හත්දින්නත් තරු 💜🌟💫

By kjdhaHdtaxudthdgx

4.3K 636 275

ඇගේ ආදරේ..❤️💫 BTS නම් වූ හත්දින්නත් තරු යායේ හයවෙනි තරුවට ආදරේ කළ තාරකාවියගේ කතාව...💜💫 More

හැදින්වීම
part 1
Part 2
Part 3
Part 4
Part 5
Part 6
Part 7
Part 8
Part 9
Part 10
Part 11
Part 12
Part 13
Part 14
Part 15
Part 16
Part 17
Part 18
Part 19
Part 20
Part 21
Part 22
Part 23
Part 24
Part 25
Part 26
Part 27
Part 28
Part 29
Part 30
Part 31
Part32
Part 33
Part 34
Part 35
Part 36

Part 37

123 16 3
By kjdhaHdtaxudthdgx

අවුරුදු කිහිපයක් තිස්සෙම හිතින් ආදරය කළ.. කිසිම දවසක හැබැහින් දකින්නට හෝ ලැබේදැයි නොදැන සිටි තම සිහින ආදරයේ ස්පර්ශය සැබෑවටම දැනෙද්දි විහගි විනාඩි දෙකක් පමණ ඒ ආදරේ රස්නය විදගන්නට වූයේ මුලු හිතම සැනසෙද්දීය.

ඉන්පසු V කෙරෙන් ඈත් වූ ඇය,

විහගි:- එහෙනම් V මම ගිහින් එන්නම්.හෙට හම්බවෙමු.🙂

V:-  හරී..මං ගිහින් කෝල් එකක් දෙන්නම්.🙂 
අහ් මේ..විහගි,

විහගි:- ම්ම්ම්..

යන්න දෙන්නට ලෝබකමින් ඇයට නැවතත් කතා කලද..කුමක් කියන්නද කියලා V ට සිතාගැනීමට නොහැකි විය.

V:-  නැහැ මුකුත් නෑ...නිකන්, පරිස්සමින් යන්න.❤️

විහගි :- හරී..ඔයත් පරිස්සමින්..❤️

ඊන්පසු ඔවුන් දෙදෙනාම තම තමන්ගේ නිවෙස් කරා පිටත් විය.

........................................................................

BTS HOUSE 🏬💜💫

V නිවසට පැමිණෙන විටත් මධ්‍යම රාත්‍රිය උදා වී තිබුණි. අනෙකුත් bts සාමාජිකයන් නිදා සිටියද ජිමින්,සුගා සහ නම්ජූන් සිටියේ අවදියෙනි.

Suga:- අන්න ටේ ආවා.

RM:- හ්ම්ම්..

Jimin:- මේ Idol ජීවිතේ අපිට කොයිතරම් දේවල් දීලා තියෙනවාද වගේම..ඒත් එක්කම කොච්චර දේවල් උදුරගෙනද කියලා මට ටේගෙ මූණ දැක්කම මේ දවස් ටිකේම දැණුනා හ්යොන්ග්..🙂

RM:- හැමදේම තව ටික කාලයක් යද්දි හරියයි ජිමිනා. ම්ම්ම්..ඔයාගෙ යාලුවා එදාට ලස්සනට හිනාවෙයි 😊

Suga:- මං ගිහිල්ලා මිනිහව පොඩ්ඩක් බලලා එන්නම්.

RM:- හරි හ්යොන්ග්.

එතැනින් නික්ම Suga ගියේ V ගෙ කාමරයටය. ඒ නිවසට පැමිණි වහාම V එහෙම්මම තම කාමරයට ගොස් දොර වසාගත් නිසාය.

Suga:- ටේ, ටේ...ඔයා ආවා නේද...
කෝ මේ දොර අරිනවකො.

V:- හ්යොන්ග් මට නිදිමතයි..මහන්සියි..
හෙට කතා කරමු අපි.

Suga:-තමුසෙ මේක අරිනවද..
නැත්නම් මං දොර කඩාගෙන ඇතුළට එන්නද..🤷‍♂

Suga ගේ හැටි දන්න නිසාම V ගොස් දොර අරින්නට විය.

V:- මොකද හ්යොන්ග් වෙලා තියෙන්නෙ..
පොඩි බබෙක් වගේනෙ ඔයත්..නිදාගන්නැද්ද.

Suga:- මොනාහරි වෙලා තියෙන්නෙ මටද..?මෙන්න මෙහෙ එනවා ඇතුළට.

එසේ කියමින් Suga ටේවත් අතින් ඇදගෙනම කාමරය ඇතුළට විත් ඇදේ ඉදගන්නට විය.

Suga:- මේ අහනවා..මං දන්නෑ සාමාන්‍යයෙන් මිනිස්සුන්ගෙ හිත හැදෙන්න කතා කරන්න. හැබැයි මෙහෙමයි...මීට අවුරුදු පහළොවකට දාසයකට කලින් මගෙ ඇස් ඉස්සරහට ආපු අර දඩබ්බර, හිතුවක්කාර හැබැයි අහිංසක,  කණ්ඩායමේ ගැඹුරුම කටහඩ තිබුණු, තියුණු ඇස් දෙකක් තිබුණු ඒ වුනාට ආදරණීය හදවතක් තිබුණු  ලස්සන කොල්ලා...අන්න ඌ ටික ටික ලොකු වෙලා මටත් වඩා උස ඉලන්දාරියෙක් වෙනහැටි මං බලාගෙන හිටියෙ ගොඩක් ආසාවෙන්, සතුටෙන්..
ඉක්මනට ඇස්වලට කදුලු ආවට..මහහුගක් දරාගන්න පුලුවන් හිතක් තිබුණු ඒ කොල්ලා ජීවිතේ හැමදේකටම අපිත් එක්කම ශක්තිමත්ව මුහුණ දුන්නා. මට අදත් දකින්න ඕනෙ අන්න ඒ ශක්තිමත් හදවතක් තිබුණු කොල්ලව. මොකද මෙච්චර කාලයක් ඔයාට තරග කරන්න වුනේ ජීවිතෙත් එක්ක. හැබැයි අද තරග කරන්න තියෙන්නෙ හදවතත් එක්ක. මං සීතල ගලක් වගේ හිටියට මං දන්නවා,
හිතත් එක්ක කරන ගනුදෙනුවලදි දරාගන්න අමාරුයි කියලා. හැබැයි මතක තියාගන්න... වසන්තය එන්නෙ ඉස්සරහට.😌 හරි දැන් හොද කොල්ලා වගේ නිදාගන්න. හෙට ගිහින් හිනාවෙලා එයාට සමුදෙන්න. එයා හිමි ඔයාටනම්..දෛවය කියන බම්බුවට තියා මේ ලෝකෙ කාටවත් ඔයාලව වෙන් කරන්න බැරිවෙයි. ඒ නිසා ශක්තිමත්ව ඉන්න. තව ටික කාලෙකින් ඔයාගෙ ජීවිත කතාවෙ එක පරිච්ඡේදයක් ඉවරවෙනවා. ඊලඟ  පරිච්ඡේදයත් ඔයාම ඔයා කැමැති විදියට ලියාගන්න. ඒක ඔයාගෙ අයිතියක්. තේරුණාද...

V:- ඔව් හ්යොන්ග්..❤️

එසේ කියමින් ටේ යුන්ගිව වැලදගන්නට වූයේ සිතෙහි උතුරාගිය සහෝදර ප්‍රේමයෙනි.

Suga:-  හරි හරි..ඔය මුකුත් නොහිතා දැන් හොදට නිදාගන්න.

එලෙස පවසමින් ඔහුගේ පිටට තට්ටුවක්ද දමමින් Suga කාමරයෙන් යන්නට ගිය අතර නැවත ටේ දෙසට හැරී,

Suga:- ඒයී කොටියෝ..රෑට කාලද..
( ඒ දයාබර සහෝදරයකුගේ ආදරයයි ❤️)

V:- ඔව් හ්යොන්ග්..මං  කාලා ආවෙ ඔයාලා කෑවා නේද..

Suga:- හ්ම්ම්..අපි කාලා ඉන්නෙ. තමුසෙ ෂුවර් එකටම කෑවනෙ නේද..බොරුනම් කියන්න හදන්න එපා දන්නවනෙ මගෙ හැටි..කෝල් කරලා අහනවා හොදේ හැමෝගෙන්ම.😌

V:- නෑ නෑ හ්යොන්ග්..ඇත්තටම මං කෑම කාලා ආවෙ.

Suga:- හරි එහෙනම් ගුඩ්නයිට්...
මං යනවා.🙋‍♂

V:- ගුම්නයිට් හ්යොන්ග්...🙋‍♂

කාමරයේ දොරත් වසාගෙන Suga පිටව ගිය පසු ටේ එහෙමම ඇදට වැටුණේ Suga කියූ දේවල් පිළිබඳවද සිතමිනි.

විහගිගේ නවාතැන ❤️💫

විහගි:-  හැමදේම ලෑස්තියි නේද අම්මා?

අම්මා:- ඔව් දුව..ඔයාගෙ බඩුත් හරිනෙ..

විහගි:- හ්ම්ම්..ඔව්.

අම්මා:- දූ..

විහගි:- ම්ම්ම්...

අම්මා:- මගෙ දූට මාත් එක්ක කතා කරන්න ඕනෙද..❤️

විහගි:- අම්මා...😭😭

අම්මා:-  මේ අහන්න රත්තරං..ඔයා දැනගෙන හිටියා මුලඉදන්ම මේ දවස උදාවෙනවා කියලා..මං දන්නවා ඔයාට ගොඩක් දුකයි කියලා..ඒත් අපි හෙට දවසට මුහුණ දෙන්නම ඕනෙ.

විහගි:- මං දන්නවා අම්මා..
ඒත් මාත් හරි පව් නේද අම්මා..🥺🥺

.........................................................................

පසුදා උදෑසන 🌤️

පසුදා සූදානම් වී විහගි ඇතුළු පිරිස ගුවන්තොටුපළ වෙත පැමිණි අතර
Vද තම ආදරණීය මිතුරා ජිමින් සමග එතැනට පැමිණ සිටියහ. තමාටත් පෙර V  පැමිණ සිටිනවා දුටු විහගි ඔහු අසලට ගියේ දෑස්වලින්ද සිනාසෙමිනි.

විහගි:- ඔයාලා අපිටත් කලින්ම ඇවිල්ලා නේද..😁 අනේ ජිමින් ඔයාත් ආව එක කොයිතරම් හොදද..😁😁

Jimin:- මං ඉතින් එන්නම එපැයි මගෙ නෑනා පොඩ්ඩට බායි කියන්න.🤷‍♂

විහගි:- අහ්...

ඒත් එක්කම V තම වැලමිටෙන් ජිමින්ගේ බඩට අනින්නට වූ විටයි තමා කියූ දෙය කුමක්දැයි යන වග ජිමින්ට වැටහෙන්නට වූයේ..

Jimin:- අහ් නෑ මං කිව්වෙ..මේ මං එන්න එපැයි මගෙ යෙහෙළියට සමුදෙන්න 😁😁

විහගි:- 😁😁

මිස්ටර් පාර්ක් මියුන්ජි ඇතුළු පිරිසද
ඒ අතර එතැනට පැමිණෙන්නට විය.

මීඩියාවලින් අසන ලද ප්‍රශ්නවලටද පිළිතුරු ලබාදුන් පිරිස මීලගට විහගිට සමුදීමට සූදානම් විය.

මිස්ටර් පාර්ක් මියුන්ජි:- එහෙනම් මිස් විහගි, ඔයාට ගොඩාක් ස්තූතියි අපිත් එක්ක මේ වැඩේට එකතු වුනාට. ඒක අපිට ලොකු ගෞරවයක්. අපි ඉක්මනට නැවත මුනගැහෙමු.

විහගි:- අනිවාර්‍රයෙන් ම අපි ආයෙත් ඉක්මනට මුණගැහෙමු මිස්ටර් මියුන්ජි.
ඔබතුමාටත් බොහොම ස්තූතියි මාව විශ්වාස කරලා මේ වැඩේට මාව සම්බන්ධ කරගත්තට.

ඔහුට ආචාර කොට ඉන්පසු විහගි ගියේ මින්වා දෙසටයි.

විහගි:- මින්වා.. ඔයා දන්නවද...
මං යාලුවො ඇතිකරගන්න ඒ තරම් දක්ෂ කෙනෙක් නෙවෙයි. ඉතින් එහෙම මට ලැබෙන සීමිත යාලුවන්ට මං සහෝදර සහෝදරියන්ට වගේ ආදරෙයි ❤️
ඔයත් මට එහෙම සහෝදරියක්...
මේ නුහුරු දේශය හුරුකරගන්න ඔයා මටයි අම්මටයි ගොඩාක් උදව් කළා.
ඉතින් ඔයා හැමදාම මගේ හොදම යාලුවෙක්.

මින්වා:- අනේ මිස්..මිස් මාව අඩවනවනෙ..🥺🥺 මටත් මිස්ව දැණුනෙ මගේම සහෝදරියක් වගේ..❤️ මිස් මට කවදාවත් පිට කෙනෙක් වගේ සැලකුවේ නෑ. ඒ සහෝදරකමට, ඒ නිහතමානීකමට ගොඩාක් ස්තූතියි මිස් 💜 ලංකාවට ගියහම මටත් කෝල් එකක් දෙන්න මිස්..මං බලාගෙන ඉන්නවා. 😊

විහගි:- අනිවාරෙන්ම..❤️

එසේ කියමින් විහගි තම කොරියානු මිතුරියව ඉතා ආදරයෙන් වැලදගත්තා ය.

ඉන්පසු ඈ ගියේ ජුන් ජේ වෙතටයි. ඔහුද පැමිණ සිටීම විශේෂත්වයක් විය.

විහගි:- ඉතින් මිස්ටර් ජුන් ජේ..
එහෙනම් මං ගිහින් එන්නම්.
ගොඩාක් ස්තූතියි මට දුන්න සපෝර්ට් එකට.ඔයා ඇත්තටම හොද යාලුවෙක්..😊

ජුන් ජේ:- මමයි ඔයාට ස්තූති කරන්න ඕනෙ මිස් විහගි..ඇත්තටම ඔයා තමයි මට හොද යාන්තම් වුණේ...😊
අපි ආයෙ හම්බවෙමු.

විහගි:- අනිවාරෙන්ම 🧡

ජුන්ජේටත් සුහද වැලදගැනීමකින් සමුදුන් විහගි ඊලඟට ගියේ V සහ ජිමින් සිටිනා තැනටයි.

විහගි:- ජිමින්..එහෙනම් මං යන්නම්.
අයියලාවත් මතක් කරා කියන්න. මගේ ජීවිතේ ලොකුම හීනයක් වෙලා තිබුණෙ ඔය හත්දෙනා..ඒ හීනෙ කෙනෙක්  ලස්සනට හැබෑකලා. ( එසේ කියමින් ඇය V දෙස බලන්නට විය) ඉතින් මගේ ජීවිතේ දම්පාටින් හැඩ කලාට ඔයාලා හත්දෙනාටම ගොඩාක් ස්තූතියි 💜💜

ජිමින්:- යන්නම් නෙවෙයි විහගි..ගිහින් එන්නම් කියන්න. ඔයාට අනිවාරෙන් ආයෙ එන්නම වෙනවා.😌 සතුටින් ඉන්න විහගි..ඔයාට දුකක් දැනෙන හැම වෙලාවෙම මතක තියාගන්න. කොරියාවෙ සෝල්වල ඔයාව තේරුම්ගත්ත දෙන්නෙක්ම දැන් ඉන්නවා කියලා 🤷‍♂

විහගි:- දෙන්නෙක්..?

ජිමින්:- ඔව්..දැන් දෙන්නෙක් ඉන්නවා.දැන් මං නැතත් විශේෂයෙන්ම තව කෙනෙක්  ඉන්නවා.😌

ජිමින් ඒ කීවෙ V ගැන බව V මෙන්ම විහගිද දනී.

විහගි:- හරී..😊 ජිමිනා ආර්මිලා කියන විදියට ඔයා තමයි බෑන්ඩ් එකේ ආදරණීයම වැලදගැනීම තියෙන කෙනා. යන්න කලින් ඔයාගෙ මේ ආර්මියාව ඒ විදියට හග් කරන්නෙ නැද්ද..

ජිමින්:-  😁😁

ආදරණීය ලෙස සිනාසෙමින් ජිමින් ඇයව වැලදගන්නට විය. ඉන්පසු ඇගේ කනට ලංවී රහසින්,

ජිමින්:-  මගේ පිස්සාටම හරියට පිස්සි 😁

යැයි කියන්නට විය.

එලෙස ජිමින්ට සමුදුන් විහගි අවසානයේ හැරුණේ ඇයට සමුදෙන්න අමාරුම පුද්ගලයා දෙසටය.  කිසිත් නොකියා තත්ත්පර කිහිපයක් එකිනෙකාගෙ ඇස් දෙස බලා සිටි ඔවුන් පියවි සිහියට පැමිණියේ සියලුදෙනා තමන් දෙස බලා සිටින වග දන්නා නිසාවෙනි.

විහගි:-  ටේ...

V:- ම්ම්ම්..

විහගි:- එහෙනම් මං ගිහින් එන්නම්..🙂
ඔයාට ගොඩාක් පිං...ඔයා නිසයි මං මේ දම්පාට ලෝකෙ ගැන දැනගත්තේ..මේ ලෝකෙ සාමාජිකාවක් වුනේ..ඒ හැමදේම ඔයා නිසා. 💜
මට මාව හොයාගන්න පාර කියපු මගපෙන්වන්නා ඔයා..💜
ඉතින් මං කැමැතියි මගේ ඒ මගපෙන්වන්නා හැමදාම සතුටින් ඉන්නවනම්..❤️

V:-  හ්ම්ම්...එයා සතුටින් ඉදියි.
ඒක මගෙ පොරොන්දුවක්.
ඔයා දන්නවනෙ...මං මගේ පොරොන්දු කඩන්නැති බව😊❤️
ඔයත් සතුටින් ඉන්න..ඒ වගේම ආයෙත් ඉක්මනටම අපි හම්බවෙනවා.
ඒක මං මටම දෙන තවත් පොරොන්දුවක්.😌
අහ් මෙන්න මගෙ තවත් ඉෂ්ට කිරීමක්...

එසේ කියමින් V ඇය වෙත දිගු කලේ  තිළිණයකි.

විහගි:- මේ මොකක්ද..?

V:- කඩලා බලන්නකෝ..

ඉන්පසු විහගි එය විවෘත කර බලන්නට විය. එහි වූයේ මීට පෙර විහගිගේ උපන්දිනය දා ඇය bts සාමාජිකයන් හා ගත් සෙල්ෆි ඡායාරූපයේ රාමුකරන ලද පින්තූරයකි.

විහගි:- අනේ මේක...☺️💜
ඔයාට ගොඩාස් ස්තූතියි ටේ. මේක මට ගොඩාක් වටිනවා..🥺
එහෙනම් මං ගිහින් එන්නම්..

එසේ කියමින් ඇය ඇගේ ඇස්වල කදුලු පිසදමන්නට වූයේ මේ වෙද්දීත් ඇගේ නෙත් කදුලින් තෙත් වී තිබූ නිසයි.

V:- පරිස්සමින්...

එපමණක් කියමින් ටේ ඇයව වැලදගන්නට විය. එය ඉතා සාමාන්‍ය වැලදගැනීමක් ලෙස පිටතට පෙණුනත් ඇතුළතින් සිත් පුරාම ආදරය පුරවාගෙන නිහඩවම වෙන්වෙන ආදරවන්තයින් දෙදෙනෙකුගේ වේදනාව පිළිබදව දැන සිටියේ ඔවුන් දෙදෙනාම පමණි.

................................................................................................

ඔයාලට මගෙ කතාව අමතක වෙලාද දන්නෙත් නෑ..
සෑහෙන කාලෙකින් කතාව නොදැම්මට සමාව ඉල්ලලා මදිත් වගේ..🙂💔
ඒ වුනාට සමාව දෙන්න..💜

පුලුවන් තරම් ඉක්මනට ඊලඟ කොටස දෙන්නම්.
බොහෝවිට ඒ කොටසින් හරි තව කොටස් දෙකකින් හරි මේ කතාව ඉවරවේවී..😊❤️






Continue Reading

You'll Also Like

120K 5.1K 52
❥❥❥ [BNHA x Fem!Reader] ❛❛𝔸𝕝𝕝 𝕥𝕙𝕖 𝕣𝕚𝕔𝕙𝕖𝕤 𝕓𝕒𝕓𝕪, 𝕎𝕠𝕟'𝕥 𝕞𝕖𝕒𝕟 𝕒𝕟𝕪𝕥𝕙𝕚𝕟𝕘, 𝔸𝕝𝕝 𝕥𝕙𝕖 𝕣𝕚𝕔𝕙𝕖𝕤 𝕓𝕒𝕓𝕪...
1.3M 57.7K 104
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC
276K 8.2K 93
Daphne Bridgerton might have been the 1813 debutant diamond, but she wasn't the only miss to stand out that season. Behind her was a close second, he...
210K 7.4K 97
Ahsoka Velaryon. Unlike her brothers Jacaerys, Lucaerys, and Joffery. Ahsoka was born with stark white hair that was incredibly thick and coarse, eye...