𝗠𝘆 𝗕𝗼𝘀𝘀𝘆 𝗛𝘂𝘀𝗯𝗮𝗻�...

By Sawani_Ch86

130K 25.4K 7.9K

✅ COMPLETED සුදු මහත්තයා..ඔයා මත්වෙන ඩ්‍රග් එකක් මගෙ ඇස් ඉස්සරහා ඉද්දි මුළු ලෝකෙම මට අමතක වෙන්න තරමටම... More

Intro 📕
1️⃣ Chapter 👅💥
3️⃣ Chapter 👅💥
4️⃣ Chapter 👅💥
5️⃣ Chapter 👅💥
6️⃣ Chapter 👅💥
7️⃣ Chapter 👅💥
8️⃣ Chapter 👅💥
9️⃣ Chapter 👅💥
1️⃣0️⃣ Chapter 👅💥
1️⃣1️⃣ Chapter 👅💥
1️⃣2️⃣ Chapter 👅💥
1️⃣3️⃣ Chapter 👅💥
1️⃣4️⃣ Chapter 👅💥
1️⃣5️⃣ Chapter 👅💥
1️⃣6️⃣ Chapter 👅💥
1️⃣7️⃣ Chapter 👅💥
1️⃣8️⃣ Chapter 👅💥
1️⃣9️⃣ Chapter 👅💥
2️⃣0️⃣ Chapter 👅💥
2️⃣1️⃣ Chapter 👅💥
2️⃣2️⃣ Chapter 👅💥
2️⃣3️⃣ Chapter 👅💥
2️⃣4️⃣ Chapter 👅💥
2️⃣5️⃣ Chapter 👅💥
2️⃣6️⃣ Chapter 👅💥
2️⃣7️⃣ Chapter 👅💥
2️⃣8️⃣ Chapter 👅💥
2️⃣9️⃣ Chapter 👅💥
3️⃣0️⃣ Chapter 👅💥
3️⃣1️⃣ Chapter 👅💥
3️⃣2️⃣ Chapter 👅💥
3️⃣3️⃣ Chapter 👅💥
3️⃣4️⃣ Chapter 👅💥
3️⃣5️⃣ Chapter 👅💥
3️⃣6️⃣ Chapter 👅💥
3️⃣7️⃣ Chapter 👅💥
3️⃣8️⃣ Chapter 👅💥
3️⃣9️⃣ Chapter 👅💥
4️⃣0️⃣ Chapter 👅💥
4️⃣1️⃣ Chapter 👅💥
4️⃣2️⃣ Chapter 👅💥
4️⃣3️⃣ Chapter 👅💥
4️⃣4️⃣ Chapter 👅💥
4️⃣5️⃣ Chapter 👅💥
4️⃣6️⃣ Chapter 👅💥
4️⃣7️⃣ Chapter 👅💥
4️⃣8️⃣ Chapter 👅💥
4️⃣9️⃣ Chapter 👅💥
5️⃣0️⃣ Chapter 👅💥
5️⃣1️⃣ Chapter 👅💥
5️⃣2️⃣ Chapter 👅💥
5️⃣3️⃣ Chapter 👅💥
5️⃣4️⃣ Chapter 👅💥
5️⃣5️⃣ Chapter 👅💥
5️⃣6️⃣ Chapter 👅💥
5️⃣7️⃣ Chapter 👅💥
5️⃣8️⃣ Chapter 👅💥
5️⃣9️⃣ Chapter 👅💥
6️⃣0️⃣ Chapter 👅💥
6️⃣1️⃣ Chapter 👅💥
6️⃣2️⃣ Chapter 👅💥
6️⃣3️⃣ Chapter 👅💥
6️⃣4️⃣ Chapter 👅💥
6️⃣5️⃣ Chapter 👅💥
6️⃣6️⃣ Chapter 👅💥
6️⃣7️⃣ Chapter 👅💥
Final Chapter 👅💥

2️⃣ Chapter 👅💥

3.6K 447 72
By Sawani_Ch86

𝗠𝘆 𝗕𝗼𝘀𝘀𝘆 𝗛𝘂𝘀𝗯𝗮𝗻𝗱 🧑🏻‍✈️🔞⚠️


2️⃣ Chapter 👅💥


උදේට නැගිටලා කොලේජ් යනවා කියන්නෙ එපාම කරපු වැඩක්.. නැනී හැමදාම ඇවිත් මාව ඇහැරවද්දී මං කලේ බ්ලැන්කට් එක අස්සට තවත් ගුලිවෙච්ච එක.. හුම්ම්... මොනවා කරන්නද අවුරුදු 19ක් වෙනකන් කොලේජ් යන්න ඕනෙ ඊටපස්සෙ කැමති නම් යුනිවර්සිටි... ඒ මොනවා උනත් මට ජීවිතේ තිබ්බේ පුදුම නිදහසක්....

මොකද මං පාන්දර 1,2 වෙනකන් ගේම් ගැහුවා.. කවුරුත් හිටියේ නෑ මං මොනවද කරන්නේ කියලා හොයන්නවත්... මොකද අපේ ගෙදර හැමෝම බිසී බිසී.... මමා, පපා කියන්නෙ හුස්මගන්න බැරුව වැඩ තිබ්බ අය.. එයාලට මං ගැන හොයන්න තියා ගෙදර මං ඉන්නවද කියලා වත් එයලා දන්නේ නැති තරම්...

" පොඩි බේබි !! අනේ ඇහැරෙන්නකෝ... චුටි බේබි නම් ස්කූල් සර්විස් එකේ ගියත් එක්ක... "

ඔව් ඒ නැනී... ඔය චූටි බේබි කියන එකා මගෙ දිදී... ඩයිලන්... ඒකා තාම පොඩියි.. ඔව් මටත් මහ වයසක් නෑ ඉතින් ඒත් ඒකාට වඩා මං ලොකු නිසා ඩයිලන් මට බයයි... තර්ජනේ කරලා ඒකා සතු දේවල් පැහැර ගන්න මට පුළුවන්... එයාගෙ නඩු කියන්න මමා නැති වෙද්දී ඒකා අඩාගෙන කාමරේට දුවනවා....

නැනීගෙ කන්දොස්කිරියාව අහන් ඉන්න බැරිතැන මං නැගිට්ටා.. අද අලුත් පාසල් වාරයක්..අගෝස්තු... මට විශේෂයක් නෑ ඉතින් මොන වාරයක් උනත්... නිදිමතේම වොෂ්රූම් ගිහින් වොෂ් එකක් දාගෙන යුනිෆෝම් එක ඇදගෙන පහලට ආවේ dining table එක ගාවට... ඒ යද්දිත් බ්‍රෙක්ෆස්ට් රෙඩි වෙලා මගෙ පෝරිසාද ජැකී කන ගමන් හිටියා.... කනවා නෙවේ ෆෝන් එක ඔබනවා....

" යිබෝ... තමුසෙ කොලේජ් යන්නැද්ද ඕයි ! බලනවාකො වෙලාව ! "

" මං යන්නේ මට ඕන වෙලාවට... මං හිතන්නේ ඔයා ෆෝන් එක නොකා කෑම කෑවොත් හොදයි..."

ප්ලේට් එක උඩ තිබ්බ සැන්විචස් දෙකක් අරන් හිටගෙනම කන්න පටන්ගත්තේ ජැක්සන් මට රවද්දී... ඔව්ව්.. ඒ ඉන්නේ මගෙ ගගා... මොනවා උනත් ගෙදර දෙයක් හොයලා බැලුවේ එයා තමා.. අන්තිමට ඒකාගෙ ඔලුවටත් ගහගෙන මං එලියට ආවේ මට බයික් එකක් තිබ්බාට ඒකෙන් කොලේජ් යන්න තහනම් නිසා ඩ්‍රයිවර් කාර් එක තියන් බලන් ඉද්දී....

" අන්කල් යමු.... "

" හරි බේබි... ජැක්සන් බේබි එනවද ?"

" එයා එන්නේ නැතෑ... අපි යමු මට පරක්කුයි..."

ජැක්සන් එනවද නැද්ද කියලා වත් මං දන්නෑ මං කාර් එකට නැග්ගහම අන්කල් කාර් එක ස්ටාර්ට් කලා... කාර් එක ගේට් එකෙන් එලියට දාද්දී මං නිකමට හැරිලා බලද්දියි දැක්කේ දොර ගාවට දුවගෙන ආව ජැක්සන් ඉනට අත්දෙක තියන් බලන් ඉන්නවා... පව් ඉතින් අදත් මං ඒකාව දාලා ගියා... බායි ජැක්සන්...

අපේ ලේන් එකේ තිබ්බේ ඔක්කොම Luxury ගෙවල් තමා... මොකද ඉතින් ගෙවල් වල මිනිස්සුන්ගෙ හැටියට එයාලා කැමති නෑ පොඩි තැන් වල ඉන්න... මල විකාර ඉතින්.. මට නම් ඕවා ගානක් නෑ මං කොහොමත් ඉන්නේ මගෙ කාමරේ ඇතුලේ විතරයි... මං ජීවිතේ ආසම තැන ඒක වෙන්න ඇති... ඒ තරම් නිදහස්...

අපේ ගෙදර පාස් වෙලා ගෙවල් 3ක් විතර යද්දී මට ඒ පැත්ත බැලුනේ නිකමට වගේ... වාහන කිහිපයක් නවත්තලා තියෙද්දී මට තේරුනා අලුත් කට්ටියක් ඇවිත් කියලා... මොකද ඒ ගෙදර හිටියේ වයසක අන්කල් කෙනෙක්... එයා මැරුනහම එයාගෙ ලමයි ගෙදර දැම්මා විකුණන්න...ඒ ගෙදර මිදුලේ මගෙ කොලේජ් එකේ යුනිෆෝම් එකක් ඇදන් ඉන්න කෙනෙක්ගෙ පිටිපස්ස මං දැක්කත් කාර් එක වේගෙන් යද්දී මං ඒ කවුද කියලා දැක්කේ නෑ...

Beijing Town එකට එනකන්ම මං ඇස් පියන් හෙඩ්සෙට් එක දාගෙන ඉද්දී පුරුද්දට වගේ මං ඇස් ඇරියා... ඔව්ව් කොලේජ් එකට තව ටික දුරයි...

රිදෙන නොරිද්දන කම්මුල් අවුස්සලා
කියඹුලතා ඇයි මාව කොනිත්තලා
ආදර සැලසුම් සිහින නෙවෙයි කිසිදා
ගැහෙන්නේ  දෙව්ලිය පපුවේ හුස්ම තියා
මා ඇවිලිලා නිවෙනවා...
ඇවිලිලා මා නිවෙනවා...

උණුසුම් දෙතොලේ හැගුමක් කිතිකවනා
සද නැති රෑ තරු සියොලග කතා කලා
අත අතනෑරම නොනිදා පහන් කලා
නිදි නැති මැදියක උණුහුම ඉපැද්දුවා
මා ඇවිලිලා නිවෙනවා...
ඇවිලිලා මා නිවෙනවා...

මගෙ හිතට මොකක්දෝ හැගීමක් දැනෙද්දී තවත් ඒ සිංදුව අහන් ඉන්න බැරුව මං හෙඩ්සෙට් එක ගලවලා පැත්තකට දැම්මා.. ඒත් එක්කම අන්කල් කොලේජ් මේන් ගේට් එක ගාවින් කාර් එක නවත්තද්දී මං එයාටත් සැලියුට් එකක් දාගෙන බැස්සේ ඩැරන් නම් හැමදාම වගේ මේන් හෝල් එකේ බිත්තියට හේත්තුවක් දාගෙන මගෙ දිහා බලාගෙන ඉද්දී...

" හම්මෝ වරෙන් වරෙන්... මොන කුනු පෙරේතයෙක්ද මන්දා උබ නම් යිබෝ... කන්නත් නෑ මට..."

" ඉතින් උබ කාපන්... මං කිව්වද බලාගෙන ඉන්න කියලා..."

හැමදාම ඩැරන්ගේ ශබ්දකෝෂයේ වචන එක එක මට බනින්න වැඩිවෙද්දී මං ඒ කර වටේ අත දාගත්තේ මොනවා උනත් ඩැරන් කියන්නෙ මගෙ හොදම යාලුවා නිසා... අපි ක්ලාස් එක පැත්තට ඇවිදගෙන යද්දී දුවගෙන ආවේ යැන් යැන්... ඒ අනික් පෝරිසාදයා...

" අඩෝ මේ... යිබෝ උබ Bet එක පැරදෙන්න යන්නේ...දැන් ඉතින් වන්දි ගෙවපන්න්... "

උදේ පාන්දර හෙනයක් ගැහුවා වගේ යැන් කියද්දී මං උඩ බිම බැලුවෙ දවසකට Bet සෑහෙන්න දාන නිසා මට මතකෙට කිසි දෙයක් නොඑද්දී....

" මොන Bet එකද යකෝ ? කීයක් කියලාද?

"අරකි මට කැමතියි ! Dilreba !!"

යැන්ගේ දත් සෙට් එක මගෙ ඉස්සරහා විරිත්තන ගමන් කියද්දියි මතක් උනේ මීට මාස එකහමාරකට කලින් අල්ලපු Bet එක... ඩැරන් කිව්වා රේබා යැන්ට කැමති වෙනවා කියලා මං කිව්වා නෑ කියලා... දැන් ඉතින් කාපන්කෝ පරිප්පු... වඩේ හදාගෙනම...

" ඉතින් දැන් මොකක්ද? "

" අඩෝ යිබෝ උබ කිව්වා පැරදුනොත් යැන් කිව්ව ඕන දෙයක් කරනවා කියලා !! "

හොදම යාලුවො කියන්නෙ ඒ වගේ අයට... Smile in pain... මං හැදුවෙ මතක නෑ වගේ ඇක්ටින් පාරක් දෙන්න උනත් ඩැරන් කියන පොලොස්කොට්ටෝරුවා මාව කෑවා... යැන් අත්දෙක බැදන් මගෙ දිහා බලාගෙන ඇහිබැමක් උඩ දාන ගමන්.... මොනා උනත් කාටවත් සෙකන්ඩ් වෙන්න බෑනෙහ් කියන දෙයක් පිලිගන්න ඕනෙ....

" හරි හරි කියපන් මං මොකක්ද කරන්න ඕනෙ කියලා... "

"ම්ම්... මං තාම හිතුවෙ නෑ... උබ බෑග් එක තියලා වරෙන්කො... කොලේජ් එක වටේ යද්දී මොකක් හරි ගේමක් ගහන්න පුළුවන් වෙයි..."

යැන් කිව්වේ ලොකු විශ්වාසෙකින් වගේ.... මං මුකුත් කියන්නත් කලින් ඩැරන් මාවත් ඇදන් ක්ලාස් එක ඇතුලට ගියේ යැන් එලියට වෙලා මනෝපාරක් ගහගෙන ඉද්දී...

කොලේජ් පටන්ගන්න තව විනාඩි 20ක් විතර තියෙද්දී මම ඩැරන් යැන් එක්ක ග්‍රවුන්ඩ් එක පැත්තට ඇවිදගෙන ආවේ යැන් මොන මංගල්ලයක් කරන්න කියයිද කියලා හිතේ කොනක හීනියට බයකුත් එද්දී... ඒත් කොච්චර වටේ කැරකුනත් යැන්ගේ හිතට සෙට් වෙන මුකුත් අහුවුනේ නැති වෙද්දී අපි ආයෙත් ප්‍රින්සිපල්ගෙ ඔෆිස් එක පැත්තෙන් ක්ලාස් එකට යන්න ඇවිදන් ආවේ තව විනාඩි 5ක් විතර කොලේජ් පටන්ගන්න ඉතුරු වෙලා තිබ්බ නිසා....

"ඒයි නැවතියන් !!
උබට මේක කරන්නම වෙනවා යිබෝ !! "

පිටිපස්සෙන් ආව යැන්ගෙ කටහඩින් මායි ඩැරනුයි දෙන්නාම හැරිලා බලද්දී යැන්ගේ මූණෙ තිබ්බේ කුප්ප හිනාවක්... මට ඒක ඇල්ලුවෙ නෑ... නෑ කොහොමත්ම ඇල්ලුවෙ නෑ.....

" මොකක්ද දැන් ? "

" අර ඔෆිස් එකේ ඉදන් ක්ලාස් දිහා පිටසක්වලින් ආවා වගේ බල බලා යන කොල්ලා පේනවද? "

යැන් කියද්දී මායි ඩැරනුයි දෙන්නාම බැලුවෙ ඒ දිහා... නිල් පාට බෑග් එකක් එල්ලන් උස කොල්ලෙක් යනවා මට පෙනෙද්දී මං ඉතින් ඔලුව වැනුවෙ වැඩිය මුකුත් නොහිතා...

" ආහ් උබ මං කිව්ව ඕනම දෙයක් කරනවානෙහ්... උගෙ කම්මුල කිස් කරලා වරෙන්!!"

" මොකක්ද බ### !! "

මට කලින් ඩැරන් ඇස්ලොකු කරන් යැන්ගෙන් අහද්දී යැන් අත්දෙක බැදන් ඔලුව දෙපැත්තට වැනුවේ කරන්න දෙයක් නෑ කියන්න වගේ... මං ආයෙත් ඒකා දිහා බැලුවා... මට මූණ පෙනුනේ නම් නෑ... ඔලුව උස්ස උස්ස මොකක් හරි හොයනවා කියලා විතරයි දැක්කේ.....

කිස් කරන්න නම් බැරිකමක් නෑ... ඒකත් කම්මුල නෙහ්.... ඒත් මූ මට ගැහුවොත් විලි ලැජ්ජාවයි නෙහ්... මං අඩියක් තියන්න හදලා ආයෙ පිටිපස්සට ගත්දි මං බැලුවෙ අපේ සර්වබලධාරි ඩැරන් දිහා... ඒකා එපා කියන්න සොනික් වගේ මූණක් හදාගෙන දෙපැත්තට ඔලුව වනනවා... යැන් නම් ජිරිබිරිස් වගේ බලාගෙන ඉන්නේ කුප්ප හිනාවකුත් දාගෙන!! මං ඇත්තටම කිව්වෙ උන් දෙන්නාගෙ නික් නේම්ස්...

" පලයන් තව විනාඩි දෙකයි බෙල් එක රින්ග් වෙයි.."

යැන් කියද්දී ඕන එකක් කියලා මං හිමින් හිමින් ඒ කොල්ලා දිහාට ඇවිදගෙන ගියා... ඔව් ඉතින් ගියා... දැන් හොද ඩ්‍රාමා එකක් බලන්න අරුන් දෙන්නා දත කට මැදන් බලන් ඉන්නවා කියලා පිටිපස්සට මට ඇස් නැතත් සහජ ඉවෙන් මට තේරුනා... මං උස කොල්ලා ගාවට ලං වෙලා එහෙමම නතර වුනේ ඒකා ක්ලාස් එකක දොර ගාවට එබිලා බලලා ආපහු එක පාරටම මගෙ පැත්ත හැරෙද්දී.....

දෙපාරක් හිතුවෙ නෑ කොල්ලාගෙ අත්දෙකෙන් තද කරලා අල්ලගත්ත මම එතන බිත්තියට එකාව හේත්තු කරගත්තේ පරඩැලක් වගේ ඇදිලා එද්දී.... බිත්තියට හේත්තු කරගෙන මූණ දිහා බැලුවහමයි මං ඒ මූණ හරියට දැක්කේ.....

"මො... මොකක්ද  ක...රන්නේ ? "

ඒ රෝස පාට දෙතොල් උල් කරලා එයා අහද්දී මං ඒ ලොකු ඇස් දෙක අස්සේ අතරමං වුනා.. ඒවා කලුපාටින් දිලිසෙනවා... මොකක්දෝ නුහුරු හැගීමක් හිතට දැනෙද්දී මං බලන් ඉන්න බැල්මටද මන්දා බය උන කොල්ලා කෙල ගිලින ගමන් බයවෙලා මගෙ දිහා බලද්දී ඒ උගුරු ඇටේ උස් පහත් වෙනවා දැක්කා...

" තමුසෙ කවුද? "

" ආහ්? "

" හොල්මනක් වගේ බලන් ඉන්නේ ? මාව දන්නේ නැද්ද ? "

මං ඇහුවේ මාත් මීටකලින් මේකාව දැකලා නැති නිසා... කොල්ලා අහිංසක විදිහට බලන් ඉදලා ඔලුව දෙපැත්තට වැනුවේ මාව දන්නෑ කියන්න... මගෙ කටකොනින් ආවෙ හිනාවක්.. මාව දන්නැත්තං මගෙ වැඩේට ලේසියි නෙහ්... මං ඒ මූණට පාත් වෙද්දී ඒ ඇස් ජිල්බෝල වගේ ලොකු වුනා.....

.




.
ඒත් මගෙ තොල් නතර වුනේ ඒ කම්මුලක නෙවෙයි.... ඒ රෝස පාට තොල් දෙක උඩ... මං දන්නෑ මං එහෙම කලේ ඇයි කියලා.. සමහරවිට ඒවා ලස්සනට දිලිසුන නිසා වෙන්න ඇති... ඒත් නිකන් තියලා ආපහු තොල් ගත්තාත් නෙවේ මං ඒ යටිතොල දෙපාරක් විතර උරද්දී කොල්ලා ගල්වෙලා බලාගෙන හිටියේ මුකුත් නොකර... ඒකාගෙ පපුව නම් එකසිය ගානට ගැහෙනවා කියලා මට දැනුනා....

" ඕයි.... ඕයි යිබෝ වරෙන් යකෝ...... "

යැන්ගෙ කටහඩ ඈතින් ඇහෙද්දී මං ඉක්මනට ඒ තොල් වලින් ඈත් උනේ මං මොකක්ද කලේ කියලා වත් හොයාගන්න බැරිවෙද්දී.... අර කොල්ලා නම් පපුවට අතත් තියාගෙන බයවෙලා මගෙ දිහා බලාගෙන හිටියා... මට කනේ සොට් එකක් වත් දුන්නෑ හැබැයි ඒකා සම්පූර්ණයෙන් හිටියේ බයවෙලා....

මට ඒ මූණ දැකලා හිනා යන්නත් එද්දි මං ඉක්මනට හැරුනේ යැන් දිහා බලලා ඇහිබැමක් උඩ දාන ගමන්... ඩැරන් නම් කම්මුලට අතක් තියාගෙන මගෙ දිහා බලාගෙන ඉද්දී යැන් thumbs up එකක් මට පෙන්නුවෙ දත් සෙට් එක දාලා විරිත්තන ගමන්... ඒත් එක්කම මට ඇහුනේ හිමින් කතා කරන කටහඩක්...

" ම්.... මේ... ම..ට මේ ක්ලාස් එක... තියන තැන කිය..න්න පු...ළුවන්ද? "

ඔව්ව් ඒ කොල්ලා... කටහඩත් ගොඩක් ස්වීට්... හරි නම් මේකා මට ගහන්න ඕනෙ... ඒත් ඒකාව කිස් කරපු මගෙන් උදව් ඉල්ලනවා...

" මං දන්නෑ.... හොයාගන්නවා හලෝ !! "

නැවතිලා හිටපු මං සද්දෙට කියලා එතනින් ආවේ කොල්ලා දිහා එක පාරක් වත් නොබලා... යැන් මගෙ කරවටේ අත දාලා බඩට අනිද්දී ඩැරන් පිටිපස්ස හැරිලා කොල්ලා දිහාද කොහෙද බලනවා දැක්ක මං ඒකාගෙ ඔලුවට ගහද්දී ඩැරන් ආයෙ ඉස්සරහා බලාගත්තා..

අපි ක්ලාස් එකට ඇවිත් විනාඩි 5 යද්දී සයන්ස් වලට මැඩම් එද්දී මගෙ වීර ක්‍රියාව ගැන සමාලෝචනයක් කර කර හිටපු අසමත්ජාති යාලුවන්ගෙ කටවල් වැහිලා ගියා....




**************************



.
හැමදේම වෙන්නේ මටමයි වගේ සයන්ස් පීරියඩ් එකේ බාගයක් විතර යද්දී පියන් කෙනෙක් ක්ලාස් එක ඉස්සරහා දොර ගාවට ඇවිත් එබිකම් කරද්දී මැඩම් පාඩම නවත්තලා දොර ගාවට ඇවිදගෙන ගියා... පිටිපස්ස පේලියට ඉස්සරහා එකේ හිටපු මං හිටියේ නිදි කිර කිර...

" ඒයි... ඒයි ඕයි බූරුවෝ !! "

මගෙ පිටිපස්සේ ඒ කියන්නෙ අන්තිම පේලියේ හිටපු යැන් මගෙ කොන්දට සොට් එකක් දෙද්දී මට කලින් රවලා බැලුවෙ ඩැරන්... මිනිහා හිටියේ මොනවද නෝට් එකක් ලියන ගමන්...

" මොකද යකෝ... "

" උබට සෝක් වැඩක් වෙන්න යන්නේ පුතේ ! කම්මුල වෙනුවට රෝස මලේ පැණි බොන්න ගිය බඹරා වෙන්න ගියා නම් දැන් ඉතින් අඩපන් !! "

යැන් තනියම හිනාවෙන ගමන් පොත දිහා බලාගනිද්දී ඒ හරුපෙ නොතේරුන මං ඉස්සරහා බලාගත්තේ යැන්  ජිරිබිරිස් දිහා බලාගෙන ඉදලා මගෙ බෙල්ලත් රිදෙද්දී... ඒත් එක්කම ඉත්තෑකුරු කොන්ඩයක් තිබ්බ සොනික් මගෙ ඇලේකට ඇනලා ඇස් වලින් ඉස්සරහා පෙන්නද්දී මං බැලුවෙ ඒ පැත්ත.....

රතු උන ඇස් දෙකක් මගෙ දිහාම බලාගෙන හිටියා.. වෙන කවුරුත් නෙවේ අර උස කොල්ලා... යැන් කිව්වා වගේ මං පැණි බිව්ව රෝස මල... ඒකාගෙ ඇස් මගෙ දිහාට හැරිලා තියෙද්දී මට හිතාගන්න බැරි උනා කොල්ලා ඇයි අපේ ක්ලාස් එක ඇතුලට ආවේ කියලා...

" ස්ටුඩන්ට්ස් !! ඔයාලට අලුත් යාලුවෙක් ඉන්නවා මේ වාරයේ ඉදන්.... මොකක්ද පුතේ ඔයාගෙ නම... "

" හලෝ... මං Sean Xiao Zhan !! මං හිතනවා ඔයාලා මාව යාලුවෙක් කරගනී කියලා !! "

කොල්ලා කියද්දී මට කෙලත් ගිලුනා... යැන් පිටිපස්සෙ ඉදන් කිකිලියෙක් වගේ කෙකර හිනාවක් දානවා ඇහෙද්දී ඩැරන් නම් ඩෙස්ක් එකේ ඔලුව තියාගත්තා... කවුද හිතුවෙ මෙහෙම වෙයි කියලා... ඒ මොනවා උනත් කොල්ලා බලාගෙන හිටියේ මගෙ දිහා...

" ඔයා අතනින් ඉදගන්න පුතේ.... "

මැඩම් මට ඉස්සරහා පේලියෙ හරියටම මගෙ ඉස්සරහා හිස් පුටුව පෙන්නලා කියද්දී මගෙ දිහා බලාගෙන හිටපු කොල්ලා ගැස්සුනා... ඒත් මැඩම්‍ට හිනාවක් දාපු මේකා හිමින් හිමින් ඇවිදන් ආවත් මගෙ දිහා බැලුවෙ නැතුව ඉස්සරහින් වාඩි වෙද්දි මට ඇහුනා ආයෙත් යැන්ගේ අර කැත හිනාව...

" හායි ජාන් !! මං ෂියෑන්.... "

" හා..යි "

කොල්ලාගෙ එහා පැත්තේ ඉදන් හිටපු ෂියෑන් කියද්දී කොල්ලා හිමින් කියනවා මං අහන් හිටියා.. මැඩම් ඇවිත් පාඩම පටන්ගනිද්දී කොල්ලා පුටුවෙ තිබ්බ බෑග් එකෙන් පොත ගන්න හැරෙද්දී අපේ සිව්නෙත් එකට ගැටෙද්දී මං එයා දිහාම බලාගෙන ඉද්දී ඩැරන් ඇස් කොනින් මං දිහා පවා බලනවා මට පෙනුනා....

හැබැයි මේකා මට රැව්වේ නෑ... ඉක්මනට මගෙ ඇස් මගෑරපු කොල්ලා පොත අරන් ඉස්සරහා හැරුනා... දවසම ඉතින් හැම පීරියඩ් එකකම මැඩම් සර්ලා ඇවිල්ලා යද්දි මං නම් හිටියේ එපා වෙලා... ඒ අතරේ ෂියෑන් එක්ක කොල්ලා ගොඩක් ෆිට් වෙලා... දෙන්නා හිමින් හිමින් මොනවද කියලා හිනාත් වෙනවා මට පෙනුනා... මගෙ ඇන්ටනාව ඉතින් හොදට වැඩ...

" උබේ ඇහේ පොට යයි යිබෝ....."

ඉන්ටර්වල් එකට බෙල් එක රින්ග් වෙද්දී යැන් මගෙ මූණට එබිලා සද්දෙන් කියද්දී ඩැරන් වගේම අහල පහල උනුත් හිනා උනේ මට නෝන්ඩියට වගේ... ෂියෑන් හැරිලා බලලා ඩැරන්ගෙන් ඇයි කියලා හිමින් ඇහුවත් මුකුත් නෑ කියලා මා සොනික් ඒක ශේප් කලා... උස හාදයා නම් නිකන් වත් හැරිලා බැලුවෙ නෑ...

" පලයන් ඩෝ.... "

සෙකන්ඩ් වෙන්න බැරි නිසා නැගිටලා යැන්ගේ කරවටේ අත දාපු මං ඒකා එක්ක එලියට යද්දී ඩැරනුත් නැට්ට වගේ ඇදිලා ආවා... අපි කැෆටේරියා එකෙන් කෑම කාලා ඉවර වෙලා එද්දී මාව ඉතින් පුළුවන් තරම් මැඩෙව්වා උන් දෙන්නා...

" මේ සොනික් උබට තොල් පේන්නේ නිකන් කම්මුල් වගේද බන් ? "

යැන් ඩැරන් එක්ක පහක් දාන ගමන් අහද්දී ඉස්සර උන මං ආවෙ කියාගන්න දෙයක් තවත් ඉතුරු වෙලා නොතිබෙද්දී... එදා මට තේරුන් නෑ සීන්ට එහෙම කලේ ඇයි එහෙම කියලා....ඒත්,, කාලේ යද්දී මට හැමදේම තේරුනා...

" ඒ කොල්ලාගෙ නම මොකක්ද බන් ? "

" සීන්.... "

යැන් ඩැරන්ගෙන් ඇහුවත් උත්තර දුන්නේ මම වෙද්දි උන් දෙන්නාම ඇස් හීනි කරලා මගෙ දිහා බැලුවෙ සැකෙන් වගේ... මං දන්නෑ මට උස කොල්ලගෙ නම මතක හිටියේ ඒ විදිහට... මගෙ කටට කොහොම බ්‍රේක් නැති වුනාද මන්දා එක පාරට....

" ඒක නේද කිව්වෙ... මට මතක ඒ වගේ...."

" ඒ උබට වෙන්න ඇති අපි කැමතියි එයාට ජාන් කියන්න... "

" ඉතින් උබලාට ඕන එකක් කියපන් මට මොකද? "

මං ඉස්සර වෙලා ආවේ සොනික්වයි ජිරිබිරිස්වයි දාලා... වෙනදාට ග්‍රවුන්ඩ් එකේ පැලවෙන මං අද කෙලින්ම ක්ලාස් එකට ආවත් අරුන් දෙන්නා කරේ අත් දාගෙන කොහෙද මන්දා ගියා ... මං ඇතුලට එද්දී සීන් ලන්ච් බොක්ස් එකක් දිගෑරන් මොනවද පොඩි එකෙක් වගේ කනවා...

මං අහක බලාගෙන ඇවිදන් ආවත් මං එනවා දැකලා සීන්ව ගැස්සෙනවා මං හොදටම දැක්කා... මං පාඩුවෙ ඇවිත් මගෙ පුටුවෙ වාඩි වෙද්දී සීන් කන ගමන් බිම බලාගන්නවා දැක්කා... ඒත් එක්කම ඩැරන් එක්ක යැන් ඇතුලට එද්දී මං අහක බලාගත්තේ තවත් මොකක් හරි කියලා මාව බයිට් කරන්න කලින්....

" ඒ සොනික් ඇයි බන් මූ අද කලින් ක්ලාස් එකට ආවේ ? "

" වයි බන් යිබෝ ?? "

ඩැරනුත් මගෙන් කින්ඩි දදා අහලා මගෙ එහා පැත්තෙන් ඉදගනිද්දී ඇස්කොනින් මං දැක්කේ සීන් කාලා ඉවර වෙලා වතුර බොනවා... එයාට තිබ්බේ හුරතල් වතුර බෝතලයක්... මූඩිය උඩ කන්දෙකකුත් තියෙද්දී මේකා නර්සරි බබෙක්ද කියලා මට හිතෙද්දී සීන් නැගිට්ටේ ෂියෑන් එක්ක......

" මොකෝ ආයෙ තොල් වල රස බලන්න හිතුනද ? "

යැන් කනට ලංවෙලා අහද්දී පිටට සොට් එකක් දුන්නහම හිනා වෙවී ගිහින් මගෙ පිටිපස්සෙන් වාඩි උනා... ආයෙත් සීන් ඇතුලට ආවේ ඉන්ග්ලීෂ් වලට සර් ක්ලාස් එකට එද්දී... එක දිගට පීරියඩ් සේරම වැඩ කරද්දී මං නම් හිටියේ එපා වෙලා.. කලින් වගේ අපේ ඇස් ගැටුන් නෑ... සීන් පොත් ඔක්කොම ලොකර් එකට දාගෙන... මාර එකෙක් තමා මේ උස හාදයා....

කොහොමහරි අන්තිමට කොලේජ් ඉවර වෙන බෙල් එක නිසා සැනසීමක් දැනෙද්දී මට කලින් සීන් ෂියෑන් එක්ක නැගිටලා ගියේ මගෙ දිහාවත් නොබලා... ඔව් ඉතින් මගෙ දිහා බලන්න හේතුවක් නෑනෙහ්... අන්තිමට ‍යැන් ඩැරන්ගේ කුප්ප කතා මැද්දේ අපි මේන් ගේට් එක ගාවට ඇවිදන් ආවා.... ඒත් එක්කම ආව කාර් එකට සීන් ගිහින් නගිද්දී මං හොදට බැලුවෙ කාර් එක දිහා...

ඉස්සරහා නම්බර් ප්ලේට් එක ගාව රාජ්‍ය ලාංඡ්නයත් ගහලා තිබ්බා... මං පුදුම වෙලා බැලුවෙ මේකා President ගෙ පුතාවත්ද කියලා... කලු බෙන්ස් එක ගේට් එක පාස් කරන් ඉගිලිලා යද්දී ඩැරන් ගියේ යැන් එක්ක බස් එක අල්ලගන්න... අන්තිමට මගෙ කාර් එකත් එද්දී මං ගිහින් නැග්ගා....

.



.
සීන් ඇත්තටම කවුද කියලා මං කල්පනා කර කර ආවේ ඒ කාර් එක නිසා... ඒත් මට මතක් උනේ මං ඒ දිලිසෙන රෝස තොල් සිපගත්ත හැටි... ඒ වෙලාවෙ එයාගෙ කලු බෝල ඇස් ලොකු උන හැටි මට මැවි මැවී පෙනෙද්දී මගෙ මුවට ආවේ කටකොනින් හිනාවක්....

" උදේ ජැකී ගියාද අන්කල් ? "

" ඔව් පොඩි බේබි... බැන බැන ගියා මටත් එක්ක දාලා ගියා කියලා.... "

මට ජැක්සන්ගේ පිපිරිල්ල ගානක් නෑ කොහොමත්.. එයා ඕවා හිතේ තියන් ඉන්නේ නෑ.. මං කොහොමත් දෙන්නටම ඔය වගේ හාල් වැඩ කරන නිසා ජැක්සන්ට නම් ගානක්ම නෑ... පොඩි එකා තමා සති ගානක් මතක තියන් පුප්පන්නේ...

අපේ ලේන් එකට හරවද්දී මං වින්ඩ්ස්ක්‍රීන් එකෙන් දැක්කේ අර කාර් එක... රාජ්‍ය ලාංඡනේ එක්ක ඒ කලු බෙන්ස් එක අදුරගන්න බැරි උනේ නෑ.. ඒක ගිහින් ආපහුත් අපිව පාස් කරන් යන්න ගියා....

සීන් ඉන්නේ කොහෙද කියලා මගෙ හිතේ කුතුහලයක් ඇති වෙද්දී මං ඇස්පියාගත්ත ටිකට මට දවසෙ හොදම සීන් එක මිස් වෙලා ගියේ අන්කල් ගේට් එක ඇතුලට කාර් එකත් දාද්දී.......




.
~ Shawuu Liang 🍑✍🏻


               *********************

🖋 මුල ඉදන් යන්නේ හොදේ.. මං ආසයි කොලේජ් කාලේ කතා වලට  😁🫠

🖋 කතාව දෙන්නෑ කියලා හිතන් හිටියේ... පුළුවන් වෙලාවට දෙන්නම් ඉක්මනට.. මට මේකට ආස හිතුනා..

🖋 Vote, Comment 💚❤️

Continue Reading

You'll Also Like

174K 26.5K 21
"နွေအရောင်တွေဟာ ဝိုင်လိုပဲ..."
98.3K 22.5K 57
සීත සුළඟට නටන අකීකරු කෙස් රොදක්.... දගකාර ඇස් දෙකක නොහික්මුණු හිනාවක්... ගල් හිතක් දිය කෙරූ කටකාර පෙම් කවක්..... තණබිමේ කුමරුගේ අහිංසක කතාවක්...
35.3K 8.8K 51
සසර පුරාවටම හැම ආත්මයක්ම පාසා දුන් සදාතනික ආදරයේ පොරොන්දුවක්❤️💚
103K 20.8K 41
❤️...... නපුරු උනත් ඔයා සංවේදී මනුස්සයෙක් බෝ.... 💚..... ආහ්.... ඒ ඇස්... මාව හොල්ලනවා..... ඉතින් නුඹ මට වෙන්න හෙවනක්.... ඉමක් නොපෙනෙන කතර අභියස ....