SCAR

By Marivok

170K 27.9K 13.8K

" උබේ එකම පුතාගේ දණිස් මගෙ ඉස්සරහා නැමෙයි. උබේ පුතා මගෙ ඇද උඩ මාව pleasure කරයි... උබේ පුතා මගෙ cum වලින් fe... More

Notice
prologue
Capter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
A/N
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43 ( END)
Bonus Chapter

Chapter 20

3.9K 607 405
By Marivok


€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€
================================
______________________________________

හ්‍යුන්බින් එතනින් යන්න ගියේ එක පාරක්වත් ජන්කුක් දිහා නොබලයි. හ්‍යුන්බින් එලියට ගිය ගමන් ටේහ්‍යුන්ග් දුවන් ගිහින් ජන්කුක් ලග දණින් වැටුනා.

ජන්කුක්ගේ ඇදුම් ලේ වලින් තෙත් වෙලා.. සුදු පාට පොලවේ ජන්කුක්ගේ ලේ පාරවල්... අනිවාරෙන්ම ජන්කුක්ගේ ඇගේ කැලැල් ඇති. ඒත් මේ ඇදුම් හින්දා පේන්නේ ලේ වලට තෙත් උන ඇදුම්.......

ටේහ්‍යුන්ග් ජන්කුක්ගේ ඔලුව එයාගේ ඔඩොක්කුවෙන් තියා ගත්තා.

ටේහ්‍යුන්ග් , එතන හිටන් ඉන්න ජෙසී දිහා බැලුවා.

TH-" ඔයා... ජෙසී... එහෙමනේ....."

" අහ්ම්... ඔව්.... "

TH-" මං ජන්කුක් සර්ගේ driver ටේහ්‍යුන්ග් ...ම්ම්ම්... ජෙසී මට උදව් කරන්න. දැම්ම මට වතුර එකක් අරන් එන්න පුලුවන්ද ? "

" හ-හරී..... "

ටේහ්‍යුන්ග්ගේ වචන වලට බෑ කියන ගෑනු කෙනෙක් නෑ කියලා ටේහ්‍යුන්ග් දන්නවා. 
ජෙසී එවෙලෙම දුවලා ගිහින් වතුර වීදුරුවක් ගෙනත් ටේහ්‍යුන්ග් අතට දුන්නා.

TH-" ජන්කුක් සර්ගේ bathtub එක, උණුවතුර දාලා ලෑස්ති කරන්න...."

" හරී....."

ජෙසී ඔලුව නමලා, එතනින් දුවන් ගියේ ජන්කුක්ගේ කාමරේට. ටේහ්‍යුන්ග් මේ ගෙදර අයිතිකාරයාවත්, එයාගේ බොස්වත් නෙමේ කියලා ජෙසී දන්නවා. ඒත් ටේහ්‍යුන්ග්ගේ හඩේ තිබ්බේ ස්වමීත්වය දරන ස්භාවයක්. ටේහ්‍යුන්ග්ගේ වචන වලට බෑ කියන්න බැ.
ජෙසී එවෙලෙම ගියේ bathtub එක ලෑස්ති ක්රන්න.

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ ඔලුව ඔඩොක්කුවෙන් තියාගෙන අත් තෙමලා මූනේ වතුර ගෑවා.

TH-" baby............."

ටේහ්‍යුන්ග් කතා කරේ ගොඩක් නිවුන කටහඩකින්. ඒ හඩ හරිම ආදරණීයයි.

TH-" baby...... නැගිටින්න....."

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ මූන වතුරෙන් තෙමුවා.

TH-" නැගිටින්න baby....look at me... "

Jk-" ම්ම්ම්හ්හ්ම් ........"

ජන්කුක් , හෙමින් ඇස් ඇරියා. ජන්කුක්ගේ තොල් වලට හිනාවක් ආවේ වෙනදට ඇස් අරිනකොට එයාගේ ඇස් ඉස්සරහා maid කෙනෙක් හරි වෙන කවුරු හරි ඉන්නේ උනත්, අද ඇස් අරිනකොට එයාගේ ඇස් ඉස්සරහා ඉන්නේ එයා මේ ලෝකේ වැඩියෙන්ම ආදරේ කරන කෙනා

Jk-" මා-මාස්ට~~~~"

TH-" ශ්..... baby....  කතා එපා.... "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ ඔලුව හෙමින් අතගෑවා.

TH-" මං හිතුවට වඩා ඔයා ගොඩක් ශක්තිමත් "

ජන්කුක් , වේදනාවෙන් හිනාවෙලා ටේහ්‍යුන්ග් දිහා බැලුවා.

TH-" අපි.... නාන්න යමු.... "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ව හරහට වඩා ගත්තා. ජන්කුක් එයාගේ පපුවේ තුරුල් කරගෙන මෙහෙම ඇවිදන් යද්දී ටේහ්‍යුන්ග්ගේ පපුව වේගෙන් ගැහෙන්නේ ඇයි ... ඒ එක්කම පපුවේ ලොකු වේදනාවක් ඇයි....

TH-" දන්නවද ..... ඔයා මෙහෙම මගෙ තුරුලේ ඉද්දී කොච්චර ලස්සනද කියලා....."

තවමත් ටේහ්‍යුන්ග්ගේ වචන ජන්කුක්ගේ පපුවට බරක්. පපුව වේගෙන් ගැහෙන්න ගත්තා. ටේහ්‍යුන්ග්ගේ ආදරනීය කතා එයාට අඩන්න තරම් සතුටක් ගෙනාවා. ටේහ්‍යුන්ග් මේ වගේ දේවල් නිතරම කියන් නෑ.....

ජන්කුක් දිලිසෙන ඇස් වලින් ටේහ්‍යුන්ග් දිහා බලාගෙන හිටියේ. ටේහ්‍යුන්ග් ජන්කුක්ව හරහට උස්සගෙන පඩිපෙල නගින ගමන් හිටියේ.

TH-" මේ ලස්සන වෙන අය ලගට ගියාම නෑ... මේ ලස්සන තියෙන්නේ මගෙ ලග ඉද්දී.... මගෙ ලගින් විතරක් ඉද්දී....... "

ටේහ්‍යුන්ග් කතා කරේ possessive විදියට.ජන්කුක්ට දැනුනා ටේහ්‍යුන්ග්ගේ possessive අවුරාව. මේ එයා jaehyun ලග ඉද්දී ටේහ්‍යුන්ග්ගෙන් පේන්න තියන අවුරාව. ඒත් අද... අද ඒක ගොඩක් වෙනස්....
අද ටේහ්‍යුන්ග්ගේ ඇස් වල ආදරේ, කරුණාව පේන්න තියනවා.

ආදරේ ? Ok... කරුණාව පේන්න තියනවා... ඒත් මේ පේන දේ ආදරේද ?
ඇත්තටම මේක ආදරේමද? ඒක දන්නේ ටේහ්‍යුන්ග්ගේ වේගෙන් ගැහෙන හදවත. ජන්කුක් ඇදගෙන වැටෙද්දී, වේදනාවෙන් කෑ ගැහුව ටේහ්‍යුන්ග්ගේ හදවත...

TH-" කොයි පැත්තෙද කාමරේ......."

එදා ටේහ්‍යුන්ග් , ජන්කුක් නලල කපාගත්ත දවසෙත් ටේහ්‍යුන්ග් තමා ජන්කුක් උස්සන් ආවේ. ඒත් උස්සගෙන කාමරේට අරන් ගියේ නෑ මොකද හ්‍යුන්බින් ජන්කුක්ව ගෙට ඇතුල් උන ගමන් අර ගත්තා. ඒ හින්දා ටේහ්‍යුන්ග් ජන්කුක්ගේ කාමරේ දන් නෑ.....

Jk-" ද-දකුණු පැත්-තට "

ජන්කුක් , ටේහ්‍යුන්ග්ට විතරක් ඇහෙන සද්දෙන් කෙදිරුවා.

ටේහ්‍යුන්ග් දකුණු පැත්තට ඇවිදන් ගියා. ඒක විශාල මන්දිරයක්. අනිවාරෙන් මේකේ පලවෙනි වතාවට එන කෙනෙක් අතරමං වෙනවා විශ්වාසයි .

ටේහ්‍යුන්ග් ඇවිදගෙන යද්දී එයා දැක්කා ජෙසී කාමරේකින් එලියට එනවා. ඒක තමා ජන්කුක්ගේ කාමරේ. ටේහ්‍යුන්ග් ජන්කුක්ව උස්සගෙන කාමරේ ඇතුලට ගියා.

ටේහ්‍යුන්ග් හිතුවා හරි... ටේහ්‍යුන්ග්ගේ මුලු ගෙදරම මේ තරම් ඇති . ඒ තරම් ජන්කුක්ගේ කාමරේ විශාලයි . සැපපහසුයි.... ඊටත් වඩා පිලිවලයි, පිරිසිදුයි... ලස්සන ලා පාට paint එකක් කාමරේ තිබ්බේ . කර්ට්න් , bedsheet , blanket විතරක් නෙමේ , කබඩ් , mirror පවා ඒ පාටට ගැලපෙන්න.

Lighting උනත් හරිම චාම් ලස්සනයි. ඇත්තටම ජන්කුක් මේ මන්දිරේ ගොඩක් සැප විදිනවා...
ඒත්... එත් ආදරේ..........

TH-" ජෙසී සර්ට රෑ කෑම ලෑස්ති කරන්න..... , ඒ වගේම මං කාමරේ ඉන්නවා කියලා ඔයා විතරක් දැන ගත්තම ඇති...... "

ටේහ්‍යුන්ග් , ජෙසී එක්ක කතා කරේ ආකර්ෂණීය විදියට. ඒත් ඒක අණක්... ටේහ්‍යුන්ග්ගේ කඩවසම් පෙනුම, ඒ වගේම කටහඩ පාවිච්චි කරලා එයාට පුලුවන් තරුණ ඕන කෙනෙක්ව පාලනේ කරන්න. ඒක තමා ටේහ්‍යුන්ග්ට තියන  එකම වාසිය.

" හ..හරි...."

ජෙසී, ටේහ්‍යුන්ග්ගේ කඩවසම් මූන දිහා බලන් යටහත් පහත් විදියට උත්තර දීලා එතනින් යන්න ගියා. ටේහ්‍යුන්ග් කකුලෙන් තල්ලු කරලා කාමරේ දොර වහලා, ජන්කුක් දිහා බැලුවා ......

ජන්කුක්ගේ ඇස් ඒ වෙනකොටත් හැරිලා තිබ්බේ ටේහ්‍යුන්ග් පැත්තට හැරිලා. ඒ ඇස් ගොඩක් අහිංසකයි....... ටේහ්‍යුන්ග්ගේ පපුවට , ජන්කුක්ගේ ඇස් වල පිරිලා තියන කදුලු හින්දා අමුතු වේදනාවක් ගෙනාවේ ඇයි කියන්න ටේහ්‍යුන්ග්ටවත් තේරුම් ගන්න අමාරුයි.

ඒත් එවෙලේ ටේහ්‍යුන්ග්ට ජන්කුක් වේදනාව ... ලොකු දුකක් ගෙනාවා.

ටේහ්‍යුන්ග් ජන්කුක්ව උස්සගෙන bathroom එකට අරන් ගියා.

ජන්කුක්ගේ bathroom එක ටේහ්‍යුන්ග්ගේ සාලෙටත් වඩා ලොකුයි. ඒ වගේම ගොඩක් පිලිවලයි.... පිරිසිදුයි.... bathroom එකෙන් නැවුම් සුවදක් එන්නේ...

ටේහ්‍යුන්ග්ගේ , ජන්කුක්ව බිමින් තිබ්බා.. ඒත් ජන්කුක්ගේ කකුල් වලට කෙලින් හිටගන්න තරම් හයියක් නෑ.....

TH-" මාව අල්ල ගන්න baby..... "

ජන්කුක් , ටේහ්‍යුන්ග් අල්ලගෙන කෙලින් හිටන් ඉන්න පුලුවන් විදියට balance උනා.

TH-" දැං හරිද ? "

Jk-" ඔ..ඔව්.... "

TH-" මං දැං ඇදුම් ගලවන්න යන්නේ "

ටේහ්‍යුන්ග් කනට කරලා කෙදිරුවා.ජන්කුක් ඔලුව වැනුවා.ටේහ්‍යුන්ග් කන්පෙත්ත peck කරලා කමිසේ හෙමින් උස්සලා ගැලෙව්වා.

ජන්කුක් ඇග මෙච්චර වෙලා ඇදුමට cover වෙලා තිබ්බේ. ඒත්..... දැං ටේහ්‍යුන්ග්ට ජන්කුක්ගේ ඇග පේනවා. ටේහ්‍යුන්ග්ගේ ඇස් ලොකු උනා. එයා හිතුවේ නෑ ජන්කුක්ට මෙච්චර වේදනාවක් ඉවසන්න පුලුවන් වෙයි කියලා.

ජන්කුක්ගේ පිට ලේ විලක් වෙලා... තුවල වෙලා ලේ ගලනවා..  බඩ හරහත් රතු පාට ඉරි ඉරි පැල්ලම්.....

ටේහ්‍යුන්ග් ,හිත තද කරගෙන ජන්කුක්ගේ කලිසම ගැලෙව්වා. කලිසමේ කකුල් ලේ වලට එයාගේ කකුලේ ඇලිලා...  ජන්කුක්ගේ මුලු ඇගේම බෙල්ට් පාරවල්.. රතු ඉරි ඉරි මුලු ඇගේම. ලේ පාරවල්... ලේ පැල්ලම්... තුවාල වලින් තවත් ලේ ගලනවා.

TH-" b-baby....."

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ තුවාල වෙලා තියන තොල් පෙති ඇගිල්ලෙන් පිරිමැද්දා.

TH-" ඇයි මෙහෙම කරේ....... "

Jk-" මා...මාස්ටර්   ....."

TH-" ඇයි බොරු කිව්වේ... ? ඇයි හ්‍යුන්බින් ගහද්දී සද්ද නැතුව හිටියේ ? ඇයි... ඇයි දඩුවම් දැන දැනම නොකරපු වරදකට දඩුවම් වින්දේ...."

Jk-" මං...මං මාස්ටර්ට ආදරෙයි...... "

TH-" ඇයි මට ඔයාගේ ඇස් වල අවංකකම පේන්නේ...."

Jk-" මොකද මං මාස්ටර්ට අවංකවම ආදරෙයි "

ටේහ්‍යුන්ග් ජන්කුක්ගේ තොල් පෙති හෙමින් සිපගත්තා . වෙනදා වගේ rough උන් නෑ... වෙනදා වගේ නෙමේ මේ kiss එක සම්පුර්ණයෙන් වෙනස් එකක්... ජන්කුක්ට ටේහ්‍යුන්ග්ගේ මේ සිපගැනීමේ අමුතු දෙයක් දැනුනා. වෙනදට ටේහ්‍යුන්ග්ගේ තොල් වල තිබ්බේ ආශාව එහෙම නැත්තන් කේන්තිය . ඒත් අද.... අද ඊට වඩා වෙන දෙයක් දැනෙනවා.

ටේහ්‍යුන්ග් එයාගේ තොල් ජන්කුක්ගේ තොල් වලින් ඈත් කරලා, එයාගේ නලල ජන්කුක්ගේ නලලට හේත්තු කරා.

TH-" ඔයා මට හැමදේම අමාරු කරනවා baby.... ඔයා මට හැමදේම ගොඩක් අමාරු කරනවා "

Jk-" මා-මාස්ටර් "

ටේහ්‍යුන්ග් ආයෙත් එකපාරක් ජන්කුක්ගේ තොල් peck කරලා bathtub එක ලගට උස්සන් ගිහින්.ජන්කුක්ව බිමින් තියලා boxer එකත් ගැලෙව්වා. ජන්කුක්ව සම්පුර්ණයෙන් නිරුවත් කරා.

ජන්කුක්ගේ ඇගේ තුවාල කැලැල්, ඒවගෙන් ලේ බින්දු ගලන් යනවා.... ටේහ්‍යුන්ග් මේ හැම දේම දිහා බැලුවේ වේදනාවෙන්.

ඒත් ජන්කුක්ට ලැජ්ජවක් දැනුනා. ටේහ්‍යුන්ග් කියන්නේ එයා දැකපු කඩවසම්ම පිරිමියා. ඒත් එයාගේ ඇග... එයාගේ ඇග දැං තුවාල වෙලා. කැත වෙලා... ටේහ්‍යුන්ග් හිතුවොත් තවත් මේ ඇග එයාට ගැලපෙන් නෑ කියලා.... ජන්කුක්ට බයයි  .....

Jk-" මා..මස්ටර්..... "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ කදුලු පිරුනු ඇස් දිහා බැලුවා.

Jk-" මාස්ටර් ...ඔහොම මගෙ..මගෙ ඇග දිහා බලන් ඉද්දි මට දුකක් දැනෙනවා... මට බයක් දැනෙනවා..  මං..මං..  කැත වෙලා..  මං සරාගී නෑ... ඒත්...මං පොරොන්දු වෙනවා මං ඉක්මනින් මේ කැලැල් නැති කර~~~~"

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ සිනිදු තොල් එයාගේ තොල් අතරට ගත්ත. ජන්කුක්ව ටේහ්‍යුන්ග්ට නවත්තන්න හිතුනේ එහෙම. තප්පර කීපයකට පස්සේ ටේහ්‍යුන්ග් ජන්කුක්ගේ තොල් වලින් ඈත්  උනා.

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ blank මූන දිහා බලාගෙනම එයාගේ කමිසේ ගලවලා දැම්මා. ටේහ්‍යුන්ග් උඩුකය නිරුවතින්... ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ සීතල අත් අරගෙන එයාගේ පපුවෙන් තියා ගත්තා.

TH-" හිතන්නේ ඔයාගේ ඇග තවමත් sexy නෑ කියලද ? "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ සිනිදු අත එයාගේ පපුව දිගේ හෙමින් පහලට අරන් ගියා.

TH-" නෑ.....  ඒක වැරදි ....... "

ටේහ්‍යුන්ග් , අවසානේ ජන්කුක්ගේ අත එයාගේ dick එක උඩින් තිබ්බා.

TH-" තවමත් ඔයාගෙ ඇග තමා මං දැකපු sexyම ඇග. .... තුවාල උනත්, තවමත් ඔයා sexy "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ අත එයාගේ dick එක උඩ තියලා rub කරා.ජන්කුක්ගේ කම්මුල් ලැජ්ජාවට රතු උනත්, හිතට සැනසීමක් දැනුනා.

TH-" මගෙ hard dick එක ඔයා sexy කියලා ඔප්පු කරනවා ......"

Hard ? ඔව්...... ටේහ්‍යුන්ග් hard වෙලා. ජන්කුක්ගේ සීතල ඇගිලි, ටේහ්‍යුන්ග්ගේ පපුවේ ඇගේ ස්පර්ශ වෙනකොට, ටේහ්‍යුන්ග්ට ඕන උනා ජන්කුක්ට මෙතනම fuck කරන්න. ඒත් බෑ... ජන්කුක් තුවාල වෙලා.....

ටේහ්‍යුන්ග් කියන්නේ sex වලදි ඉවසීමක් නැති, heartless කෙනෙක්. ඒත් අද එයා වෙනස්. අද ඉවසනවා... ඊටත් වඩා ගොඩක් කරුණාවන්ත කෙනෙක් වෙලා. ඇත්තටම ටේහ්‍යුන්ග් ගෙන දන්න කෙනෙක් මේක දන්නවා නම් පුදුම වෙයි.

TH-" මට විතරක් sexy උනාම.... ඇති "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ කනට කොදුරලා ජන්කුක්ව ආයෙත් හරහට වඩාගෙන හෙමින් bathtub එකෙන් තිබ්බා.

Jk-" ආව්හ්..... "

වතුර ජන්කුක්ගේ ඇගේ තුවාල වල ගෑවෙනකොට ජන්කුක්ගේ තුවාල වලින් කරන්ට් එකක් යනවා වගේ, රිදෙනවා.. ටේහ්‍යුන්ග් දැක්කා ජන්කුක් ඉන්නේ වේදනාවෙන් . ජන්කුක්ගේ ඇස් අගින් කදුලු බින්දු වැක්කෙරෙනවා .

TH-" රිදෙනවද ? "

ජන්කුක් ඇස් වල කදුලු පුරවන් ඔලුව වැනුවා.

TH-" තවත් ඔයාට රිදෙන් නැති වෙයි......  "

ටේහ්‍යුන්ග් කලිසමේ බෙල්ට් එක ගැලවන ගමන් කිව්වා. ජන්කුක් පුදුමෙන් ටේහ්‍යුන්ග් දිහා බලාගෙන. ටේහ්‍යුන්ග් එයාගේ කලිසමත් ගැලෙව්වා. ජන්කුක්ගේ ඇස් ටේහ්‍යුන්ග් මගඇරියේ ටේහ්‍යුන්ග් boxer එකත් ගලවලා සම්පුර්ණයෙන් නිරුවත් උනාම.

ජන්කුක්ට , sex කරන වෙලාවට ටේහ්‍යුන්ග්ගේ නිරුවත් ඇග බලන්න පුලුවන් උනත්.... අනිත් වෙලාවල බලද්දි ලැජ්ජාවක් දැනුනා.

Jk-" මා-මාස්ටර් ..... "

ටේහ්‍යුන්ග් හිනාවෙලා , ලැජ්ජාවෙන් බිම බලන් ඉන්න ජන්කුක් දිහා බැලුවා.

TH-" මාස්ටර් , babyගේ pain එක අඩු කරන්න යන්නේ..... "

ජන්කුක්ට හිතා ගන්න බෑ ටේහ්‍යුන්ග් කරන්න යන දේ... Fuck ? .... God එයාට දැං අමාරුයි. ඒත් ජන්කුක් එයාගේ වේදනාව හංගන් ඕන වෙලාවක ටේහ්‍යුන්ග්ට ඕන දේ දෙන්න ලෑස්තී.

ටේහ්‍යුන්ග් bathtub එකට බැස්සා. බැහැලා ජන්කුක්ගේ පිටපස්සෙන් වාඩි උනා.

TH-" අපි එකට නාමු....."

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ උරහිසට kiss එකක් දීලා ජන්කුක්ව ඉනෙන් ඇදලා අරන් , ජන්කුක් කොන්ද එයාගේ පපුවට හේත්තු කර ගත්තා.

ජන්කුක්ගේ හිතට දැනුනේ කියාගන්න බැරි සතුටක්  . එයා කවදාවත් ටේහ්‍යුන්ග්ගෙන් මේ වගේ දෙයක් බලාපොරොත්තු උනෙ නෑ.

එකට එයා එක්ක නානවා. ජන්කුක්ගේ පපුව පැලෙන්න තරම් සතුටුයි. ජන්කුක්ට අඩන්නතරම් සතුටුයි.....  ජන්කුක්ගේ ඇස් වල කදුලු පිරුනා ටේහ්‍යුන්ග් දැක්කේ නෑ.

ටේහ්‍යුන්ග් එයාගේ ඇගිලි ජන්කුක්ගේ ඇග දිගේ අරන් යන ගමන් හෙමින් ජන්කුක්ගේ ඇග හේදුවේ රිදෙන් නැති වෙන්න.

ටේහ්‍යුන්ග් , ජන්කුක් එක්ක පොඩි පොඩි දේවල් කතා කර කර, සිනිදු සිපගැනීම් බෙල්ලට, උරහිස් වලට දෙන ගමන් ජන්කුක්ව හේදුවේ ජන්කුක්ට දැනෙන්නෙවත් නැති වෙන්න.  ජන්කුක් දන් නෑ ටේහ්‍යුන්ග් එයාගේ අවදානේ වෙනස් කරලා එයාව පිරිසිදු කරනවා.

ජන්කුක්ගේ හදවත ආදරෙන් , සතුටෙන් පිරිලා. අද දවසත් ජන්කුක්ගේ ජීවිතේ අමතක නොවෙනම දවසක් වෙයි.ඒ තරම් විශේෂයි . එයාගෙන කෙනෙක් care කරපු පලවෙනි අවස්තාව.

ටේහ්‍යුන්ග් , ජන්කුක්ව හෝදලා ඉවර වෙනකන් ජන්කුක් දන්න්නෙත් නෑ. ජන්කුක්ගේ තුවාල වලින් ලේ යන එක නැවතිලා. ටේහ්‍යුන්ග් ජන්කුක්ව bathtub එකෙන් උස්සලා අරගෙන bathrobe එක ඇන්දුවා. එයත් එතන තිබ්බ අනිත් එක ඇන්දා.

ආයෙත් ජන්කුක්ව උස්සගෙන එයා කාමරේට ගිහින් ජන්කුක්ව ඇද උඩින් තිබ්බා. ඇද උඩින් තියලා තුවාල වලට බෙහෙත් දාන්නගත්තා.

ටේහ්‍යුන්ග් අද එයාට සලකන විදිය එයාට හිතාගන්න බෑ. එයාට හිතුනා එයා අප්පාගෙන් ගුටි කාපු එක වාසනාවක් කියලා. ඒ තරම් එයා ටේහ්‍යුන්ග්ගේ මේ ආදරේ ලබන්න ආස කරා.

ටේහ්‍යුන්ග්ගේ , සමහර කතා..  පොත්පත් ගෙන, සාමාන්‍ය දැනීම් දේවල්... ඒ දෙන්නම ගොඩක් පොත් කියවලා තියන හින්දා කතා කරන්න දේවල් ගොඩක් තිබ්බා. ටේහ්‍යුන්ග් , ජන්කුක් එක්ක මෙහෙම කතා කරේ ජන්කුක්ගේ අවදානේ  බිදලා තුවාල වලට බෙහෙත් දාන්න.

ටේහ්‍යුන්ග්ගේ වැඩේ සාර්තකයි. ජන්කුක්ට නොදැනෙන්න ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ තුවාල වලට බෙහෙත් දැම්මා.

ටේහ්‍යුන්ග් ජන්කුක්ට බෙහෙත් දාලා, ආයෙත් එයාගෙ ඇදුම් ඇදගත්තත් ජන්කුක්ට ඇදුම් ඇන්දුවේ නෑ.

ටිකකින් ජෙසී කෑම අරන් ආවා... ටේහ්‍යුන්ග් ජෙසීගෙන් කෑම ඉල්ලගෙන ජන්කුක්ට කවන්න හැදුවත් ජන්කුක් තනියෙන් කෑම කන්න එකග උනේ නෑ. අවසානෙට ජන්කුක් කෑම කෑවේ , ටේහ්‍යුන්ග් එයා එක්කම කන්නම් කිව්වම.

ජන්කුක් කෑම , ටේහ්‍යුන්ග් එක්කම කෑම කෑවා.

ටේහ්‍යුන්ග් , ජන්කුක්ව ඇදෙන් ඇල කරා......
ඒත් , ජන්කුක්ට නිදාගන්න ඕන උනෙ නෑ මොකද ටේහ්‍යුන්ග් එයා ලග. එයාට ඕන උනේ දවසම හරි ටේහ්‍යුන්ග් දිහා බලාගෙන, කතා කර කර ඉන්න.......

මේ මන්දිරේ ඇතුලේ ජීවත් උන අවුරුදු 19ට එයා සතුටෙන්ම ජීවත් උන දවස අද කිව්වොත් වැරදි නැ.... කෙනෙක් එයාට ආදරෙන් සලකපු, එයා ගෙන කෙනෙක් හොයලා බලපු පලවෙනි අවස්තාව අද......

Jk-" මා-ස්ටර් "

TH-" ම්ම්ම්ම්...."

ටේහ්‍යුන්ග් , blanket එකෙන් ජන්කුක්ගේ ඇග ඉනෙන් උඩට වෙනකන් cover කරා.

Jk-" මාස්ටර්ට, අද ඉන්න බැයිද ? "

ටේහ්‍යුන්ග් ඇස් ලොකු කරලා ජන්කුක් දිහා බැලුවා.

TH-" ඔයාගේ අප්පා හෙට උදේට මාව මේ ඇද උඩම මරලා දාලා තියන් නැත්තන් මට ඔයා එක්කම ඉන්න තිබ්බා..... "

ටේහ්‍යුන්ග් ඇද උඩින් වාඩි උනා.

Jk-" ..මාස්ටර් ...අද  ... අද මට ගොඩක් සතුටුයි....."

TH-" සතුටුයි ? "

Jk-" ඔව්.... ගොඩාක්.... "

ජන්කුක් ටේහ්‍යුන්ග් දිහා බලලා හිනා උනා.

Jk-" මො-කද.... මොකද  මා-ස්ටර් අද මං ලගින් ඉන්නවා... "

ටේහ්‍යුන්ග් , ජන්කුක් ලගින්ම ඇල වෙලා ජන්කුක්ව එයාගේ පපුවට හේත්තු කර ගත්තා.

TH-" ඔයා මාව කොච්චර විශ්වාස කරනවද ? "

Jk-" හැමදේටම වඩා... මටත් වඩා මට මාස්ටර් විශ්වාසයි ...... "

ජන්කුක් , ටේහ්‍යුන්ග්ගේ පපුවට තව තවත් තුරුල් වෙන ගමන් කිව්වා.

TH-" ඔයා මට ... මට ඇත්තටම ආ-ආදරේ කරනවද ? "

ජන්කුක්ට ඇහුනා ටේහ්‍යුන්ග්ගේ පපුවහයියෙන් ගැහෙන සද්දේ..... ඇයි ටේහ්‍යුන්ග් මේ වගේ දෙයක් එක පාරම අහන්නේ... ඇයි ටේහ්‍යුන්ග්ගේ මූනේ කලබලයක්... ඇයි ටේහ්‍යුන්ග්ගේ මූනේ බයක් තියෙන්නේ...... ජන්කුක්ට හිතා ගන්න බෑ.

Jk-" මා-මාස්ටර් ඇයි... එහෙම ඇහුවේ... මාස්ටර් හොද-ටම දන්නවා..   දන්නවා මං...කොච්චර මාස්ටර්ට ආ-දරෙයිද කියලා..... මගෙ... හැමදේම මාස්ටර්....... මං ආදරෙයි.....  "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ ඇස් දිහා බැලුවා. ටේහ්‍යුන්ග් දුර්වල වෙලා වගේ....මෙහෙම දුර්වල වෙන්න හේතුව ජන්කුක්ද ?

Jk-" මා-ස්ටර් දන්නවද.... ම්ම්ම්ම්... අද ම..මගෙ birthday එක "

TH-" අහ් ? "

ටේහ්‍යුන්ග්  වැලමිට ඇදේ තියලා ඉස්සිලා ජන්කුක්ගේ මූන දිහා බැලුවේ පුදුමෙන් .

Jk-" අ-අද මගෙ b-birthday එක "

ජන්කුක් , මිමිණුවා.

TH-" අද ? ඔයාගේ අප්පා...  ? මං කියන්නේ ගොඩක් සල්ලි තියන පවුල් වල අය birthday parties දානවා, ලොකුවට celebrate කරනවා. ඒත්... ඒත්.... අද ඔයාගේ birthday එකේ ඔයා ඉන්නේ.... අර්හ්...."

Jk-" අප්පා මගෙ birthday එක ද-න්නෙත් නැතුව ඇති . මං ක-වදාවත් birthday එකක් celebrate කරලා නෑ...."

අහිංසක , ජන්කුක් දැක්කම ටේහ්‍යුන්ග්ට අමුතු දුකක් දැනුනා. එයාගේ පපුව මිරිකනවා වගේ වේදනාවක් . කවුරුත් එයාගේ birthday එක දන් නැත්තන් කවුරුත් එයාට wish කරලා නැතුව ඇති.

මේ ලෝකේ ඉන්න හැමෝම birthday එකට wish එකක් ලබන්න සුදුසුයි.... ඒත් ජන්කුක් ....
එයාට කවුරුත් කවදාවත් wish කරලා නැත්තන් ..
ටේහ්‍යුන්ග් දන් නෑ එයාගේ පපුව මෙච්චර රිදෙන්නේ ඇයි කියලා .

TH-" Happy birthday baby..........."

ටේහ්‍යුන්ග් ජන්කුක්ගේ මූන අතගාලා , නලට kiss එකක් දුන්නා.

ජන්කුක්ට තවත් මේක දරන් ඉන්න බෑ. එයාට මේ සතුට දරන් ඉන්න හයියක් නෑ. ජන්කුක් , ටේහ්‍යුන්ග් බදාගෙන අඩන්න ගත්තා.

ටේහ්‍යුන්ග් පුදුමෙන් ජන්කුක් දිහා බැලුවා.

TH-" b-baby ? ඇයි... ඇයි... එකපාරම.... "

Jk-" මා-ව්ස්සර් ... මට...මට සතුටුයි.... මට... අහ් ... ස්තූතී.... ගොඩක් ස්තූතී..... මට.. මට කවුරුත් wish කරලා නෑ.... දෙවි-යනේ මං ගොඩක් වා-සනාවන්තයි ... මං ගොඩක් ආදරෙයි ..... මගෙ හ්‍යුන්ග් .... ස්තූතී .... මට... මගෙ ජීවිතේ ස-තුටින්ම සමරපු birthday එක... එක අද.... මට.... අර්හ්...  ස-තුටුයි.... දෙවියනේ....."

ජන්කුක් ඉකි ගගහා ඇඩුවේ ටේහ්‍යුන්ග් බදාගෙන. ජන්කුක්ගේ පපුව පැලෙන්න තරම් සතුටුයි.....

ඊටත් වඩා ටේහ්‍යුන්ග්ට හිතා ගන්න බෑ වචන තුනකට පුලුවන්ද මනුස්සයෙට මෙච්චර සතුටක් දෙන්න ?

TH-" baby.... ශ්...... "

ටේහ්‍යුන්ග් , හෙමින් ජන්කුක්ට pat කරා. ජන්කුක් ටේහ්‍යුන්ග් බදාගෙන අඩන්න  ගත්තේ සතුටෙන්.....

ඒත්.... ජන්කුක්වත් දන් නැතුව ජන්කුක්ට නින්ද ගියේ ටේහ්‍යුන්ග්ගේ පපුවේ තුරුල් වෙලා අඩ අඩ ඉන්න ගමන්මයි.

ටේහ්‍යුන්ග් හෙමින් එයාගේ අත ජන්කුක්ගේ බෙල්ල අස්සෙන් ගත්තේ ජන්කුක්ට නොදැනෙන්න්ස්. අරගෙන තවමත් නින්දේ ඉන්න ජන්කුක්ගේ මූන අත ගාලා නලල peck කරා.

TH-" මං දන් නෑ... ඔයා මට මොනා කරාද කියලා ..... "

ටේහ්‍යුන්ග් ඇදෙන් වාඩි උනා.

TH-" Good night baby "

ටේහ්‍යුන්ග් අවසන් වතාවට ජන්කුක්ගේ තොල් peck කරලා ඇදෙන් නැගිටලා කාමරෙන් එලියට යන්න ගියා.

ටේහ්‍යුන්ග් ඊලගට කෙලින්ම ගියේ පහල තට්ටුවට...

TH-" ජෙසී.... තවම  වැඩ වගේ... "

ටේහ්‍යුන්ග් , ජෙසී පැත්තට ඇවිදන් ගියේ ආකර්ෂණීය විදියට කතා කරගෙන. ටේහ්‍යුන්ග්ගේ හඩ ජෙසීගේ ඇගම හිරිවැටිලා ගියා  ..

" ටේ..අහ්ම්ම්ම්... "

TH-" ඔයාගේ බොස් එන්නේ කීයටද ? "

" හ්..හ්‍යුන්බින් සර් එද්දි තව පැය දෙකක්.. ම්ම්..පැය තුනක්වත් යයි..... "

TH-" Good..... "

ටේහ්‍යුන්ග් , ජෙසී ලගට ඇවිදන් ගියා.

TH-" ඉතින් ..මොකද කියන්නේ... බොස් එන්න වෙලා තියන හින්දා... අපි පොඩි Fun එකක් ගමුද... babygirl.. "

ටේහ්‍යුන්ග් , ජෙසීගේ කන මත කෙදිරුවේ ජෙසීගේ ඇගම හිරිවැටිලා යන feeling එකක් දැනෙද්දී . 

" God... ... මං ඔයා දැක්ක වෙලේ ඉදන් ඒකට හීන දැක්කා... මට හිතා ගන්නවත් බෑ..  ඔයාම ඇවිත් ඒක මගෙන් ඇහුවා....."

ජෙසී ටේහ්‍යුන්ග්ගේ පපුව හෙමින් අත ගාන ගමන් ටේහ්‍යුන්ග්ගේ ලගට උනා.

" ඕන වෙලාවක ඔයාගේ service එකට ලෑස්ති daddy........ "

ජෙසී, යටි තොල හපාගෙන ගොඩක් සරාගී විදියට කතා කරේ.

TH-" කොහෙද ඔයාගේ කාමරේ...."

" අ-අපි යමු.... "

ජෙසී , ටේහ්‍යුන්ග්ගේ අතින් ඇදන් එයාගේ කාමරේට ගිහින් දොර වහ ගත්තා.

" I wanna take your dick daddy..... fuck me please ... fuck me...."

ජෙසී... ටේහ්‍යුන්ග්ගේ ඇගට හේත්තු උනා. ටේහ්‍යුන්ග් ජෙසීගේ ගවුම ගැලෙව්වා.... bra එකේ පටි දෙපැත්තට දාලා boobs එලියට ගත්තා...

TH-"  heaven එකට යන්න ලෑස්තිද babygirl "

" ඔව් daddy please  ...."

TH-" ඇස් පියාගන්න "

" අහ්...."

TH-" මං කිව්වේ ඇස් පිය ගන්න "

ජෙසී.. ඇස් පියාගෙන , බිත්තියට හේත්තු වෙලා ටේහ්‍යුන්ග්ගේ ස්පර්ශය ලැබෙනකන් බලන් හිටියේ එක අතකින් එයාගේ round breast එකක් මිරිකන ගමන්.

* click *

ජෙසීගෙ ඇස් ඇරුනේ එයාට පොටෝ එකක් ගන්න සද්දයක් ඇහුන හින්දා.

" d..daddy ? "

ටේහ්‍යුන්ග් , ජෙසීගේ පොටෝ එකක් අරගෙන.

TH-" ආර්හ්... ඕක කියවන්න එපා... daddy නෙමේ මගෙ kink එක.... ඒ වගේම nice picture "

"අහ්.. මොකද්ද ..මොකද්ද කරේ "

TH-" අද උන දේවල් රහසක් විදියට තියනකන් මේ පොටෝ එකත් මං ලග පරිස්සමෙන් තියෙයි.... ජන්කුක් , එක්ක මං කාමරේ තනියෙන් හිටියා, කෑම කෑවා...බෙහෙත් දැම්මා .... ඒ දේවල් ඔයාගේ කටින් විහිලුවට හරි පිට උනොත්....
ඒ තප්පරේම මේ පොටෝ එක internet එකේ ගන්න තියෙයි.....  ඔයා දන්නවා එහෙම උනොත් ඔයාගේ, ගෞරවය විතරක් නෙමේ..  ඔයාගේ ජොබ් එකත් නැති වෙනවා..... "

ටේහ්‍යුන්ග් පෝන් එක සාක්කුවට දා ගත්තා.

TH-" ඒ හින්දා අද මේ mansion එක ඇතුලේ හ්‍යුන්බින් ගියාට පස්සේ උන දේවල් රහසක් වෙන්න ඕනේ..ම්ම්ම්...anyway good night "

ජන්කුක් , ජෙසී දිහාවත් නොබලා කාමරෙන් එලියට යන්න ගියා .

ටේහ්‍යුන්ග් කෙලින්ම ගියේ කුස්සියට... ගිහින් hand wash දාලා අත හේදුවා...

TH-" අර්හ්... මං දන් නෑ එයාගේ swollen nipples දැක්කට පස්සේ... boobs මට මෙච්චර අප්පිරියා උනේ ඇයි කියලා.... "

ටේහ්‍යුන්ග් අත හෝදගෙන jeon mansion එකෙන් එලියට ගියත්, තවමත් ටේහ්‍යුන්ග්ගේ හිතේ ලොකු වේදනාවක් ඉතුරු උනා.

ඒ එයා ඉස්සරහා ජන්කුක් ගුටි කෑවා...  සිහිය නැති වෙනකන්ම ගුටි කෑවත් එයාට මොකුත් කර ගන්න බැරි උනා....එයාට ආයෙත් වතාවක් හ්‍යුන්බින් හින්දා එයා අසරණ උනා වගේ දැනුනා.

ටේහ්‍යුන්ග් අත මිටමොලවන් කේන්තියෙන් කලුවරේම ඇවිදන් ගියා.

.

.

.

*thud*

ටේහ්‍යුන්ග් , පොත් මේසේ බිමට තල්ලු කරලා දැම්මේ කේන්තියෙන්.

පොත් සීසීකඩ විසිරිලා... බඩු හැම තැනම... බිම වැටිලා.... මුලු ගෙදරම අපායක් වගේ... ටේහ්‍යුන්ග් බඩු බාගයක්ම පොලේ ගහලා...

S-" දැංවත් ඕක නවත්තන්න ටේ...... "

Suny , ටේහ්‍යුන්ග්ගේ අතින් ඇල්ලුවා.....

S-" ඔයා ගෙදර බඩු පොලේ ගැහුවට හ්‍යුන්බින්ට ප්‍රශ්නයක් නෑ.... ඔයාටමයි පාඩුව "

TH-" HOW FUCK ? HOW FUCK !! ..... FUCKING HYUNBIN ..............."

S-" TAEHYUNG ! නවත්තන්න "

TH-" ආයෙත්.... ආයෙත් ඌ හින්දා මං අසරණ උනා... ආයෙත් ඌ ඉස්සරහා මං අසරණ උනා.. මට මොකුත් ... මොකුත් කරගන්න බැරි උනා...
එදා වගේම... අදත්.... අදත් මට මොකුත් කර ගන්න බැරි උනා ..... "

S-" ටේ honey ඇයි ඔයා ඕක ඔච්චර හිතන්නේ ? "

TH-" ඌ... babyට සිහිය නැති වෙනකන් ගැහුවා. HOW FUCK LOSE I AM ....., මට .. මට ඒ ඔක්කොම නිකමෙක් වගේ බලන් ඉන්න උනා "

S-" ටේ ඒ~~~~"

TH-" කොච්චර වේදනා වින්දද ? නොකරපු වරදකට  .. මං හින්දා..  ඔක්කොම මං හින්දා suny... ඔක්කොම මං හින්දා... හැම පාරක්ම තනියෙන් ඉවසන් හිටියා මං හින්දා... මට.. මට sorry කියන්න ඕන උනා... මට බදා ගන්න ඕන උනා .... මට එවෙලෙම හ්‍යුන්බින් නවත්තලා එයා මගෙ තුරුලට ගන්න ඕන උනා.... ඒත්.... ඒත්... එහෙම කරන්න බෑ... මං ..මං අසරණ උනා suny..  ඒ අදමයා ඉස්සරහා මං අසරණ උනා..  "

S-" ටේ..... ඒ ජන්කුක් .... හ්‍යුන්බින්ගේ පුතා...."

TH-" එයා හ්‍යුන්බින්ගේ පුතා විතරක් නෙමේ..  එයා..  එයා මගේ... මගේ. "

S-" ඔයාගේ කවුද ? "

TH-" එයා මගේ... මගේ..... "

ටේහ්‍යුන්ග් ඇස් පියාගත්තා .......

TH-" s...suny...... "

S-" ඔයා එයාට කැමතී...... "

TH-" ම..මං... මං... නෑ... "

S-" ඇත්ත පිලිගන්න ටේහ්‍යුන්ග් ... දැංවත් ඇත්ත පිලිගන්න ... ඔයා එයාට් කැමතී.....
ඔයා අකමැති නම් ඇයි,හ්‍යුන්බින් එයාට ගැහුවා කියලා මෙච්චර කේන්ති ගන්නේ.....
ඇයි..... හ්‍යුන්බින්ගෙන් එයාව බේරගන්න බැරි උනා කියලා ඔයාගෙන්ම තරහා පිටකරගන්නේ.... "

ටේහ්‍යුන්ග්ගේ ඇග, හිත ඔක්කොම දුර්වල වෙලා. ටේහ්‍යුන්ග්ට suny කියන කිසි දේකට උත්තර නෑ.

S-" ඔයා එයාට කැමති නැත්තන් ඇයි එදා එයා නලල කපාගත්ත දවසේ එයාව hospital එකේ ඉදලා mansion එකට අරන් ගිහින් දාලා ආයේ ගෙදර ආවේ නැත්තේ... ආයෙ ගෙදර එන් නැතුව මහ කලුවරේ jeon mansion එකේ ගේට්ටුව ඉස්සරහා පැය ගානක් තනියෙන් හිටගෙන ජන්කුක්ගෙන් මැසේජ් එකක් එනකන් බලන් හිටියේ....... ජන්කුක් හොදින් ඉන්නේ, එයාට සිහිය ඇවිත් තියෙන්නේ කියලා confirm කර ගන්නේ නැතුව රෑ සීතලේ ජැකට් එකක්වත් නැතුව පැය ගානක් එක තැන හිටගෙන හිටියේ ඇයි..... ? තවත් කියන්නේ ඔයා අකමැතිද ? "

ඔව්... එදා ජන්කුක් නලල කපාගත්ත දවසේ හොස්පිටල් එකේ ඉදලා discharge කරගෙන කෙලින්ම ජන්කුක්ව අරගෙන ගියේ jeon mansion එකට. ජන්කුක්ව jeon mansion එකෙන් දැම්මට පස්සේ හ්‍යුන්බින් ටේහ්‍යුන්ග්ට ආයෙ ගෙදර යන්න කිව්වත්.... ටේහ්‍යුන්ග්ට යන්න හිතුන් නෑ....

එයාට ජන්කුක් නැගිටිනකන්, ජන්කුක් හොදින් කියලා දැනගන්නකන් යන්න හිතුන් නෑ.... එයාට ජන්කුක්ව එහෙම අසිහියෙන් දාලා යන්න බෑ. ටේහ්‍යුන්ග්ගේ පපුවට දැනුන හැගීම එයාට වචන වලට කියන්න බෑ.... ඒ තරම් අමුතු වේදනාවක් .

ටේහ්‍යුන්ග් , jeon mansion එකෙන් එලියට ගියත් ආයෙ ගෙදර ගියෙ නෑ. එයා mansion එක ඉස්සරහා තනියෙන් හිටන් හිටියා. එක්කෝ ජිමින් එලියට එනකන්, එක්කෝ වැඩ කරන කෙනෙක් එලියට එනකන්... ඒ එන කෙනෙක්ගෙන් ජන්කුක් හොදින්ද ? සිහිය ආවද කියලා දැන ගන්න ඕන උනා....

ටේහ්‍යුන්ග් ගේට්ටු වහලා දාලා තියන විශාල මන්දිරේ ගේට්ටු ඉස්සරහා පැය ගානක් හිටන් හිටියා. පැය දෙකක්ද, තුනක්ද පහක්ද එයා දන් නෑ... ඒත් එයා දවල් ඉදන් රෑ වෙනකන් මොකුත් නොකා නොබී හිටන් හිටියා...

ඒත් කවුරුත් ඒ ගේට්ටුවෙන් එලියට ආවේ නෑ. සීතලේ, තනියෙන් ,කලුවරේ ටේහ්‍යුන්ග් එතන හිටගෙන හිටියා. පැය ගානකට පස්සේ එයාගේ පෝන් එකට මැසේජ් එකක් ආවා..  ඒ ජන්කුක්ගෙන්... එවෙලේ තමා ටේහ්‍යුන්ග්ට සැනසීමක් දැනුනේ.

ටේහ්‍යුන්ග් , පෝන් එකේ මැසේජ් බලලා හිතේ සැනසීමෙන් ගෙදර ගියේ බඩගින්නෙමයි.

එදා ගෙදර යනකොට suny එයාට රෑට කෑම ගෙනත්.... ඒ හින්දා suny මේ සිදුවීම දන්නවා.

S-" ඔයා... එයාට කැමතී ටේ...... "

TH-" suny......."

S-" ඔයාගේ ඇස් වලින් කදුලු බින්දු වැටුනේ නැතුවට.... ඔයා හදවතින් ජන්කුක් වෙනුවෙන් අඩනවා ..... එයාගේ දුක ඔයාට බලන්න බෑ.... ඒක... ඒක කැමැත්තක් විතරක් නෙමේ .....
ඒක ඊට වඩා වැඩි දෙයක් ටේ..... "

ටේහ්‍යුන්ග් , බිම ඉන්දුනා......

TH-" ම..මං මොකද කරන්නේ ? මං මොකද්ද කරන්නේ suny ...? "

S-" ඔයා ඔයාගේ අරමුණ අත ඇරලා.... ඔයා මෙච්චර දුකක් වින්දේ ඒකට කියලා අමතක කරන්න එපා...... "

TH-" මං.... මං ඒක කරනවා..... "

S-" ඔයා ජන්කුක් ගෙන හිතන්න එපා.. අරමුණ ගෙන හිතන්න . අමතක කරන්න... ජන්කුක් අමතක කරන්න..... "

Suny , ටේහ්‍යුන්ග්ගේ පිටට තට්ටුවක් දැම්මා.

S-" ජන්කුක් අමතක කරන්න උත්සහ කරන්න.. "

Suny, එයාගේ බෑග් එක අරගෙන දොර ලගට ගියා....

S-" මං ඔයාගේ රෑ කෑම එක kitchen එකෙන් තිබ්බා.මං යන්නම්... කාලා නිදාගන්න "

ටේහ්‍යුන්ග් කිසි දෙයක් ඇහුන් නැති ගානට බිම බලාගෙන කල්පනා කර කර හිටියේ. Suny දොර වහලා යන්න ගියා.

TH-" මං... උත්සහ කරා suny..... තවම උත්සහ කරනවා....... "

ටේහ්‍යුන්ග් , පෝන් එක අරගෙන එක පොටෝ එකක් open කරා.

TH-" මං ඔයාව අමතක කරලා මගෙ අරමුණට යන්න උත්සහ කරනවා...... කරුණාකරලා ... කරුණාකරලා මාව අසරණ කරන්න එපා...
මට හිත හදාගන්න දෙන්න...මට මගෙ අරමුණට යන්න දෙන්න...... "
















# To be continue #

______________________________________

අද වැඩ ගොඩක් ඉක්මනින් ඉවරයි . ඒ හින්දා type කර ගන්න පුලුවන් උනා....
මටත් type කර ගන්නකන් ඉවසීමක් තිබ්බේ නෑ...  ඒකයි...😁

Good night  ❤

================================

🍁Marivok🍁

Continue Reading

You'll Also Like

12.4K 2.7K 5
පිටිසර ගම්මානයක වැසිකිලියක් වටා ගෙතුණු අසීමිත ප්‍රේම වෘතාන්තය _____♡ •අපිට වැසිකිළියක් •ටේකුක් , සෝප් වර්ෂන් ❌මේක ඕලෙවල් වලට ලියන්න එපා යක්කුනේ ❌
576K 35.6K 71
« បងសន្យា បងមិនឲអ្នកណាមកធ្វើអ្វីមកលើអូនបានឡើយ អូនគឺជារបស់បងជាប្រពន្ធរបស់បងម្នាក់គត់ Kim Taehyung » « មិនថាអ្នកណានោះទេឲតែហ៊ានប៉ះពាល់ប្រពន្ធកូនយើងសូម្ប...
12.7K 1.3K 16
Collaboration with B_bom Start date-25.10.2020
75.8K 4.2K 61
ထုံးစံတိုင်းပါဘဲ 18+ပါ ကြိုက်မှလာဖတ်ကြပါရှင်။