THE NIGHT OF THE BLOOD 🍁 ✔️

_Calypzo_ द्वारा

8.4K 1.9K 442

-වර්ෂ 1522- ඉදිරිය පිළිබදව... 2022 හෙවත් මෙම වසරේ සිට ඉදිරි වර්ෂ 500කට පසුව එලබෙන වසරේදී ශ්වේත සෙන්පත... अधिक

🍁___00___🍁
🍁___01___🍁
🍁___02___🍁
🍁___03___🍁
🍁___04___🍁
🍁___05___🍁
🍁___06___🍁
🍁___07___🍁
🍁___08___🍁
🍁___09___🍁
🍁___10___🍁
🍁___11___🍁
🍁___12___🍁
🍁___13___🍁
🍁___14___🍁
🍁___15___🍁
🍁___16___🍁
🍁___17___🍁
🍁___18___🍁
🍁___19___🍁
🍁___20___🍁
🍁___21___🍁
🍁___22___🍁
🍁___24___🍁
🍁___25___🍁
🍁___26___🍁
🍁___27___🍁
🍁___28___🍁
🍁___29___🍁
🍁___30___🍁
🍁___31___🍁
🍁___32___🍁
🍁___33___🍁
🍁___34___🍁
🍁___35___🍁
🍁___36___🍁
🍁___37___🍁
🍁___38___🍁
🍁___39___🍁
🍁___40___🍁
🍁___41___🍁
🍁___42___🍁
🍁___43___🍁
🍁___44___🍁
🍁___45___🍁
🍁___46___🍁
🍁___A/N___🍁
🍁___A/N___🍁

🍁___23___🍁

154 43 14
_Calypzo_ द्वारा

_SUGA'S VIEW_
_@HIS MANSION_
_AUTHOR POV_

"සියල්ලම හොදින් සිදුවනවා යැයි නිසැකවම කිව නොහැක...නමුත් රැජින හට වීමට තිබෙන බාධාවන් බොහෝමය...

එතුමිය හා එතුමියගේ ආත්ම සහකරු වන ශ්වේත සෙන්පතිවරුන්ගේ සේම මුලු අධිරාජධානියට අධිපති එතුමිය සමගින් නොවෙනස්ව සිටිනු ඇත...

ඒ කෙසේ වෙතත් රජු හට ඉතා සැලකිල්ලෙන් කටයුතු කිරීමට සිදු වේ...රැජිනගේ ආරක්ෂාව තහවුරු කරගැනීමට මහත් වෙහෙසක් දැරීමට සිදු වනු ඇත...

එසේම රජුට රැජිනට අමතරව තවත් දෙයක් රාජාභිශේකය සදහා වුවමනා වේ...එය මෙතෙක් රාජ්‍ය කල පාලකයන් පරම්පරාගතව භාවිතා කල කිරුළ සහ අසිපතයි...

ඒ සියල්ල තමන් සතු කරගත් පසුව එතුමන් හට ලැබෙන බලයන් තවත් අධික ලැබෙන්නේය..."

"ඔහ්!! ආශ්...අනේ මංදා...මේක කියවනකොට මගේ ඔලුවේ නැති ප්‍රශ්නත් ඇති වෙලා මොලේට සමනල් ගැටේත් වැටෙනවා..."

Suga තමන්ගේ අතේ තිබ්බ පුරාවෘත්ත පොත මේසේ උඩින් තිබ්බා...එයා අද තමයි ආපහු පොත අතට ගත්තේ කියවන්න...

ඒකේ තියෙන හැටියට රැජිනට අමතරව කඩුවයි ඔටුන්නයි දෙකත් ඕනි රජු වෙනවනම්...

"අයියෝ...මොන මගුලක්ද අප්පා...මං හිතුවේ රැජින විතරයි කියලා...ශිට්..!!"

Suga හයියෙන් මේසෙට පාරක් ගහන ගමන් කිව්වා...

"අසිපත සහ කිරුළ සොයා ගැන්මටත් ප්‍රථම රැජිනගේ අයිතිය තමන් සතු කරගැනීම අත්‍යාවශ්‍ය වේ...

ඒ මන්ද යත්...
රජුට රාජ්‍යයත්වය ලබා ගැනීමටම පමණක් නොව රාජ්‍ය අසිපත සහ කිරුළ ලබා ගැනීමටද එතුමිය අවශ්‍ය වනු ඇත.."

"ඔම්මාහ්...දෙයියනේ..ඒ කියන්නේ black worriresලට කලින් මං මගේ මේට්ව හොයාගන්න ඕනි...බැරිවෙලාවත් එයාලා දැන ගෙන නම්...මං මොකද කරන්නේ..."

Suga එහෙම හිතන ගමන් ආපහු පොතට එබුණා..

"රජුට තමන්ගේ සහකාරිය සොයාගැනීමට ඇයගෙ සිරුරෙන් වහනය වන අධික සුවද සහ එතුමියගේ සිරුරේ ඇති යම් සලකුණක් උපකාරි වේ...

එය සොයාගත යුත්තේ රජු විසින්මය...එය රජුගේම කාර්යයක්මය..."

"යාහ්හ්හ්හ්හ්හ්...මේ පොත ලිව්ව එකා හිටිය නම් මං මරාගෙන කනවා...හරියට කියපන්කෝ හොයාගන්න හැටි..."

Suga කේන්තියෙන් කියන ගමන් පොතත් වහලා කාමරේ එහෙට මෙහෙට ඇවිදින්න ගත්තේ කරන්න ඕනි දේ මොකක්ද කියලා හිතාගන්න අමාරු නිසා...

"ආරස්සෝ...ඉයුන්ගෙන් මට ආවේ අමුතුම මත් වෙන සුවදක්...ඒක වෙන කෙනෙක්ගෙන් දැනුනෙම නෑනේ මට...එතකොට මට තියෙන්නේ එයාගේ මොකක් හරි මාර්ක් එකක් තියේද කියලා...ඒත් ඒ මාර්ක් එක මොන වගේ එකක්ද?"

Suga ටික වෙලාවක් කල්පනා කරලා ආපහු පොත අතට ගත්තා...කොහෙන් ගියත් ඉතින් ඒ පොතෙන් නේ හොයාගන්න දේ ගැන තොරතුරක් තියෙන්නේ...

"එතුමියගේ සිරුරේ පවතින සලකුණ රජුගේද එලෙසම පවති...
එහෙත් එය පවතින ස්ථානය වෙනස් විය හැක...
එම සලකුණින් තමන්ගේ රැජින තහවුරු කරගැනීමට හැකියාව ලැබෙනු ඇත..."


"මොකක් කිව්වා...ඈ...ඒ කියන්නේ මගේ ඇගෙත් ඒම සලකුණක් තියෙනවද? මොකක්ද සලකුණ..ම්ම්ම්ම්...හරි බලමු..."

Suga එහෙම කියන ගමන් කණ්ණාඩිය ගාවට ගිහින් ඇදගෙන හිටපු ටී ශර්ට් එක ගැලෙව්වා...හතර වටේට හැරි හැරි බැලුවේ තමන්ගේ ඇගේ තියෙන මාර්ක් එක මොකද්ද කියලා...

"ඕහ්...!! මේ මොකක්ද...?"

හැරි හැරි බලන වෙලාවේ තමා එයා දැක්කේ දකුණු උරහිසට පොඩ්ඩක් පහලින් පිටේ අමුතු මාර්ක් එකක් තියෙනවා...ඒක නිකන් ටැටූ එකක් වගේ...

"මේ මාර්ක් එක ලොකු උනේ කොහොමද...බැරිවෙලාවත් මේකද කියපු මාර්ක් එක..."

ඒ මාර්ක් එක sugaගේ ඇගේ තිබුණා ඉස්සර ඉදන්...එයා පොඩි කාලේ ඔය මාර්ක් එක එච්චර ලොකුවට තිබුණේ නෑ...පරිවර්තනය වුනු දවසේ ටිකක් මාර්ක් එක වෙනස් වුනා...දැන් එයාගේ මේට් එයා ගාවට ඇවිත් තියෙන නිසා තවත් මාර්ක් එක වෙනස් වෙලා තියෙන්නෙ...

"ඕහ්...ඒ කියන්නේ මේක තමා ඒ මාර්ක් එක...එතකොට මගේ මේට්ගේ ඇගෙත් මේකම තියෙනවා..."

Suga ඇස් දෙකත් ලොකු කරගෙන කණ්ණාඩියෙන් තමන්ගෙ පිට දිහා බලාගෙනම කිව්වා...

"ඒත් මෝඩයෝ...මං කොහොමද ඒක හොයන්නේ...!!!"

Suga ඔලුවේ අත ගහගත්තේ මේක කරන්න ගිහින් ඉයුන්ට බලහත්කාරකමක් කරන්න ගියා වගේ වෙයිද කියලා...

ඔව් ඉතින් කෙල්ලත් ලේසි කෙනෙක් නෙවේ නේ...රණ්ඩු කෙක්කක්නේ...අනිත් එක suga දැන් හොදටම දන්නවා ඉයුන් ඉස්සරහා එයාගේ හැගීම් පාලනය කරගන්න එයාට ගොඩක් අමාරුයි කියලා...

"කරන්න දෙයක් නෑ...කරන්නම වෙනවා...නැත්තන් වෙන කෙනෙක්ද දන්නෑනේ...ඒත් එයා උනොත් හොදයි...ඈහ්...ආශ්!!! මොනාද මේ කියවන්නේ..."

Suga එහෙම තමන්ටම කියාගත්තා...ඇත්තටම එයා හිත යටින් කැමති උනා ඉයුන් එයාගේ මේට් වෙනවට...ඒත් suga කලේ ඉයුන් කියන්නේ තමන්ගේ සෝල්මේට් කියලා තමන්ගෙම හිත රවට්ට ගත්තු එක...

Sugaගේ වැම්පයර් ආත්මය ඉයුන්ව විතරයි දැන් බලාපොරොත්තු වෙන්නේ...

=============

_@NIGHT_

_EUNHA'S VIEW_
_AUTHOR POV_

"ඉයුන්...ඔයා බය වෙන්න එපා...අපි ඉන්නවනේ..."

ඉයුන් බයවෙලා වගේ සෝහි දිහාත් ජන්ග්කුක් ටේ ජිමින් තුන්දෙනා දිහාත් බලන් හිටියා...

මොනාද මෙතන වෙනවා ඇත්තේ...?

"අයිගෝ නූනා...ඇයි මේ බයවෙලා...ඔයාට අපිව විශ්වාස නැද්ද...??"

ජිමින් ඇවිත් එහෙම අහද්දී ඉයුන් ඔලුව දෙපැත්තට වැනුවේ එහෙම නෙවෙයි කියන්න...

"ආනි...එහෙම නෙවෙ...මං පොඩ්ඩක් කලබල වෙලා ඉන්නේ..."

ඉයුන් එහෙම කියන ගමන් කන්ද පහලට එබිලා බැලුවා...

'අඩේ ඉයුන්...ඔයා පැන්නොත්...හත්තිකේ...මොනා වෙයිද කියලා අඩු ගානේ මටවත් හිතාගන්න බෑ...'

ඉයුන් එහෙම හිතුවා...

ඇත්තටම අද ඉයුන්ගේ වැම්පයර්ව පුරුදු කරන දවස...එයාට කරන්න ඕනි සේරම දේවල් සෝහි, ජන්ග්කුක්, ජිමින් වගේම ටේත් කියලා දුන්නා...හැමදේම වගේ කියලා දුන්නා...

අන්තිමට ඉතුරු එක දෙයයි...
ඒ තමන්ගේ ස්වරූපය වෙනස් කරගෙන කන්ද මුදුන ඉදන් පියාඹන එක...

ඉයුන් ඇත්තටම බය වුනේ පරිවර්තනය වුනත් එයා එවෙලේ ඇරෙන්න කොයි වෙලාවකවත් තමන්ගේ වවුල් ස්වරූපෙට ආවේ නැති එක...බැරි වෙලාවත් වවුල් ස්වරූපෙට ඇවිල්ලා පියාඹන්න බැරි වුනොත් මැරෙන්න තමා වෙන්නේ...

"හරි හරි...මේ අහන්නකෝ ඉයුන්...ඔයා ඉස්සෙල්ලා බලන්න පරිවර්තනය කරගන්න පුලුවන්ද කියලා...
බය වෙන්න එපා...අපි හැමෝම ඉන්නවනේ...ම්ම්.."

සෝහි ඉයුන්ගේ උරහිසින් අතක් තියලා එහෙම කියන ගමන් එයාව දිරිමත් කලා...

"ආරස්සෝ ඔන්නි...මං කරන්නම්.."

ඉයුන් හිතට ධෛර්ය අරගෙන එහෙම කිව්වා...

"අපි ඔයා පස්සෙන්ම එනවා බය වෙන්න එපා හොදද නූනා.."

"හ්ම්..."

ජන්ග්කුක් කියපු දේට උත්තර දුන්න ඉයුන් කන්ද පහලට ආපහු පොඩ්ඩක් එබිලා බලලා ඇස් දෙක පියාගෙන ලොකු හුස්මක් පිටකලේ නොසන්සුන් කම නැති කරගන්න ..

ඇස් පියාගෙනම හිත එකග කරගත්තට පස්සේ ඉයුන් එයාගේ ස්වරූපය වවුලෙක් විදිහට වෙනස් කරගත්තේ හැමෝගෙම මූනුවල හිනාවක් ඇදෙද්දී...

ඉයුන් ඒ මේ අත පියාඹන්න ගත්තා...අනිත් අයත් තම තමන්ගේ ස්වරූපයන් වෙනස් කරගෙන ඉයුන් පස්සේ පියාඹන්න ගත්තා...

ඉයුන්ට ඒක අමුතු අත්දැකීමක් වුනා...නිදහසේ රෑ අහස පුරා සැරිසරනවා...

ඒක බලන්න තවත් කෙනෙක් ඇවිල්ලා හිටියා..එයා මූනේ හිනාවක් රදවගෙන ඉයුන් දිහා බලන් හිටියේ සතුටින්...

හිතුවටත් වඩා ඉක්මනට එයා ඉගෙන ගන්නවා හැමදේම...

ටික වෙලාවක් ඉයුන් සතුටින් පියාඹන්න ගත්තත් එයාට  එකපාරටම දැනුනේ තමන්ගේ ස්වරූපය මිනිස් ස්වරූපයට එන්න හදනවා වගේ...එයා තාම අහසේ පියාඹනවා...

ඉයුන් අහසේ ඉන්දෙද්දිම එයාගේ ස්වරූපය වෙනස් වුනේ වැම්පයර්ගේ ශක්තිය ටිකක් මදි නිසා...

"ආහ්හ්හ්හ්හ්හ්හ්..."

සෝහි, ජන්ග්කුක්, ටේ, ජිමින් දෙන්නා කන්දෙන් පහලට වැටෙන ඉයුන්ගේ පැත්තට පියාඹන්න ගත්තේ බේරගන්න...

ඒත් එකපාරටම ඉයුන් ගාවට ආව තවත් වවුලෙක් ඉයුන්ගේ ටීෂර්ට් එකෙන් අල්ලගෙන උඩට පියෑඹුවා...

කන්ද උඩින් ආපහු තිබ්බට පස්සේ ආයෙමත් මිනිස් ස්වරූපයට හැරුණා...

"ඉයුන්...ඔයාට ප්‍රශ්නයක් නෑනේ..."

"යු-යුන්ගි....."

ඔව් ඔව්...
බලන්න ඇවිත් හිටියේ Suga තමා...ඉයුන් වැටෙන්න යද්දිම suga එයාගේ ස්වරූපය වෙනස් කරගෙන ඉයුන් ඉන්න පැත්තට පියෑඹුවා...අනිත් වැම්පයර්ස්ලට වැඩිය sugaගේ වේගය වගේම ශක්තියත් හුගක් වැඩිනේ....

ඉයුන් කෙලින්ම sugaගේ තුරුලට පැන්නේ හුගක් එයා බයවෙලා හිටපු නිසා...එවෙලේ ඉයුන්ට හිතුනෙම එයා මැරෙයි කියලා...

"ම-මං බය වුනා..."

"මං ඉන්නවනේ බය වෙන්න එපා.."

Suga එහෙම කියන ගමන් ඉයුන්ව හුගක් තදින් වැලද ගත්තා...

"හ්‍යුන්ග් මියාන්හේ..."

"මියාන්හේ suga..."

කොල්ලෝ තුන්දෙනා වගේම සෝහිත් ඔලුව බිමට නවලා සමාව ගනිද්දී suga ඔලුව වැනුවේ සමාව ගන්න ඕනි නෑ කියන්න වගේ...

"කමක් නෑ....ඉයුන්ගේ තාම ශක්තිය මදි...ඒකයි පාලනය නැති වුනේ...ඔයාලා එයාව ආරක්ෂා කරානේ..ම්ම්...ඔයාලා යන්නකෝ... මං ඉයුන්ව එක්කන් එන්නම්..."

Suga එහෙම කියද්දී අනිත් අය ඔලුව වනලා එතනින් ගියා..

ගොඩක් වෙලාවක් යනකන් ඉයුන් sugaගෙන් එක තත්පරේකටවත් ඈත් වුනේ නෑ...ඒ නිසාම කොල්ලා  ඉයුන්ව තුරුලෙන් ඈත් කරන්න හැදුවා...

"ඉයුන්..ළමයෝ කෝ...යන් ඉතින්.."

Suga එහෙම කියන ගමන් ඉයුන්ගේ පිට හිමින් පිරිමදින්න ගත්තේ කෙල්ල බය වෙලා ඉන්නේ කියලා තේරුණ නිසා...

"අනී..මට බෑ..."

"ඉතින් ගෙදර යන්නැද්ද...?"

"යමු...මගේ කකුල්වලට පණ නෑ වගේ..."

ඉයුන් එහෙම කිව්වේ sugaගේ බෙල්ල අස්සේ මූන අතුල්ලන ගමන්...sugaට ටිකක් ඒකෙන් ටිකක් අපහසුවක් දැනුනත් ඉවසගෙන හිටියේ ඉයුන් ඉන්නේ කලබල වෙලා නිසා...

"ඒ බය නිසා...හරි...එහෙනම් මං ඔයාව උස්සන් යන්නම්...ම්ම්.."

"හ්ම්..."

ඉයුන් එහෙම කොදුරද්දී suga ඉයුන්ව පොඩ්ඩක් අත ඇරියා...

"Jump බේබි.."

Suga එහෙම කියද්දී ඉයුන් sugaගේ උරහිස්වලින් අල්ලන් අත්වලට පැන්නා...suga ඉයුන්ගේ කලවා යටින් අත දාලා වඩා ගනිද්දී ඉයුන් sugaගේ ඉන වටේ තමන්ගේ කකුල් පටලවගෙන ආපහු කොල්ලගේ බෙල්ල අස්සේ මූන ඔබාගත්තේ sugaගේ මූනේ ලස්සන හිනාවක් ඇදෙද්දී...

"පිස්සු කෝලමක්..."

"යනවා යන්න..."

ඉයුන් sugaගේ පිටට පොඩි පාරක් ගහන ගමන් කියද්දී sugaත් හිනාවෙලා ඉයුන්ව උස්සගෙනම mansion එකට ගියා...

===========

Hiiii..!!
පරක්කු උනා නේහ්..
සොරි ඈ...

මෙය කියවා සැනසෙන්න ඉතිම්...මං ඉක්මනට අනිත් චැපියත් අරන් එන්නා...ම්...

බායි..
Mwhhh...

Saranghae💜️
#taechathu

पढ़ना जारी रखें

आपको ये भी पसंदे आएँगी

5.4K 1.1K 29
පාසල් ජීවිතයේ අවසාන දවස. ක්‍රීඩා පිටිය දෙසට පා තැබූ හනාගෙ දෙනෙත් නැවතුනේ ඈ මෙලොව දකින්න ආසම රූපය ලග. කිම් නම්ජූන්. මද පවන හා රගදෙන කෙහෙරැලිත් නලල් පෙ...
3.6K 792 35
හීන වෙනුවෙන් හැගීම් ඇහිදපු ඔවුන්ගේ ජීවිතය උඩු යටිකුරු උන මාවතක නව ඇරඹුමක්,⏳ සාගර දහස් ගනණක ඈතින් සිටියද විශ්වාස කල නොහැකි දෛවෝපගත මුණ ගැහීමක්, 🌹 බා...
Fading Lovers aa द्वारा

फैनफिक्शन

5.4K 198 4
The painful truth slowly seeped into my soul, he never returned the love that made my whole. In the depths of my heart, the realization grew, That o...
4.7K 240 18
Park Jimin He appears as a school student in Seoul National School.💦 Meanwhile, the new teacher who comes to the school is Yong Kavi 26 years Even...