Write Your Own 💚YiZhan❤️✅

By OlLiE_only1

20.9K 3.7K 534

සිත්තරෙක්මි ..... අකුරු ඇහිදින ... මගෙ කතාවට ........ ❤️ මවන්නෙමි ... නේකවිද රටාවන් .... ඒ පොතේ පිටු අතර... More

AN
පලමුවන කොටස
දෙවන කොටස
තෙවන කොටස
සිව්වන කොටස
පස්වන කොටස
හයවන කොටස
හත්වන කොටස
අටවන කොටස
නවවන කොටස
දහවන කොටස
එකොලොස් වන කොටස (බෝනශ්)
දොලොස්වන කොටස
දහතුන්වන කොටස
දාහතරවන කොටස
පහලොස් වන කොටස
දාසය වන කොටස
දහ අටවන කොටස
දහනම වන කොටස
විසිවන කොටස END

දාහත්වන කොටස

789 170 33
By OlLiE_only1

ආහ් ....

මොකද්ද ඒ .. ඉබ්බගෙන් නේද ඇහුනෙ ...

මන් එහෙමම ආපහු කාමරේට ගිහින් බලද්දි මේකා තාම තෙත ඇදුම් පිටින් ඇද උඩට වෙලා ගැහෙනවා ... තොල්පටත් නිල්පාට වෙලා .... මට බය හිතුනා ... මොකද මන් දැකලා තියනවා සීතල උහුලන්න බැරිව ෆිට් එක හැදුන අය ඕන තරන් ....

යිබෝ .. යීබෝ ඔයාට මාව ඇහෙනවද ...

මන් එයාගෙ කම්මුල් වලට තට්ටු දදා සිහිය ගන්න හැදුවත් එයාගෙ කම්මුල් සීතලට ගල් වෙලා කට ඒ වගෙම හන්දි ලොක් වෙලා තිබුනා ...

මන් එහෙමම එයාගෙ ඇගට ඇලිලා තිබුන සුදුපාට ආර්ම් කට් එක එයා කෙදිරිගාද්දිම ගලවලා දැම්මා ... සීතල හින්දමද කොහෙද එයා තව තව ගුලිවෙද්දි මන් එයාගෙ කලිසමත් එක්ක බොක්සර් එකත් ගලවලා දැම්මා ..

එයාගෙ නිරුවත ඉස්සරහා මට කිසිම දෙයක් දැනුනෙ නෑ ... මොකද මම චූටි පොකර් කියන චරිතෙන් ඈත් වෙලා ආපහු ඩොක්ටර් ජාන් කියන චරිතෙට පන දීලා උන්නා ....

ලෙඩ වෙනවා කියන එක කෙනෙක් අසරණම තත්වෙට ඇදලා දානකොට ඒ අසරණ කමින් ප්‍රයෝජන අරන් තමන්ගෙ ආසාවන් ඉශ්ට කරගන්න මානසිකත්වයක් කිසිම ඩොක්ටර් කෙනෙක්ට තිබුනෙ නෑ  .... කොටින්ම කිව්වොත් ලෙඩ උන කෙනෙක්ගෙ නිරුවතක් කියන්නෙම ඩොක්ටර් කෙනෙක්ට කාමයක් වෙනුවට හෙදකමක් නැතිනම් වෙදකමක් උපදින තැනක් උනා ... ඉතින් මේ වෙලාවෙත් ඩොක්ටර් කෙනෙක් විදියට එයාව සනීප කරන එකෙන් එහාට කිසිම දෙයක් ගැන මගෙ අවදානයක් ලැබුනෙ නෑ ...

එහෙමම ටවල් එකෙන් එයාව පිහිදාපු මම එයාගෙ තිබුන ගනකම්ම පිජාම එක එයාට අන්දවල බ්ලැන්කට් එකෙන් එයාව හොදට කවර් කරා ... කාමරේ ඒසී එක වෙනුවට හීටර් එක ඔන් කරපු මම සර්විස් බෝයි කෙනෙක්ට කෝල් එකක් දාලා පේන් කිලර්සුයි සපෝස්ටියකුයි තමෝමීටර් එකකුයි ඉල්ලගත්තා ...

එයා තදින් හුස්ම ගන්නවා ... වතුරට වැටුන වෙලෙ එයාගෙ මාංශපේශි වලින් එලියට දාපු ඔක්සිජන් ආපහු ඒ මට්ටමටම දුන්නෙ නැත්තන් ක්‍රෑම්ප් එන්න පුලුවන් හින්දා මමත් උස කොට්ට දෙකක් තියලා එයාට හුස්ම ගන්න ඉඩ හදලා දුන්නා ....

තාමත් එයා ලාවට ගැහෙනවා ... ඩ්‍රග් එකක් නොදුන්නොත් හෙට වෙද්දි සහලෝල උන ගනීවි ... පේන් කිලර්ස් පොවන්න බෑ වතුරත් එක්ක හිරවෙන්න පුලුවන් ... ඔක්කොටම වඩා සීතලට දතකට පවා පූට්ටු වෙලා තියනකොට කට ඇරගන්න වෙනම ගේමක් දෙන්න වෙනවා ... සිරප් එකක්වත් තිබුනනම් කටට දාන්නවත් තිබුනා ....ඉතින් මන් තීරනය කරා එයාට සපෝස්ටියක් දාන්න ..

මන්ම අන්දපු කලිසම ආපහු පාතට කරලා එයාව පැත්තට හරවපු මම එක කකුලක් දනිස්සෙන් නමලා එයාගෙ පිටිපස්සෙන් සපෝස්ටිය පරිස්සමට ඇතුලු කරා ...

ම්ම්ම් දැන් හරි ... පේන් කිලර් වලින් අඩුකරන්න බැරි වේදනාව අඩුකරන ලේසිම ක්‍රමේ සපෝස්ටියක් වෙනකොට මමත් එයාට ඒ ක්‍රමේම පාවිච්චි කරා ..
ආපහු ඉදිය විදියටම එයාව කවර් කරපු මම මගෙ කොලොන් එකෙන් පොගවපු වෙට් ටවල් එකක් එයාගෙ නලලින් තිබ්බා  ...

තව පැය හයක් යනකොට පේන් කිලර්ස් දෙන්න පුලුවන් වේවි ... ඒත් ආයම පැය තුනකින් උන බලන්න ඕන  ... බැල්කනියෙ දොර ලොක් කරලා හීටර් එකත් තව පොයින්ට් එකක් වැඩි කරපු මම ඇදේ එයාට එහාපැත්තෙන් ඇලවෙලා බ්ලැන්කට් එක පිටිම්ම එයාව මගෙ අත්දාල ගැගට තුරුලු කර ගත්තා ...

මම කරපු විහිලුව දුර දිග ගියා තමයි  .. ඒත් මන් ඒක විහිලුවට කරපු දෙයක් නෙමෙ ... මට හිතේ එක පැත්තකට ඕන උනා එයාට රිද්දන්න ... මොකද ලූලූවයි මමීවයි එයාව ඉත්තො කරගත්ත එකට ....
එයා මාව මේ දවස් ටිකට බලාගත්තා තමයි... දවස් ටිකක් කිව්වට දවස් දෙකක් විතර ...  ඒ උනත් මන් පිලිගන්න ඕන අනිත් අය ගාවදි නොදැනුන මහ අමුතු හැගීමක් මට එයා ගාවදි දැනෙනවා ...

කොටින්ම කිව්වොත් එයා එක්ක ඉන්න වෙලාවට එයාගෙ උනුහුමට මගෙ ටෙස්ටොස්ටෙරෝන් අසූහාරදාහට නගිනවා ... ආනික තමා මට පේන්න බැරි කොච්චර නම් උන් මේ ලෝකෙ ඉන්නවද ඒත් මන් ඒ හැමඑකාවම එහෙම උන පලියට කිස් කරාද නැනෙ නෑනෙ ...

මන් මෙච්චර කාලයක් මගෙ හදවතේ තිබුන හැගීම් මන් වෙන වෙනම අදුන ගත්තා ... ඒත් මේ මුසල ඉබ්බෙක් හින්දා මට ඒ දේත් නැති උනා ... දැන් මන් හරියට ලයිට් බෝඩ් එකක් වගෙ ... එක එක වෙලාවට එක එක පාට පත්තු වෙනවා ... එ මදිවට කවදාවත් පත්තු නොවුන පාටත් පත්තු වෙනවා ... මන් හිතන්නෙ ලගදිම ඔක්කොම පාට එක පාර පත්‍තුවෙලා මාව කරකුට්ටන්  වෙලා යයි ...

හුවෑ ඇයි මේ ..... එයාගාවදි මට සමහර වෙලාවට අංශභාගෙ හැදීගනත් එනවා ... මන් ආපහු ගියාම MRI එකක් ගන්න ඉන්නෙ ...බයයි අනෙ මෙ තරන් දුරක් ආපු එකේ එකතැන් උනොත් ඒම ...

කෝමත් මට ඉක්මනටම full body checkup එකක් කරගන්න වෙනවා ....මගෙ මොලේ ඇතුලෙ තියන සර්කිට් එක මේ දවස් වල පිස්සු නටනව .. ඈහ්  .... ඩොක්ටර් කූ ගෙන් හෙට උදෙම අහන්න ඕන මොකද මේ වෙන්නෙ කියල .. කවුද දන්නෙ හුගක් දරුණු ලෙඩක්වත් හැදීගෙන එනවද කියලා ...

ලෝකෙ නැති විකාර හිත හිත උන්න මට මහන්සියටම නින්ද ගිහින් තිබුනා ....අද තමයි සියවසේ හනිමූන් එක ... හිකිස් ....
.
.
.
.

ශෙවාන් ස ස්ටෑන්ඩ් අප් ...
ශචෙං ජිජිශි ස්ටෑන්ඩ් අප් ..
යුවෙලායි සුදෙශී ස්ටෑන්ඩ් අප් ...
ඌ හූ හුහ් ඌ හූ හූහ් ...

මන් නැගිට්ටුනෙ ඉබ්බා ස්ටෑන්ඩ් අප් ගාල කෑ ගහපු එකට ... ඒ එලාම් එක මට මේ ලෝකෙ පේන්නම බැරි කටහඩෙන් ඇහෙන හින්දා එන ආවේගෙටත් එක්ක මාට ඩිම් ගාල ඇහැරෙනවා ...
හැබැයි ඉතින් මුලු දවසම ඊට පස්සෙ කුජීතයි ....

හ්ම් පාන්දර තුනයි වෙලාව ... උම් රස්නෙනම් නෑ .. සපෝස්ටිය වැඩ කරලා ඒ කියන්නෙ .. අවංකව කිව්වොත් මන් නම් එයාට සපෝස්ටියක් දාන්න කැමති උනෙ නැ ... මොකද ඉදල හිටලා එන සමහර ප්‍රඩක්ට් තියනවා සපෝස්ටි කරලේ පිට කවරෙ ගැලවෙන්නෙ නැතුව යන ... ඊට පස්සෙ කෝම හරි බේත් ටික උරාගත්තත් කරල හිරවෙලා අවදානමේ වැටෙන වෙලාවල් තියනවා ...චූටිම චූටි බබාලගෙ නම් අපිට පුලුවන් කරල එලියට ආවද කියලා බලාගන්න ... ඒත් මේ ගල් ඉබ්බන්ගෙ කෝම බලන්නද මන් අහන්නෙ ....

මන්  එයාගෙ ඔලුවට තියල තිබුන කොලොන් ටවල් එක මාරු කරලා අලුත් එකක් තිබ්බා ... ම්ම් එයාට හොදට නින්ද ගිහින් .... ඒක හොදයි මොකද අංක එක රෙස්ට් එක ... උදේ වෙද්දි උන ගැනිලා තිබුනොත් කියලා මන් බ්ලැන්කට් එක ටිකක් බුරුල් කරා ...

පිටින් රස්නෙ නැති උනත් ඇග ඇතුලෙන් උන ගන්න අයත් ඉන්නවා ...එයත් ඒමද දන්නෙ නැති නිසා මන් එයාගෙ අත යටින් තර්මොමීටර් එක තියන් හිටියා ..

ක්ලීක් ක්ලීක් ක්ලීක් ...

ආ .. 99 . 1°F ... ටිකක් උන.. අනූඅටයි හය පැන්න කියන්නෙ උනනෙ ඉතින් ... කමන්නැ සමහරවිට උදේ වෙද්දි අඩු වෙලා තියෙයි ...

අනෙහ් මන් වැරදිද අප්පා ... මාත් මොනතරන් දුක් උනාද මාව බලෙන් කසාද බැන්දම ... ම්හුක් මට තේරෙන්නෙ නැ.. ආයිශ්....

එන දේකට මූන දෙනව කියලා හිතාගත්ත මන් ආයම හයට එලාම් තියලා නිදාගත්තා ...
.
.
.
.
.
.
.
.
.
.
.

📚 විස්සෙන් ඉවර කරන්න ඉන්නෙ ඈ




මම .
OlLiE- 💚♥️

Continue Reading

You'll Also Like

202K 4.2K 47
"You brush past me in the hallway And you don't think I can see ya, do ya? I've been watchin' you for ages And I spend my time tryin' not to feel it"...
33.5K 6.1K 36
ආයෙ ආයේ දකිනා වාරේ ඔය රෑපේ....💚 නුහුරු තාලේ හුස්මක් පපුවේ ගැහේනවා....❤ මටම අයිතිය ලියලා දෙනවද හැම වාරේ....💚 නුඹව සත්තයි සැමදා පණ සේ රකිනවා....❤ Beg...
7.2K 1.6K 18
කාලය කියන්නෙම මායාවක්... . . . ඉතින්... උඹයි මමයි කියන්නෙම ඉන්ද්‍රජාලිකයෝ දෙන්නෙක්... . . . මායාවකට එහා ගිය අපේ හමුවීමම... සැබවින්ම ඇස්බැන්ඳුමක්...
1.1K 215 22
මොනවදෝ කියනවා 💚 ❤️ මටත් එය හැගෙනවා නමුත් මගහැරෙනවා 💚 ❤️ නුඹ මගෙ දැනෙනවා.