Part-3

827 164 13
                                    

මෙය මාගේ මනංකල්පිතයක් බැවින් සැබෑ ජීවිතයේ ජීවත් වන්නන් හා සම්බන්ධ කර නොගන්න.

                    🐺If I Find You🦇️
                           🐺Part-3🦇️



"හහ් හහ් හා ‍යන්න.......උඹට යන්න ලැබෙයි..එත් ගෙදර නම් නෙවෙයි...මගෙන් උදුර ගත්ත ආදරේට කඩ කරපු මගෙ විශ්වාසේට වන්දිය ගෙව්වම මං උඹව යවන්න ඕනේ තැනට යවන්නම්........හහ් හහ් හහ්"

ටිකක් වෙලා යනකන් කාමරේ පුරාම රැව් දුන්න ඒ මූසල කටහඩ ටිකින් ටික නැතුව ගියා...මං වැටිච්ච තැනම ඔලුව තියන් කල්පනා කරේ මං මෙහෙට එන්න කලින් අන්තිමටම මට මතක මොනවද කියල...ඔව් ඒ වෙලාවේ මං මගෙ යාලුවෙක්ට කෝල් කර කර හිටියෙ.ඒත් ඌ ෆෝන් එක ඉස්සුවේ නෑ.මං එක දිගටම රින්ග් කලත් ඌ ආන්ස්වර් කලේ නෑ,එතනින් පස්සෙ මට කිසිම දෙයක් මතක නෑ..වාහනේක ශබ්දයක් විතරක් මතකයි..මගෙ ෆෝන් එක?අයියෝ ඒක වැටෙන්න ඇති.අපරාදේ ඒක අරන් සතියක් වත් නෑ...

දැන් මං මේ අපායට ඇවිත් දවසක් විතර ගෙවුනා.ඒත් අර මනුස්සයා මට වතුර උගුරක්වත් දුන්නේ නෑ..මගෙ උගුර වේලිලා කැස්සත් එක්ක සෙවලෙට සෙම එනව උගුරට,මට ගොඩාක් බඩගිනිත් එක්ක.ඊයේ දවල් කෑම වේලත් මග ඇරුනුකොට මගේ බඩ හාරවනවා.අනෙ මට වතුර ටිකක් තිබුනනම්..මට ඉන්නම බැරි තැන මං ඔලුව උස්සලා වතුර ටිකක් ඉල්ලුවා.

"මට...(කැස්සක්)...මට වතුර ටිකක් දියල්ලාහ්"

................. කවුරුත් නෑ.හිටපු එකත් ගිහින් වගෙයි..මන් ආයෙත් කැහැ කැහැම තව ටිකක් හයියෙන් වතුර ටිකක් ඉල්ලුවා...

"මට වතුර.........වතුර ටිකක් ඕනේ"

ටොක්...ටොක්..ටොක්...ටොක්

ඇති යන්තම් කවුරු හරි එනවා වගේ...අඩි සද්ද කීපයකින් ආයෙමත් අර පරන දොරේ කිරීස් ගාන හඩත් එක්ක දොර ඇරගෙන ඇතුලට ආවේ මට කනට ගහපු මනුස්සයා....ඌ දොරකඩ ලගින් අඩි දෙක තුනක් ඉස්සරහට ඇවිත් දන්වැල නිසා කැපුනු මගෙ කකුල දිහා ටිකක් වෙලා බලන් ඉදල මගෙ මුන දිහා බැලුවා..මට ගොඩාක් දාඩියත් දාල..මට හරිම අසරණකමක් දැනුනා...අම්මා තාත්තා නැති වුනත් මන් කොන්ද කෙලින් තියන් ජීවත් වුනා.ඒත් දැන් ..............දැන් මට මගෙම කකුලක්වත් වාරු නෑ...මම පසු තැවෙනවා මෙහෙම ජීවිතයක් ලැබුනු එකට....එයා මගේ මූන දිහා බලන් ඉදලා අනුකම්පා විරහිත බැල්මකින් හිනා වුනා...මට තවත් ඉවසන්න බෑ කතා කර ගන්නවත් බැරි තරම් කැස්ස.උගුරෙ කටු කටු ඇනෙනව වගෙ..උගුර එකට ඇලිලා වගේ කෙල ටිකක් වත් ගිල ගන්න බෑ...

🐺If I Find You🦇️ (Yizhan) CompleteWhere stories live. Discover now