My Dear Blossom (✔️)

By FairylightTae

3.5K 528 40

ආදරේ... කෙනෙකුට පුලුවන් ද ආදරේට හරි අර්තකතනයක් දෙන්න ආදරේ විදින තාක් කල් මේ ලොකේ තියෙන ලස්සනම හැඟීම ආදරේ එතක... More

Author Note
Chapter 01
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Last Chapter
💕🌸

Chapter 6

155 29 0
By FairylightTae

දවල් ලන්ච් එකට ගියාට පස්සෙ ටේහියුන් තාම ඔෆිස් එකට ආවෙ නෑ...දැන් වෙලාව හවස 4 .00 ට විතර ඇති..
එකපාරටම ඔෆිස් එකේ දොරත් ඇරගෙන ඇතුලට යන්න ගියපු ටේහියුන් දොරේ ලොක් එකත් අල්ලගෙන එහෙම්ම නැවතුණේ...එයා දැකපු දෙයක් නිසා.....වෙන්නෙ මොකක්ද කියලා හරියටම බලා ගන්න ඕන නිසා සද්දෙ ඇහෙන් නැති වෙන්න ටේහියුන් එහෙම්ම දොර ළඟ නතර වුනා ..... හැබැයි ටේහියුන් ඇතුලෙ වෙන දේවල් බලන් හිටියෙ අත මිටිගුලි කරගෙන , වගේම තරහටම ඇස් දෙක රතු කරගෙන...
ඔව් ටේහියුන් දැක්කෙ හරි හදිස්සියකින් ටේහියුන්ගෙ මේසෙ උඩ ෆයිල් එකක් දිග ඇරගෙන ඒ ෆයිල් එකේ ෆොටෝස් ගන්න සෝහිව...ඔව් පාර්ක් සෝහීව...
ගත්තු ෆොටෝස් ටික කාට හරි සෙන්ඩ් කරපු සෝහී කෙනෙක්ට කෝල් කරලා මෙහෙම කියුව.

ඔව් ....ඔව්....එයාට හොරෙන් තමා ඔය ටික එයුවෙ... ඔව් පුලුවන් ඉක්මනට මට ඔය ටික චෙක් කරලා එවන්න...හරි..මං ඔෆිස් එකේ ඉන්නෙ...මං හවස ගෙදර ගිහින් කෝල් කරන්න්ම්....ඕකෙ බායි ...

ගින්දර පිට වෙන ඇස් වලින් මෙච්චර වෙලා මේ දේවල් බලාගෙන හිටපු ටේහියුන් එහෙන්ම් ඇතුලට ගිහින් සෝහිගෙ බෙල්ලෙන් අල්ල ගත්තා....
සිද්ද වුනු කිසිම දෙයක් හිතා ගන්න බැරි වුන සෝ ටේහියුන්ගෙ අතින් මිදෙන්න බැලුවත් ඒක හරි ගියෙ නෑ....තව තව සෝගෙ බෙල්ල අතින් තද කරන ගමන් ටේහියුන් කරේ සෝහිව බිතියට තියලා තද කරපු එක ..

සෝහිව බිත්තියට තියලා තද කරලා අත් දෙකෙන්ම සෝ ගෙ බෙල්ල තද කරපු ටේහියුන් කතා කරන්න පටන් ගත්තා....

සෝහිගෙ ඇස් වලින් කදුලුත් එනවා......ටේහියුන්ගෙන් ගැලවෙන්න සෝ එක දිගට ටේගෙ අත් වලට ගැහුවත් ඒකෙන් වුනේ ටේගෙ අත් සෝගෙ බෙල්ලට තව තව තද වුන එක .......

ඇයි තමුසෙ එහෙම දෙයක් කරේ....කියනව ඇයි එහෙම කරේ.....තමුසෙත් රියා වගේම මෙච්චර කල් මං ඉස්සරහ අහිංසකයි වගේ රඟ පෑවෙ මේකටද......කියනව කාටද තමුසේ මගේ ෆයිල්ස් වල ඩීටේල්ස් යැවුවෙ....කියනව.....තමුසෙ කාටද වැඩ කරන්නෙ....
තමුසෙත් අනිත් ගෑනු වගේමයි..

සෝට හුස්ම ගන්න බෑ කියලා දැනෙද්දි කරන්නම දෙයක් නැති හින්ද ටේ අත් දෙක ටිකක් බුරුල් කරා....ඒකට ලොකුම හේතුව මොකක්ද මන්ද හේතුවකට ටේහියුන් ට එක පාරටම මතක් වුනා පාර්ක් සෝහි කියන්නෙ ජිමින්ගෙ නංගි බව....

ටේ බෙල්ලෙන් අත් බුරුල් කරනවත් එක්කම සෝ කැහැ කැහැ හයියෙන් හයියෙන් හුස්ම ගන්න පටන් ගත්තා....

සෝහිට හුස්ම ගන්න ගොඩක් අමාරුයි කියල දැකපු ටේහියුන්ගෙ අත් ඉබේම සෝගෙ බෙල්ලෙන් අත ඇරුණා....
ටේ බෙල්ලෙන් අත් අයින් කරනවත් එක්කම සෝහි බිම වාඩි වෙලා බෙල්ලත් අල්ලන් හුස්ම ගන්න පටන් ගත්තා...සෝගෙ බෙල්ල හොදටම රතු වෙලා...
ටේහියුන්ගෙ ඇගිලි පාරවල් සෝගෙ බෙල්ලෙ හිටලා තිබුනා.........සෝ බිම වාඩි වෙලා හුස්ම සාමාන්‍ය වෙනකම් ඉන්න අතරේ පුටුවෙන් වඩි වුන ටේහියුන්ගෙ ඉහ මොල රත් වුනේ.....ටේගෙ මෙසෙ උඩ දිග ඇරලා තිබුන ෆයිල් එක දැකලා........

එහෙම්ම බිම වාඩ් වෙලා ඉන්න සෝ දිහා බලපු ටේහියුන් සෝ ලගට යන්න හදනවත් එක්කම බෙල්ලත් අල්ලගෙනම ටේහියුන් ලගට ආපු සෝහි ඇස් වලින් වැටෙන කදුළු වලට එහෙම්ම යන්න ඉඩ ඇරලා කතා කරන්න පටන් ගත්තා.......

"හැමෝම එක වගේ නෑ මිස්ට ටේහියුන්......එක්කෙනෙක්ගෙ වැරැද්දක් නිසා අනිත් මිනිස්සුන්ට රිද්දන එක වැරදී....
රියාගෙ වැරැද්දක් නිසා ඔයා මට මේ විදිහට සලකන එක වැරදි මිස්ට ටේහියුන් ...ඒක ඒක හරිම අසාදාරනයි....."

අන්තිම ටික කියද්දි සෝගෙ කදුලු ඉකියක් එක්කම වැඩි වුනා.....සෝගෙ මේ කතාව පසු තැවෙන මූනකින් අහන් හිටපු ටේහියුන්ට සෝහිගෙන් සමාව ඉල්ලනව ඇරෙන්න කරන්න දෙයක් තිබුනෙ නෑ....හොදටම පොඩි වෙච්ච ඇදුමත් එක්කම බෑග් එකත් අරන් මේසෙ උඩ දිග ඇරලා තිබුන ෆයිල් එකත් අරන් කදුලුත් පිහද පිහද එලියට යන සෝහි දිහා බලාගෙන
මියානේයෝ....කියල කියුවත් ඒක සෝ ට ඇහුණේ නෑ.....
ඔව් ටේහියුන්ට වැරදුනා ...සොහි ෆොටෝ ගහල තියෙන්නෙ මෙඩිකල් ෆයිල් එකක්...
ගිය දවස් ටිකේ නිතරම වගේ ජිමින්ට ඔළුවෙ කැකුමක් තිබුනා..ඒ නිසා සෝහිගෙ බල කිරිල්ලටම ජිමින් ගිහින් චෙක්කප් එකක් කර ගත්තත් එකේ රිපෝට්ස් ඔක්කෝම නොර්මල් කියල තමයි ජිම්න් සෝට කියුවෙ .....
ඒත් සෝට ජිමින්ව සත පහකටවත් ශුවර් නැති නිසා තමා සෝ ජිමින්ට හොරෙන් ෆයිල් එකේ ෆොටෝස් ලියාට කෝල් කරලා යැවුවෙ ....

මින් ලියා කියන්නෙ සෝ ගේ බෙස්ට් ....පොඩි කාලෙ ඉදල හොදම යාළුවෝ.....ලියා කියන්නෙ ට්‍ර්‍රෙනින් ඩොක්ටර් කෙනෙක්....

හවස ගෙදර බෙල් එක වැදෙද්දි සෝ ගිහ්න් දොර ඇරියේ මේ වෙලාවෙ ගෙදර එන්නෙ ජිමින් නිසා... ඔව් සෝ හිතුව හරි හැබැයි ජිමින් හිටියෙ තනියෙන් නම් නෙවෙයි...ජිමින් ගෙ එහා පැත්තෙ බෙල්ලත් කස කස හිටියෙ ටේහියුන් .....එයාව දැකපු සෝ එහෙන්ම හැරිලා ගේ ඇතුලට යන්න හැදුවෙ....
ඊට කලින් ඉක්මන් වුනු ජිම්න් කතා කරන්න පටන් ගත්තා. .....

සෝ ටේ මට වුනු හැමදේම කියුවා...මං දන්නව ඔයා දැන් තරහෙන් ඇත්තෙ.....
ඒත් මේ වෙලාවෙ ඔයා අඩුම ටේට සමාව ගන්න වත් ඉඩක් නොදුන්නොතින් ටේට හැමදාම පසුතැවෙන්න වෙයි.....චේබල් සෝ ඔප්ප වෙනුවෙන් වත් .....

හ්ම්ම් කියපු කෙල්ල කට්ටියත් එක්කම ඇතුලට ආවා...

සෝගෙ බෙල්ල දිහා වුවමනාවෙන් බලපු ජිම්න් මෙහෙම කියුව..

සෝ ඔප්ප වොශ් එකක් දාන් එන්නම්....එතකන් ඔයලා කතා කරන්න....ඔප්ප වොශ් කරන් ඇවිත් බෙල්ලට මොනව හරි ගාන්නම් .......
කියලා ටේගෙ පැත්ත හැරිලා හැමදේම හරියයි කියල ඇස් දෙකෙන් කියුව ජිමින් එයාගෙ රූම් එකට ගියා.....

ජිමින් ගියාට පස්සෙ කොහෙන් කතාව පටන් ගන්නද කියල හිත හිත හිටපු ටේ ගැස්සිලා ගියේ සෝ කතා කරනව ඇහිලා.....

මොනව හරි බොනවද .....

බෙල්ල ගැලවෙන්න තරමට දෙපැත්තට වනපු ටේහියුන් කියුවෙ එපා කියල

මියානෙ සෝ.....චොම්මල් මියානේ .......
මං දන්නව මං හැම වෙලේම ඔයාට රිද්දුවා කියලා ...මියානේ .....පුලුවන් නම් විතරක් මට සමාව දෙන්න .. . ආ තව දෙයක් එදා ඔයා මාව ක්ලබ් එකේ ඉදන් එක්ක ආව දවසෙ තම මං දැන ගත්තෙ ඔයා ජිමිනගෙ නංගි කියලා .....
බෙල්ල ගොඩක් රිදෙනවද මියානේ.....

එක දිගට කෝච්චියක් වගේ කියාගෙන ගියපු ටේ සෝගෙන් උත්තරයක් බලාපොරොත්තුවෙන් බිම බලාගෙන හිටියා ......

බර හුස්මක් අත ඇරපු සෝ කතා කරන්න පටන් ගත්තා ...
හ්ම්ම් මං සමාව දුන්නා... ඒක ගැන වැඩිය හිතන්න එපා...ඒක අමතක කරන්න...ඒත් දෙයක් හොයලා බලන්නෙ නැතුව කේන්ති ගන්න එපා....

කුමාවෝ සෝ.....කුමාවෝ ......
ඒත් කොහොමද ඔයා ඔය තරම් ඉක්මනට සමාව දුන්නෙ..

ඒක තමා සෝ මේ මෝඩ තේයියට ඔහොම ලේසියෙන් සමාව දෙන්න එපා.....මට වගේ හොද ගාණකට තට්ටු කරලාම සමාව දෙන්න .....මූයි මායි කියලා වෙනසක් නෑ...මූ මගේ සෝල්මේටා නේ .....වොශ් දාගෙන සාලෙට එන ජිමින් සෝ වෙනුවට ටේට උත්තර දුන්න...

යා....ඔප්ප..මේ මගේ බොස්...
ඒකට කමක් නෑ සෝ ඔයා කැමති ඕනම දෙයක් මට කියන්න.....

හ්ම්ම්....හරි ටේහියුන් සර් හෙට නිවාඩු නේ....ඔයාට පුලුවන් ද හෙට උදේ 10.00 ට විතර මාව පාර්ක් එකේදී හම්බෙන්න.....

ඒක අහපු ටේගෙ වගේම ...ජිම්න්ගෙත් ඇස් ටික් බෝල සයිස් වුනා.....

එහෙම කියල යන්න හැරුනු සෝ නැවතිලා...
ඔයා හෙට ආවොත් මං පිලිගන්නව ඔයා මගෙන් සමාව ඉල්ලුවෙ අවංකවමයි කියලා..
ඊට පස්සෙ ගුඩ් නයිට් කියපු සෝ විදුලි වේගෙන් කාබරේට ගිහින් දොර වහ ගත්තා.....

කිසිම දෙයක් හිතා ගන්න බැරි වුන ටේ ජිමින් දිහා ප්‍රශ්නාර්ථ බැල්මකින් බැලුවෙ මං දැන් මොකද කරන්නෙ වගේ බැල්මකින්....

අනේ මන්ද ටේ මේ කෙල්ලව වෙලාවකට මටත් තේරුම් ගන්න බෑ ..... ඒත් මං උබට බල කරන් නෑ කැමති නම් හෙට ගිහින් එයාව හම්බෙන්න . ...
තව ටිකක් වෙලා ජිමින් එක්ක කතා කර කර හිටපු ටේ ගෙදර ගියා.....

ජිමින්ගෙ රිපෝට්ස් වල ප්‍රශ්නයක් නෑ කියලා ලියා එවපු මැසේජ්ස් බල බල හිටපු සෝට ජිමින් කතා කලා.....
සෝ මං ඇතුලට එන්න ද

එන්න ඔප්ප දොර ඇරල තියෙන්නෙ....
බෙහෙත් ටියුබ් එකකුත් අතේ තියන් ආපු ජිමින් මුලින්ම කරේ සෝගෙ බෙල්ලට ඒක ගාපු එක.
සෝ ඔයා කැමති නම් විතරක් ඔප්පට කියන්න හරිද..
ඔයා ඇයි ටේට හෙට පාර්ක් එන්න කියුවෙ....

ජිමින්ගෙ උරිස්සට හේත්තු වුන කෙල්ල කතා කරන්න පටන් ගත්තා ....
මං දන් නෑ ඔප්පා.....ඒත් මට එයාට කතා කරන්න ඕනා.....මං දන්නවා ඔයා ..කුකී,ඔප්පලාට එයාගෙ හිත හදන්න බැරි වුනා නම් කොහොමත් මට ඒක කරන්න බෑ කියලා....කොටින්ම එයා මට කැමති නෑ කියලත් මං දන්නවා ...ඒත් මං කැමති ට්‍රයි කරල බලන්න. ....
මං දන්නෑ මේක හරිද කියලා...ඒ වුනාට මගේ හිත කියුවෙම එයා එක්ක කතා කරන්න කියලා .....
මං කරේ වැරැද්දක් ද ඔප්පා....

මං දන්නව මගේ සෝ කාටවත් වැරැද්දක් කරන් නෑ කියලා...ඔයාගෙ හිතට හරි කියලා හිතෙන දේ කරන්න පැටියෝ.....හැබැයි ටේ එයි ද කියලා නම් මං දන් නෑ ....ඊටත් වඩා සෝ ඔයා ටේගෙ කේන්තිය ගැනත් දන්නව නේ.....ඔයාට හොඳයි කියලා හිතෙන දෙයන් කරන්න සෝ.....ගුඩ් නයිට් කියල සෝ ගෙ නලලට හාදුවක් දුන්නු ජිමින් ලයිට් එකත් ඕෆ් කරල දොර වහගෙන එලියට ගියා.....

_______________________________________________________
Thank you for reading
I Purple You💜️

Continue Reading

You'll Also Like

5.2M 46.1K 57
Welcome to The Wattpad HQ Community Happenings story! We are so glad you're part of our global community. This is the place for readers and writers...
30.2K 6.4K 25
හුස්ම නවතින තරම් කඩවසම් පෙනුමක්!!!!! ඊටත් වඩා හිතුවක්කාර ආඩම්බර කාර චරිතයක් වූන ඩොක්ටර් කිම් තේහයුන්.... පිලිවෙලට වැඩ කරන ටිකක් තද චරිතයක්...... ඒත්...
90.5K 2.3K 34
A little AU where Lucifer and Alastor secretly loves eachother and doesn't tell anyone about it, and also Alastor has a secret identity no one else k...
26.8K 3.1K 54
දහකාර හුරතලීට අහඹු ලෙස පෙම් පෙම් බදින සෙල්ලක්කාර කිම් ටේහ්‍යුන් ...❤ ආදර හැගුම් හිත පතුලෙ තියන් හුරතලීට පෙම්බදින නිහඩ ආදරවන්තයෙක්.....❤ එකිනෙක බැදුණු...