Part-13

528 125 15
                                    

මෙය මාගේ මනංකල්පිතයක් බැවින් සැබෑ ජීවිතයේ ජීවත් වන්නන් හා සම්බන්ධ කර නොගන්න





                         🐺Part-13🦇️


ශියාඕ උබ මේ පාර නම් වැටුනෙ ගොඩ එන්නම බැරි වලකට...මං පුලුවන් තරම් උත්සහ කරන්න ඕනෙ තුවාලයක් නොකරගෙන ඉන්න..ඔව්.....ඒක තමා දැනට තියෙන හොදම විසදුම...ඒත් මගෙ ඇස්.....ඒව කොයි වෙලාවෙ අමුතු වෙයිද....එහෙම උනොත් මං මොකක්ද දෙයියනේ කරන්නේ..................

ලොකුම ලොකු ප්‍රශ්න වැලක පැටලිලා හිටපු මං හොද සිහියට ආවේ කොච්චර ප්‍රශ්න තිබ්බත් ගුරු ගුරු ගගා කෑ ගහන මගේ බඩ හින්ද...මට මෙච්චර බඩගිනි අල්ලන්නෙ මං ඊයේ රෑ කෑවෙ නැත්ද අප්පා......ම්ම්ම්ම් ඔව්නෙ අර දුශ්ටය මට කන්න දුන්නෙ නෑනේ....ඉක්මනින් කන්න ඕනේ නැත්තම් එහෙම තව ටික්කින් කෑම ටිකක් අතුරුදන් වෙයි....ඒත් ඉතින් මට දත් නොමැද තමා කන්න වෙන්නේ.......ඊ........ව් අප්ප මං ආසම නැති වැඩක් ඒක නම්.....

කොහොමත් දැන් ඉතින් මං ආස විදියට ජීවත් වෙන්න බෑනේ..මේ මගේ ජීවිතේ අවසන් කාලෙනෙ කොයික වුනත්...
මං හරීම මුස්පේන්තු හැගීමකින් ඔහේ ඕනවට එපාවට උනත් ඔක්කොම කෑම කාල වතුරත් බීල ඇතුමත් ඇද ගත්ත වගේම තුවාල තිබුනු තැන් වල ආයෙත් වෙළුම් පටි වලින් එතුවා..නෑවෙ නැතත් මොකෝ ඇදුම අලුත් නිසා මාත් සුවදයි....හුම්ම්ම්ම්

අදින් පස්සෙ හොද කල්පනාවෙන් වැඩ කරන්න ඕනෙ ශියාඕ නෑ නෑ වූශියෑන් උබ....කලින් ජීවිතේ මට තිබුන බලයට වඩා දැන් මට වෙලා තියෙන දේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙනකොට මං ඉක්මනින්ම මගේ හැකියාවන් මොනවද කියල හොයා ගන්න ඕනේ...මේ කාමරේ ඉදගෙන මොකුත් කරන්න බෑනේ මං මොකද කරන්නේ....එළියට යන්නත් බෑ...ඇතුලේ ඉදන් කරන දෙයක් තමා දැන් ඉතින්......බලමු ගින්දර එහෙම තියෙනවද දන් නෑ......

"ගින්ද..ර මතු වේවා..."

"නෑනෙ අයියෝ...එහෙනම් වතුර අයිස් වගේ දෙයක් වත්"

"ජලය මතු වේවා"

"ම්ම්.........හුක් නෑනේ..."

එහෙනම් වැඩක් යෑ මේ බලෙන්.....කලින් ආත්මෙ නම් මට දුවන්න පුලුවන් හයියෙන්....ලේ සුවදත් දැනුන හොදට....අනිත් අයට වගේ පිහාටු නම් තිබුනෙ නෑ මොකද මං කලවම් මැල්ලුමක් නිසා......තුවාල නම් ඉක්මනින් හොද වෙනව තමා..බලමු මං ඉස්සර වගේ වෙගවත්ද කියල වත්....

🐺If I Find You🦇️ (Yizhan) CompleteWhere stories live. Discover now