Reflection || VMIN [ Complete...

By Samigat11

6.8K 2.1K 101

love <3 More

Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21

Chapter 10

251 97 7
By Samigat11

ජිමින් අඩි සද්දය ඇහුන පඩිපෙල දිගේ හෙමීට පහලට බැහැගෙන ගියා..

ජිමින්ගේ තොල් අතර හිනාවක් ඇදුනෙ ඉබේටමයි..

"ඔයා කවුරු වුනත් මම හොයාගන්නවා..මේ සපත්තු ගාන්චුව ඔයාගේ...මම මෙතනට ආවෙත් මේ පඩිපෙල දිගේ..මෙහෙම දෙයක් තිබුනෙ නැහැනෙ...එතකොට මේක ඔයාගේ..ඇයි හැංගෙන්නෙ ඇත්තටම කවුද ඔයා??.."

ලොකු හුස්මක් පහලට දාපු ජිමින් බිම වැටිලා තිබුන ගාන්චුවත් සාක්කුවට දාගෙන එතනින් නැගිටලා යන්න ගියා..

"ඩෙරික්..ඔයා වැඩ කරන රෙස්ටූරන්ට් එක මොකද්ද??.."

"වයිට් හවුස් එක ජිමින්.."

ජිමින්ගේ මුහුනෙ ඇදුනෙ ජයග්‍රාහී හිනාවක්..සති ගානක් තිස්සේ ජිමින් මේ ප්‍රශ්නෙ කිහිප වතාවක්ම ඩෙරික්ගෙන් ඇහුවත් ඔහු උත්තර නොදී හිනාවෙලා යන්න ගියා...
ඒත් මේ වෙලාවේ ඩෙරික් හිටියේ වැදගත් වැඩකට අවධානය දීලා නිසා ජිමින් අහපු දේට ඔහුගෙ කටින් ඉබේටම වචන පිටවුනා..

"හ්ම්ම්..ඔයා කන්නෙ නැද්ද??.."

"ඔයා මොනාහරි කලින් ඇහුවද??"

ඩෙරික් නොසන්සුන් පෙනුමකින් ඇහුවා...ජිමින් අහපු ප්‍රශ්නෙවත් තමන් දීපු පිලිතුරවත් ඔහුට මතක නැති බව ජිමින්ට තේරුනා..

"ම..මම ඇහුවේ ඔයා කන්නෙ නැද්ද කියලා.."

ජිමින් ඩෙරික්ගේ ඇස් මග අරින ගමන් කිව්වා..

"බඩගිනි නැහැ.."

ඩෙරික් ඔහුගේ අතේ තිබුන කඩදාසි කොල ටිකට අවධානය දෙන ගමන් කිව්වා..

"හ්ම්ම් හරි.."

ජිමින් ඩෙරික්ටත් ගස්සගෙන එතනින් යන දිහා ඩෙරික් බලන් හිටියේ මුහුනේ ඇදුන හිනාවකින්..

"ඔහ් ගෝඩ්!...ෆ්‍රෙඩ් මට ඒක කරන්න බැරිවුනා..මම ආයිත් ෆේල් වෙයි.."

අතේ තිබුන ෆයිල් එක තදකරගෙන ජිමින් බිම බලාගත්තා..

"ජිමින් ඔයා..ඕක අරගෙන මෙහාට එන්න..."

මහාචාර්යවරයා ජිමින්ට උස් හඩින් කතා කලා...ෆ්‍රෙඩ් මුකුත් කියන්න කලින්ම ඔහු නැගිටලා හෙමීට ඉස්සරහට ඇවිදගෙන ගියා..බිම බලාගෙනම අතේ තිබුන ෆයිල් එක ජිමින් ඔහු අතට දුන්නා..

විනාඩි ගානක නිශ්ශබ්දතාවයෙන් පස්සේ මහාචාර්යතුමා ජිමින් දිහා බලලා හිනාවුනා..

"ගොඩක් හොදයි ජිමින්...ඔයා හොදට කරලා..කොහොමහරි ඉතුරු ටිකටත් හොදට ලකුනු ගන්න බලන්න.."

ජිමින් බලාපොරොත්තු නොවුන ප්‍රතිචාරයක් නිසා ඔහු පුදුම වුනා වගේම කලබල වුනා..

"ම්..මොකද්ද??.."

ජිමින් අමාරුවෙන් ඇහුවා..

ඔහු හෙමීට තමන්ගේ පුටුවෙන් වාඩිවෙලා ඇස්පිය නොගහා බලන් හිටියේ තමන් අතින්වත් අල්ලපු නැති ඒත් දැන් සම්පූර්ණ වෙලා තියෙන ෆයිල් එක දිහා..

"කොහොමද එහෙම වුනේ??"

ජිමින් කල්පනා කලා..ඔහුට සිදුවෙන දේවල් පුදුමයක්...හැමදේම ආයිත් පටලැවිල්ලක් වෙලා..

"ඇත්තටම කොහොමද එහෙම වුනේ??"

මහාචාර්යවරයාගේ උස් හඩට ජිමින් සිහියට ආවා..

Continue Reading

You'll Also Like

1.3K 134 7
𝘠𝘰𝘶 𝘢𝘳𝘦 𝘮𝘺 𝘖𝘹𝘺𝘨𝘦𝘯.... 𝘐 𝘸𝘪𝘴𝘩 𝘶 𝘨𝘶𝘺𝘴 𝘭𝘰𝘷𝘦 𝘵𝘩𝘪𝘴 𝘤𝘩𝘢𝘱𝘵𝘦𝘳 𝘵𝘰𝘰. 𝘛𝘩𝘪𝘴 𝘴𝘵𝘰𝘳𝘺 𝘪𝘴 𝘢𝘣𝘰𝘶𝘵 𝘑𝘪𝘮𝘪𝘯 0...
1M 55.3K 35
It's the 2nd season of " My Heaven's Flower " The most thrilling love triangle story in which Mohammad Abdullah ( Jeon Junghoon's ) daughter Mishel...
1.3K 73 5
ආදරය කියන්නෙ වේදනාවක්ද? එහෙමත් නැත්නම් සුරංගනා ලෝකයක්ද?? ජීවිතයට එල්ල වෙන එක එක විදිහෙ සුළි කුණාටු වලට මුහුණ දෙමින් තමන්ගෙ ආදරය තමාගේ පණටත් වඩා රකිනව...
2.5K 525 12
මතකද සඳ ඇති හැම තැනම තිබුනා එක තනි තරුවක් ලගින්ම මතකද ඔබ හිටි හැම තැනම මමත් හිටියා ඒ ලගකම සිතුම් ගියෙදෝ පා වෙලා අවාරේ ආ සුලඟේ පැටලිලා ඔබත් ගියෙදෝ සැ...