මන් හිතුවා ළමයි yibo 's pov එකෙනුත් චැප්ටර් එකක් දෙන්න ..
.........................................................................
YiBo ' s pov
අද මට මිනිස්සු එක එක දේවල් කියනව ඇති ... ඒත් මමයි දන්නෙ තනිකම හින්ද මන් ජීවිතේ මොනතරන් නම් විදවනවද කියලා ....
කෝල්ඩ් ෆේස් එකක් තිබ්බ කියලා මන් හදවතක් නැති මනුස්සයෙක් වෙන්නෙ නෑනෙ ... මටත් හැගිම් දැනිම් තියනවා . .. මටත් ආදරේ ඕනෙ ... මමා පපා එක්ක හිටියා වගේ ලස්සන පවුල් ජීවිතයක් ගත කරන්න මමත් හීන මවනව ....
හැමෝම කියයි පවුල් ජීවිතයක් ගෙනියන්න තරන් මට වයස නෑ නේද කියලා.... ඒත් එහෙම කියන අය හිතනවටත් වඩා කාලයක් මන් තනිවෙලා හිටියා ..... අවුරුදු දහතුනෙන් පටන් ගත්ත මේ ගමන අද වෙද්දි අවුරුදු දොලහකටත් ලං වෙන්න මන් දුවලා තියනවා ... ඉතින් අවුරුදු දොලහක්ම මන් හිටියෙ තනිවෙලා නෙමෙද ...
මන් පුන්චි කාලෙ උදේ ප්‍රැක්ටිස් පටන් ගත්ත පාර ඉවර කරේ පහ හය වෙලා... අනිත් දේ තමයි .. නොදන්න රටක නොදන්න මිනිස්සු එක්ක ගැටෙන එක , පොඩි ළමයෙක් විදියට ඒ කාලෙ මට හිතෙන තරන් ලේසි උනේ නෑ ...
පොඩ්ඩක් හිතන්න මමා පපා වෙන රටක ... මන් තනියම තව රටක ඒකත් පොඩි ළමයෙක් ... ඉතින් මට තනිකම කියන දේ නොදැනි තියේවිද ... මන් එහෙ ඉන්දැද්දි උදේම ප්‍රැක්ටිස් වලට යද්දි ළමයි අර කහපාට වාහන වල ඉස්කෝලෙ යනවා ..සමහරු මමාලගෙ පපාලගෙ අත්වල එල්ලිලා ඇවිදන් යනවා ... ඉතින් මටත් හිතුනා හීන හැමඑකක්ම දමලා ගහලා ආපහු මමා ගාවට යන්න ...
ඒ ළමයි උදේම මමාගෙ අතින් බත් කටක් කාල ඒ ආශිර්වාදෙ එක්ක ඉස්කෝලෙ යද්දි මට සිද්දවුනේ එලාම් එකකට නැගිටලා නොතේරෙන වයසෙ ඉදන්ම ශෙඩුල් එකකට වැඩ කරන්න ... ඉතින් මිනිස්සු මොනාද දන්නෙ නේද ...
පොඩි කාලෙ ඔහොම ගෙවිලා යද්දි මගෙ හයි ස්කූල් කාලෙ ආවා .... එතෝටත් මම ප්‍රැක්ටිස් ..... ප්‍රැක්ටිස් වලින් තොර ජීවිතයක් මට ඒකාලෙ නොතිබ්බ තරම් .... මගෙ වයසෙ කට්ටිය තමන් ආදරේ කරන අයත් එක්ක පාරවල් වල අත්පටලන් යන දිහා මන් හිස් හැගීමෙන් බලන් හිටියා ...
ආසාවක් නෑනෙමේ .... ආසාවක් තිබ්බා .. මමත් ආසකලා ආදරේ කරන කෙනත් එක්ක හවසට මුහුදු වෙරළක ඉර බහිනවා බලන් ඉන්න ....අත් පටලන් නිදහසේ ඇවිදින්න ... ඒත් මට ඒ කාලෙ ඒ දේවල් වලට නිදහසක් අවස්තාවක් තිබුනෙ නෑ ...මට ජීවිතේ හුගක් දේවල් මගඇරුනා ... පවුලෙ අය .. ආදරේ සෙනෙහස ... මේ හැමදේම මට මගඇරුනා ... ඉතින් ඒ හින්දා වෙන්න ඇති මන් දැන් ආදරේ හොයන්නෙ...
මන් තාම කරුවලට බයයි .. කුරුමිණියො වගේ පොඩි පොඩි සත්තුන්ට බයයි .. ඒක ඕන තරන් ෆැන්ස්ලා දන්න දෙයක් .... ඒත් කවුරුත් කවදාවත් මගෙන් අහලා නැ .. ඔයාට අද අවුරුදු විසිපහකට ලංවෙලත් ඇයි තාමත් මේ වගේ පුන්චි දේවල් වලට බය කියලා ...
ඇත්තටම ඇයි දන්නවද .... මන් ඒ රටට ගියපු මුල් දවස් වල මට බෝඩ් වෙන්න කාමරයක් හම්බුනා ...ඒක හුගක් පොඩියි ... හුගක් සැපපහසුකම් තිබුනෙත් නෑ ...අනික ටිකක් පරණයි .. ඉතින් ඔය කාලෙ මන් තනියම කරුවලේ නිදාගන්න බයයි ... හරියට අනිත් පොඩි ළමයි වගේම .... මන් ගෙදර ඉන්න කාලෙත් නිදාගත්තෙ මමා එක්ක ... ඉතින් එහෙම එකේ මට එක පාරටම තනියම නිදාගන්න හුරුවෙන්න අමාරු උනා ... ඒ වගෙම කරුවලට දාගන්න ඩිම් ලයිට් එකක් තිබුනෙත් නැ .... එක එක දේවල් හිතලා මන් හුගක් බය වෙනවා ඒ කාලෙ .... ඒ මදිවට ඒ පරන කාමරේ හිටපු කුරුමිණියො .. උන් ඇවිල්ල එක පාරටම ඇගේ වහනවා .... එක පාරක් මට විදලත් තියනවා .... ඉතින් ඔය පුංචි කාලෙ බය උන දේවල් වලට තියන බය තාමත් ඉවර උනේ නෑ ..... සමහර වෙලාවට මට තනිකමක් වගෙම ලොකු අසරණකමක් දැනුනා ...
ඒත් මොනා කරන්නද මම තෝරගත්ත පාරනෙ ... ආපහු හැරෙන්න බැරි හින්ද මන් අමාරුවෙන් හරි ඉස්සරහට ගියා ... ඒ ගමන තමා අද මේ ලෝකප්‍රසිද්ධ අයිඩල් කෙනෙක් වෙලා ඉන්නෙ ... ඉතින් මොනා කරන්නද නේද මන් තෝරගත්ත පාරනම් මේ අමාරුකමුත් මමම දරාගන්න එපෑ ...
මේ අවුරුද්දෙන් මගෙ ඇග්‍රිමන්ට් එකත් කැන්සල් වෙනවා .... ආයම ඇග්‍රිමන්ට් සයින් කලොත් අවුරුදු හයක් විතර මේ ජීවිතේට හිරවෙන්න වෙනවා ...
පිටින් නම් සමාජෙට මන් සැපට ජීවත් වෙනවා වගේ පෙනෙයි .... ඒත් මිනිස්සු සැප කියලා කියන්නෙ සල්ලිවලටනම් .... ඔව් මට සල්ලි වලින් නම් කිසිම අඩුවක් නෑ තමයි .... ඒත් සල්ලිවලට එහා ගියපු මොන තරන් දේවල් මේ ජීවිතේ තියනවද ... මන් දන්නෙ නෑ ඇයි මිනිස්සුන්ට ඒක තේරෙන්නෙ නැත්තෙ කියලා .... සල්ලි ඕන තමයි අද කාලෙ සල්ලි නැතිව කිසිම දෙයක් කරන්න තියා හිතන්නවත් බෑ .. ඒත් තේරුන් ගන්න ඕනෙ සල්ලි නෙමෙයි ජීවිතේ කියලා ...
ඉන්න ටික කාලෙවත් අපි අපිට පුලුවන් විදියට ජීවිතේ විදින්න ඕනෙ .... ආදරේ කරන්න වගෙම ආදරේ ලබන්න ඕනෙ ... පවුලෙ අයත් එක්ක ඒ සෙනෙහස විදින්න ඕනෙ ... කොටිම්ම කියනවනම් අපි ජීවිතේ ගෙවන හැමතත්පරයක්ම සතුටින් ඉන්න උත්සහකරන්න ඕනෙ...
ඉතින් මමත් තීරණයක් ගත්තා ... ජීවිතේ විදින්න .... මමත් ආදරේ කරන මටත් ආදරේ කරන කෙනෙක් එක්ක .. සතුටින් පිරුණු පවුලක් එක්ක ... ඉතින් අනිත් අයට ඒ තීරනේ වැරදියි වගේ පෙනුනට මන් ඒක වෙනස් කරන්න ලෑස්ති නෑ ...මොකද මේ ජීවිතෙත් මගෙ නම් මන් ජීවත් වෙන්න ඕනෙ මට ඕන විදියට ... තමන් ගගක් වෙනවද ඒම නැත්තන් දිය ඇල්ලක් වෙනවද කියලා අනුන්ට තීරණය කරන්න නොදී තමන්ගෙ තීරණ තමන්ම ගන්න නෙමෙද ඕනෙ .... ඉතින් මගෙ මතේ නම් ඒකයි ...
ඇත්තටම අයිඩල් කෙනෙක් උනැන් පස්සෙ උනත් මගෙ ජීවිතේ පුදුමතරම් කටුකයි .. ඇග්‍රිමන්ට් වලට කොටු වෙලා ... එපා එපා තහනම් තහනම් කියන දේවල් අහගන මේ ගෙවන ජීවිතේ හිසරදයක් .... උදේ ඉදන් මේකප් දාගන ... හයිපැට්න් ඇදුන් හිරකරගෙන ගෙවන මේ ජීවිතෙ කොහෙද සැහැල්ලුවක් ...
ඉතින් මමත් දැන් නිදහසේ ඉගිල්ලෙන්න ආසාවෙන් බලන් ඉන්නවා .... මන් හිතනවා මගෙ ජීවිතේ ඒ තීරණෙන් පස්සෙ අලුත් පිටුවක් පෙරලෙයි කියලා ....සමාජෙට බම්බු ගහන්න කියලා මන් මගෙ ජීවිතේ හදාගන්න ඕනෙ ....
End of the YiBo's pov
මම .
OlLiE- 💚❤️