GL STORY COLLECTION | โœง

De tae_tao

3K 352 83

โœง๐†๐ˆ๐‘๐‹ ร— ๐†๐ˆ๐‘๐‹ ๐‹๐Ž๐•๐„ ๐’๐“๐Ž๐‘๐ˆ๐„๐’โœง ๐Ÿ’ซ[ ๐‘ ๐€ ๐ ๐ƒ ๐Ž ๐Œ ๐“ ๐‡ ๐Ž ๐” ๐† ๐‡ ๐“ ๐’ ]๐Ÿ’ซ - Mais

I meow you - 02
Please don't leave me alone - 03
Thank you for understanding me - 04
Bad horny baby - 05

First kiss in the dressing room - 01

1.1K 106 25
De tae_tao

First kiss in the dressing room ✧

.

.

.

ඒ අපේ ස්කෝලෙ හවස ශරිර සුවතා වැඩසටහනක් තිබ්බ දවසක්. ළමයි හැමෝම එහෙ මෙහෙ යන ගමන් හිටියෙ ඒකට ලෑස්ති වෙන්න ඕන නිසා. මොකද පැය භාගෙකින් හරියටම ග්‍රවුන්ඩ් එකට ඇවිත් ඉන්න කිව්වා.

හැමෝම ඊට කලින් කාලා එහෙම ඇදුම් මාරුකරගන්න ඕනා. බොටම් ඇන්ඩ් ටීශර්ට් ඇදගෙන ඉන්න ඕනා.

මම ඩ්‍රෙසින් රූම් එකට යන පාරෙ වොශෲම් එක හරියෙත් එයාව බැලුවෙ ඊට එහායින් එයාලගෙ ක්ලාස් එක තියෙන නිසා එයා ඉන්නවද බලන්න.

අපි කලේ වෙනස් සබ්ජෙක්ට්ස් නිසා මටයි එයාටයි හම්බවෙන්න පුලුවන් වුනේ ඉන්ටවල් එකට විතරයි.

එයා එතන ඉදියෙත් නැති නිසා මං යාලුවො රැලත් එක්ක ඩ්‍රෙසින් රූම් එක දිහාවට ඇදුනා. ස්කෝලෙ ඉවර වුනු ගමන්ම කෑම ටික කෑව නිසා ඉක්මනින් ඇදගන්න යන්න පුලුවන් වුනා. ඇරත් අපිට ඉක්මනින් කෑම කාලා ඉවර කරන්න පුලුවන් වුනේ උදේ ඉදන්ම හොරෙන් තිබ්බ ඒවයින් ටික ටික කෑව නිසා.

"අම්බෝ.. තාම කවුරුත් ඇවිල්ලා නෑ..." ලිලී කිව්වෙ බෑග් එක බිමට විසික් කරලා පුටුවක් උඩින් දිගා වෙන ගමන්.

"හ්ම්.. ඒක හොදයි.. ආතල් එකක් ගත්තහැකි.." ලීසා එහෙම කියද්දි මම ඒකෙ වෙනම තේරුමක් නිසා හයියෙන් හිනා වුනා.

කොහොමහරි අපි ඇදගෙන ඉවර වෙනකොට ඩ්‍රෙසින් රූම් එක ළමයිගෙන් ටිකෙන් ටික පිරුණා. ඉදල හිටලා ඇදුම් ගලවන් ඉන්න ගෑණු ළමයින්ගෙ ඇගවල් දිහා මට නොබැලුනාමත් නෙමෙයි. ඒත් මම නොබල ඉන්න උත්සාහ කලා. මොකද මං එයාට ලෝයල් වෙන්න එපැයි. මම හොද ළමයෙක්.

ලීසා අපිවත් එක්කන් උඩ පැන ගෙන ආයෙත් ගියෙ තව විනාඩි පහක් විතර වටයක් ගහන්න. කොහොමත් පැය භාගෙකින් ග්‍රවුන්ඩ් එකේ ඉන්න කිව්වට ඕක පැය වෙලා පැය දෙක විදිහට ගෙවෙන්නත් තියෙන ඉඩකඩ බොහොම වැඩියි.

අපි ගිහිල්ලා අපේ පොට් එක වුන ගහ උඩට නැග්ගා. ඒකෙ තිබ්බ මහත අතු පාත තිබ්බ නිසා නැගගන්න ලේසියි.

"ඇයි උබ හැමදාම තනියම මියුසික් රූම් පැත්තට දුවන්නෙ ඉන්‍ටවල් එකට??"

ලිලී එක පාරටම අහපි. මොන රෙද්දක්ද. දැන් ඕවා අහන්නෙ. වෙන අහන්න දෙයක් ඇත්තෙම නැද්ද? මම කොහොමද කියන්නෙ ඉන්ටවල් එකට විතරයි මට මගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ් බලන්න යන්න පුලුවන් ඒ නිසා මම තනියම උඩ පැන ගෙන එයාව බලන්න යනවයි කියල.

"නිකම්.. ඇලෙක්ස්ව හම්බවෙන්න.."

මම ගානක් නැතුව අරයගෙ යාලුවා ඇලෙක්ස්ව පාවලා දුන්නෙ ලිලිත් එයාව දන්න නිසා.

ඇලෙක්ස් කියන්නෙ අරයගෙ යාලුවා. එයා අපි ගැන දන්න නිසා අව්ලක් නෑ. නැත්තෙමත් නෑ. ඒත් එයා නිසා තමා මම මෙච්චර හරි අරයත් එක්ක ආදරෙන් ඉන්නෙ. එහෙමයි කියල ඇලෙක්ස් කවදාවත් එයාව අඩවන්න දුන්නෙ නෑ. එහෙම එයා ඇඩුවහම ඇලෙක්ස් කරන්නෙ මගෙ බෙල්ලෙන් අල්ලගන්න එක. ඇලෙක්ස් එයාගෙ යාලුවට එච්චර ආදරෙයි. ඒත් මම එයාට කරන විදිහෙ ආදරයක් නෙමේ ඒක. මම එයාට ඇත්තටම ආදරේ යාලුවෙක් විදිහට නෙමේ.

"අඩ්ඩෙ පරක්කු වෙලා.. "" ලීසා එක පාරටම ඉදන් උන්න අත්ත උඩින් පැන්නා.

මෙච්චර වෙලා මුන් කයිය ගැහුවත් මම නම් ඉදියෙ පැත්තකට වෙලා මනෝ පාරක් ගහගෙන.

"බෑග් තාම ඩ්‍රෙසින් රූම් එකේ නේද?"

මම ඇහුවහම පස්දෙනාම උඩබිම බැලුවා. ඊළග මොහොතෙ උන් ටික එතනින් දුවල ගියෙ මටත් නොකියා.

"එන්න.." ලිලී කෑගැහුවහම මමත් දුවල ගියා.

අපි ඩ්‍රෙසින් රූම් එක පැත්තෙ යද්දි ඒක ඇතුලෙ නිරුපද්‍රිතව තිබ්බෙ අපේ බෑග් හය විතරයි.

එව්වත් අරන් එලියට ඇවිල්ලා ටැප් පේලිය ගාව නතර වුනහම තමයි මම දැක්කෙ මම මෙච්චර වෙලා ඉදලා තියෙන්නෙ බොටමෙ ලේස් එක ගැටගහන්නෙ නැතිව කියල. ඒක දිගට දිගේ පල්ලෙහයින් එල්ලෙනවා. හරියට ඉස්සරහින් නැට්ටක් ඇව්ල්ලා වගේ.

මම බෑග් එකත් පැත්තකින් තියලා ශර්ට් එක උස්සලා ඒක හපන් ලේස් දෙකට සමනල් ගැට දාන්න ගත්තා. මගෙ බඩ එලියෙ ඉතින්. අව්ලක් නෑ. කෙල්ලොනෙ මෙතන ඉන්නෙ.

ඇත්තටම අව්ලක් තිබ්බෙ නෑ එයා එතනට එනකම්. මගෙ සුදු බණ්ඩියා එයා දකිනකම්.

"අඩෝ අන්න.." ලිලී මට වතුර ටිකක් ඉහල ඈතක් පෙන්නුවා.

මම ඉස්සරහ බලද්දි ඇලෙක්ස් එක්ක එයා ඇවිල්ල හිටියා. අරයා මගෙ දිහා කන්න වගේ බලන් ඉදියෙ. ඇත්තටම කිව්වොත් බලන් ඉදියෙ මම ශර්ට් එක කටින් හපාගෙන උස්සගෙන ඉන්න නිසා පේන බඩ දිහා.

මාව රත් වෙලා ගියා. මගෙ දත්වලින් ශර්ට් එක අතෑරුනා.

"ඔයා එහෙනම් මෙයාලත් එක්ක එන්න.." ලීසා නෝක්කාඩුවට කියලා මටත් ගස්සන් අනික් අයවත් එක්කන් යන්න ගියා. හහ්.. කිව්වත් නැතත් මං මෙයාලා දෙන්න එක්ක තමා යන්නෙ.

එයා මගෙ ළගටම ඇවිත් අතින් අල්ලගත්තා. ඇලෙක්ස් හිටියෙ ඇදුම් මාරුකරගෙන වුනාට එයා හිටියෙ යුන්ෆෝම් එක පිටින්.

"ඇදගත්තෙ නැද්ද?" මම අහද්දි ඇලෙක්ස් අපි දෙන්නවම ඇදගෙන ඩ්‍රෙසින් රූම් එකට ගියා.

"නෑ බන්.. මේකිලගෙ සර් ස්කෝලෙ ඉවර වුනාටත් පස්සෙ උගන්නනවා.."

ඇලෙක්ස් ඉනටත් අත්දෙක තියාගෙන කිව්වා.

ඒත් ...

මම හිටියෙ ගිනියම් වෙලා. මම හොරෙන් දැක්කා එයා මගෙ දිහාම බලන් ඉන්නවා. මම එයා දිහා නොබලන්න වග බලාගත්තා.

"කෑවෙත් නැද්ද දැන්..?"

"කෑවා.. මම කකා ඉද්දි මෙයත් පන්තිය ගාවට ආව නිසා එකටම කාලා තමයි ඉක්මනින් ආවෙ චේන්ග් කරගන්න.."
ඇලෙක්ස් අපේ අත් දිහා බලන් කිව්වා.

"හ්ම්..."

"අඩේ මං කෙවින් හම්බවෙලා එන්නද.. ? එතකන් ඔයා චේන්ග් කරගන්න.."

ඇලෙක්ස් එහෙම කියල අපි දෙන්නව එතන තනිකරලා යන්න ගියා.

මගෙ හාට්බීට් එක තවත් වැඩිවෙන්න ගත්තා. එයා මගෙ අතින් මිරිකද්දි මම ඇස් දෙකත් අඩන්න ඉන්න පූසෙක්ගෙ වගේ කරන් එයා දිහා බැලුවා.

" ඔයාව රතු වෙලා.." එයා මගෙ ළගට එන ගමන් කිව්වා.

මම කලේ ඉක්මනින් එතන තිබ්බ පුටුවකට පැනලා වාඩිවුන එක.

"හා හා ඉක්මනට ඇදගන්න .."

මම වෙන මොනව කියන්නද.. මට ඕන වුනේ එයත් එක්ක තනියම ඉන්න කාලෙ අඩු කරගන්න. මෙහෙම එක කාමරයක් ඇතුලෙ තනියම එයත් එක්ක ඉන්න එක..

ආශ්.. මට පිස්සු වගේ.

"මං දිහා බලන්නකො අප්පා.."

මගෙ හොර පූසි ඇක්ටින් පටන් අරන්.

" හරි ඔන්න බැලුවා. ඉක්මනට ඇදගන්න.."

මම ටක්ගාලා එයා දිහා බලල ආයෙත් අහක බලාගෙන කිව්වා.

"හ්ම්.. මගෙ දිහා බලන්න බෑ ඔන්න.. අහක බලාගන්නකො.. "

ඕහ් ගෝඩ්. එයා ඒක හුරතල් විදිහට කිව්වහම ඉතින් ඔන්න ඉවසීම කියන එක කොහෙදො යන්න යනවා.

මම ඔලුව බිමට බරකරගෙන මගෙ සපත්තු කුට්ටම දිහා බලන් ඉදියා.

"ඇදලා ඉවර වුනහම කියන්න හොදේ.." මම මගෙ කලිසම පොඩිකර කර කිව්වෙ ලැජ්ජාවෙන්.

නිහඩව මිනිත්තුවක් දෙකක් ගෙවුනා. ඒ ගෙව්න කාලෙදි ඔලුව උස්සලා එයා දිහා බලන්න කියල හිත කෑගහපු වාර අනන්තයි. ඒත් මම ඉවසන් හිටියා.

"හරී.. බලන්න...."

මම හිමින් ඔලුව උස්සලා බැලුවා.

ෆක්.

එයා හිටියෙ යට ගව්ම පිටින්. ඒක ගොඩක් කොටයි. යටට ඇදලා ඉන්න පුංචි ඇදුම් ඔක්කොම පේනවා.

"ඔය කටවහගන්න අප්පා..."

"මොකක්ද කරන්නෙ මාත් එක්ක සෙල්ලම් කරනවද? ඇදුම් ඇදගන්නවා !!! පරක්කුත් වෙලා.."

මම අහක බලාගෙන කෑගැහුවා.

"අපෝ මොකක්ද අනේ.. ස්පෝර්ට් ටීචර් කිව්වා ප්‍ර්‍රෝග්‍රෑම් එක තව පැයක්වත් පරක්කු වෙනව කියල.."

"ඉතින්?"

මම භය වෙලා වගේ එයා දිහා බලන් ඉද්දි එයා මගෙ ළගට එන්න ගත්තා.

"ඉතින් ටිකක් ඉදලා යන්.."

එයා මගෙ ඔඩොක්කුවෙන් ඉදගත්තා. මීට කලින් දවසකත් මෙහෙම වෙලා තියෙනවා. ඒත් එතකොට අපි දෙන්නා අපේ හැගීම් කියාගෙන තිබ්බෙ නෑ.

"ඔයා නම් දැන් ස්ට්‍රෝබෙරි ගෙඩියක් වගේ. මට කන්න හිතෙනවා."

එයා මගෙ බෙල්ල වටෙන් අත් දෙක ඔතාගත්තා. ඊටපස්සෙ එයා කලේ.

ආහ්...

යටගව්මෙ එක කරපටියක් උරහිසින් පැන්නුවෙ පුංචි ඇදුමෙ පටියත් එක්කම.

"මොනවද ඔයා කරන්නෙ?"

"ඔයා මේ විදිහට කැමතියි කියල මම දන්නවා.." එයා එහෙම කියල මගෙ ඇස් දිහාම බලන් හිටියා. අපේ ඇස් එකිනෙකට තදින් මුණ ගැහෙද්දි මට වටපිටේ හැමදෙයක්ම අමතක වෙලා ගියා. එයාගෙ ඇස්වලින් මට මගෙම මූණ පෙන්න ගත්තා. ඒ ඇස් අමුතු විදිහකට දිලිසෙනවා.

මම එව්වයෙ අතරමන් වෙලා ඉද්දි මටත් නොදැනි මගෙ අත් එයාගෙ ඉන වටේ තදින් එතුනා. මං එයාව මගෙ ඇගට තද කරගන්නවත් එක්කම එයාගෙ කටින් කෙදිරිල්ලක් පිටවුනා.

ඒ කෙදිරිල්ලට තමා මම සිහියට ආවෙ. එයාගෙ පුංචි පපුවෙ පැත්තක්ම නිරාවරණය වෙලා තිබුණා. මම ඒ දිහාම බලන් ඉදිද්දි එයා මගෙ නිකටින් අල්ලගෙන මූණට එබුණා.

මගෙ අවදානෙ ගියෙ එයාගෙ වේලුන පාට තොල්වලට. ඒත් එක්කම මට දැනුනෙ ඒවා සිපගන්න තදබල ආශාවක්.

" මතකද කිව්වා. මගෙ වේලුන තොල් තෙත් වුනහම ලස්සනට තියෙයි කියල.. ආස නැද්ද ඒවයෙ ලස්සන බලන්න?"

ඒ වචනවලින් මාව තවත් ඇවිස්සෙද්දි මම එයාගෙ කලවා වලින් අල්ලලා ඒවා මිරිකුවා. මගෙ ඇගේ අමුතු හිරියක් ගලාගෙන යනවත් එක්කම අපි දෙන්නගෙ අතර පරතරය තව ටිකක් අඩුවුනා.

මට දැනුනා එයාගෙ හුස්මවල රස්නෙ මගෙ කම්මුල් රත් කරන විදිහ.

අපේ තොල් එකිනෙක පැටලුනා.

ඒක මගෙත් එයාගෙත් පළමු හාදුව. මම කිස් කරන්න දන්නෙ නැති නිසා ඒ තොල් උඩ තොල් තියාන යාන්තම් සිපගත්තා.

ඇත්තටම ඒක කිස් එකක් විදිහට සිද්ද වුනේ නෑ.

එයා මගෙන් ඈත් වෙලා මා දිහා බැලුවා.

" මං කිස් කරන්න දන්නෙ නෑ..නේ..." එයා හුරතල් විදිහට කිව්වා.

"මම දන්නෙත් නෑ ඉතින් .."

"ම්ම්.."

ඊලග මොහොතෙ එයාගෙ මූණෙ ඇදුනෙ හිනාවක්. ලැජ්ජාශීලි හිනාවක්.

"ඇයි..?" මං මගෙ වේගෙන් ගැහෙන හදවත ගැන නොහිතා ඉන්න උත්සාහ කරමින් ඇහුවා.

" ඒක ශෝයි නේ.. ඔයා මගෙ ෆස්ට් කිස් එක.. එතකොට ඔයාගෙත් මම.. "

"සතුටුද? ඒත් ඒක පොඩි පෙක් එකක් වගේනෙ.."

"ම්ම් ඔව්.." එයා ලස්සන හිනාවක් මූණෙ තියාගෙනම කිව්වා.

එයා මට ළං වුනා. එයාගෙ නහය මගෙ මූණෙ ගාවන ගමන් මගෙ අත එයාගෙ උරහිසින් තියාගත්තා.

අපි දෙන්නා අපේ හැගීම්වලට කතා කරන්න ඉඩ දෙමින් හිටියා.

"මං ඇදගන්නම්.. ඔයා බලන් හිටියට කමක් නෑ.. කැමති නම්.." එයා මට එහෙම කියල එකපාරටම ඇහැක් ගහල නැගිටින්න හැදුවත් මම එයාට යන්න නොදී එක අතකින් අල්ලගත්තා.

මට එයාට යන්න දෙන්න හිතුනෙ නෑ. හැමදාකම මගෙ ළගින් තියාගෙන හංගගෙන ඉදන් කිස් කරන්න පුලුවන් නම් කියල හිතුනා. මට දැනුනෙ මහ ලෝභ කමක්.

මම එයාට හිතන්නවත් වෙලාවක් නොදී ආයෙත් ඒ තොල් අල්ලගත්තා. මම දැක්කා එයාගෙ ඇස් පුදුමෙන් ලොකු වෙනවා. ඊළග මොහොතෙ ඇස් පියාගත්ත මම කලේ මගෙ හිතේ තියෙන ආදරේ කදුලු එක්ක දිය කරල අරින ගමන් එයාව ගැඹුරට සිපගන්න එක.

එවෙලේ ඒක මම කොහොම කලාද කියල මටම තේරෙන්නෙ නෑ. ඒත් අපේ තොල් තෙමිලා ලිස්සන තරමට සිපගැනීම සිද්ද වුනා.

ටික වෙලාවකින් එයත් මාව ඉස්සෙල්ලා වගේම බදාගෙන හිටියෙ පුංචි කෙදිරිලි තියන ගමන්.

ඒත් එකපාරටම දොර ඇරුනා.









































එතන හිටියෙ ඇලෙක්ස්.

අපි දෙන්න අපි දෙන්නගෙන් ඈත් වුනේ පුදුම තරම් වේගෙන්. මගෙ සන්සුන් වෙලා තිබ්බ හදවත ආයෙත් නොසන්සුන් වුනා.

ඇලෙක්ස් ටික වෙලාවක් මුකුත්ම නොකියා ගල්වෙලා වගේ හිටගෙන හිටියා.

"මං දැක්ක නිසා හොදයි.. වෙන කෙනෙක් දැක්කනම් එහෙම..."

ඇලෙක්ස් ළග තිබ්බ පුටුවෙන් වාඩිවෙද්දි මම එයා දිහා බැලුවා. එයා හොරැහින් මගෙ දිහා බලන් ඉන්නවා. තාමත් එයාගෙ යටගව්ම කරපල්ලෙ වැක්කෙරන ගමන් තිබ්බෙ. ඒ විදිහට නම් එයා මාරම හොට්.

ඇලෙක්ස් ටික වෙලාවක් ඒ දිහා බලන් ඉදලා මගෙ දිහා බලලා ඇහිබැමක් උස්සලා ඉස්සරහ බලාගත්තා.

"සෑහෙන දෙයක් වෙලා වගේ.."

පුටුවෙන් නැගිට්ට ඇලෙක්ස් කිව්වෙ එයා ලගට ගිහිල්ලා යටගව්මෙ පටිය හරියට හදන ගමන්.

" මම නෙමේ මෙයා තමා මාව කිස් කරන්න ආවෙ.."

හරිනෙ මාව පාවලා දුන්නා ඔන්න.

" ආ එහෙමද? එතකොට කව්ද දන්නෙ නෑ පැද්දි පැද්දි ඇවිත් මගෙ ඔඩොක්කුවෙන් වාඩිවුනේ..?"

මාත් අතෑරියෙ නෑ.

" එතකොට කව්ද දන්නෑ මගෙ ඉන මිරිකුවෙ..?"

" හහ්.. කව්ද එතකොට ඇදුම භාගෙට ගලවගත්තෙ?"

" එහෙනම් මම යන්න යද්දි අතින් ඇදලා ගත්තෙ?"

" ඔයා ඇහැක් ගැහුව නිසානෙ.."

" මගෙ ඇහැට රොඩ්ඩක් ගියා.."

" කිස් කරද්දි බදාගෙන කෙදිරි ගෑවෙ රොඩ්ඩ නිසා වෙන්න ඇති.."























ඇලෙක්ස් කන් දෙක වහගත්තා.






-


Continue lendo

Vocรช tambรฉm vai gostar

454K 31K 46
โ™ฎIdol au โ™ฎ"I don't think I can do it." "Of course you can, I believe in you. Don't worry, okay? I'll be right here backstage fo...
557K 8.5K 85
A text story set place in the golden trio era! You are the it girl of Slytherin, the glue holding your deranged friend group together, the girl no...
1M 25.5K 24
Yn a strong girl but gets nervous in-front of his arranged husband. Jungkook feared and arrogant mafia but is stuck with a girl. Will they make it t...
90.6K 3.1K 52
"๐“๐ซ๐ฎ๐ญ๐ก, ๐๐š๐ซ๐ž, ๐ฌ๐ฉ๐ข๐ง ๐›๐จ๐ญ๐ญ๐ฅ๐ž๐ฌ ๐˜๐จ๐ฎ ๐ค๐ง๐จ๐ฐ ๐ก๐จ๐ฐ ๐ญ๐จ ๐›๐š๐ฅ๐ฅ, ๐ˆ ๐ค๐ง๐จ๐ฐ ๐€๐ซ๐ข๐ฌ๐ญ๐จ๐ญ๐ฅ๐ž" ๐ˆ๐ ๐–๐‡๐ˆ๐‚๐‡ Caitlin Clark fa...