පලමුවන කොටස

1.8K 215 23
                                    

   YiBo ......!!!!!!!!! Wang YiBo ..........!!!!!!!!!!  ............................

                    මලකරච්චලේ .....මේක නම් මහ කරුමයක් ... අදත් මට වෙනද වගෙ මේ මනුස්සයගෙ කොන්සර්ට් එකක්ම බලන්න එන්න ඕන උනේ වෙනමොකටවත් නෙමෙ .... අපේ නම්කිව මේ වගෙ තැනකට තනියෙන් එවන්න බැරි කමට..... 

Wo Ai Ni YiBo ....!!!!!!!!!

ආව් ගෑනියේ කන !! මොන හුයන්නක් වෙලාද  ඕයි ඔය බෙරිහන් දෙන්නෙ ... උබල හිතන් ඉන්නෙ මෙතන ඉදන් බෙරිහන් දුන්න පලියට සෙලිබ්‍රිටි කෙනෙක් ඇවිල්ල බන්දන් යයි කියලද ඈ .... 
                  බලහන් උබ මෙතන බෙරිහන් දුන්නට ඒ මනුස්සයක් උබව ප$කට ගනන් ගන්නෑ ..  පව් ඕයි තමුසෙලා ...

ඇත්තටම මට තේරෙන්නෙ නැත්තෙ ඇයි මිනිස්සු මෙහෙම හැසිරෙන්නෙ කියලා ... තමන්ගෙ වටින කාලෙත් කාගන කොහෙවත් යන මනුස්සයෙක් හින්දා සෙනග ගොඩක් මැද්දෙ වැලලෙන්න හදනවා ... අනික ශෝ එක පටන් ගත්ත වෙලේ ඉදන් මුන්ගෙ වැඩේම පෝන් කට්ටක් උස්සන් ඒක වීඩියෝ කරන එක .... වීඩියෝ කරන් යන්න නම් ආවෙ ඕක ඉන්ටර්නෙට් එකෙන් බලන්න බෑද ආ ... මට මේ කොන්සර්ට් පේන්න බැරි එක වෙනම එකක් .... එව්නාට  මගෙ මතේ නම් තමන් කැමති කෙනෙක්ගෙ කොන්සර්ට් එකක් හරි මෝමන්ට් එකක් හරි ඒ වෙලාවෙ ඇස් දෙකෙන් බලලා ගන්න සතුට පෝන් එකකින් වීඩියෝ කරලා ගන්න බෑ ....

 එව්නාට  මගෙ මතේ නම් තමන් කැමති කෙනෙක්ගෙ කොන්සර්ට් එකක් හරි මෝමන්ට් එකක් හරි ඒ වෙලාවෙ ඇස් දෙකෙන් බලලා ගන්න සතුට පෝන් එකකින් වීඩියෝ කරලා ගන්න බෑ

Rất tiếc! Hình ảnh này không tuân theo hướng dẫn nội dung. Để tiếp tục đăng tải, vui lòng xóa hoặc tải lên một hình ảnh khác.

          අනිත් දේ තමයි ..... දවසක් මමීයි  නන්ගියි එක්ක මන් ශැංහයි ගිය වෙලාවෙත් ඔය යීබොද ඉබ්බොද කියන මනුස්සයා එයාපෝට් එකේ   .... අපේ ගෑනිටත් ඉතින් අර ඉබ්බ දියට දැම්මම ඇන්නෑවෙ වගේ පෝන් කට්ටත් උස්සන් ගියා පොටෝ ගහන්න ....ඒකෙ මොනා ගහන්නද අනෙහ්  අඩු තරමෙ ඇස් දෙකවත් පේන්නෑ ....  ඇස්වහ වදියි වගේ ඇගම පොරවන් ආවෙ ..... ඔය මොක උනත් තමන් කැමති කෙනාව ඒ වෙලාවෙ තමන්ට පුලුවන් විදියට ඇස් දෙකෙන් බලන්නෙ නැතුව පොටෝ ගහන්නෙ අහවල් එකකටද ... පොටෝ එකක් හදිස්සියට හරියට වදින්නෙත් නෑ ... අනික ගුලුගුලු  එකේ කොයි තරම් නම් පික්කු තියේද ගන්න ... ඒ වගෙද ඇස් දෙකෙන් බලාගත්තම ... ඒක හිතට කා වැදෙනවා ... ඒ විතරක් නෙමෙ අපේ හදවතේ ඒ රූපෙ තැන්පත් උනාට පස්සෙ ආපහු අමතක නොවී ලස්සන මතකයක් විදියට ඉතුරු වෙනවා ..... කොහෙද ඉතින් ඕව තේරුම් යන්න අපේ ගෑනුන්ට මොලයක් කියලා නාමයක් තැයනවෑ ...තිබ්බනම් අද මාවත් ඇදන් මේ තූත්තුකුඩියක රින්ගන්නෙත් නෑනෙ ....

             ඔය මනුස්සය තමා ගල් ඉබ්බෝ කියන්නෙ

Rất tiếc! Hình ảnh này không tuân theo hướng dẫn nội dung. Để tiếp tục đăng tải, vui lòng xóa hoặc tải lên một hình ảnh khác.


             ඔය මනුස්සය තමා ගල් ඉබ්බෝ කියන්නෙ ....  පේන්නැද්ද මූසල කම .... වයස විසිහතරක්ලු ... මට නම් ඒත් තිස් පහක් විතර පේනවා ... එරවිල්ලයි ගෙරවිල්ලයි හින්ද මුට ඕම තිස්පහක්වත් පේන එක ලොකුදෙයක් .... මෙයා හිතන් ඉන්නෙ ලෝකෙ අයිඩල් කෙනෙක්ට ඉන්නෙ මෙයා විතරයි කියලා ඒ තරමට අලි සීන් .... හතර පාරක් විතර නම්කි එක්ක මෙව්වගෙ ලැග්ග හින්දා කියන්නෙ ඒ දවස් ගානට එක තත්පරේකටවත් මන් ඉබ්බොගෙ මූනෙ හිනාවක් දැක්කෙ නෑ ... මහ ගල් ඉබ්බෙක්ම තමා ..... මේකගෙ කොන්සට් එකක් බීජිං වල තියනව කියන්නෙ ඒ දවස මගෙ පැත්තෙන් මහ කාලකන්නි දවසක් ..... ශික් ...
 
                      සෙලිබ්‍රිටි කෙනෙක් කියන්නෙ වචනයේ පරිසමාප්තියෙන්ම කාලකන්නියෙක් .... හිතන්න මුලු පැය විසිහතරෙම කැත වහගන්න මේකප් කරනවා  .... හයිෆයි ඇදුම් අදිනව ඒකත් එක පාරයි ඊටපස්සෙ ඒ ඇදුම් වලට වෙනදෙයක් නෑ ... නාස්තිකාරකම ඉහට උඩින් ගහලා ... සපත්තුම තියනවා ෆැක්ට්‍රියක් දාන්න තරම් ... වාහන .. උන් වාහන මාරු කරන්නෙත් ඇදුම් වගේ  .... ගෙවල් නෙමෙ එයාලට තියෙන්නෙ මාලිගා ...... සරලකම අදුනන්නෙ නැති මිනිස්සු කොට්ටාසයක් ...

                  ඒකටත් එක්ක මන් .... ඇදුම් තුනයි ....එක සපත්තු ජෝඩුවයි .... සෙලිබ්‍රිටි කෙනෙක්ගෙ බෙඩෲම් එකක් සයිස් ගෙදරයි .....අවුරුදුගානකට කලින් ගත්ත පෝන් එකයි .... සෝ සිම්පල් මේ කොව්ව මේම හිටියට .... සල්ලි නැතුවටත් නෙමෙ ... පපාත් නැති කාලෙ සල්ලි අමාරුකම් දැනුනට දැන් මගෙ මහන්සියෙන් ස්තාවර වෙලා මේ ඉන්නෙ ..... ඉතින් කාටත් වඩා මේ ගෙදර යොන් එකක වටිනාකම මට අනිත් අයට වඩා වැඩියෙන් දැනෙනවා .... ඉතින් මන් ඕනවට වඩා කිසිම දේකට වියදම් කලේ නෑ ......

                කෝමඋනත් ගල් ඉබ්බගෙ කොන්සර්ට් බලන්න අපේ ගෑනිට vip ටිකට් අරන් දෙන්න නම් මට සිද්ද උනා ....ඒකට කමන්නැ මොකද මේම හිටියට මේකිත් හොදට කට්ට කෑව ගිය මාසෙ තිබ්බ එක්සෑම් එකට .... ඉතින් රිසාල්ට් එනකන් තමා මාවත් ඇදන් මේ ගුබ්බෑයන් වල රින්ගන්නෙ .... රෙද්ද .....

.
.
.
.
.

ඉතින් ඒනම් ඔන්න මේක අලුත් එකක් 💚❤️
මම .
olLiE- 💚❤️

 Write Your Own 💚YiZhan❤️✅Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ