Reflection || VMIN [ Complete...

By Samigat11

6.8K 2.1K 101

love <3 More

Chapter 01
Chapter 02
Chapter 03
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21

Chapter 04

320 109 5
By Samigat11

"කවුරුත් නැහැ..මම තනියම ඉන්නෙ"

ඔහුගේ ගැඹුරු කටහඩින් ජිමින්ට අවධානය නොදී හෙමීට කිව්වා..

"ඔයත් මං වගේ..මේ..ඔයාට බඩගිනි නැද්ද??.."

ජිමින් තොල් දෙකත් උල් කරගනිද්දි ඔහු උවමනාවෙන් ජිමින් දිහා බලලා යන්තම් හිනාවුනා..ඔහුගේ මලානික බවක් තිබුනත්
අත්දිග ලා රෝස පාට සැහැල්ලු කමිසයක් එක්ක තරමක් ලොකු දිග කලිසම නිසා ඔහු තවත් හුරතල් විදියට පෙනුනා..

"ඇයි ඔයා හිනාවෙන්නෙ??.."

"මුකුත් නැහැ..කුස්සියේ මේසෙ උඩ කෑම ඇති...ඔයා නිදාගෙන ඉදපු නිසා කරදර කරන්න හිතුනෙ නැහැ.."

ඔහු ආයිත් ජිමින්ට අවධානය නොදීම බුරුල් වුන ඇනයක් සවිකරමින් කිව්වේ ජිමින් ඔහු දිහා .ආයිත් වතාවක් ඇසි පිය නොගහා බලන් ඉන්න අතරමයි..
හුස්ම ගන්න වාරයක් ගානේ නිතර ඔහුගේ උගුරු ඇටේ ඉහලට පහලට යන විදිය..දහඩියෙන් පෙගුන හැඩි දැඩි සිරුරේ මස් පිඩු හෙලවෙන විදිය..ජිමින්ගේ අවධානය ඔහුට ගියේ නොදැනුවත්වමයි..

"ඔයාට තව මොනවද ඕන ජිමින්.."

ජිමින් ගැස්සිලා ගියේ ඩෙරික්ගේ ගැඹුරු කටහඩට වගේම ඔහුගේ රතුවුන කම්මුල් ඩෙරික්ගෙන් සගවන්න ඕන නිසා ජිමින් ඉක්මනින් බිම බලගත්තේ හිතට දැනුන ලැජ්ජාව නිසා..

"අහ්..නැහැ නැහැ..ම..මම කියන්න ගියේ..හෙට ඉදන් මම කොලේජ් යනවා..."

ජිමින් ඔහුගේ ඇස් මගහැරියා..

"ඔහ්හ් ඒක ඇත්තටම හොදයි..ඔයාට විනෝද වෙන්න පුලුවන්..."

ඔහු ලස්සනට හිනාවුනා..

"මම ගියාම ඔයාට පාලු නැද්ද??.."

ජිමින්ගේ කටින් නොදැනුවත්වම කියවුනා..ඩෙරික් ටිකක් පුදුම වෙද්දි ජිමින් යටිතොල හපාගෙන බිම බලාගත්තේ දැනුන අපහසුතාවය නිසා..

"එ..එහෙම නෙමෙයි..මම පොඩි රෙස්ටූරන්ට් එකක වැඩට යනවා ගෙදර එනකොට හවස හය විතර වෙනවා.."

ඩෙරික් හෙමීට කිව්වා..ජිමින්ගේ මුහුන අදුරු වෙලා ගියේ පොඩි වේදනාවක් හිතට දැනෙද්දි..

"එතකොට ඔයා රෑට විතරද ඉන්නෙ??..දවසෙම ගෙදර නැද්ද??.."

"ඔව්..මම වැඩ කරන වෙලාව ටිකක් වැඩි කරගත්තා...නිතරම මට ඔයාට කරදරයක් වෙලා ඔයාගේ නිදහස නැතිකරන්න බැහැනෙ.."

ඔහු යන්තම් හිනාවුනා..

"එ..එහෙම කිව්වද මම ඔයාට..හ්ම්ම් ඔයාට ස්තූතියි ඇත්තටම මෙහෙට ආවට...ඔයා මෙහෙ ඉන්නෙ කැමැත්තෙන්ද??..ඇත්තටම මේ වගේ පොඩි ගෙදරකට ඔයා ආවේ වැඩකරන්න නෙමෙයි කියලා මට තේරෙනවා..ෆ්‍රෙඩ් එන්න කිව්වත් ඔයා මං වෙනුවෙන් ආවට ඔයාට ස්තූතියි.."

ජිමින් ලස්සනට හිනාවෙලා කිව්වා..ඔහුගේ හිතට අමුතු සතුටක් වගේම කවදාවත් නොදැනුන සැහැල්ලුවක් දැනුනා..හිතට දැනුන පාලුව තනිකම අඩු වෙලා යන්න පටන් ගත්තා..


Continue Reading

You'll Also Like

1.3K 73 5
ආදරය කියන්නෙ වේදනාවක්ද? එහෙමත් නැත්නම් සුරංගනා ලෝකයක්ද?? ජීවිතයට එල්ල වෙන එක එක විදිහෙ සුළි කුණාටු වලට මුහුණ දෙමින් තමන්ගෙ ආදරය තමාගේ පණටත් වඩා රකිනව...
1.3K 134 7
𝘠𝘰𝘶 𝘢𝘳𝘦 𝘮𝘺 𝘖𝘹𝘺𝘨𝘦𝘯.... 𝘐 𝘸𝘪𝘴𝘩 𝘶 𝘨𝘶𝘺𝘴 𝘭𝘰𝘷𝘦 𝘵𝘩𝘪𝘴 𝘤𝘩𝘢𝘱𝘵𝘦𝘳 𝘵𝘰𝘰. 𝘛𝘩𝘪𝘴 𝘴𝘵𝘰𝘳𝘺 𝘪𝘴 𝘢𝘣𝘰𝘶𝘵 𝘑𝘪𝘮𝘪𝘯 0...
903K 41.4K 61
Taehyung is appointed as a personal slave of Jungkook the true blood alpha prince of blue moon kingdom. Taehyung is an omega and the former prince...
708K 43.4K 108
Kira Kokoa was a completely normal girl... At least that's what she wants you to believe. A brilliant mind-reader that's been masquerading as quirkle...