Quicky - SINHALA ✔️

By sanju_54321

26.9K 4.1K 262

මේ quicky කියන ff එකේ සිංහල ට්‍රාන්ස්ලේෂන් එක... More

Author's Annoying Note
2.ඇබ්බැහි වීම
3.උණුසුම් පාඩම
4.උණුසුම් ම පාඩම (M)
5.උණුසුම් ම පාඩම II ( M )
6.එයාගේ මොකක්ද?
7.අහඹුව
8.ආයෙත් කරන්න
9.සෝ ටයිට්.... ( M )
10. ඔව්ද.. ඔව්ද...
11. කෝඩ් එක
12. ගෙදර ආව බෝයිෆ්‍රෙන්ඩ්..
13. දෙව්ලොව....
14. සොෆ්ට්....
15. ඕ හෝ...
16. ආදරේ...
New Book
17. පනිශ්මන්ට් ( M )
18. විනෝදය..
19. තර්ජනය..
20. වේදනාව
21. සැකය
22. අත්හැරීම
23. වංචාව
24. නොකියූ සත්‍යය
25. පසුතැවීම
26. ඔබේ උණුසුම
27. සදහටම ඔබ සමග ( M )
28. සමුගැනීම
29.සමාවදීම හා අමතක කිරීම
30. පළිඟු හිම
31. අවසානය
EPILOGUE

1.හැම්ලට්ගේ වරද...

2K 208 16
By sanju_54321

" doubt thou the stars are fire ;
doubt that the sun doth move ;
Doubt thruth to be a liar ;
But never doubt I love"

කිම් ටේහියුන්ග්... බැන්ටන් විශ්ව විද්‍යාලයේ සාහිත්‍ය මහාචාර්යවරයා ප්‍රාසාංගික අයුරින් විලියම් ෂේක්ස්පියර්ගේ හැම්ලට් හි වූ පරිච්ඡේදයක් හඬනගා පන්තියටම ඇසෙන සේ පැවසීමට විය. ඔහු පන්තිකාමරය සිසාරා දෑස් යොමුකළේ මේ පරිච්ඡේදය පැහැදිලි කිරීමට සිසුවෙකු තෝරා ගැනීමටය. නමුත් ඔහු දුටුවේ තම ඩෙස්ක් එක මත හිස තබා කෙටි නින්දක පසුවූ ශිෂ්‍යයා ය. ඔහුගේ දෑස් තම වටපිටාව ගැන වගේ වගක් නැතිව තම නින්දට අවධානය දුන් තරුණයා වෙත යොමු විය.

🐯 මිස්ට ජියොන්... ඔයා කැමතිද මේ පරිච්ඡේදය විස්තර කරන්න?

ආධිපත්‍යය පිරි කටහඬකින් ටේහියුන්ග් විමසා සිටියේය. සියලුදෙනාගේ ම දෑස් මහාචාර්යවරයා ගේ සිට මේ ලෝකයේ දෙයක් ගැන කිසිම වගක් නැති අයුරින් නිදා සිටි තරුණයා දෙසට යොමු විය.

🐯 මට මගේ වචන ආපහු පාරක් කියන්න තියන්න එපා මිස්ට ජියොන්.

ටේගේ කටහඬ මේ වනවිට කරදරකාරී බවකින් වගේම එපා වුණ ස්වභාවය කින් යුක්ත විය.

ජියොන් සෙමින් නැගිට පුටුවේ කෙලින් වාඩි වී පුටු ඇන්දට හේත්තු විය. ඔහුගේ දෑස් ලබාගත් කෙටි නින්ද නිසා රතුවී ගොස් තිබුණි. තමා කෙරෙහි කෝපයෙන් පසුවන මහාචාර්යවරයා තමා ඉදිරියේ නොහසිටිනවාක් මෙන් ඔහු ඈනුමක්ද ඇරියේය. කළු ලෑල්ලේ සටහන්ව තිබූ දෙයර්‍දෙස එක්වරක් බැලීමෙන් අනතුරුව ඔහු මහාචාර්යවරයා හට උත්තරයක් දුන්නේ ය.

🐰 ඔය පරිච්ඡේදය මහ ම මහ බොරුවක්.

ඔහු පැවසූ දෙය ට පන්තියේ සියලුදෙනා ප්‍රතිචාර දැක්වූයේ විසල් කරගත් දෑසිනි. මේ තරුණයා සැබැවින්ම පිස්සු සෑදී ඇති අයෙකු බව ඔවුන්ට සිතීම ට වැඩි වේලාවක් ගියේ නැත.

🐯 ඔයා දැන් මොකක්ද කිව්වෙ මිස්ට ජියොන්!

කෝපයෙන් යුතුව ටේහියුන්ග් විමසා සිටියේය.

🐰 මම කියන්නේ ඔය පරිච්ඡේදය ඇත්තටම මහම මහ බොරුවක් කියලා.

ජියොන් නැවත වරක් පෙර පිළිතුරම ලබා දුන්නේ පන්තියේ සැමදෙනාම අයාගත් දෑසින් ඔහු දෙස බලා සිටියදීය. ඔහු සැබැවින්ම ඔහු කියූ සෑම වදනක්ම අදහස් කළේය. එතනින් නොනවත්වා ම ඔහු දිගටම කතා කළේය.

🐰මම ඔපේලියා වෙලා හැම්ලට් මට එහෙම ඔය වගේ අමු බොරුවක් කිව්වා නම් එහෙම මම ඒ වෙලාවෙ ම ඌට පයින් ගහනවා.

සමහර සිසුන් ඔහු පැවසූ දෙයට සිනා වුවද කෝපයෙන් පුපුරණ මහාචාර්යවරයා ගේ දෑස් දුටු විට ඔවුන් නිහඩ ව කට වසා ගත්හ.

🐯 මම ඔයාගේ කටින් එලියට එන ඔය එක වචනේකටවත් පොඩ්ඩක්වත් කැමති නෑ මිස්ට ජියොන්. ඔයා තවදුරටත් ඔය විදිහට කතා කළොත් ඔයාට වෙන්නේ දවසෙ ඉතුරු කාලය රැඳවුම් පන්ති කාමරේ ගතකරන්න.

තම හැම වදනක්ම බර හඩින් පවසමින් සාහිත්‍ය මහාචාර්යවරයා ජියොන් දෙහ බැලුවේය.

🐰 ඒත් මේ කුණුගොඩ ගැන මගේ අදහස ඇහුවෙත් ඔයාමයි මිස්ට කිම්. ඔයා ඔයාගේ ඇදහිම් මානසිකත්වයෙන් ම හිටියොත් ඔයාට මම කියන එක තේරෙන්නේ නැතිවෙයි. මේ බලන්න මිස්ට කිම්. ප්‍රායෝගිකව බැලුවහම හැම්ලට් කියන එකා තනිකරම කරන්නේ ඔපේලියා ව බොරු වර්ණනා ගොඩක් කියලා ගොනාට අන්දන එක. එයාගේ ආදරේ ගැන ඔපේලියාට විශ්වාසය ඇති කරවන්න. පොඩ්ඩක් හිතන්න. මෝඩයො තමයි ඔයවගේ දේවල් කිව්වම ඒවට ඇන්දෙන්න. බලන්න අන්තිමට මොකක්ද වෙන්නේ කියල. ඔපේලියා මැරෙනවා..... ඒක අත්හරිමු. මොකද ඒකි ගොනෙක් වගේ හැම්ලට්ගේ පම්පෝරිය විශ්වාස කරපු නිසා ඈට එහෙම වෙලා මදි.... ඒක හැම්ලට්ගේ වරද

ජියොන් කීවේ පන්තියේ සියලුදෙනා ගෙන් තමන්ට ලැබෙන බැල්ම තඹ සතයක් තරමකට හෝ මායිම් නොකරය.

පන්ති කාමරය සුලු මොහොතකට නිහඬව පැවතුණේය. එනමුත් එම නිහඬ බව බිඳී ගියේ එක් සිසුවෙක් ජියොන් වෙනුවෙන් අත්පොළසන් දීමට පටන් ගත් විටය. තවත් සුලු මොහොතකින් එයට බොහෝ දෙනෙක්ගේ අත්පොළ සන් නාදයක් බවට පත්විය. සමහරු මුව විවර කරගෙන බලා සිටියහ. ඔවුන් ජියොන් සම්පූර්ණ කතාවම දන්නා බව දැක පුදුමයට පත් වූහ. සමහර සිසුන් පාඩමේ අග හරිය තවමත් උගන්වා නොතිබුණු නිසා පාඩම අවසානයේ ඔපේලියා මරණයට පත් වන බව හෝ නොදැන සිටියහ.

එනමුත් අනිත් පස මිස්ට කිම් සිටියේ ජියොන් ගේ පිළිතුර පිළිබඳ සතුටකින් නොවේ. නමුත් ඔහු ට ජියොන් ගේ පිළිතුර නිසා තම මතයෙන් අඩියක් පිටුපසට තැබීමට සිදු විය. එනමුත් ජියොන් තම ගුරුවරයා හට අපහාස වන අයුරින් නොවැදගත් අයුරින් වදන් භාවිත කිරීම ඔහුව තවත් ඇවිලවීමට සමත් විය.

සිසුන්ගේ අත්පොළසන් සහ නොවැදගත් හැසිරීම් වලක්වමින් මිස්ට කිම් උගුර පෑදුවේය.

🐯 ඔයාගේ කරුණ වැදගත් මිස්ටර් ජියොන්. ඒත් ඔයාට කළින් කියපු ඳඬුවම ම ලැබෙනවා. පන්තියේ අසංවර විදිහට හැසිරීම නිසා. පාඩම ඉවර වුණහම මාත් එක්ක එන්න. රැඳවුම් පන්ති කාමරයට.

ජියොන් කෝපයෙන් දත්මිටි කෑ බව සැබෑය. නමුත් ගුරුවරයාගේ අණ හිසට ගිය වහාම ජියොන් කට කොනකින් සිනහ වුණේය. එය එතරම් හොඳ අදහසක් නිසා විය නොහැකි බව ටේහියුන්ග් ට සිතුණි

ජියොන් කට කොණකින් සිනාවීම වලක්වා ගන්නේ කේසේද! මෙවන් සුන්දර මහාචාර්යවරයෙක් ඔබට "දඬුවම් කිරීම ට" සිටී නම් රැඳවුම් ඳඬුවම පවා රසවත් විය නොහැකිද?






හායි රීඩර් බබූස්.... ⭐⭐⭐⭐⭐

ඔයාල මොනවද කියන්නෙ මගේ පලවෙනි ට්‍රාරාන්ස්ලේශන් එක ගැන.. 💙💙💙💙

ඔයාලගේ අදහස් කොටන් යන්න. 💜💜💜💜💜💜

මම වට්පෑඩ් වලට අලුත් නිසා ඔයාලගේ අදහස් මට ගොඩාආආආආආරියක් වටිනෝ කියලා මතක තියාගන්න. 💕💕💕💕




Continue Reading

You'll Also Like

12.9K 2K 35
ඔහු හුරතල් වෙෙද්‍යවරයෙක්..අැත්තටම හුරතල් ද කියන්න දන්නේ නැහැ...ඒත් එයාගේ මමාට අනුව නම් අහිංසක හුරතල් බෝලයක්..එයාගේ හොදම යාළුවට නම් එයාටම ගැලප...
889K 20.3K 48
In wich a one night stand turns out to be a lot more than that.
1M 40.3K 93
𝗟𝗼𝘃𝗶𝗻𝗴 𝗵𝗲𝗿 𝘄𝗮𝘀 𝗹𝗶𝗸𝗲 𝗽𝗹𝗮𝘆𝗶𝗻𝗴 𝘄𝗶𝘁𝗵 𝗳𝗶𝗿𝗲, 𝗹𝘂𝗰𝗸𝗶𝗹𝘆 𝗳𝗼𝗿 𝗵𝗲𝗿, 𝗔𝗻𝘁𝗮𝗿𝗲𝘀 𝗹𝗼𝘃𝗲 𝗽𝗹𝗮𝘆𝗶𝗻𝗴 𝘄𝗶𝘁𝗵 �...
25.9K 73 13
⚠️ !! All these story's are from your point of view, they're all short and unedited !! ⚠️ Ps. This is also my first time publishing these! Feedbac...