Without me

Da crazyarmygirls

8.6K 1.5K 1.4K

ලස්සනට ගලාගෙන ගියපු ජීවිත එක පාරටම විනාස කරපු කුණාටුවක්.. තමන්ගෙ ජීවිතේම තමන්ගෙ මල්ලි වෙනුවෙන් කැප වුණු ආදරණී... Altro

Broken 01
Broken 02
Broken 03
Broken 04
Broken 05
Broken 06
Broken 07
Boken 08
Broken 09
Broken 10
Broken 11
Broken 12
Broken 13
Broken 14
Broken 15
Broken 16
Broken 17
Broken 18
Broken 19
Broken 20
Broken 21
Broken 22
Broken 23
Broken 24
Broken 26
Broken 27
Broken 28
Broken 29
Broken 30
Broken 31
Broken 32
Broken 33
Broken 34
Broken 35
Broken 36
Broken 37
Broken 38
Broken 39
Broken 40

Broken 25

217 35 28
Da crazyarmygirls

ඒ ඒගොල්ලෝ...එදා අපි අයිස්ක්‍රීම් කන්න ගිය දවසෙ හම්බුන කොල්ලො ටික...

"කුකී මොකද්ද උනේ..ඇයි මේ කොල්ලො ටිකත් එක්ක ගහගත්තෙ.."

"නූ..නා අපි ගෙදර යමුකො...මන් කි..යන්නම් හැමදේම.."

"අවංකවම මන් සමාව ඉල්ලන්වා..ආයි මෙහෙම දෙයක් කවදාවත් වෙන්නෙ නෑ..ප්ලීස් ලොකු ළමයි අතර වෙන රණ්ඩුවලට අපි මේ පාර විතරක් යන්න දෙමු..මට කණගාටුයි.."

මන් දහ අතේ වැදලා කොහොම හරි ඒ දෙමව්පියන්වත් ශේප් කරගෙන කුකීවත් එක්කන් ගෙදර ආවා...මේ ගෙදර ආපු වෙලාවටම කුකී මන් දිහා කෙලින් බැලුවෙ නෑ...මොනා උනත් කුකී මේ විදිහෙ දග කරන ළමෙක් නෙමෙයි..අනිත් එක ඒ කොල්ලො ටිකත් එච්චර හොද කොල්ලො නෙමෙයි කියලා දැක්ක ගමන් කියන්න පුළුවන්....මන් ගෙදර ආපු ගමන් කුකීවත් ගණන් නොගෙන මගෙ නෑ අපේ රූම් එකට ආවෙ අදවත් චූටි හරි පනිශ්මන්ට් එකක් දෙන්න ඕනෙ හින්දා..

"නූනා... අ..අපි කතා කරමුකෝ.."

මගෙ දොරට නොක් කරන ගමන් කුකී මට කතා කරනවා...මන් වචනයක්වත් කතා නොකර රූම් එකේ දොර ඇරලා කුකීව ඇතුලට ගත්තා..

"නූනා..."

"ම්ම්ම්ම්..."

"මාත් එක්ක තරහද"

"ම්හූ.."

"නූනා මොනහරි කියන්නකො..නැත්තන් මට බනින්නකෝ..."

"හ්ම්ම්"

"දෙයියන්ගෙ නාමෙට කතා කරන්නකෝ නූනා.."

"කුකී මට බඩගිනී"

"මොකක් කිව්වා.."

"මට බඩගිනී කුකී හරිම මහන්සී මට.."

"ඉන්න මන් අපි දෙන්නට කන්න රාමෙන් දෙකක් හදන් එන්නම්.."

කුකී ඇද උඩින් නැගිටලා යන්න යද්දි මන් ඒ අත තද කරලා අල්ලගත්තා..මුලු මූනම තලාගෙන මදිවට පණ්ඩිත පප්පා වගේ රාමෙනුත් හදන්න ලෑස්තිය...නසරාණි පොඩි එකා...

"මෙන්න මෙහෙ ඉන්නවා පාඩුවේ පැත්තකට වෙලා...ශෝ දාන්න ගිහින් මූනත් චප්ප කරගෙන මදිවට එනවා මෙතන රාමෙනුත් හදන්න.."

මන් කුකීට ටොක්කකුත් ඇනලා රූම් එකේ තිබ්බ බෙහෙත් පෙට්ටියත් අතට අරගෙන කුකී ගාවින් වාඩි උනේ බිත්තර ආප්පේ වගේ තියන මූනට බෙහෙත් ටිකක් ගාන්න...

"ආව්..ඌයි.. හිමීට...නූනා...එපා...රත්තරනේ..අනේ...නවත්තනවකෝ...ගෑනියේ..රිදෙනවා"

"කට වහගෙන ඉන්නවකෝ මල වදේ මේක ගාලා ඉවර වෙනකන්..."

තිබ්බ තරහටත් එක්ක බෙහෙත් ටික තදට අතුල්ලද්දි මේකා කෑ ගහන විදිහට හිනත් යනවා අප්පා..කියුට්

"ඔන්න ඉවරයි..."
.
.
.
_______________________________

Next day morning...

මන් උදෙම්ම නැගිටලා කුකීට කන්න උයලා තියලා ලෑස්ති උනේ වැඩට යන්න...ඊයෙ වෙච්ච දේවල් ගැන මන් එයාට ගොඩක් වද කලේ නැත්තේ කුකීට ලේසියෙන් කේන්ති යන්නෙ නැති නිසා වගේම එයා කේන්ති ගත්තෙ නිකන් වෙන්න බැරි නිසා..එයාට හිතුන වෙලාවක එයාම ඒ ගැන මට කියයිනේ...පුරුද්දට වගේ ටයිට් ස්කර්ට් එකට බැස්සත් පස්සෙ තමයි මට මතක් උනේ අද ඉදන් සතියක් යනකන් කුකී ගෙදර කියලා...

"ආයිශ්...නා ඔතොක්කේයෝ..."

අල්මාරියේ දොරේ හිමීට ඔලුව හප්පන ගමන් මන් කල්පනා කලේ කොහොමද මේකෙන් ගැලවෙන්නෙ කියලා..

"මොකෝ මේ උදේ පාන්දර වැරදි දෙයක්වත් කැවුනද මගෙ සූකිරි බෝලෙට.."

දගකාර හිනාවකුත් දාන් මන් ළගට එන ගමන් කුකී කිව්වෙ බුරුසුවත් කටේ ගහ ගෙනමයි...

"හෙන වීරකමක් කරලා සතියක් යනකන් ඉස්කෝලෙනුත් එලෝලලුනෙ කෙනෙක්ව..."

මන් ඇගට පතට නොදැනී වගේ කිව්වේ පොඩ්ඩක් මේකව අවුස්සන්න...

"යා..නූනා..."

"ඇයි බොරුද මන් කියන්නෙ.. ආ.."

මන් පොඩ්ඩක් හිනා වෙවී කිව්වෙ පොඩි දෙයක් හින්දා හරි කොල්ලගෙ හිත රිදුනොත් කියලා...

"කවුරු හින්දද දන්නෙ නෑ මන්"

කුකී කිය කිය හිටපු එක එකපාට්ටම ගිල්ලෙ මොකක් හරි වැරදි දෙයක් කියවෙන්න ගියා වගේ...පොඩ්ඩක් ඉන්න..

" - මෙහෙම උදෙන්ම නැගිටින්න ඕනෙ..."

"මොකක්..."

"වේයෝ...මන් කිව්වෙ කවුරු හින්දද දන්නෙ නෑ මන් මෙහෙම උදෙන්ම නැගිටින්න ඕනෙ කියලා..."

හෙනට කල්පනා කරලා කුකී බාගෙට කිව්ව වාක්‍ය සම්පූර්ණ කරද්දි මාව නිකන් කරකෝලා අත ඇරියා වගේ...ඊට පස්සෙ ආයිත් ලොකු හුස්මක් අරන් කුකී මාත් එක්ක හිනා වෙලා බාතෲම් එකට ගියේ කට ඇතුලෙ පුරෝගෙන ඉන්න කෙළ ටික අයින් කරන්න..

.
.
.

"ආ....කුකී ඉක්මනට කවන්නකෝ මට පරක්කු වෙනවා..."

"එහෙනං හරියට කට අරින්නකෝ අප්පා මාළුවෙක් වගේ කට ඇරලා මෙතන හැන්ද ඔබා ගන්නවත් බෑ.."

මන් මේ කුකීට කියලා කවා ගන්න ගමන් කොණ්ඩෙ පීරගත්තේ ආයි චේන්ජ් එකක් දාන් යද්දි තවත් පරක්කු වෙන හින්දා...

"හරි කුකී පරිස්සමෙන් ඉන්න නූනා එනකන් හොදද..."

මම කුකීගෙ නලලින් හාදුවක් තියලා ඉක්මනට එලියට බැස්සෙ වැඩට යන්න...ගෙදරින් ඇති තරන් දුරකට ආපු මන් උමං මාර්ගයක් ඇතුළෙන් චේන්ග් එකක් දාන් එළියට එද්දිම මන් දැක්කෙ කඩාගෙන බිදගෙන බයික් එකක් මගේ ගෙවල් පැත්තට යනවා...මොකද්දෝ හේතුවකට ඒ බයික් එක හොදට දැකලා හුරුයි කියලා හිතුන නිසා හොදට කල්පනා කරලා බැලුවම මතක් උන දෙයින් මට දෙයියො සිහි උනා...

දෙයියනේ ජිමින්....
.
.
.

By crazyarmygirls~

________________________________________


Covershop එහෙක තියනවා දැක්කෙ😊❤️ගොඩාරියක් තෑන්ක්ස් ඒ අක්කිට හරි නංගිට හරි ලස්සන පේජ් කවර් එකක් හදලා දුන්නට❤️

Happy new year ළමයි ඔයාලගෙ වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා...මේන් ඔන්න New year present එක😌❤️😂

Vote & comment pls~

To be continued~

Continua a leggere

Ti piacerà anche

66.6K 9.1K 35
Após a morte de seu pai Edward Teach, um dos maiores e mais respeitados piratas da região do Caribe, Mon assume como capitã do navio Concorde. Bem qu...
597K 39.4K 79
« បងសន្យា បងមិនឲអ្នកណាមកធ្វើអ្វីមកលើអូនបានឡើយ អូនគឺជារបស់បងជាប្រពន្ធរបស់បងម្នាក់គត់ Kim Taehyung » « មិនថាអ្នកណានោះទេឲតែហ៊ានប៉ះពាល់ប្រពន្ធកូនយើងសូម្ប...
33.8K 3.2K 25
ဝိုင်.....🍷 မြည်းစမ်းရုံနဲ့ ရူးနှမ်းစေမယ့် ဝိုင်... ဦးကိုကိုရဲ့ နှုတ်ခမ်းက ချိုပေမယ့် အဆိပ်တွေနဲ့.. ဒါပေမဲ့ ကျွန်တော်ကြိုက်တယ်..။ ❗ZhanYi Fanfic 20...
95.6K 12.7K 46
Seokjinက ငါ့အိမ်ကကျွန်လေ... အိပ်စရာလူကုန်ရင်တောင် သူနဲ့တော့မအိပ်ဘူး၊ ကျွန်စော်နံလို့...[ABO/kookjin]