැතුව... මෙහෙන් පිටවෙලා යන්න... පොරොන්දු වෙන්න.."
"මොනවද කියන්නේ ටේහ්‍යුන්ග්!!! මොනවද මේ කියන්නෙ!!!??? මම... මම කොහොමද ඔයාට මරණ දඬුවම දෙනකන්... බලන් ඉන්නෙ..."
අවසාන වචන ටික ජන්ග්කුක් කීවේ බිඳුණු හඬින්... ටේහ්‍යුන්ග් නිහඬව හඬමින් ජන්ග්කුක් දිහා බලාගෙන හිටියා. ජන්ග්කුක්ගේ අත් දෙක තමන්ගේ පපුව උඩින් තියාගත්ත ටේහ්‍යුන්ග් ජන්ග්කුක්ට කතා කරේ සැලෙන හඬින්...
"මගෙ ජන්ග්කුක්... ඔයා මෙතන කිසිම වරදක් නොකර මැරෙන්න ඕන නෑ... අද රෑ දොළහට කලින් ඔයා දොරටුවෙන් එළියට යන්න ඕන... නැත්තන් දොරටුව සදාකාලිකව වැහිලා යාවි..."
"මම ඔයාව දාලා යන්නෙ නෑ ටේහ්‍යුන්ග්..."
"නෑ ඔයා යනවා ජන්ග්කුක්..."
ටේහ්‍යුන්ග් තමන්ගේ කරේ තිබ්බ රතු රෝස මලක් සහිත මාලයක් එළියට අරන් ඒක ජන්ග්කුක්ගේ අතට තියලා තද කළා.
ඒ මාලයෙන් රතු පාට එළියක් විහිදෙනවත් එක්කම මුහුදේ කුඩාම රැලි උඩ පාවෙමින් යහන් නෞකාවක් මතු වුණා... ජන්ග්කුක්ව ඒ යහන් නෞකාවට බලෙන්ම නග්ගපු ටේහ්‍යුන්ග් මුහුදෙ එහා කොණට ගමනාන්තය සකස් කරා...
"ටෙ...ටේහ්‍යුන්ග්...."
"සුභ ගමන් ජන්ග්කුක්..."
ටේහ්‍යුන්ග් ජන්ග්කුක්ට අත වැනුවා... පුංචි රාක්ෂ කටුස්සව තුරුළට ගත්ත ජන්ග්කුක් ටේහ්‍යුන්ග් දිහා බලන් හිටියේ කඳුළු පිරුණු ඇස් දෙකෙන්...
මුහුද ටික ටික නොසන්සුන් වෙනවා... ජන්ග්කුක් යහන් නෞකාවේ ඉඳන් බලාගෙන හිටියේ අවසානයක් පේන්නෙවත් නැති මුහුදේ ක්ෂිතිජය දිහා... ජන්ග්කුක්ගේ මූණ මලානික වෙලා... එයා සිතුවිලි ගොන්නක හිරවෙලා... පුංචි කටුස්සා මායා පොත එක්ක සෙල්ලම් කරමින් හිටියා. ජන්ග්කුක් ඒ දිහා බැලුවා...
"ලිමෝර්...."
මායා පොත ජන්ග්කුක්ගේ දිහාවට හැරුණා. ජන්ග්කුක් ඒ දිහා ටික වෙලාවක් බලන් ඉඳලා කතා කරා...
"එයාට මැරෙන්න වෙයිද ලිමෝර්...."
"මම නිසා නේද එහෙම වෙන්නෙ...?"
"මම වෙනුවෙන් ඇයි එයා එහෙම කරේ ලිමෝර්....?"
ජන්ග්කුක් ඈත අහස දිහා බලන් අඬන්න ගත්තා... ටික වෙලාවක් යනකන් මායා පොත කිසිම ප්‍රතිචාරයක් දැක්වුවෙ නෑ. ඒත්,
'ප්‍රමාදය පසුතැවීමට හේතු වේ'
මායා පොත පෙන්වන අවසාන උපදෙස....
ජන්ග්කුක් ඒක දිහා ටික වෙලාවක් බලන් හිටියා... එතකොටත් යහන් නෞකාව ගමනාන්තය ළඟටම ඇවිත් තිබුණා... වෙරළ පෙනි පෙනී තිබුණත් ජන්ග්කුක් ආපහු හැරෙන්න තීරණය කළා...
"අපිට ආයෙමත් කවුන්සිලයට යන්න වෙනවා..."
පුංචි කටුස්සා නැවතත් යෝධ රාක්ෂයෙක් බවට පත්වුණා. ජන්ග්කුක් ඒ රාක්ෂයාගේ පිට උඩට නැග්ගේ අධිෂ්ඨානශීලීවයි... එයා රාක්ෂයාව ආපහු හරවගෙන කවුන්සිලය දෙසට වේගයෙන් පියඹා ගියා... ඔවුන් ගියේ සුළඟේ වේගයට සමාන්තරවයි. සමහරවිට සුළඟටත් වඩා වේගයෙන්... අවසාන මොහොතට පෙර කවුසිලයට යන්න ඔවුන් සමත් වෙනවා. ඒත් කවුන්සිලයේ මැද මිදුලට දිව්ව ජග්කුක් දකින්නේ ටේහ්‍යුන්ගේ නිසල, ලෙයින් තෙත් වුණ ශරීරයත්, ඒ වටේට ඉන්න ආයුධ අතින් ගත් භූතාරක්ෂකයොත් පමණයි. ජන්ග්කුක් අදහාගත නොහැකි විලාසයෙන් ඒ දිහාවට ඇවිදගෙන ගියා. භූතාරක්ෂකයෝ ඔහුට පහර දෙන්න හැදුවත් ඔවුන්ට යම් අණක් ලැබූ නිසා ඔවුන් නැවතුණා. ජන්ග්කුක්ට ඒක වැදගත් වුණේ නෑ. අඩසිහියෙන් වගේ ටේහ්‍යුන්ගේ නිසල සිරුර ළඟට ගිහිපු එයා දණින් වැටී හඬන්න ගත්තා...
"මම නිසා නේද...? මම පරක්කු උනා... මට සමාවෙන්න... මට... මට තිබුණා ඔයාව අත් හරින්නැතුව ඉන්න... මගෙ වැරැද්දට ඇයි ඔයා වන්දි ගෙව්වේ... ඇයි!?"
ජන්ග්කුක් කෑගගහා හඬන්න ගත්තා. ඒක සිත් කම්පා කරවන දසුනක්... මේ දිහා විනිසුරුවරුන් බලාගෙන හිටියා. ඒත් ජන්ග්කුක්ට වැඩි වෙලාවක් හඬන්න වුණේ නෑ... ඔහුට වෛරයක් ඇතිවුණා. ජන්ග්කුක්ගේ දෑස් වෛරයෙන් දිලිසෙන්න ගත්තා. ඔහු නැගිට්ටේ භූතාරක්ෂකයින් හා විනිසුරුවරුන්ගෙන් පළිගන්න. ඔහුගේ දෑස්වල තිබුණේ මහා වෛරයක් විතරයි. ඔහු වෛරයෙන් උන්මන්තකයෙක් වෙලා. ජන්ග්කුක්ගේ කේන්තිය නිසා මුළු පරිසරයම වෙනස් වෙන්න පටන්ගත්තා. මුහුද රළු වෙලා... සුළි සුළං තත්වයක් ඇති වෙලා... ඒ අතරේ ජන්ග්කුක්ගේ ඉදිරියෙන් ඇස් නිලංකාර කරවන එළියක් මතු වුණා...
ජන්ග්කුක් ඇස් අරිද්දි එතන තිබුණේ කිණිස්සක් සහ... තමන්ට අඳුරු ලෝකයට මඟ සකස් කරලා දුන්න හදවතක් ඇතුල් කළ කුඩා වීදුරු බෝතලය සහිත මාලය... ජන්ග්කුක් ඉදිරියේ මාර්ග දෙකක් තිබුණා. ඒ ආදරය සහ වෛරය... ජන්ග්කුක් තෝරාගන්න ඕනෙ ආදරයද වෛරයද?
'ජන්ග්කුක්... ඔයා දන්නවද... ආදරය කියන්නෙ අමුතුම විශ්ව භාෂාවක්... ඒක හරිම වෙලාවට සුදුසුම දේ කරනවා... අපි හැමෝටම ආදරය කරන්නයි ඉගෙන ගන්න ඕන... එතකොට අපිට කවදාවත් වරදින්නේ නෑ...'
ජන්ග්කුක්ට ටේහ්‍යුන්ග් කියපු දේවල් මතක් වෙනවා... ඔහු ආයෙමත් සිතුවිලි අතර අතරමං වෙනවා... ආදරයද.... නැත්නම් පලිගැනීමද... ඇස් පියාගෙන කල්පනා කරපු ජන්ග්කුක් තෝරාගන්නේ හදවතක් ඇතුල් කළ කුඩා වීදුරු බෝතලයක් සහිත මාලයයි... ඒත් එක්කම භූතාරක්ෂකයෝ නොපෙනී යනවා... කිණිස්ස මායා බලයෙ අතුරුදහන් වෙනවා.... ඒත් ටේහ්‍යුන්ග්... එයාගේ ශරීරය තාමත් නිසලයි.... ජන්ග්කුක් ඒ මාලය අතේ තියාගෙන ටේහ්‍යුන්ග් ළඟට ගිහින් දණ ගහනවා.
Oh, oh, oh
Lately I've been thinkin'
Thinkin' 'bout what we had
I know it was hard, It was all that we knew, yeah
Have you been drinkin'
To take all the pain away?
I wish that I could give you what you deserve
'Cause nothing can ever
Ever replace you
Nothing can make me feel like you do, yeah
You know there's no one
I can relate to
And know we won't find a love that's so true
There's nothing like us
There's nothing like you and me
Together through the storm
There's nothing like us
There's nothing like you and me together, oh
I gave you everything, baby
Everything I had to give
Girl, why would you push me away? Yeah
Lost in confusion
Like an illusion
You know I'm used to making your day
But that is the past now
We didn't last now
I guess that this is meant to be, yeah
Tell me, was it worth it?
We were so perfect
But, baby, I just want you to see
There's nothing like us
There's nothing like you and me
Together through the storm
There's nothing like us
There's nothing like you and me together, oh
There's nothing like us
There's nothing like you and me
Together through the storm
There's nothing like us
There's nothing like you and me together, oh
ජන්ග්කුක් ගායනා කරනවා... බොහොම ආදරයෙන්... ඔව් ආදරයෙන්... ජන්ග්කුක්ට තේරිලා ඉවරයි තමන් ටේහ්‍යුන්ග්ට ආදරේ කරන බව... ඒත් අවසාන මොහොත වෙනකන්ම ඒක තේරුම්ගන්න එයාට බැරි උනා... ජන්ග්කුක් ගායනය අවසාන කරලා දරාගත නොහැකි වේදනාවකින් හඬන්න ගත්තා... ඒ මොහොතේ එයාගෙ අතේ තිබුණු හදවත් බෝතලයක් සහිත මාලයේ හදවතින් සුදු පාට මහා එළියක් පිට වුනා... ජන්ග්කුක් ටේහ්‍යුන්ග්ව ඒ වෙලාවෙ තදින් බදාගත්තේ ආයෙමත් එයාව අතහරින්න බෑ කියන සිතුවිල්ල එයාගෙ හිතේ තදින්ම තැන්පත් වෙලා තිබුණ නිසා. එළිය සෙමින් සෙමින් නැතිවෙලා ගියා... ආයෙමත් පරිසරය නිහඬයි. ජන්ග්කුක්ගේ පුංචි ඉකිබිඳුම් හඬ ඇරෙන්න වෙන කිසිම හඬක් තිබුණේ නෑ... ඒත් ටිකකින්....,
"ජ...ජන්ග්...කුකී..."
ජන්ග්කුක්ට පුදුමයි... එයා පුදුමයෙන් ටේහ්‍යුන්ග් දිහා බැලුවා... ඔව්... ටේහ්‍යුන්ගේ ලස්සන ඇස් දෙක විවෘතයි... එයාගෙ මූණෙ හිනාවක්...
"ට්..ටේ... මගෙ...ටේ...?"
එහෙම කියපු ජන්ග්කුක් ටේහ්‍යුන්ග්ව තදින් බදාගත්තා... ආදරය ඔප්පු කරා එය විශ්වාස කරන්නාට විපතක් වෙන්නෑ කියලා... ඒ වගේම ජන්ග්කුක් දෙයක් තේරුම්ගත්තා... කවදාවත් ආදරය තේරුම්ගන්න....කල් ගන්න හොඳ නෑ... මොකද ඒක අතපසු වෙන්න වෙන්න, ඒ ආදරය අහිමි වෙන්න තියෙන ඉඩකඩ වැඩියි...
වසර 2කට පසු.....
"මෙන්න දැන් ලැබුණු විශෙෂ පුවතක්... සියොල් කෞතුකාගාරයේ තිබූ ඉතා වටිනා අඳුරු රත්‍රංවලින් නිමවූ පැරණි ඔටුන්න කිසිවෙකු විසින් සොරකම් කර තිබෙනවා... මේ පිළිබඳ බලධාරීන්-"
ටීවී එකේ හැම චැනල් එකකම එකම ප්‍රවෘත්තිය විකාශය වෙද්දි ටේහ්‍යුන්ග් ටීවී එක ඕෆ් කරලා හිනාවෙන ගමන් ජන්ග්කුක්ගේ අතේ තිබුණු ඇපල් ගෙඩිය උදුරාගෙන කන්න පටන්ගත්තා...
"හේයි... ඕක මගේ..."
"බලන්නකො හැමෝම කතාවෙන්නෙ ඔටුන්න ගැන..."
"ඒක මගේ උරුමයක් නම් මම ඒක ගත්ත එකේ වැරැද්දක් නෑනෙ.... හුහ්..."
ජන්ග්කුක් ටේහ්‍යුන්ග්ට රවන ගමන් කිව්වා... ටේහ්‍යුන්ග් කරේ හිනාවුනු එක...
"ඒක මගේ ඔටුන්නනේ... කොහොමද ඔයාගෙ උරුමයක් වෙන්නෙ...?"
"ටේහ්‍යුන්ග් උතුමාණනි... ඔබතුමත් මේ ජියොන් ජන්ග්කුක්ගෙ උරුමයක් තමයි ඒක මතක තියාගන්නවා"
ජන්ග්කුක් එහෙම කියලා ටේහ්‍යුන්ග්ට කිචි කවන්න ගත්තා... දෙන්නගෙ හිනා හඬින් සියොල් නගරයේ උස බිල්ඩිමක තිබුණු ගෙදරක නිහඬතාවය බිඳී ගියා...
දෙලොවක ප්‍රේම ජවනිකාවක අවසානය මෙසේ ලියැවෙන ලදි...