_🔥භවාන්තර🔥_ [Historical BL]

By Huahua_005

25.2K 4.5K 2.9K

විෂ කැවුණු සෙල් හදක ආලෝකයක් උපදින්නට,විනාශයටම උපන් අයෙක් දිවිතුරා රකින්නට,අවසානය නොදකින ශාපලත් දෛවයක් දහස් වස... More

භවාන්තර
පළමු පරිච්ඡේදය
දෙවන පරිච්ඡේදය
තෙවන පරිච්ඡේදය
සිවුවන පරිච්ඡේදය
පස්වන පරිච්ඡේදය
සයවන පරිච්ඡේදය
සත්වන පරිච්ඡේදය
අටවන පරිච්ඡේදය
නවවන පරිච්ඡේදය
දසවන පරිච්ඡේදය
එකොළොස්වන පරිච්ඡේදය
දොළොස්වන පරිච්ඡේදය
දහතුන්වන පරිච්ඡේදය
දාහතරවන පරිච්ඡේදය
පහළොස්වන පරිච්ඡේදය
දහසයවන පරිච්ඡේදය
දහහත්වන පරිච්ඡේදය
දහඅටවන පරිච්ඡේදය
දහනවවන පරිච්ඡේදය
විසිවන පරිච්ඡේදය
විසිඑක්වන පරිච්ඡේදය
විසිදෙවන පරිච්ඡේදය
විසිතුන්වන පරිච්ඡේදය
විසිහතරවන පරිච්ඡේදය
විසිපස්වන පරිච්ඡේදය
විසිහයවන පරිච්ඡේදය
විසිහත්වන පරිච්ඡේදය
විසිඅටවන පරිච්ඡේදය
විසිනවවන පරිච්ඡේදය
තිස්වන පරිච්ඡේදය
තිස්එක්වන පරිච්ඡේදය
තිස් දෙවන පරිච්ඡේදය
ඉදිරියට..........
තිස්තුන් වන පරිච්ඡේදය
තිස් හතරවන පරිච්ඡේදය
තිස් පස්වන පරිච්ඡේදය
තිස් හයවන පරිච්ඡේදය
තිස් හත්වන පරිච්ඡේදය
තිස් අටවන පරිච්ඡේදය
තිස් නවවන පරිච්ඡේදය
හතළිස් එක්වන පරිච්ඡේදය
හතළිස්දෙවන පරිච්ඡේදය
හතළිස් තුන්වන පරිච්ඡේදය
හතළිස් හතරවන පරිච්ඡේදය
භවාන්තර වෙත ආදරෙන්......
හතළිස් පස්වන පරිච්ඡේදය
හතළිස් හයවන පරිච්ඡේදය
හතළිස් හත්වන පරිච්ඡේදය
හතළිස් අටවන පරිච්ඡේදය
හතළිස් නවවන පරිච්ඡේදය
පනස්වන පරිච්ඡේදය
පනස් එක්වන පරිච්ඡේදය
පනස් දෙවන පරිච්ඡේදය
පනස් තුන්වන පරිච්ඡේදය
ස්තූතියි!
පනස් හතරවන පරිච්ඡේදය
මහමෙරක් තරම්
පනස් පස්වන පරිච්ඡේදය
පනස් හයවන පරිච්ඡේදය
පනස් හත්වන පරිච්ඡේදය
පනස් අටවන පරිච්ඡේදය

හතළිස්වන පරිච්ඡේදය

355 72 55
By Huahua_005

පස් දිනක් ගෙවී ගොස් තුබුණේ ‍රුද්‍රාරගේ උවටැන් අතරතුර ධ්වජේශ්වර කෙමෙන් සුවය ලබද්දීය.සිරුරේ වූ කැපුම් සියල්ල සුව අතට හැරී ගොස් තිබීමටත් අනතුරට ලක් වූ හස්තය හා පාදය මෙතරම් ඉක්මනින් නිරුපද්‍රිත වෙමින් පැවතීමටත් බාහිරින් ලැබූ ප්‍රතිකාරයන්ට වඩා ඔහුගේ අභ්‍යන්තර සුව්‍යාධී ධ්‍යාන බලය හේතුවක් වී තිබිණ.

පස් දිනක් මුලුල්ලේ දේශනයන්ට සහභාගී වීමට පමණක් ධ්වජේශ්වරගේ නෙත් මායිමෙන් ඈත් වී සිටි රුද්‍රාර මේ වන විට ඔහුට හුරු වී සිටියේය.තමා සමගින් රුද්‍රාර සිටින සෑම මොහොතක්ම ප්‍රයෝජනයට ගත් ධ්වජේශ්වර ඔහු ලවා සිය දේශන සටහන් හා සැලසුම් පිළියෙල කරගත්තාම පමණක් නොව,කුඩා යමක් හෝ ඔහුට උගැන්වීමට හුරුව සිටියේය.

තුන් වේලක් ධ්වජේශ්වර හට කැවීමත්,ඔහුට අඩි කිහිපයක් ඈතින් නිදා ගැන්මටත් රුද්‍රාර දැන් හුරු වී සිටියේය.එමෙන්ම වෙනදා දකින සිනහවෙන් තොර සැඟවී ජීවත් වන රුද්‍රාර වෙනුවට ධ්වජේශ්වර ඔහු තුලින් ආලෝකමත් යෞවනයෙකු මදින් මද පිටතට ගැනීමට සමත්ව සිටියේය.තවමත් අනෙකුන් ඉදිරියේ ඔහු පුරුදු රුද්‍රාරම වූවත් සරයුත් වායුත් ඉදිරියේ මෙන්ම ධ්වජේශ්වර හමුවේ ඔහු සැහැල්ලු වීමට උත්සාහ කරමින් සිටියේය.

වෙනදා හෙලන සැක මුසු රෞද්‍ර බැල්ම වෙනුවට මේ වන විට ඔහුගේ දිදුලන දෙනෙතේ බැල්ම ධ්වජේශ්වර ඔහු වෙතට දැහැන් ගත කරවමින් පැවතින.වෙනදා එකම ඇලි පැහැයෙන් යුතු සුදුමැලි කම්මුල් මේ දින වල ඔහුගෙන් පිටවන කුඩා සිනහවට අනුබල දෙමින් යාන්තමින් පළොල් පැහැව ගොස් තිබිණ.වෙනදා දින ගණනාවකට ඔහුගේ මුවින් පිටවන වචනයන්හී එකතුවක් මේ වන විට එක් දිනක් තුළදී ඔහුගේ මුවින් පිටවෙමින් තිබිණ.

මේ වන විට තනිවම සිය කාර්‍යයන් කොට ගැනීමේ එතරම් අපහසුවක් නොතිබුනේ වුවද ධ්වජේශ්වර රුද්‍රාර හට එය පෙන්වීමට ගියේ නැත.ඔහුගේ අතින් කැවෙන කුරුලු කටවල් වලට ධ්වජේශ්වර හුරුව සිටියේය.තමා හට වේදනාවක් වේ යැයි බියෙන් මෙන් සිය සිරුරේ තුවාලයන් නොමැති තැනින් දැනෙන රුද්‍රාරගේ මෘදු ස්පර්ශයන්ට ඔහු හුරු වී සිටියේය.ඇතැම් කලෙක සිය දෑසට හමු වන ඔහුගේ දෑස කලබලව පොළවට යොමු කරන දර්ශනයන්ට ධ්වජේශ්වර හුරුව සිටියේය.සෑම රාත්‍රියකම තමාට අඩි කිහිපයක් ඈතින් ඇසෙන සංසුන් මෘදු සුසුම් ස්වරයන්ට ධ්වජේශ්වර හුරුව සිටියේය.

එසේ වුවද ඔහුගේ සිත දිනෙන් දිනම ඔහුටද අකීකරුව යමින් සිටියේ ඔහු තව දුරටත් අසරණ කරවමිනි.සිය අසලම ගැවසෙන ඔහු සිය තුරුලට තද කොට ගැනීමට,හෝරා ගණනක් වුවද ඔහුගේ දෑස දෙස බලා සිටීමට,ඔහු මත සිය දෙතොල් මෘදුව තද කිරීමට,ඒ වත සිය ළයමඩලේ උණුසුම සොයමින් තමා තුරුළට වැදෙනවා දැනීමට ඔහු නොඉවසිල්ලෙන් සිටියේය.හැඩි දැඩි සෙන්පතියෙකු වුවද ඔහු මේ වන විටත් එම ගුප්ත කොලුවා ඇසුරේ දියව යමින් සිටියේය.

එය හුදෙක් ප්‍රේමයක්ම නොවීය.එය තුළ කිසිදාක නොනිමෙන ආරක්ෂාවක් ගැබ්ව තිබිණ.කිසිවෙකුත් කිසිවෙකුගෙන් මෙතෙක් නොලද සෙනෙහසක් ගැබ්ව තිබිණ.ඔහුගේ රුව දුටින වාරයක් පාසා ඉහළ නැංවෙන නුරාගික මෙන්ම රාගික ආශාවක් ගැබ්ව තිබිණ.කිසිවෙකුත් ඉදිරියේ නොසැලුනු ඔහුගේ සිත රුද්‍රාර ඉදිරියේ බොළඳ වෙමින් පැවැත්නේය.

වෘකයෙකු සිය ජීවිත කාලයටම එකම සහකරුවෙකුට ප්‍රේම කරන්නාක් මෙන් සිය සහකරුවාගේ සතුට ඔහුගේත් සතුටම වනවාක් මෙන්,ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් සිය දිවි පිදීමට හෝ සූදානම්ව සිටින්නාක් මෙන් රුද්‍රාර මේ වන විට ධ්වජේශ්වර ගේ පරිභ්‍රමණ ලක්ෂය බවට පත්ව සිටියේය.ධ්වජේශ්වර හට රුද්‍රාර සෑම විටෙකම හදට සැනසුමක් මෙන්ම නෙතට රසඳුනක්ම වීය.

_______________________________________

දිනක් තිස්සේ තමාට දැනෙන නොසන්සුන්කාරී බව කුමක්දැයි රුද්‍රාර කල්පනාවට නැගුවේ සන්ධ්‍යා දේශනයට පිය නගනාතරතුරය.උදෑසන දේශනය අවසානයේ පැමිණ ධ්වජේජේශ්වරගේ ඇප උපස්ථාන වලට කැපවීමෙන් පසු ඔහු සන්ධ්‍යා දේශනයට යමින් හුන්නේය.වෙනදා මෙන් නොව ධ්වජේශ්වර ඇසුරේ සිටි දින කිහිපය තුළ රුද්‍රාර හට එකඳු දේශනයක්වද මගහැරීමට ධ්වජේශ්වර ඉඩ තැබුවේ නැත.දේශනය සහභාගී වී නැවත පැමිණීමෙන් අනතුරුවද ඔහු දේශනයේදී අධ්‍යාපනය ලද දෑ පිළිබඳ සොයා බැලූ ධ්වජේශ්වර නිසායෙන් ඔවුන් අතර දින කිහිපයකදීම වදන් හුවමාරු වීම් මෙන්ම ගැටුම් ඇති වූවද පසුබැස්සේ නම් ධ්වජේශ්වර නොවේ.අවසානයේ ධ්වජේශ්වරගේ ආධිපත්‍යමය හැසිරීම් හා පළිගන්නා සුලු දඬුවම් හමුවේ මුව වසා ඔහු පවසන්නකට එකඟ වීමට රුද්‍රාර හට සිදු වී තිබිණ.මේ සියලුම ඉවසීම් සිය රාජකාරිය සිදු කොට මෙයින් පිටත්ව යන තෙක් පමණක් යැයි සිතා සිය සිත සනසාගත් රුද්‍රාර මේ වන විට බුම්මා ගත් වතින් වුවද ධ්වජේශ්වරගේ වදනට තරමක් දුරට කීකරු වී සිටියේය.

වටා පිටාවේ ඇස ගැසෙන සෑම තන්හිම පීරා බැලුවද ඔහුගේ සිත සොයනා දෙය සොයාගත නොහී ඉපදුනු සංශයකාරී සිත තව දුරටත් ඔහු නොසංසුන් කරවමින් පැවතිණ.

එය යමක ඉවක් වැනි වීය.කවරෙකුගේ හෝ අවධානයක් දිනය මුලුල්ලේම තමා සමග ගමන් කරන්නාක් වැනි විය.දැනුනේද යහපතක පෙර නිමිත්තක් නම් නොවේ.

ඔහු එම හැඟීම සිතෙන් අතුගා දැමීමට වරින් වර උත්සාහ කළද.…නොවේ.…..එය ඔහුගේ හේමලයා වන්වම ඔහු පසු පසින් පැමිණෙමින් තිබිණ.

මෙවැන්නක් සිදුවිය හැකි බව ඔහු දැන හුන්නේ රක්තභීමයෙන් පිටත්ව මෙහි පැමිණීමට ගමනාරම්භ කළ මොහොතේ සිටමය.තමාට අනතුරක ඉව දැනෙනුයේ දිනක සිටය.එහි තේරුම තමා ළඟක සිට නිරීක්ෂණයකට භාජනය වෙමින් පැවති බවයි.නමුත් ඒ දෑස දුරින් සිට තමා දෙස බලා සිටියේ කවදාක සිටදැයි යන්න මනසට පැමිණෙන විට ඔහුගේ ගත කිළිපොලා ගොස් තිබිණ.ඔහුගේ සුරත ළය මඩළ වෙත ගියේ ඒ සිතුවිල්ලත් සමගම මන්ත්‍රාවගේ ශාපය එහි දැවෙන්නට ගත් නිසාවෙනි.ඔහු සිතුවිල්ලෙන් ඇයට එරෙහි වූවාට ඔහුගේ සිතේ පසුතැවිල්ලක් හටගෙන තිබිණ.ඔහු ඔහුගේ පෞද්ගලික හැඟුමන් වලට ඉඩක් ලබා දී තිබිණ.ඔහුගේ වගකීම විනාශ වී යා හැකි ආකාරයේ සිතුවිලි වලට ඔහු ඉඩ ලබා දී තිබිණ.මෙතෙක්ම,ඔහු යමෙකුගේ නිරීක්ෂණයට භාජනය කෙරෙනා බැවු දැනෙන තෙක්ම ඔහු සිය වගකීම දෙවෙනි කොට සලකා අන් අයෙකුගේ අවධානය බලාපොරොත්තුව හිඳ තිබිණ.ඉතින් මන්ත්‍රාවට එරෙහි වීමේ ඔහුගේ පසුතැවිල්ල ත්‍රිත්ව සලකුණු ශාපය ක්‍රියාත්මක කිරීම ආරම්භ කොට තිබිණ.

ඔහු සිය සිතුවිලි සීමා කොට ගැනීමට උත්සාහ ගත්තේය.දෙනෝදහසක් ගැවසෙන මෙහි තමාට මෙය අත්වීමට ඉඩ ලබා දිය නොහැකිය.වේදනාව ක්‍රමයෙන් තීව්‍ර වීමට ආරම්භ වද්දී ඔහු සිය දෑස් තරව වසාගෙන සිය මනසේ ඇති පසුතැවුම් සමනය කොට ගැනීමට පුරුදු ලෙසින් නමුත් එයින් ඵල නොවන බව දැන දැනම වෙහෙසුනේය.සිත එක් එල්ලයක් කෙරේ සමාධිගත කොට ගැනීමට වෙහෙසුනේය.නමුත් ක්‍රමයෙන් තීව්‍ර වන වේදනාව ඔහුට ඒ සඳහා බලපෑම් කරනු ලබද්දී සියලුම උත්සාහයන් පසෙකට දමා තමාගේ වගකීමෙන් එපිට යමක්,මන්ත්‍රාවගෙන් එපිට යමක් පිළිබඳව මතකයට නැගීමට වෙහෙසුනේය.

මෙහි සිටියදී තමා ආහාරයට ගත් ප්‍රියතම ආහාරයක්?.…..එහි අඩංගු විය හැකි ද්‍රව්‍ය.……එහි රසය.……නොවේ.…..එයින් ඵලක් නැත.…..වේදනාව තීව්‍ර වීමේ අඩුවක් නැත......තමා මෙහෙ උගෙන ගත් දැයක්?.…….නොවේ.…තමා මෙහි උගෙන ගත් දේට වඩා ඇඳුරුන්ගේ කෝපයට ලක්වූ වාර ගණන වැඩිය.…….එසේ නම් තමා මෙහි එන අතරතුර දිටි සුන්දර දර්ශනයක්?……එහි ස්වභාවය.…….ස්ථානය.…..භූ දර්ශනය.…….එහි.……….

මාංශ භක්ෂක පක්ෂියෙකු අතින් අත හැරුණු රුධිරය තැවරුණු ගොදුර.…..කුඩා ජල පහරත් සමගම වූ නිම්න භූමිය.……නීල වර්ණයෙන් සැරසී ගල් කුලක් අසල සිටගෙන සිටින රන් වර්ණ තරුණයා.…..තමා දෙසටම යොමු වී ඇති ඔහුගේ දෑස්.……ගැඹුරැති ළිං ජලයකින් පෙනෙන තරු කැටක ඡායාවක් වන් වූ ඔහුගේ දිලෙන දෑසේ දීප්තිය.…..මේ යැයි හැඟීම් හඳුනා ගත නොහැකි ඔහුගේ බැල්ම.….යාන්තමින් ඈත් වී තුබූ ඒ දෙතොලේ රැඳි කුඩා මදහස.…….පිට දිගට ඉහිරී ගිය ඔහුගේ කෙස් වැටිය………දුටු මනතින්ම සිත සසල කිරීමට සමත් වූ ඔහුගේ රන්වන් දේහදාරී සිරුර.……

සිය කොපුල මත වූ ඔහුගේ සුරතේ මෘදු පිරිමැදුම් පහස.……සිහිනෙන් මෙන් ඇසෙන නැළවිලි ගීයක මිමිණුම් හඬ.……සිය නළල් තලයට දැනෙන උණුසුම් මෘදු දෙතොලක පහස……..

දෑස පියා ගැඹුරින් සුසුම් හෙලමින් සිටි රුද්‍රාරගේ හදගැස්ම සාමාන්‍ය වෙමින් පැවතිණ.උඩු කය සලුවෙන් වැසී ඔහුගේ ළය මසට කාවදිමින් තුබූ සලකුණේ ගැඹුර කෙමෙන් කෙමෙන් අවම වෙමින් පැවතිණ.මිට මෙලවී ඔහුගේ ළයට තදව ගොස් තුබූ සුරතේ ග්‍රහණය කෙමෙන් මෘදු වෙමින් පැවතිණ.ඉතින් ඔහු යළිත් සාමාන්‍ය වෙමින් හුන්නේය.සුවදායක උණුසුමකින් ඔහුගේ හදම පිරී යද්දී මෙතුවක් හද වසාගෙන හුන් අඳුරු සෙවණැලි ඔහු හැර දමා යන්නට ගොසින් තිබිණ.හද පුරා පැතිරෙන ආරක්ෂාකාරී බව ඔහුගේ මනස සංසුන් කරවද්දී සීතලෙන් මිදී සිටි රැයක මධ්‍යයේ තොලගෑ උණුසුම් මධු බඳුනක රසයක් මෙන් ඔහුගේ සිරුර පවා උණුසුම් ව ගොස් තිබිණ.

වේදනාව නතරව ගොස් තිබිණ.ඔහු කයින් මෙන්ම මනසින්ද සැහැල්ලු වී සිටියේය.ඔහුගේ හද තුළ තවත් පසුතැවීම් තුබුනේ නැත.එනිසාවෙන්ම ශාපයේ ක්‍රියාකාරීත්වය අඩපණව ගොස් තිබිණ.

රුද්‍රාර සෙමෙන් සිය දෑස් හැරියේය.ඔහු තවමත් වේදනාව දැනෙන්නට ආරම්භ වද්දී හුන් ස්ථානයේම දෙපයින්  සිටගෙන සිටියේය.නමුත් කිසිඳු වේදනාවකින් හෝ කිසිඳු බියකින් හෝ තොරවමය.එය කිසි දිනෙක සිදුවූවක් නොවීය.ශාප ලත් දිනයේ සිටම පසුතැවීමක් ඇසුරින් දැනෙන ශාපයේ වේදනාව තමා උගත් සියලුම මානසික අභ්‍යාසයන්හී උපකාරයෙන් තුනී කොට ගැනීමට උත්සාහ දැරුවද අද දින මෙන් කෙදිනක වත් මදකින් වද එය අවම වී ගියේ නැත.

එය එසේ වීමට හේතුව කුමක්ද.…මනස එක්තැන් කරගැනීමට ගත් වෙහෙස ව්‍යර්ථව ගොස් අවසානයේ තමා වෙනතක් වෙත සිත යෙදවීමට ගත් උත්සාහය මතකය.තමා සිතුවේ කුමක් පිළිබඳවද.….ප්‍රථමව මෙහිදී ගත් ආහාර පිළිබඳව සිතුවා මතකය.එය සාර්ථක නොවූ තැන මෙහිදී උගත් දේශනයන් හට සිත යෙදවූවා මතකය.එයින්ද කිසිඳු ප්‍රථිපලයක් අත් නොවූ තැන රක්තභීමයේ සිට මෙහි එන අතරමග දුටු දැයක් පිළිබඳව සිතීමට සිත යෙදවූවා මතකය.ඒ පිළිබඳව සිතද්දීද ප්‍රථමව සිතට නැගුනේ තමා විවේක ගන්නට රැඳුණු ජල පහරක් සහිත කුඩා නිම්න භූමියයි.එහි සිටි.………

රුද්‍රාරගේ දෑස් විසල් විය.එහි සිටියේ සූර්යවාර බව ඔහුට මතකය.එතැන් සිට සිය වේදනාව පහව යන තෙක් තමා සිත රැඳුනේ සූර්යවාරම පමණක් බැව් ඔහුගේ මතකයේ තිබිණ.වේදනාව පහව යාමට ආරම්භ වූයේ නිම්න භූමියේ සිටි තැනැත්තා පිළිබඳ මතකය මදින් මද ඔඩුදුවද්දී බවත් මතකය.නමුත් එහිත් මන්ත්‍රාවගේ ශාපයේ ක්‍රියාකාරීත්වයේත් ඇති සම්බන්ධය කුමක්ද.……..මන්ත්‍රාව ඇය සිදුකරන යමක් පිළිබඳව නිශ්චිතවම දැන සිදු කරන අයෙකි.ඇය අතින් එහි හිඩැසක් කෙසේවත්ම මගහැරෙන්නට ඉඩක් නැත.අනික ඇය පුරුදු වීමට ශාප කළාද නොවේ.තමාවත් නොදන්නා ඇගේ දිගු ජීවිත කාලයේ සෑම මොහොතක්ම ඇය අඳුරු මායාව ප්‍රගුණ කොට හුන්නාය.ත්‍රිත්ව සලකුණු ශාපයෙන් තමාව සලකුණු කිරීමේ ක්‍රියාවලිය පුරාවටම පුරා තෙදිනක් එක දිගට වේදනාව ඉවසා ගත නොහැකිව තමා නැගූ වේදනාත්මක කෑ ගැසීම්,වැලපීම් තෘප්තිමත් කෲර සිනාවකින් ඉවසා හුන් ඇගේ වතේ වූ පෙනුම එයට සාක්ෂි ලෑවේය.ඉතින් මෙය නම් ප්‍රාතිහාර්‍යයක්මය.

තමා වේදනාවෙන් මිදවීමට හේතු වූයේ එම සිතුවිලි දාමයේ කුමන කොටසද යන්න රුද්‍රාර සිතුවේය.එයට හේතු වූයේ තැනිතලාව පිළිබඳ චිත්ත රූපයද.…නොඑසේ නම් ජල පහර….?එසේත් නැතිනම් ගොදුරු වූ පක්ෂියාගේ මළකුණ.…..?

එසේත් නැතිනම්.……ඔහු.…..
රුද්‍රාර සුසුමක් හෙලුවේය.


"රුද්‍රාර අයියණ්ඩී.…….!"

ඒ නම් සරයුම වග රුද්‍රාර දැන හුන්නේය.

"මෙහි තනිවම සිට කුමක්ද සිදු කරන්නේ...……"


රුද්‍රර හැරී ඔවුන් දෙදෙන දෙසට නෙත් හෙලුවේය.සරයු සිය ඇවිදීමත් දිවීමත් නොවන උඩ පැනීමකට සමාන වූ කෙළිලොල් ගමනින් රුද්‍රාර වෙත ළඟා විය.ඔහුගේ වතේ විමතියකි.

"ඔබ.……
ඔබේ වත.……"


සරයුගේ විස්මය දෑස් සිය වත මත නැවතී ඇති බැවු දැනුනු රුද්‍රාර ඔහු දෙස බලාගත්වනම සිය වත අතගා බැලුවේ කුහුලිනි.……

"කුමක්ද සිදුව ඇත්තේ.…….?"

"එය ………."

"සූර්යවාර ඇඳුරුන්ගේ කසාය තම්බමින් සිට මෙහි පැමිණියේ.….දැලි පහර තිබේද.….."

රුද්‍රාර නැවත විමසුවේ සුරතින් මුහුණ පිසීම කෙරෙහි අවධානය යොමමිනි.

"දැලි පහරක් නොවේ.…..මන්ද මෙතරම් වත රත්පැහැ ගැන්වී.…….."


මෙතෙක් කුහුලින් ඔහු දෙස බලා හුන් සරයු එවර සුරතින් මුව වසාගෙන සිනහසුනි.වායු මෙන්ම රුද්‍රාරද ඔහු දෙසට නෙත් හෙලුවේ නොරිස්සුමෙනි.

"හිරු රැසින් රත් පැහැ වූවා නොහැකී.….දැනටමත් හිරු අවරට යන්නට පටන් ගෙනනේ.….එ..ක.…ම.…හේ...තු.…ව.…..

හී..හ්.…  හීහ්.……"


හුස්මක් නොගෙන කියවාන ගිය සරයු රුද්‍රාර වටා වටයක් කරකැවුනේ ඔහු දෙසට තවමත් නොසැඟවී ගිය සිනහවෙන් යුතුවමය.


"නුඹ මෙතැන මුල් ඇද ගොස් සිටි වෘක්ෂයක් මෙන් සිටගෙන සිතුවේ.…..නුඹේ.……ආලවන්තිය පිළිබඳව නොවේද.….ඉහී.……හික්.….."

රුද්‍රාර උතුර දකුණ මාරු වී හුන්නේය.

"කුමන ආලවන්තියක්ද.……?"

"මෙහි පැමිණෙන්නට පෙර නුඹේ නිවස තිබෙන ග්‍රාමයේ තනිකර පැමිණි ආලවන්තිය පිළිබඳ නොවේද.……සිහි වූවාද නුඹලා දෙදෙනා බැදි ගානේ හක්මන් කරමින් මිමිණූ පෙම් බස්.…?ඇගේ මෘදු සිපුම්.…..?එවිට………..එවිට.………තව.……….ආවුහ්.……."


වායුගේ සුපුරුදු සුරත් පහර සරයුගේ හිස සිපගෙන තිබිණ.රුද්‍රාරගේ මුව සිනහවක් ඇඳී ගොස් තිබිණ.එය සිය පෙම්වතිය සිහියට නැගී නැගුණු ආලවන්ත සිනහවක් යැයි සරයු සිතුවද……….එසේ නොවේ.…….

තමාගේ යැයි කීමට මවක් පියෙක් ගෙයක් දොරක්වද නැති තමාහට,මෙම රාජ්‍යයේ එකඳු ග්‍රාමයකටවද අයත් නොමැති තමා හට පෙම්වතියක් යනුවෙන් අදහස් කරන අයෙක් සිටිනුයේ කෙසේද.………එසේ සිහිව රුද්‍රාරගේ මුව අසරණ සිනහවක වෙලී තුබුණේ සරයු හට තමා ගෙවූ දිවිය පිළිබඳ කුඩා හෝ වැටහීමක් තිබේ නම් ඔහු මේ අයුරින් තමා හා දොඩනවා තබා තමා සිටන පළාතකටවත් නොඑන බව සිතද්දීය.කවදාක හෝ තමා කවරෙක්දැයි දැන ගතහොත් සරයු සිය මුහුණ දෙස හෝ බැලීම ප්‍රතික්ෂේප කරනවා ඇත.තමා සිටින දිශාවකට පවා ශාප කරනු ඇත.එසේ වුවද තමාට ඔහු හට වරදක් කිව නොහැකිය.තමා කෙළෙසුන අයෙකි.මුළු ජීවිතය පුරාවටම ආත්මයෙන් පවා කෙළෙසුන අයෙකි.සාමාන්‍ය මිනිසෙකුට සිතාගත වත් නොහැකි ආකාරයේ වධ බන්ධනයන්ගෙන් කෙළෙසුන අයෙකි.ඉතින් ඔහුගේ සිනහව ඒ මොහොතට සරිලන වෙනත් කිසිවක් කරගනු නොහී නැගුණු අසරණ සිනහවක්ම විය.

"ආ...වු අයියණ්ඩී.…..මුසාවක්ද ඉදින් මා පැවසුවේ.…..රුද්‍රාර අයියණ්ඩීගේ වත දෙසම බලන්ටකෝ.…..සිනාවක රඟ.…….නිසැකයෙන්ම මා නිවැරදී.…….ආලවන්තිය සිහිව තමා ඔය මනමාල සිනහ පාන්නේ.……"

"මෙහෙ වර යන්ට.……නොදැනුවත් මගුල් කියවනවාට.……."


"ඌහ්.….වා.…….වේදනයිනේ.……අත..අත.…ආහ්.….අතාරින්ටකෝ අයියණ්ඩී.……"

පෙම්වන්ත සිනහවකැයි සරයු විසින් වරදවා වටහා ගත් රුද්‍රාරගේ අසරණ සිනහව පොළොවට යොමු වද්දී තෙමේද සරයුගේ සුරතින් ඇදගෙන යන වායුගේ පසුපසින් දේශන ශාලාව වෙත ගෑටුවේය.

_____________________________________

කිසිඳු හැලහොල්මනක් නොමැතිව තවත් දින කිහිපයක් ඉක්මව ගියේ තමාගේ පියවරක් පාසා තමා යමෙකුගේ නිරීක්ෂණයට ලක් වන බවට රුද්‍රාරගේ ඉව සනාථ කරමිනි.එසේ සිටින්නා කවුරුන්දැයි ඔහුගේ අරමුණ කුමක්දැයි නිශ්චිතවම දැන සිටි හෙයින් ඔහු ඒ පිළිබඳව දන්නා බැවු රුද්‍රාර හැඟවීමට ගියේ නැත.ඒ හැරත් තමා ලැබූ පුහුණුවේ ආකාරය හොඳින්ම දත් අයෙකු වූ ඔහු තමා දැනටමත් ඔහුගේ පෙනී සිටීම දන්නා බව දැන ගත යුතුමය.ඉතින් ඔහු සිය අභිමුවට පැමිණෙන මොහොතක් වන තෙක් රුද්‍රාර ඉවසීමෙන් බලා සිටියද මෙලෙස නිරීක්ෂණයට ලක් වීම නිසා ඔහු දිනෙන් දින නොසන්සුන් වෙමින් සිටියේය.

ධ්වජේශ්වරගේ හස්තය හොඳ අතට හැරී තිබිණ.පාදය තවමත් සුව වෙමින් පැවතියද එය පොළවට ගසා කුඩා දුරක් යාමට තරම් එය සුව අතට හැරී තිබිණ.එසේ වුවද ධ්වජේශ්වර රුද්‍රාර තමා සමීපයේ තබා ගැනීමට වෙනත් උපායන් මේ වන විටත් යොදවා තිබිණ.ඔහුගේ උපදේශයන් යටතේ ඔහුගේ සියලුම දේශන සැලසුම් රුද්‍රාර අතින් සැකසෙමින් පැවතිණ.සුව්‍යාධී ශාලාවේ ගබඩාවේ තැබීමට නියමිත ඔසු මිශ්‍ර කිරීම්,ඔසු සැකසීම් වැනි සියළුම කර්ත්ව්‍යයන් ඔහු සුව්‍යාධී ඇඳුරු කුටියේ සිට කරමින් සිටියේය.එමෙන්ම ඔහුගේ කුටියේ සියළුම පිළිසකර කිරීම් සහ අස් පස් කිරීම් සියල්ලක්ම ඔහු රුද්‍රාර හට පැවරුවේය.එපමණක් නොවේ.….මේ දින වල ඔහුට නිතරම මේඝාභය සෘෂි හමුවීමය යාමට අවශ්‍ය වූ අතර එයට රැයක් දවාලක් නොවීය.පාදය පොළවේ ගසා එපමණ දුරක් ඇවිදිය නොහැකි වූ බැවින් ඔහුට රුද්‍රාර ගේ උපකාරය නිසැකයෙන්ම අවශ්‍යව තිබිණ.මේඝාභය සෘෂි ගේ අධ්‍යන කුටියට වන්ව මිනිත්තු කිහිපයක් ඔහු සමග රහසින් කුටු කුටු නගන ධ්වජේශ්වර නැවත අනෙක් අතට රුද්‍රාරට බරව සිය කුටියට ඇවිද යයි.සුව්‍යාධී ඇඳුරු කුටියේ සිට ෂෘෂි නිවසට යාමට අඩ හෝරාවකටත් වඩා ඔහුගේ ආබාධිත පාදයත් සමග රුද්‍රාරට බරව කොර ගැසීමට සිදු වුවද ඔහු සෘෂි නිවසේ රැඳෙන්නේ මිනිත්තු දහයකටත් අවම කාලයකි.නැවත අනෙක් අතට කොර ගසමින් අඩ හෝරාවක් ගත කරන ඔහු රාත්‍රී බෝ වී ඇති හෙයින් රුද්‍රාරට සිය කුටියේම රැය පහන් කිරීමට අණ කරයි.හෝරාවකටත් වැඩි කාලයක් පුරා ඔහුගේ සිරුර සමග ඔට්ටු වන රුද්‍රාර වෙහෙසටම වැටෙන තැනෙක නින්දට යයි.ඉතින් මේ වන විටත් නේවාසිකාගාරය රුද්‍රාරගේ මතකයෙන් ඈත් වී තිබීම විස්මයට කරුණක් නොවේ.

ඉතින් මෙයින් සිදු වූයේ දේශනයන්ට සහභාගී වන කාලය තුළ හැරෙන්නට අනෙක් සියලුම කාලය ඔහු ධ්වජේශ්වර ඇසුරේ ගත කිරීමට සිදු වීමය.ඔහු නිරීක්ෂණය ට ලක් වන විට ඔහු විශේෂයෙන් ම නොසන්සුන්ව ගොස් සිටියේ මේ නිසාමය.

තමා කරබා සිටියද සූර්යවාර හැසිරෙන්නේ ඔහුට රිසි අයුරිනි.මේ වන විටත් ඔහු තමා ඔහුගේ පෞද්ගලික වස්තුවක් ලෙසින් සලකා ඇති අතර ඔහු බොහෝ විට ඔහුගේ හැසිරීමෙන්ද එය පෙන්නුම් කරයි.රාත්‍රියේ තමා නින්දත් නොනින්දත් අතර සිටින සෑම දිනෙකම මෙන් ඔහුගේ දෙතොලෙහි උණුසුම රුද්‍රාර ගේ නළල් තලයට දැනී තුබූ අතර එය දැනී නිද්‍රාමතෙන්ම දෑස් විවර කොට ගැනීමට දැඟලුවද ඒ සමගම ඔහු නිද්‍රාවෙන් බර කරමින් මත් කරවන සුළු මෘදු හිස පිරිමැදීමක් සමග අමුතු ස්වරයකින් ඇසෙන සුපුරුදු නැලවිලි ගීයේ මිමිණුමද ඔහුට සිහින අතරින් ඇසෙමින් තිබිණ.

එපමණක් නොවේ,සෘෂි නිවසට යනෙන අතරතුර ඔහුගේ හැසිරීමද ඔහුට අවශ්‍ය පරිදිම විය.රුද්‍රාරගේ සිරුරට බරව සිටින ධ්වජේශ්වරගේ බැල්ම බොහෝ විට තමා වෙතට යොමුව තිබෙන බවට රුද්‍රාර දැන සිටියේය.එමෙන්ම සිය කර වටා තිබෙන ඔහුගේ හස්තයෙන් ලැබෙන කුඩා පිරිමැදුම් නොදැනිමට තරම් රුද්‍රාර අසංවේදී අයෙක් නොවීය.එවන් අවස්ථාවක සිය කොපුල් දැවෙන අයුරක් දැනී සිරුර උණුසුම් වනු ඔහුට දැනුනද හිස එසවීමකින් හෝ ප්‍රතිචාර දැක්වූයේ ඔහු නොවේ.එවන් විටෙක තමා දෙසට බැල්ම හෙලාගෙන සිටින ඔහු තමාගේ රහසක් නිරාවරණය කොට ගත්තාක් මෙන් සිහින්ව සිනාසෙන බවද රුද්‍රාර දැන් දැන් දකිමින් සිටියේය.

ඉතින් මේ සියල්ලක්ම නිසා රුද්‍රාර වද වෙමින් සිටියේ ඔහුගේ නිරීක්ෂකයා කෙරෙහිය.සංශයක් ඇති වීමේ සම්භාවිතාව ඉතා කුඩා වන්නේ තමන් දෙදෙනාම පුරුෂයන් නිසාවෙනි.අනෙක් අතට තමා මකර සලකුණ දරන්නා වෙත හැකි තාක් ළංවිය යුතු බවට උපදෙස් දුන්නේද මන්ත්‍රාවමය.නමුත් නොහැකි වීත් තමාට වද නොදැනෙන තමාගේ හැසිරීමේ වෙනසක් ඔහු අතින් මන්ත්‍රාව වෙත වාර්තා වුවහොත් තමා ඇගේ වසර ගණනාවක වෙහෙසකාරී උත්සාහයක නිර්මාණයක් වුවද ඇය අතින් තමාට විඳින්නට සිදුවන වේදනාව නිමක් නොවන බව රුද්‍රාර දැන සිටියේය.

_____________________________________

කෝමෙයි පැටවු......😍

ඔන්න ඔයාලට හිතන්න දෙයක් දෙන්නයි යන්නෙ.

☘️රුද්‍රාර කියන්නෙ කවුද කියන එක ගැන පොඩ්ඩක් හිතල බලන්න.රුද්‍රාර ගැන ධ්වජේශ්වරවත් නොදන්න දේවල් ඔයාල දැන් දන්නව උනාට එයා ඇත්තටම කවුද කියල මම තාම වචනෙන් කියල නෑ.ඒත් ඔයාලට ඒක හිතන්න පුලුවන් වෙන විදිහට ඉඟි දීල තියෙනවා.කතාව මුල ඉඳන් කියවපු කෙනෙක්ට සමහර විට එයා කවුද කියල හිතා ගන්න පුලුවන් වෙයි.චුට්ටක් ට්‍රයි කරන්නකො,

☘️අනිත් එක,එදා රුද්‍රාර සේණියගෙ ලාඩම් ගලවපු දවසෙ කෙනෙක් හොරෙන් බලන් හිටියා කියල මම කිව්වනෙ,සේණියාගෙ ඇඟට ලාටු හැලුවෙත් එයාම තමා කියල හිතන්න පුලුවන්.අන්න ඒ කෙනා කවුද කියලත් හිතන්නකො,එයා දැනටම කතාවෙ ඉන්න කෙනෙක්.

හිතල මට කියන්න හරිද,බලමු කවුද  හරියටම කියන්නෙ කියල.😁


ඔයාලගෙ හැම වෝට් එකකටම ,කමෙන්ට් එකකටම වගේම කතාව කියවනවටත් ගොඩාක් ස්තූතියි.❤

Continue Reading

You'll Also Like

211K 22.1K 103
ဘာသာပြန်သူ - စွဲညို့အသင်း
1.9M 337K 200
I Became A Virtuous Wife And Loving Mother In Another Cultivation World Original Title - 贤妻良母 (xiánqī-liángmǔ) Original Author - 金元宝 (jīn yuánbǎo) En...
35.7K 4.7K 46
නුඹෙන් මං... විඳිමි හැඟුමන්... මා හද නිවාලනා ! ❤️
5.3K 1.3K 20
I'm missing you Waiting for you My heart is headed toward you I'm missing you Waiting for you Again today, I'm waiting for you Start- 29/06/2022 End...