Reflection || VMIN [ Complete...

By Samigat11

6.8K 2.1K 101

love <3 More

Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21

Chapter 06

287 103 2
By Samigat11

"ජිමින්..හොදින් නේද??.."

කොලේජ් එකේදී ලෙක්චර්ස් වලට අවධානය දෙන්නවත් ජිමින්ට ඕන වුනේ නැහැ...ඔහුගේ වෙනස හොදටම තේරුන ෆ්‍රෙඩ් ගෙදර යන්න ලං වෙද්දි බැරිම තැන ජිමින්ගෙන් ඔහු ඉන්නෙ හොදින්ද කියලා ඇහුවේ ජිමින්ගෙ හිතට වද දෙන මොකක්හරි ප්‍රශ්නයක් තියෙන බව දැනුන නිසා..

"අ..හ්...මම හොදින්"

ජිමින් ෆ්‍රෙඩ්ගෙ ඇස් මග ඇරියා..

"දැන් අමතක කරන්න ජිමින්...එයා දැන් මැරිලා...මම හිතුවේ ඔයා දැන්වත්.."

"නැහැ ෆ්‍රෙඩ් මෙතන එහෙම දෙයක් නැහැ..අනික එයා මගේ හොදම යාලුවා වගේම මට සහෝදරියක් කොහොමද එහෙම අමතක කරන්නෙ??...ඔයා හිතනවා වගේ කිසිම හැගීමක් මට ජේන් ගැන ඇතිවෙලා නැහැ ෆ්‍රෙඩ්...ඔයාගෙ වැරදි වැටහීම දැන්වත් නැති කරගන්නවනම් මම කැමති.."

ජිමින් බැරෑරුම් හඩකින් ටිකක් තදින් කිව්වා..ජිමින්ගේ වචන ස්තීරයි..ෆ්‍රෙඩ් ලොකු හුස්මක් පහලට දැම්මා..

"එහෙනම් මොකද්ද ප්‍රශ්නෙ??"

ෆ්‍රෙඩ් ඔහුගේ හඩ බාල කරමින් ඇහුවා..

"මම දන්නෙ නැහැ...ලොකු පටලැවිල්ලක්..දැන් මට මෙතන තියෙන්නෙ වෙනම ප්‍රශ්නයක්.."

ජිමින් කලබලෙන් කිව්වා..හිත ඇතුලෙන් නොසන්සුන් වුන හැගීම් වලින් පිරුන ලොකු කලබලකාරී බවක් දැනෙන්න ගන්නවත් එක්කම ඔහුගේ ඇස් නතර වුනේ ඉක්මනින් දේශන ශාලාවෙන් පිටවෙන්න හදන ටේහියුන් ලග..

"ඔයාට දැන් තියෙන ලොකුම පටලැවිල්ල ටේහියුන්ද??.."

ජිමින් එක් නිමේෂයකින් ෆ්‍රෙඩ්ට අවධානය දුන්නේ ඔහු නොහිතපු දෙයක් ෆ්‍රෙඩ්ගෙ කටින් පිටවුන නිසා..ජිමින්ගෙ ඇස් නතර වුනේ කවුරු ලගද කියලා විමසිල්ලෙන් බලපු ෆ්‍රෙඩ් තරමක් බැරෑරුම් කටහඩින් ජිමින්ගෙන් ඇහුවා..

"නැත්තන් උදේ හොදට කතා කරලා දැන් එයා අපිට යනවා කියලවත් නොකියම යන එක ගැනද ඔයා හිතන්නෙ??..මම කිව්වනෙ ජිමින් ටේහියුන් හොද කෙනෙක් තමයි ඒත් එයා ටිකක් වෙනස්..එයා හරිම නිශ්ශබ්ද චරිතයක්.."

"ම්..මොකද්ද...එ..එහෙම දෙයක් නැහැ ෆ්‍රෙඩ් මම ගෙදර යනවා.."

ෆ්‍රෙඩ්ව පුලුවන් තරම් ඉක්මනින් මගහැරලා එලියට දුවපු ජිමින් නතර වුනේ කඩවල් දෙක තුනක් විතරක් තියෙන ඒත් ගොඩක් නිදහස් ඇතුල් පාරක් ලග..ටිකක් වටපිට බැලුවම ඔහු දක්කේ පාර දිගේ හෙමීට ඈතට ඇවිදගෙන යන ටේහියුන්ව..

ජිමින්ගේ හදවත වේගයෙන් ගැහෙන්න ගත්තා..ටේහියුන් ලග ලොකු හුරුපුරුදු බවක් දැනුනේ ඇයි??..ජිමින් ආයිත් නොසන්සුන් වුනා..

ඔහු අමුතු සිතුවිලි ගොඩක් මැද හෙමීට ඇවිදගෙන ගියේ කිසිම දෙයක් පැහැදිලි නැති හිස් හැගීමකින්..

Continue Reading

You'll Also Like

18K 1.3K 20
මං ඔයාගේ sex toy එකක් විතරයි ද හියුන්ගී.. එක විනාඩියට වත් මට ආදරේ කරලා නැද්ද ඔයා
499K 17.9K 97
The story is about the little girl who has 7 older brothers, honestly, 7 overprotective brothers!! It's a series by the way!!! 😂💜 my first fanfic...
662K 14.7K 42
In wich a one night stand turns out to be a lot more than that.
1.1K 235 15
[brotherhood] ඔයාගේ ජීවිතයේ හැම පුන්චි මොහොතක් ගැනම මතක තියාගන්න පොඩ්ඩෝ. එතකොට ඒ ජීවිතය , ලස්සන එකක් වේවි. ...