🐺If I Find You🦇️ (Yizhan) C...

By ZinanAsami39

17.1K 3.4K 527

මේක angst වලට අයත් වෙන කතාවක්,ඒ වගේ කතා කියවන්න පුලුවන් අය විතරක් කියවන්න,ඒ වගේම මේක මගේ පළවෙනි කතාව,මං පුලුව... More

part 1
part-2
Part-3
Part-4
Part-5
Part-6
Part-7
Part-8
Part-9
Part-10
Part-11
Part-13
Part-14 Bonus
Part-15
Part-16
Part-17
Part-18
Part-19
Part-20
Part-21
Part-22
Part-23
Part-24(Last Chapter)
Special Chapter

Part-12

551 126 20
By ZinanAsami39

මෙය මාගෙ මනංකල්පිතයක් බැවින් සැබෑ ජීවිතයේ ජීවත් වන්නන් හා සම්බන්ධ කර නොගන්න







Part-12


මං පොරොන්දු වෙනව උබව මේ තත්ත්වෙට ඇදල දාපු හැම එකාවම මාවත් අතුලුව හැම එකෙක්වම මන් යන්න කලින් මේ ලෝකෙන් අරන් යනවා...එතකන් උබ මොනව කරත් මං නොමැරි ඉන්නව වංජී..මං ගියාම ඔයා මාව හම්බෙන්න කලින් ඉස්සර වගේම සතුටින් හිනා වෙලා ඉදීවි........මං ආයෙත් ඔක්කොම හරි ගස්සනවා...මං විනාස කරපු ඔයාගෙ ජීවිතේ ආයෙත් ඔයාට හදල දෙනවා...මේක මගේ පොරොන්දුවක් ........වෘකයෙක්ගෙ වගේම වැම්පයර් කෙනෙක්ගෙ පොරොන්දුවක් ................

එක දිගටම මගේ ඇගට අතට වැටෙන කදුලු බින්දු නිසාත් ඔයාගෙ ඉකිය නිසාත් මං දන්නවා මැණික ඔයා අඩනව කියල....ඒත් මට කියන්න බෑ මං හැමදේම අහගෙන හිටියෙ කියල ඒ වගේම මට හැමදේම මතකයි කියල.....ඒත් ඔයා අඩනව අහන්න මම ආස නෑ....පිටතින් තද චරිතයක් වුනත් ඔයාගෙ හිත ඉස්සර වගේම මං ලග උණු වෙනව කියල මං දන්නවා..මට ඔයා අඩන එක නවත්තන්නත් බෑ ඒත් අඩන්න දීල බලන් ඉන්නත් බැරි වෙනකොට මං නින්දෙන් වගේ එයා ඉදන් උන්නු පැත්තට හැරිල එයාගෙ අතින් තද කරල අල්ල ගත්ත..කවුරු නැතත් මං ඔයාට ඉන්නව වංජියෝ.......

Wangji's pov.........

මට දුකයි වූශියෑන් ඔයාට රිද්දන රිද්දන වාරයක් ගානෙම මට වේදනයි..මං මොනව කියල කරන්නද මැණික....මට ඇඩෙනවා..ගොඩාක් කාලෙකට පස්සෙ ඔයා ලග ඉදන් ඔයා නිසා මං අවංකවම අඩනව වූශියෑන්......

ඇස් තද කරන් අඩපු මං එක පාරටම ගැස්සුනෙ එයා නින්දෙම්ම වගෙ මගෙ පැත්තට හැරිල මං ඇද උඩින් තියන් හිටපු අතක් එයා තද කරල අල්ල ගත්තු නිසා....ඔයා තාමත් නිදිනෙ..ඉස්සරත් ඔයා මේ වගේමයි..මට දුකක් ප්‍රශ්නයක් ආපු වෙලාවට ඔයා මගෙ අත තදින් අල්ලගෙන මං ඉන්නව වංජියෝ කියනව...ඒත් අද කවුද මට එහෙම කියන්නෙ....මේ අවුරුදු දහස් ගානටම එදා උබ ගියායින් පස්සෙ කිසිම කෙනෙක් හිටියෙ නෑ මට එහෙම කියන්න....මං අඩ අඩ උබ වැටුනු කන්ද පුරාවටම උබව හොයනකොට උබ බින්ද අපේ හීන එකින් එක සිහි කරනකොට කවුරුත් හිටියෙ නෑ වූශියෑන් මගේ අත අල්ල ගන්න...කවුරුත්ම හිටියෙ නෑ......

එයා අල්ල ගත්තු මගෙ අත දිහා ටිකක් වෙලා බලන් හිටපු මං එයාගෙ අතින් මගෙ අත ඇදල ගත්ත වගේම නිදන් ඉන්න එයාට එහෙම්ම ඉන්න දීල යන්න ගියා....රෑට කෑම කන්නවත් එයාව ඇහැරන්න හොද නෑ පවු කියල හිතුණු මං හෙට කරන්න තියෙන වැඩ ටික සැලසුම් කරන්න පටන් ගත්ත වගේම මගෙ පපුවෙ උණු තුවාලෙ වේදනාවටත් ගත්තු බෙහෙත් වල සැරටත් මට එහෙම්ම නින්ද ගියා....

Wuxian​​'s pov................

මට ඊයේ රෑ කොයි වෙලාවෙ නින්ද ගියද කියල මට මතක නැති වුනත් මං අද උදේ නැගිට්ටෙ නම් එළියෙන් ඇහුණු අශ්වයෙක්ගෙ කුර සද්දෙ නිසා..ඒ මිශුවා වෙන්න ඇති..ඒත් එක්කම වගේ මට ටෝස්ට් කරපු පාන් වල වගෙම බැදපු මස් වල සුවදක් දැණුනු හින්ද මං ලග තිබුනු මේසෙ දිහා බැලුවා..එයා මට උදේට කන්න කෑම වගේම ඇදුමකුත් ගෙනත් තිබුන...ඒ ඇදුම අතට ගත්තු මං ඒකෙ සුවද බැලුවා...ම්ම්ම් අලුත් නැවුම් සුවදක් එනවා..එයා මට අලුත් ඇදුම් ගෙනල්ල..ඒ වගේම ඒ මේසෙ උඩ පොඩි කොළ කෑල්ලක ලියල තිබුනු ලියුම් කෑල්ලක් දැක්ක මං ඇදුම ඇද උඩින් තියල ඒක අතට ගත්තා...

මං යනව වූශියෑන්...කොහෙවත් නොයා ගෙදෙට්ට වෙලා හිටපන්..

ඒකෙ එහෙම ලියල තිබුනා..යනව?ඒකෙන් අදහස් වෙන්නෙ මොකක්ද ...යන්නම යනව කියලද..නෑ නෑ එයා තාම පටන් ගත්ත විතරයි එහෙම කොහොමද යන්නේ..හවස් වෙලා ඒවිනෙ...

"ජහප්......."

ලියුම කියවල කල්පනා ලෝකෙක අතරමං වුනු මං පියවි ලෝකෙට ආවෙ වංජී මිශුවට ජහප් කියල කෑ ගහන සද්දෙත් එක්ක..මං දුවල ජනේල ගාවට ගිහින් බැලුවා..මිශුවාගෙ පිටේ නැගල හිටපු වංජී මග දුරක් ගිහින් පිටි පස්සෙ හැරිල මං ඉන්න කාමරේ දිහා බලල ඇස් දෙක පිහනව මං දැක්ක...ඒ කියන්නෙ එයා අඩනවද...ඇයි එයා අඩන්නේ.......ආපුවම නිකමට අහල බලනවා...

"ආයිශ්...මගෙ පපුව.......ආ......වුහ්"

එක පාරටම මට දැනුනු පපුවෙ අමාරුවකුත් එක්කම බිම දණි ගහ ගත්තු මං හයියෙන් හුස්ම ගත්තා...මගෙ පපුව දනවා..පිච්චෙනවා වගේ..නිකන් උණු වතුර එකක් ඇගට වැටිල චුට්ට වෙලාවකින් දැවිල්ල අල්ලන්නෙ...අන්න ඒ වගේ පිච්චෙනවා .....මුලින් පපුව රිදුනත් පස්සෙ ඒක පිච්චීමක් තරම් දුර ගියා වගේම ඒ දැවිල්ල හෙමින් හෙමින් පපුවත් ගලවගෙනම වගේ මගෙ වම් අතේ උරහිස්ස දිගේම ඇදුන වෙනකොට පපුවෙ අමාරුව අඩු වෙන ගමන්ම මගෙ වම් අතේ උපන් ලපේ ගාවින් නැවතෙනකොට මට කෑ ගැස්සෙන තරමේ වේදනාවකුත් එක්කම දැවිල්ල නැතුව ගියා....

බිම වැටිල අත තද කරන් අල්ලන් හිටපු මං හයියෙන් හයියෙන් ගත්තු හුස්ම සාමාන්‍ය අතට හැරෙන්න ටික වෙලාවක් ගියා වගේම මං අමාරුවෙන් අමාරුවෙන් නැගිටල ඇදේ ඉද ගත්තා...තාමත් මගේ උපන් ලපේ පපුව ගැහෙන තාලෙට ගැහෙනවා දැනෙනකොට වංජී අත කැපුනු එකට බෙහෙත් දාල බැදපු වෙළුම් පටිය මං හෙමින් හෙමින් ගැලෙව්වා...

"ඕ...හ් ශිට් වට් ද හෙල් ඉස් ගොයින් ඔන්.."

මගෙ මතක සලකුණ උඩ තිබුනු තුවාල පැල්ලම් මැකිල ගිහින් වගේම ඒ උපන් ලපේ දැන් තිබ්බ වගේ පැහැදිලිව සලකුණු වෙලා...එහෙම කොහොමද වුනේ...මගෙ තුවාල.....වංජී වීදුරු කට්ටෙන් ඇනල වුනු තුවාල ඔක්කොම එක රැයින් හොද වෙලා..මට වෙච්ච දේ හිතා ගන්න බැරි වෙනකොට මං කණ්නාඩිය ඉස්සරහට ගිහින් හිට ගත්ත වගේම මගේ උඩ ඇදුම ගලවල බිමට දාපු මං මගේ උරහිස උඩ වෙච්ච තුවාලෙ හෙව්වා..ඒ එකක් වත් තිබුනෙ නැති වෙනකොට පැල්ලමක් වත් ඉතුරු නොකරම ඒව සනීප වෙලා තිබුනා...මං මගෙ උපන් ලපේ පැල්ලම් නැති වෙලා කියල දැකපු එක හිතලුවක් කියල හිතුන නිසා දුවන් ගියේ ජනේලෙ ලගට..උදේම නිසා හොදට ලස්සනට ඉර පායල තිබුන වෙනකොට ජනේල් අතරින් ඉර එළිය කාමරේ පොළව සිපගෙන තිබුනා...

මං දැකපු දේ ඇත්ත..මතක සලකුණ ප්‍රතිනිර්මාණය වෙලා..ඒත් කොහොමද එහෙම වුනේ..සමහරවිට මගෙ මතකෙ ආයෙත් ලැබුන නිසා වෙන්නැති...ඒත්....ඒත් වංජී මේක දැක්කොත් එයා දැන ගනීවි මට මතකය ලැබුන කියල...ඒ වගේම මං එයාට බොරුවක් කරේ කියල....දෙයියනේ දැන් මං මොකද කරන්නේ..මට ඇඩුනා..මං මගෙ උපන් ලපේ දිහා බලාගෙන ඇඩුවා...ඒ සලකුණ තියන්න ඔයා කොච්චර ආස වුනාද.....මට මතකයි මං ඒකට එච්චර කැමති නැති බව දැකල ඔයා සෑහෙන්න දුකින් හිටිය...

"මේ......මෙහෙම වෙන්නෙ....කො.....හොමද"

මං අඩනකොට වැටුනු කදුලු ඔක්කොම මගෙ උපන් ලපේට උරා ගත්තා...මට හිතා ගන්න බෑ මේ වුනු වෙනස...මගේ කලින් ආත්මෙවත් මෙහෙම දෙයක් වෙලා නෑ මට...මං කදුලු පිටින්ම ජනේලෙන් එළිය බැලුවා...මගෙ.....මගෙ ඇස්.....ඇයි මට සාමාන්‍ය විදිහට එළිය නොපෙනෙන්නෙ...මට මගෙ වම් පැත්තෙ ඇහෙන් පේන හැමදේම කලු සුදු වෙනකොට මගේ දකුණු ඇහෙන් මට පෙනුන හැමදේම කහ සුදු රතු කලු තැබිලි සහ කොළ පාටින් පේන්න ගත්තා....මට මේ නුපුරුදු පෙනීම දරා ගන්න බැරි වෙනකොට මං තද කරල ඇස් පියා ගත්තා වගේම ජනේලෙ ලග හිටපු මං පිටි පස්සෙන් පිටි පස්සට ගියා...ඇස් දෙකින් එක දිගටම ගල කදුලුත් මේ පෙනීමත් මාව තව තවත් වේදනාවට පත් කරනකොට පස්සෙන් පස්සට ගියපු මං මොකේකද හැප්පුනා...ඇස් දෙකේ තිබුනු කදුලු අත් දෙකේම පිට අල්ලෙන් පිහ ගත්තු මං පිටි පස්ස හැරිල බැලුවෙ මං මොකේකද හැප්පුනේ කියල......

"දෙයියනේ..........හ්"

"මගෙ ඇස්.......එ..ඒව අමුතු වෙලා..අනේ මගේ ඇස් දෙක...."

පිටි පස්ස හැරිල බලපු මං මටම බය වෙලා පිටි පස්සට අඩි කිහිපයක් ගිහින් තිබුන වගේම මගෙ වම් ඇහැ ‍රතු පාටිනුත් දකුණු ඇහැ අලු පාටිනුත් දිලිසුනා වෙන්කොට මං එක දිගටම මගෙ ඇස් දිහා බලන් හිටියා...

විනාඩි කිහිපයකින් මාව සන්සුන් කර ගන්න මට පුලුවන් වෙනකොට පුදුමයකින් වගේ මගේ ඇස් සාමාන්‍ය තත්ත්වෙට පත් වුනා...ලොකු හුස්මක් පිටතට පිට කරපු මං ඇදෙන් ගිහින් වාඩි වුනේ ඉස්සරහට මට එන්න තියෙන කරදර ගොඩ ගැන මගේ හිතේ මැවෙද්දි...

වංජී ඇවිත් මගේ තුවාල වලට බෙහෙත් දාන්න හැදුවොත් මං මොකද කරන්නෙ..එතකොට මගෙ උපන් ලපේ මං කොහොමද හංගන් ඉන්නේ...එතකොට තුවාල කැලැල් නැති එකට වගේම එයා මට කරන තුවාල හොද වෙනකොට මං මොකද කරන්නේ..අයියෝ දෙයියනේ මොකක්ද මේ වුනේ....

"එ......එතකොට මං දැන් මනුස්සයෙක්ද වෘකයෙක්ද නැත්තම් වැම්පයර් කෙනෙක්ද...."

ශියාඕ උබ මේ පාර නම් වැටුනෙ ගොඩ එන්නම බැරි වලකට...මං පුලුවන් තරම් උත්සහ කරන්න ඕනෙ තුවාලයක් නොකරගෙන ඉන්න..ඔව්.....ඒක තමා දැනට තියෙන හොදම විසදුම...ඒත් මගෙ ඇස්.....ඒව කොයි වෙලාවෙ අමුතු වෙයිද....එහෙම උනොත් මං මොකක්ද දෙයියනේ කරන්නේ...................
















හැම බැදීමක්ම වාගේ දවසක ගිලිහෙනවා....
පණ වගේ ආදරෙන් හිටියත් වෙන්වීලා යනවා.....😔😔😔

2022/04/27

Continue Reading

You'll Also Like

85.1K 11.4K 42
Seokjinက ငါ့အိမ်ကကျွန်လေ... အိပ်စရာလူကုန်ရင်တောင် သူနဲ့တော့မအိပ်ဘူး၊ ကျွန်စော်နံလို့...[ABO/kookjin]
20.2K 4.6K 52
......ඔයා හීනයක්..ඇහැරුනොත් නැති වෙයි කියලා බය හිතෙන.. ඒ වගේම බලාපොරොත්තුවක් ..දවසක මගේ වෙයි කියලා හිත කියන.....
280K 48.7K 60
ඩේ අම්මු.... නා උන්නෙයි කාදිලික්කිරේන් ❤ (පරිනත අන්තර්ගතයකි...)
26.5K 4.1K 31
"ហង្សមែនទេ?​ត្រឹមតែមួយប៉ប្រិចភ្នែកយើងនឹងធ្វើអោយហង្សមួយនោះបាក់ស្លាប ហើយហង្សដ៍ស្រស់ស្អាតនោះត្រូវស្ថិតក្នុងកម្មសិទ្ធយើងម្នាក់គត់"ជុងហ្គុក "យើងដឹងពីអ្វីទ...