My Dear Blossom (✔️)

By FairylightTae

3.5K 528 40

ආදරේ... කෙනෙකුට පුලුවන් ද ආදරේට හරි අර්තකතනයක් දෙන්න ආදරේ විදින තාක් කල් මේ ලොකේ තියෙන ලස්සනම හැඟීම ආදරේ එතක... More

Author Note
Chapter 01
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Last Chapter
💕🌸

Chapter 10

151 28 1
By FairylightTae

අද අලුත් දවසක්.....
ටේහියුන් අද කලින් ඔෆිස් ආවෙ ඊයෙ හිතුව වගේම අලුත් බලාපොරොත්තු එක්ක....

ඔෆිස් රූම් එකේ දොර අරින කොටම වෙනද ඇහෙන ගුඩ් මෝනින් විශ් එක නම් අද ටේහියුන්ට ඇහුනෙ නෑ....මොකද සෝ තාම ඔෆිස් ඇවිත් නෑ....ටේ අද කලින් ...ඔව් ටේහියුන්ට නොතේරුනාට දැන් එයත් ඒ ගුඩ් මෝනින් විශ් එකට පුරුදු වෙලා....

ටේහියුන් ගිහින් එයාගෙ ශීට් එකෙන් වාඩි වෙද්දිම සෝ ඔෆිස් එකට ආව...ඇත්තටම ටේහියුන්ව දැක්ක ගමන් සෝ කරේ අතේ බැඳල තිබුන වොච් එකෙන් වෙලාව බලපු එක. .මොකද සෝ හිතුවෙ ටේ දැනටම ඔෆිස් ඇවිත් නිසා එයා පරක්කුයි කියලා ..ඒත් නෑ වෙනදටත් වඩා විනාඩි කීපයක් සෝ අද කලින්...
එහෙන්ම හරි සිහියට ආපු සෝ ගුඩ් මෝනින් සර් කියලා ලස්සනට ටේට හිනා වුනා.....

ගුඩ් මෝනින් සෝ කියපු ටේත් ආපිටට සෝට හිනා වුනා...

ඔව් මේක සෝට අලුත් .මොකද ටික කාලෙක ඉදන් ටේ සෝට ගුඩ් මෝනින් කියලා කියුවත් ඒක කියුවෙ ඕනවට එපාවට වගේ....ඒත් කවදාවත් ඒක කියද්දි ටේගෙ මූනෙ හිනාවක් තිබුනේ නෑ....

ඕව මේව හිත හිතම ඇතුලට ආපු සෝ කරේ එයාගෙ බෑග් එක රැක් එකෙන් තියලා අතේ තිබුන මල් පොකුර වාස් එකට දාපු එක....ඊට පස්සෙ ගිහින් කර්ටන් දෙපැත්තට කරපු සෝ ඔෆිස් රූම් එකෙන් එලියට ගියේ කලින් දවසේ පරවුනු මල් පොකුර ඩස්බින් දාලා ඔෆිස් රූම් එකේ තියෙන ජග් එකට වතුර පුරවන් එන්න .....

සෝහි එලියට ගියාට පස්සෙ මුලු රූම් එක වටේම ඇස් යවපු ටේහියුන් නැවුම් හුස්මකින් එයාගෙ හිත පුරව ගත්තා.....

ඔව් සෝ ටේ ලග වැඩට ආපු දවසේ ඉදන් මල් ගෙනාව තමයි....ඒත් අද තමා ටේහියුන්ට තේරුණේ මල් කියන්නෙ අලුත් දවසකට අලුත් ආරම්භයක් කියලා....

ඔව් ඒ කියන්නෙ දැන් ටේහියුන් ලෑස්ති එයාව වෙලාගෙන හිටපු අඳුරෙන් එලියට එන්න....
දවල් වෙනකම්ම සාමාන්‍ය විදියට වැඩ කරපු ටේහියුන් ලන්ච් ටයිම් එක වෙද්දි සෝට කතා කරා....

සෝ

අහ් දේ සර්..

මේ මේකයි අපි ලන්ච් එකට එලියට යමුද...

මෝ...

ඇයි බැරිද....

අනී..ඒත් මේ....

ඒත් මේත් නෙවෙයි යමුද....ඔයාට කියන්න වැදගත් දෙයක් තියෙනවා....

ඔකේ සර් එහෙනම් යමු....ඒත් මේ ඔෆිස් එකේ අය දැක්කොත් මේ....

අපි එයාලට කියමු බිස්නස් වැඩකට එලියට යන්නෙ කියලා...අපි මීට ක්ලින් ඔෆිස් එකේ වැඩවලට එකට එලියට ගිහින් තියෙනව නේ....

අහ් දේ දේ සර් ....

ඔකේ...එහෙනම් ලෑස්ති වෙන්න...

කැෆේ එකට එනකම්ම දෙන්නගෙන් එක්කෙනෙක්වත් කතා කරෙ නෑ.....
අන්තිමට කෑමත් කලා ඉවර වුනාට පස්සෙ සෝ කතා කරන්න පටන් ගත්තා...

සර්...මොකද්ද කියන්න තියෙනව කියුවේ...

හ්ම් කියල හුස්මක් අත ඇරපු ටේහියුන් කතා කරන්න පටන් ගත්තා ....

කුමාවෝ සෝ....
මුලින්ම කුමාවෝ එදා අසනීප වුනු වෙලේ මාව බලා ගත්තට....
ඒත් ඇත්තටම මට ඔයාට කියන්න ඕන වුනේ ඒක නෙවෙයී.

සෝ ඔයා එදා මට කියපු දේවල් ...මං ඒ ගැන හිතුවා...
ඒත් ඔයා කියුව දේවල් ඇත්ත කියල මට ඇත්තටම ඊයෙ තමා තෙරුන් ....
මං අසනීප වුනා කියල දැන ගත්තට පස්සෙ ජිමිනා මාව බලා ගත්ත විදිහ, එතකොට කුකී, හියොන්ලා වැඩ සේරම දාලා මාව බලන්න ආපු ව්දිහ....

ඔව් සෝ මට තේරුනා....මං එයාලව ගොඩක් රිද්දලා කියලා....ඒ වගේම මට..මට එයාලව ගොඩක් මග ඇරිලා කියලා....

ඉතින් කුමාවෝ ...ඒ දේවල් මට කියල දුන්නට.....

ආ තව දෙයක්....ඔයා කියුව වගේම මං හිතා ගත්තා....පරවුනු චෙරි මලට යන්න දෙන්න.....
ඒක ලේසි වෙන එකක් නෑ....ඒත් මට ආදරේ කරන අය වෙනුවෙන් හරි මට ඒක කරන්න වෙනව.... එහෙම නේද ......
ඉතින් ඔයාට පුලුවන් ද මට උදව් කරන්න....

මෙච්චර වෙලා කතාව අහන් හිටපු සෝ පුදුම වුනේ ටේ කියපු දේ ඇහිලා.

මේ මම...ඒත් කොහොමද....

සෝ ....ඔයාට පුලුවන්ද ....එදා පාර්ක් එකේදි මගේ යාළුවෙක් වුනා වගේ හැමදාටම මගේ යාළුවෙක් වෙන්න....

සෝ ඔව් කියන්න ඔලුව වැනුව ....

කුමාවෝ ....කුමාවෝ හැම දේටම...

ඊට පස්සෙ සෝ හරි ලස්සනට ටේට හිනා වුනා...

*******
දින සති ගෙවිලා ගිහින් අලුත් ඍතුවකට මාන බලනවා....

ඔව් මේ කාලෙදි ගොඩක් දේවල් වෙනස් වුනා ......

කිම් ටේහියුන් ගොඩක් දුරට ආයෙත් එයාගෙ පරන ජීවිතේට පුරුදු වුනා.....
එයාගෙ අසීමාන්තික කේන්තිය , කොයි වෙලෙත් බොන එක වගේ ගොඩක් දේවල් දැන් ගොඩක් දුරට නැති වෙලා...

ඒ වගේම පාර්ක් සෝහි කිම් ටේහියුන් හොදම යලුවෙක් වුනා....kth එක ඇතුල්වෙ සෝහි ටේහියුන් ගෙ සෙකට්‍රි වෙද්දි...එතනින් පිට තැන් වලදි සෝ ටේගෙ හොදම යාලුවෙක් වුනා.....

තව ඉස්සර වගේ නිතරම හියොන්ලා ,ටේ, ජිමින් ,කුකී කට්ටිය එකට එකතු වුනා....පිස්සුවෙන් වගේ හිනා වුනා...දැන් ඒ හත් දෙනා එකතු වෙන හැම වෙලේම සෝත් එයාලත් එක්ක හිටියා.....පාර්ක් සෝහි ඔප්පලා හත් දෙනෙක්ගෙ නංගි වුනා...

ඒ වගේම ඉස්සර තරමටම නැතත් පරන ටේහියුන් ආපහු ආපු එකට ටේගෙ හියොන්ලා ,කුකී පුදුමාකාර විදිහට සතුටු වුනා ......
ඒ වගේම එයාල නෝකීවට ටේගෙ වෙනසට සෝහි බලපෑව කියන එක හැමෝගෙම හිත් වල කොනක තිබුන ....

සෝහි, ටේ දෙන්න ඔෆිස් එකේ ඉදන් ෆයිල්ස් වගයක් චෙක් කර කර ඉද්දි සෝට අන් නෝව්න් නම්බර් එක කින් කොල් එකක් ආවා.....
ඇත්තටම කෝල් එක එද්දි ෆෝන් එක තිබුනේ ටේගෙ මේසෙ උඩ නිසා කොල් අයිඩි එකක් තිබුනේ නෑ කියලා ටේහියුනුත් හොදටම දැක්කා...

හිතේ දෙගිඩියාවෙන් කෝල් එක ආන්සර් කරපු සෝගෙ ඇස් සතුටින් දිලිසෙන්න ගියේ විනාඩි කීපයයි.....

වා .....චින්චා....කවද්ද?
කීයටද....

අහ් දේ දේ.....

යා සෝජුනා.....මං ඔයාට කොච්ච කෝල්ස් ගත්තද...

ඒ නම්බර් එක වැඩ නෑ......

ඔයා මාසෙකින් විතර කතා කරේ නැති වුනාම මට දුක හිතුනා.....මෝඩයා....

දේ දේ මං ගෙදර හිහින් ගන්නම්....

අයි රියලි මිස් යූ සෝජුනා......

බායි.....

කෝල් එක කට් කරලා එහා පැත්ත හැරෙද්දි තමා සෝ දැක්කෙ ටේ ඇස් දෙක කටේ දාන් එයා දිහා බලන් ඉන්නව කියලා.....

ටේ මෙහෙම බලන් ඉන්න හේතුව මීටර් උණ ගමන් සෝ දත් තිස් දෙකම දාල ටේට ගොබ්බ හිනාවක් දැම්ම....

එතකොට ටේ.....ඇත්තටම එයා සෝහි කෝල් එකකින් මෙහෙම හැසිරෙනව දැකලාම නෑ ....නෙවෙයි...ඇත්තටම සෝ ලියා එක්ක කතා කරන්නෙ නම් ඔය වගේ පිස්සුවෙන් තමා.....
ඒත් ඒ කියන්නෙ කොල්ලෙක් එක්ක සෝ එහෙම කෝල් එකකින් කතා කරනව දැකලා නෑ....
ඊටත් වඩා මේ මුලු කතාවෙන්ම ටේගෙ ඔළුවෙ රැඳුණේ දේවල් දෙකයි.....එකක්

"""ඔයා මාසෙකින් විතර කතා කරේ නැති වුනාම මට දුක හිතුනා """
අනික

""අයි රියලි මිස් යූ සෝජුනා""

ඇත්තටම සෝ එක කියද්දි ටේහියුන්ට අමුත්තක් දැනුණා.....

ටේට ගොබ්බ විදිහට හිනා වුන සෝ ආයෙත් ෆයිල් එකේ මූන ඔබන් වැඩ කරන්න ගත්තා.....
එතකොට ටේ සැරින් සැරේ දෙයක් අහන්න ඔලුව උස්ස උස්ස හිටියෙ දැන් සෝ එයාගෙ මූන බලයි කියලා....

බැරිම තැන ටේ කතා කරා.....

මේ ...සෝ.... මේ කවුද කතා කරේ.....

අහ්....ෆයිල් එකේ ගිලිලා හිටිය සෝ කතා කරා...
අහ් ...ඒ.. මේ.. ඒ...මගේ යාළුවෙක් .....ඇත්තටම හොදම යලුවෙක් ....

ඒ කියුවෙ ලියාට පස්සෙ මට හම්බුන හොදම යාළුවා....
මං ඇමරිකා ගියාට පස්සෙ ඒ අවුරුදු හතරම මං ලගින්ම හිටපු හොදම යාළුවා...එයත් කොරියන් බෝයි කෙනෙක් .....හැබැයි මං ඩිග්‍ග්‍රි එක කම්ප්ලීට් කරල අවුරුදු හතරකින් ආවට සෝජුනා එහෙ නැවතුනා...තව මොකක්ද ඩිප්ලෝමා එකක් කරන්න.....එයාටත් ලොකු කම්පැනි එකක් තියෙනවා ....එයාට කියුවෙ එයාගෙ අප්පට....හන් කම්පැනි එක එයාගෙ ...

මෝ...එහෙමද....

දේ ..දේ

එයා කතා කරපු එකට සෝට ගොඩක් සතුටුයි නේද....

අහ් දේ...දේ
එකක් ....එයා මට කතා කරේ මාසෙකින්....
එයාගෙ කලින් නම්බර් එක වැඩ කරන් නැතුව තිබුනේ.....
එතකොට ඊලග වැඩේ තාමා සෝජුනා නෙක්ස්ට් වීක් කොරියා එනවලු....එකයී..

අහ්හ්...

සෝ ජුන් කොරියා ඇවිත් දැන් සති දෙකක් විතර.....මේ ටික දවස සෝජුනා....ටේ ,ජිමින් ,කුකී ,හියොන්ලව හැමොම අදුර ගත්තා.....ඔව් මොකද හන් සෝජුන් කියන්නෙ ඇත්තටම ගොඩක් හොද කොල්ලෙක් ...
තව පුලුවන් හැම වෙලේම ජුනා සෝව හම්බෙන්න ආව...එයාල එලියට ගියා....<

ඒත් ඇත්තටම මේ දේවල් ටේහියුන්ට දැනුනෙ අමුතුවට....ඒ ඇයි කියන්න එයාටම තේරුනේ නෑ .....

මේ සිකුරාදා බිස්නස් පාර්ටි එකක් තියෙනවා ....ඇත්තටම මේ පර්ටි එකට ටේ, ජිමින් එක්ක හත් දෙනාම යනවා ..එයාල හැමෝටම මේ පර්ටි එකට ඉන්විටේශන් හම්බුනා....ඇත්තටම රියා ඉන්න කාලෙදිත් මේ වගේ පාර්ටීස් වලට ටේ ගියෙ රියා එක්ක....ඇත්තටම මේ වගේ පාර්ටීස් වලට තමන්ගෙ සෙකට්‍රි වත් එක්ක යන එක සාමාන්‍ය දෙයක්...

සෝ ...

අහ් දේ සර්...

මේ .....නෙක්ස්ට් ෆ්‍රරයිඩේ බිස්නස් පාර්ටි එකක් තියෙනව....ඔයා මාත් එක්ක එනවද යන්න ....
මේ ඔයාගෙ ඔප්පලත් හැමෝම එනව....

මෝ....මේ සර් මම එන්නම ඕනද...

ඇයි සෝ......ඔයා කැමති නැද්ද...

ආනී...ඇත්තටම සර් මේ මං වැඩිය ඔය වගේ තැන වලට යන්න වැඩ් කැමැත්තක් නෑ ඒකයී.

ඉට්ස් ඕකෙ සෝ...ඔයා අකමැති නම් කමන් නෑ.....මේ වගෙ පාර්ටීස් වලට සෙකට්‍රි එක්ක යන එක සාමාන්‍ය දෙයක් නේ ඒකයි මං ඇහුවෙ .

ආනී....මං එන්නම් සර්...ඔප්පලත් එනව නේ.....කොහොමත් ...

දේ කුමාවයෝ සෝ..

සෝ ලස්සනට ටේට හිනා වුනා.....

__________________________________________________

Thank you for reading
I purple you💜️
Love you so much 💞

Continue Reading

You'll Also Like

130K 4.9K 10
2 tom dylogii ,,Agony"
252K 882 26
its all in the title babes 😋
46.7K 3.1K 31
A fan girl version of EDKV. ..Though they were made for each other, situations play a twisted role in their tale . it's true love that blended thei...
15.5K 4K 22
ශීත ඍතුවේ පලමු හිම පතනය සිද්ධ වුන රන් පාට සැදෑවක අහම්බෙන් මුන ගැහුන ඔවුන්!!!! වැඩිමහල් ඇගේ සිතට පෙම් කරන දගකාර හිතුවක්කාරයා ජියොන්ග් ජන්ගුක්.... විසි...