මම ටක්ගාලා වොශ් රූම් දිව්වෙ තවත්නම් තද කරන් ඉන්න බැරි හින්දා.
"අම්නේ දැනෙන සනීපේ.." මම මගේ කර්තව්‍ය ඉශ්ට කරන ගමන් කියාගත්තෙ මට නිදහසක් දැනුන නිසා.
ශිපර් එකත් දාගෙන විසිල් එකකුත් ගහගෙන දොර අරින්න ගියා විතරයි මම දැක්කෙ කණ්ණාඩිය ඉස්සරහ බිම වාඩිවෙලා අඩන.. ජිමින්!
මම අඩියට දෙකට එයා ළඟට ගිහින් දණගහගත්තා. "ජිමින්!"
ජිමින් එකපාරක් මගේ දිහා බලලා ආයෙම අඩන්න ගත්තෙ අත් දෙකෙන් කම්මුල් පොඩිකරන ගමන්. එයාගෙ හුරතල් මූණ කදුළුවලින් නෑවිලා ගිහින්.
මම එයාගෙ උරහිසින් අතක් තියලා කතාකළා. "ජිමින්! ඇයි පැටියො මේ? මොකක්ද වුනේ කියන්න මට."
එයා ඉකිගහනවා ඇර කිසිම දෙයක් කිව්වෙ නෑ. මට එයාව එහෙම එතන දාලා යන්න බෑ. මේ වෙලාවෙදි මම එයා ළඟින් හිටියෙ නැත්තම් මම හිතන්නෙ නෑ වෙන කොයි වෙලාවක හිටියත් ඒකෙන් එයාට වැඩක් වෙයි කියල. ජිමින් මගේ ඇඟට පැනලා මාව බදාගත්තා. මම ටිකක් වෙලා ගල් ගැහිලා බලන් හිටියත් එයාවත් ආපස්සට වැළදගත්තෙ එයා නොනවත්වා ඉකි ගහද්දි.
" අනේ මං එයාට ආදරෙයි.... මට එයාව ඕනා ජන්කුක්.. මට තේරෙන්නෙ නෑ මම මො...කක්ද කරන්න ඕනෙ..මට ඕනෙ එයාට කරන ආදරේ නවත්තගන්න ... අනේ ... අනේ මට රිදෙනවා..." ජිමින් මගේ පිට පහුරු ගෑවා. මම බොහොම අමාරුවෙන් ඉවසන් හිටියෙ ජිමින් එච්චර වේදනාවෙන් ආදරේ කරන කෙනා කවුද කියල හිතන ගමන්. මම හිමින් එයාගෙ ඔළුව අතගෑවා.
" කව්ද රත්තරන් ඒ? ඔයාගෙ ආදරේ ලබාගන්න සුදුසු නැති ඒ අවසනාවන්තයා කව්ද?" මම පුළුවන් තරම් ඉවසීමෙන් ඇහුවා.
" එයා නෙමෙයි අවසනාවන්තයා! මමයි..."
"ජිමින්!"
මට තිබ්බෙ කුතුහලයක්. එයාගෙ ආදරේ කා වෙනුවෙන්ද? මගෙ හදවතෙන් පුංචි වේදනාවක් එද්දි මම දිගටම ජිමින්ව තුරුල් කරන් හිටියා.
" ටේ..." එයා හැඩුම් අතරෙන් කෙදිරුවා. ටේ?! ටේ කියන්නෙ ටේහ්‍යුන්? එයාටද ජිමින් ආදරේ කරන්නෙ? ඒත් ටේහ්‍යුන් ආදරේ කරන්නෙ නම්ජුන් හ්‍යුන්ට. ඒකද ජිමින්ට රිදෙන්නෙ?
මට කිසිම දෙයක් හිතාගන්න බෑ. ආදරේ අරන් දෙන්න පුළුවන් කෙනෙක් වුනානම් මම ටේහ්‍යුන්ගෙ බෙල්ලෙන් මිරිකලා හරි ජිමින්ගෙ ආදරේ අරන් දෙනවා. ඒත් මොකක්දෝ දෙයක් ඒ දේ වලක්වනවා.
" ටේහ්‍යුන්ටද ඔයා ආදරේ කරන්නෙ?"
"හ්ම්ම්ම්හ්" ජිමින්ගෙ ඉකිය පොඩ්ඩ පොඩ්ඩ අඩුවෙද්දි එයා මගෙන් ඈත්වෙලා බිම බලාගත්තා. මට අමුතු දුකක් එක්ක වේදනාවක් දැනුනා. ඇයි මේ!?
"සමාවෙන්න." එයා එයාගෙ අත් ගුලිකරගෙන මූණ වහගන්න ගමන් කිව්වා.
"ඇයි සමාවක්?"
"මම ඔයාගෙ ශර්ට් එක තෙමලා.."
මට හිනාවක් ගියෙ එයාගෙ හුරතලේට.
"ඒකට කමක් නෑ.. අපි මෙතනින් නැගිටිමු." මම එයාගෙ අතින් අල්ලගනිද්දි මගෙ අත අල්ලන් ජිමින් නැගිට්ටා.
" ඔයාට පුළුවන් මාත් එක්ක ඕනම දෙයක් කතා කරන්න. කතා කරලා හිත නිදහස් කරගන්න."මම ජිමින්ගෙ කදුළු වලින් හැඩ වුන කම්මුල් පිහදන ගමන් එයාට ළං වුනා.
" ජන්කුක්" එයා ඔළුව උස්සලා මගේ දිහා බැලුවා. " කියන්න. ඕනම දෙයක් කියන්න.." මම එයාගෙ අතින් අල්ලගත්තෙ එයාව දිරිමත් කරන්න හිතාගෙන.
"එදා කලා වගේ මාව කිස් කරන්නකෝ. " ජිමින් බිම බලාගෙන කිව්වා. මම ටිකක් පස්සට වෙන ගමන් එයාගෙ මූණ බලන්න හැදුවත් එයා මාව මගෑරියා.
" මං- මං යනවා.." ජිමින් මගෙ අත් අතෑරලා යන්න හදද්දි මම එයාව මගෙ ළඟට ඇදලා ගත්තෙ එයාගෙ ඔලුව මගෙ පපුවෙ වදිද්දි. එයා එතකොට මගෙ දිහා බැලුවා. මම ජිමින්ගෙ ඉන වටේ අත් ඔතාගන්න ගමන් එයාගෙ නහය උඩට පුංචි හාද්දක් දුන්නා.
"ඇයි මම එහෙම කරන්න ඕනෙ...ම්ම්?" මම එයාව මගෙ ඇඟට තද කරගනිද්දි එයාගෙ ඇහිබෝල මාව හොඳින් නිරීක්ෂණය කරන බවක් පේන්න තිබ්බා
"ම-"
"ඔව් කියන්න.."
"මට එතකොට දේවල් අමතක වෙනවා.. හැමදෙයක්ම. මේ ලෝකෙම.." ජිමින් මගේ ඇස් දිහාම බලන් මිමිණුවා.
" එතකොට මොනවද මතක් වෙන්නෙ?"
ජිමින් සද්ද නැතුව ඉද්දි මම එයාගෙ ඉන චුට්ටක් මිරිකුවහම එයා පුංචි සද්දයක් දාලා මගේ ඇඟේ තෙරපුනා.
එයාට මුළු ලෝකෙම අමතක වෙනවා වගේ තමයි මට එයා මගේ ළඟ ඉද්දි වෙන මුකුත් වුවමනා නෑ. හරියට වෙනම පුංචි ලෝකයක් වගේ.
එයා හිටියෙ මගෙ දිහාම බලාගෙන. අතරමන් වෙලා. මම හිමින් එයාගෙ මූණට නැවිලා ඒ තොල් අල්ලගත්තෙ එයා ඉස්සරහ තවත් මට හැගීම් හිරකරන් ඉන්න බැරි නිසා. අපේ තොල් ස්පර්ශ වෙනකොට එයා ගැස්සිලා ගියත් ඊළඟ තත්පරේ ජිමින්ගෙ ඇස් වැහෙනවා මම දැක්කා. එයාගෙ ඇඟිලි මගේ හම හිල් කරන්න වගේ ගිලාබහිද්දි මම එයාව සින්ක් ටොප් එක උඩින් තිබ්බා.
මම ඒක කළේ කවදාවත් නැති තරමේ පරිස්සමකට. මට බය හිතුනා මම එයාට රිද්දයි කියල. කිස් එක චුට්ටකට නවත්තලා මම එයාගෙ ඇස් දිහා බලද්දි එයා හිටියෙ වේගෙන් හුස්ම ගන්න ගමන්. මම මගේ නළල එයාගෙ නළලෙන් තියාගත්තා. එයාගෙ පුංචි අත් හෙමින් පිරිමදින ගමන් ඒවා මගේ පපුවට තියාගත්තා.
"කියන්න මට.. මොනවද මතක් වෙන්නෙ එහෙම කරද්දි.. "
මම අහද්දිත් එයා බය වෙලා වගේ බලන් ඉන්න එකට මට දුක හිතුනා. මම එයාව බය කරනවද? "බය වෙන්න එපා.. කියන්න මට" මං එයාගෙ කම්මුලක් අතගෑවා.
" මුකුත් නැහැ.. ම..ට දැනෙනවා.. මට ඔයාව දැනෙනවා.. එතකොට " ජිමින් කිව්වෙ අඩන ගමන්. මම එයාගෙ කම්මුල් හිමින් ඉම්බෙ එයා පුංචි දේටත් දුක හිතන එක ගැන වදවෙන ගමන්.
"ඉතින් ඇයි අඩන්නෙ? මම මුකුත් කිව්වද දැන්? ම්ම්?"
"නැ..හ්"
"ආයෙත් ඕනද?" මම එයාගෙ තොල් දිහා බලාගෙන ඒවා මගේ ඇඟිලිවලින් හුරතල් කරද්දි ජිමින් හිමින් ඔලුව වැනුවා.
"මම ගැන විතරක් හිතන්න රත්තරන්.. වෙන කිසිම දෙයක් වැඩක් නෑ. ලෝකෙම අමතක කරලා මගේ ලෝකෙ ඇතුළට එන්න.." මම එහෙම කියන ගමන් එයාගෙ තොල් ආයෙම අල්ලගත්තා. මට පළවෙනි වතාවට හිතුනා මම ඇත්තටම ආදරේක පැටලිලාද? මේක අමුතුයි. කවදාවත් කිසිම කෙනෙක් ළඟ මෙහෙම හැඟීමක් මට දැනිලා නෑ. මේකද ආදරේ කියන්නෙ?
#tt