kawaii

By tae_tao

3.1K 687 160

"මා...ව.. එකම එක පාරක් කිස් කරන්න... මගෙ පළවෙනි හාදුව ඔයා වෙන්න.." ජිමින් මගේ දිහාව බැලුවෙ අසරණ පාට ඇස්වලින්... More

01. කවායි!
02. හුරුබුහුටි ඇස්, හුරතල් කටහඬ
03. එයත් හුරතල් බබෙක්
04. මම ඔයාට කැමතියි
06. පළමු හාදුව
07. නිශ්ශබ්දතාවය
08. පුංචි ලෝකෙ
09. තුවාල කැළැල්
10. කෝ ටේහ්‍යුන්?
11. හුස්ම
12. එක හුස්මක්
13. කදුළු කැට
14 . ඉදිමුනු කම්මුල්
15. ගැඹුරු තැන්
16. පැනල යමු
17. අතුරුදහන් වීම
A/N

05. ජිමින්ගෙ ඉල්ලීම

227 58 13
By tae_tao

අපිට අදත් සංගීත පීරියඩ් එක තිබ්බෙ ප්‍රධාන ශාලාවේ. ජිමින් මගේ අතින් අල්ලගෙන හිනාවෙවී ඉස්සරහට ඇවිදන් ගියා. මට එයාට උදේ නම්ජුන් හ්‍යුන්ග් එක්ක වුන දේ කියන්න ඕන වුනත් මම නොකියා හිටියේ එයා අව්ල් ගනියි කියල හිතලා. ජිමින් මම හ්‍යුන්ග් දිහා බැලුවත් දුක හිතන එකේ අද එහෙම දෙයක් වුනා කියල කිව්වොත් මොන වගේ හැසිරෙයිද කියල මට හිතාගන්න බෑ.

" ටෙටේ මොනවද අනේ ඔයා කල්පනා කරන්නෙ?" ජිමින් මගෙන් ඇහුවෙ එයාගෙ පුංචි ඇගිලි මගේ ඇඟිලිකරු අස්සෙන් යවන ගමන්. ජිමින් මගේ මූණට එබෙනවා. එයා ළඟ සුවදයි. මම එයාව අනික් අතින් ටිකක් එහාට කළා.

" මුකුත් නෑ.."

අපි ගිහින් පාඩමට වාඩි වුනා. ටීචර් භාගයක් උගන්නගෙන යනකොට අදත් එතෙන්ට කඩාපාත් වුනේ වොලිබෝල් ගහන සෙට් එක. එතන නම්ජුන් හ්‍යුනුත් ඉන්නවා දැක්කම මට දැනුනෙ මගෙ මුළු ඇඟම වෙව්ලලා යන විදිහ.

" ටෙටේ අන්න.." ජිමින් මගේ අතට තට්ටුවක් දැම්මෙ නම්ජුන් හ්‍යුන්ග්ව පෙන්නන ගමන්.

" ම්ම්.." මම ගානක් නෑ වගේ හැසිරුනා. ඒත් මගෙ ඇස් විටින් විටේ මගෙ දිහා බලන් ඉන්න හ්‍යුන් දිහාව බලන එක නැවතුනේ නෑ.

පාඩම ඉවර වුනහම පීරියඩ් එක ඉවර වෙන්නත් කලින් ටීචර් අපිට පන්තියට යන්න කිව්ව හින්දා මම ජිමින්වත් ඇදන් ඉක්මනට එතනින් ආවා.

"මොකද අනේ වෙලා තියෙන්නෙ හිමින්ට යමුකෝ" ජිමින් මම වේගෙන් යනවා වැඩි නිසා කිව්වෙ කටත් බෙරිකරගෙන.

" හ්ම්.." මම වටපිට බලලා කිව්වෙ හ්‍යුන්ග් දැන් පේන තෙක්මානෙක නැති හින්දා. ඒ වුනාට මාව එකපාරටම ගැස්සිලා ගියේ ජිමින්ට වඩා ලොකු අතක් මගෙ අතින් අල්ලගත්තා කියල දැනෙනකොට. එතන හිටියෙ නම්ජුන් හ්‍යුන්ග්. එයා මගේ දිහා එහෙම ළඟින්ම ඉදන් බලන් ඉන්නකොට උදේ වුන දේ මට මතක් වුනා.

හ්‍යුන්ග් එයාගෙ අතේ තිබ්බ කොළ කෑල්ලක් මගේ අතින් ගුලිකරලා ඔලුව වනන ගමන් යන්න කියල කියද්දි මම ජිමින් දිහාව බැලුවා. එයා හිටියේ පුදුම වෙලා. මම හොල්මන් වෙලා බලන් ඉන්න ජිමින්ගෙ අතින් අල්ලන් ඉක්මනින් දුවන්න ගත්තා. මට එතන ඉන්න ඕන වුනේ නෑ. ජිමින් වචනයක්වත් කියන්නෙ නැතුව මාත් එක්ක පන්තියට එනකම්ම දුවන් ආවා.

මම පුටුවෙන් ඉදගෙන පොත් ටිකත් පැත්තක දාලා හති අරින්න ගනිද්දි ජිමින් දණිස්වලට අත් තියාගෙන හුස්ම ගත්තා. " හම්මො.. ටේ.. ඇයි අනේ දුවන්නෙ?" ජිමින් මගේ ළඟින් වාඩිවුනා. ඊළඟට එයාගෙ ඇස් මගේ අතේ ගුලිවුනු කොළ කෑල්ලට යොමුවුනා. එයාගෙ අත් දික්වුනේ ඒක ගන්න. මම එයාට ඒක ගන්නබැරි වෙන්න අත පිටිපස්සට කරගත්තා.

" ටේ.."

"මට බයයි.."

"අහ් ඇයි බය. බලන්න ටේ.. ඔයාට නම්ජුන් හ්‍යුන්ග් ඕක දුන්නෙ. ඇයි ඉතින් බලන්නෙ නැත්තෙ? කෝ දෙන්න ඔයාට බැරිනම් මම බලන්නම්." ජිමින් කිව්වෙ කම්මුල් රතුකරගෙන.

මම ඒ කොළේ මේසය උඩ තියලා හිමින් දිගෑරියා. මම ඇත්තටම බය ඒකෙ තියෙන දේ ජිමින්ගෙ හිත රිදෙන දෙයක් වෙයි කියල.

ඒකෙ වැඩි දෙයක් තිබ්බෙ නෑ. ස්කෝලෙ ඉවර වුනහම එයාව හම්බවෙන්න කියල තිබ්බා. මම බැලුවෙ ජිමින්ගෙ මූණ දිහා. එයාගෙ ඇස්වල නලියන කදුළු මම හොඳටම දැක්කා. " මම යන්නෙ නෑ.." මම අකමැත්තෙන් වුනත් කිව්වෙ මම හැමදාම ගෙදර යන්නෙ ජිමින් එක්ක නිසා. මම අද එයත් එක්ක ගෙදර යන්නෙ නැතුව නම්ජුන් හ්‍යුන්ව හම්බවෙන්න ගියොත් එයා ඒ ගැන මොනව හිතයිද.
"ඔයා යන්න ඕනා. අනිවාර්යයෙන්ම යන්න ඕනා.." ජිමින් මට කෑගැහුවා.

"ඒත් ජිමින්.."

" ඔයා යන්න ඕනා ටේහ්‍යුන්. අද ඔයා එයාව හම්බවෙන්න ගියෙ නැත්තම් මම ඔයත් එක්ක ජීවිතේට කතා කරන එකක් නෑ.." ජිමින් මගේ ඇස් දිහාවම බලන් කිව්වා. එයාගෙ කලබලෙන් හෙලවෙන තොල් හරිම ලස්සනයි.

ජිමින් එකපාරටම මම බලන් ඉන්න විදිහ නිසාද කොහෙද බිම බලාගත්තා.

" ජිමින් .."

"ම්ම්"

"මෙහෙ බලන්න.." මම එයාගෙ නිකටෙන් අල්ලගත්තා. මෙච්චර වෙලා නලියපු කදුළු කැට කම්මුල් තෙමලා තිබ්බා. " ඔයාට රිදෙනවා නේද? මට සමාවෙන්න. ඔයා ගැන මට එහෙම හිතන්න බෑ ජිමින් .. මට ආදරේ කරන එක නවත්තන්න මගෙ හුරතලේ.. ඔයා මෙහෙම දුකින් ඉන්නවා මට බලන්න බෑ.." මම එයාගෙ පුංචි අත හිමින් පිරිමදින ගමන් කිව්වා. ජිමින් ඒ පාර හයියෙන් අඩන ගමන් මාව බදාගත්තා. එයාට ඇතිතරමක් අඩන්න කියල මම එහෙම්මම හිටියා. "ටේ... මම ඔයාට ආදරේ කරන එක නවත්තන්නම්.. ඒත් මට දෙයක් ඕනෙ" ජිමින් අන්තිමේ මාව අතෑරලා කිව්වා.

"මොකක්ද?" මම ඇහුවෙ තවම එයාගෙ අත අල්ලන්. එයා වෙනුවෙන් මට දෙන්න බැරි දෙයක් නෑ. හැබැයි ඒකෙන් එයාට හොදක් වෙනව නම් විතරයි.

"මා...ව.. එකම එක පාරක් කිස් කරන්න... මගෙ පළවෙනි හාදුව ඔයා වෙන්න.." ජිමින් මගේ දිහාව බැලුවෙ අසරණ පාට ඇස්වලින්.

මට ඒක කරන්න බෑ. එයාගෙ කදුළු පිරුණු ඇස් මගෙ පපුවම පුච්චලා දාද්දි මම එයාගෙ අත අතෑරලා දාලා එයාව මගෑරියා. මම කොහොමද ඒක කරන්නෙ? එහෙම කළොත් ජිමින් එයාගෙ අනාගත සහකාරයව සිපගන්න දවසක මාව මතක් වේවි.

මටත් ඕනා එක පාරක් ඔයාව ආදරෙන් සිපගන්න. ඒත් දවසක ඔයාට මාව මතක් නොවෙන විදිහට මට ඒක කරන්න බැරිවේවි.

#tt

Continue Reading

You'll Also Like

43.8K 6.9K 53
ලෝකෙම හොල්ලපු කොල්ලෝ 7ක්... එයාලා අතරින් හිංසනයට ලක්වෙන අහිංසක කොල්ලෙක්.... ඒ කොල්ලත් එක්ක ආදරෙන් බැදෙන කන්ඩායමේ බාලයා.... ඔවුන් අතර ගෙතුනු කතාවයි මේ...
309K 6.8K 35
"That better not be a sticky fingers poster." "And if it is ." "I think I'm the luckiest bloke at Hartley." Heartbreak High season 1-2 Spider x oc
2.2M 115K 64
↳ ❝ [ INSANITY ] ❞ ━ yandere alastor x fem! reader ┕ 𝐈𝐧 𝐰𝐡𝐢𝐜𝐡, (y/n) dies and for some strange reason, reincarnates as a ...