නැවතත් ඔබ වෙත | Back To You [...

By sehasnara

31.2K 4K 747

මිනුක තිසේන් පෙරේරා කියලා නොකිව්වම කවුද මං ගැන නොදැන හිටියේ? ඒ ලෙවල් මැත්ස් සෙක්ෂන් එකේ හැමදාම පළවෙනියා. ඕ ල... More

00
01
02
04
05
06
07
08
09
10
11
12
13
14
15 (smut)
16

03

1.8K 295 45
By sehasnara

මම උදෑසන අවදි වූ විට මගේ කලිසම තෙත් වී තිබුණේ පසුගිය රාත්‍රියේ මම අධික ලෙසින් මා තෘප්තිමත් කර ගැනීම ‌යන හේතුව නිසාවෙනි. පාන්දර තුනයි තිහට ඔරලෝසුව නද දෙද්දී මම අපහසුවෙන් දෑස් විවර කර පොරවන රෙද්ද සිරුරෙන් ඉවත් කළෙමි. නැගිටීමට තැත් කළ විට මට දැනුණේ මගේ කලිසම මගේ දෙපා මතට ඇලී තිබුණු බවයි. 

'අයියෝ..' මම හුස්ම යටින් මතුරා ගන්නා අතරේම ඇඳෙන් බැස රාක්කයේ තිබූ තුවාය හා අලුත් ඇඳුම් කිහිපයක් අතට ගත්තෙමි. 

කාමරයට මදක් එහායින් තිබූ නාන කාමරයට ගිය මම මගේ ඇඳුම් ගලවා දමා වතුර මලෙන් ගලා ආ සීතල වතුරට මගේ සිරුර තෙමන්නට ඉඩ හැරියෙමි. පසුගිය රාත්‍රියේ සිදු වූ අයියාගේ අනපේක්ෂිත සිපගැනීමෙහි අර්ථය කුමක්දැයි මට සිතාගත නොහැකි විය. එහි යටි අරුත කුමක් වුවත් වුවමනා ආකාරයටත් වඩා මගේ හැඟීම් සහ හෝර්මෝන අවුලුවාලීමට ඔහු සමත්ව තිබූ බව මට පැහැදිළි වූයේ මගේ කලිසම සාමාන්‍ය ප්‍රමාණයට වඩා තෙත්ව තිබුණු බැවිනි.

විනාඩි දහයක පමණ ස්නානයකින් පසුව මම ඇඳුම් ඇඟලාගෙන මේසය අසලින් වාඩි වී පොත් අතට ගෙන ජ්‍යාමිතිය ගණන් අතරේ අතරමං වූයෙමි. පැය එකහමාරක් පමණ යනතුරු කිසිඳු බාධාවකින් ‌තොරව මට මගේ අධ්‍යාපන කටයුතු වල යෙදෙන්නට හැකි වූ අතර උදෑසන පහට පමණ අම්මා තේ කෝප්පයක් රැගෙන මගේ කාමරයට පැමිණියාය. 

'උදේම නාලා වගේ.' අම්මා මගේ හිස සිපගත්තාය.

මම අපහසුවෙන් සිනාසුණෙමි. 'ඔව් ඉතින්. දන්නේ නැද්ද ඊයේ රෑ පොඩ්ඩක් තෙත් වෙලානේ..' 

අම්මා සිනහව තද කරගෙන හිස වනද්දී මම නහය අකුළා ගත්තෙමි. අම්මා කිසිවක් නොකියා මගේ හිසට මෘදු තට්ටුවකින් සංග්‍රහ කොට කාමරයෙන් පිටව ගියාය. මම තේ කෝප්පය පානය කරනා අතරේම දුරකථනය අතට ගෙන පැමිණ තිබූ පණිවිඩ සියල්ලටම පිළිතුරු ලබා දුන්නෙමි. මිනාරා මට සුබ උදෑසනක් පතා තිබූ අතර ඇය පෙරදා රාත්‍රියේ සහභාගී වූ උත්සවයකට ඇඳ ගිය කෙටි ගවුමෙන් සිටිනා අගනා ඡායාරූපයක්ද මට එවා තිබුණාය. 

විනාඩි විස්සක් පමණ මගේ සමාජ මාධ්‍යවල ගත කළ මම උදෑසන පැසිපන්දු පුහුණවීම් සඳහා පිටත්වීමට සූදානම් වූයෙමි. උදෑසන පැයක් පමණ පැසිපන්දු පිටියේ ගත කිරීම මගේ පුරුද්දක් බවට පත්ව තිබුණු අතර මට එය නතර කරගත නොහැකි වූයේ එම පැය මට අමුතු ආකාරයේ නව පණක් සිරුරට ලබා දුන් ‌හෙයිනි. 

'තාත්තේ..' මම සූදානම් වීමෙන් පසුව හඬ නැගුවෙමි. 'මාව ඉස්කෝලෙට එක්කගෙන යන්නකෝ..'

'අද මම එක්කගෙන යන්නද?' කොහේදෝ සිට කඩාපත් වූ ඒ අමන හඬ ඇසීම හේතුවෙන් මම ඇස් කරකවා පසුපස බැලූවෙමි.

අයියා මගේ පසුපසින් සිටගෙන සිටි අතර ඔහුගේ අතේ තිබුණේ තාත්තාගේ මෝටර් බයිසිකලයේ යතුරයි. 

'ඔයා එක්ක යන්න මම බීලා කියලා හිතුවද?' මම අම්මාට නොඇසෙන තරම් සෙමෙන් අයියාගෙන් ඇසූ විට අයියා කටපුරා සිනාසී මගේ දෙවුර වටා අත යැවූවේය. 

'අම්මේ මම මල්ලිව ඉස්කෝලෙට දාලා එන්නම්.' ඔහු අම්මා දෙස බලමින් මුළුතැන්ගෙයට කී අතර මම පුදුමයෙන් ඔහු දෙස බලා සිටියෙමි.

'කොච්චර දෙයක්ද සසේන්. මට තව ටිකක් නිදාගන්නත් පුළුවන්.' ‌නිදිමත පිරුණු දෑසින් එතැනට පැමිණි තාත්තා අයියාගේ හිස අතගෑවේය. 

'මරු හැබැයි.' මම නාසයෙන් පිම්බෙමි. නැවත වතාවක් අයියාට තදින් කෑ ගසා තාත්තාගේ අමනාපයට ලක්වීමට මට උවමනා නොවූ නිසා මම අයියා පසුපසින් බඩගාගෙන ගොස් මෝටර් බයිසිකලයට නැග ගත්තෙමි. 

අයියා කළු පැහැති ‌හිස් ආවරණ හෙල්මටය පැළඳගත් අතර ඉන්පසුව මා දෙස බලා ඇසක් ගසා විරිත්තුවේය. 'හොඳට මාව අල්ලගන්න මල්ලි බබා.' 

'නෝ තෑන්ක්ස්.' 

අයියා කිසිවක් නොකියා බයිසිකලය පණ ගැන්වීය. මම ඔහුව අල්ලා නොගෙන බයිසිකලයේ පසුපස දාරය අල්ලා ගනිමින් නොවැටී සිටින්නට උත්සාහා කළෙමි. ඔහු තාත්තා මෙන් දෙගුණයක වේගයකින් බයිසිකලය පැදවූ නිසා මට දැනුණේ මම පාවී යන්නාක් මෙන් හැඟීමකි. 

'හෙමින් යනවකෝ ඕයි. ඇඟේ ඇටයක් යන්නෑනේ.' මම හෙල්මටය යටින් මැතිරුවෙමි.

අයියාට එය නෑසුණ බව මට තහවුරු කරගත හැකි වූයේ ඔහු වේගය අඩු කිරීමක් තියා කිසිඳු චලනයක්වත් නොදැක්වූ හෙයිනි. විනාඩි දහයක් පමණ ගතවද්දී අපි දෙදෙනා පාසල අසලට පැමිණ සිටියෙමු. මම වැනෙනා ගතියෙන් යුතුව බයිසිකලයෙන් බැස ගත්තෙමි.

'පරිස්සමින් ගෙනත් දැම්මට තෑන්ක්ස් කියන්නෙවත් නැද්ද?' මම හෙල්මටය ගලවා ඔහු අතට දෙද්දී ඔහු විමසුවේය.

මම ඔහුව දවා අළු කරනා ආකාරයේ බැල්මකින් සංග්‍රහ කළේ ඔහු සැබැවින්ම මගේ ඉවසීමේ සීමාව ඉක්මවා යමින් සිටි නිසයි. 'මම කියන්නෑ ඉතින්.' 

'කියන්න ඕන නෑ බබා. ඔයාම දවසක කෑ ගහයි..' ඔහු වාක්‍ය අවසාන කිරීමට පෙර මම ඔහුගේ අතට හෙල්මටයෙන් දමා ගසා පැන දිව්වෙමි.

පැසිපන්දු පිටිය අසලම තිබූ බෝල ගබඩා කර තිබූ කාමරයෙන් බෝලයක් අතට ගත් මම වැඩිදුර සිතිවිල්ලකින් තොරව එයින් ක්‍රීඩා කිරීම ඇරඹුවෙමි.

අයියා යන තැනැත්තා හමුව තවම පැය විසිහතරක්වත් ගතව නොතිබූ මුත් ඔහු මාව පත් කර තිබූ අපහසුතාව මට දරා ගැනීමට නොහැකි විය. ඔහුගේ දෑස්වල තිබූ අමුතු ආකර්ෂණීය බව මගේ සිත්ගත් බව සැබෑවක් වුවත් ඔහුගේ ගතිගුණ නම් මගේ සිතට ඇල්ලුවේ නැත. 

උදෑසන හත වද්දී අපේ පාසලේ ගීත වාදනය ඇරඹුණු විට මම නැවතත් පැසිපන්දු කාමරයට ගොස් නැවත වතාවක් ස්නානය කොට පාසල් නිල ඇඳුමට මාරු වුණෙමි. දිනකට දෙවරක් අවම වශයෙන් ස්නානය කිරීම මගේ පුරුද්දක්ව තිබූ බැවින් සීතල වතුරට ඔරොත්තු දෙන අන්දමට මගේ අවයවද සූදානම්ව සිටියහ. 

'ශිට්..' මම මටම මතුරා ගත්තේ අයියාගේ අවසන් වදන් සම්පූර්ණ කිරීම ගැන සිතීමට පටන් ගත් විටයි.

'කියන්න ඕන නෑ බබා. ඔයාම දවසක කෑ ගහයි..' ඔහු එයින් පවසන්නට අදහස් කළේ කුමක්ද යන්න පිලිබඳව මට සිතාගත නොහැකි විය. 

'ඒ අමනයා.. හිතන් ඇත්තේ ඌ මල්සරා කියලා වෙන්න ඇති. කැත විතරක් හිකනල් පැටියා වගේ.' මම සාප කරමින් මගේ සපත්තු කුට්ටම ගෙන පැළඳ ගත්තෙමි. 

'මිනූ..' එක්වරම කාමරයේ ‌දොර විවර වූ විට මම තිගැස්සී හිස හරවා දොර දෙස බැලුවෙමි. 

කොණ්ඩ කරල් දෙකක් ගොතා ගත් මිනාරා දොර අසල සිටගෙන සිටියාය. මම ඇය දෙස බලා සිනහවක් පෑවෙමි. 'ඔයා මොකද ‌මෙහෙ කරන්නේ?' 

'අද ප්‍රැක්ටිස් නැති නිසා මම ආවා ඔයාව බලන්න. ආයේ ඉතින් හම්බවෙන්න වෙලාවකුත් නැහැනේ.' 

මම සපත්තුවේ ලේස් පටිය ගැටගසාගන්නා විට ඇය මගේ ඉදිරිපස වූ පුටුවෙන් හිඳගත්තාය. 'මොකෝ අද මූඩ් අප්සට්?'

'අයියා කියලා එකෙක් වද දෙනවා.' මම නාසයෙන් පිම්බෙමි.

'මොකා?' 

'අයියා..' 

'ඔයාට කවදා ඉඳන්ද අයියා කෙනෙක් ඉන්නේ?' මිනාරා ඇහිබැමක් ඔසවමින් විමසූ විට මම සුසුමක් හෙළුවෙමි.

'අපේ තාත්තා ඕස්ට්‍රේලියාවේ ඉන්නකොට හම්බුණ පුතෙක්. දැන් එයා ලංකාවට ඇවිත් අපේ ගෙදර අපිත් එක්ක ඉන්නේ. තාම හම්බෙලා පැය විසිහතරක් නෑ. ඒත්..' මම ඉතිරි වදන් නොකියා ගිලගත්තේ ඔහු මා සිපගත් බව මිනාරාට පැවසීමට මට උවමනා නොවූ බැවිනි. 

'ඒත්?' මිනාරා කුතුහලයෙන් විමසා සිටියාය.

'මිනිහගේ නම සසෙ‌්න් අනුජ. මට ඌව දැක්කහම ශාක බද්ධ කිරීමේ අනුජය මතක් වෙනවා. මම ඇහුවා එයාගෙන් ග්‍රාහකයක් හොයා ගත්තද කියලා. ගත් කටටම කියපි නෑ කියලා. ලංකාවෙන් හොයා ගන්නවලු පහු වෙලා.' මම කතාව මගහැරීමට උත්සාහා කරමින් පැවසුවෙමි.

'එයා ලස්සනයිද?' මිනාරා මගේ ක්‍රීඩා ඇඳුම් නවා මගේ ක්‍රීඩා බෑගයට දමමින් විමසුවාය.

මම දෙවුර ඇකිළුවෙමි. 'අම්මා ඕස්ට්‍රේලියන් නිසා වෙන්න ඇති ඇස් දෙක කොළ පාටයි. කොණ්ඩේ කර්ල්. ලස්සන තොල් දෙකක් තියෙනවා මොක නැතත්. පොර උසයි කෙට්ටුයි. බාස්කට්බෝල් ‌ප්ලේ කළා කියලා කිව්වා.' 

'දකින්නත් ආසයි.' මිනාරා සිනාසෙමින් කී අතර මම ඇය දෙස රවා බැලුවෙමි.

'පිස්සුද? මිනිහා ඔයාට පැණි හලන්න ගත්තොතින් මට මොකද වෙන්නේ?' 

'මිනුක.. ඔයා නම්, ආයේ නෑ ඉතින් අමු ගවයා. මිනිහෝ මම වැරදිලාවත් ඔයාට බූට් එක තියන්නේ නෑ කියලා ඔයා දන්නවනේ.' 

මම සුසුමක් හෙළා මගේ පාසල් බෑගය අතට ගත්තෙමි. 'අන්න එහෙම එන්න. දැන් යමු ඉතින් පන්තියට.' 

අපි දෙදෙනා සෙමෙන් අපි දෙදෙනාගේ පන්ති කාමර වෙත පියනගන්නට වූයෙමු. මිනාරා උනන්දුවෙන් ඇය පෙරදා රැයේ සහභාගී වූ උත්සවය ගැන පවසන්නට වූ අතර මම ඇය දෙස බලා ගෙන ඇයට සවන්දුන්නෙමි. 

මිනාරා රූප සුන්දරියක් නොවූවාය. නමුත් ඇයට තිබුණේ ඉතා තියුණු ලස්සනකි. වටකුරු මුත් සිහින් මුහුණ ඉතා දුර්ලභ ආකාරයේ සුන්දරත්වයකින් ‌යුත් වූ අතර මම ඇගේ දෑස්වල තිබූ අමුතු ආකාරයේ පෙනුමට කැමති වූයෙමි. 

'මොකද බලන් ඉන්නේ?' මිනාරා එක්වරම ඇසූ විට මම තිගැස්සී ඉවත බලාගත්තෙමි.

'නෑ. කොච්චර ලස්සනයිද කියලා කල්පනා කළේ.' මම පිළිතුරු දුන් විට ඇය සිනාසුණාය.

'යාළුවෙලා අවුරුදු අටක් වෙනවා. දැන්ද ලස්සන බලන්න මතක් වුණේ?' 

'හැමදාම ලස්සන බලනවා ඉතින්. අදත් බැලුවා.' මම ඇසක් ගැසුවෙමි.

ඇස් ගසන වාරයක් පාසා මට සිහි වූයේ අයියා මට ඇස් ගැසූ ආකාරයයි. ඔහු කුමනාකාරයේ පුද්ගලයෙක්ද යන්න මට තවමත් සිතා ගත නොහැකි වූ අතර මම සිටියේ තුෂ්ණිම්භූත වීය.

'මම යන්නම් පන්තියට?' මිනාරා විද්‍යා අංශය අසලදී විමසූ විට මම හිස වැනුවෙමි.

'හවසට මැසේජ් එකක් දාන්නම්?' මම කියූ විට මිනාරා යන්තමින් මගේ අත මිරිකා පන්තිය ඇතුළට දිව ගියාය. 

ඇය පන්තියට යනතෙක් බලා සිටි මම ගණිත අංශයට බඩ ගෑවේ උදෑසනම ඇති භෞතික විද්‍යාව කාලච්ඡේද දෙක ගැන කල්පනා කරනා අතරේමය. 


_______

නැවතත් ඔබ වෙත

2022. 09. 10

****

කමෙන්ටුවක් දාගෙන යන්න හැමෝම!

Continue Reading

You'll Also Like

43.6K 7.3K 24
LOST EYES - 2 '' අපි බබෙක් හදමුද ?🥺 '' '' මොකක් ? !! ??😳 ' '' බබෙක් අනී.. 😃 චූටි බබෙක්.. අපි බෝල ඇස් තීන ලස්සන බෝල බබෙක් හදමුකො 😘? '' ''...
3.1K 605 24
"මම මටවත් ආදරේ නැතුව ඔයාට ආදරෙයි කියන්නේ කොහොමද සහීන්? මට ඔයාගේ ආදරේ ඕන. ඒත් මම ඔයාට ආදරෙයිද නැද්ද කියලා මම දන්නේ නෑ." - නිහාරා. "මම හිතන්නේ මම එයා ග...
36.7K 5.2K 40
පොඩි කාලේ ඉඳන් එකටම හැදුන යාලුවෝ දෙන්නෙක්. තමංගේ දුක සතුට හැමදේම බෙදාගෙන ලස්සනට ජීවත් වෙන කොල්ලෝ දෙන්නෙක්. තමංගේ හැඟීම් ගැන හරි අවබෝදයක් නැති අවුරුදු...
5.7K 1.1K 4
ආලෝක රිදීගෙදරට හොල්මන් ගැන විශ්වාසයක් තිබුණේ නැහැ... ඒ මැරුණ වැඩිමහල් සහෝදරයාගේ අවතාරය තමන්ගේ ඇස් දෙකින්ම දකිනකල්. කෙනෙක් මැරුණම අවතාරයක් වෙලා එන්නේ...