HOLD ME TIGHT || MYG || [ Onh...

By _KIASA_

482 158 129

~~~~~~ මද සුළඟක පැටලී හුදකලාව ඔබ මොබ පාව ගිය ස්වේත වර්ණ කඩදාසියක්..! සප්ත වර්ණ මුසුව දෙව්ලොවින් බට එක් සුවඳැත... More

_Prologue_
_Chapter 01_
_Chapter 02_
_Chapter 03_
_Chapter 04_
_Chapter 05_
_Chapter 06_
_Chapter 07_
_Chapter 08_
_Chapter 09_
_Chapter 10_
_Chapter 11_
_Chapter 12_
_Chapter 13_
_Chapter 14_
_Chapter 16_
_Chapter 17_

_Chapter 15_

19 8 0
By _KIASA_

HOLD ME TIGHT
( Fan Fiction Only )

~~~~~~~~~~

" එක් සීතල වචනයක් වෙනුවට නොහැකිද එක් උණුසුම් වැළද ගැනීමක් වන්නට
හැකිද එක් වරක් විශ්වාස කරන්නට "

~~~~~~~~~~

ඇයගෙ මුහුණ රත් පැහැයට හැරිලා දාඩියෙන් තෙත්වෙලා තිබුණා. ගැහෙමින් තිබුණ අත් දෙක එකට මිරිකලා අල්ලගත්තු ජිසූ බර හුස්මක් උඩට ඇදගෙන හිටපු තැනින් නැගිටල ඇගේ ගමන් මල්ල කරට දාගත්තා.

" යායාහ්.. තමුන් කොහෙද යන්න යන්නෙ.?"

ජිසූගෙ මූණ ඉස්සරහට පැන්න ජන්ග්කුක් මහ හයියෙන් එහෙම අහද්දි ජිසූව පස්සට විසි වුණත් ඇය ජන්ග්කුක්ව පහු කරගෙන ඉස්සරහට යන්න ගියා.

" මං තමුන්ගෙන් අහන්නෙ හැනා ඇන්ඩර්සන්.. තමුන්ට හරියට ඇවිදගන්නවත් බැරුව තමුන් කොහෙද යන්න යන්නෙ.?"

එවර ජිසූ ජන්ග්කුක්ගෙ ශක්තිමත් දෑත් අරතරට මැදි වෙලා හිටියා.

" මට යන්න දෙන්න ජන්ග්කුක්.."

ජන්ග්කුක්ගෙ මූණ දිහාවත් නොබලා ජිසූ මුරණ්ඩු විදියට කියද්දි ජන්ග්කුක් ජිසුගෙ නිකටෙන් අල්ලලා ඇයගෙ මූණ තමන් දිහවට හරව ගත්තා.

" මෝඩ වැඩ කරලා ඒක අහුවුණා කියල දැනගත්තම මුකුත් නොවුණ ගානට පැනල යන එක නෙමෙයි වැඩේ.. ඕනම දේකට මූණ දෙන්න ශක්තිමත් වෙනවා. අනික තමුන් කරපු කිසිම දෙයක් වැරැද්දක් විදියට මම දකින්නෑ. ඒක මම වැරැද්දක් විදියට දකින්නෑ කියන්නෙ මගෙ හ්‍යුන් ඒක කොහොමටවත් ගනන් ගනී කියලා මම හිතන්නෙ නෑ.."

" මට යන්න දෙනවා "

ඔලුව ගස්සල අනිත් පැත්ත හරවලා ජන්ග්කුක්ගෙන් ගැලවෙන්න උත්සහ කරන ගමන් ජීසු එහෙම කියද්දි ජන්ක්කුක් ඇයගෙ උරෙස් තදින් මිරිකලා අල්ල ගත්තා.

" මට රිදෙනව ජන්ග්කුක් අතාරිනව මාව.."

" ඔයා දැන් ඒ හිටපු පොඩි කෙල්ල නෙමෙයි හැනා. ඒ කාලෙ ඒ සිද්ධි හැමදේම අතීතෙට එකතු වෙලා ඉවරයි. ඒ හැමදේම හරියට දන්නෙත් ඔයයි මමයි මගෙ හ්‍යුනුයි විතරයි. බොරුවට නටන්නැතුව මෙන්න මෙහෙට වෙලා ඉදල වැඩ ටික ඉවර කරගන්නවා."

" මට..මට ලැජ්ජයි ජන්ග්කුක්.."

ජිසුගෙ හඩ බාල වෙලා තිබුණා. දරඩදු කරගෙන හිටිය ඇග සම්පූර්ණෙන්ම පන නැතුව ගිහින් වග දැනුන නිසාම ජන්ග්කුක් ඔහුගෙ දෑත් ලිහිල් කළා.

බිමට හැරිලා තිබුණ ජීසුගෙ මූණට එබුණ ජන්ග්කුක්,

" ඒඒඒහ් මොකද මේ මෝඩි.. අඩන්න ඕනද ඕකටත්.."

ජිසුගෙ කම්මුලකට අත තියල මූණ උඩට උස්සන ගමන් අහද්දි ජිසූ ජන්ග්කුක්ගෙ අත අයින් කරලා ආයෙම වතාවක් සෝෆාවෙන් අසුන් ගත්තා.

" මේ අහනව හැනා එතන ලැජ්ජ වෙන්න දෙයක් නෑ.. ඔයා කළේ ඔයාගෙ හැගීම ඔයාට දැනුන විදියට එයාට දැනෙන්න සලස්වන්න උත්සහ කරපු එක. ඒ පොල් කණ්ණාඩියට ඒක තේරුන්නෑ කියලා ඉතින්-"

" යායාහ් එයාට මොනවත් කියන්න එපා හරිද.."

" හම්බෝ මෙන්න මෙයා.."

ජන්ග්කුක් මූණ ඇද කරගෙන ජිසු දිහා බැලුවා.

" අරස්සො.. බලනව තමුන් මාරම ලකීනෙ.. කාදට හලෝ මේ වගේ චාන්ස් වදින්නෙ.. ක්‍රෂ් එකත් එක්ක එක ගෙදර ඉදලා තමන්ගෙ ෆයිනල් ප්‍රොජෙක්ට් එක කරන්න ලැබෙනව කියන්නෙ ඉතින් වෙන මොනවද.."

" යායාහ්හ් ඕක ආයෙ කිව්වොත් මං තමුන්ව මරනව ජන්ග්කුක්.."

ජන්ග්කුක් මහාචාර්‍ය වගේ එහාට මෙහාට ඇවිද ඇවිද කියවද්දි ජිසූ පිස්සියක් වගේ ආයෙම කෑගෑවා.

" පුහ්: තමුන්ගෙන් මැරුන් කන්න මං මෙහෙ ඉන්න එපැයි."

එහෙම කියපු ජන්ග්කුක් විසිත්ත කාමරයේ කොණක තිබුණ ඔහුගෙ බෑගය දිහාවට ඇවිද යද්දි ජීසු පුදුමෙන් වගේ ඒ දිහා බලාන හිටියා.

" ජන්ග්කුක් ඔයා යනවද.?"
ඇය ඇසුවා.

" ඇයි ඇහුනෙ නැද්ද හ්‍යුන් කියපු දේ. මං එයාගෙ වචනෙට පිටින් වැඩ කරන්නෑ."

ජන්ග්කුක් හිටියෙ අමනාපෙන් වගේ..

තමන්ගෙ ලට්ටලොට්ට සේරම ගමන් මල්ලට ඔබාගත්තු ජන්ග්කුක් එය කරලාගන්නට උත්සහ කළත් ඊලග නිමේෂයේ ඔහුගෙ අතේ මැණික්කටුව සීතල පුංචි අතකට හිරවුණා.

" ජන්ග්කුක් චේබල් යන්න එපා.."

ජීසුගෙ දෑස්වල ලියවිලා තිබුණෙ මොනවදෝ කියල වටහාගන්න බැරුව ජන්ග්කුක් ඇය දිහා බලන් හිටියා.

~~~~~~~~~~~~~~

තවත් හෝරාවකින් පමණ ජන්ග්කුක් හිටියෙ යුන්ගිගෙ නිවසේ තිබුණ කුඩා කාමරයක ඇදේ වැතිරිලා ඉහළින් පෙනුන සුදු පැහැති සිවිලිම දිහා බලාගෙන. ඔහුගෙ මුවේ වරින් වර සිනහවක් ඇදෙමින් මැකෙමින් තිබුණා.

' හැනා ඇන්ඩර්සන්.. අපි මොන තරම් ඒ නමේ අයිතිකාරයව හෙව්වද.. මම නම් කවදාවත් හිතුවෙ නෑ ඒ එයා කියලා. ඉස්සර හ්‍යුන් එයාගෙ ලොකර් එක ලගට යද්දි ඒකෙ දොරේ කැන්ඩි ලොලිපොප් එකක් අලවලා තිබ්බා. මුලදි අපි හිතුවෙ ඒක කාගෙ හරි විහිලුවක් කියල වුණාට පස්සෙ පස්සෙ ඒ ලොලිපොප් එකත් එක්ක තිබුණ අමුතු උපමා තිබුණ චූටි චූටි කොළ කෑලි, ඒ කොළේම කොණක තිබුණ නම නිසාම අපි ඒ කෙනාව හොයන්න ගත්තා.'

" මහ සාගරය තරම් ගැඹුරු යුන්ගි.."

" හහ් හහ් හහ් හා..." 😂

එහෙම මුමුණලා ජන්ග්කුක් මහ හයියෙන් හිනා වෙන්න ගත්තා.

' මම නම් හිතුවෙම ඒ ජීහි ඔන්නි කියලා. ඒ වුණාට යුන්ගි හ්‍යුන් කිව්වෙම ජීහි ඔන්නි කවදාවත් ඒ වගේ වැඩක් කරන්නෑ කියලා. හ්‍යුන් තරම් ඉතින් මං ජීහි ඔන්නිව දන්නෙ නෑනෙ.'

' කොහොම හරි අන්තිමට අද වගේම අර මෝඩි හ්‍යුන් ඉස්සරහම පර්ස් එක බිම වට්ට ගත්තනෙ.. මං හිතුවෙ හ්‍යුන්ට ඒක නෝට් වුණේ නෑ කියලා. ඒත් බලන් ගියාම හ්‍යුන් ඊටපස්සෙ මටත් නොකියම එයා ගැන හොයන්න ඇති. නැත්තන් කොහොමද හ්‍යුන් ජීසුගෙ ඇත්තම නම දැනගත්තෙ.'

' හැනා දන්නැතුව ඇති ඒත් මං එයාව හ්‍යුන්ට හොයාගන්න බැරිවෙන්න ගොඩාක් දේවල් කළා..'

ජන්ග්කුක්ගෙ දෑස් කෙමෙන් පියවුණා. ඔහු මද සිනහවකින්ම නිදි දෙව්දූ තුරුලට ගිහින්. ජන්ග්කුක් සතුටින්. මං හිතන්නෙ..

~~~~~~~~

හැන් ජී සූ ගැන මං ඔයාලට කලින්ම කිව්වා. ඒ වුණත් ඇයගෙ අනන්‍යතාවය දැන් ඔයාලට හොදටම පැහැදිලි ඇති. ඇය ඇමරිකානු ජාතික පියෙකුට දාව කොරියානු ජාතික මවකට උපන් දියණියක්. ඒ නිසාම අයගෙ මුල් නම වුණේ ඇන්ඩර්සන්. ඇය කොරියාවට පදිංචිට ආවට පස්සෙ ඇයට කොරියානු නමක් වුවමනා වන නිසාම තරමක් මුරණ්ඩු දරුවෙක් වුණ හැනා ඇයගෙ ඔම්මගෙ මුල් නමට කොරියානු නමක් තමන්ට ගලපාගත්තා.

ඒ නම 'හැන් ජී සු' වෙද්දි දිගින් දිගටම ඇයව හැම කෙනෙක්ම ඒ නමින්ම හදුනාගන්න පටන් ගත්තා. එහි ප්‍රතිඵලයක් විදියට 'හැනා ඇන්ඩර්සන්' කියන ඇයගෙ නියම නම ලොවට රහසක් වෙන්නෙ ඇයගෙ උප්පැන්න සහතිකයට පමණක්ම එය සීමා කරන ගමන්.

ඒ නමුත් ඇය යුන්ගි පිළිබද දැක්වූ අසීමාන්තික කැමැත්ත නිසාම විශ්ව විද්‍යාලයට ඇතුල් වුණ මුල්ම කාලය තුළ කළ ක්‍රියාවක ප්‍රතිඵලයක් නිසා ඇයගෙ නියම නම ජන්ග්කුක් වගේම යුන්ගිත් හොයාගෙන තිබුණා.

~~~~~~~~

ගෙවෙමින් තිබුණෙ ග්‍රීෂ්ම ඍතුවෙ අවසාන භාගය නිසාම රාත්‍රී අහස තරමක වැහිබර බවක් ආරූඪ කරගෙන හිටියා. සුපුරුදු රාත්‍රීන්වලට වෙනසක් එක් කරමින් එදින රාත්‍රියේ ඉල්සාන්වල ගස් වැල් තරමක ආවේගෙන් ඔවුනගෙ හැගීම් එහා මෙහා පාකරන්නට පටන් ගෙන තිබුණා.

රාත්‍රී එකොළහේ කනිසම යේබින්ගෙ නිවසේ විසිත්ත කාමරයේ තිබුණ තරමක් විශාල ඔරලෝසුවෙ හඩ නගමින් සනිටුහන් වුණත් එය සවන් ගැටුනෙ ජීහිගෙ විතරක්ම වුණේ ඒ වෙනකොට ජින් වගේම යේබිනුත් තවමත් නිදි නැතිව විසිත්ත කාමරය පුරාම පුංචි කකුල් තිය තිය ඇවිදින පැංචිගෙ හුරතල් විදිමින් සිටි නිසා වෙන්න ඇති.

' ඔයා නිසා මට කවදාවත් එයාව අමතක වෙන එකක් නෑ පැටියෝ.. එයා මට ඔයාව දුන්න එක ගැන මම සතුටු වෙනවා.. මොකද මම ඔයා නිසා සතුටින්.. ඔයා නිසා මට ලෝකෙ මිල කරන්න බැරි තරම් වටින බැදීම් ගොඩාක් ලැබුණා..'

පැංචි දිහා බලාගෙන එහෙම හිතපු ජීහි ඊලග නිමේෂයේ සෝෆා එක ලග බිම ඉදගෙන ඉන්න යේබින් දිහා වගේම ඇයගෙ උකුල උඩ ඔලුව තියාගෙන පැංචිට තමන් දිහාවට කතා කරන ජින් දිහා බලලා යන්තමින් මදහස් පෑවා.

සෙනෙහස පිරුණු ඒ මදහසට යේබින්ගෙ විසිත්ත කාමරයේ තිබුණ ගෘහ භාණ්ඩ බිත්ති සිවිලිම සාක්ෂිකරුවන් වුණා.

හිටපු තැනින් නැගිටපු ජිහි හඩ නොනැගෙන්න දොර විවර කරලා වහලා දාන ගමන් නිවසින් එළියට ආවා.

' පටන් ගත්තු තැනම ඔයා එදා නතර වුණාට එදා දුවන්න පටන් ගත්තු මගේ ජීවිතේ දැන් මැරතන් එකක් වෙලා..'

' තව කොච්චර කාලයක් මට මෙහෙම දුවන්න වෙයිද කියල මම දන්නෙත් නෑ.. ඒත් මං දන්නව මේ ගමනෙ අවසානය තව සෑහෙන දුරයි කියලත්.. ඒ වුණත් මට දැන් මහන්සී.. නොසෑහෙන මහන්සී..'

නිවසෙන් එළියට ආපු ජීහි ඇයගෙ තරමක් විශාල පිට කබායෙ සාක්කු දෙක තුළට දෑතම ඔබාගෙන කිසිවෙක් නොසිටි මාර්ගය දිගේ ඉදිරියට ඇවිද යමින් හිටියා.

' මහන්සි කියලා මට පුලුවන්කමක් නැහැ නතර වෙන්න.. මට ඕනෙ නෑ මගෙ දරුවව නැති කරගන්න.'

' මුලු ජීවිත කාලෙම හැංගිලා ජීවත් වෙන්න වුණත් මම ඒක කරන්නම්.. මං නිසා මගෙ දරුවටවත් එයාටවත් මගෙ ලගින් දැන් ඉන්න මගේ නොවෙන මගේ අයටවත් කිසිම කරදරයක් වෙන්න ඉඩතියන්නෑ මං..'

ජීහි මාවත දිගේ තරමක් දුර ඇවිදවිත් තිබුණත් ඇය හිටියෙ ඇය කොහෙ යනවද කොතනක ඉන්නවද කියලා කිසිම අවබෝධයක් නැති වගකින්.

' මං යේබින් ඔන්නි ලග මෙහෙම දිගටම ඉන්න ගියොත් වෙන්නෙ ඔන්නි වගේම ජීනු ඔප්පත් අමාරුවෙ වැටෙන එක.. කරගන්න දෙයක් නැතිකමට මං අද මෙහාට ආවත් අනිවාරෙන්ම මං වෙන තැනක් හොයාගන්න ඕනේ.. මේ කිසිම කෙනෙකුට ආයෙ කවදාවත් මාවවත් පැටියවවත් හොයාගන්න බැරි වෙන තැනක්.'

ඇය හැමදාමත් වගේ තනිවම නිගමනේකට ඇවිත්. ඇයගෙ අනන්‍යතාවය ඇයගෙ අතීතය ඇයගෙ වර්තමානයේ සත්‍ය හැමෝගෙන්ම සගවගෙන ඇය ගෙවන පීඩාකාරී ජීවිතයේ තවත් එක් තීරණයක්, ඈත අදුරු අහස දිහා බලලා දෑස් වසාගෙන උණුසුම් සුසුමක් වාතලයට මුදාහරින ගමන් ඇය ඒ විදියට ගත්තා.

" ඕඕහ් වැස්සක්..!"

ඉහළට හැරිලා තිබුණ ජීහිගෙ මුහුණට එකවරම සිහින් වැහි පොද ඉහිරෙන්න ගද්දි ඇය අසලම තිබුණ වසා තිබුණ පුංචි කඩයක පියැස්ස යටට ගියා.

" ආආහ්හ් චින්චා.. ආයෙත්, ආයෙත් වතාවක් මං පිස්සෙක් වගේ පාර දිගේ ඇවිදලා.."

ජීහි ඇගේ හිසකේ ඇතුලෙන් එක් අතක් යවන ගමන් තනියම කියවගෙන ගියා.

" මේ විදියට නම් තමුසෙට කවදාවත් පැටියවත් බලාගෙන තනියම දෙයක් කරගන්න බැරි වෙයි ජීහියා.. හිතල බලනවා තමුන් මේ තරන්ම කාලයක් තනියම හිටිය කිව්වට තනියමද හිටියෙ කියලා.."

තරමක ආවේගෙන් තමන්ටම ජීහි එහෙම කිව්වත් ඊලග නිමේෂයේ ඇයට ඉදිරියෙන් මාර්ගයේ අනෙක් පස සිදුවන සිදුවීමක් දිහාවට ඇගේ දෑස් ඇදිලා ගියා.

~~~~~~~~~~~~~~

අවශ්‍ය වුවත් ආයෙම කිසිම දිනක නොයන්න ගත් ස්තීර තීරණයත් එක්ක යුන්ගි ඇවිත් තිබුණෙ ඔහු එතෙක් කල් බොහෝ දුරක් ගෙවාගෙන දිනපතා පැමිණි සමාජ ශාලාවටමයි.

ඔහු පැමිණ බොහෝ වෙලාවක් ගත වෙලා තිබුණත් පෙර දින වලදී මෙන් ඔහු ඉදිරියේ හිස් වුණු මධුවිත බෝතල් තිබුණෙ නෑ. ඒ වෙනුවට ඔහු ඉදිරියේ අඩක් පිරවූ මධුවිත වීදුරුවක් සහ අලුතින්ම විවර කරන ලද ඉහළ වර්ගයේ මධුවිත පිරි බෝතලයක් දකින්න තිබුණා.

" ස'ර්.., ස'ර් ඔය බ්‍රෑන්ඩ් එකට අකමැති නම් මට පුලුවන් අලුත් එකක් ස'ර් වෙනුවෙන් ගෙනත් දෙන්න."

යුන්ගි පැමිණි සෑම දිනකදිම පාහේ යුන්ගිට අවශ්‍ය සියලු දෑ සැපයූ සමාජශාලා වේටර්වරයට යුන්ගිගෙ එදින හැසිරීමෙ අමුත්තක් පේන්න ඇති.

" ඕනෙ නෑ. කම්සාහම්නිදා.."

යුන්ගි එලෙස පිළිතුරු දුන්නත් යුන්ගිගෙ දෑස් සමාජශාලාව පුරාම ඒ මේ අත නොසන්සුන්ව දුවන බව යුන්ගි දිහා සමීපව බලාන හිටිය වේටර්වරයාට හදුනාගන්න පුලුවන් වුණා.

' එයා අද ඇවිත් නැද්ද.. එහෙමත් නැත්තන් එදා වගේම කරදරයක්වත්ද.?'

යුන්ගිගෙ හිත දිගින් දිගටම යුන්ගිගෙන් ඒ විදියට ප්‍රශ්න කළත් යුන්ගි තවදුරටත් කළේ එකතැන ඉදගෙන කල්පනා කරපු එක විතරමයි.

"ස'ර්.., මෙහෙම අහනවට සමාවෙන්න. ඒත් ස'ර් කාවහරි හොයනවද.?"

වේටර්වරයා එහෙම විමසද්දි යුන්ගි එක වරම ඔහු දිහා බැලුවා.

" ච්..ච්වේසොංහම්නිදා ස'ර්.."

යුන්ගිගෙ දෑස්වල තිබුණ දීප්තිය වගේම ඒ බැල්බෙ තිබුණ ඒකීයබව වේටර්වරයාව තරමක් අපහසුතාවයට පත්කළ හැඩයි.

' මේක තමයි අවසාන දවස. මං හිතන්නෙ මට පුලුවන් එහෙම කරන්න.'

එහෙම හිතපු යුන්ගි වේටර්වරයා දිහා බලලා යන්තමින් හිස සැලුවා.

" ස'ර්..?"

" නේ.. මං කෙනෙක්ව බැලුවා. මට ඕනෙ කෙනෙක්ට ස්තූති කරන්න."

" ........ "

යුන්ගි වේටර්වරයා දිහා බලාසිටියත් ඔහුගෙන් ප්‍රතිචාරයක් දකින්න තිබුණෙ නෑ. ඒ වෙනුවට ඔහු යුන්ගි තවත් යමක් පවසාවි යැයි අපේක්ෂාවෙන් බලාසිටින බවක් දකින්න පුලුවන් වුණා.

" මං හිතන්නෙ එයා මෙහෙ වැඩ කරන කෙනෙක්.. කලින් දවසක මගේ වොලට් එක වැටිලා තිබිලා එයා මට ඒක ආයෙම දුන්නා. ඒ වෙලාවෙ මම ස්තූති කරන්න තරම් සිහියක හිටියෙ නැහැ."

යුන්ගි පාපොච්චාරණයක් වගේ කියවගෙන ගියා.

" ආආහ්හ්.. ස'ර් කියන්නෙ අපේ කෙනෙක් ගැන නම් මට පුලුවන් ඒ කෙනාට කියන්න ස'ර්ව මුණගැහෙන්න කියලා.. ඒ වුණත් එයා කරල තියෙන්නෙ එයාගෙ යුතුකමනෙ ස'ර්.."

වේටර්වරයා එහෙම කියද්දි යුන්ගි මදහස් පෑවා.

" ඒ වුණත් ඒක මට ලොකු උදව්වක්."

ඒ යුන්ගිගෙ වචන.

" ස'ර් හොයන්නෙ කාවද කියල කිව්වොත්.?"

" මම නමක් නම් දන්නෙ නෑ.. ඒත් එයා තරුණියක්. දුඹුරු පාට ටිකක් දික කොණ්ඩයක් තියෙන කෙනෙක්."

යුන්ගි ඔහුගෙ දෑත් මිටිමොලවාගෙන හිටියා. බොරුකීම කියන කාරණයට යුන්ගි වෛර කළත් ඒ මොහොතෙ ඔහුට වෙන ක්‍රමයක් නැතිවෙන්නැති.

" ආආහ් ස'ර් ඔය කියන්නෙ අපේ ජීහියා ගැන වෙන්න ඕනේ."

වේටර්වරයා එකම එක දේහ ලක්ෂණයකින්ම ඇයව හදුන ගත්තා.

' ඔව් ඒ එයා තමයි..'

යුන්ගිගෙ හදවත කෑමොර දෙද්දී,

" මම නමින් දන්නෙ නැහැ."

යුන්ගිගෙ මුව එලෙස පිළිතුරු දුන්නා.

" දුඹුරුපාට කොණ්ඩයක් තියෙන කෙනෙකුට කියලා අපේ ස්ටාර්ෆ් එකේ හිටියෙ ජීහි විතරයි ස'ර්.."

" ආහ් එහෙනම් ඒ එයා වෙන්න ඇති. මට පුලුවන්ද එයාට කතා කරන්න."

යුන්ගි තරමක් හදිස්සිද මන්දා.

" ස'ර්.., ස'ර්ට එයාව ආයෙ කවදාවත් මුණගැහෙන එකක් නෑ."

වේටර්වරයා නිදහසේ වචන මෙහෙයමින් එහෙම කියද්දි..

" වේ..? වේඒඒඒ..? එයාට මොනව හරි කරදරයක් වුණාද..?"

හිටපු තැනින් නැගිටපු යුන්ගි දෑතින්ම මේසයට තරමක් වැරෙන් පහරක් ගසලා එහෙම ඇහුවා.

" ආ..අනි..ආනියෝ ස'ර්.. ජීහි අද මෙහෙන් අස්වුණා. එයාගෙ මහත්තයා එක්ක එයා ආයෙම සෙට්ල් වෙලාලු.. අපේ ස'ර් කිව්වෙ ජිහි ආයෙම ගෙදර ගියා කියලා."

වේටර්වරයාගෙ දෑස් විසල් වෙලා තිබුණෙ යුන්ගිගෙ වෙනස් වීම නිසා වෙන්නැති. ඒ වුණත් ඔහු ජීහි ගැන දැන සිටි කාරණා ඒ විදියට යුන්ගි ඉදිරියේ වචන කළා.

" ම්..ම්වෝ..? ( මොකක් )මහත්තයා..?"

යුන්ගිගෙ දෑත් මේසය මතට බර වෙලා තිබුණා. තරමක් වෙලා හිසත් මේසය දිහාවට හරවගෙන හිටිය යුන්ගි,

" එහෙනම් ඉතින් මොනව කරන්නද."

කියල කියන ගමන් එතෙක් වෙලා මේසය මත තබල තිබුණ මධුවිත පිරි වීදුව එක හුස්මට හිස් කරලා දාලා ආයෙම ආසනයෙන් අසුන් ගත්තා.

' එහෙනම් අන්තිමට එදා වගේම ඔයා මම එනකොට ආයෙම යන්න ගිහින් නේද.?'

' හැමදාම වගේ මම පරක්කු වෙලා.'

වීදුරුව පසෙක දාලා මධුවිත බෝතලයම කටේ තියාන උගුර උගුර හිස් කරන ගමන් යුන්ගි කවර දවසකවත් නොමැති විදියට වරින් වර සිනාසෙන්න ගත්තා.

____________________________________

අදුරේ ගිලුණු මාවතක
මීදුමද
පැතිර ඇති විටෙක
සදද නොමැති
දීර්ඝ රැයක
නැවත නැවතත්

මා,

කෙළවරක් නොමැති
වංකගිරියක
මංමුලා වන බව
නොදැන සිටි

නුඹ..

____________________________________

_KIASA_🍁

Continue Reading

You'll Also Like

3.6K 627 15
Jungkook Atlas Francis - Taehyung Rowan Elliot
584K 65.9K 34
6 years later,he found his wife(husband).
923K 71K 46
သစ္စာ ဖောက်တဲ့ ex ကို ကလဲ့စားခြေဖို့ အဖေကို ယူ......... ငါ့ကို သစ္စာဖောက်တဲ့ အတွက် မင်းက ငါလေးကို Mom လို့ခေါ်ဖို့သာ ပြင်ထားတော့ ဝမ်ရီလျှို့ ~~ရှောင်...
4K 755 18
පන්දුවෙන් වැඩදාන දගකාර හිතක් ලග ගන් එකෙන් වැඩ දාන සීතල හිතක් නතර උනොත් , #විරුශ් ...... 💞 For the love Of...