LOVE OR LUST (Completed)

By CH_BOZHAN

19.1K 3.5K 496

"ඇති...මේ හොදටම ඇති... මෙච්චර කල් මං තමුසෙගේ ඔක්කොම විකාර ඉවසුවා ලියෝ...තවත් බෑ...අදම...මේ දැන්ම තීරනයක් ගන්න... More

01.TALENT SHOW
02.MUSIC ROOM
03.DREAM OR NOT
04.THE ENCHANTMENT
05.COLD EYES
06.NEW FRIENDS
07.GHOST BUNGALOW
08.A DIFFICULT DAY
09.FEELING
10.SECRETS
11.EVIL LEO
12.DARK PALACE
13.THE LOVE
14.THE SHADOW
15.LOVE OR LUST
16.THE HELL
17.THE HOPE
18.TRUE LOVE
19.EMOTIONLESS HEART
20.THE PAIN OF LOVE
21.A DIARY AND THE MEMORIES
23.MY HAPPINESS
THANK YOU NOTE

22.WHERE ARE YOU

597 128 9
By CH_BOZHAN

Sean's P.O.V

                    මං ලියෝගේ ගෙදරට ගියත් ලියෝ එහෙ හිටියේ නෑ වගේම සෑහෙන කාලෙකින් ඒ ගෙදර කිසිම කෙනෙක් ජීවත් වෙල නෑ කියලා බැලූ බැල්මටම පේන්න තිබුනා...ලියෝ කොහෙ ගිහින්ද මොනා කරනවද දන්නේ නැතුව මං අසරන වෙනකොට ආයෙමත් මන් වෙන්ව හොයන් දිව්වා....වෙන් හිටියේ නිකෝ එක්ක නිකෝගේ ගෙදර වගේම මං ගියත් එක්කම ඇලනුත් කොහෙදෝ මුල්ලක ඉදලා ෆෝන් එකත් කනේ ගහන් දුවන් ආවා....එයාලවත් ලියෝ කොහෙද දැනන් හිටියේ නැති උනත් එයා සමහර විට මගේ ගෙදර ඇති කියන බලාපොරොත්තුව වෙන්ගෙන් ලැබුනා වගේම මං ආපහු මගේ ගෙදරට දිව්වා....

                     ලියෝ දුකෙන් වගේම තරහින් ඉන්න වෙලාවට එයාට එයාව පාලනය කර ගන්න බැරි වෙන බව දන්න නිසාම වෙන් ලියෝව බලන්න ගියත් නිකෝලවත් අරන් ඉක්මනින් ආපහු ඇවිත් තිබුනා.....වෙන් ලියෝ ගැන දැනගෙන හිටියත් වෙන කිසිම කෙනෙක් ඒ ගැන දැනගෙන හිටියේ නෑ....හොදම යාලුවෙක්ගේ ගති ලක්ශන එක්ක වෙන් හැමදාමත් ලියෝගේ රහස රකින්න උත්සහ කරනකොට මං දැනටමත් ලියෝගේ රහස දන්නවා කියලා දැන ගත්තම වෙන් පුදුම උනාටත් වඩා බය උනා....එයා බය වෙන එක සාධාරණයි....පිට ලෝකේ කිසිම කෙනෙක් ඒ වගේ කතාවක් විශ්වාස නොකළත් කවුරු හරි ඒක දැන ගත්තොත් ලියෝට කරදරයක් වෙන්න පුලුවන් වගේම ලියෝට තරහා ගියොත් මනුශ්‍ය ලෝකෙත් අනතුරේ වැටෙන්න පුලුවන් කියලා වෙන් වගේම මමත් හොදටම තේරුම් අරන් හිටියා.....

                      තත්ත්පරේකටවත් නැවතෙන්නෙ නැතුව මං ආපහු මගේ ගෙදරට එනකොට වටින් ගොඩින් අදුර ගලන් ඇවිත් තිබුනා වගේම සම්පූර්ණ ගෙදරම අදුරේ ගිලිලා තිබුනා...කවුරුත් ගෙදර ඉන්නවා කියන්න කිසිම හෝඩුවාවක්වත් නැති උනත් මං එක පිම්මේ ගේ ඇතුලට දිව්වා....පහල තට්ටුවේ ලියෝගේ හෙවනැල්ලක්වත් පේන්න නැති වෙනකොට මං මගේ කාමරේට ගියේ දුක පසුතැවීම මහන්සිය වගේම මං ගැනම ඇති උන කේන්තිය එක්ක ඔට්ටු වෙවී උනත් මගේ කාමරේ බිම වැටීගෙන වකුටු වෙලා කෙදිරි ගාන ලියෝව දැක්කම මගේ හදවත වේදනාවෙන් ගල් වෙලා ගියා....

                     එයා සිහියක් නැතුව ඔහේ වැටීගෙන කෙදිරි ගගා උන්නා....අඩලම හෙම්බත් වෙලා උන්නු එයා ඒ වෙනකොට සිහියත් අසිහියත් අතර අතරමන් වෙලා හිටියා....මගේ වෙව්ලන අත් වලින් ලියෝ මගේ උකුලට ගන්නකොට අසිහියෙන් හිටියා උනත් මගේ සුවදට තව තව මට ගුලි වෙන ලියෝ දැක්කම මගේ හදවත ගැලවෙන්න තරම් වේදනාවක් මට දැනුනා....කියාගන්න බැරි වේදනාවකින් හදවත ඇදුම් කනකොට මගේ කම්මුල් දිගේ නැවතීමක් නැතුවම කදුලු පල්ලම් බැස්සා....

                   වේදනාවටම හදවත වගේම මගේ ඇගත් මටම වාරු නැතුව ගියා උනත් ලියෝව මෙහෙම තියන් ඉන්න බැරි නිසාම හිතේ හය්යෙන් ලියෝව උස්සන් නැගිට්ට මං එයාවත් වඩාගෙනම කුස්සියට ගියේ ලියෝව තත්ත්පරේකටවත් මගේ උනුහුමින් අයින් කරන්න මට හිත නොදුන්න නිසා වගේම ලියෝ ඉන්න තත්ත්වේ එක්ක මොහොතකටවත් එයාව තනි කරන්න බය හිතුන නිසා.....බැරි මරගාතෙම කිරි එකක් හදන් අසිහියෙන් මට තුරුල් වෙලා තවමත් ඉකි ගහන ලියෝට පොවා ගත්ත මං එයා එක්කම ඇදට වැටුනා....එහෙමම අපි දෙන්නටම නින්ද යනකොට මේ වෙනකොටත් අදුරේ ගිලිලා තිබුන ගේ එක්කම අපිවත් අදුරේ ගිලිලා ගියා....

************************************

A/N ÷ • අදහස් කියාගෙන යන්න ළමයි...කතාව කියවන වෝට් කරන කමෙන්ට් කරන ඔක්කොටම ගොඩක් ස්තූතියි.....

Continue Reading

You'll Also Like

37.8M 1.1M 68
Deadly assassins Allegra and Ace have been trying in vain to kill each other for years. With a mutual enemy threatening their mafias, they find thems...